ඉන්දීය ට්‍රොට්ස්කිවාදීහූ හතරවැනි ජාත්‍යන්තරයේ 80වැනි සංවත්සරය සැමරීමට කොල්කතාවේ (කල්කටාවේ) ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වති

Indian Trotskyists hold Kolkata public meeting to celebrate 80th anniversary of the Fourth International

අපගේ වාර්තාකරුවන් විසිනි, 2019 මාර්තු 13

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉන්දීය ආධාරකරුවෝ, හතරවැනි ජාත්‍යන්තරයේ 80වැනි සංවත්සරය සමරනු පිනිස මාර්තු 10වැනිදා බටහිර බෙංගාලයේ, කොල්කතා හි දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවත්වූහ. ප්‍රේක්ෂකයින් අතර ජාදාපූර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝද වූහ. රැස්වීම සජීවි ව ෆේස්බුක් ඔස්සේ විසුරුවා හැරි අතර, එය පැවත්වුනේ පසු ගිය නොවැම්බරයේ තමිල් නාඩු අගනගරය වන චෙන්නායි හි පැවති 80වැනි සංවත්සර රැස්වීම අනුයමිනි.

ඉරිදා රැස්වීම සඳහා පැවති උද්ඝෝෂන අතරතුර දී, ඉන්දියානු ට්‍රොට්ස්කිවාදීහූ දුම්රිය කම්කරුවන් ඇතුලු කම්කරුවන්ගේ වැදගත් ස්ථර, හා කොල්කතාවේ විශ්වවිද්‍යාල කීපයක ශිෂ්‍යයින් සමග සාකච්ඡා කල අතර ඔවුන්ගේ සහාය ද දිනා ගත්හ.

රැස්වීමේ මුලසුන ගත්, ජාත්‍යන්තර කමිටු ආධාරකරුවන්ගේ කන්ඩායමේ දීර්ග කාලීන සමාජිකයෙකු වන පලාෂ් රෝයි, ප්‍රධාන දේශකයා වූ, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ලේකම් දීපාල් ජයසේකර උනුසුම් ලෙස පිලිගත්තේ ය. “ජාත්‍යන්තර කමිටුව ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය මත පදනම් ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් කම වෙනුවෙන් නො කඩවා සටන් කරන එකම පක්ෂය” බව රැස්වීමේදී රෝයි පැවසී ය.

ජාත්‍යන්තර කමිටු ආධාරකරුවන්ගේ කන්ඩායමේ, අරුන් කුමාර් සඳහන් කලේ කොල්කතා රැස්වීම පැවත්වෙමින් තිබෙන්නේ කලාපයේ මිලියන ගනනාවක් ජනතාවට මාරාන්තික ප්‍රතිවිපාක සහිත, න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව හා පකිස්තානය අතර තියුනු දේශපාලන හා මිලිටරි ආතතීන්ගේ තතු යටතේ බව යි.

“ඉන්දීය හා පකිස්තානු පාලක ප්‍රභූව දැනට මහා යුද්ධයකින් පසුබැස ඇතත්, අනතුර පවතී” යැයි ඔහු පැවසී ය. “ඉන්දීය මෝදි ආන්ඩුව විසින් කරන ලද යුදවාදී ප්‍රකාශ හා පකිස්තානු අගමැති ඛාන්ගේ ඒ ආකාරයේ ම පිලිතුරු අඟවන්නේ, මෙම ආතතීන් විනාසකාරී න්‍යෂ්ටික ගැටුමක් කරා වේගයෙන් සර්පිලාකරව ඇදී යා හැකි බව යි.”

දෙරට අතර දශක ගනනාවක් දීර්ග තරඟය මුල් බැස ගැනුනේ එවක යටත් විජිත ඉන්දියාව මුස්ලිම් පකිස්තානයක් හා හින්දු අධිපති ඉන්දියාවක් ලෙස, ඉවත් ව ගිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් බෙදීම තුල බව කුමාර් ප්‍රේක්ෂකයින්ට පැවසී ය.

ජනවාර්ගික බෙදීම් පටවන ලද්දේ ජාතික ධනේශ්වර පක්ෂ දෙකේ ම (කොංග්‍රසය හා මුස්ලිම් ලීගය) හා ඉන්දීය ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) සහාය ඇතිව යි. එම බෙදීම විසින් ඇති කෙරුනු දකුනු ආසියාවේ භූ-දේශපාලනික ආතතීන් චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ප්‍රහාරය හා තම න්‍යායපත්‍රයට ඉන්දියාව කිට්ටුවෙන් ඈඳා ගැනීමේ වොෂින්ටන් උත්සාහය විසින් භයානක මට්ටම්වලට තීව්‍ර කෙරී ඇත.

පකිස්තානයට එරෙහි නරේන්ද්‍ර මෝදිගේ යුදවාදී උද්ඝෝෂනයට, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදි) හෝ සීපීඑම් හා සීපිඅයි, මෙන් ම සීපීඅයි (මාක්ස්-ලෙනින්වාදී) විමුක්ති වැනි මාඕවාදී පක්ෂ ඇතුලු ඉන්දීය දේශපාලන සංස්ථාපිතය විසින් අනුබල දුන් බව කුමාර් පැවසී ය. යුද්ධයක් පිපිරීම වැලැක්වීමේ එකම මාවත ඇත්තේ 1947-48 බෙදීමේ දී ඇති කෙරුනු ප්‍රතිගාමී පද්ධතිය පෙරලා දැමීම හා ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ කොටසක් ලෙස, කලාපය තුල සමාජවාදී සමූහාන්ඩු සංගමයක් පිහිටු වීමට වන දකුනු ආසියාවේ කම්කරු පන්තියේ එක්සත් අරගලය හරහා පමනක් යයි පැහදිලි කරමින් ඔහු තම කතාව අවසන් කලේ ය.

දීපාල් ජයසේකර කොල්කතා රැස්වීම අමතයි

සසප(ශ්‍රී ලංකා) සහකාර ලේකම් දීපාල් ජයසේකර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය සීරුවෙන් පුනරීක්ෂනය කලේ, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයට එරෙහිව ට්‍රොට්ස්කි විසින් ගෙන ගිය ප්‍රතිපත්තිමය අරගලය (ස්ටැලින් යටතේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීවාදී පරිහානියට එරෙහි සටන් කරමින්, 1923 වාම විරුද්ධ පාර්ශ්වය පිහිටුවීමේ සිට, 1938 හතරවැනි ජාත්‍යන්තරය ආරම්භ කිරීම දක්වා) සටහන් කරමිනි. හතරවැනි ජාත්‍යන්තරය තුල මතු වී තිබූ, පැබ්ලෝවාදී සංශෝධනවාදී දියකර හැරීමට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා 1953දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ව ස්ථාපිත කෙරුනේ කෙසේ දැ යි ඔහු පැහදිලි කලේ ය.

දකුනු ආසියාව තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ගෙන ගිය වැදගත් අරගලය අවධාරනය කල ජයසේකර මෙසේ ද පැවසී ය: “බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ ජාතිකවාදී ඒජන්තයින්, උදාහරන වශයෙන්, ලංකාව හා ඉන්දියාවේ ධනේශ්වරයන්ට එරෙහිව, 1935දී ලංකා සම සමාජ පක්ෂය ද (ලසසප) පසුව 1942දී ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයද පිහිට වූ, පුරෝගාමී ට්‍රොට්ස්කිවාදීන් විසින් මෙහෙය වූ දේශපාලනික හා න්‍යායික අරගල, ලෝකය පුරා සමාජවාදය සඳහා සටන්කරුවන් ආවේෂ කලේ ය. මෙම අරගල තුල අද සමාජවාදය සඳහා සටන් කිරීම අවශ්‍ය අයට වැදගත් පාඩම් අඩංගුයි”

1947 ඉන්දියාව බෙදීමට එරෙහි බීඑල්පීඅයිහි ධෛර්යසම්පන්න හා ප්‍රතිපත්තිමය විරුද්ධත්වය හා හින්දු හා මුස්ලිම් ප්‍රජාවන් හරහා කම්කරු පන්තියේ සමාජවාදී එක්සත් කම සඳහා එය ගෙන ගිය අරගලය ද කථිකයා විස්තර කලේ ය. 1950ස් ගනන් වල මුල ඇරඹනා වූ ද පැබ්ලෝවාදීන් විසින් දිරිමත් කලා වූ ද, 1964දී ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාග ආන්ඩුවකට ඇතුලු වීමෙන් කූඨප්‍රාප්ත වූ ක්‍රියාදාමයක් වූ ලසසපයේ අනුක්‍රමික පරිහානිය ද ඔහු විසින් විස්තර කලේ ය.

1968දී ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස, ශ්‍රී ලංකාවේ සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ආරම්භ කරන ලද්දේ ලසසපයේ පාවාදීමට එරෙහි අරගලයේ දී බව ජයසේකර පෙන්වා දුන්නේ ය.

මාක්ස්වාදය හා ලෝක සමාජවාදයේ ඉදිරිදර්ශනය සඳහා ජාත්‍යන්තර කමිටුවේ දශක ගනනාවක අරගලය ගැන සඳහන් කරමින් ජයසේකර මෙසේ පැවසී ය: “ධනේශ්වර ආර්ථික ගෝලීයකරනයේ බොහෝ දියුනු මට්ටම්වල කොන්දේසි යටතේ ශ්‍රී ලංකාවේ ලසසප හා ඉන්දියාවේ ස්ටැලින්වාදී වැනි ජාතිකව පදනම් වූ සංවිධාන, කම්කරු පන්තියේ අති මූලික අවශ්‍යතාවන් පවා ආරක්ෂා කිරීමේ අර්ථයෙන් ගත් විට, බිඳ වැටී ඇත. බලගතු ලෙස සනාත වී ඇත්තේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛාවන් විසින් ආරක්ෂා කෙරෙන හා වර්ධනය කෙරෙන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය යි.”

“සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනය මත කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමට හතරවැනි ජාත්‍යන්තරය හා සසප ගෙන යන අරගලය දැන් ජාත්‍යන්තරව මතු වෙමින් තිබෙන දැවන්ත අරගල සමග අන්තර්ඡේදනය වෙමින් තිබේ. මෙම වෛෂයික තතු ඉන්දියාව තුල, දකුනු ආසියාව පුරා හා ජාත්‍යන්තරව සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගීමට බලගතු අවස්ථා විවෘත කර ඇත.”

හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය හා ඉදිරිදර්ශන බැරෑරුම් ලෙස අධ්‍යයනය කරන ලෙසත් “ජාත්‍යන්තර කමිටුවේ ඉන්දීය ශාඛාව ගොඩනැගීමේ දී අප සමග එක්වන” ලෙසත් ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලමින් ජයසේකර තම කතාව අවසන් කලේ ය.

Share this article: