දූෂන පරීක්ෂනය ඉහල යූඒඩබ්ලිව් විධායකයන් ගිලගනියි

Corruption probe engulfs top UAW executives

2019 අප්‍රේල් 02

2015 දී, 37,500ක් එෆ්සීඒ කම්කරුවන් වෙනුවෙන් වෘත්තීය සමිතියේ ගිවිසුම් සාකච්ඡාවන් වලට ප්‍රධානත්වය දෙමින් සිටියදී, ෆියට් ක්‍රයිස්ලර් විධායකයන්ගෙන් ඩොලර් දස දහස් ගනනක් අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන්, හිටපු යුනයිටඞ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) උප සභාපති නෝර්වුඞ් ජවෙල්, ඩිට්‍රොයිට් හී පිහිටි එජ දිස්ත්‍රික් අධිකරනයකදී අද දින වරද පිලිගැනීමට නියමිතය.

2007, 2009 සහ 2011 දී කොම්පැනි ගැති ගිවිසුම් අත්සන් කිරීම සඳහා අල්ලස් ලෙස ඇඩො මිලියන එකකට වඩා ගත් ජවෙල්ගේ පූර්වගාමියා වූ ජෙනරල් හෝලිෆීල්ඞ්ගේ කාලය දක්වා අඩුම තරමේ දිවෙන මෙම නීති විරෝධී ක්‍රියාවට අදාලව, මේ දක්වා වරද ඔප්පු වූ ඉහලම යූඒඩබ්ලිව් නිලධාරියා වන්නේ ජවෙල්ය.

2015 ජවෙල් “සාකච්ඡා කල” සිව් - අවුරුදු ගනුදෙනුව 140,000ක් වන ජෙනරල් මොර්ටර්ස්, ෆෝර්ඞ් සහ ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවන් සඳහා නිදර්ශනයක් බවට පත් විය. ගිවිසුම විසින් ද්වි ස්ථර වැටුප් පද්ධතිය නඩත්තු කලේය; කම්කරුවන්ගේ සැබෑ අදායම එක තැන පල්වීම එක දිගට පවත්වාගෙන ගියේය; වෘත්තීය සමිති ගාස්තු ගෙවන මුත් කිසිදු අයිතියක් නොමැති තාවකාලික අර්ධකාලීන සේවකයන් (ටීපීටී) ගනන වැඩි කලේය.

වාර්තා වන ආකාරයට, ඩිට්‍රොයිට් වලට ආසන්නයේ ඇති ෆෝඞ් සමාගමේ වුඞ්හෙවන් ස්ටෑම්පින්ග් ප්ලාන්ට් හී වෘත්තීය සමිති නිලධරය සමග ඇති කරගත්, තවමත් පැහැදිලි නොකල ආරෝවකින් පසුව 2017 ඔක්තෝබර් 20 වනදා සියදිවි හානි කරගත් 21 හැවිරිදි ටීපීටී සේවකයෙකු වූ ජේකොබී හෙනින්ග්ස් ගේ මරනය වැනි වෙනත් ඛේදවාචකයන් සමග, පාවාදීමේ ගිවිසුම, වේගවත් කරන ලද සහ වෙහෙසකාරී කාල සටහන් වලින් ඇතිවූ ගිනිය නොහැකි ආබාධයන් වලට හේතුවිය.

ප්‍රවෘත්ති වාර්තාවන්ට අනුව ජවෙල් ෆෙඩරල් පරීක්ෂකයන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටින අතර, ඉක්මනින්ම හිටපු යූඒඩබ්ලිව් සභාපති ඩෙනිස් විලියම්ස් සහ වර්තමාන සභාපති වන ගැරී ජෝන්ස් ඇතුලු අනෙකුත් ඉහල වෘත්තීය සමිති නිලධාරීන් හෙලිදරව් කරනු ඇත. දඬුවම අඩු කර ගැනීමට කලින් පැමිනි එකඟතාවන් වලදී යූඒඩබ්ලිව් නිලධාරීන් පැවසුවේ, ඩිට්‍රොයිට් හී පිහිටි යූඒඩබ්ලිව්-ක්‍රයිස්ලර් ජාතික පුහුනු මධ්‍යස්ථානය (එන්ටීසී) හරහා ලැබුනු කොම්පැනියේ මුදල් වෘත්තීය සමිතියේ නිලධාරීන් හට ගුවන් ගමන්, විනෝදය සඳහා ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදීමට සහ මිල අධික රාත්‍රී ආහාර වේල් සඳහා වියදම් කිරීමට විලියම්ස් අවසර ලබා දුන් බවයි.

වෘත්තීය සමිති සහ සමාගම් නිලධාරීන්, තමන් දූෂිතයන් කිහිප දෙනෙකුගේ ගොදුරු බව නොදැන සිටි බව සහ එන්ටීසීය වන්දි ලැබීමට සුදුසු බවට ප්‍රකාශයට පත් කල, යූඒඩබ්ලිව්-ක්‍රයිස්ලර් ජාතික පුහුනු මධ්‍යස්ථානය වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් විසින්, ගෙන එන ලද මෙයට සම්බන්ධ සිවිල් නඩුවකින්, මීටත් වඩා වරද තහවුරු කරන තොරතුරු මතු වනු ඇත. ඔවුන් හට අභියෝග කරමින්, දැනටමත් සිරගතව සිටින හිටපු එෆ්සීඒ කම්කරු සබඳතා ප්‍රධානී අල්පොන්ස් ඉඅකොබෙලි වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන්, විලියම්ස් සහ අනෙකුත් යූඒඩබ්ලිව් නිලධාරීන් සේවයෙන් පහ කිරීමට උත්සාහ කරමින් සිටින්නේ ඔවුන් පුද්ගලිකව ගෙවීම් මගින් වාසි ලබාගත්තේ කෙසේද යන්න සහ ගෙවීම් “එන්ටීසී හි ව්‍යාපාරයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට සිදු කෙරුන බව” ඔවුන් දැනගත්තේ කෙසේද පෙන්වා දීමටය.

2002 සිට 2010 දක්වා යූඒඩබ්ලිව් සභාපති වූ රොන් ගේට්ල්ෆින්ගර් විසින්, එන්ටීසී හි වැටුප් ලැයිස්තුවේ සිටින, යූඒඩබ්ලිව් නායකත්වයට සහ පුහුනු මධ්‍යස්ථානයේ ව්‍යාජ රැකියාව වල නිරත වීම නිසා වැටුප් ලබා ගන්නා ඔවුන්ගේ යාහලුවන් සහ නෑදෑයන් හට ගෙවිය යුතු වැටුප් සහ ප්‍රතිලාභ ගෙවීම සඳහා එන්ටීසී යෙන් වාර්ෂිකව ඉල්ලූ සියට හතක “පරිපාලන ගාස්තුව” කෙරෙහි එම නීතීඥයන් විසින් අවධානය යොමු කරයි.

මෙය හුදකලා පුද්ගලයන් කිහිප දෙනෙකුගේ දූෂිත වීම පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. මුල් යෝජනාවට එරහිව කැරලි ගසා එය පරාජය කල කම්කරුවන් මත 2015 පාවාදුන් ගිවිසුම පැටවීම සඳහා වූ යූඒඩබ්ලිව් හි අසත්‍යයේ, බියගැන්වීමේ සහ ඡන්ද වංචාවන්ගේ උද්ඝෝෂනය, තමන් විසින් මෙහෙයවන විට, ජවෙල් එය සිදු කලේ තනිවම නොවේ. යූඒඩබ්ලිව් වෙත නෛතික හා නීති විරෝධී යන දෙආකාරයෙන්ම අල්ලස් ලබා දීම 1979 - 80 පලමු වරට යූඒඩබ්ලිව් ක්‍රයිස්ලර් අධ්‍යක්ෂක මන්ඩලයට සම්බන්ධ වීමේ සිට “සාමන්‍ය ව්‍යාපාරික ක්‍රියාවලියක්” බවට පත්ව ඇත.

ඒකාබද්ධ පුහුනු මධ්‍යස්ථාන යනු, ජාතිකවාදය සහ ධනවාදයේ ආරක්ෂාව මත පදනම් වූ යූඒඩබ්ලිව් සහ අනෙකුත් නිල වෘත්තීය සමිති, සංගත කලමනාකාරීත්වයේ සහ රාජ්‍යයේ ව්‍යුහයට සම්බන්ධ වී සිටින බොහෝ සංගතවාදී උපක්‍රමයන්ගෙන් එකක් පමනි.

යූඒඩබ්ලිව් යනු වචනයේ අර්ථයෙන් ගත් කල කෙසේවත් වෘත්තීය සමිතියක් නොවේ. ඒඑෆ්එල්-සීඅයිඕ සමග සමස්තයක් වශයෙන් ගත් කල එය සම්පූර්නයෙන්ම, නිලධාරීවාදී, ඉහලම ආදායම් ලබන සියයට පහේ හෝ ඇතැම් විට සියයට එකට ඇතුලත් දූෂිත විධායකයන් විසින් පාලනය කරන, ප්‍රජාතන්ත්‍රවාදී නොවන සංවිධානයකි. ඔවුන්ගේ එකම භූමිකාව වන්නේ, පන්ති අරගලය මර්දනය කිරීම සහ සමාජ අසමානතාවයට සහ මේ වන විට නව සහ වඩා ම්ලේච්ඡ අදියරකට ඇතුලු වෙමින් සිටින මෝටර්රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ගෝලීයව ප්‍රතිව්‍යුහගත කිරීමට කම්කරුවන් දක්වන කුමන හෝ සංවිධානාත්මක විරුද්ධත්වයක් වැලක්වීමට ඔවුන් කල හැකි සෑම දේම සිදු කිරීමයි.

සිය ගාස්තු ගෙවන සාමාජිකත්වය මිලියන 1.5 සිට 395,000 සිට පහල වැටී තිබුනද, සංවිධානය සමෘද්ධිමත් වීම සහ එහි වත්කම් වැඩිවීමක් අත්දැකීම යන කරුන මගින් යූඒඩබ්ලිව් සහ මෝටර් රථ කම්කරුවන් අතර සැබෑ සබඳතාවය නිරූපනය වෙයි. පසුගිය වසරේ යූඒඩබ්ලිව් තවත් සාමාජිකයන් 35,000ක් අහිමි කරගත් නමුත් එය එජ කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දුන් නවතම ලිපි ගොනු වලට අනුව එහි වත්කම් වල වටිනා කම ඇඩො බිලියන 1.1 කට වඩා වැඩිය.

150,000ක් වන ජීඑම්, ෆෝර්ඞ් සහ ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවන් මෙම ග්‍රීස්ම ඍතුවේදී නව ගිවිසුමක් සඳහා වන සටනකට මුහුන දෙමින් සිටියදී, විශේෂයෙන්ම වාහන නිෂ්පාදකයන් දශක ගනනාවක් දිගු වාර්තා ගත ලාභ මාලාවක් ලබා සිටින නිසා සහ කොටස් ආපසු මිලදී ගැනීමට සහ ඔවුන්ගේ ධනවත් කොටස් හිමිකරුවන්ට ලාබාංශ ලබාදීමට බිලියන ගනනක් වියදම් කරමින් සිටින නිසා, කම්කරුවන් යූඒඩබ්ලිව් පිටු බලය ලත් සමථයන් ආපසු හැරවීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

ඔවුන් වසර ගනනාවක් පුරාවට සිදු කර ඇති ආකාරයට යූඒඩබ්ලිව් සහ මෝටර්රථ නිෂ්පාදන කොම්පැනි කම්හල් වසා දැමීම, රැකියා කප්පාදු කිරීම සහ විකුනුම් මන්දගාමී කිරීම, ඉහල වැටුප් ගෙවන ජේ්‍යෂ්ඨ සේවකයන් ඉවත් කිරීමට සහ ශ්‍රම බලකාය විශාල වශයෙන් අඩු වැටුප් ගෙවන තාවකාලික සේවකයන් බවට පරිවර්තනය කිරීමට වන ඔවුන්ගේ සැලසුම් වලට ඇති විරුද්ධත්වය පසු බැස්වීම සඳහා, යොදා ගනිමින් සිටී. යූඒඩබ්ලිව් විසින් ලෝර්ඞ්ස් ටවුන් ඔහියෝ කම්කරුවන් මත 2017 දී පැටවූ, ජීඑම් හට කොන්ත්‍රාත්කරුවන්, තාවකාලික සේවකයන් සහ සහ අනෙකුත් අඩු වැටුප් ගෙවන කාර්යය මන්ඩලයන් වසරකට ඇඩො මිලියන 118ක් ඉතිරි කර ගැනීම සඳහා බඳවා ගැනීමට ඉඩලබා දුන් “අති තරඟකාරී මෙහෙයුම් ගිවිසුම” මෙගින් මෙය ඉඟි කෙරුනි. කෙසේවෙතත් මෙම කප්පම් ගිවිසුම පසු ගිය මාසයේ වසා දැමුනු කම්හල බේරා ගැනීමට කිසිවක් නොකලේය.

යූඒඩබ්ලිව් යනු කලමනාකරීත්වයේ අල්ලස් ලබා ගන්නා උපකරනයක් බව මෝටර් රථ කම්කරුවන් දනී. වෘත්තීය සමිතිය 2015 දී බලහත්කාරයෙන් සම්මත කරගත් ගිවිසුම් දූෂනයේ, කුමන්ත්‍රනයන්ගේ සහ නීති විරෝධීතත්වයේ නිෂ්පාදිතයන් බව සහ ඒවා අවලංගු සහ බල රහිත ඒවා ලෙස සැලකිය යුතු බව ඔවුන් දනී. කෙසේවෙතත් යූඒඩබ්ලිව් පිලිකුල් කිරීම එක් කාරනයක් වන අතර මෝටර් රථ කම්කරුවන් එකතු කොට ප්‍රති ප්‍රහාරක් එල්ල කිරීමට නව නායකත්වයක් සහ නව සංවිධාන ගොඩ නැගීම වෙනත් දෙයකි. නමුත් නිශ්චිතවම කම්කරුවන් අභිමුඛ වන අභියෝගය එයයි.

දැන් අපතේ හැරීමට කාලයක් නොමැත. සියලුම ප්‍රධාන කර්මාන්තශාලා වල ක්‍රියාකාරී කර්මාන්තශාලා කමිටු ජාලයක් ගොඩනැගීම ආරම්භ කිරීම සඳහා කම්කරුවන් මූලිකත්වය ගත යුතුය. ගිවිසුම් අරගලය මෙහෙයවීම යූඒඩබ්ලිව් හි පාලනයෙන් ඉවත් කරගත යුතුය. සියයට 40 ක පඩි වැඩි වීමක්, ද්විත්ව ස්ථර වැටුප් පද්ධතිය අහෝසි කර දැමීම සහ සියලුම තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයන් පූර්න කාලීන සේවකයන් බවට පරිවර්තනය කිරීම යන මෝටර් රථ කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වලට අවශ්‍ය ඉල්ලීම් මෙම කමිටු විසින් සූත්‍රගත කල යුතුය.

කර්මාන්තශාලා වසා දැමීම නතර කිරීමට, සේවය අත් හිටුවන ලද සහ දඩයමට ලක්වූ කම්කරුවන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටීමට සහ නිෂ්පාදනය මත කම්කරුවන්ගේ පාලනය සඳහා සහ කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කිරීමට කම්කරුවන් එක්සත් විය යුතුය.

මෙම වසර තුලදී ලෝකය පුරා කම්කරු පන්තිය විසින් ප්‍රති විරෝධය පෑම ඉහල නගිනු අත් විඳින්නට හැකි විය. මෙක්සිකෝවේ මැටමොරාස් හී මෝටර් රථ කොටස් කම්කරුවන්, එජ සහ අනෙකුත් විදේශීය සූරා කන සමාගම් වලට එරෙහිව පමනක් නොව වහල් ශ්‍රම කොන්දේසි ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති වලට එරෙහිව ද ධෛර්යය සම්පන්න අරගලයක් ගෙන ගොස් තිබේ. මෙය, එජ ගුරුවරුන්ගේ කැරැල්ල, ප්‍රන්සයේ කහ කමිස කරුවන්ගේ විරෝධතාවයන් සහ ඇල්ජීරියාවේ සහ අනෙකුත් අප්‍රිකානු රටවල නැගිටීම් සමග සමපාත වේ.

ගෝලීය සංගත සහ ලෝකය පුරා ඇති ධනපති ආන්ඩු විසින් රැකියා සහ ජීවන තත්වයන් මත එල්ල කරන ප්‍රහාරය, කම්කරු පන්තිය විසින් ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කෙරුනු ප්‍රහාරයක් මගින් අභියෝගයට ලක් කල යුතුයි. බහුජන සමාජ සහ කාර්මික ක්‍රියාවන්, දැවැන්ත කර්මාන්ත කම්කරු පන්තිය මගින් සාමූහික හිමිකාරීත්වය දරන සහ ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන පොදු උපයෝගීතාවයන් බවට පරිවර්තනය කිරීම ඇතුලත් සමාජවාදී වැඩපිලිවෙලක් සමග, සංයෝජනය විය යුතුයි.

ජෙරී වයිට්

Share this article: