ලිබියාව සිවිල් යුද්ධයටඇද වැටීම: ව්‍යාජ වම්මුන්ගේ අධිරාජ්‍යවාදී ගැති බවේ කටුක ඵලය යි

Libya’s descent into civil war: The bitter fruit of the pseudo-left's pro-imperialism

2019 අප්‍රේල් 10

ෆීල්ඞ් මාර්ෂල් කලිෆා හෆ්ටාර් ලිබියානු අගනුවර දකුනට තම භටයින් හා යුද ටැංකි ගොඩ ගසා ඇති අතර, රටින් පලා යාමට උත්සාහ කරමින් සිටින සිවිල් වැසියන් බිය ගන්වමින්, ඔහුගේ ඊනියා ලිබියානු ජාතික හමුදාවට අයත් යුද ගුවන් යානා, රටින් බේරී යාමට යත්න දැරූ සිවිල්වැසියන් අතරමං කරමින්, නගරයේ ක්‍රියාත්මක වන එකම ගුවන් තොටුපලට බෝම්බ දැමීමත් සමග, ටි්‍රප්‍රොලි නගරය සඳහා වන ලේ වැකි සටන අඛන්ඩව තීව්‍ර වී ඇත.

අසම්පූර්න හදිසි අනතුරු සංඛ්‍යාවට මරන 51ක් හා තුවාලකරුවන් 181ක් ඇතුලත්ව ඇත. සටනින් බේරීමට දහස් ගනනක් තම නිවාසවලින් පලා ගොස් ඇති අතර, විවිධ සතුරු මිලීෂියා කන්ඩායම් විසින් පාලනය කෙරෙන වද කඳවුරුවල විස්තර කල නො හැකි තතු යටතේ රඳවා ගෙන සිටින සරනාගතයෝ හා සංක්‍රමනිකයෝ, සිදුවිය හැකි සංහාරයක අසරන ගොදුරු බවට පත්වීමේ ඉඩකඩ පිලිබඳව උමතු වී සිටිති.

පූර්න පරිමානයේ මිලිටරි යුද්ධයකට උත්සන්න වීම මධ්‍යයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්‍රධානී මිෂෙලී බැකෙලෙට් අනතුරු ඇඟවූයේ ලිබියාවේ සිවිල් වැසියන් මත වන ඕනෑ ම ප්‍රහාරයක් යුද අපරාධවලට ගැනෙන අතර, සියලු ම පාර්ශ්ව “ජාත්‍යන්තර මානවවාදී නීතිවලට ගරු කල යුතු බවයි. සිවිල් වැසියන් සහ පාසල්, රෝහල් හා හිරගෙවල් ඇතුලු සිවිල් පොදුකාර්ය පහසුකම් ආරක්ෂා කිරීමට ගත හැකි සියලු පියවර ගත යුතුයැ“යි ඇය ඉල්ලා සිටියා ය.

ලිබියාව තුල මෑත ප්‍රචන්ඩත්වයේ ගිනිදැල් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිලිබඳ සංවිධානයේ අකල්පය, කර්නල් මුවම්මර් ගඩාෆි විසින් නායකත්වය දෙන ලද ආන්ඩුවේ හස්තයේ මර්දනයෙන් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ මුවාවෙන් 2011 ගෙන යන ලද එක්සත් ජනපද - නේටෝ එක්පාර්ශ්වීය යුද්ධයට දැක් වූ ප්‍රතිචාරයට හාත්පසින් ම වෙනස් ය. එවක පියාසර කල නො හැකි කලාපයක් නිවේදනය කල එක්සත් ජාතීන්ගේ යෝජනාවක් යොදා ගැනුනේ, ලිබියාවේ ආරක්ෂක හමුදා හා වැදගත් පොදුකාර්ය පහසුකම් විනාස කිරීමට හා එහි ආන්ඩුව පෙරලා දැමීමට සීඅයිඒ අනුබල දුන් ඉස්ලාමීය මිලීෂියා හමුදාවන් ගෙන ගිය මාස හතක දීර්ග කාලීන බෝම්බ දැමීමේ උද්ඝෝෂනයක් දියත් කිරීමේ කඩතුරාව ලෙස ය. මෙම උද්ඝෝෂනය කූඨප්‍රාප්ත වූයේ ගඩාෆිගේ බලකඳවුරක් වූ සිර්ටේ නගරයට පලස් බෝම්බ දැමීම හා ඝාතක කල්ලි විසින් වධහිංසා කර ගඩාෆි ම මරා දමමිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් උපදේශකයෝ මෙම අධිරාජ්‍යවාදී සංහාරයේ උද්ඝෝෂනය පුරා තම කට පියා ගෙන සිටියහ. මෙම අපරාධවලින් අනතුරට පත් වූවන්ගේ සංඛ්‍යාව දස දහස් ගනනක් වූ අතර, ඒවා ගඩාෆි තන්ත්‍රයේ මර්දනයට තම ජීවිත අහිමිකරගත් සංඛ්‍යාව පිලිබඳ ඕනෑ ම ගනන් බැලීමකට වඩා බොහෝ වැඩි ය.

තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමෙන් මාස ගනනාවකට පසු, 2012 මාර්තුවල දී පමන එජා මානව හිමිකම් කොමිසම “සිවිල් මරන හා කිසිදු මිලිටරි මෙහෙයුමක් නොමැති තැන් ඉලක්ක කෙරුනු බව තහවුරු කෙරුනු” වාර්තාවක් නිකුත් කලේ ය. එය තම විමර්ශනය සීමා කලේ ගුවන් ප්‍රහාර 20ට පමනක් වන නමුත්, සම්පූර්න බෝම්බ දැමීම් එම සංඛ්‍යාවට වඩා 1,000ස් වාරයකට වඩා බොහෝ වැඩි ය.

ලිබියාව තුල වර්තමාන අර්බුදය හා සම්පූර්න මහා මනුෂ්‍ය ඝාතනයක තර්ජනය, ප්‍රධාන බලවතුන් තම මූලෝපායාත්මක උත්සුකයන් තව දුරටත් හඹා යමින් තිබෙන පැරනි යටත් විජිත රටවල පීඩිත ජනයා සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදයේ ලිබරල් උපදේශකයින් විසින් ප්‍රකාශ කෙරුනු “ආරක්ෂා කිරීමේ වගකීම” නම් ධජය යටතේ වසර අටකට පෙර ගෙන ගිය,ිමානවවාදී’ යැයි කියා ගන්නාවූ මැදිහත්වීමේ ඍජු ප්‍රතිඵලය යි.

යුද්ධය දියත් කිරීම මගින් ආරක්ෂා කෙරෙන්නේ යැයි පැවසෙන ඊනියා “විප්ලවවාදීන්” හා “ප්‍රජාතන්ත්‍රවාදීන්” වැඩෙමින් පවතින ගැටුම දෙපැත්තේ ම ප්‍රමුඛයින් අතර සිටී. මේ අය අතරට කලිෆා හෆ්තාර් ම ද අයත් වේ; ගඩාෆිගේ හිටපු ජනරාල්වරයෙකු වන මොහු එක්සත් ජනපද මධ්‍යම ඔත්තුසේවාවට ප්‍රයෝජනවත් පුද්ගලයෙකු ලෙස, වර්ජීනියා ප්‍රාන්තයේ ලැන්ග්ලේ හි එහි මූලස්ථානය සමීපයෙහි ජීවත් වෙමින්, දශක ගනනාවක් ගත කිරීමෙන් පසු බෙන්ගාසි නගරයට ගුවනින් එවුනි.

එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයන් විසින් “මානවවාදී” මැදිහත් වීම ප්‍රචාරය කිරීමේ දී අත්‍යාවශ්‍යක කාර්යභාරයක් ඉටු කරන ලද්දේ, පැරනි යටත්විජිත රටකට එරෙහිව අධිරාජ්‍යවාදී ආක්‍රමනයක් සඳහා, වොෂින්ටනය, පැරීසිය හා ලන්ඩනය විසින් ඉදිරියට දැමුනු ව්‍යාජ කඩතුරාව මත වැඩුනු හා අලංකාර කෙරුනු ව්‍යාජ වාම සංවිධාන, දේශපාලඥයින් හා ශාස්ත්‍රාලිකයන් විසිනි. යුද්ධය වැලඳගත්තන් අතර මිචිගන් විශ්වවිද්‍යාලයේ ජුවාන් කෝල් ද විය; ඔහුගේ ඉන්ෆෝර්ම්ඞ් කොමෙන්ට් නම් වෙබ් අඩවියේ ඉරාක යුද්ධයට වූ සීමිත විරෝධය හා ඊස්රායල් ප්‍රතිපත්තිය ගැන ඔහුගේ විවේචන නිසා අනුගාමිකයන් ඇති කර ගෙන තිබුනි.

එක්සත් ජනපද-නේටෝ මැදිහත්වීම සඳහා කෝල් තම උද්‍යෝගය ප්‍රකාශ කලේ “නේටෝවට මා අවශ්‍ය නම්, මම එතන” යැයි ප්‍රකාශ කරමිනි. දැන් නැවත වතාවක් ලිබියාවේ සම්පූර්න පරිමාවක සටනක් පිපිරෙමින් තිබේ; මහාචාර්ය කෝල්ට නිල ඇඳුමක් ලා ගැනීමේ අලුත් කෙරුනු බලවත් උනන්දුවක් දැනේ ද, එමෙන් ම ඔහු කාලිෆ්ගේ ටැංකියකට හෝ ටි්‍රපොලි මිලීෂියා කන්ඩායම්වල මැෂින් තුවක්කු ඇට වූ පිකප් රථයකට ගොඩ වීම තෝරා ගන්නේද යන්න නොදන්නෙමු.

යුද්ධය ආරම්භයේ දී කෝල් “වාමාංශිකයන්ට විවෘත ලිපියක්“ නිකුත් කලේ ය. එහි ඔහු ඉල්ලා සිටියේ ඊනියා “වම්මුන් චුයිං ගම් හපන අතරේම ඇවිදීමට උගත යුතු” බව යි; එනම්, කෙසේ හෝ වාමාංශික යැයි මවා පාන අතර අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයට සහාය දැක්වීමයි.

“වම්මුන්” එක්සත් ජනපදය විසින් දියත් කරන ලද යුද්ධවලට වන ආකල්පය “ඒ ඒ යුද්ධය මත සුවිශේෂව” යන පදනම මත තීරනය කල යුතුව තිබූනා යැයි ඔහු අවධාරනය කලේ, “අමනෝඥ විධියට සියලු අනෙකුත් වටිනාකම් ‘අධිරාජ්‍යවාද විරෝධී’ තුරුම්පුවට” යටපත් කිරීම අවංක ව විකාර ආස්ථානයන්ට ගමන් කරතැ යි ප්‍රකාශ කරමිනි.

කෝල් පැවසුවේ තමා “නිර්ලජ්ජිත ව විමුක්ති ව්‍යාපරය පෙරට යාමට ඔල්වර්සන් දෙමින් සිටි අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් අනුමත කෙරුනු මැදිහත් වීම මගින් ඔවුන් ව පරාජයට ලක් වීමෙන් ගලවා ගෙන තිබීම ගැන සතුටු වූ” බව යි.

කෝල් විසින් “මානව අයිතීන්”, වැනි අනෙකුත් ඒ සමානම වැදගත් දේවල් සමග තුලනය කල යුතු ආත්මීය “වටිනාකම්” දක්වා අධිරාජ්‍ය විරෝධය පහල දැමීම, අනාවරනය කරන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයේ හේවාකමට බැඳීමේ හදිසිය යටින් පවතින මුලුමනින් ම සුලු-ධනේශ්වර හා මාක්ස්වාද විරෝධී දෘෂ්ටිය යි.

අධිරාජ්‍යවාදය යනු ආර්ථිකයේ ඒකාධිකාරීකරනය, මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය හා දියුනු ධනපති රටවල් අතලොස්සක් විසින් සකල ග්‍රහලෝකය ම කෑලිවලට බෙදා ගැනීම මත පනදම් වූ ධනවාදයේ ඓතිහාසික වර්ධනයේ වෛෂයික ආර්ථික, සමාජ හා දේශපාලන අවධියක් - ගෝලීය යුද්ධ හා විප්ලවයන්ගේ කාලපරිච්ඡේදයක ලඟා වීමක් බව මෙම සුලුධනේශ්වර දෘෂ්ටිවාදීහු ප්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට ඔවුන් පවසන්නේ පීඩිත මහජනතාවගේ “මානවවාදී” ගලවා ගැනීමේ කාර්යසාධනයට හොඳින් සමත් සෞඛ්‍ය සම්පන්න පද්ධතියක් වන මෙම ක්‍රමය විසින් සිදු කෙරෙන හුදු අධික බලය පෑමක් පමනක් මින් පිලිබිඹු වන බව යි.

ඒ සමාන එසේ නැත්නම් ඊටත් වඩා ප්‍රතිගාමී කාර්යභාරයක් ඉටු කරන ලද්දේ, පැබ්ලෝවාදී ඉන්ටර්නැෂනල් විව්පොයින්ට් ඔන් ලයින් සඟරාව වෙනුවෙන් ප්‍රධාන ප්‍රචාරකයෙකු ලෙස සේවය කරන අතර, පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන පිලිබඳ ලන්ඩන් විද්‍යාලයේ වැඩ කරමින් සිටින ශාස්ත්‍රාලිකයෙකු වන ගිල්බට් අක්කාර් විසිනි. 2011 මාර්තු මාසයේ යුද්ධය ආරම්භයේ දී ම, අක්කාර් එක්සත් ජනපද- නේටෝ මැදිහත් වීමට ප්‍රශංසා කරමින් සම්මුඛ සාකච්ඡාවක් පැවත් වූයේ ය. ඔහු මෙසේ පැවසී ය, “ගඩාෆිගේ හමුදාවන් විසින් බෙන්ගාසී මත එල්ල කෙරුනු ප්‍රහාරයක අනිවාර්ය ප්‍රතිඵලයක් විය හැකි සංහාරයක් වැලැක්වීමේ හදිසිභාවය හා රැකවරන අරමුන අත්පත් කර ගැනීමේ කිසියම් හෝ විකල්පයක් නැති බව සලකා බලන විට, කිසිවෙකුටත් එය සාධාරන ලෙස ප්‍රතික්ෂේප කල නො හැක...අධිරාජ්‍යවාද විරෝධී ප්‍රතිපත්ති නාමයෙන් සිවිල් වැසියන් ඝාතනය කරන ක්‍රියාවක් වලක්වනු ඇති පියවරකට ඔබට විරුද්ධ විය නො හැක.”

යුද්ධය අවසන් වූවාට පසු, බෙන්ගාසියේ සමීපස්ථ සංහාරය ගැන ප්‍රකාශ හුදු ප්‍රබන්ධ බව ඔප්පු වුනි.

යුද්ධය කරගෙන යාමේදී, අධිරාජ්‍යවාදී තන්ත්‍ර වෙනස සඳහා සහාය දීම සම්බන්ධයෙන් අක්කාර් ඊටත් වඩා රනකාමී වෙමින් එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර බලවතුන් “කැරැල්ලට” වඩ වඩා ආයුධ බෙදා හැරිය යුතු යැයි ඉල්ලමින්ද ලිබියානු ජනයා මත පුපුරන ද්‍රව්‍ය හෙලීමට අසමත් වීම පිලිබඳව ඔවුන් උපහාසයට ලක්කරමින්ද, එහි ගුවන් ප්‍රහාර “තියුන බවින් අඩු” යැයි (ඒවායින් අනතුරට පත්වන්නන්ගේ සංඛ්‍යාව දසදහස් ගනනක් වනු ඇති වුවද) විස්තර කලේය.

එම සාරභූත තර්කය ම සිරියාවේ තන්ත්‍ර වෙනස් කිරීම සඳහා ද පුනර් වාදනය කිරීමට ඉඩ තිබෙන්නේ, මෑත දී විසුරුවා හැරුනු ජාත්‍යන්තර සමාජවාදීන්ගේ සංවිධානයේ (අයිඑස්ඕ) අක්කාර් හා ඈෂ්ලි ස්මිත් වැනි දේශපාලන වංචාකාරයන් සිරියාව සඳහා එක්සත් ජනපදය මෙහෙය වූ “විප්ලවය” සඳහා වඩ වඩා ආයුධ ඉල්ලා සිටීම හා බෂාර් අල් අසාද් ආන්ඩුව පෙරලා දමනු පිනිස, න්‍යෂ්ටිකව සන්නද්ධ රුසියාව සමග ශඛ්‍ය ගැටුමක් ද ඇතුලුව, තම “රතු සීමාවන්” සවිබල නො ගැන්වීම පිලිබඳව ඔබාමා පාලනාධිකාරය හෙලා දැකීම සමගිනි.

මෙම කපටීන් හා ඔවුන්ගේ සංවිධානවල දේශපාලනයට මාක්ස්වාදය සමග කිසියම්ම හෝ සම්බන්ධයක් නොමැත, ඔවුන් යොදා ගන්නා “සමාජවාදී” කයිවාරු මොනවා වුවත් ඒවා ධනේශ්වර, අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිවලට වන ඔවුන්ගේ සීමාරහිත ඒකාබද්ධ වීම වසන් කිරීමකට වැඩි දෙයක් නො වේ. ඔවුන් එන්ජීඕ (ආන්ඩුවේ නොවන සංවිධාන) විශේෂයන් කාන්ඩයක් ලෙස ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික අනුරක්ෂනයන් මෙන් බොහෝ දුරට වැඩ කරමින්, සීඅයිඒ හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මෙහෙයුම් සඳහා දේශපාලන පෙරමුනු හා නල මාර්ග ලෙස සේවය කරමිනි.

තමන්ම “සමාජවාදීන්” යයි කියාගන්නා මොවුන් මැද පෙරදිග මානවවාදී අධිරාජ්‍යවාදී වෘකයන්ගේ අභිප්‍රේරනයන් ගැන ප්‍රශ්න කර නැත. ලිබියාව මත ඔවුන්ගේ යුද්ධය පොලඹවන ලද්දේ , අප්‍රිකානු මහාද්වීපයේ විශාල ම, එරට තෙල් සංචිතය මත නිදහස් පාලනයක් පවත්වා ගැනීමට ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් හා ඔවුන්ගේ බලශක්ති සංගතයන්ට ඇති ආශාව විසින් බව ඔවුහු ප්‍රතික්ෂේප කරති. අනෙක් අතට, සිරියාවේ යුද්ධය පොලඹවන ලද්දේ දීර්ග කාලයක් තිස්සේ මැද පෙරදිග මූලෝපායාත්මක මංසන්ධියක් වන, එරටෙහි එක්සත් ජනපද රූකඩ ආන්ඩුවක් ඇට වීමේ අරමුනෙනි.

ලිබියාව හා සිරියාවේ දී ඔවුන්ට සහාය දුන් “විප්ලවවාදීන්” සම්බන්ධයෙන් ගත් විට, කෝල්, අක්කාර් හෝ ස්මිත් නැතහොත් අනෙකුත් ව්‍යාජ වම්මුන්ගෙන් කිසිවෙක් තමන් සටන් කරමින් සිටිනවා යැයි කියූ ක්‍රියාමාර්ගයක් හෝ තමන් නියෝජනය කල පන්ති බලවේග පිලිබඳ විශ්ලේෂනයක්, හෝ ඒ ගැන කියතොත්, තමන්ගේ අරමුනු වෙනුවෙන් කතා කල හැකි, පෙනෙන පරිදි එක නායකයෙකුගේ නමක් හෝ ඉදිරිපත් කලේ නැත. නිශ්ශබ්දතාවේ මෙම තාප්පය පිටුපස පවතින්නේ ගඩාෆි හා අසාද්ට එරෙහිව බලමුලු ගැන්වුන සීඅයිඒ අනුබලය දී සන්නද්ධ කල අපරාධකරුවන්ගේ ආධිපත්‍යය ගන්නා ලද්දේ, අල්කයිඩාවට බැඳුනු කන්ඩායම් ප්‍රධාන මූලාශ්‍රය කරගත් සීඅයිඒ වස්තූන් හා ඉස්ලාමීය මිලීෂියා කන්ඩායම් ය යන කරුන යි.

සමාජවාදය හා යුද්ධයට එරෙහි සටන නම්, 2016 ප්‍රකාශනය තුල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, වියට්නාම් යුද්ධයට එරෙහි ව්‍යාපාරයක කොටසක් ලෙස මතු වූ පෙරලිකාරී මධ්‍යම පන්තික දේශපාලන ප්‍රවනතා අධිරාජ්‍යාවාදී මැදිහත් විමේ ඔල්වරසන් දෙන්නන් බවට පරිවර්තනය වීමේ වෛෂයික පදනම් තහවුරු කලේ ය:

පසුගිය දශක හතර තුල, මේ ස්ථරයන් ප්‍රගාඪ සමාජ හා දේශපාලන පරිවර්තනයකට බඳුන්වී ඇත. කම්කරුවන්ගේ වැටුප් හා සහන මත එක දිගටම පටවන ලද සීමා, සූරාකෑමේ අනුපාතය ඉහල නැංවීම හා කම්කරු පන්තියෙන් වඩ වඩාත් අතිරික්ත වටිනාකම් මිරිකා ගැනීමෙන් පෝෂනය කල කොටස් වටිනාකම්වල දැවැන්ත නැගීම, මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස් වලට, පෙර කල සිය වෘත්තීය ජීවිතයේදී සිතාගැනීමට පවා නොහැකිවූ තරම් ධන සම්පත් වෙත ප්‍රවිෂ්ටයක් අත්කර දුන්නේය. දිග් ගැස්සුනු කොටස් වෙලඳපොල උත්පාතය මගින්, ඉහල මධ්‍යම පන්තික කොටස් අතරින් නව හා කැපවූ සේනාංකයක් බඳවා ගැනීමේ හැකියාව, අධිරාජ්‍යවාදයට ලබා දුන්නේය. මෙම බලවේගයන් හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රකාශනයක් ලබා දුන් දේශපාලන සංවිධාන, තමන් සතු සියලු බලය යොදාගත්තේ, යුද්ධය කෙරෙහි විරුද්ධත්වය මැඩීමට පමනක් නොව, කොල්ලකාරී අධිරාජ්‍යවාදී ක්‍රියාන්විතයන් යුක්තිසහගත කිරීමටය.

අතරමැදි වර්ෂ දැක ඇත්තේ, පන්ති අරගලයේ ගෝලීය පැන නැගීම සමග අසමානත්වය හා ධ්‍රැවාන්තගතවීම තීව්‍ර වීම හරහා මෙම ප්‍රවනතා වඩ වඩා දකුනට තල්ලු කරමින් තිබෙන බවයි.

ලිබියානු සිදුවීම් ඊටත් වඩා පැහැදිලි කරන්නේ අධිරාජ්‍යවාදී මැදිහත්වීමේ මෙම අපසහායකයන්ගේ අත්වල ලේ තැවරුනු බව යි. කම්කරු පන්තියේ දේශපාලන අධ්‍යයනයේ අවශ්‍යතාව වන්නේ ඔවුන් ප්‍රතිගාමීන් හා දේශාපලන අපරාධකරුවන් ලෙස හෙලිදරව් කල යුතු බව යි.

බිල් වෑන් ඕකන්

Share this article: