පෝලන්තයේ පන්ති අරගලයේ පිබිදීම

The resurgence of the class struggle in Poland

2019 අප්‍රේල් 11

ධනවාදී පුනස්ථාපනයට මාවත එලිපෙහෙලි කරමින් ජෙනරාල් වොජීෂ් ජරුසෙල්ස්කිගේ (Wojciech Jaruzelski’) ස්ටැලින්වාදී තන්ත්‍රය බිඳවැටීම ආරම්බ වී වසර තිහකට පසුව පෝලන්තයේ නැවතත් පන්ති අරගලය පුපුරා යමින් පවතී. සඳුදා 300,000 කට අධික ගුරුවරු අඛන්ඩ වැඩවර්ජනයක් දියත් කලහ. දශක ගනනාවක් තුල පෝලන්තයේ ගුරුවරුවරුන් විසින් ආරම්භ කෙරුනු ප්‍රථම වැඩවර්ජනය වූ මෙය ස්ටැලින්වාදී ආඥාදායකත්වයට එරෙහිව 1980-81 පැවැති දැවැන්ත වැඩවර්ජන ව්‍යාපාරයේ පටන් පෝලන්තයේ විශාලතම වැඩවර්ජනය විය.

මෙම වැඩවර්ජනය වනාහි වඩාත් යහපත් සේවා කොන්දේසි ද ඉහල වැටුප් ද ගුනාත්මක පාසැල් ද ඉල්ලා සිටින ගුරුවරුන්ගේ ජාත්‍යන්තර අරගල රැල්ලේ කොටසකි. 2018 වසර සනිටුහන් කලේ ශතවර්ෂ කාර්තුවක් තුල එක්සත් ජනපදයේ (එජ) වැඩිම ගුරුවරුන් සංඛ්‍යාවක් වැඩවර්ජනවලට සහභාගි වීම යි. ප්‍රන්සයේත් ටියුනීසියාවෙත් මොරොක්කෝවේ සහ අනෙකුත් අප්‍රිකානු රටවලත් ගුරුවරුන්ගේ වැඩවර්ජන පවතින අතරතුර පසුගිය මස නෙදර්ලන්තයේ සහ ආර්ජන්ටිනාවේත් ජාතික ගුරුවරුන්ගේ වර්ජන පැවැත්වින.

ගුරුවරුන්ගේ වර්ජන වනාහි මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය ඇතුලුව ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුලුල් නැගී සිටීමක කොටසකි. පෝලන්තයේ ගුරුවරුන්ගේ වර්ජනය සිදුවූයේ එල්ඕටී ජාතික ගුවන් ප්‍රවාහන සමාගමේ කම්කරුවන්ගේ සති දෙකක වර්ජනවලින් ද පෝලන්ත ඇමේසන් කම්කරුවන්ගේ වර්ජනවලින් ද අනතුරුව ය. මෑත මාසවලදී රුමේනියාවේ ද හන්ගේරියාවේ ද චෙක් රිපබ්ලික්හි ද සර්බියාව සහ කොසෝවා හි ද මෝටර්රථ සහ අනෙකුත් කර්මාන්තයන්හි වර්ජන මෙන්ම නොගෙවන ලද අතිකාල දීමනා පිලි ගැනීමට කම්කරුවන්ට බල කෙරුනු හන්ගේරියාවේ වික්ටර් ඕබන්ගේ දක්ශිනාංෂික තන්ත්‍රය විසින් සම්මත කෙරුනු ඊනියා “වහල් නීතිය”ට එරෙහි මහජන විරෝධතාවන් ද අත්දැක ඇත.

ජර්මනියේ පෙබරවාරියේ දී පාසැල් බිඳවැටීමට ද දරාගත නොහැකි සේවා කොන්දේසි සහ කාලකන්නි වැටුප්වලට එරෙහිවද දසදහස් ගනන් රාජ්‍ය සේවයේ කම්කරුවෝ අනතුරු ඇඟවීමේ වර්ජනවල නිරත වූහ. මාර්තු මස බර්ලිනයේ දහස් ගනන් ප්‍රවාහන කම්කරුවෝ නගරය අකර්මන්‍ය කලහ. දේපල වෙලඳාම් සහ රැකවරන අරමුදල් සමාගම් අස්වාමික කිරීමේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩිවන නිවාස කුලීවලට එරෙහිව බර්ලින්හි පසුගිය බදාදා 40,000 ජනතාව විරෝධතාවන් දැක්වූහ.

මෙම අරගල තුලින් කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් මතුවීම පිලිබඳව ධනපති පන්තිය භීතියට පත්වී ඇත. අස්වාමික කිරීම කෙරෙහි බහුතරයක් ජර්මානු කම්කරුවන් සහ තරුනයින්ගේ ඉල්ලීම් දැක්වුනු ජනමත විමසුම පිලිබඳව ෆ්‍රැන්ක්ෆුවර්ටර් අල්ගෙමයින ට්සයිතුංන්ග් (මාධ්‍යය) තැති ගෙන ඇත. වික්ෂිප්ත වූ ජර්මානු බැංකුවල මෙම හොරනෑව අදහස් දැක්වූයේ : “බර්ලීන් තාප්පය බිඳවැටී මුලුමනින්ම පාහේ වසර 30 කින් අනතුරුව කාල් මාක්ස් ඇලී (සෙනසුරාදා විරෝධතාවකරුවෝ පාගමන් පැවැත්වූ බර්ලීන්හි දෙපස ගස් වැවුනු මාවත) සනිටුහන් කරන්නේ සමාජවාදය යලි හඳුන්වාදීමක් බවට පත්වී ඇති බවයි. විප්ලවය දිගුකල් දිනේවා.”

පෝලන්ත ගුරුවරුන්ගේ වර්ජන පිලිබඳව ජර්මානු සහ යුරෝපීය මාධ්‍යය සැබෑ වාරනයක් පවත්වාගෙන යයි. මක්නිසාදයත් යුරෝපීය සංගමය විසින් ඔජවැඩවූ නිල කථනය කුඩුපට්ටම්වී ඇති බැවිනි. ස්ටැලින්වාදී ආඥාදායකත්වය විසින් ධනවාදය පුනස්ථාපනය කිරීම පන්ති අරගලය ඉතිහාසයේ කුනු බක්කියට දමනු ලැබ නැත. නැගෙනහිර යුරෝපීය කම්කරුවන් තුල ස්ටැලින්වාදී තන්ත්‍රයන්ගේ ජාතිකවාදී සහ ආර්ථික වශයෙන් ස්වයංපෝෂී ආර්ථික ප්‍රතිපත්තිවලට ගැඹුරට මුල්බැසගත් විරෝධයක් පවතී. මෙම තන්ත්‍රය කම්කරු පන්තිය ද ධනවාදය පුනස්ථාපනයේ ප්‍රතිවිකාපවලට එරෙහි කැකෑරෙන විරෝධතාවය ද රුදුරු ලෙස මර්දනය කලේය.

20 වන ශතවර්ශයේදී පෝලන්ත කම්කරු පන්තිය යුරෝපයේ වඩාත්ම කැරැලිකාරී කම්කරුවෝ වූහ. මොවූහු සෝවියට් නිලධාරී තන්ත්‍රයට එරෙහිව 1956 “පෝලන්ත ඔක්තෝබරයේ” දීත් 1970 දෙසැම්බර් කම්කරුවන්ගේ නැගිටීමේදීත් සහ 1980 මහා වැඩවර්ජනවලදීත් අති විශාල අරගල දියත් කලහ. 1980 වර්ජනවලදී ග්ඩන්ස්ක් හි ලෙනින් නැව් තටාකයෙන් ආරම්භ කරනු ලදුව මුලු රට පුරාම ව්‍යප්ත වූයේ කම්කරුවෝ 400,000 ක් සම්බන්ද කරමිනි.

රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවය අනිවාර්යයෙන්ම ස්ටැලින්වාදය කරා මෙහෙයවින යන චෝදනාව මුසාවකි. මෙය ඓතිහාසික සාධක විසින් නිශ්ප්‍රභා කෙරෙයි, එනම් ස්ටැලින්වාදී තන්ත්‍රයට එරෙහිවූ ද බොල්ශෙවිකයින් විසින් මෙහෙයවුනු විප්ලවය විසින් මග පෙන්වූ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල සඳහා ද ක්ෂමාරහිතව සටන් කලාවූද විප්ලවවාදී සමාජවාදී විකල්පයක් තිබිනි යන්න මගිනි. මෙම විකල්පය වනාහි ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ 1920 ගනන් මුලදී බිහිවූ වාම විරුද්ධ පාර්ශවයයි. ස්ටැලින්වාදීන් විසින් මෙහෙයවූ කොමින්ටනයේ බිඳවැටීම සහ පාවාදීමෙන් අනතුරුව ඔහු 1938 දී හතරවන ජාත්‍යන්තරයට අත්තිවාරම දැමිනි.

නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍ර 1940 ගනන් අගදී ධනේශ්වර දේපොල නිලධාරීවාදී ආකාරයට අස්වාමික කලද මේවා සමාජවාදී නොවීය. ස්ටැලින්වාදී ආඥාදායකත්වයට එරෙහිව මෙම රටවල බොහෝ කම්කරුවන්ගේ අරගල ප්‍රදර්ශනය කලේ ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කෙරෙනු විකල්ප වැඩපිලිවෙල සඳහා කම්කරු පන්තිය තුල වෛෂයික පදනමක් පැවැති බවයි: එනම් සමාජවාදය සඳහා කම්කරු පන්තියේ අලුතින් ආරම්භ වූ ජාත්‍යයන්තර විප්ලවවාදී අරගලයක කොටසක් ලෙස රාජ්‍ය නිලධාරී තන්ත්‍රයට එරෙහිව දේශපාලන විප්ලවයකි.

නැගෙනහිර යුරෝපයේ කම්කරු පන්තිය නැවතත් අරගලයට පිවිසෙනවාත් සමග මෙම තීරනාත්මක දේශපාලන සහ ඓතිහාසික පාඩම් උකහා ගත යුතුයි. කලාපය පුරා යුද අනතුරටත් ආඥාදායක පාලනයටත් කම්කරුවෝ මුහුන දෙන විටදී දශක තුනකට පෙරාතුව ධනවාදය පුනස්ථාපනය කිරීමට පෝලන්ත ස්ටැලින්වාදීන් සමග අත්වැල් බැඳගත් බලවේග සමග මුහුනට මුහුනලා ගැටුමකට පෝලන්ත වර්ජනය විසින් ගුරුවරුන් තල්ලු කරනු ලබයි.

අදදින සොලිඩැරිටි වෘත්තීය සමිතිය පෝලන්තයේ අන්ත දක්ෂිනාංශික නීතිය සහ යුක්තියේ පක්ෂයේ (Law and Justice Party) (පීඅයිඑස්) ආන්ඩුව සමග පෙල ගැසී ඇති විවෘත දක්ෂිනාංශික ව්‍යාපාරයකි. එහි ගුරුවරුන්ගේ අංශය මුල සිටම ආන්ඩුවේ දන්ඩනීය කොන්දේසි පිලිගත් එකම සමිතිය විය. සඳුදා වර්ජනය ආරම්භ කලායින් අනතුරුව පීඅයිඑස් හි ප්‍රාදේශීය ආන්ඩුවේ නිලධරයකු ද සොලිඩැරිටියේ ගුරු වෘත්තීය සමිතියේ ප්‍රධානියා ද වන රිසාඞ් ප්‍රොක්සා වර්ජිත ගුරුවරුන් හෙලාදකිමින් වර්ජිත සමිති අංශවලට එරෙහි ප්‍රතිවිපාක පිලිබඳව තර්ජනය කලේය.

පෝලන්තයේ ප්‍රධාන ඉසෙඞ්එන්පී සමිතිය තමන්ගේ පැත්තෙන් වර්ජනය කඩිනමින් අවසන් කිරීමට මාන බලයි. ඉසෙඞ්එන්පී නායක ස්ලවොමීර් බ්‍රොනිඅර්ස් පවසා තිබුනේ “මෙම ගින්න නිවා දැමීමට” සමිතියට අවශ්‍යය බවයි; එනම් පීඅයිඑස් සමග කැත ගනුදෙනුවකට එකඟ වීමයි.

ස්ටැලින්වාදී තන්ත්‍රයේ දශක හතරක නිලධාරිවාදී මර්දනයෙන් ද, අනතුරුව ධනවාදය පුනස්ථාපනයෙන් දශක තුනකින් ද පසුව නැගෙනහිර යුරෝපයේ කම්කරුවෝ ඉදිරිදර්ශන සහ නායකත්වයේ අර්බූදයකට මුහුන දෙති. වර්ජනයක් මෙහෙයවීමේ අතිමූලික අවශ්‍යතාවන් සෘජුව කම්කරුවෝ තමන් විසින්ම පාලනය කරන සමිතිවලින් ස්වාධීන කම්කරුවන්ගේ නව සංවිධාන වන ක්‍රියාකාරි කොමිටි ගොඩ නැගීමේ අවශ්‍යතාවය මතු කරයි. කෙසේවෙතත්, නායකත්වයේ ඉදිරිදර්ශනය මෙම ක්‍රියාකාරි කොමිටි සංවිධානවල භූමිකාව මත තීරනාත්මකව බලපාන බවට තියුනු පාඩම් පෝලන්ත ඉතිහාසය සම්පාදනය කරයි.

පෝලන්තය තුල ස්ටැලින්වාදයට එරෙහි අරගලයේදී මතුවූ කේන්ද්‍රීය ගැටලුව වූයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජක) විසින් ආරක්ෂා කරන ලද ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය සහ ට්‍රොට්ස්කිවාදයෙන් පලාගිය සුලුධනේශ්වර පැබ්ලෝවාදී භ්‍රෂ්ටයින් විසින් ඉදිරිපත් කෙරුනු ඉදිරිදර්ශනය අතර ගැටුමයි. හතරවන ජාත්‍යන්තරයේ වැඩපිලිවෙල අත්හල මෙම භ්‍රෂ්ටයෝ කියාපෑවේ ස්ටැලින්වාදී පක්ෂ ලවා විප්ලවවාදී භූමිකාව ඉටුකරවා ගැනීමට පීඩනය දැමිය හැකි බවයි.

ස්ටැලින්වාදයට එරෙහි කම්කරු පන්තියේ අව්‍යාජ ස්වාධීන විරෝධය තුලින් බිහිවූ සොලිඩැරිටි ව්‍යාපාරය එහි ඉහලම අවස්ථාවේ කම්කරුවන් මිලියන 10 ක් සංවිධානය කලේය. ඒ කෙසේවෙතත් එය ස්ටැලින්වාදයට එරෙහි දේශපාලන විප්ලවයේ මාවතෙහි නොව පෝලන්තයේ ධනවාදය පුනස්ථාපනය කිරීමේ මාවතෙහි නියැලුනු දක්ෂිනාංශික නායකත්වයක යටතට වැටිනි.

මෙහිදී ජැසෙක් කුරොන් වැනි පැබ්ලෝවාදී පුද්ගලයෝ ප්‍රධාන භූමිකාවක් ඉටු කලහ. කුරොන් සොලිඩැරිටි නායකත්වයට ලෙච් වැලේසා උස්සා තැබීය. අනතුරුව එහි නායකයා බවට පත්වූ වැලේසා පසුව පෝලන්ත ධනේශ්වර ආන්ඩුවේ ජනාධිපති විය. 1989-1990 සහ 1992-1993 තුල ධනවාදය පුනස්ථාපනය මධ්‍යයේ කම්කරු ඇමති බවට පත් වෙමින් කුරොන් තමන්ම 1989 දී වටමේස සාකච්ඡාවලට සහභාගි විය.

සොලිඩැරිටිය ඇතුලුව නැගෙනහිර යුරෝපයේ ධනේශ්වර “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවල” ව්‍යාජ ශාස්තෘවරුන් විසින් පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදයේ මල් හට ගැන්වීමවත් කම්කරු පන්තියේ ජීවන කොන්දේසි වැඩිදියුනු වීමවත් දශක තුනක ධනවාදී පාලනය ජනනය කලේ නැත. ධනවාදී පුනස්ථාපනය ජනනය කලේ කම්කරු පන්තියට සමාජ ව්‍යසනයත් දක්ෂිනාංශික සහ ෆැසිස්ට් ගැති බලවේග බලයට එසවීමත්ය.

පෝලන්තය යුරෝපයේ රටවල් අතරින් වඩාත්ම අසමානතාව සහිත රටවලින් එකකි. පසුගිය වසර 30 පුරා නිල සංඛ්‍යා ලේඛන “අසමානතාවයේ නැගීම සැලකිය යුතු ලෙස අවතක්සේරු කල” බව “පෝලන්තයේ අසමානතාව” යන හිසින් මෑත අධ්‍යයනයක් සොයා ගති. “1989 සහ 2015 අතර ඉහලම සියයට 30 තම ආදායමේ පංගුව සියයට 23 සිට සියයට 40 දක්වාත් ඉහලම සියයට 1 තම ආදායමේ පංගුව සියයට 4 සිට සියයට 14 දක්වාත් වැඩි කරගෙන ඇති” බව අධ්‍යයනය නිගමනය කරයි.

පෝලන්තයේ අන්ත ජාතිකවාදී නේටෝවට ගැති පීඅයිඑස් ආන්ඩුව යුදකාමී සහ යුදෙව් විරෝධී වෙයි. එය රුසියාවට එරෙහි වොශින්ටනයේ හමුදා පීඩනය දැමීමට සහය දෙමින් තම අසල්වැසි රුසියානු පරිවෘතයක් වන කැලිනින්ග්‍රෑඞ් අසල නේටෝ හමුදා ස්ථානගත කිරීම පිලිගෙන ඇත. මෙමගින් න්‍යෂ්ටික බලවතුන් අතර නිරන්තර ගැටුමක අනතුර මතු වෙයි.

පසුගිය වසරේ පීඅයිඑස් ආන්ඩුව හොලෝකෝස්ට් සමයේ යුදෙව්වන්ට එරෙහි පෝලන්ත ජාතිකයින් විසින් සිදු කල අපරාධ ගැන කුමන හෝ සඳහන් කිරීමක් තහනම් කලේය. එතැන් පටන් පෝලන්තයේ යුදෙව් විරෝධය සහ යුදෙව් විරෝධී ඝාතන පිලිබඳව අධ්‍යයනයන් කරන ඉතිහාසඥයින් ගනනාවක්ම තම රැකියාවලින් විරේක කරනු ලැබ පවතී. පසුගිය නොවැම්බරයේදී පෝලන්ත නිදහස් දින සැමරුමේදී අගමැති මටේවුස් මොරවීකි (Mateusz Morawiecki) ඇතුලුව ප්‍රමූඛ පෙලේ රාජ්‍ය බලධරයෝ පෝලන්තයේ සහ අනෙකුත් යුරෝපයේ රටවලින් පැමිනි ෆැසිස්ට්වාදීන් සමග එකට පෙලපාලියේ ගියහ.

කප්පාදුවලට සහ පීඅයිඑස් ආන්ඩුවට එරෙහිව පෝලන්ත කම්කරු පන්තියේ වැඩෙන විරෝධය හජාජාක වේ විශ්ලේෂනය සනාථ කරයි. අදදින 1930 දශකය මෙන් නොව අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරවලට සහ ආන්ඩුවලට මහජන පදනමක් නැත. එහෙත් මේවායේ තර්ජනය අඩුවී නැත. මක්නිසාදයත් මේවා කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයේ තර්ජනයට ප්‍රතිචාර වසයෙන් රාජ්‍යයන් ද සංස්ථාපිතයේ පක්ෂද මාධ්‍යය සහ ශාස්ත්‍රාලිකයින්ගේ කොටසක් ද සිතාමතාම උසිගන්වති. කම්කරු පන්තියේ ව්‍යාපාරයක් වර්ධනය කිරීම සවිඥානකව සූදානම් කල යුතුයි. මේ සඳහා ව්‍යාප්ත වන අරගලවලට අව්‍යාජ සමාජවාදී ඉදිරිදර්ශනයක් සහ නායකත්වයක් සම්පාදනය කිරීමට පෝලන්තයේත් නැගෙනහිර යුරෝපය පුරාමත් හජාජාක ශාකාවන් ගොඩ නැගීම අවශ්‍යය කෙරෙයි.

ජොහනස් ස්ටර්න් සහ ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: