හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය වාර්ෂික ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය මැයි 4දා පවත්වනු ලබයි. එයට ලොව පුරා කථිකයින් හා ශ්‍රාවකයින් සහභාගී වනු ඇත.

සමාජවාදය කෙරෙහි වැඩෙන උනන්දුවක් පවතින අතර ජාත්‍යන්තරව පන්ති අරගලය යලි හිස ඔසවයි. පසුගිය වසර තුල ධනපති ගැති වෘත්තීය සමිති හා දේශපාලන සංවිධාන වලට විරුද්ධව හා ඒවායින් ස්වාධීනව මතුව ආ සමාජ නොසංසුන්කමේ සැලකිය යුතු ප්‍රකාශන දැකිය හැකි විය. ඒ අතර, ඇමරිකාවේ ගුරුවරුන්ගේ වැඩවර්ජන, ප්‍රන්සයේ කහ බැනියම් විරෝධතා, මෙක්සිකෝවේ මැක්‍යුලඩෝරා කම්කරුවන්ගේ වැඩවර්ජන, ඇල්ජීරියාවේ මහජන විරෝධතා හා තවත් බොහෝ ඒවා විය.

මෙම වර්ජනයන්ගෙන් බියට පත් පාලක පන්තීන්, යුද්ධය සඳහා ද ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වනසා දැමීමේ ද සිය සැලසුම් දැඩි කරමින් ඇත. ඇමරිකාවේ ට්‍රම්ප් ආන්ඩුවේ ද බ්‍රසීලයේ බොල්සිනාරෝගේ ද ජර්මනිය සඳහා විකල්පය සංවිධානයේ ද අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් වර්ගයේ බලවේග ක්‍රියාශීලීව පෝෂනය කරමින් ද දිරිගන්වමින් ද සිටී.

මේ වසරේ අන්තර්ජාල මැයි රැලිය පැවැත්වෙන්නේ, අප්‍රේල් 11දා ලන්ඩනයේ පිහිටි ඉක්වදොරියානු තානාපති කාර්යාලයේදී බ්‍රිතාන්‍ය පොලිසිය විසින් විකිලීක්ස් සමාරම්භක ජූලියන් අසාන්ජ් මෘග ලෙස අත්අඬංඟුවට ගැනීමෙන් ඉක්බිතිවය. අසාන්ජ් ඇමරිකාවට බාර දීමේ (උදර්පනය) තර්ජනයට මුහුන දෙයි. එහිදී ඔහු අනියමිත කාලයකට සිරගත කිරීමට හෝ මරනීය දන්ඩනය පැනවීමට තරම් වන චෝදනා වන්ට ලක් කෙරෙනු ඇත. 2010 ඇමරිකානු යුද අපරාධ පිලිබඳ සාක්ෂි, දිරිමත්ව විකිලීක්ස් වෙත සපයන ලද චෙල්සි මැනිං, අසාන්ජ්ට විරුද්ධව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සිරගතකොට සිටී.

ඇමරිකාවේ සමස්ත පාලක පන්තියේම සහයෝගය ඇතිව අසාන්ජ් හා මැනිංට දඬුවම් පැමිනවීම, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට හා කථාකිරීමේ නිදහසට එල්ලව ඇති දුරදිග යන ප්‍රහාරයකි. එය, ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රභූවේ පිලිවෙත් වලට එරෙහිව නොබියව කථා කරන සියලු කම්කරුවන්ට හා තරුනයින්ට විරුද්ධව එල්ල කෙරේ.

ජනතාවගේ පුලුල් කොටස් නැඹුරු වෙමින් සිටින්නේ දකුනට නොව වමටය. ලොකුම අභියෝගය වන්නේ, කම්කරු පන්තියට දේශපාලන ක්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් සම්පාදනය කිරීමයි. යුද්ධයට, අන්ත දක්ෂිනාංශයේ නැඟීමට හා අසාන්ජ්ට ද මැනිංට ද දඬුවම් කිරීමට වන විරුද්ධත්වය, අසමානතාවය, සූරාකෑම හා ධනපති ක්‍රමයටම එරෙහි සටන සමඟ බද්ධ කල යුතුය.

මැයි 4 වන සෙනසුරාදා පැවැත්වෙන 2019 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට සම්බන්ධ වන්න! සමාජවාදය සඳහා අරගලයට එක්වන්න!