අනාගතය සමාජවාදයයි, නමුත් ඒ සඳහා සටන් කල යුතුය

The future is socialism, but it must be fought for

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (එක්සත් ජනපදය), 2019 අගෝස්තු 27

ලොව පුරා වර්ධනය වන සමාජ විරෝධතා සහ කම්කරු පන්ති අරගල මධ්‍යයේ එක්සත් ජනපදය පුරා සරසවි විවෘත වේ.

ජුලි සහ අගෝස්තු මාසවලදී, හොංකොං සහ පුවර්ටෝ රිකෝ හි මිලියනයකට අධික ජනතාවක් සහභාගී වූ මහා පෙලපාලි වලින්, ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙකේ වෙරලට ඔබ්බෙන් වූ දූපත් වල වීදි පිරී ගියේය. මෑත සතිවල හොන්ඞ්යු්රාස්, ග්වාතමාලා, හයිටි, නිකරගුවා සහ වෙනත් තැන්වල ද මෙවැනිම පරිමානයේ විරෝධතා පැවතුනි.

අන්තර්ජාතික වශයෙන් සමාජ නොසන්සුන්තාව සහ පන්ති අරගල පුපුරා යාම සම්පාත වන්නේ, සමාජවාදය කෙරෙහි, විශේෂයෙන් තරුන පරම්පරාව අතර වර්ධනය වන උනන්දුව සමගය. විශේෂයෙන් තරුනයින් ධනවාදයට වඩා සමාජවාදයට වැඩි කැමැත්තක් දක්වන බව ඡන්ද විමසීම් වලින් නැවත නැවතත් පෙනී යයි.

රැඩිකලීකරනයේ මෙම ප්රබභවය සොයා ගැනීම අපහසු නැත. යුද්ධ, මිලිටරිවාදය, පෙර නොවූ විරූ සමාජ අසමානතාව, ඉහල යන විරැකියාව සහ මානව වර්ගයාගේ පැවැත්මටම තර්ජනයක් වන ගෝලීය දේශගුනික අර්බුදයකින් පිරි ලෝකයක මෙම තරුන පරම්පරාව බිහිවී තිබේ.

සමාජවාදය ධනවාදී ක්‍රමයෙහි පැවැත්මට තර්ජනයක් ලෙස නිවැරදිව දකින සෑම රටකම පාලක පන්තිය, කම්කරුවන් හා තරුනයින්ගේ රැඩිකලීකරනයට බිය වෙති. ඊට ප්‍රතිචාර වශයෙන් පාලක ප්‍රභූව, ෆැසිස්ට් හා අන්ත-ජාතිකවාදී සංවිධාන ප්රනවර්ධනය කිරීම ඇතුලු ඒකාධිපති පාලන ක්රිම වෙත වඩ වඩාත් හැරෙමින් සිටිති.

“කහ බැනියම්” විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව යෙදවීම සඳහා ප්‍රන්සයේ එම්මානුවෙල් මැක්රොන් හදිසි නීති බලතල උපයෝගී කර ගනියි. ඇන්ජෙලා මර්කල්ගේ ජර්මානු ආන්ඩුව අන්ත දක්ෂිනාංශය වර්ධනය කර ආරක්ෂා කිරීමට අඛන්ඩව ක්‍රියා කරයි. ඒඑෆ්ඩී සංවිධානය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස ඉස්මතු වන විට පාර්ලිමේන්තුවේ නායකත්වය දරන්නේ ඇයයි. ඉන්දියාවේ පාලනය යටතේ ඇති ජම්මු හා කාශ්මීරය (ජේ ඇන්ඞ් කේ) තුල ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව විසින් ගෙන යනු ලබන අසාමාන්‍ය මර්දනය යටතේ මිලියන 13 ක ජනතාවක් මේ වන විට පීඩා විඳිති.

ලෝක ධනවාදයේ කේන්ද්‍ර ස්ථානය වන එක්සත් ජනපදය තුල ට්‍රම්ප් පරිපාලනය, සංක්‍රමනිකයින්ට එරෙහිව වඩ වඩාත් කුරිරු ක්‍රියාමාර්ග අනුගමනය කරයි; ටෙක්සාස්හි එල් පාසෝ සහ කැලිෆෝනියාවේ ගිල්රෝයි හි ජන ඝාතක වෙඩික්කරුවන් සජීවිකරනය කල ෆැසිස්ට් සංකල්ප වලින් දිරිගැන්වින; මැතිවරන අවලංගු කර සිය ධුර කාලය ව්‍යවස්ථා සීමාවන් ඉක්මවා දීර්ඝ කරගන්නා බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කරයි. ගෝලීය මිලිටරි ගැටුමක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරන, චීනය ඉලක්ක කරගත් “පලමුව ඇමරිකාව” යන විදේශ ප්‍රතිපත්තියක් ඇමරිකාව අනුගමනය කරයි.

ට්‍රම්ප් බලයට පත්වීම අහම්බයක් නොවේ. ට්‍රම්ප් යනු ඇමරිකාව පාලනය කරන කතිපයාධිකාරයේ පුද්ගලාරෝපනයයි. ඇමරිකානු ධනවාදය, එහි ජාතික හා ජාත්‍යන්තර ගැටලුවලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිලිබඳව පාලක පන්තිය තුල දැඩි ගැටුම් පවතියි. එහෙත් ඒවා මූල්‍ය කතිපයාධිකාරය තුල බෙදීම් පමනි.

ට්‍රම්ප් පාලනාධිකාරයට එරෙහි මහජන විරෝධය මැඩපැවැත්වීමට සහ එය තමන්ගේම දක්ෂිනාංශික හා මිලිටරිවාදී න්‍යාය පත්‍රය පිටුපස තැබීමට ඩිමොක්‍රටිකයෝ තමන්ට හැකි සෑම දෙයක්ම කරති.

ට්‍රම්ප්ගේ පෙර නොවූ විරූ ක්‍රියාමාර්ග මධ්‍යයේ ඩිමොක්‍රටිකයින් අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියේ ප්‍රශ්න කෙරෙහි විශේෂයෙන් ම මැද පෙරදිග හා රුසියාවට එරෙහිව වඩාත් ආක්‍රමනශීලී මිලිටරි ක්‍රියාමාර්ගයක් සඳහා වන ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. “ව්‍යාජ ප්‍රවෘත්ති” වලට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් අන්තර්ජාල වාරනය වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මිලිටරි හා බුද්ධි අංශවල ප්‍රමුඛ කොටස් සඳහා හොරනෑ ලෙස සේවය කරයි.

පසුගිය මාසයේදී ඩිමොක්‍රටිකයෝ ඉතිහාසයේ විශාලතම ප්‍රමානයකින් මිලිටරි වියදම් පුලුල් කිරීමට ඉමහත් බහුතරයකින් ඡන්දය දුන්හ. එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාව දිගේ තාප්පයක් තැනීම සඳහා ට්‍රම්ප්ගේ පනත සම්මත කිරීම සහතික කිරීම සඳහා ඔවුහු සහයෝගය ලබා දුන්හ.

කම්කරු පන්තිය බෙදීමේ දැනුවත් ප්‍රයත්නයක් දරමින් ඩිමොක්‍රටිකයෝ, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික දිශානතිය, ජනවාර්ගිකත්වය සහ සියල්ලටම වඩා ජාතිය වැනි අනන්‍යතා මත පදනම්ව බෙදීම් නිර්දය ලෙස ප්‍රවර්ධනය කරති. මෙම ව්‍යාපාරයට, සුදු ජාතිකයින් පසුගාමී හා “වරප්‍රසාද ලත්” අය ලෙස සලකා අපහාස කිරීම සහ සුදු සහ කලු කම්කරුවන්ගේ සමේ පැහැය නිසා “සහජ” වෙනස්කම් තිබේ යන වර්ගවාදී මතය ප්‍රවර්ධනය කිරීම ඇතුලත් වේ.

තරුන තරුනියන් පාලක පන්තියේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීමට උත්සාහ කරන විට, අසමානත්වයට විරුද්ධ වීමේ හා “සමාජවාදය” පවා සාක්ෂාත් කර ගැනීමට හැකි මෙවලමක් යයි ව්‍යාජ ලෙස ඩිමොක්‍රටික් පක්ෂය හුවාදක්වන ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් හා බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩි්‍රයා ඔකාසියෝ-කෝර්ටෙස් වැනි අයගෙන් ඔවුන් පරෙස්සම් විය යුතුය..

සෑන්ඩර්ස් සහ ඔකාසියෝ-කෝර්ටෙස් යන දෙදෙනාම ඩිමොක්‍රටිකයන්ගේ රුසියානු විරෝධී උද්ඝෝෂනය පිටුපස පෙල ගැසෙමින් ඊට සිය පූර්න සහයෝගය ලබා දී ඇති අතර විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් සහ රහස් හෙලි කරන්නා වන චෙල්සි මැනිං යන අයට නීති විරෝධී හා දරුනු ලෙස හිංසා පීඩා කිරීම සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක් අනුගමනය කරති. සීඅයිඒ සහ මිලිටරියට ඩිමොක්‍රටිකයින්ගේ යටත් වීම ගැන ඔවුන් කිසිවක් පවසා නැත. ට්‍රම්ප්ගේ අයවැයට ඡන්දය දුන් විට ඔකාසියෝ-කෝර්ටෙස් ඇගේ දේශපාලනයේ සැබෑ ස්වරූපය සහ ඩීඑස්ඒ දේශපාලනය හෙලි කල අතර එයට වාර්තාගත ඩොලර් බිලියන 738 ක මිලිටරි වියදම් ඇතුලත් විය.

සසජාතශි සටන් කරන්නේ කුමක් සඳහා ද?

සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශිෂ්‍ය හා තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), විප්ලවවාදී හා සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා තරුන තරුනියන් යොමු කිරීමට සටන් වදියි.

කාල් මාක්ස් සහ ෆ්‍රෙඞ්රික් එංගල්ස් විසින් ආරම්භ කර, 1917 රුසියානු විප්ලවයේ නායකයන් වන ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි සටන් වැදුනු සහ ස්ටැලින්ගේ නායකත්වය යටතේ සිදුවූ සෝවියට් සංගමයේ නිලධාරිවාදී පරිහානියට එරෙහිව ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය නායකත්වය ගත් අනභිභවනීය අරගලය හරහා ආරක්ෂා කරන ලද ලෝක සමාජවාදී ව්‍යාපාරයේ නායකත්වය හජාජාක ය.

ලෝකය සමාජවාදී පරිවර්තනයකට බඳුන් කිරීමේ හැකියාව ඇති සමාජයේ එකම විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය වෙත සිසුන් හා තරුනයින් දිශානුගත කිරීමට සසජාතශිය සටන් කරයි.

සමේ වර්නය, ජාතිකත්වය, ජනවාර්ගිකත්වය, ස්ත්‍රී-පුරුෂ භාවය හෝ වෙනත් ඕනෑම “අනන්‍යතාවයක්” නොසලකා, සෑම රටකම කම්කරුවන්ට එකම සමාජ අවශ්‍යතා සහ එකම පන්තියේ සතුරන් සිටින බවට වන මූලධර්මය මත පදනම්ව සියලු රටවල කම්කරුවන් එක්සත් කිරීම සඳහා අපි ජාත්‍යන්තරවාදය වෙනුවෙන් සටන් කරන්නෙමු.

ජාතික රාජ්‍ය පද්ධතිය සිය ආරම්භක ලක්ෂ්‍යය ලෙස සලකන සියලු ප්‍රවනතාවන්ට අපි විරුද්ධ වෙමු. කම්කරුවන් මුහුන දෙන මූලික ගැටලු සෑම රටකම එක හා සමානයි: ආර්ථික අස්ථාවරත්වය, යුද්ධයේ තර්ජනය, දේශගුනික විපර්යාස, සෞඛ්‍ය රැකවරනය, හොඳ අධ්‍යාපනය, කලාවට හා සංස්කෘතියට ප්‍රවේශය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ තවත් බොහෝ දේ. මෙම ඕනෑම ගැටලුවකට විසඳුම් සෙවීමේදී කම්කරුවන්ට ඔවුන්ගේම ජාත්‍යන්තර මූලෝපායක් අවශ්‍ය බව පෙන්වීමට අපි සටන් කරමු.

ලෝක දේශපාලන සිතියම නිෂ්පාදන ක්‍රියාවලියේ ජාත්‍යන්තර ස්වරූපයට අනුකූල කිරීම සඳහා දේශසීමා අහෝසි කරන ලෙස අපි කියා සිටිමු. විවෘත දේශසීමා සඳහා වන අරගලයේ පදනම මත සංක්‍රනික කම්කරුවන්ගේ ආරක්ෂාව සමාජවාදී ව්‍යාපාරය විසින් භාර ගත යුතුය. එනම් සෑම තැනකම සිටින කම්කරුවන්ට තමන් කැමති තැනක ජීවත් වීමට හා වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය.

නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පාලනයකට යටත් කිරීම සඳහා අපි සටන් කරන්නෙමු. ප්‍රධාන බැංකු හා සංගත ජාත්‍යන්තර සමාජ පාලනයකට යටත් කල යුතු අතර පෞද්ගලික ලාභය සඳහා නොව සමාජයේ අවශ්‍යතා සපුරාලීම සඳහා කම්කරුවන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදීව ඒවා ක්‍රියාත්මක කල යුතුය. ධනවත්ම ඇමරිකානුවන් තිදෙනා වන ජෙෆ් බෙසෝස්, බිල් ගේට්ස් සහ වොරන් බෆට් යන අය, මිලියන 160 ක පමන වන එක්සත් ජනපදයේ ජනගහනයෙන් දුප්පත්ම භාගයට වඩා ධනයකට හිමිකම් කියන තත්වයක් නිර්මානය කර ඇති සූරාකෑමේ ක්‍රමයෙන් අප ඉවත් විය යුතුය. මිලියන සංඛ්‍යා ත කම්කරුවන් සූරාකෑම තුලින් උපයා ගත් මෙම අති විශාල ධන සම්භාරය අත්පත් කර ගත යුතුය.

වර්ධනය වන යුද තර්ජනයට හා ෆැසිස්ට්වාදයේ පුනරාගමනයට එරෙහිව අපි සටන් කරන්නෙමු. ඇමරිකානු යුද යාන්ත්‍රනය විසුරුවා හැරිය යුතුය. ලෝක ගෝලය අත්පත් කර ගැනීමට උත්සාහ කරන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මතු කරයි. මෙවර සටන සිදු වන්නේ න්‍යෂ්ටික අවිවලිනි. සියලු ධනේශ්වර බලවතුන් විසින් මිලිටරි තරකිරීම් සඳහා වැය කරන දැවැන්ත මුදල් සම්භාරය, අධ්‍යාපනය, සෞඛ්‍යසේවා සහ සමාජ වැඩසටහන් ඇතුලු දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා යොදා ගත යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා පුලුල් කිරීම සඳහා අපි සටන් කරන්නෙමු. විකිලීක්ස් නිර්මාතෘ හා සංස්කාරක ජූලියන් අසාන්ජ් සහ යුද විරෝධී රහස් හෙලි කරන්නෙකු වන චෙල්සි මැනිංට රජය විසින් කරන ලද දරුනු හිංසාවන්ට එරෙහිව ඔවුන් ආරක්ෂා කිරීම සඳහා වන නිර්දය උද්ඝෝෂන ව්‍යාපාරයක් මෙම සටනට අනිවාර්යයෙන්ම ඇතුලත් වනු ඇත.

අපි සටන් කරන්නේ ඓතිහාසික සත්‍යය වෙනුවෙන් සහ ඉතිහාසය මුසාකරනයට එරෙහිව ය. කම්කරුවන් හා තරුනයින්, 20 වන සියවසේ සමාජවාදී ව්‍යාපාරයේ සැබෑ ඉතිහාසය පිලිබඳ, සියල්ලටත් වඩා රුසියානු විප්ලවයේ සිට ස්ටැලින්වාදයට හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ට්‍රොට්ස්කිවාදී විරෝධය හරහා දිවයන, අත්‍යවශ්‍ය අත්දැකීම් හා පාඩම් අවබෝධ කර ගැනීම අද සමාජවාදී ව්‍යාපාරයක වර්ධනයට අවශ්‍ය වේ.

සමාජවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා කම්කරු පන්තිය පාලක පන්තියේ සියලු පක්ෂවලට විරුද්ධව, ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස, බලය ලබා ගැනීමට හා සමාජ සමානතාවේ පදනම මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට විප්ලවවාදී ව්‍යාපාරයක් තුල සංවිධානය විය යුතුය. එවැනි ව්‍යාපාරයක් නොමැතිව ලොව පුරා කම්කරුවන් හා තරුනයින් ෆැසිස්ට් ආඥාදායකත්වයේ, දරිද්‍රතාවයේ සහ ලෝක යුද්ධයේ අනාගත තර්ජනයට මුහුන දෙයි.

අනාගතය සමාජවාදයයි, නමුත් ඒ සඳහා සටන් කල යුතුය. අපතේ හැරීමට කාලයක් නැත.

Share this article: