ඉන්දියාවේ හින්දු අධිපතිවාදී ආන්ඩුව කාෂ්මීරයේ ස්වාධීනත්වය අහෝසි කරයි

India’s Hindu supremacist government abrogates Kashmir’s autonomy

කීත් ජෝන්ස් විසිනි, 2019 අගෝස්තු 6

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටෙහි එකම ප්‍රාන්තය වන ජම්මු කාෂ්මීරයේ විශේෂ ව්‍යවස්ථාමය තත්වය පසුගිය සඳුදා නීති-විරෝධී ලෙස අවලංගු කල ඉන්දියාවේ හින්දු වර්ගවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව, එය මධ්‍යම ආන්ඩුවෙන් පාලනය කරන ප්‍රදේශ දෙකකට වෙන් කලේ ය. ඉන් එක් ප්‍රදේශයක් දැන් අහෝසි කර ඇති ජම්මු කාෂ්මීර ප්‍රදේශයෙන් ද, අනෙක ජනගහනය අඩු නමුත් භූ-මූලෝපායික ව වැදගත් ලදාක් කලාපයෙන් ද සමන්විත වේ.

ව්‍යවස්ථා කුමන්ත්‍රනයකට සමාන වන ක්‍රියාවන් හරහා, ඉන්දියානු රාජ්‍යය හුදෙක් ජම්මු කාෂ්මීරය අවම වසයෙන් කඩදාසියේ සීමාව තුල වත් ඉන්දියානු ව්‍යවස්:ාවේ 370 හා 35 (ඒ) වගන්ති යටතේ භුක්ති විඳි පලල් ස්වාධීනත්වය අවලංගු කර ඇතිවා පමනක් නො වේ. දෙකඩ කරන ලද ප්‍රාන්තයේ නව ආන්ඩුවලට, ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත 28 හි තතවයට වඩා පහත් තත්වයක් දෙනු ලැබ ඇත්තේ” භූමි ප්‍රදේශ දෙකෙහි කටයුතුවල දී නව දිල්ලියට සදහටම පුලුල් බලතල යොදා ගැනීමේ හැකියාව ලබා දෙමිනි.

5දා ක්‍රියාවන්ට පුපුරනසුලු ජාත්‍යන්තර හා දේශීය ප්‍රතිවිිපාක ඇත. පකිස්තානය සමග ආතතීන් වැඩිදුර දල්වනු ඇති එම ක්‍රියාවන්, ආඥාදායක පාලන ආකෘතීන් වෙත හා හින්දු වර්ගවාදය දිරිමත් කිරීම සඳහා ඉන්දියානු පාලක පන්තිය ගෙන ඇති හැරීමේ වැඩිදුර අවධියක් සලකුනු කරයි.

එම කටයුතු කෙරෙහි පවතින මහජන විරෝධයට බිය වන බීජේපී ආන්ඩුව, ජම්මු කාෂ්මීරයට අතිරේක භටයන් දසදහස් ගනනක් යැවීම. ජම්මු කාෂ්මීරයේ ගිම්හාන අගනුවර වන ශ්‍රී නගර් ඇතුලු කලාපයේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල, ජංගම දුරකථන හා ගෘහස්ත දුරකථන ප්‍රවේශයන් කපාහැරීම සහ ප්‍රමුඛ පෙලේ විපක්ෂ දේශපාලනඥයන් අත්අඩංගුවට ගෙන ඇත. අගෝස්තු 5 දා මධ්‍යම රාත්‍රිය වන විට ශ්‍රීනගර් හා ජම්මු ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක් අපරාධ විධිවිධාන සංග්‍රහයේ 144 වන වගන්තියට යටත් කොට ඇත්තේ, මිනිසුන් හතරදෙනෙකුට වැඩි සියලු රැස්වීම් තහනම් කරමිනි.

කාෂ්මීරය හා ඉන්දු-පකිස්තාන මිලිටරි-මූලෝපායික එදිරිවාදිකම

පැරනි බ්‍රිතාන්‍ය ඉන්දියානු ජම්මු කාෂ්මීර කුමාර ප්‍රාන්තයට අයත්ව තිබූ භූමි ප්‍රදේශයන්හි පාලනය පිලිබඳ ප්‍රශ්නය, දකුනු ආසියාව 1947 දී මුස්ලිම් බහුතර පකිස්තානයකට හා හින්දූ ආධිපත්‍යධාරී ඉන්දියාවකට වාර්ගික ව බෙදූ තැන් පටන් නව දිල්ලිය හා ඉස්ලාමාබාදය අතර ප්‍රතිගාමී මිලිටරි-මූලෝපායික එදිරිවාදීකමේ කේන්ද්‍රයෙහි පැවතී ඇත.

1947-48 ඉන්දු-පකිස්තාන යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස, දකුනු ආසියාවේ කාෂ්මීර භාෂාව කතා කරන ජනගහනය ඉන්දියාවෙන් පාලනය කරන ජම්මු කාෂ්මීරය හා පකිස්ථානයෙන් පාලිත අසාද් හෙවත් “නිදහස්” කාෂ්මීරය වසයෙන් ජම්මු කාෂ්මීරය මත් බෙදනු ලැබී ය. එතැන් පටන්, රටවල් දෙක ම අනෙකා විසින් පාලනය කරන ජම්මු කාෂ්මීර කොටස, අත්කර ගන්නා බවට, තර්ජනය කරමින් සිටී.

ජම්මු කාෂ්මීරයේ නෛතික ස්වාධීනත්වය අහෝසි කිරීම හා එය ඉන්දියානු මධ්‍යම ආන්ඩුවට මුලුමනින් ම “ඒකාග්‍ර කිරීම”, ඉන්දු-පකිස්තාන ගැටුම නව දිල්ලියේ කොන්දේසිවලට අනුක්‍රමව අවසන් කිරීමටත්, පසුගිය දශක තුන පුරා ප්‍රාන්තය සොලවා ඇති ඉන්දු-විරෝධී කැරලිකාරීත්වය ක්ෂනික ව හා ලේවැකි ලෙස අවසන් කිරීමට බලය යෙදීමටත්, නව දිල්ලියේ අධිෂ්ඨානය පෙන්නුම් කරයි. කොංග්‍රස් පක්ෂය වේවා, බීජේපීය වේවා, කුලවාදී හා ප්‍රාදේශීයවාදී පක්ෂවල “තුන්වන පෙරමුනක්” වේවා කවුරුන් නායක;්වය දුන්න ද අනුප්‍රාප්තික ඉන්දීය ආන්ඩු, කැරලිකාරීත්වයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, චූදිත කැරලිකරුවන් අතුරුදන් කිරීම්, නඩු ඇසීමෙන් තොරව මරාදැමීම් සහ සිවිල් වැසියන් පලල් පරිමානයෙන් වධබන්ධනයන්ට ලක්කිරීම ඇතුලු දැවැන්ත රාජ්‍ය ප්‍රචන්ඩත්වය යොදාගනිමිනි. ජනගහනය යන්තම් මිලියන 14ක් වන ප්‍රාන්තයකට ඉන්දීය හමුදා භටයන් හා අතිරේක පැරාමිලිටරි භටයන් මිලියන භාගයකට වඩා යොදවා තිබීමෙන් පෙන්නුම් කෙරෙන, කාෂ්මීරය තුල ඉන්දීය රාජ්‍යයේ මර්දනකාරී හමුදා බලමුලුගැන්වීම, සාධාරනීකරනය කෙරෙනුයේ බටහිර ඉවුර මත ඊස්රායල ආරක්ෂක හමුදා යෙදවීම සමග සන්සන්දනය කරමිනි.

කාෂ්මීර නිම්නයේ මුස්ලිම් වැසියන් මහා පරිමානයෙන් නව දිල්ලියෙන් හුදෙකලාවීම, තමන්ගේ ම ප්‍රතිගාමී න්‍යාය පත්‍රය ඉදිරියට දැමීම සඳහා උපාමාරුවක් වසයෙන් භාවිතා කිරීමට පකිස්තානය උත්සාහ දරා ඇත. ඉස්ලාමීය ඉන්දු-විරෝධී කාෂ්මීර කැරලිකරුවන්ට ආයුධ හා අනෙකතු් සැපයුම් ආධාර සම්පාදනය කරන අ;ර අනාගමික කාෂ්මීර ජාතිකවාදීන් පසෙකට කර තැබීම මෙයට අයත් වේ.

නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ බීජේපීය නව දිල්ලියේ බලයට පත්වීමෙන් දෙවසරකට පසුව 2016 දී, ජම්මු කාෂ්මීරය තුල නව මහජන විරෝධතා රැල්ලක් පුපුරා ගියේ ය. බීජේපී ආන්ඩුව මෙයට දැක්වූ ප්‍රතිචාරය දෙයාකාර විය (ඉන් එකක දී අතිමහත් බහුතරය තරුනයින් වූ විරෝධතාකරුවන්ගෙන් සිය ගනනක් මරුමුවට පත්ව තවත් දහස් ගනනක් අන්ධ විය; අනෙක, පකිස්තානය සමග ආතතීන් ඇවිලවීම යි. පලමුව 2016 සැප්තැම්බරයේ දී හා පසුගිය පෙබරවාරියේ දී, පකිස්තානයේ සහයෝගය ලත් ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර දීමක් යයි කියමින් මෝදි ආන්ඩුව, පකිස්තානය ඇතුලතට මිලිටරි ප්‍රහාර එල්ල කිරීම සඳහා නියෝග කලේ ය. පෙබරවාරියේ එල්ල කල “ක්ෂනික ප්‍රහාර” පකිස්තානයෙන් එල්ල වූ එකට එක කිරීමේ ප්‍රහාරයක් හා මතභේදයට තුඩු දී ඇති කාෂ්මීරය අරබයා ගුවන් ගැටුමක් ජනනය කලේ, 1971 පටන් දකුනු ආසියාවේ න්‍යෂ්ටික ව සන්නද්ධ එදිරිවාදීන් මහා යුද්ධයක අද්දරට ම ගෙන එමිනි.

“නව දිල්ලියේ කිසිදු “ඒකපාර්ශවික” පියවරකින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬල යෝජනා තුල තහවුරු කෙරී ඇති පරිදි, කාෂ්මීරයේ “අර්බුදකාරී තත්වය වෙනස් කල නො හැකි බව පවසමින් ද ප්‍රතිප්‍රහාර දෙන බවට සපත කරමින් ද ජම්මු කාෂ්මීරය මත දැඩිවී ඇති ඉන්දියාවේ ග්‍රහනය ඉස්ලාමාබාදය විසින් හෙලාදැක ඇත. කෙටි වචන යෙදූ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයක්, “මෙම ජාත්‍යන්;තර අර්බුදයේ පංගුකාරයෙක් ලෙස පකිස්තානය, (ඉන්දියාවේ) නීති-විරෝධී පියවරයන්ට එරෙහිව හැකි සෑම විකල්පයක්ම භාවිතා කරන” බව ප්‍රකාශ කලේ ය.

ඉන් පසුව, ඉන්දියානු මහකොමසාරිස්වරයා කැඳවූ පකිස්තාන විදේශ ලේකම්වරයා” “ජාත්‍යන්තර නීතිය හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ යෝජනා කිහිපයක් උල්ලංඝනය කරන මෙම නීති-විරෝධී ක්‍රියාවන් පිලිබඳ පකිස්තානයේ ඒකායන ප්‍රතික්ෂේප කිරීම දැනුම් දුන්” සහ ශක්තිමත් දේශපාලනමය පියවර ලෙස ඉස්ලාමාබාදය විසින් විලක්ෂනය කල ලිපියක් ඔහුට භාර දුන්නේ ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් දුජාරික්ට අනුව, “සංයමයෙන් කටයුතු කරන” ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ ය. එක්සත් ජාතීන්ගේ මිලිටරි අධීක්ෂන කන්ඩායමක් විසින්, ඉන්දියානු හා පකිස්තාන පාලනයට යටත් කාෂ්මීර ප්‍රදේශ වෙන් කරන පාලන රේඛාව මත, මිලිටරි ක්‍රියාකාරීත්වයේ ඉහල යාමක් අධීක්ෂනය කොට, “වාර්තා කර” ඇතැයි දුජාරික් වැඩිදුරටත් කීවේ ය.

විධායකයේ නියෝගයන් මගින් ව්‍යවස්ථාව යලි ලිවීම දේශීය වශයෙන් ආන්ඩුවේ කටයුතු ගිනිගන්නා සුලු බවෙන් ඊට නොඅඩුය.

ජම්මු කාෂ්මීරයේ විශේෂීය තත්වය අහෝසි කොට, බෙදා මධ්‍යම ආන්ඩුවෙන් පාලනය කරන ප්‍රදේශ දෙකකට පරිවර්තනය කරන ලද්දේ, ව්‍යවස්ථාවේ සමහර කොටස් නීති-විරෝධී ව යොදාගනිමින් හා අනෙක් කොටස් ප්‍රතිරචනය කල ජනාධිපතිගේ නියෝගයක් සහ සඳදා යන්තම් පැය කිහිපයක් තුල පාර්ලිමේන්තුව තුලින් තල්ලු කරගත් යෝජනා දෙකක් හරහා ය.

5දාට පෙර, ව්‍යවස්ථාව සඳහන් කලේ” 370වන වෘත්තීය පන්තිය අහෝසි කරනු ලැබිය හැක්කේ “ජම්මු කාෂ්මීරයේ ආන්ඩුවෙහි කැමැත්ත ද” ඇතිව පමනක් බව ය. එහෙත්, 2018 ජුනි මාසයේ දී ප්‍රාන්තයේ ඡන්දයෙන් පත්වුනු ව්‍යවස්ථාදායකය අත්හිටුවා” එතැන් පටන් මධ්‍යම ආන්ඩුවෙන් පත් කල ආන්ඩුකාරවරයෙක් යටතේ පාලනය ගෙනගොස් ඇති ඉන්දියාවේ බීජේපී ආන්ඩුව, මෙම වගන්තිය ආන්ඩුකාරවරයාගේ “කැමැත්ත” පරිදි යනුවෙන් විධායක නියෝගය මගින් වෙනස් කල අතර, එහි අර්ථය වන්නේ එහි ම ප්‍රාදේශීය පාලකයාගේ “කැමැත්ත” ද සහිත ව යන්න යි. ජම්මු කාෂ්මීර ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන්ට දෙවියන්ගේ පිහිටයි!

ප්‍රාන්තයේ මහජනයාගේ කැමැත්ත විමසුවේ නැතිවා පමනක් නො වේ, සඳුදා බීජේපීය එහි ව්‍යවස්ථා කුමන්ත්‍රනය දියතත් කරන තෙක් ම” ජම්මු කාෂ්මීරයේ ව්‍යවස්ථාමය තත්වය වෙනස් කරන කිසිදු පියවරක් .ැන ආන්ඩුව ප්‍රසිද්ධියේ ඉඟිකලේ නැත. ප්‍රාන්තයට අතිරේක භටයන් දහස් ගනනක් දිගේලි කිරීම හා අමර්නාත් ගුහා දේවාලයට කරන වාර්ෂික හින්දු ආගමික සංචාර අවලංගු කිරීම සිදුකලේ, පකිස්තාන පිටුබලය ලත් කැරලිකරුවන්ගේ තර්ජනවලට ප්‍රතිචාර වසයෙන් බව එය කියාපෑවේ ය.

ජම්මු කාෂ්මීරයේ ස්වාධීනත්වය අහෝසි කිරීම සහ එය ඉන්දීය මධ්‍යම ආන්ඩුවට මුලුමනින් “ඒකාග්‍ර කිරීම” හින්දු දක්ෂිනාංශයේ දීර්ඝ-කාලීන ඉල්ලීම් වන අතර” නිල අනාගමික ඉන්දීය ජනරජය “හින්දු රාජ්‍යයක්” බවට පරිවර්;නය කිරීමට එය (හින්දු දක්ෂිනාංශය) දෙන තල්ලුවේ ඒකාග්‍ර කොටසකි.

ජම්මු කාෂ්මීරයට එරෙහි බීජේපී ආන්ඩුවේ ව්‍යවස්ථා කුමන්ත්‍රනයෙහි තවත් අභිප්‍රේරනයක් වන්නේ” වැටෙන පාරිභෝගික ඉල්ලුම” පලල් ව පැතිරුනු ගොවිජන අතෘප්තිය හා අගරු සංගත නය හේතුවෙන් ඇදවැටෙන බැංකු ක්ෂේත්‍රය ඇතුලු බහුවිධ අර්බුදයන් විසින් වෙලාගත් ඉන්දීය ආර්ථිකයේ හා විශේෂයෙන් ම කම්කරු පන්තියේ විරෝධය ඇතුලු සමාජ විරෝධය වැඩෙමින් පවතින කොන්දේසි යටතේ වාර්ගික ප්‍රතිගාමිත්වය හා යුදවාදී ඉන්දීය ජාතිකවාදය ඇවිලවීම යි.

අපේක්ෂා කල පරිදි ම, මෙතෙක් ඉන්දියාවේ එකම මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රාන්තයෙහි සුවිශේෂී තත්වය හා ප්‍රාන්තීය තත්වය බීජේපීය විසින් අහෝසි කිරීම උත්කර්ෂයට නැංවීම සඳහා ආර්එස්එස් හා ෂිව් සේනා වැනි අන්;-ජාතිකවාදී හා ආන්තික ෆැසිස්ට්වාදී බලකායන් වීදිවලට බැස්සේ ය.

ආන්ඩුවේ නීති-විරෝධී බලසෙල්ලම නිල විපක්ෂයේ පලල් කොටස්වල පිටුබලය ද දිනාගෙන ඇත්තෙ,” කොතරම් ඉවබව නැතිවන්ට වුවත් දකුනු ආසියාව තුල ඉන්දියාවේ ආධිපත්‍යය අවධාරනය කිරීම සඳහා පවතින ධාවනයට ඉන්දීය පාලක කවයන් තුල ඇති ශක්තිමත් සහයෝගය අවධාරනය කරමිනි. ව්‍යවස්ථාව මත මෝදි එල්ල කල, ක්ෂනික ප්‍රහාරයට” සහයෝගය දෙන්නවුන් අතරට බහුජන් සමාජ් පක්ෂය (බීඑස්පී)” ආම් ආද්මි පක්ෂය (ඒඒපී)” බිජු ජනතා දාල් (බීජේඩී) හා තෙලිඟු දේශම් පක්ෂය (ටීඩීපී) අයත් වූ හ.

“දුරදිග යන හා අන්තරායකාරී ප්‍රතිවිපාක”

කාෂ්මීර මුස්ලිම් ප්‍රභූවේ ඉන්දීය-හිතවාදී පක්ෂ දෙකෙහි නායකයෝ, මෝදිගේ ක්‍රියාවන් බෙදුම්වාදී මනෝගතියට තෙල් දැමීම පමනක් කරනු ඇතැයි අනතුරු අඟවමින් ප්‍රකාශ නිකුත් කල හ. 2018 වසන්ත සමය දක්වා ජම්මු කාෂ්මීරයේ බීජේපී-සහයෝගය ලත් සභාග ආන්ඩුවේ නායකත්වය දැරූ පීඩීපීයේ මෙහ්බූබා මෆ්ති ට්විටර් පනිවුඩයක මෙසේ ලිවී ය. (“370වන වගන්තිය ඒකපාර්ශවික ව අහෝසි කිරීමට ඉන්දීය ආන්ඩුව ගත් තීරන නීති-විරෝධී හා ව්‍යවස්ථා-විරෝධී වන අතර” එය ඉන්දියාව ජම්මු කාෂ්මීරය තුල වාඩිලාගත් (ආක්‍රමනික) බලයක් බවට පත්කරනු ඇත. එය සමස්ථ උප-මහාද්වීපයට ම ව්‍යසනකාරී විපාක ගෙන එනු ඇත‘”

මෝදි ආන්ඩුව මෆ්ති හා අබ්දුල්ලාගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග කරමිනි.

කාෂ්මීර ජනයාගේ අයිතීන් උල්ලංඝනය කිරීමේ හා කෲර ලෙස මර්දනය කිරීමේ තමන්ගේ ම දිගු ඉතිහාසයක් සහිත කොංග්‍රස් පක්ෂය” බීජේපීය විසින් ව්‍යවස්ථාව ප්‍රතිරචනය කිරීම “නීති-විරෝධී” යි හෙලාදකිමින්” ඉන්දියාවේ ප්‍රාන්තවල බලතල හා දේශසීමා මනාපීය පරිදි වෙනස් කිරීමට තිබෙන අයිතිය මධ්‍යම ආන්ඩුව විසින් තමන් වෙත පවරා .නිමින් සිටින්නේ යයි චෝදනා කිරීම සඳහා බටහිර බෙංගාලයේ ත්‍රිිනමුල් කොංග්‍රසය සමග එක් විය.

“අපි වැරදී ගිය අතිවික්‍රමයක් පූර්වාපේක්ෂා කලා” එහෙත් අපේ නපුරු ම සිහිනවල දී වත් මෙවන් විනාශකාරී පියවරක් ගැන සිතුවේ නැහැ. අද දිනය ඉන්දියාවේ ව්‍යවස්ථා ඉතිහාසයේ අඳුරු දිනයක්, යි ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායක පී. චිදම්බරම් කීවේ ය.

ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ දෙක වන ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි), බීජේපීයේ පියවරයන් ප්‍රාන්තවල අයිඩීන් හා ව්‍යවස්ථාව මත එල්ලවූ ප්‍රහාරයක් යයි ඒ හා සමාන ව හෙලාදුටුවේ, වාර්ගික ප්‍රතිගාමීත්වය දිරිමත් කිරීම හා ප්‍රජාතන්ත්‍රීීය අයිතීන් මත ප්‍රහාරය, සියල්ලටත් වඩා, ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයන් ඉලක්ක කරගන්නා බවට කිසිදු අනතුරු ඇඟවීමක් නො කරමිනි. දශක ගනනාවක් පුරා ඉන්දීය සංස්ථාපිතයේ ඒකාග්‍ර කොටසක් වන ස්ටලින්වාදී සීපීඑම් හා සීපීඅයි, පන්ති අරගලය මර්දනය කරමින් සහ නවලිබරල් ප්‍රතිසංස්කරනයන්ටත්” වොෂින්ටනය සමග “මූලෝපායික හවුල්කාරීත්වයකටත්, කැපවුනු කොංග්‍රස් පක්ෂයට හා අනෙකුත් දක්ෂිනාංශික පක්ෂවලට කම්කරු පන්තිය ගැටගැසීම මගින් හින්දු දක්ෂිනාංශයේ වර්ධනයට ආධාර හා අනුබල දී ඇත.

බීජේපීය විසින් වර්ගවාදය ඇවිලවීම හා විවෘතව හා වඩ වඩාත් නෛතික-ව්‍යවස්ථාමය සම්මතයන් බිඳීම, රට තුල වායු ගුල්මයක් ජනනය කරමින් රටින් පිටත කාෂ්මීරය මත ඉන්දියාවේ ආරෝහනයට හා නෛතික කියාපෑමට හානි කරනු ඇතැයි බිය වන පාලක පන්තියේ කොටස් වෙනුවෙන් කොංග්‍රසය කතා කරයි.

එහෙත් මෝදි ආන්ඩුව ගනන් බලන්නේ, කාෂ්මීරය තුල එහි ප්‍රකෝපකාරී පියවරයන් හා වාර්ගික ප්‍රතිගාමීත්වය ඇවිස්සීම, චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික ප්‍රතිබලයක් ලෙස උද්‍යෝගිමත් ව ඉන්දියාව දිරිමත් කරමින් සිටින” විශේෂයෙන් ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඇතුලු බටහිර බලයන්ගේ අත්ඇඹරවීමේ අවස්ථාවකට නො වැඩි දෙයක් වනු ඇති බව යි. ප්‍රවෘත්තීි වාර්තාවන්ට අනුව, නව දිල්ලිය සිටින්නේ, ඉන්දු-එක්සත් ජනපද ඒකාබද්ධ මිලිටරි මෙහෙයුම් සඳහා රාමුව සකසන “පදනම්” ලේඛන තුනෙන් තුන්වන සහ හා අවසාන ලේඛනයට අත්සන් ලැබීමේ අද්දර ය. එක්සත් ජනපද යුද යානා හා ප්‍රහාරක නෞකාවන්ට ඉන්දියාව දැනට මත් තම මිලිටරි කඳවුරු විවෘත කිරීමට එකඟ වී ඇත.

Share this article: