ට්‍රම්ප්: ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ දේශපාලන ශක්ති සම්පාදකයා

Trump: The political enabler of fascist violence

2019 අගෝස්තු 05

පසුගිය දින අට තුල එක්සත් ජනපදයේ සමූහ වෙඩි තැබීම් තුනක් සිදු වී ඇති අතර, ඉන් දෙකක් මෙම සති අන්තයේ පැය 12 ක් වැනි කෙටි කාලයක දී සිදු විය. කැලිෆෝනියාවේ ගිල්රෝයි (තුවක්කුකරු ඇතුලුව 4 දෙනෙක් මියගොස් 15 දෙනෙක් තුවාල ලැබූහ), ටෙක්සාස් හි එල් පැසෝ (20 දෙනෙක් මියගොස් 26 දෙනෙක් තුවාල ලැබූහ) සහ ඔහියෝ ප්‍රාන්තයේ ඬේටන් හි (තුවක්කුකරු ඇතුලුව 10 දෙනෙක් මිය ගිය, අතර 16 දෙනෙක් තුවාල ලැබූහ) මෙවැනි ඝාතන මේ රටේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් ව ඇත.

නැවතත්, සෑම විටම මෙන්, මාධ්‍යයන් ඛේදවාචකය සහ එමගින් එක් කර තිබෙන ප්‍රජාව පිලිබද සුලබ සූත්‍ර රොත්තක අවශ්‍ය මාත්‍රාව සමඟ ප්‍රතිචාර දක්වන නමුත්, සෑම බැරෑරුම් දේශපාලන ප්‍රශ්නයක් ම වසන් කරයි.

මෙම ප්‍රශ්න මොනවා ද?

පලමුව, ගිල්රෝයි සහ එල් පැසෝ හි සමූල ඝාතන සිදු වූයේ ට්‍රම්ප් සංක්‍රමනිකයින්ට හා වාර්ගික සුලුතරයන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය විවෘත ව උසිගැන්වීමේ පසුබිම ඉදිරියේ ය. එල් පැසෝ තුවක්කුකරු පැටි්‍රක් ක්‍රෘසියස් අන්තර්ජාලය තුල පල කල තම ප්‍රකාශනය මගින් ට්‍රම්ප් නිරවුල් කිරීමට ප්‍රබල උත්සාහයක යෙදුනද, ඔහු සහ අනෙකුත් ෆැසිස්ට් මනසක් ඇති පුද්ගලයින් ආන්ඩුවේ අනුග්‍රහය පිලිබඳ පූර්න අනුදැනුමෙන් යුක්ත ව ක්‍රියා කරන බවට කිසිදු සැකයක් නැත.

විරෝධතාකරුවෙකුට හිංසා කල ඕනෑම ආධාරකරුවෙකුට ඇප ලබා දෙන බව ප්‍රකාශ කලේ ද, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී “ඕනෑවට වඩා ප්‍රිය නොවන්න” යැයි පොලිසියෙන් ඉල්ලා සිටි අතර, සංක්‍රමනිකයන් නීති විරෝධී ලෙස රඳවා ගැනීම සම්බන්ධ චෝදනා මත උසාවියට අපහාස කිරීම උඩ වරදකරු කිරීමෙන් පසු ෂෙරිෆ් ජෝ ආර්පයියෝට සමාව දුන්නේ ද ට්‍රම්ප් විසින් ම ය. මීට මාස දෙකකට පෙර පැවති මැතිවරන ප්‍රචාරක රැලියක දී ට්‍රම්ප් දේශ සීමාවේ සරනාගත ඉල්ලුම්කරුවන් සමඟ කුමක් කල හැකි ද යන ප්‍රශ්නය මතු කල විට “ඔවුන්ට වෙඩි තියන්න!” යි ආධාරකරුවෙකු කෑ ගැසූ විට පුලුල් ලෙස සිනාසුනේ ය.

පසුගිය මාසය තුල, එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රචන්ඩත්වය උසිගැන්වීම තීව්‍ර කලේ ය. “කිසිම මිනිසෙකුට ජීවත් වීමට අවශ්‍ය නොවන” අපරාධවලින් පීඩා විඳි, මීයන්ගෙන් ආසාදිත නිරයක් ලෙස බැල්ටිමෝර් නගරයට පහරදීමෙන් පසු ලෝසවෙඅ සඳහන් කල පරිදි, “ට්‍රම්ප් ගින්දර සමග සෙල්ලම් කරමින් සිටින අතර ඔහු එය දනී.” ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් ගනන් බලන්නේ, “තම නිර්ලජ්ජිත ප්‍රකෝප කිරීම් දැනටමත් ප්‍රචන්ඩත්වය සඳහා දැවැන්ත විභවයක් සහිත අස්ථාවර දේශපාලන වාතාවරනයක් තීව්‍ර කරනු ඇති අතර,“ නීතිය හා සාමය ”ආරක්ෂා කිරීම සඳහා ඒකාධිපති බලතල ඉල්ලා සිටීමට ඔහුට හැකි වන පරිදි කොන්දේසි නිර්මානය කරනු ඇති බවයි.

මෙම වසර මුල දී මුස්ලිම් පල්ලි දෙකක දී පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කල නවසීලන්ත ක්‍රයිස්ට්චර්ච් සමූහ ඝාතකයාට ප්‍රශංසා කිරීමෙන් ආරම්භ වන පිටු හතරක ප්‍රතිපත්ති ප්‍රකාශනයක දී කෘසියස් සිය අභිචේතනය විස්තර කලේ ය. ඉන්පසු ඔහු ට්‍රම්ප්ගේ අසංඛ්‍යාත ප්‍රචාරක රැලි ප්‍රතිරාවය කරන භාෂාවෙන් මෙසේ ප්‍රකාශ කරයි, “මෙම ප්‍රහාරය ටෙක්සාස් හි හිස්පැනික් (ස්පාඤ්ඤ) ආක්‍රමනයට ප්‍රතිචාරයකි. උසිගන්වන්නේ ඔවුන් මිස මා නො වේ. ආක්‍රමනයක් මගින් ඇති කරන ලද සංස්කෘතික හා ජනවාර්ගික ප්‍රතිස්ථාපනයෙන් මම හුදෙක් මගේ රට ආරක්ෂා කරමින් සිටිමි. ”

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ උසිගැන්වීම්වලට වඩා වැඩි යමක් සම්බන්ධ වේ. එල් පැසෝ හි ඝාතකයා ප්‍රදර්ශනය කරන්නේ ධනවාදී ක්‍රමයට එරෙහි දුක්ගැනවිලි සඳහා ආයාචනයක් කරන අතර ම, දරුනු වර්ගවාදය හා සංක්‍රමන-විරෝධී උමතුව ඒකාබද්ධ කරන්නා වූ, පැහදිලි ව පෙනෙන ෆැසිස්ට් ප්‍රවනතාවක් එක්සත් ජනපදය තුල මතුවීම යි

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “ආදේශය” පිලිබඳ සඳහන කෘසියස්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ෆැසිස්ට් ස්වභාවය සංඥා කරයි. 2017 දී වර්ජිනියා ප්‍රාන්තයේ චාර්ලොටෙස්විලේ පාගමනේ ගිය සුදු ස්වෝත්තමවාදීහු “යුදෙව්වන් අපේ තැන නොගනු ඇත”යි හඬ නැගූහ. (එමෙන්ම “බොහෝ යහපත් මිනිසුන්” ඇතුලත් කරනු යි ට්‍රම්ප්ට පැවසූහ). යුරෝපීය නව නාසිවාදීන්, හා නවසීලන්ත තුවක්කුකරු බ්‍රෙන්ටන් ටැරන්ට් විසින් එකම භාෂාවක් යොදා ගනු ලබන්නේ, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ සුදු ජාතිකයින් වෙනුවට ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාවෙන් පැමිනි සංක්‍රමනිකයන් ආදේශ කිරීමට මහා ව්‍යාපාරිකයන් සහ / හෝ යුදෙව්වන් විසින් කුමන්ත්‍රනයක් දියත් කරන බව පවසමිනි.

තුවක්කුකරුගේ ප්‍රකාශය විරැකියාව, පහල වැටුප්, අධික ශිෂ්‍ය නය සහ කම්කරු පන්තියේ ජීවන තත්ත්වය පහත වැටීම ඇතුලු සමාජ දුක්ගැනවිලි සඳහා වාචාල ආයාචනයක් ඉදිරිපත් කරන්නේ, මෙම සියලු සංසිද්ධීන් සංගත ඇමරිකාව විසින් ඉහල වැටුප් සහිත ඇමරිකානු කම්කරුවන් වෙනුවට අඩු වැටුප්වලට විදේශීය ශ්‍රමිකයන් ආනයනය කර ආදේශ කිරීමේ කුමන්ත්‍රනයක් යැයි දෝෂාරෝපනය කරමිනි. ධනවාදී සමාජය තුල ඇති සමාජ බෙදීම් සඳහා ජාතිකවාදී සොරොව්වක් සැපයීමට උත්සාහ කරන ෆැසිස්ට්වාදයේ ලක්ෂනය ද මෙය යි. ඇමරිකාවේ වාර්ගික හා වර්ගය දරා ගැනනු දේශපාලනය නීත්‍යානුකූල කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඉටු කර ඇති කාර්යභාරය විමසා බැලීමෙන් තොර ව මෙම සංසිද්ධිය පිලිබඳ අවබෝධයක් ලබා ගත නො හැක.

ඓතිහාසික වශයෙන්, වර්ගවාදයට එරෙහි අරගලය සැමවිටම එහි යටින් පවතින අවජාතකත්වය හෙලිදරව් කිරීම හා සම්බන්ධ වී තිබේ. වර්ගය යනු සමාජ විශ්ලේෂනයේ අව්‍යාජ කාන්ඩයක් නොව, “මිශ්‍ර” විවාහයන්ගෙන් උපත ලැබූ ලමුන් හා තරුනයින් මිලියන ගනනක් සිටින තත්වයන් යටතේ බංකොලොත් භාවය වඩ වඩාත් පැහැදිලි ව පෙන්වන අවිද්‍යාත්මක ප්‍රබන්ධයකි.

ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලනඥයෝ සහ ඔවුන්ගේ දේශපාලන ඇල මාර්ග ලෙස සේවය කරන ව්‍යාජ වාම කන්ඩායම් ද භින්න හා වෙනස් “කලු” සහ “සුදු” වර්ග පවතින බව කියන කෘසියස් වැනි ෆැසිස්ට්වාදියෙකු තරම් ම මුරන්ඩු ය. ජෝර්ජියා ප්‍රාන්ත ආන්ඩුකාර ධුරය සඳහා තරඟ වැද පරාජයට පත් වූ ද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුල වඩ වඩාත් කැපී පෙනෙන්නා වූ ද ඩිමොක්‍රටික් අපේක්ෂක ස්ටේසි ඒබ්‍රම්ස් “අභ්‍යන්තර වාර්ගික වෙනස්කම්” ඇති බව ප්‍රකාශ කලේ, විදේශ කටයුතු පිලිබඳ ලිපියක, “‘කම්කරු පන්තිය’ ලෙස දන්නා පොදු කාන්ඩය” මත පදනම් දේශපාලනය හෙලා දකින අතර ම ය.

වර්ගය හා වාර්ගික බෙදීමේ දේශපාලනය නිර්දය ලෙස ප්‍රවර්ධනය කර ඇති නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත එල් පැසෝ ඝාතන පිලිබඳ තම ප්‍රවෘත්ති ලිපියේ සඳහන් කර ඇත්තේ ඔවුන් සුදු වර්ගයාට තර්ජනයක් ලෙස දකින, “සංක්‍රමනිකයින්, යුදෙව්වන් හා වෙනත් අයට එරෙහි වෛරය වෙනුවෙන් සමූහ ඝාතනයකට යොමු වූ “ අගතියට පත් සුදු ජාතිකයින්” ගැන ය. ටයිම්ස් උද්ධෘත කොමා නො මැතිව “සුදු මිනිසුන් ”සහ “සුදු වර්ගය” යන්න සඳහන් කරන්නේ, මෙම වර්ගීකරනයේ සුජාතභාවය මෙන් ම ට්‍රම්ප්ගේ වර්ගවාදය ප්‍රවර්ධනය කිරීම හුදෙක් “සුදු මිනිසුන්ගේ” මනෝගතීන් පිලිඹිබු කිරීමය යන්න තමන් පිලිගන්නා බව ප්‍රකාශයට පත් කරමිනි.

අවසාන වශයෙන්, එක්සත් ජනපදය තුල සමූහ ඝාතනවල ව්‍යාප්තිය පක්ෂ දෙක විසින් ම පසු ගිය වසර 30 තිස්සේ, විශේෂයෙන් ම 2001 9/11 ප්‍රහාරයෙන් පසු “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ආරම්භයේ සිට, ප්‍රචාරය කරන ලද ප්‍රචන්ඩත්වය හා මිලිටරීකරනයේ පොදු වාතාවරනය හා බැඳී ඇත. පැටි්‍රක් කෘසියස් ඉපදී තිබුනේ කොලොම්බයින් සිද්ධිය වු මොහෝතේ දී ම ය. ඔහුගේ සම්පූර්න ජීවිතය ම ගෙවී ඇත්තේ ලෝකයට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙය වනු ලබන අවසානයක් නැති ප්‍රචන්ඩත්වය මධ්‍යයේ ය.

ඇමරිකාවේ සමූහ මිනීමැරුම් සිදුවීම්වල වෙහෙස කරවන නිත්‍යතාවය, දැන් වෙන කවරදාකටත් වඩා සෘජුව ම අන්ත ප්‍රතිගාමි දේශපාලනය සමඟ සංයෝජනය වී ඇති, ගැඹුරු ලෙස ක්‍රියා විරහිත සමාජයක ප්‍රකාශනයකි.

ජාතිය පදනම් කරගත් ආයාචනා වලට වන සැබෑ ප්‍රතිවිරුද්ධය වන්නේ පන්තිය මත පදනම් වූ දේශපාලන අරගලයකි: එනම් ධනය අයිති කර ගන්නා වූ ද තම ධනය වැඩි කිරීමට වන තමන්ගේ පෙර නො වූ විරූ ඉල්ලීමවලට සමාජය යටත් කරන්නා වූ ද ධනපති අයිතිකරුවන්ගේ පුංචි සුළුතරයකට එරෙහිව, වැඩ කරන හා සමාජ ධනය නිර්මානය කරන සියලු දෙනා එක්සත් කිරීමේ අරගලයකි. අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයේ වර්ධනයට එරෙහි අරගලය ගෙන යා හැක්කේ ඩිමොක්‍රටිකයන්ගේ වාර්ගික දේශපාලනයේ පදනම මත නොව, සමාජවාදය සඳහා වන අරගලයේ පදනම මත ය.

පැට්‍රික් මාටින්

Share this article: