පෝටෝ රිකෝවේ දැවන්ත විරෝධතා

The mass protests in Puerto Rico

2019 ජූලි 24

පන් ලක්ෂයත් මිලියනයත් අතර පෝටෝ රිකෝනුවෝ එම දූපතේ ඉතිහාසය තුල විශාල ම පෙලපාලිය ට සහභාගී වීමට සඳුදා සැන් ජුවාන් අගනගරයේ වීදිවලට අවතීර්න වූහ. 500,000ක් වූ පහල අන්තයේ සංඛ්‍යාවේ පවා අර්ථය වනු ඇත්තේ එම භූමි භාගයේ මිලියන 3.2ක් වන ජනගහනයෙන් සියයට 16ක් සඳුදා විරෝධතාවට එක් වූ බව යි.

එම ප්‍රතිශතය ම එක්සත් ජනපද ප්‍රධාන භූමියට ගලපන විට විරෝධතාකරුවන් මිලියන 50ට සමාන වනු ඇති අතර, එය පාලක පන්තිය බිය වද්දන ඉදිරි දැක්මක් වන්නේ ය.

සති දෙකකට වඩා අඩු කාලයක දී, ගවේෂන මාධ්‍යෙව්දය සඳහා පෝටෝ රිකෝනු මධ්‍යස්ථානය ක්ෂනික පනිවුඩ පිටු 900ක් ප්‍රසිද්ධ කලේ කම්කරුවන් හා තරුනයන් වෙනුවෙන් පාලක පන්තියට ඇති පිලිකුල විස්තර කරමිනි. ජනමාධ්‍යවේදීන් විසින් මාධ්‍ය සංස්ථාපිතය ප්‍රතික්ෂේප කර සැබවින්ම පාලකයින්ගේ කූඨෝපාය වාර්තා කල අවස්ථාවේ, ගම්‍යයෝ විප්ලවවාදී ය.

විද්‍යුත් පනිවුඩයක් තුල, ආන්ඩුකාර රිකාර්ඩෝ රොසෙලෝ හා ඔහුගේ උපදේශකයෝ ශිෂ්‍ය විරෝධතාකරුවන් හෙලා දැක පෙලපාලිය කුඩුකර දැමීමට සැලසම් කරති, සංගත මිල දී ගත් උදාසීන මාධ්‍ය යොදා ගනිමින් ස්වාධීන මාධ්‍යෙව්දීන් නිශ්ශබ්ද කිරීමට සාකච්ඡා කරති, විරුද්ධ පාර්ශ්වය මොට කිරීමට ආන්ඩුව විසින් නිපදවන ලද ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරක වීඩියෝ පට බෙදා හැරීමට සැලැසුම් කරති, පොලිස් ප්‍රතිසංස්කරන අවහිර කිරීමට හා අනතුරුදායක මහජන පොදුකාර්‍ය පහසුකම් පාවිච්චි කිරීමට බල කෙරී සිටින දුප්පත් නගර වැසියන්ට අවමන් කිරීම ගැන කතා කරති.

බොහෝ කුපිත කරවන පනිවුඩය තුල, රොසෙලෝ 2017දී මරියා කුනාටුව දූපත විනාස කිරීමෙන් පසු, එක්සත් ජනපද ආන්ඩුව විසින් මරනයට අත් හැර දමන ලද කම්කරුවන් හෙලා දකියි.“අපි දැන් ඉන්නේ කාරනය සමීපයේ” යැයි රොසෙලෝගේ ප්‍රධාන විධායක නිලධාරී සොබ්‍රිනෝ වේගා පැවසීය, “අපගේ කාක්කන්ට කෑමට දීමට අපට මලකුනු නැද්ද?”

මෙම වාක්‍ය මිලියන ගනනාවක් පෝටෝ රිකෝනු පුද්ගලයන්ගේ මනසට වේගයෙන් ඇතුල් වී ඇත්තේ මාරි ඇන්ටොයිනෙට්ගේ උංට කේක් කන්න දීපල්ලා යන්නෙහි පෝටෝ රිකෝනු සදෘශය ලෙස ය. එය එවැනි පුපුරන කෝපයක් අවුලුවා ඇත්තේ දශක ගනනාවක් තිස්සේ පෝටෝ රිකෝනු සමාජයේ මතුපිටට යටින් ගොඩගැසෙමින් තිබෙන ප්‍රගාඪ ඓතිහාසික හා සමාජ දුක්ගැනවිලිවලට තට්ටු කරන බැවිනි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මුල් දවස්වල කොල්ල කන ලද භූමිභාගයක් මත, යටත් වැසියන්ට නියෝජිතයන් තෝරා ගැනීමට සැබෑ අයිතියක් නැති තැන, මහජනයා දේශපාලන සංස්ථාපිතයේ රූපරාමුවට පිටින් දුක්ගැනවිලිවලට පිලියම් සෙවීමට තීරන ගනිමින් සිටිති.

ඩෙමොක්‍රටික් පක්ෂය හා එහි මාධ්‍ය හොරනෑ වර්ගය හා අනන්‍යතාව පිලිබඳ ප්‍රශ්න විශාල වශයෙන් පින්තාරු කරමින්, විද්‍යුත් පනිවුඩය ප්‍රකාශ කිරීමෙන් පසු පුපුරා ඇති විරුද්ධත්වයේ පන්ති ස්වභාවය පහල දැමීමට උත්සාහ කර ඇත. “බහින් බස් වීම් හෙලිදරව් කලේ තරබාරු පුද්ගලයෙකු, දුප්පත් මිනිසෙකු, සමලිංගික පිරිමි පොප් තරුවක්, හා කාන්තාවන් කීප දෙනෙකු හොලා දුටු ප්‍රභූන්ගේ අහකාර ‘බ්‍රෝ’ සංස්කෘතියක්” (සම අය ඇසුරු කිරීමේ) බව සඳුදා නිව් යෝක් ටයිම්ස් සඳහන් කලේ ය.

සෑබෑ කාරනයේ දී, පෝටෝ රිකෝනු මිනිසුන්ගේ දුක්ගැනවිලි මුල් බැස ගන්නේ දැඩි දිලිඳුකම හා එක්සත් ජනපද අධිරජ්‍යවාදීන් විසින් දූපතේ කෙරෙන යත්විජිත සූරාකෑම තුල ය.

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ආසන්න වශයෙන් පුද්ගයන් 5,000ක් මරනයට ඇද දැමූ මරියා හා ඉර්මා සැඩ කුනාටුවලට පසු මහජනතාව අත් හැර දැමූ හ.

කුනාටුව පහර දුන් අවස්ථාවේ, මධ්‍යම හා ප්‍රාදේශීය ආන්ඩු මරන සංඛ්‍යාව ගැන මහජනයාට බොරු කිව් අතර ආධාර සැපයීමට මොන යම් හෝ සැබෑ උත්සාහයක් ගැනීම ප්‍රතික්ෂේප කලහ. ඒවා හුදෙක් පුද්ගලයන් 16දෙනෙකු “පමනක්” මරා දැමූ නිසා කුනාටු “සැබෑ විනාසයන්” නො වේ යැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කයිවාරු ගැසුවේ, ආන්ඩුවේ ප්‍රතිචාරය “අදහාගත නො හැකි ලෙස සාර්ථක” යැයි කියමිනි. සති කීපකට පසු ඔහු දූපතට ගුවනින් ගොස්, ඡායාරූපයකට පෙනී සිටියේ, බලාපොරොත්තු සුන් ව බලා සිටින්නන්ට, ඔහු නම් කල “ලස්සන, මෘදු කඩදාසි තුවා” විසි කරමිනි.

සදුදා, ට්‍රම්ප් ගින්නට තෙල් දැමුවේ, “අපි මහා වැඩක් කලා” යැයි එකතු කරමින් “පෝටෝ රිකෝනුවන්ට මෙතෙක් සිදු වූ හොඳම දේ” යැයි තමාට ම කියා ගිනිමිනි.

පාසල්, පාලම්, මාර්ග හා අනෙකුත් පොදුකාර්‍ය පහසුකම් 10,000ක සංඛ්‍යාවක් කුනාටුවලින් විනාස කෙරුනි. පසු ගිය සතිය වන විට, මධ්‍යම ආන්ඩුවේ හදිසි කලමනාකරන ඒජන්සිය විසින් අනුමත කෙරී තිබුනේ නැවත ඉදිකිරීම් ව්‍යාපෘති නවයක් පමනී.ආන්ඩුව ඉදිරියට යමින් සිටින්නේ පුද්ගලීකරනය හා දූපතේ වෝල් වීදි නයදෙන්නන්ට තුටු පඬුරු දීමට සමාජ වැඩසටහන් හා මහජන අධ්‍යාපනය කාබාසිනියා කරන්නා වූ වසර ගනනාවක් දීර්ග සැලස්මක් ඇතිව ය.

අර්බුද මත අර්බුද විසින් වික්ෂිප්ත කෙරුනු, ඇමරිකානු පාලක පන්තිය, එකම අත්‍යන්ත අසමානතාව හා දරිද්‍රතාවය සමාජ හා දේශපාලන ජිවිතයේ සියලු මූලිකාංගවල ආධිපත්‍ය ගන්නා, ප්‍රධාන භූමියේ දැවන්ත වැඩවර්ජන හා විරෝධතා උත්තේජනය කිරීමෙන් පෝටෝ රිකෝනු විරෝධතා නැවත්වීමට මංමුලා සහගත ය.

පෝටෝ රිකෝව පුරා ට්‍රම්ප් පුලුල් ලෙස වෛරයට පාත්‍ර වී ඇති යි යන කරුන නිසා, පෙලපාලි මර්දනය කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ ඩෙමොක්‍රටික් පක්ෂය මත ය.

නව ප්‍රගතිශීලී පක්ෂයේ(පීඑන්පී) සාමාජිකයෙකු වන, රොසෙල්ලෝ, ඩෙමොක්‍රටිකයෙකු මෙන් ම ඩෙමොක්‍රටික ආන්ඩුකාරවරුන්ගේ සංවිධානයේ සාමාජිකයෙකි. 2008 හිලරි ක්ලින්ටන් වෙනුවෙන් ද 2012 බරක් ඔබාමා වෙනුවෙන් ද ඔහු ඩෙමොක්‍රටික් ජාතික සම්මේලනයේ නියෝජිතයෙක් විය. පොටෝ රිකෝවේ ප්‍රධාන පක්ෂ දෙකේ ම ආධිපත්‍ය ගන්නේ ප්‍රධාන භූමියේ ඩෙමොක්‍රටිකයන් විසිනි.

සතියක් පුරා, ඩෙමොක්‍රටික් පක්ෂය තම ආන්ඩුකාරවරයාගේ නිර්දිෂ්ටය සම්බන්ධයෙන් නිහඬ වී සිටියි. සඳදා සවස් වරුව වන විට, විරෝධතාව විශාල බව පැහැදිලි වූ අවස්ථාවේ, නියෝගයක් නිකුත් කෙරුනු අතර සියලුම ප්‍රමුඛ ඩෙමොක්‍රටිකයන් පෙලපාලිවල පෙරමුනට පැන ගැනීමේ උත්සාහයක් ලෙස ට්වීටර් පනිවුඩ හා නො සැලකිලිමත් ප්‍රකාශන නික්තු කලේ ඒවා තම පාලනය යටතට ගැනීමට ය.

පෝටෝ රිකෝවේ ව්‍යාපාරය ප්‍රකාශ කරන්නේ ගෝලීය වැඩවර්ජන හා විරෝධතා රැල්ලේ ව්‍යාප්තිය හා තීව්‍රවීම යි. ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිගාමී කල්ලි දෙක අතර වොෂින්ටනයේ පවතින දේශපාලන අර්බුදයට ප්‍රතිචාර දැක්විමේ දී කම්කරු පන්තිය ගත යුතු මග මෙහි පවතී.

ට්‍රම්ප් එලඹෙන කම්කරු පන්තික අරගලයේ භෞතික/කායික විනාසය සඳහා සූදානම් වීම ඉලක්ක කෙරුනු ෆැසිස්ට් මූලෝපායක් වර්ධනය කරමින් සිටී. වෝල් වීදියේ පක්ෂයට වඩා අඩු දෙයක් නොවන, ඩෙමොක්‍රටිකයන් වද වෙන්නේ අන්තර්ජාලය වාරනය කිරීම,මිලිටරි හා ඔත්තුසේවා සංවිධාන ශක්තිමත් කිරීම, හා රුසියානු විරෝධී උන්මාදය හා ට්‍රම්ප් විදේශයන් හි එක්සත් ජනපද උවමනාවන් අප්‍රමානවත් ලෙස ක්‍රියාත්මක කරමින් සිටිතැයි යන උත්සුකය මත පදනම් ව ට්‍රම්ප්ට විරුද්ධත්වය එල්ල කිරීම සමගිනි.

මෑත මාසවල දී, ආසන්න වශයෙන් සෑම මහාද්වීපයක ම ඓතිහාසික ව පෙර නො වූ විරූ පරිමානයේ විශාල පෙලපාලි පැන නැගී ඇත. හොං කොං, ඇල්ජීරියාව, ප්‍රන්සය හා පෝටෝ රිකෝවල ජන සමූහයා මහා නගරවල මෙන් ම පැරනි යටත් විජිතවල ද වීදිවලට අවතීර්න වී සිටිති.

ඔවුන්ගේ භාෂා හා සංඥා වෙනස් වුවත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්,ආර්ථික සමානතාව පිලිබඳ ඔවුන්ගේ ඉල්ලීම් කතා කරන්නේ පිබිදෙමින් සිටින සමාජ බලවේගයක: එනම් ජාත්‍යන්තර කම්කරු පන්තියේ භාෂාව යි. සූරා කැවෙන, නයගැති, රැකියා නැති හා සුදුසු වැටුප් නො ලබන තරුනයෝ සමාජ අරගලයේ වැඩෙන ප්‍රවාහය තුල ප්‍රමුඛ කාර්භාරයක් ඉටු කරති. ලෝක ජනගහනයෙන් අඩක් අවුරුදු 30ට අඩු අය වෙති. පෝටෝ රිකෝවේ, රොසෙලෝගේ පනිවිඩය තම මිතුරන්ට හා කම්කරු සගයින්ට බෙදා හැරීමට සමාජ මාධ්‍ය යොදා ගත්තෝ තරුනයෝ ය.

විරෝධතාකරුවෝ රොසෙලෝ ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින් සිටිති. මේ දක්වා ආන්ඩුකාරවරයා එය ප්‍රතික්ෂේප කර ඇත. ට්‍රම්ප්ට එරෙහිව ඩෙමොක්‍රටිකයන් නායකත්වය දෙන දෝෂාභියෝගය මෙන් ම රොසෙලෝගේ ඉල්ලා අස්වීම පෝටෝ රිකෝවේ මෙන් ම එක්සත් ජනපද ප්‍රධාන භුමියේ කම්කරුවන් මුහුන දෙමින් සිටින තත්වය අතිමූලික ලෙස දියුනු නො කරනු ඇත.

අසමානතාව, නිල දූෂනය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයන්ගේ මූල හේතුව විසඳීමට ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලයක් තුල, තරුනයන්, මධ්‍යම පන්තියේ ප්‍රගතිශීලී කොටස් මෙහෙවමින්, ජාත්‍යන්තර කම්කරු පන්තිය පලල්ම අයුරින් බලමුලු ගැන්වීම අවශ්‍ය ය.

එරික් ලන්ඩන්

Share this article: