බ්‍රිතාන්‍යයේ මහ මැතිවරනය සහ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ එලඹෙන අරගලය

Britain’s general election and the coming struggle of the working class for socialism

ක්‍රිස් මාස්ඩන් විසිනි, 2019 දෙසැම්බර් 12

බ්‍රෙක්සිට් මුල්කරගෙන ඇතිව තිබෙන ව්‍යාජ බෙදීම් තිබියදීම, කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන්නේ, අති මූලික සමාජ ප්‍රශ්නවලටය, එනම්, පහත වැටෙන වැටුප්, මෘග සූරාකෑම, වැඩෙන විරැකියාව හා අත්‍යවශ්‍ය සමාජ සේවා විනාශයටය.

යුරෝපීය සංගමයේ (යුරෝපා සංගමයේ) සාමාජිකත්වය පිලිබඳ සිය මතභේද විසඳා ගැනීමට පාලක පන්තියේ තරඟකාරී කන්ඩායම්වලට ඇති නොහැකියාව නිසා, එක්සත් රාජධානියේ අද පැවැත්වෙන හදිසි මහ මැතිවරනය අවශ්‍ය විය. එහෙත්, සමාජවාදී සමානතා පක්ෂයේ පෙරදැකීම නිවැරදිය.

මෙය, “එක්සත් රාජධානියේ පශ්චාත් යුද ඉතිහාසය තුල, සමාජීය හා දේශපාලනික වශයෙන් වඩාත්ම ධ්‍රැවීකරනයවූ” මැතිවරනය වනු ඇති බවට සසප අනතුරු ඇඟවීය. මෙතෙක් සටන් වැදුන දූෂිතම මැතිවරනය මෙය බව බොහෝ විචාරකයෝ දැන් පිලිගනිති. දේශපාලන ආතතීන් කෙතරම් ඉහල මට්ටමකට නැඟ තිබේදැයි කිවහොත්, ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය රාමුව බිඳවැටීමේ අවදානමට ලක්ව ඇත. කෝටිපති රූපට් මර්ඩොක්ගේ සන් මාධ්‍ය ජාලය, “මාක්ස්වාදී විප්ලවයක” තර්ජනයට එරෙහිව නැගී සිටිය යුතු බව කියයි. ටෝරි ගැති ඬේලි ටෙලිග්‍රාෆ් පත්‍රය, “මෙම මැතිවරනය සැබවින්ම ධනවාදය රැකගැනීම”‍ පිලිබඳ ප්‍රශ්නය මතු කරන බව කියයි.

දේශපාලන ගැටුම්වල තීව්‍රතාවයට යටින් පවතින්නේ, පන්ති අරගලයේ ගෝලීය පිපිරීම තුල ප්‍රකාශ වීමට පටන්ගෙන ඇති, ඓතිහාසිකව පෙර නොවූ විරූ පන්ති අතර සමාජ ධ්‍රැවීකරනයකි.

ටියුනීසියාව, ඇල්ජීරියාව, සුඩානය, හොංකොං, පුවර්තෝ රිකෝ, හයිටි, ඊජිප්තුව, ඉක්වදෝරය, ඉරාකය, ලෙබනනය, කැටලෝනියාව සහ චිලී යන රටවල මිලියන සංඛ්‍යාත ජනතාවක් මේ වසර තුල වැඩ වර්ජන හා විරෝධතාවල නිරත වී තිබේ. යුරෝපයේ හදවත වන ප්‍රන්සයේ රාජ්‍ය අංශයේ වැඩ වර්ජනයක් සහ මහජන විරෝධතා ක්‍රියාමාර්ග හරහා පුපුරන සුලු‍ සිදුවීම් අපි දැන් දකින්නෙමු.

සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රිස් මාස්ඩන් (වමේ) සහ ජෙරමි කෝබින් (දකුනේ)

සෑම තැනකම සමාජ අසමානතාවයේ වර්ධනය, විප්ලවවාදී අරගලයන්හි නව අවධියේ ගාමක බලවේගයයි. බ්‍රිතාන්‍යය ද පන්ති ගැටුමක පැටලීම වැඩි ඈතක නොවන බවත් කම්කරු පන්තියට මුහුන දීමට සූදානම් විය යුතු බවත් පාලක පන්තිය තේරුම් ගෙන ඇත.

ලේබර් ජයග්‍රහනයකට විරුද්ධ වීම සඳහා ජනමාධ්‍ය විසින් දියත් කරන ලද උද්ඝෝෂනයේ රුදුරු බව පැහැදිලි කල හැක්කේ මේ ආකාරයට පමනි. ආර්ථික ව්‍යසනයක් පිලිබඳ දරුනු අනතුරු ඇඟවීම් හමුවේ, කෝබින් සහ “වම” යුදෙව් විරෝධීන් ලෙස නිරූපනය කිරීම සහ රබ්බිගේ සිට කැන්ටබරි අගරදගුරු දක්වා ද හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද එම්අයි 5 සහ එම්අයි 6 ද ඇතුලත් කල්ලියක් විසින්, ඔවුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස පෙන්නුම් කරනු ලැබේ. එය දේශපාලනිකව මෙහෙයවනු ලබන්නේ, කෝබින්ගේම පක්ෂයේ බ්ලෙයර්වාදී දක්ෂිනාංශය විසිනි.

මහ මැතිවරනයට සසප තමන්ගේම අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇත. අපගේ සටන පදනම්ව ඇත්තේ, කම්කරු පන්තියේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මතයි. එය මුල්බැස ඇත්තේ, එහි පාඩම් මගින් උගන්වනු ලබන, ඉතිහාසය කෙරෙහි ප්‍රගාඪ සැලකිල්ලක් දැක්වීම තුලය.

අපි ලේබර් පක්ෂයට ඡන්දය දෙන්නැයි ඉල්ලා නොසිටිමු. එසේ කිරීමෙන් කෝබින් සහ ලේබර් පක්ෂය පිලිබඳ මිත්‍යාවන් තවදුරටත් ශක්තිමත් වනු ඇත. ඒවා හෙලිදරව් කර විරේක කල යුතුය. කෝර්බින් බලයට පත්වුවහොත්, ග්‍රීසියේ සිරිසා කලාක් මෙන් කම්කරු පන්තියට පහර දෙන්නා තමාම වනු ඇත, නැතහොත් කම්කරු පන්තියේ දෑත් හා දෙපා බැඳ දමා චිලියේ සැල්වදෝර් ඇලෙන්ඬේ වැනි දේශපාලන ප්‍රතිගාමී බලවේගයන්ට බිලිදෙනු ඇත.

2015 දී කම්කරු නායකයා ලෙස තේරී පත් වූ දා සිට කෝබින් කප්පාදුව, මිලිටරිවාදය සහ යුද්ධය අවසන් කිරීම සඳහා පක්ෂයට එක් වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස විසුරුවා හැරීමට තමන්ට හැකි සෑම දෙයක්ම කර තිබේ. ලේබර් පක්ෂයේ සැබෑ මුහුනුවර පෙන්නුම් කරන නිරුවත් ව්‍යාපාරික හිතවාදී දේශපාලනය සහ යුදවාදය නිරූපනය කරන, බ්ලෙයාර්වාදී මන්ත්‍රීවරුන් පලවා හැරීමේ ඕනෑම දේශපාලන පියවරක් අවහිර කිරීමට ඔහු උත්සාහ කර තිබේ.

වෘත්තීය සමිති නිලධරය තම පාර්ශවයෙන්, කම්කරුවන්ගේ අරගල මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනු ඇති, කෝබින් ආන්ඩුවක් පිලිබඳව ඇති කර තිබෙන මිත්‍යාවන් මත විශ්වාසය තබා ඇත. තැපැල් සේවකයින් 110,000 ක් විසින් සැලසුම් කරන ලද වැඩ වර්ජනය සහ මැතිවරන කාලය තුලදීම විශ්ව විද්‍යාල කාර්ය මන්ඩලයේ 40,000 කගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද ඔවුන් විසින් කඩාකප්පල් කරන ලදී. දැන් ප්‍රන්සයේ ව්‍යාපාරයට සමගාමීව යන ලන්ඩනයේ ක්‍රියාත්මක වන දුම්රිය අංශ දෙකක් සම්බන්ධයෙන් ද එයම සිදුවනු ඇත.

සමාජවාදී කම්කරු පක්ෂය සහ සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාමාංශික කන්ඩායම්වල ප්‍රකාශයන්ට සසප විරුද්ධ ය. ඔවුන් කියන්නේ, කෝබින්ගේ නායකත්වය කම්කරු පක්ෂය අලු‍ත් කිරීමේ අපේක්ෂාව සහ ජාතික ප්‍රතිසංස්කරනවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇති බවයි. ඒ අතරම, කම්කරු පන්තිය සඳහා බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් ජාතික මාවතක් පිලිබඳ මිත්‍යාවන්ට අපි විරුද්ධ වෙමු. එම ප්‍රවනතාවන්ම, “වාම” කම්කරු ආන්ඩුවක් සඳහා බ්‍රෙක්සිට් විසින් පදනම සපයනු ඇතැයි කියා සිටින කෝබින්ගේ ප්‍රකාශය ප්‍රවර්ධනය කරයි..

ලේබර් පක්ෂය ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ ධනවාදී ගැති සහ අධිරාජ්‍යවාදය වෙනුවෙන් සේවය කල පක්ෂයකි. එය “වාමාංශික” නායකයෙකු තෝරා පත් කර ගැනීමෙන් හෝ සමාජවාදී විකල්පයක් සොයන නව සාමාජිකයින්ගේ පැමිනීමෙන් වුවත් පරිවර්තනය නොවනු ඇත.

කෝබින් සහ ඔහුගේ ආධාරකරුවන් පිලිබඳ අපගේ විවේචනය පදනම් වී ඇත්තේ සමකාලීන ධනවාදයේ යථාර්ථයන් මත ය. විද්‍යාවේ හා තාක්‍ෂනයේ දියුනුව නිෂ්පාදනයේ ගෝලීයකරනය වර්ධනය කරමින් යල්පැනගිය ජාතික කම්කරු සංවිධානවලට ද පන්ති ප්‍රතිවිරෝධය මැඩපැවැත්වීම සඳහාවූ ආර්ථික නියාමනය කිරීමේ ඔවුන්ගේ වැඩසටහනට ද වල කපා ඇත. ගෝලීය තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා කම්කරු පන්තිය මත ම්ලේච්ඡ සූරාකෑමක් පැනවීමේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සහ වෘත්තීය සමිති ඔවුන්ගේ පාලක පන්තියේ සෘජු උපකරන බවට පරිවර්තනය කිරීමට හේතු වී ඇත්තේ මෙය මිස ඒ හෝ මේ නායකයාගේ ගුනාංග නොවේ.

බ්‍රෙක්සිට් පිලිබඳව සසප අවධාරනය කල පරිදි 2016 ජනමත විචාරනය, ගැඹුරු වෙලඳ යුද්ධය හමුවේ එක්සත් ජනපදය හෝ යුරෝපය සමඟ මිත්‍ර විය යුතුද යන්න මත වෙනස් වන නමුත් කම්කරු පන්තියට සතුරු, දක්ෂිනාංශික ධනවාදී කන්ඩායම් දෙකක් අතර ව්‍යාජ දෙබිඩි “තේරීමක්” ඉදිරිපත් කලේය. “තැචර් විප්ලවය” ලෙස ඔවුන් ප්‍රශංසනීය ලෙස හැඳින්වූ දේ ගැඹුරු කිරීමට ඔවුන් සිය මනාපය දැක්වූහ. අප කියා සිටියේ, බ්‍රෙක්සිට් හෝ යුරෝපා සංගමයට සහ එහි කප්පාදු, සංක්‍රමන විරෝධී ක්‍රියාමාර්ග, අධිකාරීවාදී පාලනය සහ අන්ත දක්ෂිනාංශික වර්ධනය යන ප්‍රතිපත්තිවලට සහාය නොදැක්විය යතු බවයි. ඉදිරි මාවත වුනේ එයයි. ඒ සඳහා අප අවධාරනය කලේ, යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා මහාද්වීපයේ කම්කරුවන්ගේ එක්සත් අරගලයක අවශ්‍යතාවයි.

යුගයේ මූලික ප්‍රශ්නය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය ලෙස ලියොන් ට්‍රොට්ස්කි විසින් හඳුනාගත් දෙය විසඳීමේ අරමුනින් අපි කම්කරු පන්තියේ සහ තරුන පරම්පරාවේ වඩාත්ම දියුනු කොටස් වෙත නැඹුරු වෙමු. එම ඉදිරිදර්ශනය සඳහා වන අරගලය මහ මැතිවරනයෙන් පසුව සිදුවන දේශපාලන හා සමාජ අරගල සඳහා අත්‍යවශ්‍ය සූදානමකි.

කෝබින් බහුතරයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් හෝ තවත් අඩමාන පාර්ලිමේන්තුවක් බිහිවන්නේ නම්, කොන්සවේටිව් පක්ෂයේ ටෝරීන් විසින් කම්කරු පන්තියට එරෙහිව අසීමිත රුදුරු ප්‍රහාරයක් දියත් කරනු ඇත. සමිති සාමාජිකයින්ගෙන් සියයට 95 කට වැඩි පිරිසකගේ සහාය ඇතිව රාජකීය තැපැල් සේවකයින් විසින් සැලසුම් කරන ලද වැඩ වර්ජනයට එරෙහිව දෙවරක් අධිකරන තීන්දු ලබා දීමෙන්, සැලසුම් කෙරෙමින් ඇති දේ පිලිබඳ ඇඟවීමක් සපයයි. සවුත් වෙස්ටර්න් දුම්රිය කම්කරුවන් විසින් ගෙන තිබෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයට එරෙහිව, පොදු ප්‍රවාහන සේවයේ සියලු‍ වැඩ වර්ජන තහනම් කරන බවට ජොන්සන් තර්ජනය කිරීමෙන් අනතුරුව මෙය සිදුවිය.

එවැනි වැඩ වර්ජන තහනම් කිරීමේ අර්ථය කුමක්දැයි ප්‍රන්සය තුල දැකිය හැකිය. එහිදී මැක්‍රොන් ආන්ඩුව වර්ජකයන්ට සහ කහ බැනියම් විරෝධතාකරුවන්ට එරෙහිව යලි යලිත් කැරලි මර්දන පොලිසිය බලමුලු‍ ගන්වයි. පශ්චාත්-බ්‍රෙක්සිට් සිවිල් නොසන්සුන්තාවයක දී කැරලි මර්දන පොලිසියේ 10,000 කගේ සහාය ඇතිව නිත්‍ය සහ සංචිත භටයන් 50,000 ක් සූදානම් කරමින් යෙලෝහැමර් මෙහෙයුමේ දී එක්සත් රාජධානිය තුල සූදානම් කෙරෙමින් ඇති කඩාපැනීම්වල පරිමානය පෙන්නුම් කර තිබේ.

ලේබර් පක්ෂයේ පරාජයක් කෝබින් ඉවත් කිරීමට හේතු වන අතර පක්ෂය තුල බ්ලෙයාර්වාදීන්ගේ නැගීමට කොන්දේසි සකසනු ඇත. කෝබින් දිනුවහොත් මෙම ප්‍රහාරයේ ස්වරූපය පමනක් වෙනස් වේ. කෝබින්ගේ නාසය යට මාස ගනනාවක් තිස්සේ සූදානම් වෙමින් සිටින බ්ලෙයාර්වාදීන්, පක්ෂය බෙදීමට සහ දක්ෂිනාංශික පක්ෂ ප්‍රතිසංවිධානයක් සඳහා පදනම නිර්මානය කිරීමට පියවර ගනු ඇත.

කෝබින්ගේ ප්‍රතිචාරය, කම්කරු පන්තියට පහර දෙන ප්‍රධාන සමාගම්වල සහ ලන්ඩන් නගරයේ ප්‍රමුඛ ව්‍යාපාරවලට කීකරු වෙමින් ඔහුගේ විරුද්ධවාදීන් සතුටු කිරීමට උත්සාහ කිරීමයි. ඔහුගේ අසීමිත අශිෂ්ඨත්වය සහ මූලධර්ම විරහිතකම පිලිබඳ වැඩිදුර සාක්ෂි අවශ්‍ය නම්, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ ඔත්තු බැලීමේ චෝදනා මත ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහිවීම කෝබින් විසින් ප්‍රතික්ෂේප කිරීම තුල දැකගත හැකිය. ටෝරි පාලනයට විකල්පයක් ලෙස කෝබින්ගේ ලේබර් පක්ෂය හුවා දක්වන ඕනෑම මිත්‍යාවක්, නිමක් නැති කප්පාදුව සහ ගෝලීය මිලිටරි ප්‍රචන්ඩත්වය මඟින් ඉදිරි සති හා මාසවලදී දරුනු ලෙස ප්‍රතික්ෂේප කරනු ඇත.

එපමනක් නොව පාලක පන්තිය තුච්ඡ පාර්ලිමේන්තුඋපක්‍රමවලට පමනක් සීමා නොවනු ඇත. එය කම්කරු පන්තියට එරෙහි ප්‍රති-විප්ලවවාදී ප්‍රචන්ඩත්වයට සූදානම් වෙමින් සිටී. 2015 දී ඔහු නායකත්වයට පත්වූ විගසම කෝබින්ට තර්ජන එල්ල වුනේ, “ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරුන් සම්බන්ධ වුන කැරැල්ලක සැබෑ සිද්ධියකට ”‍ ඔහුට මුහුන දීමට සිදුවිය හැකි බවටය. නම් සඳහන් නොකල “‍සේවයේ නියුතු බ්‍රිතාන්‍ය ජෙනරාල්වරයකු” විසින් එසේ ප්‍රකාශ කර තිබුනි.

දෙසැම්බර් 13 වන දින කුමන පක්ෂයකට බහුතරයක් හිමිවුව ද මැතිවරනය, උත්සන්න වන පන්ති අරගලයේ වේදිකා සැකැස්මක් පමනක් වනු ඇත. පාලක ප්‍රභූ පැලැන්තියේ කුමන්ත්‍රන පරාජය කිරීමට අවශ්‍ය මාධ්‍යයන් ඉදිරිපත් කල හැක්කේ, වඩාත්ම බලගතු සමාජ බලවේගය වන බ්‍රිතාන්‍ය, යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයකට පමනි. සත්‍යය පැවසූ එකම සංවිධානය සමාජවාදී සමානාතා පක්ෂය පමනි. මහා ව්‍යාපාරිකයින්ට සහ එහි පක්ෂවලට එරෙහිව ප්‍රති ප්‍රහාරය එල්ල කල හැකි හා සමාජවාදය සඳහා සටන් වදින මෙම පක්ෂය ගොඩ නැගීමට එක්වන ලෙස අපි සියලු‍ කම්කරුවන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: