වෙනිසියුලාවට අත නොතබනු!

Hands off Venezuela!

2019 පෙබරවාරි 5

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභිෂේක ලත් “අන්තර්වාර ජනාධිපති” ලෙස ජුවාන් ගුවායිඩෝගේ අප්‍රසන්න සහ අපහාසාත්මක ස්වයං දිව්රුම් දීමේ සිට ආසන්න වශයෙන් සති දෙකක කාලය තුල එජ අධිරාජ්‍යවාදය ප්‍රධාන යුරෝපානු බලවතුන්ගේ, කැනඩාවේ සහ ලතින් ඇමරිකානු දක්ෂිනාංශික ආන්ඩුවල ආධාරය ඇතුව වෙනිසියුලාව වටා නාස්ලනුවක් තිරසාර ලෙස තදකොට ඇත.

සඳුදා, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රන්සය, ස්පාඤ්ඤය සහ අනෙකුත් යුරෝපීය බලවතුන්ගෙන් බොහෝමයක් වෙනිසියුලාවේ ජනාධිපති ලෙස අන්ත දක්ෂිනාංශික වොලියුන්ටඞ් පොපියුලර් පක්ෂයේ (මහජන කැමැත්ත යන පක්ෂයේ) දේශපාලන මෙහෙයුම් කරුවකු වන ගුවායිඩෝ හදුනාගනිමින්, වොෂිංටනයේ මග පෙන්වීම අනුගමනය කලේය.

එජ සහය ලත් කුමන්ත්‍රන ප්‍රයත්නය ආරම්භ වීමට මත්තෙන් සති තුනකට අඩු කාලයක් ජාතික සභාවේ සභාපති ලෙස පත් කිරීමට පෙර සැබවින්ම දේශපාලනිකව කිසිවෙක් නොදැන සිටි ඔහු සීඅයිඒ ඒජන්සියේ අංකුරයක් වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික පරිත්‍යාගය යන සංවිධානය මගින් අධාර ලද වර්ජීනියා හි ලැන්ග්ලේ වල රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ සීඅයිඒ මූලස්ථාන වල ඇති ශාලාවල ඔහු හොඳින් ප්‍රසිද්ධ අතර එජ විසින් මූල්‍යාධාර සපයන ලද “වර්න විප්ලවයේ ” ක්‍රමවේදයන් හෙඳින් පුහුනු වී ඇත.

වෙනිසියුලාවේ නීත්‍යානුකූල ජනාධිපති ලෙස එබඳු මහජන ඡන්දයෙන් තෝරාපත් නොවූ පුද්ගලයෙකු ප්‍රකාශයට පත්කිරීමට වූ යුරෝපා බලවතුන්ගේ හදිසිය, වෙනිසියුලාව සෘජුවම ආක්‍රමනය කිරීමට හෝ එය ලේ වැකි සිවිල් යුද්ධයකට ඇද දැමිය හැකි මිලිටරි කුමන්ත්‍රනයකට පෙලඹවීමට හෝ වොෂිංටනය සූදානම් වන හෙයින් මෙම ග්‍රහලෝකයේ විශාලතම සංචිත පවතින බවට සනාථ වී ඇති වෙනිසියුලාවේ තෙල් සඳහා වූ පොරයෙන් තමාව ඉවත් කරනු ඇති බවට යුරෝපානු අධිරාජ්‍යවාදීන් තුල පවතින භීතිකාව මගින් ධාවනය වේ.

වොෂිංටනයේ සම්පූර්න සාපරාධී ක්‍රියාවකට සහය දීම තුල යුරෝපානු අධිරාජ්‍යවාදීන් අප්‍රිකාවේ, මැද පෙරදිග සහ ඊට එහා තමාගේම අපරාධයන් සඳහා පූර්න ඉඩ කඩ ලබා ගැනීම පිලිබඳ ගනන් බලමින් සිටී. ඒ සමගම තමාගේම “පිටුපස මිදුලේ” නිර්බාධිත ආධිපත්‍යය නැවත වරක් තහවුරු කර ගැනීමට වොෂිංටනය උත්සාහ දරමින් සිටින කොන්දේසි යටතේ එජ සහ චීනය යන දෙකම අභිබවමින් ලතින් ඇමරිකාව තුල පවතින තමාගේම ප්‍රාග්ධන ආයෝජනයන් සඳහා වන උත්සුකතාවයෙන්, වෙනිසියුලාව බෙදා ගැනීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් රඟ දැක්වීම දෙසට ඔවුන් ධාවනය වේ.

වෙනිසියුලාවට එරෙහි කුමන්ත්‍රනය ලෝකයේ වාච්‍යාර්ථයෙන්ම කොල්ලකාරී ක්‍රියාවක් වන අතර සම්පූර්නයෙන්ම කොල්ලකාරිත්වය අත්හදා බැලීමකි. එජ රූකඩයෙකු වන ගුවායිඩෝ වෙනුවෙන් යැයි පෙන්වමින් එජ මත පදනම් වූ සිට්ගෝ නම් පිරිපහදු සහ බෙදා හැරීමේ සමාගමද ඇතුලුව එජ තුල වෙනිසියුලානු ආන්ඩුවේ වත්කම් වොෂිංටනය විසින් අත්පත් කර ගෙන ඇත. ඔහුගේ පැත්තෙන්න් එම රූකඩයා, රටේ මූලෝපායත්මක තෙල් සංචිත සෘජු පාලනයට සහ ඒවා ඇමරිකානු බලශක්ති සංගතයන් විසින් සූරාකෑමට විවෘත කරනු ඇති එජ සහය ලත් තන්ත්‍රයක් සඳහා වූ ආර්ථික සැලැස්මක් ප්‍රසිද්ධියේ නිවේදනය කොට ඇත.

සිය ඉලක්කය වනුයේ වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිත එජ බලශක්ති සංගතයන්ගේ පාලනයට නතු කර ගැනීම ය යන කරුන පිලිබඳ එජ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිසිදු ප්‍රකාශයක් සිදු කොට නොමැති අතර එවිටම වොෂිංටනය තමන් විසින් ගෝලීය යුද්ධයකට සූදානම් වන “මහා බලවතුන්” වන රුසියාව හා චීනය යන රටවල් දෙක වෙනිසියුලාව තුල පවතින බලපෑම පසුපසට තල්ලු කර දමමින් සිටියි. මෙම ඉලක්කය ලතින් ඇමරිකාව තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක යුද පිටියක් බවට හැරවීමේ තර්ජනය මතුකරයි.

සාපරාධිත්වය සහ කොල්ලකාරිත්වය ක්‍රියාත්මක කිරීමේ මෙම ක්‍රියාව සදහා වහන්තරාවක් ලෙස වර්ධනය කොට ඇති පරන සෙල්ලම වනුයේ වොෂිංටනය වෙනිසියුලාවේ “ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා සහය දක්වමින් සිටින බවත් එහි සිටින ජනතාවගේ “මානුෂීය සහන ” පිලිබඳ උනන්දු වන බවත්ය. කිසිවකු, අඩු තරමින් සියලු වෙනිසියුලානු ජනතාවම හෝ, එබඳු බොරු විශ්වාස නොකල යුතුය. එම එජ ආන්ඩුවම සිය විරුද්ධවාදීන් දහස් ගනනක් ඝාතනය කල සහ දස දහස් ගනනක් සිරගත කල ඊජිප්තුවේ ජෙනරල් සිසී බඳු තන්ත්‍රයන්ට එමෙන්ම සවුදි අරාබියේ රාජකීය කුමරු මොහොමඞ් බින් සල්මාන්ගේ ඝාතක රාජාන්ඩුව බඳු ඒවාට කොන්දේසි විරහිතව සිය සහය දී ඇත.

ගුවායිඩෝ සහ වොලියුන්ටඞ් පොපියුලර් පක්ෂයේ කැමැත්ත යටතේ බලය සංස්ථාපනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය මල් පල ගැන්වීමක් නොව ඒ වෙනුවුට කප්පාදු පියවරයන්ට සහ මර්දනයට වෙනිසියුලානු කම්කරු පන්තියේ ප්‍රතිවිරෝධය ලෙයින් යටපත් කිරීම පලමු කාර්යය වනු ඇති, ජාත්‍යන්තර ඹූල්‍ය අරමුදලේ හා වෙනිසියුලානු සංගත කතිපයාධිකාරයේ දක්ෂිනාංශික ආඥදායකත්වය පැනවීමේ සංඥාවක් වනු ඇත.

වෙනිසියුලානුවන්ට ආහාර සහ බෙහෙත් සැපයීමේ ක්ෂනික මානුෂීය අවශ්‍යතාවයන් මගින් තමා මෙහෙයවන බවට ප්‍රකාශ කරන අතරම, වොෂිංටනය මිලියන 16 ක් යේමන් වැසියන් හාමතේ අද්දරටම ඇද දැමූ සමූල ඝාතනයකට ආසන්න යුද්ධයක් සඳහා තීරනාත්මක සහය ලබා දීම දිගටම සිදු කර ගෙන යයි.

මෙම මානුෂවාදී ප්‍රයෝගය දැන් ඉහල තත්ත්වයක් දක්වා ගමන් කරමින් සිටී. පසුගිය සඳුදා, ලතින් ඇමරිකාවේ වඩාත්ම දක්ෂිනාංශික ආන්ඩු දෙක විසින් පාලනය කරන කොලොම්බියාවේ සහ බ්‍රසීලෙයේ දේශ සීමා මත ස්ථාපනය කල සහ යූඑස්ඒඅයිඩී විසින් සංවිධානය කල ආහාර සහ වෛද්‍ය සැපයුම් රට තුලට ගෙන ආ යුතු බවට බලකර සිටීමට “දැවැන්ත බලමුලුගැන්වීමක්” තමන් විසින් කැඳවනු ඇති බවට ගයිඩෝ නිවේදනය කලේය.

මෙම “ආධාර” වල වනුයේ හමුදාමය මැදිහත් වීමකට කඩතුරාවක් සපයනු ඇති වෙනිසියුලානු මිලිටරිය ඇතුලත බෙදීමක් හෝ රටෙහි දේශසීමාවන් වල ගැටුමක් සඳහා පෙලඹවීම වන බවට වූ සාධකය වහන් කිරීමට වූ උත්සාහයක් පවා නැත.

වෙනිසියුලාව තුල සහ ජාත්‍යන්තර පරිමානව කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී ප්‍රකෝපකරනය පිලිකුලෙන් බැහැර කල යුතු අතර, ලතින් ඇමරිකානු රට උප යටත් විජිතයක් බවට හැරවීම දෙසට ඉලක්ක ගත වූ එජ අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එරෙහිව වෙනිසියුලාව ආරක්ෂා කිරීමට සියු පූර්න ශක්තිය බලමුලු ගැන්විය යුතුය.

අධිරාජ්‍යවාදී ආක්‍රමනයට එරෙහිව පීඩිත රටක් වන වෙනිසියුලාව ආරක්ෂා කිරීම කිසිදු අයුරකින් නිකොලොස් මදුරෝගේ ආන්ඩුව හා චවිස්මෝගේ උරුමය හෝ දිදුලන වර්නයන්ගෙන් පින්තාරු කිරීමක් ඉල්ලා නොසිටී.

ලෝක ධනේශ්වර අර්බුදය සහ වොෂිංටනය විසින් පැනවූ වඩ වඩාත් ඉහල යන දන්ඩනීය සම්බාධක වෙනිසියුලානු කම්කරු පන්තියේ ජීවන තත්ත්වය විනාශ කරන අතර මදුරෝ යටතේ වෙනිසියුලාවේ ආන්ඩුව ඔහුගේ පූර්වගාමී හියුගෝ චාවේස් යටතේ තිබූ පරිදිම පෞද්ගලික දේපල ආරක්ෂා කරන සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අභිලාෂයන් පිලිගනු ලබන ධනේශ්වර ආන්ඩුවක් විය. ජනාධිපතිවරු දෙදෙනා යටතේම ආන්ඩුවේ කොන්ත්‍රාත්, මූල්‍ය සමපේක්ෂනය සහ දූෂනය මගින් මඩිය තරවූ ඊනියා “බොලිබුර්ගේසියා”නම් වෙනිසියුලානු පාලක පන්තියේ නව ස්ථරයක වර්ධනයට ආන්ඩුව විසින් පෝෂනය සපයනු ලැබීය.

චාවේස් යටතේ මේ ආන්ඩුවට වෙනිසියුලාවේ අන්ත දරිද්‍ර ජනතාව වෙනුවෙන් සමාජ උපකාර සඳහා මුදල් යෙදවීමට තෙල් සහ සැපයුම් වලින් ලැබෙන ආදායමේ කොටසක් හරවා යැවීමට හැකිවූ නමුත් ගැඹුරු වන ලෝක ධනේශ්වර අර්බුදය සහ තෙල් මිල කඩා වැටීම මෙම වැඩසටහන් පුලුල් ලෙස තුනී කර දැමීය. ආර්ථික අර්බුදයේ සම්පූර්න බර වෙනිසියුලානු කම්කරු පන්තියේ පිට මත පැනවූ අතර ආන්ඩුව සිය මර්දනය සිය දක්ෂිනාංශික විරුද්ධවාදීන්ට එරෙහිව නොව සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කරන කම්කරු පන්තියට එරෙහිව වඩ වඩාත් දිශා ගත කොට ඇත.

ආර්ථික සහ සමාජ ආර්බුදයේ මාවතින් එලියට පැන ගැනීමට නොහැකි වෙනිසියුලානු ධනේශ්වරය සහ, තවමත් ධනේශ්වර පර්යායට විප්ලවවාදී අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වෙනිසියුලානු කම්කරු පන්තිය, මත චාවේස් සහ මදුරෝ ආන්ඩු වඩ වඩාත් බොනපාට්වාදී ස්වරූපයක් අත් කර ගත් අතර ඒවා අවසාන විග්‍රහයේදී පදනම් වූයේ වොෂිංටනය දැන් ආලවට්ටම් දමන හමුදා සහ ආරක්ෂක බල ඇනි මතය.

වෙනිසියුලාව අධිරාජ්‍යවාදී මැදිහත්වීමට සහ කොල්ලකෑමට ඇදහෙලා ඇති මෙම ආන්ඩුවල ගති ස්වභාවය සහ පිලිවෙත් වනුයේ එයයි. මදුරෝ දක්ෂිනාංශික විරුද්ධවාදින්ට සිය කන්නලව්ව යොමු කොට ඇති අතර ට්‍රම්ප්ට “සාකච්ඡා” සඳහා ඇරයුම් කොට ඇත. එමෙන්ම වඩාත් මෑතකදී ඔහු වෙනිසියුලාව තුල කිතුනු අභිප්‍රාය වෙනුවෙන් සේවය කරන බව අවධාරනය කරමින් පාප් වහන්සේට කන්නලව් කලේය.

මෙම ආන්ඩුව කම්කරු පන්තියට ආයාචනා කිරීමට අසමත්ය. එය අධිරාජ්‍යවාදී මැදිහත් වීමකට එරෙහිව මහජනතාව සන්නද්ධ වීම කෙරෙහි බිය වේ. එජ අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී ක්‍රියාවන්ට එකට එක කිරීමක් වශයෙන් චෙව්රොන් සහ හැලිබර්ටන් ඇතුලු වෙනිසියුලාව තුල සැලකිය යුතුතරම් විදේශ ධනේශ්වර වුවමනාවන්ගේ භුක්තිය පැහැර ගැනීමට එම ආන්ඩුවට අදහසක් නැත.

වෙනිසියුලාව තුල දිගහැරෙමින් පවතින භයානක අර්බුදයට එකම ප්‍රගතිශීලී විසඳුම මහජනතාව සන්නද්ධ කිරීම, ධනපති දේපල සහ විදේශ ප්‍රාග්ධන සමාගම් අල්ලා ගැනීම සහ රටේ දැවැන්ත තෙල් සම්පත මහජන පාලනය යටතට පත්කිරීමට සටන් කරන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත් වීමක් සමග සම්බන්ධව පවතී.

එබඳු අරගලයක් සාර්ථකව දියත් කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධතාවය හරහා පමනි. එක්සත් ජනපදය, යුරෝපය සහ කැනඩාව තුල කම්කරුවන් වෙනිසියුලාවේ ප්‍රතිගාමී සහ කොල්ලකාරී අධිරාජ්‍යවාදී මැදිහත් වීමට විරුද්ධ විය යුතු අතර පොදු සතුරා වන ලෝක ධනේශ්වර පද්ධතියට එරෙහිව වෙනිසියුලාව සහ ලතින් ඇමරිකාව පුරා කම්කරුවන් සිය අරගලයන් සමඟ ඒකාබද්ධ කිරීමට සටන් වැදිය යුතුය.

බිල් වෑන් ඕකන්

Share this article: