ශ්‍රී ලංකාවේ සසප, රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ දෙමල සංස්කරනය දියත් කිරීම නිමිත්තෙන් ප්‍රසිද්ධ රැස්වීම් පවත්වයි

The Russian Revolution and the Unfinished Twentieth Century published in Tamil

2019 පෙබරවාරි 7

1917 රුසියානු විප්ලවය ද පසු කාලයේදී සෝවියට් සංගමය පරිහානිගත වීම ද පිලිබඳව පලවූ විවිධ බොරු හෙලිදරව් කිරීමේදී මෙම කෘතිය තීරනාත්මක වැදගත් කමක් දරයි.

රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ දෙමල සංස්කරනය දියත් කිරීම නිමිත්තෙන් සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වයි. සසප ප්‍රකාශන මධ්‍යස්ථානය වන කම්කරු මාවත විසින් කෘතිය පල කරන ලදී. පෙබරවාරි 24දා හැටන් නගරයේ ද මාර්තු 1දා යාපනයේද රැස්වීම් පැවැත්වේ.

ඇමරිකාවේ සසපයේ ද ලෝක සමාජවාදී වෙබ් අඩවි ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ ද සභාපති වන ඬේවිඞ් නෝර්ත් විසින් සම්පාදිත එම කෘතිය, 2014 මැද භාගයේදී ඉංග්‍රීසි බසින් පලමු වරට පලවූ අතර 2016 මුල් භාගයේදී එහි සිංහල පරිවර්තනය පල කෙරින.

රටක් රටක් පාසා ආන්ඩු හා මහ ව්‍යාපාරිකය විසින් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරනු ලබන ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල පැනනැඟීම තුලින්, නෝරත්ගේ කෘතියෙහි එන මාක්ස්වාදී විශ්ලේෂනයේ වැදගත්කම ඉස්මතු වන්නේය.

රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ දෙමල සංස්කරනය හැටන් ප්‍රදේශයේ දියත් කිරීම විශේෂ වැදගත් කමක් දරයි. හැටන් නගරය වතු කර්මාන්තයේ මධ්‍යස්ථානය වන අතර එහි ශ්‍රම බලකායෙන් වැඩි කොටස කථාකරන්නේ දෙමල බසය. පසුගිය වසර අවසානයේ ලක්ෂ ගනන් වතු කම්කරුවෝ, වැඩි වැටුප් ඉල්ලා වැඩවර්ජනවල හා විරෝධතාවයේ යෙදී සිටියහ. මෙම අරගල වතු සමිති විසින් පාවාදුන් අතර හැටන්හි ඇබොස්ට්ලි වත්තේ කම්කරුවන් සසපයේ දේශපාලන සහාය ලබමින් ඊට ප්‍රතිචාර දැක්වූයේ සිය වැටුප්, යහපත් සේවා හා ජීවන කොන්දේසි සඳහා අරගලය පෙරට ගෙනයාම පිනිස ස්වාධීන කම්කරු කමිටුවක් පිහිටුවා ගනිමිනි.

රුදුරු සිවිල් යුද්ධය අවසන් වීමෙන් දශකයක් ගතවූ තැන ද උතුරු හා නැගෙනහිර පවතින්නේ මිලිටරි වාඩිලාගැනීමේ තත්වයකය. දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ද මිලිටරිය විසින් අත්පත් කරගෙන තිබෙන සිය ඉඩම් යලි ලබාදෙන ලෙස ද ඉල්ලා යාපනයේ හා අවට නගරවල දෙමල කම්කරු හා තරුන පිරිස් ද අනෙකුත් පීඩිත ජනතාව ද නිරන්තර උද්ඝෝෂන ගෙන යති.

අද දිනයේ ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන ප්‍රශ්න වලදී, රුසියානු විප්ලවයේ තීරනාත්මක පාඩම්වල වැදගත්කම වටහා ගැනීමට උනන්දුවක් දක්වන කම්කරුවන්, තරුනයින් සිසුන් හා බුද්ධිමතුන්ට, ඉදිරියේ පැවැත්වෙන සසප රැස්වීම් වලට පැමින මෙම වැදගත් කෘතිය පිලිබඳ සාකච්ඡාවන්ට සහභාගී වන ලෙස අපි ආරාධනා කරන්නෙමු.

රැස්වීම් පිලිබඳ විස්තර

හැටන්:

පෙබරවාරි 24 ඉරිදා, උදේ 10.00

හැටන් නගර ශාලාව

යාපනය:

මාර්තු 1දා සවස 4.00

වීරසිංහම් ශාලාව

වෙනත් රැස්වීම් පිලිබඳ විස්තර පසුව පලකෙරෙනු ඇත.

ෆෆෆ

ප්‍රසිද්ධ රැස්වීම

රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ දෙමල සංස්කරනය දියත් කිරීම

සාර් ටු ලෙනින් චිත්‍රපටය ප්‍රදර්ශනය

පෙබරවාරි 24 උදේ 10

හැටන් නගර ශාලාව

සමාජවාදී සමානතා පක්ෂය

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

Share this article: