රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස දෙමල බසින් පලවේ

The Russian Revolution and the Unfinished Twentieth Century published in Tamil

2019 පෙබරවාරි 1

ඩේවිඩ් නෝර්ත් විසින් රචිත රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස, සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශන අංශය වන කම්කරු මාවත ප්‍රකාශකයන් විසින් දෙමල බසට පරිවර්තනය කර ප්‍රකාශයට පත්කොට තිබේ.

මාක්ස්වාදය හා ට්‍රොට්ස්කිවාදයට කර තිබෙන මෙම ඉමහත් ප්‍රතිපදානයේ දෙමල සංස්කරනය පලකිරීමට හැකිවී ඇත්තේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ද විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ද යුරෝපයේ ද එහි ශාඛාවන්හි බුද්ධිමය, තාක්ෂනික හා මූල්‍ය සම්පත් උපයෝගී කර ගැනීමෙනි. සසප 2016 වසරේදී කෘතියේ සිංහල සංස්කරනය පල කලේය. 1917 රුසියානු විප්ලවය, ස්ටැලින්වාදයට එරෙහි ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලය, නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය, ෆැසිස්ට්වාදයේ නැඟීම, දෙවන ලෝක යුද්ධයේ සම්භවයෝ හා වෘත්තීය සමිතිවල ඓතිහාසික පරිනාමය පිලිබඳ විවාදාත්මක ආකෘතියකින් ලියාඇති, අගනා රචනාවන් මෙම වෙලුමට අන්තර්ගතවේ. නෝර්ත් ඇමරිකානු සසපයේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කාතෘ මන්ඬලයේ ද සභාපතිය.

ස්ටැලින්වාදී නිලධරය විසින් 1991දී සෝවියට් සංඟමය බිඳ විසුරුවාලීමෙන් පසුව පැනනැඟි ධනේශ්වර විජයග්‍රහනවාදයට එරෙහිව නෝර්ත්, 20 වන සියවස “නොනිමි” ලෙසින් ගුනාඟීකරනය කර ඇත්තේ මන්ද යන්න පැහැදිලි කරයි.

“නිසැකවම ප්‍රගාඪ වැදගත්කමකින් යුත් සිදුවීමක් වන සෝවියට් සංඟමය විසුරුවා හැරීම, කිසිසේත්ම සමාජවාදයේ බියකරු අවසානය සලකුනු නොකරයි. ඉතිහාසය දිගටම පවතිනු ඇත. යුද්ධ හා විප්ලව පැනනැඟීමට තුඩුදුන් උත්සන්න ධනේශ්වර අර්බුදයක අවධියක් ලෙස විසිවන සියවස ගුනාංඟීකරනය කරන තාක් දුරට එය, “නොනිමි” සියවසක් ලෙස අංඟලක්ෂනය කිරීම ඉතා යෝග්‍ය ය.” නෝර්ත් ලියා ඇත.

හතරවන ජාත්‍යන්තරය 80 වසරක් තිස්සේ, පසුගිය 65 වසර පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ, මාක්ස්වාදය සඳහා ගෙනගොස් තිබෙන අරගලය, පන්ති අරගලයේ ජාත්‍යන්තර නැඟීම සමඟ අන්තර්ඡේදනය වේ. මෙම පරිවර්තතනය වූ කොන්දේසි ද කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ හදිසි භාවය ද හමුවේ, රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස කෘතියේ පරිවර්තනයක්, ශ්‍රී ලංකාවේ ද දකුනු ඉන්දියාවේ හා ලොව පුරා සංක්‍රමනික දෙමල කථාකරන කම්කරුවන්, තරුනයින් හා බුද්ධිමතුන්ට ඉතා අගනා ප්‍රදානයකි.

මෙම දෙමල බසින් පලකල කෘතිය ශ්‍රී ලංකාවේ හෝ යුරෝපයේ සසප වෙතින් නැතිනම් ඉන්දියාව තුල හජාජාක සමඟ සහයෝගී කන්ඬායමෙන් මිලට ගත හැක.

ශ්‍රී ලංකාව: සමාජවාදී සමානතා පක්ෂය, දුරකථනය: +94113096987, විද්‍යුත් තැපෑල: wswscmb@sltnet.lk

ඉන්දියාව: හජාජාක සහයෝගී කන්ඬායම, දුරකථනය: +91 6379941 408 විද්‍යුත් තැපෑල: wsindia2013@gmail.com

යුරෝපය: විද්‍යුත් තැපෑල: lepesfrance@gmail.com

Share this article: