බර්ලින්හි හුම්බෝල්ට් විශ්වවිද්‍යාල මැතිවරනයේ දී සසජාතශි සාර්ථක ප්‍රතිපල පෙන්වයි

Successful election result for IYSSE at Humboldt University in Berlin

හුම්බෝල්ට් විශ්වවිද්‍යාශලයේ සමාජ සමනතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ කන්ඩායම විසිනි, 2019 ජනවාරි 26

සමාජ සමනතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) හුම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරනයෙන් වැදගත් ජයග්‍රහනයක් අත්කරගෙන ඇත. අන්තර් වාර ප්‍රතිපල වලට අනුව සසජාතශි සියයට 3.75 සිට 5.1 දක්වා සිය ඡන්ද තුනෙන් එකකින් වැඩිකරගත්තේය. ඡන්දය දී ඇති මුලු සංඛ්‍යාවේ සුලු අඩුවීමක් ඇත ද සසජාතශි ඡන්ද ප්‍රමානය පසුගිය වසරේ 129 සිට මෙවර 156 දක්වා වැඩිවී ඇත.

සසජාතශි තම මැතිවරන උද්ඝෝෂනය දැඩිව ගෙන ගිය විශ්වවිද්‍යාලීය අංශ වලදී එහි ඡන්ද ප්‍රමානය සියයට 20ක් දක්වා ඉහල නැඟුනි. එයට ලැබුන සියයට 5.01ඡන්ද ප්‍රතිශතය සමඟ සසජාතශි (එස්ජීපී) සියයට 4.92ක් ඡන්ද ලබාගත් වාම පක්ෂයේ තරුනයන්ට වඩා ඡන්ද ලබාගත් අතර සියයට 5.08ක් ඡන්ද ලබාගත් හරිතයින් සමඟ කරට කර සිටියේය. වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් කන්ඩායම්, පක්ෂයකින් තොර විද්‍යාව පිලිබඳ බලය සියයට 12.25 ද ස්වාධීන ශිෂ්‍ය ලැයිස්තුව සියයට 11.31 ද වාම හරිත ෆිල්දි සියයට 9.8ක් ද ලබාගෙන තිබුනි. මැතිවරනය සඳහා ලැයිස්තු 19ක් ඉදිරිපත් විය.

සසජාතශි ලැබූ ප්‍රබල ප්‍රතිපලය ඇඟවුම් කරන්නේ, දේශපාලන සංස්ථාපිතයේ දකුනට වාරුවීම කෙරෙහි පලවන දැවැන්ත විරුද්ධත්වයේ තරමයි. විශ්වවිද්‍යාලයේ සසජාතශි කථිකයා හා ප්‍රධාන නියෝජිතයා ද වන ස්වෙන් වුම් පැවසුවේ, “ධනවාදයේ අර්බුදය හමුවේ තරුනයින් සමාජවාදී ඉදිරිදර්ශනය වෙත හැරෙමින් සිටින” බවයි. නාමිකව වාමාංශික ලැයිස්තු ගනනාවක් ඡන්ද පත්‍රිකාවේ තිබුනි. “එබැවින් සසජාතශි වෙත ලැබුන ඡන්ද විප්ලවවාදී හා මාක්ස්වාදී ක්‍රියාමාර්ගයටත් විශ්වවිද්‍යාලය තුල එහි වැඩකටයුතු සඳහාත් පලවූ සහයෝගයේ දැනුවත් ප්‍රකාශනයකි.”

මෑත වසරවලදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි (හජාජාක) තරුන සංවිධානය, අන්ත දක්ෂිනාංශයේ නැඟීමටත්, මිලිටරිවාදයේ පුනරාගමනටත් ධනපති ක්‍රමය තුල එහි මූලයන්ටත් එරෙහිව ක්‍රමානුකූල අරගලයක් ගෙනගොස් ඇත. සසජාතශි, සිසුන් ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත දිශානුගත කිරීමටත් ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ඉදිරිදර්ශනයක් මත ඔවුන් මෙහෙයවීමටත් වැඩ කර තිබුනි.

සසජාතශි මැතිවරන ප්‍රකාශනය මෙසේ පැවසීය: “මිලිටරිවාදයට හා යුද්ධයට ද සමාජ අසමානතාවට ද අන්ත දක්ෂිනාංශයේ නැඟීමට ද එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා අපි මේ ශිෂ්‍ය මැතිවරනයට මැදිහත් වන්නෙමු. අපට අවශ්‍ය වන්නේ, පලමුවන හා දෙවන ලෝක යුද්ධ වලට පූර්වයෙන් තිබුනාක් වැනි, දක්ෂිනාංශික හා මිලිටරිවාදී දෘෂ්ටිවාදයන් සඳහා රජයේ මඟපෙන්වීම සහිත පුහුනු කඳවුරු බවට විශ්විද්‍යාල පත්කිරීම වැලැක්වීමටය.”

මෙම අරගලයේදී හුම්බෝල්ට් විශ්වවිද්‍යාලය විශේෂ වැදගත්කමක් දරයි. යලි වතාවක් අන්ත දක්ෂිනාංශික හා මිලිටරිවාදී තානාන්තර සමාජීය වශයෙන් පිලිගැන්වීමට හැකිවන අයුරින් 20වන සියවසේ ඉතිහාසය යලි ලියමින් ජර්මානු අධිරාජ්‍යවාදයේ අපරාධ වලට සුදුහුනු ගෑමේ යෙදී සිටින හුම්බෝල්ට් මහාචාර්යවරුන් වන ජොග් බාබරොව්ස්කි හා හර් ෆ්‍රීඞ් මුන්ක්ලර් ගේ ව්‍යායාමයට එරෙහිව සසජාතශි වසර ගනනක් තිස්සේ සටන් වැද තිබුනි.

මෙම වර්ධනයන් කෙරෙහි සසජාතශි සිසුන් හා තරුනයින්ගේ අවධානය යොමුකරවා තිබුනි. “හිට්ලර් දරුනු කෙනෙක් නොවුනි,” ඔහු හා නාසීන් රුදුරු යුද්ධයක නොයෙදුනි යයි කියමින් නාසි අපරාධ සුලුකොට දැක්වීමේ නිරතව සිටින බාබරොව්ස්කි නව දක්ෂිනාංශය තුල පුලුල් ජාලයක් පිහිටුවාගෙන ඇත්තේ කෙසේදැයි එය පෙන්වා දුන්නේය. විශ්වවිද්‍යාල පරිපාලනය බාබරොව්ස්කි ආරක්ෂා කරමින් තියුනු ලෙස සසජාතශි විවේචනය කලේය. අවසානයේදී විශ්වවිද්‍යලය, පසුගිය වසර 10 තුල ශිෂ්‍ය සභාවේ ක්‍රියාකාරීව සිටි සියලු සිසුන්ගේ නම් ලබාගැනීමේ අටියෙන්, ඒඑෆ්ඩීයේ මඟපෙන්වීම ඇතිව, සියලු ශිෂ්‍ය මන්ඬල දඬුගැසීමේ යෙදුනි.

සසජාතශි ශිෂ්‍ය සභාව සමඟ ඒකාබද්ධව රැස්වීමක් සංවිධානය කරමින්, මෙම ව්‍යායාමය ප්‍රතික්ෂේප කල ප්‍රබල උද්ඝෝෂනයක නිරත විය. මේ වසරේ සසජාතශි මැතිවරන උද්ඝෝෂනය ආරම්භ කලේ, ඔවුන් යලි පැමිනෙන්නේ මන් ද යන පොත පලකරමිනි. එම පොත තුල, මහාචාර්යවරුන්, මාධ්‍යවේදීන් හා දේශපාලන පක්ෂ විසින් දෘෂ්ටිමය හා දේශපාලන වශයෙන් දිරිගන්වන ලද ඒඑෆ්ඩීයේ නැඟීම සිදුවූයේ කෙසේදැයි ප්‍රවේසමෙන් පැහැදිලි කලේය. පසුගිය දෙසතිය පුරා සසජාතශිය, හොඳ සහභාගිත්වයක් සහිත රැස්වීම් තුනක් සංවිධානය කලේය. පලමුවැන්නේදී අද දින ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයේදී 1933 පාඩම් කෙරෙහි අවධානය යෙදීය. දෙවැන්න රෝසා ලක්සමබර්ග් හා කාල් ලිබ්නෙක්ට් ඝාතනය ගැන ද තෙවැන්න අන්ත දක්ෂිනාංශය නැඟී ඒම වැලැක්විය හැක්කේ කෙසේදැයි ද විමසා බැලීය.

සසජාතශියේ ප්‍රබල මැතිවරන ප්‍රතිපලය, එහි උද්ඝෝෂනය කඩාකප්පල් කිරීම සඳහා ඉතා දැනුවත්ව මෙහෙයවුන අන්ත දක්ෂිනාංශික බලවේගයන්ට එරෙහිව ප්‍රති ප්‍රහාරාත්මකව ගෙන ගිය උද්ඝෝෂනය නිසා වඩාත් වැදගත්වේ. ඒඑෆ්ඩී නිලධාරීහු සසජාතශි රැස්වීම් වලට පහර දුන්හ. බාබරොව්ස්කි තර්ජනය කරමින් සසජාතශියේ වැඩ කටයුතු නතර කිරීමට මැදිහත්වන ලෙස වෙනත් අයගෙන් ඉල්ලා සිටියේය. දක්ෂිනාංශික ප්‍රකෝපකාරීහු සසජාතශියේ පෝස්ටර් ක්‍රමානුකූලව ඉරා දැමූහ. තම උද්ඝෝෂනය වඩාත් උත්සන්න කරමින් සසජාතශි එයට ප්‍රතිචාර දැක්වූ අතර අකුලා ගැනීම ප්‍රතික්ෂේප කලේය. අන්ත දක්ෂිනාංශික බලවේග පසුබස්වමින් සසජාතශියේ ප්‍රතිපත්ති, විශ්වවිද්‍යාල මැතිවරන ප්‍රපතිපල වලින් පෙන්වූ පරිදි, වැඩෙන සහයෝගයක් දිනා ගත්තේය.

Share this article: