ට්‍රම්ප්ට එරෙහි එෆ්බීඅයි පොලිස් රාජ්‍ය මෙහෙයුම

The FBI’s police state operation against Trump

2019 ජනවාරි 14

එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ තනතුරින් පහ කිරීමෙන් පසු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගැන එෆ්බීඅයි සංවිධානය තොරතුරු සොරා ගැන්ම වැලක්වීමේ රහස් විමර්ශනයක් ඇරඹූ බව අනාවරනය කරමින් සෙනසුරාදා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ පලමු පිටුවේ පල කෙරුනු ලිපියක් එක්සත් ජනපද ඔත්තුසේවා ඒජන්සිවල දැවන්ත පොලිස් රාජ්‍ය කුමන්ත්‍රනයක් අනාවරනය කර ඇත.

ට්‍රම්ප්ට එරෙහි ව රුසියානු විරෝධී උද්ඝෝෂනය යලි පනගැන්වීමේ උත්සාහයක් ලෙස ටයිම්ස් ලිපිය පලකලේ, ට්‍රම්ප් රුසියානු ඒජන්තයෙකු යැයි තහවුරු නො කලා වු අතිශයින් සැකසහිත ප්‍රකාශය ප්‍රචාරය කරමිනි. ටයිම්ස් වාර්තාවේ ඉදිරිපත් කෙරෙන කරුනු, යථාර්ථයේ දී, ට්‍රම්ප්ට වඩා බොහෝදුරට එෆ්බීඅයි සංවිධානය ගර්හාවට ලක් කිරීමකි.

පුවත්පතේ අභිප්‍රායන් නොතකා, එෆ්බීඅයි ගැන ටයිම්ස් ඇඳි චිත්‍රය තැති ගන්වන සුලු ය. වොෂින්ටනයේ ජාතික ආරක්ෂක එකඟත්වයන්ගෙන් මොන යම් හෝ ඉවත හැරීමක් වෙත උකුසු බැල්මක් හෙලමින්, එහි නිලධාරීන් ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකේ ක්‍රියාකාරකම් නියාමනය කරන, අතිශයින් දේශපාලනීකරනය වූ ඔත්තු සේවා ඒජන්සියක් ලෙස ටයිම්ස් හුවා දක්වයි.

“2016 ජූලි මස මැතිවරන උද්ඝෝෂන අතරතුර දී, තම තරඟකාරිය වූ හිලරි ක්ලින්ටන්ගේ ඊ මේල් හැක් කිරීමට, ඔහු රුසියානුවන් ඇමතූ අවස්ථාවේ ට්‍රම්ප් එෆ්බීඅයි ප්‍රතිඔත්තුසේවා ඒජන්තයන්ගේ අවධානයට ලක් ව සිටි” බව ටයිම්ස් ප්‍රකාශ කරයි. රාජ්‍ය ලේකම් ව සිටි අතරතුර, ක්ලින්ටන් පුද්ගලික ඊමේල් සේවයක් යොදා ගැනීමට එරෙහිව යොමු කෙරුනු, හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී බෙදා හැරුනු, උපහාසාත්මක උද්ඝෝෂන සඳහනක් වී යැයි සලකා බලන කල, ට්‍රම්ප්ගේ වාග්ප්‍රහාරය කුමන්ත්‍රනයක සාක්ෂි ලෙස අවබෝධ කර ගැනීම අපහසු ය.

එෆ්බීඅයි නිලධාරීන් රිපබ්ලිකානු ජාතික සම්මේලනයේ දී යොදා ගැනුනු වේදිකාව අධීක්ෂනය කලේ කෙසේ දැ යි විස්තර කිරීමට ටයිම්ස් ලිපිය ඉදිරියට යන්නේ, ඔත්තු සේවා ඒජන්සි “රුසියාවට වාසි ලබා දුන් බව පෙනුනු ආකාරයකින් යුක්‍රේන අර්බුදය පිලිබඳ ලිහිල් වීමට සම්මේලන වේදිකාව සකස් කිරීමට රිපබ්ලිකානු පක්ෂය ක්‍රියා කල ආකාරය නිරීක්ෂනය කලේ සන්ත්‍රාසයෙන් යුක්තව” බව වාර්තා කරමිනි. එනම්, අනුමත කර ගැනුනු ආස්ථාන විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතයේ බලවත් කන්ඩායම්වල සමහර මූලික පිලිවෙත් උල්ලංඝනය කල බවට ජාතියේ ඉහල පොලිස් ඒජන්සිය උත්සුක වූ බව යි.

ප්‍රධාන ධනපති පක්ෂ දෙකෙන් එකක් හෝ අනෙක විසින් අනුමත කර ගැනුනු දේශපාලන ආස්ථාන පාදක කර ගෙන, පාවාදීම හා කුමන්ත්‍රන පිලිබඳ රහස් විමර්ශනයක් ඇරඹීමට එෆ්බීඅයියට හැක්කේ කුමන ව්‍යවස්ථාදායක බලයකින් ද? එවැනි මෙහෙයුමක් පොලිස් රාජ්‍යයක් යෝජනා කරන අතර ස්ටැලින්වාදී එන්කේවීඩී ක්‍රමවේද මතක් කර දෙයි.

මෙම ඒජන්සිය රුසියාව සමග තිබිය හැකි සම්බන්ධකම් ගැන ට්‍රම්ප්ගේ උද්ඝෝෂන ආධාරකරුවන් හතරදෙනෙකු ද විමර්ශනයට ලක් කල අතර, ඩෙමොක්‍රටික් පක්ෂයේ වැටුප් ලැයිස්තුවේ හිටපු බ්‍රිතාන්‍ය ඔත්තුසේවා ඒජන්තයෙකු විසින් රුසියානු මූලාශ්‍රවලින් එකතු කෙරුනු ට්‍රම්ප් විරෝධී ඕපාදූපවලින් සමන්විත, කුප්‍රකට ස්ටීලේගේ තෝම්බුව ද යොදා ගත්තේ ය.

ටයිම්ස් පත්‍රය අනුව, ට්‍රම්ප් විසින් කොමේ අස් කිරීමෙන් පසු,“ජනාධිපතිගේ හැසිරීමෙන් බොහෝ උත්සුක වූ, නීති බලාත්මක කිරීමේ නිලධාරීහූ ඔහු ඇමරිකාවේ උත්සුකයන්ට එරෙහිව රුසියානුවන් වෙනුවෙන් වැඩ කරමින් සිටියේ දැ යි විමර්ශනය කිරීම ඇරුඹූහ... ජනාධිපතිගේ ම ක්‍රියාවන් නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමට පැවති ඉඩ කඩ පිලිබඳව ප්‍රතිඔත්තුසේවා විමර්ෂකයින්ට සලකා බැලීමට තිබුනි. ට්‍රම්ප් මහතා දැනුවත් ව රුසියානුවන් වෙනුවෙන් වැඩ කරමින් සිටියේ ද නැතහොත් නො දැනුවත් ව මොස්කව් බලපෑම යටතට ඇද වැටී සිටියේ දැ යි නීර්නය කිරීමට ද ඒජන්තයෝ උත්සාහ කලෝ ය.”

ටයිම්ස් පත්‍රය විසින් පොලඹවා, ආධාර හා අනුබල දුන් එෆ්බීඅයි මෙහෙයුම් මතක් කර දෙන්නේ 1950ස් ගනන්වල හැදුනු අන්ත දක්ෂිනාංශික කන්ඩායමක් වූ, ජෝන් බර්ච් සමාජයේ පීඩෝන්මාදී බැනවැදීම් ය. එකී සමාජයේ සමාරම්භක, රොබට් වෙල්ච්, කුප්‍රකට ලෙස පැවසුවේ, යුරෝපයේ හිටපු මිත්‍රපාක්ෂික අනදෙන්නා වූ, ජනාධිපති ඞ්වයිට් ඩී.අයිසන්හවර් “කොමියුනිස්ට් කුමන්ත්‍රනයට කැප වූ, දැනුවත් ඒජන්තයෙකු” වූ බව යි.

ඇමරිකානු දේශපාලන වාටියේ, අන්තවාදී කන්ඩායමක කලෙක විෂය ක්ෂේත්‍රය වූ දෙය, දැන් මිලිටරි ඔත්තුසේවා සංවිධාන විසින් වැලඳ ගැනීමේ ප්‍රකාශ, ඇමරිකාවේ ඉතාමත් බලගතු දිනපතා පත්‍රයේ මුල් පිටුවේ පලවෙන අතර, අන්තර්ජාල හා කේබල් රූපවාහිනීවල ප්‍රමුඛස්ථානය ගනී.

එහෙත් මෙම චෝදනාවලට කිසිදු විශ්වසනීයත්වයක් නැත. ඩොලර් බිලියන ගනනක වත්කම් ඇති, දේපල වෙලදාම් අධිපතියෙකු, රැවටිලිකාරයෙකු මෙන් ම මාධ්‍ය ප්‍රභූවරයෙකු ලෙස දශක ගනනාවක් සිටීමෙන් පසු, 70වැනි වියේ දී, ට්‍රම්ප් ව්ලැඩිමීර් පුටින් සමග තමන්ගේ සියල්ල හදිසියේ පරදුවට තැබුවේ ය යන්න යමෙක් පිලිගත යුත්තේ මන් ද? ටයිම්ස් වාර්තාව ම, වචන 2,000ක තම ලිපියෙහි සැඟවුනු තනි වාක්‍යයක මෙසේ පිලිගනි යි: “රුසියානු ආන්ඩුවේ නිලධාරීන් සමග ට්‍රම්ප් මහතා රහසේ සම්බන්ධකම් පැවත් වූ බවට හෝ නියෝග ලබා ගත් බවට සාක්ෂි මතු වී නැත.”

ට්‍රම්ප් හා මොස්කව් අතර කුමන්ත්‍රනයක සාක්ෂි නොමැති අතර, ටයිම්ස් වාර්තාව ම, මැතිවරන පාසලේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රූපරාමුව තුල ට්‍රම්ප් ජය ගත්, 2016 මැතිවරනය කනපිට හැරවීමට හා සිරියාව, යුක්‍රේනය හා වෙනත් තැන්වල රුසියාවට එරෙහි මිලිටරි ගැටුමට වඩා කැප වී සිටීමෙන් ප්‍රධාන වසයෙන් ට්‍රම්ප්ගෙන් වෙනස් වනු ඇති ආන්ඩුවක් ඇටවීමට ඔත්තුසේවා ඒජන්සි හා සංගත මාධ්‍ය පැටලෙන කුමන්ත්‍රනයක් පිලිබඳ සාක්ෂියකි.

ඡන්දයෙන් තෝරා ගැනුනු ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකුට එරෙහිව බලගතු පොලිස් ඒජන්සිය විසින් ගෙන යනු ලබන රහස් ආරක්ෂක විමර්ශනයක් විස්තර කල හැක්කේ මිලිටරි හෝ ඔත්තුසේවාවන්ගේ කුමන්ත්‍රනයක ඉදිරි ගැබට වඩා වෙනස් දෙයක් ලෙස නො වේ.

ඓතිහාසික ව, එෆ්බීඅයි ය එක්සත් ජනපදය තුල එවැනි උපද්‍රවවල හරි මැද තිබී ඇත. එහි ආරම්භක අධ්‍යක්ෂ, ජේ.එඞ්ගාර් හූවර්, , විශේෂයෙන් ම මැකාර්තිවාදී කොමියුනිස්ට් විරෝධී දඩයම් කාලපරිච්ඡේදය අතරතුර ඔහුගේ හීලෑ නො කෙරුනු බලය නිසා කුපක්‍රට වූ අයෙකි. එම අවස්ථාවේ දී ඔහු සැබවින් සියලු ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකානු දේශපාලඥයින් ගැන තොරතුරු එකතු කල අතර පුරවැසි හිමිකම් හා යුද විරෝධී කන්ඩායම් මත පුලුල් ඔත්තු බැලීම් අනුමත කලේ ය.

ජනාධිපති ජෝන් එෆ්.කෙනඩි කොතරම් උත්සුක වී ද යත් මෙම ආයතනය ගැන අවධියෙන් සිටීමට, හූඅවර්ගේ නාමික ප්‍රධානියා ලෙස ඔහු තම සොහොයුරු රොබට් නීතිපති වශයෙන් පත් කලේ ය. එය 1963දී ඝාතනයෙන් කෙනඩි ගලවා ගැනීමට සමත් නො වී ය. බේ ඔෆ් පිග්ස් විනාසයෙන් අමනාප වූ කියුබන් පිටුවහලුන්, දකුනේ බෙදුම්වාදීන් හා මොස්කව්ව සමග න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනමකට කෙනඩි අත්සන් කිරීම මත අවි ගත් මිලිටරි-ඔත්තුසේවා සංවිධානවල කන්ඩායම් ඇතුළු ව, මේ දක්වා හෙලි නොකෙරුනු ආකාරයන්ගේ අන්ත දක්ෂිනාශික කවයන්ට සම්බන්ධ සිද්ධියකි, කෙනඩි ඝාතනය.

නිව් යෝක් ටයිම්ස් වාර්තාව(හා ට්‍රම්ප්, පුටින් සමග තම පුද්ගලික සංවාදයේ ප්‍රධාන තෙරතුරුසඟවා ඇතැ යි ප්‍රකාශ කරමින් වොෂින්ටන් පෝස්ට් පත්‍රෙය් ඉරිදා ප්‍රසිද්ධ කෙරුන සහචර ලිපිය ) සේවය කරන්නේ මිලිටරි ඔත්තු සේවාවන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන් ම ව්‍යවස්ථා විරෝධී මෙහෙයුම් නීත්‍යානුකූල කිරීමට යි.

මෙම වාර්තා පහදා දෙන්නේ මධ්‍යම ආන්ඩුවේ සති තුනක අර්ධ අකර්මන්‍ය කිරීමකට මග පාදා ඇති, දේශසීමා තාප්පයකට මුදල් වෙන් කිරීම මත කොංග්‍රස් මන්ඩල ඩෙමොක්‍රටිකයන් සමග වන තම ගැටුමේ කඩතුරාව ප්‍රයෝජනයට ගනිමින්, ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට තර්ජනය කිරීම සම්බන්ධයෙන් “ප්‍රධාන ප්‍රවාහයේ” මාධ්‍ය තුල කැපී පෙනෙන උදාසීනත්වය යි.

පුවත්පත් දෙකේ වාර්තාවල ප්‍රධාන සටන යමෙක් යහපත් අර්ථයකින් සැලකුවහොත් , ට්‍රම්ප් හදිසි නීති තත්වය ප්‍රකාශ කිරීම පිලිබඳ හැකියාව සම්බන්ධයෙන් ඔවුන් විරුද්ධ නො වීම තේරුම් ගත නො හැක. විශේෂයෙන් ම, ට්‍රම්ප් පුටින්ගේ ඒජන්තයෙකු නම්, තමන්ට පුලුල් ආසන්න -පරම අධිකාරී බලයක් දෙමින් ට්‍රම්ප් හදිසි නීති තත්වය ප්‍රකාශ කිරීම, එක්සත් ජනපදය මොස්කව් පාලනය යටතේ තබනු ඇත.

මෙහි තේරුම වන්නේ කම්කරු පන්තිය සමග එලඹෙන ගැටුම්වලට රජයේ හමුදා සූදානම් කිරීමට, ටයිම්ස් හා පෝස්ට් හදිසි නීති පාලනයක සාකච්ඡාවක් සතුටින් පිලිගන්නා බව යි. ට්‍රම්ප් සමග ඔවුන්ගේ එකම නො එකඟතාව වන්නේ, මර්දනය මෙහෙය විය යුත්තේ පාලක ප්‍රභූවේ කුමන කන්ඩායම විසින් ද, එනම් ට්‍රම්ප් ද නැත්නම් ඩෙමොක්‍රටික් පක්ෂයේ ඔහුගේ විරුද්ධවාදීන් ද යන්න යි.

එක් දෙයක් පැහදිලි ය: ට්‍රම්ප් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නේ නම්, හෝ, කතුවැකියක පෝස්ට් පත්‍රය යෝජනා කල පරිදි, ඔහු ඉවත් කිරීමේ කොටසක් ලෙස රුසියානු “ඇඟිලි ගැසීම්” මත පාලක ප්‍රභූවේ ඔහුගේ විරුද්ධවාදීන් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශ කරන්නේ නම්, එය වෙනස් කල නො හැකි පරිදි ප්‍රජාතන්ත්‍රවාදයෙන් කැඩී වෙන් වීමක් නියෝජනය කරනු ඇත.

මෙම අධම ගැටුම තුල කුමන පැත්ත වඩාත් ප්‍රතිගාමී ද යන්න තීරනය කිරීම අපහසු ය. කම්කරු පන්තිය මුහුන දෙන්නේ විකල්ප දෙකකටය: කම්කරු පන්තිය සිය මූලික ඉලක්කය කරගත්, පාලක ප්‍රභූවේ එක් කන්ඩායමක් අනෙකට එරෙහිව යමින්, මාලිගා කුමන්ත්‍රන හා ඒකාධිපතිත්වයේ ක්‍රමවේද යොදා ගනිමින් වර්තමාන අර්බුදය විසඳනු ඇත, නැතහොත් කම්කරු පන්තියේ සියලු ජනයා සමස්තයක් ලෙස දේශපාලන සංස්ථාපිතය හා එමගින් ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට එරෙහිව ගමන් කරනු ඇත.

පැට්‍රික් මාටින්

Share this article: