ඉක්වදෝරියානු ආන්ඩුවට එරෙහි ජාතික වැඩ වර්ජනයේදී අසාන්ජ් නිදහස් කරන ලෙස බලකෙරේ

National strike against Ecuadorian government demands Assange’s freedom

ඇන්ඩ්‍රියා ලොබෝ විසිනි, 2019 ජුලි 17

වොශිංටනය සහ එහි මිලිටරිය සමග සම්බන්ධතා තහවුරු කර ගැනීමට උත්සාහ කරන ලෙනින් මොරීනො පාලනයේ රුදුරු පිලිවෙත් වලට එරෙහිව ඉක්වදෝරයේ කම්කරුවන්, ගොවියන් හා තරුනයින් ගිය සඳුදා දින පහක වැඩ වර්ජනයක් ආරම්භ කලේ ය.

ජුලියන් අසාන්ජ් ගේ නිදහස ඉල්ලා කරන ලද ලෝකයේ ප්‍රථම ප්‍රමුඛ කාර්මික අරගලය මෙම වර්ජනයයි. මෙම බලකිරීම පැනනැඟී ඇත්තේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය ට මුලුමනින් ම යටත් පිලිවෙතක් උඩ මොරීනෝ පාලනය ජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් ට එරෙහිව වැඩීඑන විරෝධයේ තතු තුල ය.

ඉක්වදෝරයේ විරෝධතා [Credit: Twitter @KolectiVOZ]

සංගත මාධ්‍ය ප්‍රකාශන සහ සංවිධායකයන් ම වැඩවර්ජනය තුල මෙම ප්‍රශ්නය යට ගැසීමට තැත් කල ද වැඩ වර්ජනයේ නිල කැඳවුමෙහි එක් සුවිශේෂ ඉල්ලීමක් නම්: “විකිලීක්ස් ආරම්භක ජුලියන් අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කර ඔහුගේ ජීවිතය අනතුරේ හෙලීම වලක්වා ලීම” යි.

අසාන්ජ් අල්ලා මරන දන්ඩනය නියමකල හැකි චර- ප්‍රයෝග චෝදනා උඩ ඔහුට විරුද්ධව නඩු ඇසීමට උත්සාහ කරන එක්සත් ජනපද සැලැස්මෙන් ගැලවීම පිනිස ඔහුට ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලය ප්‍රදානය කර තිබුනු සරන අහෝසි කිරීම ගැන එය සඳහන් කරයි. අසාන්ජ්ට චෝදනා එල්ල කොට තිබෙන්නේ ලෝකය පුරා එක්සත් ජනපද සහ නැටෝ යුද අපරාධ, මහා චර ප්‍රයෝග, සහ රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රන වාර්තා කල රාජ්‍ය තාන්ත්‍රික කේබල් පනිවුඩ සහ තවත් රහස් ලියකියවිලි ප්‍රසිද්ධියට පත් කිරීම පිලිබඳවයි.

මිලියන සංඛ්‍යාත කම්කරුවන් ගෝලීය පරිමානව, රුදුරු සමාජ සහන කප්පාදු, ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාර අධිරාජ්‍යවාදී යුද්ධ සහ ඒකාධිපතිත්වය කරා පැනීම් යනාදියට එරෙහිව පන්ති අරගලවලට එලඹෙන තතු තුල, මෙම මර්දනයට එරෙහිව ඉක්වදෝර් කම්කරුවන් විසින් ඔසොවා තිබෙන ධජය සහ ආදර්ශය වනාහි සමාජ සමානතාවය සඳහා ද අධිරාජ්‍යවාදයට එරෙහිව ද කෙරෙන්නාවූ සකල අරගලයක් විසින් ම ඔසොවා ගතයුතු වේ.

සෑම මහාද්වීපයක් තුලම, වොශිංටනය සහ එහි හවුල් කරුවන් ට එරෙහිව පැනනැඟී ඇති සකල විරෝධය ම ද ඔවුන්ගේ අනාගත යුද අපරාධ, මර්දනය සහ ඒකාධිපතිත්වය හෙලිදරව් කිරීම ද වලක්වාලීම ඉලක්ක කරගත් පලිගැනීමේ මෙහෙයුමෙහි ද තතු තුල, ඉක්වදොර් පාලක පන්තියේ ආසන්න ද්‍රෝහිත්වය ට ඔබ්බේන් අසාන්ජ්ට හා චෙල්සී මැනිං යන අනතුරු දක්වන්නියට ද දඬුවම් පැමිනවීමට එරෙහි වීම, කම්කරුවන් සඳහා තීරනාත්මක අරගලයකි. ගෝලීය ධනවාදයේ වඩ වඩාත් ගැඹුරුවන අර්බුදයට ලොව පුරා සෑම මහාද්වීපයකම අධිරාජ්‍යවාදය දක්වන්නා වූ ඒකායන ප්‍රතිචාරය එයයි. වැඩ වර්ජනයේ සංවිධායකයන් වන්නේ, ගොවියන්ගේ ජාතික ව්‍යාපාරය (එෆ් ඊ සී ඒ ඕ එල් ) ප්‍රධාන කම්කරු සමිති සම්මෙලනය (එෆ්යූටී ), විවිධ විරෝධතා සංවිධාන දුසිමක් පමන ඒකාබද්ධව සිටින ජාතික පුරවැසි සමුලුව (ඒ එන් සී ) ද හිටපු ජනාධිපති රෆයෙල් කොරෙයා ගෙ අලුත් පක්ෂය වන සමාජ සම්මුතියේ පක්ෂය ද ය. මෙය වනාහි අවුරුදු 14න් පසුව ඇතිවූ පුලුල් ම වැඩ වර්ජනය යයි ඔවුහු කියා සිටිති.

සැලසුම් සහගත පෙලපාලි වල ප්‍රධාන දිනය වූ අඟහරුවාදා, විරෝධතාකරුවෝ දුසිම් ගනනක් මාර්ග බාධක ඉදි කලහ. , ගුවායාකිල් වරාය නගරය අවට මනාබි, ගුයාස් සහ එල්-ඔරො වෙරල ආසන්න මහ මාවත් වල සිට , අගනුවර වන ක්විටෝ ද කොලොම්බියාව දක්වා වන මහා මාර්ගයේ ද දකුනට මරොනා සන්තියාගෝ දිස්ත්‍රික්කයේ සිට අන්දියානු කඳු වැටිය දක්වා ද වූ මාර්ග බාධක හා වැඩවර්ජනය නිසා මුලු රටම ඇනහිටියේ ය.

නගර හා පිටිසර පලාත් වල ඉඩම්, ජල හිමිකම් , සහ පතල් බිම් අතුලු පෙදෙස්වල , කම්කරුවන් දොට්ට දැමීම හා සමාජ කප්පාදු ද එවා සඳහා ජාත්‍යන්තර මූසල අරමුදල ( මෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැඳින්වෙනේ එසේ ය ) විසින් ගෙනෙන විනාශය ට ද එරෙහිව විරොධතා කරුවන් අත තිබුනු දැන්වීම් බොහොමයක් අතින් සකස් කරගත් ඒවාය. බොලිවියාවෙ, ස්පාඤ්ඤයේ සහ එක්සත් ජනපදයේ ද වෙනත් රටවල ද ඉක්වදෝරියානු කම්කරුවෝ මෙම වර්ජනයට සහාය දක්වන උද්ඝෝෂන පැවැත්වූහ.

මාර්තු මස ජාමු අරමුදල අනුමත කල ඩොලර් බිලියන 4.2 ක් වූ නය මුදලේ කොන්දේසි ලෙස , මොරීනෝ ගෙ මුල් අවුරුද්ද තුල රාජ්‍ය සේවකයන් 11,800ක් , බෙහෙවින් ම සෞඛ්‍ය සේවා අංශයේ, දොට්ට දමා ඇත.

වැඩ වර්ජනයේ දී ඉස්මතු කරන ලද තවත් ඉල්ලීමක්නම් “ ගැලපගොස් දූපත් ඇරිකානු අධිරාජ්‍ය වාදයේ අවශ්‍යතාවාලට පවරාදිම ප්‍රතික්ෂේප කිරීම” යි. ඉන් අදහස් වුනේ, එක්සත් ජතින්ගෙ මන්ඩලය විසින් ජෛව ගෝලීය රක්ශිතයක් හා ලොක උරුම ස්ථානයක් ලෙස නම් කරන ලද ඉක්වදොරයට අයත් දූපත් සමූහය ඇමරිකනු අධිරාජ්‍යවාදයේ ගුවන් හමුදා කඳවුරක්ලෙස යොදා ගැනීම පිලිබඳ ගිවිසුමක් පෙන්ටගනය සමග අත්සන් කිරීමයි.

මෙම විරෝධතා වලට නායකත්වය සපයන සුලු-ධනේශ්වර සහ ධනේශ්වර බලවේග , ප්‍රධාන වශයෙන්ම කොරෙයා සහ ඔහුගේ සහකරුවෝ , මහා සමාජ පිපිරීම තමන් බලයට පත්කර අධිරාජ්‍යවාදය සමග ‘සමාජ සම්මුතියක්’ අටවා ගත හැකි තත්වයක් උද්ගත කෙරෙතැයි වටහා ගැනීමත් සමඟ අසාන්ජ් ගැන සඳහන් කිරීම අතහැර දමති.

එසේ වුවද , විරෝධතා අතර අසාන්ජ් ආරක්ෂා කිරීම ප්‍රමුඛව ඉස්මතුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඉක්වදෝරය සහ සමස්තයක් වශයෙන් ලතින් ඇමරිකාව තුල අධිරාජ්‍යවාදී ආධිපාත්‍යයේ ඓතිහසික බෙදුම්කඩනයක් කරා වර්ධනය වන ප්‍රගාඪ සමාජ කෝපය යි.

අප්‍රේල් මාසයේ දී මොරෙනෝ පාලනය ජාත්‍යන්තර සරන නීති ද , ඉක්වදොර් ව්‍යවස්ථාවෙන් සම්පාදනය කර තිබෙන නීති හා ආරක්ෂාවන් ද උල්ලංඝනය කරමින්, බ්‍රිතාන්‍ය පොලිස් මැර කල්ලියකට අසාන්ජ් අල්ලා ගැනීමට ලන්ඩන් ඉක්වදෝර් තානාපති කෙ දොර හැර දුන් අවස්ථාවේ 20,000කට අධික විරෝධතාකරුවෝ ‘ලෝක අවමානයක්’ යයි ප්‍රකාශ කරන ධජ යටතේ ක්විටෝ නගරය හරහා පෙලපලි යමින් විකිලීක්ස් ආරම්භකයා නිදහස් කල යුතුයයි කියා සිටි යෝය. පොලිසිය මෙම විරෝධතාවයට බැටන් පොලු ද , කඳුලු ගැස් ද බල්ලන් ද යොදා ගෙන පහරදුනි.

එතැන් පටන් අසාන්ජ් අධිරාජ්‍යවාදයට පාවාදීමට එරෙහිව නොනැවතී නැග ආ මහාජන ප්‍රතිරෝධයට එරෙහිව මොරීනෝ ක්‍රියාකර තිබෙන්නේ විකිලීක්ස් සාපරාධී යයි චොදනා කරමින් , ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පහර දෙමින්, තම ආන්ඩුවේ දූෂන වසං කරමිනි.

අප්‍රේල් මාසයේදී, අසාන්ජ් හුදෙකලා කොට තිබෙන තත්වය ද නොතකමින්, මොරිනෝ ඔහුට විකාර චෝදනා එල්ල කලේ, ඔහු ඉක්වදොර් ජනාධිපතිගේ ‘පනිවුඩ හැක්’ කරමින් , ඔහුගේ පවුල මිලියනගනන් අල්ලස් ලෙස ලබාගත් කලු මුදල් ශුද්ධ කරගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගෙන යන සැටි එලිදරව් කරන ලියවිලි පිටකරගත්තේ යයි කියමිනි. එපමනක් නොව මොරෙනෝ පාලනය සංවිධිත චෝදනා හෝ සාක්ෂී රහිතව, අසාන්ජ්ගෙ මිතුරෙකු වන ඕලා බිනී නම් ක්විටෝ නගරවාසි ස්විඩන් ජාතික වැඩ සටහන් සම්පාදකයා, අන්තර් ජාලය හැක් කිරීමේ චෝදනා උඩ අත් අඩංගුවට ගනිමින් දවස් 70ක් සිර කර තැබීය. දැන්, සඳුදා , සී.එන්.එන් ප්‍රවෘත්ති සේවය ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලය විසින් කුලියට ගනු ලැබූ ස්පාඤ්ඤ සමාගමක් විසින් රැස්කරනු ලැබූ මොරේනෝ ආන්ඩුව විසින් සම්පාදිත ලියවිලි මත පදනම් සාවද්‍ය චෝදනා උඩ මඩ ගසන වාර්තවක් ඉදිරිපත් කොට තිබේ.

යලිත්, විකිලීක්ස් විසින් නිරතුරුව කරන ලද ප්‍රතික්ෂේපයන් නොතකා, කිසිදු සැබැ සාක්ෂියක් ඉදිරිපත් නොකොටම, අසාන්ජ් 2016 ජනාධිපතිවරනයේ දී ඩිමොක්‍රටික් පාක්ෂික විද්‍යුත් තැපෑල පිටට කාන්දුකර ගැනීමට රුසියානු ආන්ඩුව සමග එක්ව වැඩකලේ යයි එය කියා සිටියි.

පසුගිය මාසයේ දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ගෝලීය ව්‍යාපාරයක් දියත් කරමින් මෙසේ ප්‍රකාශ කලේ ය, “ජූලියන් අසාන්ජ්න්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම, සියලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා, මිහිතලයේ ජනගහනයේ අති බහුතරය හා බලවත්ම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලනිකව අවදිකර බලමුලු ගැන්වීම මෙම උද්ඝෝෂන ව්‍යාපාරයේ අරමුන විය යුතුය.”

ඉක්වදෝරයේ විරෝධතා සහ මෑත වැඩ වර්ජනය පෙන්නුම් කර ඇති පරිදි, අසාන්ජ් ආරක්ෂා කිරීම ද නිදහස් භාෂනයේ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා එකම සමාජ පදනම නම් ජාත්‍යන්තර කම්කරු පන්තියයි. මෙම අරගලයට සැබැවින්ම කැප වූ සියලු දෙනා ම ගෝලීය ආරක්ෂක කමිටුව ගොඩ නැගීමට අත්සන් කොට එයට එක් විය යුතු ය.

Share this article: