ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අධ්‍යයන හා සුබසාධන ගැටලු වලට විසඳුම් ඉල්ලා විරෝධතාවය දක්වති

සකුන ජයවර්ධන විසිනි, 2019 ජූලි 26

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන්, තමා මුහුන දෙන අධ්‍යන, අනධ්‍යයන සහ සුබසාධන ගැටලු වලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා, ජූලි 17 වන දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූජීසී) ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරත වූහ.

“ජපුර අනතුරේ - පාලකයින් මරනින්දේ”, “ආචාර්යවරු, දේශන ශාලා, විද්‍යාගාර නෑ”, “අවශ්‍ය සියලු දෙනාට නේවාසිකාගාර පහසුකම් වහා ලබාදෙනු”, “ස්ථිර නව නේවාසිකාගාර සංකීර්නයක් ලබා දෙනු” ආදී සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවහු කොලඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිට යූජීසී ය දක්වා පාගමනින් පැමිනියහ.

සිසුන් මර්දනය කිරීමේ අරමූනින් යූජීසී ය ඉදිරිපිට පොලිස් භටයින් සහ ජල ප්‍රහාරක රථ රඳවා තිබුනි. විරෝධතාවයෙහි යෙදෙන්නන් අත් අඩංගුවට ගත හැකි බව දැක්වෙන, පොලිස් ආඥා පනතෙහි වූ 79(2) වගන්තියේ කොටසක් අන්තර්ගත බැනරයක් ඒ අසල ප්‍රදර්ශනය විය.

පීඨ හතකින් සහ සිසුන් 14,000 කට ආසන්න පිරිසකින් සමන්විත ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි ශිෂ්‍යයින් අත් විඳින රුදුරු කොන්දේසි පෙන්නුම් කරන්නේ දශක ගනනාවක් තිස්සේ ධනපති ආන්ඩු ගෙන ගිය කප්පාදු හා පුද්ගලීකරන පිලිවෙත් වල ඛේදජනක ප්‍රතිඵලයයි. දේශන ශාලා, විද්‍යාගාර, නේවාසිකාගාර හා ආචාර්යවරුන්ගේ බලගතු හිඟයට සිසුන්ට මුහුන දීමට සිදුව ඇත. මෙම තත්වය තුල ඔවුන්ගෙන් බහුතරයකට අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදු කිරීම පසෙක තබා දෙමව්පියන්ට බරක් නොවීමට අර්ධ කම්කරුවන් බවට පත්වීමට සිදුව ඇත.

මීට අමතරව පසුගිය දශක කිහිපය තුල නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකල වයඹ, සබරගමුව, රජරට ආදී විශ්ව විද්‍යාල වලට සීමිත සිසුන් ප්‍රමානයක් පමනක් ඇතුලත් කරගත හැකි නිසා ජයවර්ධනපුර ඇතුලු කොලඹ පිහිටි විශ්ව විද්‍යාල වල විශාල ශිෂ්‍ය තදබදයක් නිර්මානය වී ඇත.

මෙය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පමනක් සීමාවූ තත්වයක් නොවේ. අන් සෑම රාජ්‍ය විශ්වවිද්‍යාලයකම සිසුන් අත්විඳින්නේ මේ හා සමාන නැතිනම් මීටත් වඩා රුදුරු කොන්දේසිය. ආන්ඩුවල අඛන්ඩ මර්දනය තිබියදීත් සිසුන් නැවත නැවතත් අරගල කරා ඇදී එන්නේ මේ හේතුවෙනි.

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් ජූලි 19 වනදා කොලඹදී විරෝධතාවයක යෙදුනේ සුබසාධන අවශ්‍යතා සපුරා සමාජීය හා මානව ශාස්ත්‍ර පීඨයට ප්‍රමාදව ඇති නවක සිසුන් බඳවාගන්නා ලෙස ඉල්ලමිනි.

ජයවර්ධනපුර සිසුන් ඉදිරිපත් කල ගැටලු අතර නේවාසිකාගාර, දේශන ශාලා සහ ආචාර්යවරුන්ගේ හිඟය, මහපොල ආධාර මුදල් පිලිබඳ ගැටලු, තාක්ෂන පීඨයේ සහ ඉංජිනේරු පීඨයේ ඌන පහසුකම්, ප්‍රමිතියකින් තොර ආපනශාලා, අංග සම්පූර්න ශ්‍රවනාගාරයක් නොමැතිවීම ප්‍රධාන විය.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් අතරින් නේවාසිකාගාර පහසුකම් හිමිවන්නේ සිසුන් සුලු පිරිසකටය. එසේ නේවාසිකාගාර ලෙස භාවිතා කරන ගොඩනැගිලි අතරින් විමලධර්ම සහ විමලා ද සිල්වා නේවාසිකාගාර ප්‍රතිසංස්කරනය නොකිරීම හේතුවෙන් වාසය කිරීමට නොහැකි තත්වයට පත්ව ඇත.

සිසුන් විශාල සංඛ්‍යාවකට නේවාසිකාගාර ලෙස සපයා ඇත්තේ පරිපාලනය විසින් කුලී පදනම මත ලබාගත් නිවාසයන් ය. සිසුන් මෙලෙස අනු වලට කඩා විසිරවීම මගින් ඔවුනගේ සංවිධානමය ශක්තිය දුබල කිරීම මෙහි ප්‍රධාන අරමුනකි.

කෙසේ නමුත් මෙම කුලී නිවාස සිසුන්ගේ නේවාසිකාගාර අවශ්‍යතාවය සඳහා කිසිසේත් ප්‍රමානවත් නොවේ. නේවාසිකාගාර හිඟය හේතුවෙන් බහුතරයක් සිසුන්ට සිදුව ඇත්තේ තමා පුද්ගලිකව සොයාගත් කුලී කාමර වල නේවාසිකව සිටීමටය. ඒවායේද පහසුකම් සීමිත වන අතර මාසිකව පන්දහසකට ආසන්න කුලියක් ගෙවිය යුතුවේ. ඔවුන්ට ආහාර ලබා ගැනීමට සිදු වන්නේ විශ්වවිද්‍යාලයට පිටින් වූ ආපනශාලා වලින් වැඩි මුදලකටය. මේ තත්වයන් හේතුවෙන් මුහුන දෙන ආර්ථික දුෂ්කරතාවයන් මගහරවා ගැනීමට ශිෂ්‍යයෝ අර්ධ කාලීන රැකියා වල නිරත වෙති.

තවමත් අංග සම්පූර්න ශ්‍රවනාගාරයක් විශ්ව විද්‍යාලයට නොමැත. මේ වනවිට ශ්‍රවනාගාරය ලෙස භාවිතා කරන්නේ ශාස්ත්‍ර පීඨයේ දේශන ශාලාවක් ලෙස භාවිතා කරන බන්ඩාරනායක ශාලාවයි. එය භාවිතා කල හැක්කේ දේශන නොපවතින අවස්ථා වල පමනක් නිසා සිසුන්ට උත්සව සහ කලා කටයුතු සඳහා බන්ඩාරනායක ශාලාව යොදා ගැනීමේදී විශාල අපහසුතාවයන්ට මුහන දීමට සිදුව ඇත. විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සරය සැමරීමටද යොදාගෙන ඇත්තේ බන්ඩාරනායක ශාලාවයි.

විශ්ව විද්‍යාලය තුල පිහිටි ආපන ශාලාවල ආහාර මිල සාපේක්ෂව අඩු නිසා සිසුහු ඒවායින් ආහාර ගැනීමට පුරුදුව සිටිති. නමුත් ඇතැම් අවස්ථා වලදී හූනන්, කැරපොත්තන් වැනි සතුන් පවා ආහාර තුල හමුවීම නිසා සිසුන් මුහුන දෙන්නේ විවිධ අපහසුතාවයන්ටය.

එමෙන්ම ශාස්ත්‍ර පීඨය තුල දේශන ශාලා සම්බන්ධ අර්බුදය උත්සන්න වී ඇත. එම පීඨයේ ශිෂ්‍යයින් හාරදහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලැබුවද තවමත් දේශන කටයුතු සිදු කරන්නේ ප්‍රමානවත් ඉඩකඩ හා සනීපාරක්ශක පහසුකම් නොමැති සුමංගල ගොඩනැගිල්ල තුලය. ඉඩකඩ හිඟය නිසා ඇතැම් විට ආචාර්යවරුන්ට සිසුන් සමග දේශන ශාලා සොයා සුමංගල ගොඩනැගිල්ල පීරීමට සිදුව ඇත. කලමනාකරන පීඨයේ කටයුතු වලට අවශ්‍ය පරිගනක මධ්‍යස්ථානයක් සහ ඉංග්‍රීසි ඉගැන්වීම් ඒකකයක් ඉදි කිරීමට යෝජිත බව පරිපාලනය වසර ගනනාවක් පුරා පැවසුවද එය මෙතෙක් ඉදිකර නොමැත.

සිසුන්ට අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය ඇතැම් දෑ වල බර දැරීමට සිදුව ඇත. ක්ෂේත්‍ර චාරිකා යාමේදී සිසුන්ගෙන් මුදල් එකතු කරන අතර විද්‍යාගාර සඳහා අවශ්‍ය විද්‍යාගාර කබා (ඛ්ඉ ජද්එ) මිලදී ගත යුත්තේ සිසුන්ගේ පෞද්ගලික වියදමිනි. මීට අමතරව මහපොල ශිෂ්‍යාධාරය ලබාදීමේදි සියයට අසූවේ පැමිනීමේ ප්‍රතිශතය සලකා බැලීමද සිසුන්ට දැඩි පීඩාවකි. සිය වියදම් පියවාගැනීම සඳහා අර්ධ කාලීන රැකියා වල නිරතවීම නිසා මෙම සියයට අසූව සම්පූර්න කිරීම බොහෝ සිසුන්ට අපහසුය.

මෙම විශ්ව විද්‍යාලයට මෑතකදී එක් වූ ඉංජිනේරු සහ තාක්ෂන පීඨ වල ගැටලු රාශියක් පවතී. සිසුන් බඳවා ගෙන අවුරුදු තුනකට ආසන්න කාලයක් ගත වුවද ඒවා තවමත් පවත්වාගෙන යන්නේ තාවකාලික ගොඩනැගිලි වලය. ඉංජිනේරු සිසුන්ට වසර දෙකකින් ස්ථිර පීඨ සංකීර්නය සාදා දෙන බවට පොරොන්දු වී ඇතත් මේ වන විට තුන් වන වසරත් ගෙවෙමින් පවතී. එම පීඨය විශ්ව විද්‍යාලයේ සිට විශාල දුරකින් පිහිටා ඇති හෙයින් සිසුන් විශාල අපහසුතා වලට මුහුන දෙයි. කුලියට ලබාගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන තාක්ෂන පීඨයේ ප්‍රමානවත් තරම් ආචාර්යවරුන්, දේශන ශාලා සහ විද්‍යාගාර නොපවතින අතර උපාධියේ ගුනාත්මකභාවය පිලිබඳ ගැටලු මතුවී ඇත.

තාක්ෂන පීඨයේ දෙවන වසර සිසුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට සඳහන් කර සිටියේ ඔවුන්ට ලබාදීමට නියමිතව ඇති බීටෙක් නම් තාක්ෂන උපාධිය ඇත්තේ ලංකාවේ පමනක් බවයි. එමෙන්ම ඔවුන්ගේ පාඨමාලාවේ අන්තර්ගතයන් දැක්වෙන පොරොන්දු පත්‍රය (ඡරදිචැජඑ) මේ වන විට තුන් වතාවක් වෙනස් වී ඇති බැවින් නව පොරොන්දු පත්‍රය සහ ඔවුන් ඉගෙන ගත් විෂයයන් අතර පරස්පර විරෝධයක් පවතින බවද ඔහු කීය. එම නිසා රැකියා සොයා ගැනීමේදී ගැටලු වලට මුහුන දීමට සිදුවන බව ඔහු සඳහන් කලේය.

වර්ගවාදී යුද්ධය සමයේ සහ ඉන් පසුව ආරම්භ කල විශ්ව විද්‍යාල සහ පීඨ සියල්ලේම තත්වය මේ හා සමානය. උසස්පෙල සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාවට සරිලන පරිදි විශ්ව විද්‍යාල ප්‍රසාරනය නොකිරීම සම්බන්ධයෙන් වැඩුනු මහජන විරෝධය යටපත් කරගැනීමට අටවා ඇති මේවායේ පහසුකම් ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

මෙම ගැටලු සම්බන්ධයෙන් සිසුන් දිගින් දිගටම විරෝධතා දැක්වුවද එකදු ප්‍රශ්නයකට හෝ විසඳුම් ලැබී නොමැත. 17 වෙනිදා විරෝධතාවය මධ්‍යයේ බෙදා හැරුනු පත්‍රිකාවේමත් මෙසේ සඳහන් වෙයි: “සියලු ගැටලු වලට අප මහා ශිෂ්‍ය සංගමය ලෙස දිගින් දිගටම අරගල කලද විශාල ගැටලු ප්‍රමානයක් ඉතිරිව ඇත”.

මෙවන් විරෝධතාවයන් නිමක් නොමැතිව පැවතියදීත් ආන්ඩුවට සහ පරිපාලනයන්ට විශ්ව විද්‍යාල තුල කප්පාදුව ඉදිරියට ගෙන යාමට හැකිව ඇත්තේ සිසුන්ගේ සටන්කාමිත්වයේ අඩුවක් නිසා නොව ඔවුන්ගේ නායකත්වයෙහි සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) බලපෑම් දැමීමේ බංකොලොත් දේශපාලනය හේතුවෙනි.

මෙම දේශපාලනයට අනුව අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් කප්පාදු කිරීම ධනේශ්වර අර්බුදයේ අනිවාර්ය ප්‍රතිඵලයක් නොව, පාලකයන්ගේ දෘෂ්ටිවාදාත්මක තෝරා ගැනීමකි. එම නිසා ධනපතික්‍රමය එසේම පැවතියදී පාලකයන්ට බලපෑම් දැමීමෙන් මෙම ප්‍රශ්න වලට විසඳුම් ලබාගත හැකි බව ඔවුහු සිසුන්ට කියා සිටිති. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිපාලනයට බලපෑම් දැමීමෙන් මෙම ගැටලු නොවිසඳුනු කල ඔවුන් යූජීසී ය අසලට ගොස් විරෝධතා දක්වන්නේ එබැවිනි.

අවිශිබමයේ ව්‍යාජ පහැදිලි කිරීම්වලට පටහැනිව මේ කප්පාදුව හා පුද්ගලීකරන පිලිවෙත් ගලා එන්නේ ධනපති ක්‍රමය ගෝලීයව මුහුන දී අති ප්‍රගාඪ අර්බුදය තුලිනි. ධනපති පාලක පන්තියට තෝරාගැනීමට ඇති එකම විසඳුම වනුයේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සියල්ල කපා හරිමින් තම අර්බුදයේ බර මහජනතාව මත පැටවීමයි. නිදහස් අධ්‍යාපනයට එල්ල වන ප්‍රහාරය එහි අත්‍යන්ත කොටසකි. එබැවින් ආන්ඩු වලට බලපෑම් දැමීමෙන් මෙම පිලිවෙත් ආපසු හැරවිය නොහැක.

මෙම ප්‍රහාරයන්ට තිත තබා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගත හැකි වන්නේ ලාභ ගරන ධනපති ක්‍රමය පෙරලා දමා සමාජ අවශ්‍යතාවයන් මත සමස්ත ආර්ථිකයම ප්‍රතිසංවිධානය කිරීම එල්ල කරගත් සටනකිනි. එය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒමෙන් පමනකි.

ඒ සඳහා නායකත්වය දියහැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය පිටුපස සිසුන් සහ ගොවියන් ඇතුලු අවශේෂ පීඩිතයන් පෙල ගැසිය යුතුය. එවන් වැඩපිලිවෙලකට සහමුලින්ම හතුරු අවිශිබම යෙන් බිඳී, ඒ සඳහා සිසුන් අතර සටන් වදින එකම සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සමග එක්වන ලෙස අධ්‍යාපනය ඇතුලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීමට උත්සුකවන සියලු සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: