රෝහිනී හෙන්ස්මන්ගේ Indefensible: The ISO discovers its muse —the CIA රැකිය නොහැකි අය: අයිඑස්ඕ සංවිධානය සිය උනන්දුව සීඅයිඒ සංවිධානයට බව සොයාගනී -3 කොටස

Rohini Hensman’s Indefensible: The ISO discovers its muse —the CIA—Part 2

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2018 දෙසැම්බර් 17

3කොටස

මෙම ලිපිය රෝහිනී හෙන්ස්මන්ගේ “නොරැකියහැකි අය: ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රතිවිප්ලවය සහ අධිරාජ්‍ය විරෝධයේ පුරසාරම්” නම් කෘතිය පිලිබඳ කොටස් හතරක විවේචනයේ තුන්වැනි කොටසයි.

ශතවර්ෂ කාලක එක්සත් ජනපද යුද්ධවලට අනුග්‍රහය දැක්වීම

හෙන්ස්මන් ඇගේ පොතේ ඉතුරු කොටස තුල කරන්නේ සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිතිව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරුන් විසින් 1990 ගනන් වල යුගොස්ලාවියාවේ දී ද, ඔබාමා යටතේ ලිබියාවේ හා යුක්රේනයේ දී ද දියත් කරන ලද එක්සත් ජනපද යුද්ධ වැල අනුමත කිරීමයි. ඇය පෙන්ටගනය ඉස්ලාමික ත්‍රස්තවාදි හෝ අන්ත-දක්ෂිනාංශික කොටස් සමග හවුල්ව කරන ලද මෙම යුද්ධ අලෙවි කරන්නේ සදාචාරයේ හා මානව අයිතිවාසිකම්වල නරුම කොඩියේ සෙවනේ ය. “අද දින කර්තව්‍යය වන්නේ දේශපාලනය තුලට සදාචාරය ඇතුලු කිරීමය, සදාචාරය ඉල්ලා සිටින්නේ සත්‍යය උදෙසා නැගී සිටීම යි, එහෙත් ඒ සඳහා ඊට වැඩි දෙයක් අවශ්‍යව ඇත; එනම් පැත්තක් ගැනීමයි”.

හෙන්ස්මන්ට “සදාචාරවත්” වීම වනාහී ඇමරිකානු යුද්ධ අලෙවිකිරීම උදෙසා යොදාගනු ලබන බොරු සහ ප්‍රකෝපකරනයන් වැලඳගැනීම ය. මෙම යුද්ධ වලට විරුද්ධ වන අය කෙරේ තම පිලිකුල වාවාගත නොහැකි ඇය, ඔවුන් වොෂිංටනයේ තර්ජනයට ලක්වන පාලන තන්ත්‍රවල ඉත්තන් යයි කියමින් මෙසේ ද කියන්නීය: බොස්නියාවේ මිලොසෙවික්, කරඞ්සික් සහ ම්ලඩික් ද රුසියාවේ පුටින්, ඉරානයේ සහ ඉරාකයේ කොමෙයිනි සහ ඛමෙයිනි ද සිරියාවේ අසාද් ද යන ඝාතකයන්ගේ පැත්ත ගැනීමට ව්‍යාජ අධිරාජ්‍ය විරෝධීන් දක්වන සූදානම තරම් කිසිවකින් ඔවුන්ගේ සදාචාරාත්මක පරාභවය එක්කොට නොදක්වයි.

මෙම පාලන තන්ත්‍ර නිසැකයෙන්ම ප්‍රතිගාමී ය. එහෙත්, පුටින්, ඛමෙයිනි, සහ අසාද් පරාජය කිරීමේ කර්තව්‍යය පවරන්නේ රුසියානු, ඉරාන සහ සිරියනු කම්කරු පන්තිය ට ය. කෙසේ වෙතත් මෙම පාලන තන්ත්‍රයන් ඉලක්ක කොට දියත් කොට තිබෙන අධිරාජ්‍යවාදී යුද්ධ හෙන්ස්මන් විසින් අනුමත කරනු ලැබීම මගින් ඇය ඇද දමා තිබෙන්නේ, නැටෝ හමුදාව විසින් අවුලුවා තිබෙන ලේ හැලීම් වලට සහාය දීමට පමනක් නොව නැගෙනහිර යුරෝපය සහ මැද පෙරදිග ප්‍රතිගාමී පාලන තන්ත්‍රයන්ට සහයෝගය දැක්වීමට ද වේ.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව නැටෝ බලවත්තු යුගොස්ලාවියාව සමන්විත සමූහාන්ඩු වල ස්වෛරී භාවය ප්‍රකෝපකාරී ලෙස පිලිගනිමින් ඒ රට කැබලි කිරීමට 1992 සිට වහාම වැඩට බැස්සෝ ය. මෙය ක්‍රොඒසියාවෙ, බොස්නියාවෙ, සහ අන්තිමේ දී කොසොවෝ හි දරුනු වර්ගවාදී යුද්ධ මාලාවක් ඇති කොට අන්තිමේ දී කොසෝවෝහි ස්වෛරිත්වය ට සහාය දෙනු වස් නැටෝව, යුගෝස්ලාවියාවට බෝම්බ හෙලීම දක්වා ගමන් කලේ ය. වොෂිංටනය සහ නැටෝ බලවතුන් යුගොස්ලාවියාවේ සර්බ් සමූහාන්ඩුවේ බෙල්ග්‍රෙඞ් නගරයේ මධ්‍යම ආන්ඩුවට හිතවත්කම් දැක්වූ සර්බ් හමුදාවන්ට නිරතුරුව පහර දෙන තතු තුල එදිරිවාදී ජාතිකවාදී කන්ඩායම් විසින් ජනකාය කබැලිවලට ඉරා දමන ලදී.

සමාජවාදී පිලිවෙතක් පදනම් වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීම මතය. අපගේ ප්‍රවිෂ්ටය මාක්ස්වාදය විසින් පිහිටුවන ලද සම්භාව්‍ය පන්ති පදනමයි. එසේ වෙතත්, හෙන්ස්මන් වොෂිංටනය සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සගයන් විවේචනය කරන්නේ යුගොස්ලාවියාවට බෝම්බ දැමීම වඩාත් ආක්‍රමනශීලී ලෙස නොකිරීමත් සර්බ් ජාතිකයන්ට වඩාත් දරුනු ලෙස පහර නොදීමත් උඩය. “සර්බ් ජාතිවාදීන් යුගොස්ලාවියාව සැබැවින් ම කැබලි වලට ඉරා දමන තෙක් ම, ඔවුන් ට බෝම්බ දැමීමට අසමත් වූ බටහිර බලවතුන්ගේ නිර්ලජ්ජිත භාවය” ගැන ඇය වැලපෙන්නීය.

1995 දී සියලු සර්බ් ජාතිකයින් ක්‍රොඒසියාවෙන් නෙරපා ලූ නැටෝවේ ආධාර ලත් ජනවාර්ගික සුද්ධය පිලිබඳව ද බොස්නියාවේ ඉස්ලාමික භටයන් සමග අල්ඛයිඩාවේ සම්බන්ධකම පිලිබඳව ද හෙන්ස්මන් නිහඬය. හෙන්ස්මන් මුලුමනින් ම එල්ලෙන්නේ සර්බියාවට එරෙහිව නැටෝවේ බෝම්බ දැමීම යුක්තිසහගත කිරීම සඳහා, නැටෝ නිලධාරීන් ගෙතු, අන්‍ය ජාතික කොටස් වලට එරෙහි සර්බියානු ජනඝාතනයන් පිලිබඳ අතිශයොක්තියට නගන ලද චෝදනාවලය. කෙසේ වෙතත් යුගොස්ලවියනු ජනාධිපති ස්ලොබොදාන් මිලොසෙවික් සහ සර්බියානුවන් මිනිසුන් 100,000ක් හෝ 250,000 ක් තරම් සංඛ්‍යාවක් මරාදැමූ බවට නැටෝව චෝදනා කල නමුත් අන්තිමෙදී මිලොසෙවික් වගකිවයුතුයයි තීන්දු කරන ලද්දේ මරන 391 කට පමනි.

ත්‍රස්තවාදී සංවිධානයක් යයි වොෂින්ටනය විසින් නිලවශයෙන් නම් කරන ලද, එහෙත් යුගොස්ලාව් යුද්ධයේ දී ඔවුන්ට සහාය දුන්, අල් කයිඩා-බද්ධ කොසොවො විමුක්ති හමුදාවට ද හෙන්ස්මන් සහාය පුදයි. ඇය මෙසේ ලියන්නීය: කේඑල්ඒ සංවිධානය “ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ගරිල්ලා යුද්ධයක් සංවිධානය කලේ එම සංවිධානයේ නායක හසිම් ට්‍රසි පිලිගත් පරිදි අප ආරම්භ කල කුමන සන්නද්ධ ක්‍රියාවක් වුව සිවිල් ජනයා ට එරෙහි පලිගැනීම් ක්‍රියා වලට හේතු වන බව ඔවුහු හොඳින් දැන සිටියාහ. සිවිල් ජීවිත විශාල ගනනක් අනතුරේ හෙලන බව අපි මැනවින් දැන සිටියෙමු. මෙහිදී ඔහු නිවැරදි විය. සර්බ් ආරක්ෂක හමුදා මෙම ගරිල්ලා ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වුයේ සිවිල් ජනයා ඉවක් බවක් නැතිව ඝාතනය කිරීමෙනි.”

එසේ වුවද, හෙන්ස්මන් උනන්දුවෙන් ඉදිරිපත්ව සිටින්නේ කේඑල්ඒ සහ එහි මිතුරන්ට ආධාර කිරීමට අධිරාජ්‍යවාදී මැදිහත් වීම වඩාත් උත්සන්න කල යුතු යයි ඉල්ලා සිටීමට ය. ඇය මෙසේ ලියයි.

බින්හැම්ටන් සරසවියේ විශ්‍රාමික මහාචාර්ය වරයෙකු වන ජේම්ස් පෙට්රාස් ට අනුව:“බොහෝ යුරෝපීය හා එක්සත් ජනපද ප්‍රගතිශීලීහු එ.ජ. සහාය ලත් බොස්නියානු අන්තවාදීන්ට ද, ක්‍රොඒසියානු නව ෆැසිස්ට්වාදීන්ට ද කොසෝවාර් -ඇල්බේනියානු ත්‍රස්තවාදීන්ට ද සහාය දුන්නෝය. පෙර ස්වෛරී රාජ්‍යයන් ලෙස පැවති මෙම රාජ්‍ය අමරිකානු යුද කඳවුරු බවට ද සහචර පාලන තන්ත්‍ර බවට හා ආර්ථික ආයෝජිත කලාප බවට ද, පරිවර්තනය කොට බහුවිධ යුගෝස්ලාව් සුභ සාධක රාජ්‍යය මුලුමනින්ම විනාශ කර දැමීම ට ද වාර්ගික විශෝධනයට ද මග පාදනු ඇත.” (පෙට්රාස් 2009, 117). සමූලඝාතනයට ලක් කෙරුනු බොස්නියානු මුස්ලිම් වරුන් “අන්තවාදීන්” යයි ද සිය රටින් පන්නා හරිමින් ඝාතනයට ලක් කෙරුනු කොසොවාර් ඇල්බේනියානුවන් “ත්‍රස්තවාදීන්” යයි ද නම් කිරීමේ දී සර්බ් ජාතිකවාදීන් කරගෙන ගිය ජනවාර්ගික සුද්ධය පිලිබඳව නිස්ශබ්ද වීමේ ද විසකුරු අයුක්තිය පෙන්නුම් කරන්නේ පෙට්රාස් සැබවින්ම හිටගෙන ඉන්නේ කොතැන ද යන්නයි.

හෙන්ස්මන් නැටෝව 2011 දී ලිබියාවේ කල යුද්ධය ද ආරක්ෂා කරයි. නැටෝවට උවමනා වුයේ බෙන්ඝාසි නගරයේ විරෝධතා වලට එල්ලවූ රාජ්‍ය මර්දනයේ දී ලේ වැගිරීම වැලැක්වීමට ය යන ව්‍යාජය මත නැටෝව විසින් දියත් කරන ලද මෙම ආක්‍රමනය මාස හයකට පසුව අවසන් වූනේ මුලුරටටම එක දිගට බෝම්බ දැමීමෙන් හා ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆි ඝාතනය කරමිනි. හෙන්ස්මන් එන්පී ඒ සංවිධානයේ ද ගිල්බට් අච්කාගේ ද ලිබියානු සහ සිරියානු යුද්ධයට පක්ෂ වූ ආස්ථානයන් අනුමත කරමින් මෙසේ ලියයි. “ගිල්බට් අච්චර් වැනි සමහර සමාජවාදීන් ද යුද්ධ විරොධීන් ද නැටෝ ව විසින් පනවන ලද ගුවන් තහනම් කලාප වලට විරුද්ධ නොවීමට තීන්දු කලහ. මෙම ආස්ථානය යුක්ති සහගත කිරීමට අච්චර් මෙසේ තර්ක කලේ ය. මුල් දිනයේ පටන් ගුවන් තහනම් ප්‍රදේශයට විරුද්ධ වීම මගින් ඔබ කරන්නේ කැරලි කරුවන් විසින් ම කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම ය. එහෙයින් ඔබ හැසිරෙන්නේ බෙන්ඝාසි ජනගහනයේ ඉරනම ඔබේ පාරිශුද්ධ අධිරාජ්‍ය විරෝධයට මුලුමනින්ම දෙවැනිකොට සලකාගෙනය.” අච්චර් විසින් කරනු ලබන අධිරාජ්‍ය විරෝධය හෙලා දැකීම කෙරෙහි හෙන්ස්මන් මුලුමනින්ම එකඟ ය.

ඇය යුද්ධයට විරුද්ධ වන්නවුන් සමාන කරන්නේ “පැව්ලොව් ගේ බල්ලන්ටය- සීනුවක නාදය අසෙනවිට, තමන්ට සැබවින්ම ආහාර ලැබෙන්නට යන්නේ යයි සිතා ඒ අනුව ප්‍රතිචාර දැක්වීමටය. නැටෝව ක්‍රියාත්මක වී තිබුනේ ය යන කාරනය හැර වෙන අන් කිසි දෙයක් වැදගත් වූයේ නැත. ලිබියානුවන් සිතුවේ, කීවේ හෝ කලේ කුමක් ද යන්න සරලවම මොවුන්ට වැදගත් වූයේ නැත. මේ අධිරාජ්‍ය -විරෝධියෝ ලිබියානුවන් ඔවුන්ගේ ම විප්ලවයෙන් ඉවතට ඇද දමූහ. ලිබියාව දූෂනය කර අවුරුදු හතකට වැඩි කාලයකට පසු අච්චර් මහා අධිරාජ්‍යවාදී අපරාධයක ප්‍රචාරකයා ලෙස එලිදරව් වී තිබේ. සිරියාවේදීට වඩා ලිබියාවේ දී නැටෝ සංවිධානයේ අනුහසින් සිද්ධ වූ “ප්‍රජාතන්ත්‍ර විප්ලවයක් “ නැත්තේ ය. ටි්‍රපොලි, සර්තේ, සහ අනෙකුත් නගර වල 30,000 කට අධික ජනකායක් නැටෝවේ බෝම්බ වලින් මරා දැමුනු පසුව රට, උනුන් කාකොටා ගන්නා ඉස්ලාම් මිලිෂියාවන්හි අද දක්වාම පවතින සිවිල් යුද්ධයකට ඇද වැටී තිබේ. ඒ අතරතුර යුරෝපය කරා සංක්‍රමනය වැලැක්වීම අරමුනු කරගත් වහල් වෙලඳ පොලවල් ද යුරෝපා සංගමය විසින් මුදල් සැපැයුනු සිර කඳවුරු ද ලිබියානු නගර තුල එලිපිට ක්‍රියාත්මක වේ.

යුක්රේනයේ රුසියාවට පක්ෂපාතී ජනාධිපති වික්ටර් යනුකොවිච් පෙරලා දැමූ මයිදාන් විරෝධතා වටා සංවිධානය වූ නැටෝ සහාය ලත් බල කොල්ලයට හෙන්ස්මන් සහාය දෙයි.

එක්සත් ජනපද නිලධාරීන් විසින් දක්ෂිනාංශික හා නව- ෆැසිස්ට් පක්ෂ හා එක්ව මෙහෙයවන ලද්දාවූ ද යුරෝපා සංගමය සමග එකතු වීමට පක්ෂ වූ කියෙව් නුවර සහ බටහිර යුක්රේනයේ මධ්‍යම පන්ති කොටස් බලමුලුගන්වා ගත් බල කොල්ලය මෙහෙයවන ලද්දේ දක්ෂිනාංශික නව යුක්රේනියානු නිව්-නාසි රයිට් සෙක්ටර්නෙම් සංවිධානය විසිනි.

එය ෆාදර්ලන්ඞ් පක්ෂයේ අර්ස්නිය් යට්සෙන්යුක් ද වෘත්තිමය බොක්ෂින් ක්‍රීඩක වසිලි ක්ලිට්ස්ස්චෙන්කො ගෙ යුක්රේනියන් ඩිමොක්‍රටික් අ’ලයන්ස් ෆොර් රිෆොර්ම්ස් (ප්‍රතිසංස්කරන සඳහා යුක්රේනියනු සන්ධානය) හෙවත් යුක්රේනියනු බසින් පන්ච් සහ නියො ෆැසිස්ට් ස්වොබෝධා පක්ෂය සහ ඔලහ් ටියනිබොක් ද අතර සන්ධානයක් ඔවුන් බලයට පත් කලේ ය.

2012 දෙසැම්බර් 13 වන විටත් ස්වොබෝදාව, යුරෝපීය පර්ලිමේන්තුව සම්මත කල නීතියකින් හෙලැදැකීමට පාත්‍රව සිටි යේ ය. එහි දී ඊයූව, ස්වොබොදා පක්ෂයට ලැබුන සහයෝගය තුල ප්‍රකාශිත වූ යුක්රේනයේ ජාතික හැඟීම පිලිගනිමින්, ස්වොබොදාවෙ ෆැසිස්ට්, යුදෙව් විරෝධී පරභීතික මතයන් විවේචනය කරමින් “මේ පක්ෂය අසුරු කිරීම, අනුමත කිරීම, හෝ එය සමග සන්ධානයට” නොයන මෙන් අනෙක් අයට කියා සිටියේ ය.

එසේ වුව ද, වොෂිංටනය, බර්ලිනය සහ මුලු යුරෝපා සංගමයම කියෙව් නුවර බල කොල්ලය වර්නනා කරමින් එම තන්ත්‍රයේ පාලනයට සහාය ප්‍රකාශ කලේ ය. ඒ ඇසොව් බි්‍රගේඞ් වැනි අන්ත දක්ෂිනාංශිකයින් මැදි කරගෙන තන්ත්‍රය විසින් නැගෙනහිර යුක්රේනයේ රුසියානු බස කථාකරන ජනතාවට එරෙහිව දියත් කරන ලද ප්‍රහාර මධ්‍යයේය. ඒ සමගම ආන්ඩුව නැගෙනහිර යුක්රේනය තුල සංකේන්ද්‍රනය වී තිබෙන ගල් අඟුරු හෑරීම හා බැර කර්මාන්ත සඳහා කරන වියදම් කපා දමුවේ ය.

මෙය ආර්ථික අවපාතයට සහ සිවිල් යුද්ධයට රට ඇද හෙලීය. කියෙව් නුවර බලකොල්ලයෙන් ඉක්බිති මෙම යුද්ධය සහ රුසියානු බස කතා කරන ක්‍රිමියානු ජනතාව යුක්රේනයෙන් වෙන් වී රුසියාවට එක් වීමට ගත් තීන්දුව ද කඩතුරාව කරගෙන නැටෝ සංවිධානයේ රටවල් විසින්, නැගෙනහිර යුරෝපයේ රුසියානු දේශ සීමා දිගේ ප්‍රධාන මිලිටරි බලමුලුගැන්වීමක් සඳහා පියවර ගන්නා ලදී. මෙම පාලන තන්ත්‍රය, දෙවන ලෝක යුද්ධ සමයේ සෝවියට් සංගමය ආක්‍රමනය කල යුක්රේනියානු ජාතිකවාදීන්ගේ ෆැසිස්ට් සංවිධානයන්ට (ඕයූඑන්) බැඳී එරට යුදෙව් ජාතිකයන්ට එරෙහිව සිදු කරන ලද හොලොකොස්ටය (මහා ජන ඝාතනය) ට සහභාගි වූවන් අතරින් දැනට ජීවත්ව සිටින්නන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට පටන්ගත්තේ ය.

මොස්කව්හි පවතින්නේ යයි ඈ කියන ෆැසිස්ට් පාලනය ද පුටින් යක්ශයෙකු ලෙස මවා පෙන්වමින් ඔහුට ද එරෙහි අරගලයක් ලෙස මවා පෙන්වන කියෙව් නගරයේ ෆැසිස්ට් බලකොල්ලයට හෙන්ස්මන් සුදු හුනු ගාන්නීය.

ඇය මෙසේ ලියයි, “නව ස්ටැලින්වාදී කියවීමට අනුව, මෙය ෆැසිස්ට් නැගිටීමක් වී ය. එහෙත් සාධක පෙන්නුම් කරන්නේ වෙනත් දෙයකි. අන්ත -දක්ෂිනාංශික ජාතික වාදීන් එහි පන්ගුකාරයින් වුව ද ඔවුන් විශාල ප්‍රසිද්ධියක් ලබා ගත්ත ද 2014 ජනාධිපතිවරනයේ දී හා පාර්ලිමේන්තු මැතිවරනයේදී ඔවුන් ලත් තැන ශෝචනීය විය. 2014 මැයි ජනාධිපති වරනයේ දී අන්ත ජාතිවාදී ස්වොබොදා පක්ෂය ද රයිට් සෙක්ටර් පක්ෂ ද එකිනෙකා ලබාගත්තේ සියයට 1 බැගිනි.”

කියෙව් නුවර බලකොල්ලයේ සියලුම විරුද්ධවාදීන් ක්‍රෙම්ලිනයේ මෙවලම් යයි මඩ ගැසීමට හෙන්ස්මන් යලිත් තතනයි. “තමා සමාජවාදියෙක් හෝ කොම්යුනිස්ට්වාදියෙක් යයි හෝ කියා ගන්නේ වත් නැති, අන්ත දකුන සමග විවෘතව සම්බන්ධකම් පවත්වාගෙන යන පුටින්ට සහයෝගය දැක්වීම ගැන ඇය ඔවුන් හෙලා දකියි. ඇය ඔවුන් පුටින්ට දක්වන සහාය මඟින් මොවුන්, පැරනි රුසියානු අධිරාජ්‍යයේ යුක්රේනය වනි කොටස් වල තමන්ට යටත් පාලනතන්ත්‍ර පිහිටුවාගැනීමට ඔහුට ආධාර කරන්නේ යයි” ඇය ඔවුන් හෙලා දකියි.

රුසියා විරෝධී මෙහෙයුම සහ හෙන්ස්මන් යුක්රේනියානු ෆැසිස්ට්වාදය වැලඳ ගැනීම

හෙන්ස්මන් කියෙව් නුවර බලකොල්ලය ට පක්ෂව ගොතන තර්කයේ හදවතෙහි ඇත්තේ නව ෆැසිස්ට් ප්‍රචාරයට නොවැඩි දෙයක් මත පදනම්ව රුසියාව සහ ව්ලඩිමිර් පුටින් යක්ශයන් සේ දැක්වීමයි. පුටින් වනාහි යුරෝපයේ අන්ත දක්ෂිනාංශික බලවේගයන් සමග සන්ධාන අතිකර ගනිමින් අද රුසියාව පාලනය කරන ප්‍රතිගාමී, පශ්චාත් -සෝවියට් ධනේශ්වර චෞර තන්ත්‍රයේ නියෝජිතයා ය. කෙසේ වෙතත්, හෙන්ස්මන් පුටින්ට පහර දෙන්නේ රුසියාවේ පරපුටු ධනේශ්වර කතිපයාධිපත්‍යය ට එරෙහි කම්කරු පන්ති විරුද්ධ පක්ෂයේ ආස්ථානයෙන් නොව, සෝවියට් සංගමය කෙරෙහි පවත්නා උම්මත්තක වෛරයෙනි.

හෙන්ස්මන් සෝවියට් සංගමය පින්තරු කරන්නේ මිහිපිට අපායක් ලෙස ය. ඇය ස්ටැලින්වාදී තන්ත්‍රය විවේචනය කරන්නේ එය විසින් ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය ප්‍රතික්ෂේප කිරීම සහ ට්‍රොට්ස්කි විසින් නායකත්වය දෙන ලද වාමාංශික විපාර්ශවය සහ හතරවන ජාත්‍යන්තරය තුල වූ ජාත්‍යන්තරවාදී මාක්ස්වදීන් ද දේශපාලනිකව මහා ජනඝාතනයකට ලක් කිරීම උඩ නොවේ. ඒ වෙනුවට ඇය සමස්ත සෝවියට් සංගමයම හෙලාදකින්නේ එය ජන ඝාතක ෆැසිස්ට් තන්ත්‍රයක් ලෙස සලකමිනි. මේ කඨෝර මුසාකරනය මත පදනම්වන ඈ දිදුලන ලෙස ප්‍රතිගාමී වු තර්කයක් ඉදිරිපත් කරයි. එනම්, නාසිවාදී යුක්‍රේනියානු ෆැසිස්ට්වාදීන් සටන් කරන්නේ සෝවියට් “අධිරාජ්‍යවාදයට” එරෙහිව ජාතික විමුක්තිය සඳහාය යන්නයි.

මොනම කරුනුමය සාධකයකින් හෝ තොරව හෙන්ස්මන් සෝවියට් සංගමය පිලිබඳව ඉදිරිපත් කරන චිත්‍රය, කඨෝර ප්‍රති-කොමියුනිස්ට්වාදී විකෘතියකි. හෙන්ස්මන් ට අනුව, “සෝවියට් කම්කරුවන් මුහුන පා සිටි තත්වයන් බි්‍රතාන්‍යයේ කාර්මික විප්ලවය සමයේ කම්කරුවන් වින්දාවූ දුක් වේදනාවන්ට සමානය; එහෙත් රුසියාවේ වහල් ශ්‍රම කඳවුරු වල තත්වය - ඊටත් වඩා නරක ය. ඒවා තුල ජනයා සිර කරනු ලැබුවේ දේශපාලන මතභේද උඩ පමනක් නොව පාන් සොරකම් කිරීම වැනි සුලු වැරදි නිසා ද ය.”

හෙන්ස්මන් කියන පරිදි, සෝවියට් සංගමයේ රුසියානු නොවන සමූහාන්ඩු නිර්දය ජන වාර්ගික සුද්ධය සහ ජන ඝාතනය ට ලක් විය “සෝවියට් අධිරාජ්‍යවාදය ද එහි විජිත ද අතර සම්බන්ධතාවය සම්භාව්‍ය අධිරාජ්‍යවාදය ට සමාන විය... රුසියානු නොවන ප්‍රාන්ත තුල රුසියානුවන් පැලපදියම් කිරීම සඳහා ස්වදේශීය ජනතාව පිටිවාහල් කරන ලදී. එමඟින් රුසියානු භූගෝලයම වෙනස් කරන ලදී. විශේෂයෙන්ම ඉලක්ක කරගන්නා ලද්දේ කොකේසස්හි සහ ක්‍රිමියාවේ මුස්ලිම් ජාතීන් ය; 1943 සහ 1944 අවුරුදු වල දී මුලු කර්චායි ජනගහනය ම ද , කැල්මික්, චෙලෙන් සහ ඉන්ගුශ් ජනකාය ද බල්කර්ස්, ක්‍රිමියානු ටාර්ට සහ මෙශ්කෙතියානු තුර්කීන්ද මුලුමනින්ම පාහේ අල්ලා පිටමන් කරන ලදී. එලවීමට නොහැකි වු කොටස් වලට වෙඩිතබා දමන ලද අතර ගම් ගිනිතබා සමතලා කරන ලදී.”

යුක්රේනයට හැරෙමින් හෙන්ස්මන් මෙසේ ලියයි: එහෙයින්, “එහි ජාතික විමුක්ති ව්‍යාපාරයක් පැනනැගීම මුලුමනින්ම යුක්තිසහගත ය. මෙම ව්‍යාපාරය 1929 -1922 දක්වා කාලය තුල යුක්රේනය සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ලෙස පිහිටුවීම මගින් කෙටි කාලීන සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් විය. ඉක්බිති ස්ටැලින් එය යලිත් යටත් විජිතයක් බවට පත් කර ගති. කලින් කොන්ව සිටි හා දක්ෂිනාංශික ජනවාර්ගික -ජාතිවාදී පක්ෂයක් ලෙස පැවැති යුක්රේනියානු ජාතිවාදීන්ගේ සංවිධානය (ඕයූඑන්) දෙවන ලෝක යුද්ධ සමයේ දී වැදගත්කමින් වැඩී ආවේ ය..”

දෙවන ලෝක යුද්ධ සමයේ “1943 දී ඕයූඑන් සංවිධානය පෝලන්ත ජාතිකයන්ද ඔවුන් සමග ජීවත් වු යුදෙව්වන් ද මරා දමමින් ජනවාර්ගික සුද්ධයක් කලේ ය” යි හෙන්ස්මන් ඉතිහාසඥ ටිමොති සින්ඩර් ගෙන් උපුටා ගනිමින් ලියයි. “පුටින්වාදී ප්‍රචාරය පෙන්නුම් කරන යුක්රේනයේ ෆැසිස්ට් ඉතිහාසය” යයි ඇය සඳහන් කරන්නේ මෙයටය. කෙසේ වෙතත්, මෙම ඉතිහාසය සාරභුත වශයෙන් ගත් කල්හි අදාල වන්නේ නැතැයි ඇය ලියන්නීය. “ස්ටැලින් ද බොහෝ රුසියනුවන් ද කලාක් මෙන්, අති බහුතරයක් යුක්රේන ජාතිකයෝ නාසීන්ට එරෙහිව සටන් කල අතර සුලුතරයක් ඔවුන් ට සහාය දුන්නෝය. මෙම ඉදිරිපත් කිරීම අයිඑස්ඕ වේ ප්‍රති කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට් ප්‍රචාරය අතර වෙනස සහ මුලින්ම පාහේ මකා දමයි. එය, අන් සියල්ලටත් වඩා, ඔක්තෝබර් විප්ලවය, කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම සහ සෝවියට් සංගමය පැන නැගීමේ දැවන්ත ප්‍රගතිශීලී බල පෑම ප්‍රතික්ෂේප කරයි.

නායකත්වය යටතේ කම්කරු පන්තිය බලය අල්ලාගෙන රුසියාවේ ධනේශ්වර දේපල අහෝසි කිරීම මගින් හුදෙක් රුසියාවේ පමනක් නොව ලෝකය පුරාම මහා ජනතාවගේ ජීවන තත්වයන් හි යෝධ වෙනසක් ඇති කිරීමට සමත් විය. එක් පරම්පරාවකට ටිකක් වැඩි කාලයක් ඇතුලත, සාකල්‍යයෙන්ම ග්‍රාමීය වූ ද නූගත් වූ ද රටවල් ගොන්නක් ලෙස පැවැති කලින් රුසියානු අධිරාජ්‍යය නූතන, උගත්, නාගරික සමාජයක් කරා පරිවර්තනය විය. විද්‍යාවේ සහ කර්මාන්තයේ ඉමහත් වර්ධනයට පින්සිදු වන්නට, පසුගාමී, සාර්වාදී රාජාන්ඩුවේ වැටීමෙන් අවුරුදු 40ක් අතුලත 1957 දී රුසියාව ස්පුට්නික් නමැති මිනිසා විසින් ලෝකයේ හදන ලද ප්‍රථම උපග්‍රහයා (ි්එැකකසඑැ) කක්ෂගත කිරීමට සමත් විය.

සෝවියට් සංගමය ඩිකන්ස් ගේ කෘතිවල විස්තරවන වර්ගයේ නිරන්තර දරිද්‍රතාවයේ ද, ජනඝාතනයේ ද රටක් ලෙස හෙන්ස්මන් ගේ පාපී ස්වප්න වලට පටහැනිව සෝවියට් සංගමය ඇත්තවශයෙන් ම මග පෑදුවේ ජිවන කොන්දේසි සහ ආයුශ ඉමහත් ලෙස වර්ධනයකට ද එරට තුල විවිධ ජනවර්ගවල කම්කරුවෝ සාතිශයව ම සාමකාමීව එක්ව ජීවත් වෙමින් එකට වැඩ කිරීමට හැකි තත්වයක් ද නිර්මානය කිරීමටය.

එ මතු නොව, රුසියානු විප්ලවයේ අනුහස සෝවියට් සංගමයේ දේශසීමා වලින් බොහෝ ඈතට ගමන් කලේ ය. සෝවියට් සංගමය නාසි ජර්මනිය සමග සහයෝගී වී යයි හෙන්ස්මන් කරන චෝදනාව ඓතිහසික මුසාවකි. නාසි ජර්මනියේ පරාජය, යුරෝපීය ෆැසිස්ට්වාදය අහෝසි කිරීම සහ 1949 චීන විප්ලවයට පෙරාතුව ජපන් අධිරාජ්‍යවාදීන් චීනය යටත් කර ගැනීම පරාජය කිරීම සහ අන් සියල්ලටමත් වඩා සෝවියට් ජනයාට එරෙහිව නාසි ජර්මනිය කරන ලද සමූලඝාතක යුද්ධය පරාජය කර සෝවියට් සංගමය ලත් ජයග්‍රහනය මීට සාක්ෂි දරයි. මේ මඟින් ලෝකය පුරාම පන්ති සම්බන්ධතා ප්‍රතිවර්තනය විය.

ධනේශ්වර පාලනයට එරෙහි ශක්‍ය විකල්පයකට මුහුනපා සිටි ඇමරිකාව, යුරෝපය සහ ඉන් ඔබ ධනේශ්වර පන්තියට බලකෙරුනේ කම්කරු පන්තියට සුවිසල් සහනයන් ද එහි සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ද ලබා දීමට ය,

විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධයට ඉක්බිත්තේ, ෆැසිස්ට්වාදයේ අපරාධයන් මගින් යුරෝපීය හා ජපන් ධනවාදය අපකීර්තියට පත් වු තතු තුල, තතු එසේ විය. සමාජ විප්ලවයේ සැබෑ අනතුර ට මුහුන දී ගෙන ඔවුහු සුභ සාධක රාජ්‍ය සහ පාර්ලිමේන්තු තන්ත්‍ර ගොඩ නගා ගත්තෝ ය. යුරෝපීය යුදෙව් විරෝධය ද අමරිකානු වර්ගභේදවාදය පිලිබඳ නීති සම්පාදනය ද ප්‍රතිසංස්කරන ද මගින් එය සමනය කිරීමට බැලූහ. ට්‍රොට්ස්කි ගේ ක්‍රියා කලාපය මත පදනම්ව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක් ම ලෝක යුද්ධයේ සහ ෆැසිස්ට්වාදයේ අන්තරාය දිගටම පවතින බව අවධාරනය කලේ ය. කම්කරු පන්තිය විසින් දිනාගන්නා ලද කිසිම දෙයක් ලෝක ධනවාදය ඉතුරුව තිබෙන තාක් ආරක්ෂිත නොවනු ඇත. 1930 සහ 1940 සමයේ ඔක්තොබර් විප්ලවයේ බොල්ශෙවික් නායකයන් ඝාතනය කොට, ලෝක සමාජවාදී විප්ලවය ප්‍රතික්ෂේප කරමින් අධිරාජ්‍යවාදය සමග සහ-ජීවනය ට වෙරදැරූ - වරප්‍රසාදිත ස්ථරය වන සෝවියට් නිලධරය ට්‍රොට්ස්කි අනතුරු හඟවා තිබුනු පරිදි අන්තිමේ දී 1991 දි, එරට තුල ධනවාදය පුනස්ථාපනය කිරීමට සමත්විය. එම තතුතුල කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමේ කර්තව්‍යය වඩාත් කෙලින් ඉස්මත්තට පැමිනියේ ය.

සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කෙරේ “රාජ්‍ය ධනවාදි” හෝ පැබ්ලෝවාදී ව්‍යාපාර වල මධ්‍යම පන්තික බලවේග ප්‍රතිචාර දැක්වූයේ මුලුමනින්ම වෙනස් ආකාරයකට ය. විදේශීයව සෝවියට් නිලධරයේ අනුග්‍රහය නැතිවීම ත්, කම්කරුවන් අතර වෘත්තිය සමිතිවල සමාජ පදනම දියවී යාමත් සමග ඉහත කී සංවිධාන, අධිරාජ්‍යවාදය, අර්ථික කප්පාදුව සහ යුද්ධය දෙසට හැරුනෝ ය.

මොවුන් 2014 කියෙව් බල කොල්ලය ද ඕයූඑම් සංවිධානය ජාතික විමුක්ති අරගලයක් ලෙස අනුමත කරන “නොරැකියහැකි අය” නම් කෘතිය ද වටා එක් රැස්ව සිටීම අනතුරු හැඟවීමකි. ඔවුන්ගේ “ව්‍යාජ ප්‍රජාතාන්ත්‍රික” පුරසාරම කුමක් වුවත් මෙම බලවේග ගමන් කරමින් සිටින්නේ ෆැසිස්ට් දිශාවට ය. සත්තකින් ම වත්මන් යුක්රේනය පිලිබඳ හෙන්ස්මන් ගේ තර්කවල අර්ථය වටහා ගැනීම, සෝවියට් සංගමය සහ දෙවන ලෝක යුද්ධය පිලිබඳව ඇය ඇදබාන බොරු හෙලි නොකොට කල නොහැකි ය. කීයෙව් බලකොල්ලයට සහයෝගය දීම සඳහා ඕයූඑන් සංවිධානය වැලඳ ගැනීමේ දී හෙන්ස්මන් කරන්නේ, නාසින්ගේ කුරිරුම අපරාධ වලට කෙලින්ම හවුල්වූ ව්‍යාපාරයක් ආරක්ෂා කිරීමයි. ඕයූඑන් පෝලන්ත ජනයාට එරෙහිව “ජනවාර්ගික සුද්ධයක්” සිදු කලේ යයි හෝ “යුදෙව්වන් මරා දැම්මේය”යි නිකම්ම සඳහන් කිරීම වනාහී ෆැසිස්ට්වාදයේ අපරාධ වලට සුදුහුනු ගෑමකි. ඕයූඑන් සංවිධානය, එනම් ඇත්ත වශයෙන්ම යුක්රේනියානු ෆැසිස්ට්වාදීහු සෝවියට් සංගමය තුල යුදෙව්වන්ට එරෙහි හොලොකෝස්ටයට එකතු වූ හ. ඉක්බිති ඔවුහු පෝලන්ත සහ යුදෙව් ජනතාව ලක්ෂ ගනනින් මරා දමමින් තමන්ගේ ම මහා ඝාතනය සිදුකලහ.

සෝවියට් සංගමයේ මුස්ලිම් සුලුතර කොටස් වලට විරුද්ධ ස්ටැලින්වාදී අපරාධ පිලිබඳ හෙන්ස්මන් කරන සැඳහුම ගතහොත්, ඒ වනාහී අයිඑස්ඕ සංවිධානයේ සම්භාව්‍ය දේශපාලන උපා මාරුවයි. සෝවියට් නිලධරයේ අපරාධ මත පදනම්ව, හෙන්ස්මන් සෝවියට් සංගමයේ සහ නාසි ජර්මනියේ අති මූලිකව වෙනස් ආර්ථික පදනම් සහ දේශපාලන මූලයන් සමානයයි ගනී. දෙවනු කී රට යුරෝපයේ අධිපති අධිරාජ්‍යවාදි බලවතා වූ අතර, සෝවියට් සංගමය වනාහී ජාතිකවාදී ස්ටැලින්වාදී නිලධරය යටතේ පිරිහීමට පත්ව තිබුනු නමුත් ඔක්තෝබර් විප්ලවය මගින් නිර්මානය කරන ලද කම්කරු රාජ්‍යයකි.

මිලියන ගනන් කම්කරුවන් විසින් ජාත්‍යන්තරව පිලිගනු ලබන පරිදි, සෝවියට් සංගමයට එරෙහිව නාසීන් දියත් කල සමූල ඝාතක යුද්ධය වනාහී අධිරාජ්‍යාවාදය විසින් කම්කරු රාජ්‍යයට එරෙහිව මෙහෙයවුනු යුද්ධයකි. ප්‍රති-මාක්ස්වාදී රුසියානු ජාතිකවාදී ස්ටැලින්වාදී නිලධරය යුද්ධය තුල දී, උදාහරනයක් හටියට ටාර්ට ජනවර්ගය ඔවුන්ගේ වාසභූමියෙන් මුලුමනින්ම ඉවත් කිරීම සහ කැටින් හිදි පෝලන්ත නිලධාරින් මහා පරිමානයෙන් ඝාතනය කිරීම වැනි භයංකර අපරාධ නොකලා නොවේ. එසේ වෙතත්, නාසීන්ද ඔවුන් හා සන්ධානගත යුරෝපීය හමුදා ද සෝවියට් සංගමයට එරෙහිව දියත් කොට තිබුනූ ජනඝාතක මහා ප්‍රහාරයෙන් එරට අරක්ෂා කර ගැනීමේ කර්තව්‍යය තීරක විය.

සෝවියට් සංගමය “රාජ්‍ය ධනවාදීය” යන ෂැට්මන්වාදීන් ගේ ආස්ථනය මත පදනම් වන හෙන්ස්මන්, යුද්ධය ආරම්භ කිරීමේ ද යුද්ධයට ගොදුරු වූ බහුතරයකගේ ද නාසි වගකීම වසන් කරමින් නාසි සහායක ෆැසිස්ට්වාදීන් ජාතික විමුක්ති සටන් කරුවන් ලෙස පින්තාරු කරයි.

මෙම ඓතිහාසික මුසාවේ අරමුන නම් සීඅයි ඒ සංවිධානය සහ යුක්රේනියානු ෆැසිස්ට්වාදීන්ගේ වත්මන් වැඩ කටයුතු වලට ප්‍රගතිශීලී මුහුනුවරක් ලබා දීමයි.

හෙන්ස්මන් මෙම බොරුව යොදා ගනිමින්, කීයෙව් නගරයේ සීඅයි ඒ ආධාරලත් කුමන්ත්‍රනයට එරෙහි වාමාංශික විවේචනයට අවමන් කරන්නේ මාධ්‍යවේදී ජෝන් පිල්ගර් පුටින්ගේ උපකරනයක් යයි හෙලා දකිමිනි.

ඇය මෙසේ කියයි:

“පෙබරවාරි මාසයේ කීයෙව්හි ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් ආන්ඩුවට එරෙහි බල කොල්ලය සැලසුම් කොට රුසියාවේ ඓතිහාසික, උරුමය සහිත එකම දිය නොමිදෙන උනුසුම් නාවුක හමුදා වරාය අල්ලා ගැනීමට වොෂින්ටනය කුමන්ත්‍රනය කල” බවක් ජෝන් පිල්ගර් අපට කියයි: “ඔහුට අනුව රුසියානුවෝ බටහිරින් තමන්ට එල්ල වූ ආක්‍රමන තර්ජනය පමනක් නොව, යුක්රේනයේ ජනවාර්ගික රුසියානුවන්ට එරෙහිව එල්ල කල ෆැසිස්ට් ප්‍රහාර වලින් ඔවුන් ආරක්ෂා කිරීමට ද මැදිහත් වූහ. නැගෙනහිර පැත්තෙන් රුසියාව යුක්රේනය ආක්‍රමනය කිරීම යුක්ති සහගත කරන අපූරු අවිචාර තර්කනයකි මේ.”

අත්තෙන්ම, පිල්ජර් කරන්නේ රුසියානු ප්‍රචාරය වැමෑරීම නොවේ. ඔහු කීයෙව් නගරයේ ෆැසිස්ට් කුමන්ත්‍රනය සහ ඉන් පැනනැංවුන සිවිල් යුද්ධය සහ යුක්රේනය තුල රුසියාව සහ නැටෝව අතර මිලිටරි එදිරිවාදිකම් වාර්තා කරයි. සීඅයි ඒ සහාය ලද යුක්රේන පාලනය විසින් ද එහි සහචරයින් හා මාධ්‍ය විසින් ද ඇයට සම්පාදනය කෙරෙන නාසි සහචර ප්‍රචාරය වමාරන්නේ හෙන්ස්මන් ම ය.

මතු සම්බන්ධයි

Share this article: