රෝහිනී හෙන්ස්මන්ගේ Indefensible: The ISO discovers its muse —the CIA රැකිය නොහැකි අය: අයිඑස්ඕ සංවිධානය සිය උනන්දුව සීඅයිඒ සංවිධානයට බව සොයාගනී

Rohini Hensman’s Indefensible: The ISO discovers its muse —the CIA—Part 1

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2018 දෙසැම්බර් 14

1 කොටස

ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් සංවිධානයේ (අයිඑස්ඕ) හේමාර්කට් බුක්ස් ප්‍රකාශන මන්දිරය විසින් නිකුත් කරන ලද රෝහිනී හෙන්ස්මන්ගේ නොරැකියහැකි අය නම් කෘතිය, අධිරාජ්‍යවාදී යුද්ධය කෙරෙහි ඝෝෂාකාරී සහයෝගය සහතික කරයි. සිරියානු යුද්ධය ‘ප්‍රජාතන්ත්‍ර විප්ලවයක්ය’ යන අමරිකානු සහ යුරෝපීය මාධ්‍යයන්ගේ පට්ට බොරු වමාරන එය, 1991 දී ස්ටැලින්වාදය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග ඩිමොක්‍රටික් පක්ෂය විසින් සිදු කරන ලද හැම යුද්ධයක් ම ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙයි. හෙන්ස්මන්ගෙ ඔර්වෙලියනු කුතර්කයන් අනිවර්යයෙන්ම යොමුව තිබෙන්නේ එක් දිශාවකට ය. එනම් ගිය සියවසේ ප්‍රමුඛ විමුක්ති දායක බලවේගය අමරිකානු යුද්ධයන් වූ බව ය.

Indefensible(රැකිය නොහැකි අය)

නො රැකියහැකි අය නම් කෘතියේ වැඩිම කොටස සමන්විත වන්නේ යුද්ධයට එරෙහි වාම සහ සමාජවාදී විරුද්ධවාදීන්ට එල්ල කෙරෙන කුරිරු ප්‍රහාරයන්ගෙනි. හෙන්ස්මන් බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත් පතට ද ඉන්දියවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) ට ද සම්බන්ධකම් ඇති ද්‍රවිඩ ග්‍රන්ථ කර්තෘ වරියකි. ඉන්දියාවේ ජීවත් වන ඇය ශ්‍රී ලංකාවේ මාඕවාදී පවුල් පසුබිමක් තමන්ට ඇති බව පවසයි. හෙන්ස්මන් සිය කෘතියේදී ජෝන් පිල්ගර් සහ සෙමූර් හර්ෂ් යන ප්‍රවෘත්ති වේදීන් ද විකිලීක්ස් ආරම්භක ජුලියන් අසාන්ජ් ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පලකරනු ලබන ලෝක සමාජවාදි වෙබ් අඩවිය ද හෙලා දකින්නීය.

මෙම ප්‍රතිගාමි කාර්යයට යුදවාදී ශාස්ත්‍රාලිකයන් ද, මධ්‍යම පන්තික, අධිරාජ්‍ය ගැති පක්ෂ ද සැලකියයුතු කන්ඩායමක් එකරාශි වූහ. මේවා අතර ලැනන් පදනම වැනි ව්‍යාපාරික සංවිධාන මුදල් සපයා දෙන අයිඑස්ඕ හි හේ මාකට් බුක්ස් ද වේ. ‘නොරැකිය හැකි අය’ ලන්ඩනයේදී දියත් කරන විට එයට මූලිකත්වය ගත්, ප්‍රන්සයේ පැබ්ලෝවාදී නිව් ඇන්ටි කැපිටලිස්ට් පාටි (එන්පීඒ) නම් සංවිධනයේ මහාචාර්ය ගිල්බට් ආකාර් ද, ඔස්ට්‍රේලියාවේ පැබ්ලෝවාදී සෝෂලිස්ට් එලයන්ස් (එස්ඒ) සංවිධානයේ මහාචාර්ය මිඛායෙල් කරඞ්ජිස් ද ඊට අතුලත් වෙති.

රැකිය නොහැකි අය නම් කෘතිය පල කිරීම, ඉහත කී ඒවා වාමාංශික සංවිධාන නොව පොහොසත් මධ්‍යම පන්තියේ ප්‍රතිගාමී ව්‍යාජ වාම සංවිධාන බවට හජාජාක විසින් කරන ලද විශ්ලේෂනය සනාථ කර යි. ආකාර්, කරාඞ්ජිස් සහ තවත් අයගේ ලේඛන මත පදනම් වූ හෙන්ස්මන්ගේ තර්ක සලකුනු කරන්නේ මෙම කන්ඩායම් වල විකාශනයේ නව සහ තීරනාත්මක අවධියකි. ලිබියාවේ ද සිරියාවේ ද අධිරාජ්‍යවාදී යුද්ධ වලට සහාය දුන් මොවුන් දැන් ඉදිරියට එන්නේ පොදුවේ අධිරාජ්‍යවාදී යුද්ධය වාමාශික විවේචනයෙන් ආරක්ෂා කරන්නන් ලෙස ය. කෙසේ වෙතත් මෙම කන්ඩායම් පිලිබඳ ට්‍රොට්ස්කිවාදී විචාරයේදී සමාජවාදය සඳහා අරගලයට පදනම් වන ඉදිරිදර්ශනය ඉදිරියට එයි.

හෙන්ස්මන් සිරියාවට එරෙහි නැටෝවේ යුද්ධය ආරක්ෂා කරයි

හෙන්ස්මන් සිරියාවේ ලේ වැගිරීමෙන් ප්‍රකුපිත නිරීක්ෂකයෙකු ලෙස පෙනීසිටිමින් මෙලෙස ලියයි: “සිරියාවේ අර්බුදය අවසන් කිරීමට නම් ප්‍රථමයෙන් ම හා මූලිකව ම එහි හේතු වටහාගැනීම අත්‍යවශ්‍ය ය. අධිරාජ්‍ය විරෝධී යයි කියාගන්න සමහරුන්ට, තිබෙන්නේ එකම හේතුවක් පමනකි. එනම්, “අයිඑස්අයිඑස් [ඉරාකයේ සහ අල් ශම් හි] ඉස්ලාමික් රාජ්‍යය පහලවීම ද ඇතුලු සියලු ලේ වැගිරීම් වලට වග කිව යුතු වන්නේ බටහිර ඤඋතුරු අමරිකානු සහ බටහිර යුරෝපීය% අධිරාජ්‍යවාදය යි.” යන්නය.

සැබවින්ම එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදය සිරියානු යුද්ධය පටන් ගෙන ඉදිරියට ගෙන යන අතර ඒ පිලිබඳ අත්‍යන්ත වගකීම දිගින් දිගටම දරා සිටින්නේ ඔවුන්ය. ඒ කෙසේවෙතත් හෙන්ස්මන්, නැටෝ යුද්ධයේ විරුද්ධවාදීන් සිරියානු ජනාධිපති බශිර් අල් අසාද්ගේ ද රුසියවේ ජනාධිපති පුටින්ගේ ද අතකොලු බවට පත්ව සිටිතැයි අවලාද නගයි. මම අසාද් සහ පුටින් මෙම ආධරකරුවන් නම් කරන්නේ “ව්‍යාජ අධිරාජ්‍ය විරෝධීන්” යනුවෙනි. “සිරියාව වනාහි ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීමක් තලා දැමීමට ඉරාන සහ රුසියානු අධිරාජ්‍යවාදීන් සමග හවුල්වන, නැතහොත් එයට විරුද්ධ වීමට අසමත් වන මෙම ව්‍යාජ අධිරාජ්‍ය විරෝධීන්ගේ සදාචාරාත්මක සහ දේශපාලනමය පරිහානියේ ආදර්ශයකි..”.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හෙන්ස්මන්ගේ යුදගැති කෝපයේ ප්‍රමුඛ ඉලක්කයකි. හෙන්ස්මන්ගේ ප්‍රහාරයේ ඉලක්කයන් අතර, ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2013 දී පලකල ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඕර්ගනයිසේෂන් හා සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී ප‍්‍රහාරය නමැති ප්‍රකාශය ප්‍රමුඛ තැනක් ගනී. හෙන්ස්මන් ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදි වෙබ් අඩවිය හෙලා දකින්නේ ඔවුන් සීඅයිඒ සංවිධානයේ සහය ලත් ඉස්ලාමීය භට කන්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවාදීන් යයි හුවා දැක්වීම ප්‍රතික්ෂේප කරන නිසා ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය අසාද් ට දක්වන සහාය මීටත් වඩා දුර යයි 2013 මැයි 1 දා රටවල් තිහකට වැඩි ගනනක බුද්ධිමතුන්, ශස්ත්‍රාලිකයන් සහ කලාකරුවන් දෙසීයකට අධික ගනනක් නිකුත් කල ප්‍රකාශය මෙසේ ආරම්භ විය: “පහත අත්සන් තබන අපි, මාර්තු මාසයේ පටන් ගෞරවය සහ නිදහස උදෙසා සටන් වැද සිටින මිලියන ගනන් සිරියානු ජනයා සමග සහයෝගයෙන් නැගී සිටිමු. සිරියානු ජනයා මත පවත්වාගෙන යන මර්දනය සහ යුද්ධය අවසන් කරන ලෙස සිරියනු පාලන තන්ත්‍රයට බලකර සිටින මෙන් අපි ලෝක ජනතාවගෙන් ඉල්ලා සිටිමු.” (සෝශලිස්ට් වර්කර් 2013) මෙම ලියවිල්ලේ උග්‍ර ප්‍රතිගාමිත්වය සහ දේශපාලනමය දුෂ්ට ස්වභාවය සැබැවින්ම ඉබේටම ප්‍රකාශිත බව දක්වමින් ලොසවෙඅ ප්‍රතිචාර දක්විය. මන්දයත්, ඔවුන් කියන ජාතියේ “නිදහස සහ ගෞරවය උදෙසා, අසාද් ට එරෙහිව සටන් කරන සිරියානුවන්” නොමැති නිසාය. ඉන්නේ හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන් සහ අධිරාජ්‍යවාදීන් පමනක් හෙයිනි. (නෝර්ත් සහ ලැන්ටියර් 2013) ඔවුන් කියා සිටියේ ලොසවෙඅ කරන්නේ අසාද් විසින් සිය ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ වාදීන්, ඔවුන්ගේ පවුල් සහ ජනසමූහයන් ඝාතනය කිරීමත් සමග එවන් ජනකායක් හිටියේ ම නැති බව, යලි යලිත් කියාපාමින් ලොසවෙඅ මෙම ජනඝාතනයන්ට උදව් කරන බවකි.

ජන ඝාතනයකට හවුල් වී සිටින්නේ නැටෝ ව ගෙනයන යුද්ධ වල විරුද්ධ වාදීන් නොවේ. හෙන්ස්මන් හා අයිඑස්ඕව වැනි යුද ඝෝෂකයින්ය. පර්සියානු බොක්කේ තෙල් කූමාර වරුන් (ෂේක් වරුන්) විසින් මුදල් සපයනු ලබන දක්ෂිනාංශික මිලිෂියාවන් ට උඩගෙඩි දී, ඔවුන් “නිදහස සහ ගෞරවය උදෙසා කෙරෙන විප්ලවයක වීරයන් ලෙස හුවා දක්වන හෙන්ස්මන් වැටී සිටින්නේ වොෂිංටනය මැද පෙරදිග හරහා වගුරුවන ලේ ගංගාවේ පිහිනන්නන් බවටය.

2011 වසන්තයේ දී ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ එක්සත් ජනපද සහාය ලත් ඒකාධිපතියන් කම්කරු පන්ති නැගිටීම් මගින් පෙරලා දමනු ලැබීමෙන් පසුව ඬේරා වැනි සිරියානු නගර වල විරෝධතා ව්‍යාපාර පැනනැඟුනි. හනා සහ හොල්ම්ස් යනු සිරියානු මුස්ලිම් සහෝදරත්වයට ඓතිහාසිකව සහය දුන් කොටස් සහිත පෙදෙස් ය. මුලදි විරෝධතා තුල කුමන බලවේග මිශ්‍රනයක් තිබුන ද ඒවා ඉක්මනින්ම සී-අයි-ඒ සහය ලත් ඉස්ලාම් වාදීන් අතට පත් විය. යුද්ධයේ වසරකට පසුව 2012 දි එක්සත් ජනපද ආන්ඩුව වාර්තා කලේ, එය අල්ඛයිඩාවට සම්බන්ධ අල් නුස්රා පෙරමුන විසින් මෙහෙයවනු ලබන බවත්, ඔවුන් විසින් බෝම්බ ප්‍රහාර 600ක් පමන එල්ල කොට දහස් ගනනක් සිවිල් වැසියන් මරා දමූ බවත් ය.

ලෝසවෙඅ මෙම මුසාව එලිදරව් කොට සිරියානු යුද්ධය ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ නැගිටීම් වලට ඉක්බිතිව සිදු වූ නිසා ම පමනක් එය ඒකාධිපතිත්වයට එරෙහි විප්ලවයක් යයි කරන ලද කියාපැම් නිශ්ප්‍රභා කරනු ලැබ තිබුනි. හෙන්ස්මන් විසින් පහර දුන් 2013 ලිපිය මෙසේ පැහැදිලි කලේ ය:

නැගෙනහිර මධ්‍යධරනියේ සහ එයට නැගෙනහිර ලිවන්ට් ප්‍රදේශයේ සිදුවෙමින් පවතින දෙය, මිනිය නොහැකි මහා අබිරහසක් නොවේ. සිරියානු යුද්ධය වනාහි අන්ත ප්‍රතිගාමි ගල්ෆ් රාජ්‍ය සහචරයින්ගේ ආධාරයෙන් මැද පෙරදිග සහ මධ්‍යම ආසියානු දේශපාලනය ප්‍රචන්ඩ ලෙස ප්‍රතිව්‍යූහගත කරගැනීමට හැරී සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදී ව්‍යායාමයේ අලුත්ම පරිච්ඡේදයයි. වොශිංටනය විසින් 2001 දී ඇෆ්ඝනිස්තානය ද 2003 දී ඉරාකය ද ආක්‍රමනය කිරීමෙන් පසුව, නව යටත් විජිත පාලන තන්ත්‍රයන් ඇටවීම මඟින් මෙය ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරින. මෙම යුද්ධ මගින් ජීවිත ලක්ෂ ගනනක් විනාශ කොට ඇත. මෙහි කොටසක් ලෙස බුෂ් පාලනය විසින් සකස් කරගනු ලැබූ, “නපුරේ අක්ශය” ට ඇතුලත් කරනු ලබූ සිරියාව දශකයකට වැඩි කාලයක් වොශිංටනයේ ඉලක්කය බවට පත්ව තිබුනි. සිරියාවේ සිද්ධීන් ඊජිප්තුවේ පැනනගුනු විප්ලවයට සම කිරීම අසික්කිත කමක් මිස අන් කිසිවක් නොවේ. ඊජිප්තුවේ විකසිත වු මහා ජනතා ව්‍යාපාරය සැබෑ විප්ලවයක සියලුම ගතිලක්ෂන දරා සිටියේ ය. එහි ආරම්භක විරෝධතාව මුබාරක් පෙරලාදැමීම සහ වැඩකරන ජනතාව සඳහා වඩා ඉහල ජිවන තත්වයන් ඉලක්ක කරගත් සහ මහා වැඩ වර්ජනයක් කරා වර්ධනය විය. විප්ලවවාදී ව්‍යාපාරය විසින් විරෝධතා පෙලපාලි සහ වැඩ වර්ජන තුලට මුස්ලිම් සහ ක්‍රිස්තියනි ජනයා ඒකබද්ධ කරගති. මෙම ව්‍යාපාරය ජනප්‍රිය සහ ප්‍රගතිශීලී ස්වභාවයක් දරා සිටි බවට සහතිකම ලක්ෂනය වුයේ එයට පලවූ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විරුද්ධත්වයයි. විරෝධතාවන් මර්දනය කිරීමට මුබාරක් දැරූ තැතට ඔබාමා පාලනාධිකාරය සහයෝගය දුනි. ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ප්‍රතිවිප්ලවවාදී උපාය මාරු කොට පැරනි ආඥාදායකත්වයට විකල්පයක් ලෙස මුස්ලිම් සහෝදරත්වයට සහාය දීම ආරම්භ කලේ, මුබාරක් ගලවාගත නොහැකි බව ඒත්තුගත්තාට පසුව ය.

මෙම විශ්ලේශනය මුලුමනින්ම සනාතවී තිබේ. සිරියාවේ දරන හැරියේ විප්ලවයක් නොව ලේවැකි ආගමික නිකායවාදී යුද්ධයකි. එහිදී නැටෝ සංවිධානය අසාද් නායකත්වය දුන් ෂියා-අලවයිට් පාලන තන්ත්‍රයට එරෙහිව සුන්නි ඉස්ලාම්වදී කන්ඩායම්වලට සහාය දුන්නේ ය. ඉජිප්තුවේ දී මෙන් සිරියාවේදී, දරුනු ලෙස ලේ නාගත් මර්දනකාරී පාලන තන්ත්‍රය පවා ඇද වට්ටන තත්වයක් උද්ගත කරන, පාලන තන්ත්‍රයට එරෙහිව කම්කරු පන්තිය විසින් බලමුලුගන්වන ලද ජෙනරල් ස්ට්‍රයිකයක් නොතිබුනු අතර එහි දක්නට ලැබුනේ ප්‍රතිගාමී ප්‍රකෝපකරනයන් මාලාවකි.

සිරියානු ධනේශ්වරයේ ප්‍රතිගාමී පාලන තන්ත්‍රයක පාලනය ගෙන ගිය අසාද් ට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කිසි විටෙකත් කුමන හෝ දේශපාලන පාලන සහායක් දී නොමැත. ජාත්‍යන්තර කමිටුව එය අවධාරනය කලේ, අසාද් පෙරලා දැමීම සිරියානු කම්කරු පන්තියේ කර්තව්‍යය වන බවත්, එම කර්තව්‍යය පෙන්ටගනයට හෝ එහි යුරෝපීය සගයන්ගේ හෝ පර්සියනු බොක්කේ තෙල්බිම් හිමි ෂීක් වරුන්ට බාර කල නොහැකි බව ය. 2003 දී එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමනය කල පරිද්දෙන්ම මෙයද අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් උඩ කෙරෙන යුද්ධයක් බව ජාත්‍යන්තර කමිටුව අවධාරනයෙන් පෙන්වා දුන්නේ ය. එනම්: මූලෝපායික, තෙල් වලින් පොහොසත් මැද පෙරදිග මත එක්සත් ජනපද ආධිපත්‍යය පවත්වාගෙන යාම, ඉරානයේ මිතුරෙකු වු සිරියාව විනාශ කිරීම සහ රුසියවේ ඉතුරු එකම අරාබි මිත්‍රයා ද රුසියාවට මධ්‍යධරනි මුහුදේ ඉතුරුව තිබෙන එකම නාවුක කඳවුර නැති කොට රුසියාව දුර්වල කිරීම ද වේ.

මෙම කරුනු නිශ්ප්‍රභා කිරීමට සාක්ෂි මාත්‍රයක් වත් හෙන්ස්මන් ඉදිරිපත් කරන්නේ නැත. ඒ වෙනුවට ඇය කරන්නේ, සිරියාවේ මහා ජන නැගිටීම් සිදුවෙමින් පවත්නා බවටත්, මොන අන්දමකින් හෝ අසාද් පෙරලා දැමිය යුතුව තිබෙන බවටත්, ඒ සඳහා එක්සත් ජනපදයේ යුද්ධයන්ට පවා සහය දියයුතු බවටත් ව්‍යාජ ප්‍රචාරක කතන්දර පාඨකයා මත පැටවීමයි. මැය ගේ මූලාශ්‍රයන් වනාහි යුදවාදි මහා සමාගම් සංගත ගැතිකම් කරන මාධ්‍යයන් ද ඔප්පු කල නොහැකි සාක්කි මත රැඳී සිටින නැතහොත් එක්සත් ජනපද ආන්ඩුවේ රහස් ඔත්තු සේවයේ හොරනැ ලෙස එලිදරව් කරනු ලැබ අපකීර්තියට පත් ආයතනයන් ද වේ. වඩාත් තුච්ඡ තම ප්‍රකෝපකරනයන් වූයේ සිරියාව තුල නැටෝවේ සෘජු මිලිටරි මැදිහත්වීම් යුක්ති සහගත කිරීමේ නිමග්න මාධ්‍යවල ප්‍රචාරයන් ය. ඒවා අසාද් සිවිල් වැසියන්ට එරෙහිව විශ වායු ප්‍රහාර එල්ල කලේ යයි තුච්ඡ ලෙස ප්‍රකාශ කලෝ ය. අසාද් 2012 මැයි මාසයේ දි හවුලා නම් ස්ථානයේ දී ද 2013 මාර්තු මාසයේ දී ඛාන් අල් අසාල් හි දී ද 2013 අගෝස්තු මාසයේ දී ඝොතා හි දී ද විශ වායු ප්‍රහාර එල්ල කලේය යන බොරු චෝදනා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ටර් අලමෙඉයින් ශීටුන්ග් පුවත් පත ද , ප්‍රවෘත්ති වේදි සෙය්මුර් හර්ෂ් ද විසින් නිශ්ප්‍රභා කරනු ලැබිය. මෙම ප්‍රහාර සිරියාව මත පටවා එක්සත් ජනපදය සිරියාව ට සෘජු ප්‍රහාර එල්ල කිරීම යුක්තිසහගත කිරීමේ ඉලක්කය සහිතව, විවිධ නැටෝ බලවතුන් සමග වැඩ කරන විපක්ෂ භටකායන් විසින් කරන ලද බව ඔවුහු තහවුරු කල හ. ඝොතා ප්‍රහාරයට අසාද් වගකිවයුතු යයි හෙන්ස්මන් වංචනික ව කියාපායි. ඝොතා ප්‍රහාරය සංවිධානය කලේ අසාද් යයි හෙන්ස්මන් සැබවින්ම කියන්නේවත් එය ඔප්පු කිරීමට මොනම සාක්කියක් වත් ඉදිරිපත් කරන්නේ වත් නැත. සිරියාව වෙනත් විෂ වායු ප්‍රහාර එල්ල කලේ ය යන චෝදනා අසත්‍ය බව ඔප්පු වී යයි පිලිගන්නේ ද නැත. ඒ වෙනුවට හෙන්ස්මන් කරන්නේ අසාද්ගේ පන්දමෙක් යයි මඩ ගසා හර්ෂ්ගේ නම කැත කොට සිරියානු පාලනයට එරෙහිව ඝෞතා ප්‍රහාරය පිලිබඳව එල්ල කරනු ලැබ තිබෙන චෝදනා වලට යම් විශ්වසනීය බවක් ලබා දීමට කැසකැවීම ය.

හෙන්ස්මන් හිටපු එක්සත් ජනපද රහස් සේවයේ නිලධාරියෙකු වු ඩොන් කැසෙටා ගෙන් උපුටා දක්වන්නේ හුදෙක් ඔහු, “එක්සත් රාජධානියේ පදනම් කරගත් බිලින්ග්කට් බ්ලොග් අඩවිය සේවය කරන රසායනික අයුධ විශේශඥයෙකු ලෙස ය. “සරින් විෂ වායුව සකස්කිරීමට බොහෝ ක්‍රම තිබේ. මට පෙනීයන පරිදි නම් [ අසාද්] තන්ත්‍රය එය සිදු කල ආකාරය මුලින්ම ඝොතා කරාගිය එක්සත් ජාතීන්ගේ සංගමය / ඕපීසීවී (රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ) පරික්ෂන කමිටුව විසින් කරන ලද වර්තාවට ඉතා සමීප ය.” ඉක්බිති ඕ ලිනක්ස් බීච් නමති සිරියාවට එරෙහි යුද්ධයට පක්ෂ වෙබ් අඩවියක් උපුටා දක්වයි, “සෙයිමුර් හර්ෂ් බසිර් අල් අසාද් සමග දීර්ඝ සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ....සෙය්මුර් හර්ෂ්ට උවමනා වන්නේ අසාද් දිනවන්නට ය.”

සිරියවේ යුද්ධය ගැන විවේචනශීලිවන වෙනත් මාධ්‍යවේදින් ට හෙන්ස්මන් දොස් පවරන්නෙ ඔවුන් සිදුවෙමින් පවතින්නේ යයි තමා කියන විප්ලවය සොයා ගැනීමට, යුද්ධයට ගැති බ්ලොග් වෙබ් අඩවි පීරන්නේ නැතිව, සිරියාවට එරෙහි සෘජු ප්‍රහාරයක් උදෙසා හේතු සාධක එක්සත් ජනපදයට මවා දීමට වඩාත් දඩබ්බර යත්නයක් නොදැරීම ගැන ය. හෙන්ස්මන් මෙසේ ලියයි. ඔවුන් මේ බ්ලොග් අඩවි ය දුටුවානම්, “ සිරියානු විරුද්ධවාදීන් ට අවි නොසැපයීමට ඔබාමා ගත් උද්ධච්ච සහ තකතිරු තීන්දුවට විරුද්ධව බැනරයක් ඔසොවා ගෙන සිටින සිරියානුවන්ගේ ඡායාරුපයක් ඔවුන්ට දැකගත හැකි වනු ඇත. එහි මෙසේ ලියවී තිබේ. ඔව්, ජනාධිපති ඔබාමා මහත්මයානනි ! ගෞරවයේ විප්ලවයට නායකත්වය සපයන්නේ දත් දොස්තරලා, ගොවියන් සහ ශිෂ්‍යයන්ය. අපරාධකාරයින් මිනී මරද්දී මෝඩයින් කථා කරයි” ( ඛරඞ්ජිස් 2014).

මේ ප්‍රචාරය අමු විකාරයකි. ඇමරිකානු මිලිටරි මැදිහත්වීමක් ඉල්ලන, සිය පෙරටුබල ඇනිය ලෙස දත් දොස්තරලා කන්ඩයමක් මෙහෙයවාගන්නා “ගරුත්වයේ විප්ලවයක්”, නම්, එය කම්කරු පන්තියේ මූලිකත්වයෙන් කෙරෙන සමාජවාදී විප්ලවයක් විය නොහැකිය. සිරියාව තුල මහා ජන විප්ලවයක් පැනනැග තිබේ යයි තහවුරු කිරීමට සාක්කි සැපයීමට හෙන්ස්මන් කරන හැම උත්සාහයක්ම තහවූරු කරන්නේ ඒවා පුහු වංචාවන් ලෙස ය. එක් උදාහරනයක් නම්, යමීන් මොබයෙඞ් නම් නිව් යෝර්ක් සරසවියේ ශිෂ්‍යයෙකි. ඔහු සිරියාව තුල ආරම්භක විරෝධතා වලට සහභාගි වු අතර ඒවා අසාද් විසින් මර්දනය කරන ලදි. ඔහු දැන් සිරියාව තුල ඇමරිකන් ආධර ලබන කුර්දි ජාතික භට කන්ඩායම් සමග එක්ව සටන් වැද සිටි. අසාද්ගේ මර්දනය පිලිබඳව හේ මෙසේ කියයි ලිපි ලේඛන තෙරතුරු අනුව අසාද්ගේ හමුදා විසින් දහස් ගනන් සිරකරුවන් වද දී මරනු ලැබ තිබේ. මෑත දී “සීසර්” යන ආරූඪ නමින් හැඳින්වෙන, පාලන තන්ත්‍රය අතහැර විපක්ෂයට මාරු වු ඡයාරුප ශිල්පියෙක් වධබන්ධන වලට භාජන කරන ලද 11,000ක ගේ ඡයාරුප 55,000ක් මුදාහැර තිබේ.”

සිදුවෙමින් පවතින්නේ විප්ලවයක් ය යන්න තහවුරු කිරීමට මොබයෙඞ් “සීසර් මත රැඳී ගැනීම ම හෙන්ස්මන් ගේ සකල විස්තරයම සැකයට බඳුන් කරයි. සීසර් වෛෂයික හෝ විශ්වසනීය මූලාශ්‍රයක් නොවේ.

2011 සිටම සිරියානු විපක්ෂ භට කන්ඩායම් සමග එක්ව වැඩකර තිබෙන නිලධරයෙකු වන “සීසර්” 2014 දි නම් නොකරන ලද මැද පෙරදිග රටකදී, තෙල් නිෂ්පාදනය කරන කටාර් රාජ්‍යයෙන් මුදල් ආධාර ලබන මානව අයිතිවාසිකම් පරීක්ෂක කන්ඩායමක් හමුවී තිබේ.. සිරියානු සිරකරුවන් 11,000කගේ ඡයා රූප 55,000ක් තමා සතු “ෆ්ලෑශ් ඩ්‍රයිව් එකක තිබෙන බව කීව ද ඔහු පරීක්ෂකයන්ට මෙම පින්තූර ලබා දීම ප්‍රතික්ෂේප කලේ ය. ඔවුන් අන්තිමේ දී වාර්තා කලේ, “අධිකරන වෛද්‍ය කන්ඩායම මිය ගිය අයගේ පින්තූර 5,500ක් පරික්ෂා කර ඉන් 835ක් සවිස්තරව පරික්ෂා කල බවයි. මෙයින් සියයට 20ක් වධයට පාත්‍ර කොට තිබුනු බව පැහැදිලි වූ අතර සියයට 30කගේ තත්වය නොපැහැදිලි විය. සියයට 42ක් කෘෂවී ගොස් තිබුනි.”

“සීසර්” ලබා දුන් පින්තූරවල කාල-දින මුද්‍රා මකාදමා දමා තිබුනු හෙයින් ගොදුරු වු පුද්ගලයින් 835 දෙනා කවුද ඔවුන් සිරභාරයට ගනු ලැබුවේ සහ මරනයට පත් කරනු ලැබුවේ කවදා ද කොතැන ද යනු නිශ්චය කර ගත නොහැකි විය. “සීසර් “ කාන්දු කල ඡායා රූප මගින් සැබවින්ම තහවුරු කරගත හැකිවූයේ පරික්ෂකයන් පැවසූ පරිදි පුද්ගලයන් 835 දෙනෙක් නන්නාඳුනන අය විසින් භයන්කර ලෙස වධයට භාජන කර ඇති බව පමනි. ඉන් අන් කිසි නිගමනයකට එලඹිය හැකි වූයේ නැත.

සිරියාවේ සිදුවෙමින් පවත්නා සකල මහා ඝාතනයේ ම දෝශය අසාද් මත ආරෝපනය කරමින් යුද්ධය උත්සන්න කල යුතුය යන ඇගේ ඉල්ලීම යුක්තිසහගත කිරීම සඳහා හෙන්ස්මන් මේ සියල්ල පාවිච්චි කරයි. ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික් රාජ්‍යය (අයිඑස්අයිඑස්) පැනනැගීමට වගකිවයුත්තේ අසාද් තන්ත්‍රය යයි හෙන්ස්මන් ඊට දොස් පවරයි. 2013 -14 වර්ෂවලදී පනනැගි අයිඑස්අයිඑස්, අසාද් ට පමනක් නොව අල්ලපු ඉරාකයේ ඇමරිකානු රූකඩ ආන්ඩු තන්ත්‍රයට ද පහර දුන් සුන්නි ඉස්ලාමික සන්නද්ධ කන්ඩායමකි. බි්‍රතාන්‍යයේ දක්ෂිනාංශික ඬේලි ටෙලිග්‍රාෆ් පුවත් පත ද අයිඑස්අයිඑස් සංවිධානයෙන් පලා ගොස් ඇමරිකානු යුද ප්‍රයත්නයට එක්වූ විවිධ අය රොත්තක් ද උපුටා දක්වමින් හෙන්ස්මන් මෙසේ ලියයි.

ඉස්ලාමීය කන්ඩායම් අතුරෙන් අතිශයින් ම අන්තවාදි වු අයිඑස් සමග හවුල් වීමට අසාද් තීන්දු කලේ ය. අයිඑස් සංවිධානයෙන් පලාගිය අයෙක් මෙසේ පැවසීය. “සිරියානු පාලන තන්ත්‍රය අපට බෝම්බ දමනු නැති බව අපට විස්වාස කල හැකිව තිබුනි. ඒ අතර නිරාගමික කැරලිකරුවන් ට දිගින් දිගටම නිර්දය වෙඩි හා බෝම්බ ප්‍රහාර එල්ල කරන ලදී.” බනියස් සහ ලඩාකියා නගරවල තෙල් මධ්‍යස්ථාන වලින් තෙල් පොම්ප කිරීම දිගටම පවත්වාගැනීම සඳහා ජබාට් අල් නුස්රා නම් භට ඛන්ඩයට මසකට සිරියානු ලීරා මිලියන 150 කට වැඩි මුදලක් (එ.ජ. ඩොලර් මිලියන 1.4ක් ) අසාද් පාලනය විසින් ගෙවන ලද බව මුස්ලිම් සහෝදරත්වය නම් සංවිධානයට සම්බන්ධ කැරලි කාර භටයෙක් ප්‍රකාශ කලේ ය. “මෙම ජාවාරම තීන්දු කර සංවිධානයට මුදල් මාරුකරලීම උදෙසා දෙපැත්තටම විශ්වාස අතරමැදියෝ යොදාගනු ලැබුනි.” ටෙලෙග්‍රාෆ් ලිපියේ වාර්තා කල පරිදි ඇත්තවශයෙන්ම අසාද් පාලන තන්ත්‍රය අයිඑස් සංවිධානයෙන් තෙල් මිලට ගත්තා පමනක් නොව අයිඑස් සමග හවුලේ තෙල් සහ ගෑස් කම්හල් පවත්වා ගෙන ද ගියේය. අයිඑස් අරමුදල් වලින් වැඩි කොටස සිරියාව තුලින් ද ඉනුත් වැඩි කොටස අසාද් පාලනය සමග ජාවාරම් වලින් ද ලැබුනු බවට සම්භාරයක් සාක්ෂි පවතියි. අයිඑස් ආදායමෙන් කොටසක් වෙනත් රටවල් සමග තෙල් සහ ගෑස් ජාවරම් තුලින් ලබාගත් බවට සාක්කි ස්වල්පයකි පවතින්නේ. ගල්ෆ් ප්‍රදේශයේ පුද්ගලයින් අයිඑස් සංවිධානයට මුදල් දෙන්නට ඉඩ තිබෙන නමුත්, එම ප්‍රදේශයේ රාජාන්ඩු, විශේෂයෙන්ම සව්දි අරාබියේ ආන්ඩුව ආධාර කලේ අයිඑස් සමග යුද වැද සිටි සංවිධාන වලට ය. වෙනත් වචනවලින් කිවහොත්, අයිඑස් සංවිධානය නැගී ඒම පිලිබඳ දෝශය අසාද්ට පැවරීම උචිත බව පෙනීයයි.” (රොවෙල් 2014)

හෙන්ස්මන් මේ ප්‍රශ්නය උඩ ලෝක සමාජවාදි වෙබ් අඩවියට මෙසේ පහර දෙයි, “අසාද් අයිඑස් සංවිධානයට දිරි දීම සහ ඉරානයේ ඉස්ලාමීය රාජ්‍යයට සිරියාවේ ස්වෛරිත්වය යටත් කිරීම ගැන නොර්ත් සහ ලැන්ටියර් නිහඬ ය.”

අයිඑස් සංවිධානයේ මුල පවතින්නේ 1981-89 සෝවියට් ඇෆ්ඝන් යුද්ධය සමයේ නැටෝ බලවතුන් ද ඔවුන්ගේ පර්සියානු බොක්කේ සහකරුවන් ද තනාගත් ජාත්‍යන්තර ඉස්ලාමිය භටයින් බඳවා ගැනීමේ ජාලය තුල ය. මේවා සිරියානු යුද්ධයට දස දහස් ගනනක් විදේශීය භටයින් බඳවාගැනීම සඳහා, ඉරාකය අල්ලාගත් 2003 සිට 2011 දක්වා සමයේ එයට එරෙහිව පැනනැගි විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා, එක්සත් ජනපදය යොදාගත් ආගමික නිකායවාදි භටකන්ඩායම් ද සමග එකතුකොට යලි පනගන්වනු ලැබ තිබේ.. යුරෝපය, මධ්‍යම ආසියව, පකිස්ථානය, රුසියාව, චීනය, ඔස්ටේ්‍රලියාව, සහ උතුරු ඇමරිකාවෙන් සිරියානු යුද්ධය සඳහා කුලී භටයින් ගෙනැවිත් තිබේ. සිරියානු යුද්ධය නැග එද්දී මෙම බලවේග අසල් වැසි ඉරකයේ සුන්නි ඉස්ලාමීය මිලිෂියාවන් සමග සම්බන්ධතා වර්ධනය කර ගත්තෝය. සිරියාවේ හිටපු අධිරාජ්‍යවාදී බලවතා වන ප්‍රන්සය, ලෆාර්ජ් නම් ප්‍රන්ස ගොඩනැගිලි සමගම හරහා අයිඑස්අයිඑස් සංවිධානයට යුරෝ මිලියන ගනන් පොම්ප කල හැටි ලේඛනගතව තිබේ. හෙන්ස්මන් නැතයි නොකියන නිල නොවන සව්දි ආධාර ද සමග ගත් කල්හි මින් පැහැදිලි වන්නේ අසාද් පෙරලා දැමීමට උත්සාහ කල ආන්ඩු විසින් අයිඑස්අයිඑස් සංවිධානයට සහාය ලබා දුන්න බව ය.

අසාද් අයිඑස් සංවිධානය අල්ලාගෙන තිබුනු තෙල් බිම් වලින් තෙල් මිලට ගැනීම කරගෙන ගිය බව සත්‍යයකි. එය අත් හිටවූයේ නම් සිරියානු නගරවලට ඉන්ධන සම්පාදනය බිඳ වැටෙන හෙයිනි. එහෙත් ඔහුගේ සිරියානු පාලනය සිය රුසියානු සහ ඉරාන හවුල්කරුවන් හා එක්ව අයිඑස් සංවිධානයට පහර දී තෙල් බිම් ආපසු අල්ලා ගැනීමට උත්සාහ කරත් ම අයිඑස් ආරක්ශා කිරීමට මැදිහත් වු එක්සත් ජනපද හමුදා ඔවුන්ට බෝම්බ ප්‍රහාර එල්ල කලෝ ය.

හෙන්ස්මන් ගේ දේශපාලන ප්‍රෝඩාව ට හේතුව වටහා ගැනීම අමාරු නැත. තම මිනීමරු කන්ඩායම් සිවිල් වැසියන් ගොදුරු කරගත් වීඩියෝ ද්ර්ශන ප්‍රසිද්ධ කල අයිඑස් සංවිධානයට නැටෝව සහ පර්සියනු බොක්කේ තෙල් රාජ්‍ය විසින් ලබාදුන් ආධාර පෙන්නුම් කරන්නේ මෙම යුද්ධය, අධිරාජ්‍යවාදය විසින් මෙහෙයවෙන විමුක්තිකාරී යුද්ධයක්ය යන හෙන්ස්මන්ගේ සම්පූර්න න්‍යායම බොරුවක් බව ය. අධිරාජ්‍යවාදින්ගේ ද ඔවුන්ගේ ඉස්ලාමික ගෝලබාලයන් ගේ ද කොල්ලකාරි යුද්ධය යුක්තිසහගත කිරීම උදෙසා කඩතුරාවක් ලෙස සදාචාරය ඉදිරිපත් කිරීම පිලිබඳව සැලකිය යුත්තේ පිලිකුලෙනි.

මොවුන්ගේ දේශපාලන හා සදාචාරික පරාභවය සාරභුතව ප්‍රකාශිත වන්නේ මයිකල් කරාඞ්ජිස් විසින් “ෆරුක් බ්‍රිගෙඞ්” වැනි “ලිහිල්” ඉස්ලාම්වාදී විපක්ෂයේ මිලිෂියාවන් ආරක්ෂා කිරීම තුලය. ෆරුක් මිලිෂියාවන්ගේ නායක ඛලිඞ් අල්-හමඞ් සිරියානු හේවායෙකුගේ ඇතුලු ඉන්ද්‍රිය සපා කෑම නිසා කුප්‍රකට ව සිටි. ඔහු එසේ හපා කන හැටි පෙන්වන යූ ටියුබ් ඡයාරුපය ප්‍රචාරය කරන ලද්දේ අරමුදල් එකතුකිරීම සඳහා සීඅයිඒ සංවිධානය ද පර්සියානු බොක්කේ ධන කුවේර දායකයන් ද පිනවීමට ය. හෙන්ස්මන් විසින් සිරියාව පිලිබඳ විශේෂඥයෙකු ලෙස දැක්වෙන කරඞ්ජිස් ඉහත කී යූ ටියුබ් වීඩියෝව “සුලුපහේ ම්ලේච්ඡත්වයක්” යයි හෑල්ලු කලේ ය.

හෙන්ස්මන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලොසවෙඅ) වියරු ලෙස පහර දෙන කල්හි, තමන්ගේ ම කුතර්කයේ පරස්පරයන්හි පැටලී, ඉවරවෙන්නේ යුද්ධය තුල අසාද් ගේ පිලිවෙත් ගම්‍යව යුක්තිසහගත කරමිනි.

“ඬේවිඞ් නොර්ත් සහ අලෙක්ස් ලැන්ටියර් ලෝක සමජවාදී වෙබ් අඩවිය [2013] තුලින් කරන ලද මැදිහත් වීම, නව ෆැසිස්ට්වාදී දක්ෂිනාංශයේ ලක්ෂනය බවට පත්ව තිබෙන මුස්ලිම්-විරෝධී වර්ගවාදය ප්‍රතිරාවය කරයි. අසාද් විරෝධී සමස්ත සිරියානු විරුද්ධ පක්ෂය ම ඉස්ලාමික”යයි නිර්වචනය කරමින් එය මුස්ලිම් නොවන විරුද්ධවාදීන් නොතකා හරියි, අසාද් විරෝධී මුස්ලිම් වරුන් කොටස් හතර අතර පවත්නා ප්‍රතිවිරෝධයන් නොතකා හරියි. ප්‍රථම ගනය ලෞකික ප්‍රගතිශීලි මුස්ලිම් භක්තිකයන් ය. දෙවන ගනය නම් තම ආගමික විශ්වාසයන් කවරක් වුවත් නිර් ආගමික රාජ්‍යයක ජිවත් වීමට කැමති මුස්ලිම් මූලධර්මවාදීන් (සලාෆිස්) ය. තුන්වන ප්‍රවර්ගය නම් ඡන්ද විමසීම් මගින් මුස්ලිම් ආගමික රාජ්‍යයක් පිහිටුවීමට කැමති දේශපාලන ඉස්ලාමික යන් ය. මොවුන් අන්තරාදායක විභවයකින් යුතු ය. මන්ද යත් බලය ලදහොත් ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට සහ නිදහසට අනිවාර්යයෙන්ම වල කපන හෙයිනි. එහෙයින් මොවුන්ට දෘෂ්ටිමයව මෙන්ම දේශපාලනිකව ද විරුද්ධ විය යුතු ය. හතරවන ගනයට අයත් වන්නේ ප්‍රචන්ඩත්වය තුලින් ඉස්ලාමික රාජ්‍යය ගොඩනැගීම ට උවමනා කරන දේශපාලනික ඉස්ලාමිකයින් ය. හැකිනම් මොවුන් සිරකූඩුවලට දැමිය යුතු ය. ඔවුන් විසින් නිරතුරුව බෝම්බ පුපුරවා මරා දමන සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට එරෙහිව මිලිටරි ක්‍රියාන්විතයන් අවශ්‍ය වනු ඇත.

ලෝසවෙඅ මුස්ලිම් විරෝධී යයි, එහෙයින් නව -ෆැසිස්ට්වාදී යයි ගසන මඩ පහරේ පදනම්ව ඇත්තේ හුදු රත්වූ වාතය ම පමනි. මේ අය විසින් විපාර්ශ්වය කොටස් හතරකට බෙදීම පුහු වංචාවකි.

අසාද්ට එරෙහි ප්‍රගතිශීලී විරෝධයක් පැන නැඟිය හැක්කේ සිරියනු කම්කරු පන්තියෙනි. ඉස්ලාමික විපක්ෂයේ මිලිෂියාවන් - අල් නුස්රා වේවා, අයිඑස්අයිඑස් වේවා “නිදහස් සිරියානු හමුදාව හෝ ෆාරුක් බ්‍රිගේඞ් භටයින් වේවා ඊනියා “පරිමිත යන්” යන මේ සියලු දෙනා ප්‍රචන්ඩත්වය තුලින් ඉස්ලාමික රාජ්‍යයක් පිහිටුවීමට වලිකන “දේශපාලන” ඉස්ලාමිකයන් ය. සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ නාමයෙන් මෙ සියල්ලන්ට ම යුදමය වශයෙන් විරුද්ධ වීමට යෝජනා කිරීම මගින් හෙන්ස්මන් නොසිතාම ඔවුන්ට එරෙහි අසාද්ගේ යුද්ධය අනුමත කරයි.

මතු සම්බන්ධයි

Share this article: