එක්සත් ජනපදය අසාන්ජ් උදර්පනය කිරීමේ නිල ඉල්ලීම ඉදිරිපත් කරයි

US issues formal request for Assange’s extradition

ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි , 2019 ජූනි 11

එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිය බ්‍රහස්පතින්දා විකිලීක්ස් ආරම්භක ජුලියන් අසාන්ජ් උදර්පනය කිරීමේ නිල ඉල්ලීම බ්‍රිතාන්‍ය අධිකාරින්ට ඉදිරිපත් කල බව අද වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කලේ ය. මෙම ලේඛනය ප්‍රසිද්ධ කර නැත අප්‍රේල් 11 දා බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අසාන්ජ් සිරභාරයට ගත් තැන් පටන්, එක්සත් රාජධානිය වෙත පූර්න උදර්පන ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට, එජ ආන්ඩුවට දින 60ක කාලයක් තිබුනි. එජ උදර්පන ඉල්ලීම පිලිබඳ ප්‍රථම සාරභුත විභාගය ජුනි 14 වන දින පැවැත්වීම ට නියමිත ය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ පාලනාධිකාරය අසාන්ජ්ට එරෙහිව ඔත්තු බැලීම පිලිබඳ පනත උල්ලංඝනය කිරීමේ චෝදනා 17ක් ද අතුලත් චෝදනා 18ක් මත නඩු පැවරීමට යන්නේ එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්, ශිෂ්‍යයන්, තරුනයින් සහ සිවිල් නිදහස ආරක්ෂා කරන්නවුන්ගේ විරෝධය නොතකා, බව පුවත් පත් වාර්තාව තහවුරු කරයි.

ජූලියන් අසාංජ්

එක්සත් ජනපදයේ යුද අපරාධ ද රාජ්‍යෝපායික කුමන්ත්‍රන ද එලිදරව් කිරීම පිලිබඳව අසාන්ජ්ට එරෙහිව එල්ලකොට තිබෙන චෝදනා, එජ ව්‍යවස්ථාවේ ප්‍රථම සංශෝධනය තුල ස්ථාපිතව ඇති ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසේ අයිතිවාසිකම් වෙත එල්ල කරන ලද ප්‍රහාරයකි. යුද්ධ-විරොධී ක්‍රියාකාරින් ද ඔත්තුකාරයන් යයි චෝදනා ලැබූවන් ද රාජ්‍ය ප්‍රහාර පිලිබඳව අනතුරු අඟවන්නන් ද එල්ල කොට ඓතිහාසිකව යොදා ගන්න ලද ඔත්තු බැලීමේ පනත, මින් පෙර කවර කලෙකවත් මාධ්‍යවේදියෙකුට හෝ ප්‍රකාශකයෙකුට එරෙහිව කිසිදු එජ පාලන අධිකාරයක් විසින් යොදා නොගත් විෂඝෝර නීති ඛන්ඩයකි.

පවත්නා බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද නීති වලට අනුව එක්සත් රාජධානියෙන් එක්සත් ජනපදය කරා උදර්පිත පුද්ගලයන් ට එරෙහිව නිල උද්ර්පන ආයාචනය තුල අන්තර්ගත චෝදනා වලට අමතරව වෙනත් අපරාධවලට සහ උදර්පන ආයාචනයට පසුව කලේ යයි කියන අමතර අපරාධ චෝදනා අතුලත් කල නොහැකි ය.

වොෂිංටන් පොස්ට් පුවත් පතට අනුව, 2017 දි විකිලීක්ස් විසින් එජ මධ්‍යම ඔත්තු සේවයේ “වෝල්ට් 7” යනුවෙන් නම්කර තිබෙන ලියවිලි ගොනුවක් පලකිරීම ගැන අධිකරන දෙපාර්තමේන්තුව අසාන්ජ්ට එරෙහිව චෝදනා ගොනු කරනු නැත. “රාජ්‍ය නිලධාරීන්ට අනුව, එසේ කිරීමට [එම ලිපිගොනුව උඩ චෝදනා ගොනු නොකිරීමට] තීන්දු කරනු ලබුවේ, එය ජාතික ආරක්ෂාව තවදුරටත් අනතුරේ හෙලනු ඇත යන උත්සුකය උඩ ය.”

විකිලීක්ස් යලි යලිත් අවධාරනය කර ඇති පර්දි එජ අසාන්ජ් ලුහුබැඳීම උග්‍ර කිරීමට හේතු වූයේ “වොල්ට්” එලියට දැමීම ය. එය පලකිරීම නිසා, එකල සීඅයිඒ අධ්‍යක්ෂකව සිටි මයික් පොම්පියො 2017 දී අසාන්ජ් “යක්ෂයෙක්” යයි ද “විකිලීක්ස් හතුරු රාජ්‍ය නොවන ඔත්තු සෙවයක්” යයි ද හෙලා දුටුවේ ය.

ඉක්වදෝර් තානාපති කාර්යාලය අසාන්ජ්ගේ සරනාගත වරම අහෝසිකරමින් ඔහුව සිය තානාපති කාර්යාලයෙන් එලියට දැමිය යුතු යයි එජ නිලධරීහු තම උද්ඝෝෂනය උත්සන්න කලෝ ය. එ සමගම ඔවුහු චරපුරුශ චෝදනා තීව්‍ර කිරීම එල්ල කරගත් එෆ්බීඅයි පරීක්ෂනය ද දැඩි කලෝ ය.

“වොල්ට් 7” වැඩ සටහන පරිගනක ශක්‍යතා තුලට කාවැදුනු ප්‍රහාරයක් සීඅයිඒ සංවිධානය විසින් වර්ධනය කරමින් විෂ සහගත පරිගනක වයිරස සකසාගත් බව ද හෙලිදරව් කලේ ය. මෙම ලේඛන වලින් හෙලිදරව් කරන ලද්දේ සී.අයි.ඒ සංවිධානය විසින් පරිගනක පද්ධති තුලට කා වැදීමට ද, තම ක්‍රියාව රුසියාව, චීනය හෝ ඉරානය වැනි ප්‍රතිමල්ලයන් මතට “පැටැවිමට ඉඩ තබන” කේලාම් ලකුනු ඉතුරුකර තබා යාමට ද හැකියාව සකසාගෙන ඇතැයි යන්න යි.

සීඅයිඒ සංවිධානය, නිවාස වල පාවිච්චි කෙරෙන ස්මාට් රූපවාහිනී වැනි විද්‍යුත් උපකරන තුලට කාවැදීමට හකියාව නිපදවා ගෙන තිබේ යයි ද එමගින් මහා පරිමාන ඔත්තු සේවාවක් පවත්වාගත හකි තත්වයක් හදාගෙන ඇතැයි ද යන්න පෙන්නුම් කරන ලදී. සමහර ලියවිලි පෙනුම් කලේ සී.අයි.ඒ සංවිධානය නවීන මෝටර් රථවල පරිගනක පද්ධති තුලට කාවැදෙමින් - මනුෂ්‍ය ඝාතන වැඩ සටහනක් සඳහා යොදාගත හැකි ක්‍රමයක් සකසා ගැනීමට උත්සාහ කරමින් සිටි බව යි.

අසාන්ජ්ට එරෙහි උදර්පන ආයචනයේ සඳහන් චෝදනා වලට අමතර තවත් චෝදනා සීමා කරනු ලැබුව ද, සලකුනු මගින් පෙන්නුම් කරන්නේ ඔහුට එරෙහි එජ රාජ්‍ය පරීක්ෂන නොනවතා දිගින් දිගටම සිදු කරමින් පවත්නා බවයි. ට්‍රම්ප් පාලනය 2010 දී විකිලීක්ස් ට තොරතුරු ලබාදුන් ධෛර්ය මත් අනතුරු හඟවන්නිය වන චෙල්සී මැනිං තවමත් සිර භාරයේ තබාගෙන සිටියි. ඇය ලවා එජ මහා (ග්‍රෑන්ඞ්) ජූරියක් ඉදිරියේ ජුලියන් අසාන්ජ්ට එරෙහිව බොරු සාක්ෂි බලෙන් ගැනීම සඳහා පියවරක් ලෙස ඇය චෝදනා රහිතව ම සිර කොට තබා ඇත. එක්සත් ජනපදයේ ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන්ස් [එෆ්බීඅයි] අසාන්ජ් ට 2011 දී අයිස් ලන්තයේ කොම්පියුටර් හැකිංග් [පරිගනක වලට හොරෙන් අතුලුවීම] පිලිබඳ බොරු චෝදනා ඇටැවීමට ගත් වැඩසටහනක් යලි අලුත් කිරීමේ උත්සාහයක යෙදී සිටින බවට විකිලීක්ස් ගිය සිකුරාදා, අනතුරු හැඟවී ය.

අසාන්ජ්ට එරෙහිව තවත් චෝදනා ගොතා ගැනීමට මග පාදාගත හැකි පරිදි ප්‍රශ්න වලට උත්තර දීම සඳහා අයිස්ලන්ත ජාතික එෆ්බීඅයි ඔත්තුකාර, කලින් වංචා සහ සොරකම් කිරීම උඩ උසාවියේ වැරදි කරුවෙකු යයි තීන්දු කරනු ලැබ සිටින සිගුඩුර් තොර්ඩසන් පසු ගිය මාසයේ වොෂිංටන් ඩී සී කරා ගමන් කල බව මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.. මැයි මස මුලදී අසාන්ජ්ට එරෙහි පරීක්ෂනය මෙහෙයවන එෆ්බීඅයි කන්ඩායමක් තොර්ඩර්සොන් සමග අයිස්ලන්තයේදී සාකච්ඡවක් කරන ලදී.

අසාන්ජ් උදර්පනය කිරීමේ නිල ඉල්ලීම ඔහුගේ සෞඛ්‍යය පිරිහී යමින් පවතින්නේය යන කාරනය සමග සම්පාත වෙයි. මැයි 30 දා විකිලීක්ස් අසාන්ජ් ගේ “සෞඛ්‍ය තත්වය” පිලිබඳ “බරපතල උත්සුකතා හමුවේ” ඔහු බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ වෛද්‍යාගාරයට මරු කරන ලද බව තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කලේ ය.

ඊලඟ දිනයේ දී, මැයි මස මුල අසාන්ජ් හමුවීමට ගිය වධදීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වර්තාකරු වන නිස් මෙල්සර් නිකුත් කල වාර්තව, විකිලීක්ස් ආරම්භකයා “දිගු කාලයක් මානසික වධයට පාත්‍ර කරනු ලැබූ කෙනෙකුට ආවේනික සියලුම ලක්ෂන පෙන්නුම්කල” බවට අනතුරු ඇඟවීය.

එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය, ස්වීඩන, සහ ඉක්වදෝරියානු ආන්ඩු විසින් අසාන්ජ් මර්දනයට පාත්‍ර කිරීම මෙල්සර් හෙලා දකියි. විධිමත් පටිපාටියක් සඳහා අසාන්ජ්ට පවත්නා අයිතිය බ්‍රිතාන්‍ය උසාවි විසින් උල්ලංඝනය කර තිබෙන බව ද විකිලීක්ස් ආරම්භකයා එක්සත් ජනපදයට උදර්පනය කලහොත්, තවතවත් වදබන්ධන වලට පාත්‍ර වීමේ අන්තරායට මුහුන දෙනු ඇති බවට ද ඔහු අනතුරු හැඟවිය.

උදර්පනය කිරීමේ එක්සත් ජනපද තැතට එරෙහිව පැනනැගී තිබෙන විරෝධය එක්සත් ජාතීන්ගේ වාර්තව ද අසාන්ජ්ගේ සෞඛ්‍ය ව්‍යසනය ද විසින් උත්සන්න කරනු ලැබ ඇත.

සිකුරාදා මෙක්සිකානු පුවත්පත් සංගමය අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා එකාබද්ධ වැඩ පිලිවෙලක් කැඳවමින් ප්‍රකාශනයක් නිකුත් කලේ ය. එහි ප්‍රධාන ලේකම් සෙලෙස්තේ සැන්ස් ඩි මියේරා මෙසේ ප්‍රකාශ කලේ ය: “අපගේ ක්‍රියා කිරීමේ හැකියාව පෙන්නුම් කිරීමට නම් අප සැම එක්ව ක්‍රියා කල යුතුව තිබේ. අප අසාන්ජ් ව අත හලොත් අප සැම ම අතහැර ගත්තා වේ. එසේ වීමට ඉඩ තැබිය යුතු නැත.”

මෙම ප්‍රකාශනය කරන ලද්දේ ජාත්‍යන්තර වර්ධනයන් ට ඉක්බිතිව ය. ඒවා විදහා දැක්වූයේ අසාන්ජ්ට එරෙහි ප්‍රහාරය ප්‍රවෘත්ති ප්‍රකාශනහෙි නිදහසට එරෙහි පුලුල් ප්‍රහාරයකට වාන් දොරටු හැර දමා තිබෙන බව ය.

ගිය සතියේ, ඕස්ට්‍රේලියානු ෆෙඩෙරල් පොලිසිය නිව්ස් කෝ මාධ්‍යවේදියෙකුගේ නිවසට සහ ඔස්ටේ්‍රලියන් බ්‍රෝඞ්කාස්ටිං කෝපරේශන්හි සිඞ්නි නුවර කාර්යාලය තුලට කඩාවැදුනි. ඒ අෆ්ඝනිස්ථානයේ දී කරනලද යුද අපරාධ එලිදරව් කිරිමට ද ආන්ඩුවේ ඔත්තු සේවා සලසුම්වලට එරෙහිව ද ලියනලද ලිපි නිසා ය. සෞදි අරාබිය යේමනයේ කරන යුද්ධයට තමන් දෙන සහය එලිදරව් කරන පුවත් වේදීන් දඩයම් කිරීම ට ප්‍රංශ ආන්ඩුව පියවර ගනිමින් සිටී.

කේපීඑෆ්ඒ රේඩියෝවට කථාකල ඕස්ට්‍රේලියානු සුපරික්ෂක ප්‍රවෘත්ති වේදී ජෝන් පිල්ගර් කිවේ, මෙම ක්‍රියා අසාන්ජ්ගේ අනතුරු ඇඟවීම් සනාථ කරන බවය: “ඊනියා ලිබරල් ප්‍රජාතන්ත්‍රයන් වෙනස් වෙමින්පවත්නා” අතර ඒවා වැඩි වැඩියෙන් “ඒකාධිපතීත්වයන්ගේ” විධික්‍රම යොදාගන්නා බවය. අසාන්ජ් ආරක්ෂා කිරීමේ පුලුල් ම ජන බල මෙහෙයුමක් දියත් කල යුතු යයි පිල්ජර් කියාසිටි යේ ය.

මේ සතියේ බ්‍රිතාන්‍යයේ ද, වෙනත් ප්‍රදේශවල ද රැස්වීම් පැවැත්වෙනු ඇත. අද දින සමාජවාදී සමනතා පක්ෂය, ඕස්ට්‍රේලියානු අන්ඩුව විසින්, අසාන්ජ් බ්‍රිතාන්‍යයේ සිරභාරයෙන් මුදා ඕස්ට්‍රේලියාවට පෙරලා පැමිනිමේ අයිතිය ද එක්සත් ජනපදයට ඔහු උදර්පනය නොකරන බව ද සහතික කොට ඔස්ටේ්‍රලියානු පුරවැසියෙකු සහ ප්‍රවෘත්ති වේදියෙකු ලෙස ඔහු කෙරේ සිය වගකීම් ඉටු කල යුතුව අතැයි බලකර සිටින රැස්වීම් මාලාවක් සිඞ්නි, මෙල්බර්න් සහ බි්‍රස්බන් නගරවල දී පවත්වන බව ප්‍රකාශ කලේ ය.

Share this article: