සමාජවාදය සහ ධනපති දේපල අත්පත් කර ගැනීමේ යුක්ති සහගත වුවමනාව

Socialism and the case for expropriation

2019 පෙබරවාරි 27

බ්‍රිතාන්‍යයේ වසර 176ක් පැරනි ඉකොනොමිස්ට් (Economist) සතිපතා පුවත් පත මේ සතියේ කවරයේ කතාව වූයේ “සමාජවාදය නව පන්නය ලෙස යලි පැමිනේ” යනුවෙනි. සෝවියට් සංගමය විසුරුවීමෙන් අනතුරුව මුලුදුන් “ඉතිහාසයේ අවසානය” යන ඝෝෂාවට පිටින් යමින් පුවත් පත සමාජවාදය වෙනුවෙන් වන මහජන සහයෝගය “විශිෂ්ඨ” ලෙස වැඩී ඒමට මුල් වූයේ දශක ගනනාවක් තිස්සේ වැඩී එන සමාජ අසමානතාවය බව ප්‍රකාශ කරයි.

එහි මෙසේද සඳහන් වෙයි, “ඇත්තෙන්ම පසුගිය 40 වසර මුලුල්ලේ සත්තකින්ම අසමානතාවය ඉහ වහා ගිය” අතර “බටහිර සමාජයන් හී වැරදීගිය තැන් පිලිබඳව සමාජවාදය විසින් තියුනු විවේචනයන් ඉදිරිපත් කිරීම නිසා එය අතිමහත් බලයකින් යුතුව ආපසු පැමිනෙමින් තිබේ.” සමාජවාදය පිලිබඳ මනෝගතිය කම්කරු පන්තියේ ගෝලීයව එලඹී සිටින වර්ජන ව්‍යාපාරයත් සමග එක්ව පැමිනෙන අතර පසුගිය වසරේ අමෙරිකාවේ වර්ජන සඳහා සම්බන්ධ වූ ජන සංඛ්‍යාව 2017 වර්ෂය හා සැසදීමේ දී 20 ගුනයකින් වර්ධනය වී ඇත.

සමාජවාදයට පවතින වර්ධනය වන මහජන සහයෝගය පිලිබඳව ඉකොනොමිස්ට් අනතුරු ඇඟවීම පල කල සතියේම අමෙරිකාවේ මූල්‍ය කපතියාධිකාරයේ ඉතාම කොල්ලකාරී කොටස් වලින් දැවැන්ත සහ මුල් ඇල්ලූ බලය විදහා දක්වන සිද්ධි මාලවක් හට ගත් අතර එමඟින් ඉහල කොටස් කරා යලි ධනය බෙදා හැරෙන දැනට කෙරීගෙන යන්නාවූ හා දැවැන්ත ක්‍රියාවලිය ඉහල දැමීම අරමුනු කර ඇත.

ෆෙඩරල් සංචිතයේ ආපසු හැරීම

අඟහරුවාදා සෙනේට් බැංකු කමිටුව ඉදිරියේ කතා කරමින් පෙඩරල් සංචිතයේ (ඇමරිකානු මහ බැංකුව) සභාපති ජෙරෝම් පවල් වෙලඳ පොලේ සිදුවූ සුලු පරිමාන අලෙවිකින් පසු පොලී අනුපාත ඉහල දැමීම නවතා දැමීමේ තීරනය යලි තහවුරු කලේ ය.

මෙම වසර මුලදී ඔවුන් පොලී අනුපාත තුන් වරක් ඉහල දැමීමට සැලසුම් කර සිටියද දැන් එවැනි කිසිදු අදහසක් නැත. ස්ටිෆල් ෆික්ස්ඞ් හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා වන ලින්ඞ්සේ පියෙග්සා සී එන් එන් සේවයට පැවසා සිටියේ සත්තකින්ම සිදුවන්නේ “මීලඟ ප්‍රතිපත්ති සීරුමාරුවේදී බොහෝ දුරට වනු ඇත්තේ පොලී අනුපාත කැපීමක්” බව ය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩවු ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 1,500 කින් ඉහලට පැන්නේය. වර්තමාන වේගයට අනුව පසුගිය වසර අවසන් කාලයේදී තැබුනු ඉහල වාර්තා සති කීපයක් ඇතුලත සිඳ බිඳ ගෙන යාමට සියල්ල සූදානම්ය. ජෙෆ් බෙසොස් ඩොලර් බිලියන 20 කින්ද බිල් ගේට්ස් ඩොලර් බිලියන 11 කින්ද වත්කම් ඉහල දමා ගනු ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, කොටස් වෙලඳ පොලේ හුදු සියයට දහයක වැටීමකින් අනතුරුව මීලඟ මූල්‍ය අර්බූදයට ප්‍රතිචාර පිනිස තමන් වසර ගනනාවක් තිස්සේ ගොඩ නැගූ සැලසුම් ඉරා දැමීමට පෙඩරල් සංචිතයට බල කෙරී තිබේ.

ඒකාධිකාරයට කොල එලියක්

පවල් ගේ සාක්ෂියෙන් පැය කීපයක් ගත වෙද්දී ෆෙඩරල් අභියාචනාධිකරනයක් අමෙරිකානු ඉතිහාසයේ විශාලතම සංගත ඒකාබද්ධවීමක් වන ඒටී ඇන්ඞ් ටී සමග ටයිම් වෝනර් එක්කාසු වීම අභියෝගයට ලක් කරමින් අධිකරන දෙපාර්තමේන්තුව ගොනුකල පෙත්සම ඉවත දැමීය. ගනුදෙනුව තිර ලෙසම ස්ථීර කරමින් ඔවුන්ගේ පැත්තෙන් අධිකරන දෙපාර්තමේන්තුව පැවසුවේ තමන් තීන්දුව අභියෝගයට ලක්නොකරන බවය.

ජංගම දුරකතන සන්නිවේදන මාර්ග තුනෙන් එකක් සහ අන්තර්ජාල බ්‍රෝඞ්බෑන්ඞ් හයෙන් එකක් පාලනය කරන සමාගම ම දැන් එච්බීඕ, වෝනර් බ්‍රදර්ස් සහ සීඑන්එන් ද පාලනය කරමින් මෙම ගනුදෙනුව දැවැන්ත සිරස් ඒකාධිකාරයක් නිර්මානය කරගෙන තිබේ.

ජාල ස්වාධීනත්වය අවසන් කරමින් අලුතින් නීතිගත කරගන්නා ලද ක්‍රියාවන් ඇතුලත්ව මෙම තීන්දුවෙන් තරඟකාරිත්ව විරෝධී රැල්ලක් ඇවිලවීමට අමතරව ප්‍රකෝටිපති ආයෝජකයන් වෙතට ලාභය සංසරනය කරමින් හුදෙක් අන්තර්ජාල සහ දුරකතන සේවා වල පමනක් නොව අන්තර්ජාලමය අන්තර්ගතයන්ගේ (ඩිජිටල් කොන්ටෙන්ට්) බෙදාහැරීමේ මිල ගනන්ද ඉහල නංවනු ඇත.

කොටස් ආපසු මිලදී ගැනීමේ තියුනු ඉහලයාම

පසුගිය වසරේ වාර්තාගත ට්‍රිලියනයක් වූ කොටස් ආපසු මිලට ගැනීම් අවරට යවන කොටස් ආපසු මිලට ගැනීම් දැනටමත් වීදි බැස තිබේ. සී එන් එන් වාර්තා කලේ, බෑන්ක් ඔෆ් ඇමරිකා මෙරිල් ලොන්ච් සංගත සේවා දායකයන්ගේ ආපසු මිලට ගැනීම් මේ වසරේදී සියයට 91ක් තරම් දැවැන්ත වෙමින් සංගතයන් නිෂ්පාදන ආයෝජන වලින් පෙර නොවූ විරූ තරම් විශාල ලෙස ඉවතට හැරෙමින් තමන්ගේම කොටස් මිල ගනන් වලට මුදල් පොම්ප කරමින් එක්සත් ජනපදය “තවත් වාර්තාගත වසරකට පෙල ගැසී ඇත” යනුවෙනි.

ආර්ථික විද්‍යාාඥ ගේබ්රියල් ශුක්මන් “ඔප දැමූ යුගයේ මට්ටම්වලට” (gilded age - ඔප දැමූ යුගය ලෙස හැඳින්වෙන්නේ ඇමරිකානු ඉතිහාසයේ 1870 - 1900 පමන දක්වා වූ කෑදර බවේ හා දේශපාලනිකව දූෂිත බවේ කාල පරිඡ්චේදයටය - පරිවර්තක) අසමානතාවය යලි පැමින ඇතැයි පවසන තරමට සියලු සාධක නිර්මානය වී තිබේ. මේ වසර මුලදී ඔහු විසින් සම්පාදනය කරන ලද පර්යේෂන වාර්තාවක් පිලිබඳව අදහස් දක්වමින් ශුක්මන් මෑතක දී මෙසේ ලීවේය, “දත්තයන් පෙන්නුම් කරන්නේ අමෙරිකාවේ ධනය සංකේන්ද්‍රගත වීම 1920 මට්ටමට යලි පිවිස ඇති බවය. සමස්ත ගෘහස්ත ධනයෙන් සියයට හතලිහක් ඉහල සියයට 1 ට අයිතිවේ. සියයට 20ක් තරම ඉහල සියයට 0.1 සතුවන අතර මෙය පහලම සියයට 90 සතුවන ධන ප්‍රමානය තරම්ම වෙයි.”

පන්ති අරගලය අවුලුවමින් සමාජවාදය ගැන උනන්දුව යලි ඇතිකරවීම ධනවාදයේ යථා ස්වරූපයයි. පාලක පන්තිය මෙහි පලවිපාක පිලිබඳව තැති ගැන්වී ඇති අතර සිය ප්‍රතිචාරයන් සුදානම් කරගනිමින් සිටී.

”සමාජවාදයේ ගොම්මන් හෝරාව අපේ අර්ධගෝලයට ලඟාවී තිබේ” යන පැසිස්ට්තාලයේ ජනාධිපතිගේ ප්‍රකාශයත් සමග, සමාජවාදයට එරෙහි ට්‍රම්ප් පරිපාලනයේ යුද්ධ ප්‍රකාශයක ස්වරූපයෙන්, මෙම ප්‍රතිප්‍රහාරය දැනටම එල්ලවී තිබේ. ට්‍රම්ප් කතා කරනුයේ ඔහු වෙනුවෙන් නොව සමාජවාදයට ඇතිවෙන වැඩෙන මහජන සහාය තුල සමාජ විප්ලවයේ අවතාරය දකින රාජ්‍යයේ සියලු බලවේග යොදාගෙන එය මර්දනය කිරීමට කැසකවන ධනපති ක්‍රමයේ ගැඹුරේම සිටින කොල්ලකාරී ස්තරය වෙනුවෙනි.

අනෙක් අතට, ඩිමොක්‍රටික් පක්ෂය තුල සහ ඒ අවට සිටින විවිධ පිරිස් සහ සංවිධාන පාලක පන්තියේ සහ ධනපති පන්තියේමත් ධනයට එරෙහි මුහුනට මුහුනලා කරන පහරදීමකින් තොරව සමාජ අසමානතාවට පිලියම් යෙදිය හැකිය යන ප්‍රබන්ධය ප්‍රචාරය කිරීමට වෑයම් කරමින් සිටී. සියල්ලටමත් වඩා එය ධනවතුන් වෙතට සම්පත් දැවැන්තලෙස යලි බෙදා දීම අධීක්ෂනය කිරීමේදී තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කරමින් සිටින දක්ෂිනාංශික ධනපති පක්ෂයක් වන ඩිමොක්‍රටික් පක්ෂය හරහා ලඟා කර ගැනීමට යයි.

නිව්යෝකයේ කොන්ග්‍රස් සභිකා ඇලෙක්සැඞ්රියා ඔකැශියෝ-කෝර්ටෙස් ඩොලර් මිලියන 10ට ඉහල ආදායම් සඳහා සියයට 70ක තීරු බදු රේට්ටුවක් ඉල්ලා සිටී. මෙම කොන්ග්‍රස් සභිකාව යෝජනා කරන සියලු දෙය මෙන්ම මෙම ඉල්ලීමද “අභිලාෂාත්මක” වේ. එහි අර්ථය වනුයේ, 1990 ගනන් වලදී මූල්‍ය රෙගුලාසි මුලුමනින්ම වලපල්ලට යැවූ පක්ෂය ක්‍රියාවට දමනු ඇත්තේ මුල් යෝජනාවෙන් විශාල ලෙසින් දියාරු කල අනුවාදයක් වනු ඇති බවයි.

මේ අතර, සෙනෙට් සභික එලිසබෙත් වොරන් “ඩොලර් මිලියන 50ට ට වඩා වැඩි වත්කම් සහිත ඇමරිකානුවන්ට සියයට 2 ක ධන බද්දක් සහ ඩොලර් බිලියන 1 කට වඩා වැඩි ප්‍රමානයක් සහිත අයගෙන් සියයට 3 ක ධන බද්දක්” ඉල්ලා සිටී. මෙම ධන බදු වාර්ෂිකව ඩොලර් බිලියන 275 කට එනම් එක් තක්සේරුවකට අනුව 2008 න් පසු එක්සත් ජනපද මූල්ය පද්ධතියට එක්සත් ජනපද ආන්ඩුවේ ඇප දීමට කැප වූ ආසන්න වශයෙන් ඩොලර් ටි්‍රලියන 30න් සියයට එකකට සමානවේ.

ජැකොබින් සගරාව එහි නවතම නිකුතුවේ දී ඩිමොක්‍රටික් බර්නි සැන්ඩර්ස්ගේ මැතිවරන උද්ඝෝෂනය ප්‍රවර්ධනය කිරීමට ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් සමග සහගාමීව කැපවී සිටී. සඟරාව ”ඇමරිකාව තුල සමාජවාදය දිනාගැනීමේ සැලසුමක්” යනුවෙන් ”සමිති-පාලිත අරමුදල් ගොඩ නැගීම සඳහා ලාභ ලබන සමාගම් සඳහා කොටස් බද්ද” හරහා ලාභය බෙදාගැනුමට වඩා මඳක් වැඩි විස්තරයක් දක්වනු ලබයි.

මෙම “සමාජවාදය” අමෙරිකානු මෝටර් රථ නිපදවන්නන්ගේ වර්තමාන සැකැස්ම වන විශ්‍රාමික සෞඛ්‍ය සේවා රක්ෂන සංචිතයන් සංගතගත යූඒඩබ්ලිව් සඳහා දේශපාලන අල්ලස් අරමුදලක්සේ මෙහෙයවමින් රුදුරු සූරාකෑමකට ලක් කරන කම්කරුවන්ට වසරකට වරක් සොච්චම් ලාභාංශයක් ගෙවීමෙන් සැලකිය යුතු ආකාරයකින් වෙනස් වන්නේ කෙසේදැයි පැවසීමට ජැකොබිනය අසමත්වේ.

මෙම තමන්ම ප්‍රතිසංස්කරනවාදීන් ලෙස කියා ගන්නා කිසිවකුත් නොකියන කාරනාවනම් නිර්දය සහ ප්‍රතිගාමී පාලක ප්‍රභූව හමුවේ මෙම අතිශය අඩු ලන්සුවේ යෝජනා පවා ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියාය. ධනවාදයේ දිගු කාලීන උවමනාවන් රැකීම උදෙසා පෙඩරල් සංචිතයට අනුපාත ඉහල දැමීමට නොහැකි නම් සහ උසාවි පවත්නා ප්‍රති-ඒකාධිකාරී නීති පාගා දමන්නේ නම් ධනවතුන් මත ඉතාම සීමිත ලෙස හෝ බදු ඉහල දැමීමේ වෑයමක් මත වන කෝපාන්විත ප්‍රතිචාරයන් ගැන සිතා ගැනීම අපහසු නැත.

ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ සෑම බැරෑරුම් අරගලයක්ම, මූල්‍ය කතිපයාධිකාරය සහ, ධනපති දේපල සබඳතා හරහා මනුෂ්‍ය වර්ගයා සූරාකෑමේ එහි බල මූලාශ්‍රය පරිපූර්නව අත්පත් කර ගැනීමක අවශ්‍යතාව මතු කරයි.

අවශ්‍ය වනුයේ කුඩා සියයට ගනන් වලින් බදු ඉහල දැමීමේ “අභිලාශාත්මක” යෝජනා නොවේ (ඒවා ධනපති ක්‍රමය යටතේ කිසිවිටෙක ලඟා කරගත හැකි දේ නොවේ) පාලක පන්තියේ භුක්තිය පැහැර ගැනීමය. සියලු මහා සංගත සහ බැංකු මහජන අයිතිය යටතට සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය යටතට ගත යුතුය. ආර්ථිකය සහ එමගින් දේශපාලනය සහ ජීවිතය මත වන මූල්‍ය කපතියාධිකාරයේ ග්‍රහනය බිඳ දැමිය යුතුය.

සමාජයේ මෙම දුරදිග යන පරිවර්තනයන් ඉටුකරන සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය දැනටමත් අරගලයට ප්‍රවිෂ්ටව සිටිති. එය සමාජවාදී ක්‍රියාමාර්ගයට පිවිසිය යුතු වන අතර ඒ ඉහල සියයට 1 හි හෝ ඔවුන් දෙස ඊර්ෂ්‍යාවෙන් පෙලී ගෙන සිටින ඉහල සියයට 10හි උවමනාවන් සඳහා නොව සමාජයේ සියයට 90ක් වන සියලු ධනය නිර්මානය කරන අති විශාල කම්කරු පන්තියේ උවමනාවන් වෙනුවෙන් සමාජය යලි සංවිධානය කිරීම සඳහාය.

ඇන්ඩ්‍රේ ඩැමොන්

Share this article: