එක්සත් ජනපදය මිසයිල ගිවිසුමෙන් ඉවත්වීම ගෝලීය න්‍යෂ්ටික අවිතරඟය ගිනි ගන්වයි

US missile treaty withdrawal sparks global nuclear arms race

2019 පෙබරවාරි 21

සැතපුම් 5,000 ක් හෝ ඊට අඩු දුරක් යතහැකි පරාසවල පොලොව මත රඳවනු ලැබ ඇති මිසයිල තහනම් කරන මැදදුර න්‍යෂ්ටික බල (අයිඑන්එෆ්) ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත්වන බව පසුගිය මස ධවල මන්දිරය නිවේදනය කර සිටියේය.

නැගෙනහිර යුරෝපයේ සහ චීන වෙරලට ඔබ්බෙන් පිහිටි දූපත්වල ද කෙටිදුර සහ මධ්‍ය දුර පරාස න්‍යෂ්ටික මිසයිල රැඳවීම සඳහා පෙන්ටගනය සැලසුම්කර ඇතිබව හමුදා මූලෝපායඥයො ද බුද්ධිමන්ඩල ද පැහැදිලි කර තිබේ.

මෙම මස මුලදී එය “අවි පද්ධතීන් පිලිබඳ තමන්ට කලින් ගත නෙහැකිව තිබුනු පියවර දැන් ගනු ඇතැයි” කියා සිටි පෙන්ටගනය පැවසුවේ ගිවිසුමෙන් තහනමට ලක්වූ ආයුධ ස්ථාපිත කිරිමේ සිය සැලසුම් දැන් වඩාත් වේගවත්ව සිදුකරන බවයි.

වොෂිංටනය ද යුරෝපයේ අගනුවරවල් ඇතුලු “අනදෙන මධ්‍යස්ථාන” මෙන්ම එක්සත් ජනපද (එජ) මිසයිල විදින උපකරන පිහිටා තිබෙන ස්ථාන (US launch facilities) ද රුසියාවෙ ඉලක්ක වනු ඇතැයි පැහැදිලිකරමින් යුරෝපය තුල කුමන එ.ජ. මිසයිල වුව රඳවා තැබීමකට එරෙහිව රුසියාව සමානුපාතිකව පමනක් නොව “අසමමිතිකව” (පමන ඉක්මවා) ද ප්‍රතිප්‍රහාර දීමට තමන් සුදානම් බව බදාදා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් කියා සිටියේය.

එක්සත් ජනපදය එවැනි තැන් වල මිසයිල රඳවා තැබුවහොත් ඒවාට “යන්තම් විනාඩි10-12ක් තම් කෙටි කාලයකින් මොස්කව් කරා එලඹිය හැකියැයි ද “එය රුසියාවට භයානක” තත්වයක් වනු අතයි ද පුටින් පැවසීය.

උත්සන්න වන ප්‍රතිමුඛ තාවය 1962 කියුබානු මිසයිල අර්බුදයට සමාන බවක් වැඩිවැඩියෙන් පෙන්නුම් කරන බවට පුටින් අනතුරු ඇඟවීය. 1961 දි තුර්කිය තුල ඇමෙරිකානු ජුපිටර් මිසයිල ස්ථානගත කිරීම විසින් අවුලුවනු ලැබු එම සිද්ධිය ට පැහැදිලි සමාන්තරයන් වත්මන් තතුතුල පවතී. සෝවියට් සංගමය එයට ප්‍රතිචාර දැක්වුයේ ෆ්ලොරිඩා වෙරලින් යන්තම් සැතපුම් 100 ක් ඔබ්බේ පිහිටි කියුබාව තුලතම මධ්‍ය දුර පරාසයේ න්‍යෂ්ටික මිසයිල ස්ථානගත කිරීම මගිනි.

ඒ අවස්ථාවේදි න්‍යෂ්ටික යුද්ධයක් මග හැරීගියේ යාන්තමින්ය යන කාරනාව එම සිද්ධීන්ට සම්බන්ධ වු බොහොමයක් හවුල්කරුවෝ සහතිකව කියා සිටි යා හ.

අයිඑන්එෆ් ගිවිසුම උල්ලංඝනය කරමින් මිසයිල රැඳවීමේ ඇමරිකානු සැලසුම් පවතින්නේ උත්සන්න තත්වයකය.

ඇමරිකා එක්සත් ජනපදය පෝලන්තයේ සහ රුමේනියාවේ අටවා තිබෙන මිසයිල ආරක්ෂක පද්ධතියට මුලුමනින්ම න්‍යෂ්ටික අවිභාරයකින් (nuclear payload) සන්නද්ධ මධ්‍ය දුර පරාස ටොමහොක් මිසයිල විදීමේ හැකියාව ඇතිබව තම කතාව තුලදී පුටින් චෝදනා කලේය.

රුසියාව අයිඑන්එෆ්ගිවිසුම උල්ලංඝනය කරන බවට වොෂිංටනය නඟන චෝදනාව බෙහෙවින්ම තහවුරුවී නොමැති තත්වයක පවතින අතර “නැගෙනහිර යුරෝපයේ පවතින, එක්සත් ජනපද යේ ඊජිස් මිසයිලය පාදකකරගත් පද්ධතීන්, කෲස් මිසයිල වලින් සන්නද්ධ කලහොත්, අයිඑන්එෆ්ගිවිසුම උල්ලංඝනය වනු ඇති බවට ප්‍රසිද්ධව පවතින දත්තයන් පැහැදිලි කෙරෙන බව” ප්‍රකාශ කරන පරමානු විද්‍යාඥයින්ගේ බුලටිනය පුටින් කර තිබෙන චෝදනාව සනාථ කලහ.

බුලටිනය තව දුරටත් මෙසේ ද පැවසී ය. “නැගෙනහිර යුරෝපයේ පිහිටුවා තිබෙන ඊජීස් - පාදිත පද්ධතිවලට ඇමරිකානු කෲස් මිසයිල සවි කල හොත් එක්සත් ජනපදය විසින් වැඩිදියුනු කරගනිමින් සිටින බවට රුසියාව චෝදනා නඟන, ටොමහොක් නව මිසයිල රුසියානු දේශසීමාවෙහි භයංකර ප්‍රහාරාත්මක අවි-බලයක් බවට පත්වනුඇත.”

මිසයිල අන්තර් බාදකයන් [ඉන්ටර්සෙප්ටර (interceptors) ] හෝ න්‍යෂ්ටික සන්නද්ධ කෘස් මිසයිල මගින් හෝ ඊජීස් පද්ධතිය බලගන්වා ඇතිදැයි රුසියාවට කල්තබා දැන ගත නොහැකිය.”

ඇමෙරිකානු“මිසයිල ආරක්ෂක” අඩවිවලට න්‍යෂ්ටික කෲස් මිසයිල විදීමට ශක්‍යතාවක් පවතීදැයි තරයේ විමසන ලද කල්හි “නැතැ” ප්‍රතිචාර දක්වන පෙන්ටගනය මෙම අඩවිවල මෘදුකාංග එවැන්නකට ඉඩ නොතබන බව ප්‍රකාශ කලේ ය. පරමානුක විද්‍යාඥයින්ගේ බුලටිනය විසින් පෙන්ටගනයේ ඉහත කී ප්‍රකාශය “පද්ධතියේ යාන්ත්‍රික නිර්මානය සමග නොගැලපෙන ව්‍යාජ ප්‍රකාශයක් ” බව පෙන්නුම් කරනු ලැබ ඇත.

වෙනත් වචන වලින් පවසතොත්, කෲස් මිසයිල විදින වේදිකාවන් බවට මෙම ස්ථාන පරිවර්තනය කිරීම උදෙසා අවශ්‍ය වන්නේ හුදෙක්, මෘදුකාංග යාවත්කාලීන කිරීමට වඩා වැඩි දෙයක් නොවේ, එයට අවශ්‍ය වන්නේ අන්තිම සුලුදෙයකි.

අයිඑන්එෆ් ගිවිසුම උල්ලංඝනය කරමින් රුසියාව “සමානුපාතික” ප්‍රතිචාරයක් දක්වතොත් එහි ප්‍රතිඵලය වන්නේ එක්සත් ජනපදයේ දේශසීමාවෙන් සැතපුම් කිහිපයක් ඇතුලත ගොඩබිම පදනම් කර මිසයිල ස්ථානගත කිරීමයි: මෙය අතිශයින්ම නොකලහැකි වු ව්‍යාපෘතියකි.

ගොඩ බිම පදනම් කරගෙන විදින කෲස් මිසයිල රැඳවීමට ප්‍රතිචාර දක්වමින් පුටින් පැහැදිලි කලේ රුසියාව “සූදානම්වනු ඇත්තේ ‘අසමමිතික’ ප්‍රතිචාරයක් දැක්වීමට බවයි. එනම් අමරිකනු දේශ සීමාවෙන් සැතපුම් කිහිපයක් ඇතුලත නැව් සහ සබ්මැරීනවල සවිකරන ලද හයිපසොනික (ශබ්දයේ වේගය මෙන් පස්ගුනයක් වේගවත්) මිසයිල ස්ථානගත කිරීම යි.

“අප අත්කරගෙන තිබෙන වේගයන් උපයෝගී කරගෙන අපට කිසියම් රටක ජාතික සාගර සීමාවන් නතිනම් ඒවායේ සුවිශේෂ ආර්ථික කලාපවලින් පවා දුරස්තව අපගේ නෞකාවන් පිහිටුවා ගනිමින් ක්‍රියා කිරීමට හැකියාව පවතින අතර අපට අපේ නෞකාවන් සාගරයේ බොහෝ දුර ස්වාධීන ස්ථානවල නවත්වා තැබිය හැකිය,” පුටින් පැවසීය. “මෙවන් තැනක නෞකා සහ සබ්මැරීන රඳවා තැබිම කිසිවකුටත් තහනම් කල නොහැකිය.”

න්‍යෂ්ටික මිසයිලවල වෙඩි පිටියක් ලෙස යුරෝපය පවත්වා ගැනීමේ ඇමරිකානු සැලසුම්වලට පිලිතුරු වශයෙන් රුසියාව සලසුම් කර සිටින්නේ ඇමරිකාවෙ නැගෙනහිර මූදුකරය අධිඅවදානම් සහිත යුද ගැටුම් කලාපයක් බවට පත්කිරීමට ය. ලෝකයේ ඉහලම ජන ගහන ඝනත්වයකින් යුතු සමුද්‍ර තීරයන්ගෙන් එකක්වන මෙම කලාපයෙන් යන්තම් සැතපුම් කිහිපයක් ඔබ්බෙන් සබ්මැරීන, යුදනැව් සහ තුල න්‍යෂ්ටික බලයන්සහිත මිසයිල රැඳවීමට පොර බැදීම සිදු කෙරෙයි.

ට්‍රම්ප් ගේ ධවල මන්දිරය විසින් පරිකල්පිත බහුධ්‍රැව න්‍යශ්ටික තීරයේ කරලිය වනු ඇත්තේ මෙයයි.

මුහුනට මුහුනලා කෙරෙන මෙවැනිම පිලිමල් වීමක් චීන මුහුදු වෙරල අසබඩ මුහුදු ඛන්ඩයන් තුල ද නිරතුරුව සිදු වෙමින් පවතියි.

තත්වය නරක අතට හැරී තිබේ; මේ සියල්ල අද දින සිදු වෙමින් පවතින්නේ වත්මන් බැලස්ටික් අවි වලින් නොව ශබ්දය මෙන් 25 ගුනයක වේගයෙන් ගමන් කල හැකි හයිපොසොනික මිසයිල යොදා ගනිමිනි.

කිසියම් මිසයිල දියත් කිරීමක් පෙන්නුම් කරන්නෙ සිදු වෙමින් පවතින්නෙ පරික්ෂනයක් නිසා ඇතිවූ ව්‍යාජ අනතුරු හැඟවීමක් ද නතහොත් පුර්න -මහ පරිමාන තාප න්‍යෂ්ටික ප්‍රහාරයක්ද යන්න නිර්නයකර ගනිමට ඉතුරුව පවතින්නෙ මිනිත්තු දෙකකට හෝ තුනකට නො වැඩි කාලයකි. එම නිසා ප්‍රකෝටි සංඛ්‍යාත ජීවිත වල ඉරනම පරදුවට තබන මාරන්තික වැරදි තීන්දු ගැනීමට තිබෙන ඉඩකඩ බෙහෙවින්ම වැඩි වේ.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් මෙම ව්‍යසනකාරී තත්වයට පත්විය. එමඟින් පුටින්මත් ඉස්මතුවිය. දශක තුනකට ආසන්න කාලයකට පෙර සෙවියට් සංගමයේ අවසානය, “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය” ගෝලීය ජයග්‍රහනය සමඟ, න්‍යෂ්ටික යුද්ධය අතීතයක් බවට පත්වී ඇති බවට ප්‍රකාශ කරමින් විජයග්‍රහනවාදයේ රැල්ලක් ප්‍රකාශ කරනු ලැබීය. කෙසේ වෙතත් ඒ පස්සේ ආවේ “සාම ලාභාංශ” නොව ඉරාකය, සර්බියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව හා සිරියාව තුල නොනවතින යුද්ධයන්ය. දැන්, “මූලෝපායික තරඟය” පිලිබඳ පෙන්ටගනයේ ප්‍රායෝගික මූලෝපාය සමග ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වෙමින් අර අඳිමින් සිටින්නේ රුසියාව හා චීනය වැනි න්‍යෂ්ටික සන්නද්ධ “මහා බලවතුන් ට” එරෙහිව පරිපූර්න යුද්ධයකට ය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් අනතුරුව, එක්සත් ජනපදය හා නැටො සංවිධානය අර්ධ යටත්විජිත තත්වය කරා රට යොමු කිරීමේ අරමුනින් සිය හමුදා භටයන් නැගෙනහිරින් කිලෝ මීටර් සිය ගනනක්, රුසියාවෙහිම දේශසීමාවන් අද්දරටම ගමන් කරවා තිබේ.

පුටින් ආන්ඩුව රුසියාවේ කතිපයාධිකාරයෙහි සමාජ අවශ්‍යතා ප්‍රකාශ කරමින්, බංකලොත් ප්‍රමිතියක් අනුගමනය කරමින් සිටී. එක්සත් ජනපදයේ හෝ සමස්ත ගෝලීයව යුද විරෝධී මනෝගතීන්ට ආයාචනා කිරීමට අසමත්වන ක්‍රෙම්ලිනය බියගුලු හා අති-වික්‍රමාන්විත මැදිහත්වීම අතර මැසිවිලිනගයි. රුසියාව වොෂින්ටනයට න්‍යෂ්ටික ආයුධවලින් පහර දෙන බවට තර්ජනය කරන ගමන් ම, යුදකාමී න්‍යෂ්ටික තර්ජන නිර්මානය කරමින්ම, පුටින් සිය ඇමරිකානු “සගයන්ට” ඔවුන්ගේ සිහිනවලින් පියවි ලෝකයට පිවිසෙන ලෙස ප්‍රතිපල රහිත ලෙස ආයාචනා කිරීමට ද උත්සාහ කරයි.

ට්‍රම්ප්ගේ පාලනය ලෝක න්‍යෂ්ටික අවි තරඟයේ වඩාත්ම ආක්‍රමනශීලී ධාවකයා ය; එහෙත් මේ වනාහි විශ්වමය වු සන්තතියක් වෙයි.

මියුනිච් ආරක්ෂක සම්මේලනයේ මෑත වාර්තාවක් ප්‍රකාශ කරන්නේ “න්‍යෂ්ටික අවිවල කාර්යභාරය” තවතවත් වැඩෙමින් පවත්නා එකක් බව යි.

එක්සත් ජනපදය හා රුසියාවෙන් පිටත නවයක් වන අන් සියලු න්‍යෂ්ටික බලවත්තු නව අවිනිශ්චිත භාවයෙ යුගයක් තුල වාසි අත්පත් කර ගැනීම පිනිස න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කිරිමට හැකි වන පරිදි සිය නවීන අවිගබඩාව වැඩිදියුනු කිරීමේ යෙදී සිටිති. ”

කලින් න්‍යෂ්ටික අවි වර්ධනයෙන් ඉවත්ව සිටි ජර්මනිය තුල ද සිය ස්වාධීන න්‍යෂ්ටික බල හැකියාවක් ගොඩ නගා ගැනීම සඳහා පාලක ප්‍රභුව ඇතුලතම ඉල්ලීම දිනෙන්දින උග්‍ර වෙමින් පවතී.

“පැතුමේ සහ වෙනසේ නවීකරන වැඩපිලිවෙල” දියත්කල අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටි බරක් ඔබාමා ගේ ඩොලර් ට්‍රිලියන ගනනක න්‍යෂ්ටික අවි නිශ්පාදන වැඩපිලිවෙල වූ “සැර බාල”, එහෙයින් “පාවිච්චියට ගත හැකි” ආකාර න්‍යෂ්ටික අවිනිෂ්පදනය කිරීම සඳහා, දැන් මෙම අවුරුද්දේ නිමවා හමරකොට නිපයුම් එකලස් පටි වලින් එලියට දැමීමට පටන්ගෙන තිබෙන, එම ආයුධ වර්ධනය කිරීම තව තවත් තීව්ර කරන, පිලිවෙතක් ට්‍රම්ප් විසින් ක්‍රියාවට දමනු ලබමින් පවති.

නව ගෝලීය අවිධාවන තරඟයේ විශ්වමය ස්වභාවය, ඒ හෝ මේ රටක දේශපාලන සම්බන්ධතාවන්හි විපාකයක් නොවන අතර, එය වනාහි අර්බුදයට ලක්වූ ධනේශ්වර පද්ධතියම ග්‍රහනයකර ගත් විශ්ව ක්‍රියා වලියකි.

ලෝකය පුරාම පාලක පන්තීන් යුද්ධය, කොල්ලය හා ආක්‍රමනය දකින්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් වර්ධනය කර ගනිමින් පවත්නා වැඩවර්ජන විසින් උග්‍ර කරනු ලැබ තිබෙන අභ්‍යන්තර පන්තිමය පීඩනයන් ඉවතට හරවා යැවීම උදෙසා කම්කරු පන්ති ව්‍යාපාරය තුල ජාතිකවාදය හා පරභීතිකාව වර්ධනය කිරීමේ මාර්ගයක් ලෙස ය.

කම්කරු පන්තියේ මෙම වැඩෙන ව්‍යාපාරය, යුද්ධය ඒකාධිපතිත්වය හා සමාජ අසමානතාවයේ මූලය වන්නාවූ ධනේශ්වර ක්‍රමය අවසන් කිරීම පිනිස සමාජවාදී වැඩ පිලිවෙලක් මත බලමුලුගැන්වීම ම වනාහි පාලක ප්‍රභූවේ මානව විරෝධී යුද අරමුනු පරාජය කිරීමේ මාර්ගය වන්නේය.

අන්ඩ්‍රේ ඩැමොන්

Share this article: