ලෝක ව්‍යාප්ත යුද්ධයක් සඳහා වන එක්සත් ජනපද අයවැයක්

A US budget for worldwide war

2019 මාර්තු 12

ධවල මන්දිරය විසින් සඳුදා ප්‍රසිද්ධියට පත් කරන ලද අයවැය ඉල්ලීම ජාත්‍යන්තර කම්කරු පන්තිය බැරෑරුම් අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතුය. එජ ආන්ඩුව රටෙන් පිටත මහා පරිමාන යුද්ධයක් සඳහා සහ රට තුල කම්කරු පන්තික ජනතාවගේ ජීවන තත්වයන්ට සහ සමාජ ප්‍රතිලාභයන්ට ම්ලේච්ඡ ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටී. වඩාත්ම බලවත් අධිරාජ්‍යවාදී රාජ්‍යය විසින් වාර්තාගත මට්ටමක මිලිටරිය සඳහා මුදල් යෙදවීමක් ඉල්ලා සිටින්නේ, සෞඛ්‍ය ආරක්ෂනය, අධ්‍යාපනය සහ පරිසරය වැනි සමාජ අවශ්‍යතාවයන් වෙනුවෙන් සිදු කෙරෙන වියදම් පෙර නොවූවිරූ අයුරින් කපා දැමීමට ඉල්ලා සිටිමින්ය.

මිලිටරි සංස්ථාපිතය විසින් ඉල්ලා සිටි ගනන මෙන් දෙගුනයකට ආසන්න වැඩි වීමක් පෙන්ටගනයට ලබා දීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කරයි - වර්තමානයේ සිදුකරමින් ඇති වියදම් කිරීම් වලට සිදු කරන සියයට 4.7 වන මෙම ඉහල දැමීම, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැලසුම් කරමින් සිටි සියයට 2.4 ක ඉහල දැමීම මෙන් දෙගුනයක් වෙයි. මෙම ඉහල දැමීමේ ඩොලර් අගය වන්නේ ඇඩො මිලියන 34 ක් වන අතර පෙන්ටගනය ඉල්ලා සිටියේ ඇඩො බිලියන 17ක් පමනි.

එජ මුලු මිලිටරි වියදම වන ඇඩො බිලියන 750, චීනය, සෞදි අරාබිය, රුසියාව, ඉන්දියාව, බි්‍රතාන්‍ය, ප්‍රන්සය, ජපානය, ජර්මනිය, දකුනු කොරියාව, බ්‍රසීලය, ඔස්ටේ්‍රලියාව, ඉතාලිය, ඊස්රායලය, සහ ඉරාකය යන, 2018 වසර තුල ඊලඟට මිලිටරිය සඳහා වැඩිම වියදමක් කල රටවල් 14 විසින්, සිදුකල වියදම් වල එකතුවට වඩා වැඩි වනු ඇත.

අයවැය ඉල්ලීමේ වඩාත්ම භියජනක සහ අනතුරු අඟවන සුලු ගනන වන්නේ, එජ විසින් ඇෆ්ගනිස්තානය, ඉරාකය, සහ සිරියාව ආක්‍රමනය කිරීමට, පුලුල් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා සිදු කරන ඩ්‍රෝන් යුද්ධයන්ට සහ රුසියානු දේශසීමාවන් වල එජ මිලිටරිය ව්‍යාප්ත කිරීමට (යුරෝපානු තර්ජනාත්මක ආරම්භය) අරමුදල් සැපයීම ඇතුලත්, සියලුම අභිප්‍රායන් සඳහා සිදුකරන යුද්ධයන් කාන්ඩය වන, විදේශීය හදිසි මෙහෙයුම් (ඕසීඕ) සඳහා යෝජිත වැඩිකිරීමය. 2019 මූල්‍ය වර්ෂයේ අයවැය විසින් ඕසීඕ සඳහා ඇඩො බිලියන 69 ලබා දී තිබියදී 2020 මූල්‍ය වර්ෂය සඳහා වන ඉල්ලීම ඇඩො බිලියන 164 ක අති විශාල ගනනක් දක්වා පිම්බී ඇත.

මුල් මාධ්‍ය වාර්තාවන් ධවල මන්දිර ප්‍රභවයන් උපුටා දක්වමින් ප්‍රකාශ කලේ මෙය, ඔබාමා පරිපාලනය සහ කොන්ග්‍රස් රිපබ්ලිකානුවන් අතර ඇති කරගත් ද්විපක්ෂ අයවැය එකඟතාවය යටතේ 2011 දී ඇති කරන ලද, නමුත් එතැන් සිට නිරන්තරයෙන්ම කොන්ග්‍රස් අයවැය එකඟතාවන් නිර්මානය කිරීම මගහැර යන, වියදම් කිරීමේ සීමාවන් සමග, මිලිටරියට නාමිකව අනුකූලවීමට ඉඩ ලබා දීම සඳහා, ඕසීඕ ලෙස සාමාන්‍ය පෙන්ටගන් අයවැයේ අර්ථභාරී කොටසක් ප්‍රතිවර්ගීකරනය කරමින් සිදු කරන ලද ගිනුම්කරන වංචාවක් බවයි. මෙම තත්වය යටතේ ට්‍රම්ප් පරිපාලනය, තමන් දැන් සීමාවන් අනුගමනය කරන බව පැවසීමට ඉඩ තිබුනේ එම සීමාවන්, අඩු තරමේ සියයට පහක සියලුම දේට අදාල වන ම්ලේච්ඡ කප්පාදුවක් හරහා රටතුල වියදම් කිරීම් මත පනවමින්ය. මේ අතරවාරයේ සමස්ත මිලිටරිය සඳහා වියදම් ඉහල යනු ඇත්තේ වියදම් කිරීමේ සීමාවන්ට අදාලව ඕසීඕ වියදම් ගනන් නොගැනෙන බැවිනි.

මෙවැනි ප්‍රකාශයන් ගේ සත්‍ය කුමක් වුවද, ඇඩො බිලියන සියයක් තරම් මුදලක් විදේශීය හදිසි මෙහෙයුම් වෙත යොමුකිරීම, කොන්ග්‍රසය සමග ට්‍රම්ප්ගේ ඇති ක්‍රියාකාරිත්වයට වඩා දුර ගිය ඇඟවුම් අත් කරගන්නා අතර තෙහෙරානය, මොස්කව් සහ බීජීනය තුල භීතීන් අවුලවනු ඇත. මෑත කාලීන මාස වල ට්‍රම්ප්ගේ තර්ජනාංගුලියට ලක්වූ ඉරානය හෝ වෙනිසියුලාව හෝ, වොෂින්ටනය සහ පියොන්ග්යැන්ග් අතර වර්තමාන සාකච්ඡා සම්පූර්නයෙන්ම බිඳ වැටුනොත් උතුරු කොරියාව හෝ ආක්‍රමනය කිරීමට, එය පෙන්ටගනයට ඕනෑවටත් වඩා මුදල් ලබා දෙනු ඇත. මෙම අති විශාල මුදල් සම්භාරය චීනය සහ රුසියාව සමග යුද්ධයක මූලික අවධීන් සඳහා යොදා ගැනීමට පවා හැකිය. ඒ එවැනි ගැටුමක් වහාම ලෝකය විනාශ කරන න්‍යෂ්ටික හෝලකොස්ටයක් බවට වහාම වර්ධනය නොවුනහොත් පමනි.

මීට අමතරව, තමන් විසින් යෝජිත, දේශ සීමාව ඔස්සේ ගොඩ නගන බැම්ම සඳහා පෙන්ටගනයේ අරමුදල් නැවත හරවා ගැනීමට එජ-මෙක්සිකෝ දේශ සීමාව සඳහා ව්‍යාජ “ජාතික හදිසි තත්වයක්” ප්‍රකාශයට පත් කිරීම ප්‍රයෝජනයට ගැනීමේ ට්‍රම්ප් විසින් උත්සාහ ගනිමින් සිටින තත්වයක් යටතේ, හරි හැටි විනිවිදභාවයකින් යුක්ත නොවූ ඇඩො බිලියන 164 ක අති විශාල ඕසීඕ අරමුදලක් නිර්මානය කිරීම සේනාධිපතියාට ලෝකය පුරා හෝ එක්සත් ජනපදය තුලම මිලිටරි මෙහෙයුම් සිදු කිරීමට නිදහස ලබා දෙනු ඇත. යුද්ධය සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ගත් විට ඇඩො බිලියන 164 ක ඕසීඕ අරමුදල දලවශයෙන් ඇඩො බිලියන 168ක් වන චීනයේ මුලු මිලිටරි අයවැයට සහ ඇඩො බිලියන 63ක් වන රුසියාවේ මිලිටරි අයවැය මෙන් තුන් ගුනයකට සමාන වෙයි. එය ට්‍රම්ප්ගේ දේශ සීමා බිත්තිය කිහිප සැරයක් සෑදීමට පවා ප්‍රමානවත්ය.

වාර්තාවී ඇති අර්ථභාරී මිලිටරි වියදම් කාන්ඩ වලට, ඇඩො බිලියන 104ක පරීක්ෂන සහ වර්ධනය සඳහා වියදම් අඩංගු වන්නේ හයිපසොනික් අවිආයුධ (ශබ්දයේ වේගයට වඩා ඉතා වැඩි වේගයෙන් ගමන් කරන මිසයිල සහ ගුවන් යානා), කෘතීම බුද්ධිය භාවිතා කරන පද්ධති (සයිබ යුද්ධ සහ ස්වයංක්‍රීය අවි ආයුධ), සහ “අභ්‍යවකාශය පදනම් කරගත් තාක්ෂනයන්” සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කරමින්ය. එකක් ඇඩො බිලියන 13කට වඩා වැඩි වන නව ජෙරාල්ඞ් ෆෝඞ් වර්ගයේ ගුවන්යානා ගෙනයා හැකි නෞකාවන් දෙකක් සඳහා නාවුක හමුදාව කොන්ත්‍රාත්තු අත්සන් කරනු ඇත. ගුවන් හමුදාව වැඩි දියුනු කරන ලද ත්‍-15 ප්‍රහාරක ජෙට් යානා බෝයින්ග් සමාගමෙන් මිලට ගනු ඇති අතර ලොක්හීඞ් මාර්ටින් සමාගමෙන් ත්‍-35 ප්‍රහාරක යානා තවත් මිලට ගනු ඇත. බිලියන ගනනක් එජ න්‍යෂ්ටික අවි ගබඩාව වැඩි දියුනු කිරීමට සහ නවීකරනය කිරීමට වැයවනු ඇත.

ඊලඟට ඇඩො බිලියන 9.2ක, “දේශ සීමා ආරක්ෂාව සම්බන්ධයෙන් සහ කුනාටු වලින් යථාතත්වයට පැමිනීම සම්බන්ධයෙන් ආමන්ත්‍රනය කිරීමට නියමිත” “හදිසි අවශ්‍යතාවන්” අයිතමයක් ඇත. “කුනාටු වලින් ආරක්ෂා වීමට” වෙන් කෙරුනු කොටස වෙන් කෙරී ඇත්තේ එජ මිලිටරි පහසුකම් වලට අතීතයේදී සහ අනාගතයේදී සිදුවන හානි වෙනුවෙන් සහ කුනාටුවක් අතරතුරදී සහ ඊට පසු එජ මිලිටරි සම්පත් යෙදවීමට වැය වන වියදම වෙනුවෙන් මිස සිවිල් වැසියන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නොව. එමෙන්ම “දේශසීමා ආරක්ෂාව” විසින් ට්‍රම්ප් හට, එජ-මෙක්සිකෝ දේශසීමා බිත්තිය ගොඩ නැගීම සඳහා, එම අවශ්‍යතාවය වෙනුවෙන් අයවැයෙන් විධිමත්ව ඉල්ලා සිටින ලද ඇඩො බිලියන 8.6 ක මුදලට අමතරව තවත් සල්ලි පොට්ටනියක් ලබා දෙනු ඇත.

පෙන්ටගනය සඳහා මෙම ධන නිධානය යෝජනා කරන අතරම ට්‍රම්ප්ගේ අයවැය විසින් ඉතිහාසයේ මෙඩිකේඞ් සහ මෙඩිකෙයා වලට සිදු කල දැවැන්තම කප්පාදුව වන වසර 10ක්පුරා ඇඩො ටි්‍රලියන 2කට ආසන්න කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත. මෙඩිකේඞ් ප්‍රාන්තවලට සිදුකරන සාමූහික ආධාර මුදලක් බවට පරිවර්තනය කෙරෙනුයේ, ඒ සඳහා වියදම් කරන මුදල් වැඩිවීම සමස්ත උද්ධමන අනුපාතයට සීමා කරමින්ය. ඒ ඊට වඩා වැඩි අගයක පවතින සෞඛ්‍ය සේවා වියදම් වල උද්ධමන අනුපාතය නොසලකා හරිමින්ය. මෙය වහාම ක්‍රියාත්මක වන පරිදි කප්පාදු පියවරයන් ක්‍රියාවට නැගීමට ප්‍රාන්ත වලට බල කරයි. මීට අමතරව ඔබාමා කෙයා යටතේ සිදුකෙරුනු මෙඩිකේඞ් ප්‍රසාරනය කිරීම අවලංගු කෙරෙනු ඇත්තේ මිලියන 10කටත් වඩා වැඩි ප්‍රමානයක් මිනිසුන්ට සෞඛ්‍ය ආරක්ෂනයක් අහිමි කරමින්ය. වසර දහයක් පුරාවට සිදු කෙරෙන ඉතිරි කිරීම් වල එකතුව ඇඩො ටි්‍රලියන 1.1 ක් යැයි ඇස්තමේන්තු ගත කර ඇත. තවත් ඇඩො බිලියන 845ක් මෙඩිකෙයා මගින් කපා දැමෙනු ඇත්තේ රෝහල් වලට සහ අනෙකුත් සෞඛ්‍ය සේවා සපයන්නන්ට සිදු කරන ප්‍රතිපූරනය කපා දමමින් සහ “නාස්තිය, වංචාව සහ අනිසිලෙස භාවිතා කිරීම” මුලිනුපුටා දමමින්ය.

වොෂින්ටන් පෝස්ට් විසින් වාර්තා කරන ලද ධවල මන්දිර සම්පින්ඩනය කිරීමකට අනුව අනෙකුත් ෆෙඩරල් සමාජ වියදම්, ඩොලර් අගයෙන් ගත් කල ඉහත අගයන්ට වඩා අඩුවෙන් වුවත් ප්‍රතිශත වශයෙන් ගත් කල ඊටත් වඩා කප්පාදුවකට ලක්වනු ඇත: වසර දහයක් පුරා ආහාර මුද්දර, නිවාස සඳහා සහය සහ අනෙකුත් සහනාධාර වැඩපිලිවෙලවල් වලින් ඇඩො බිලියන 327ක්; ෆෙඩරල් සහ තැපල් සේවකයන් සඳහා ඇති විශ්‍රාම වැටුප් වැඩ පිලිවෙලවල් වලින් ඇඩො බිලියන 200ක්; ආහාර සහ නිවාස සම්බන්ධයෙන්ද සහය වන ශිෂ්‍යයන්ට නය දෙන වැඩපිලිවෙලවල් වලින් ඇඩො බිලියන 207ක්; පාරසරික ආරක්ෂක ඒජන්සියෙන් සියයට 32ක්, ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සියයට 22ක්, අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවෙන් සියයට 11ක්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සියයට 12ක් සහ සෞඛ්‍ය සහ මානව සේවාවන් දෙපාර්තමේන්තුවෙන් සියයට 12ක් වශයෙන් වන කප්පාදු මීට අයත් වේ.

ට්‍රම්ප්ගේ අයවැයට කොන්ග්‍රස් සභික ඩිමොක්‍රටිකයන්ගේ සහ මාධ්‍ය වල ප්‍රතිචාරය බවට පත්ව ඇත්තේ, ජනවාරි අග අවසන් වූ ෆෙඩරල් ආන්ඩුවේ දින 35ක අර්ධ ඇන හිටීමට තුඩු දුන් අර්බුදය වන, දේශ සීමාවේ ඉදිකෙරෙන තාප්පය සඳහා ඇඩො බිලියන 8.6ක් ඉල්ලා සිටීම, ඉලක්ක කර ගැනීමයි. තමන් ට්‍රම්ප් සමග, ඇඩො ටි්‍රලියන 4.6ක අයවැයෙන් දාහෙන් දෙකකටත් වඩා අඩු මුදල් ප්‍රමානයක් සම්බන්ධයෙන් ගැටුමකට යන අතරම, ඔහුගේ දරදඬු විරෝධවාදියා ලෙස පෙනී සිටීමට ඩිමොක්‍රටිකයන්ට ඉඩ ලබා දෙන මෙය, හිතාමතා සිදුකරන අවධානය වෙනතකට හැරවීමකි.

පසුගිය වසරේ පක්ෂ දෙකෙහි ගනු-දෙනුවේ කොටසක් ලෙස ඩිමොක්‍රටික් නායකත්වය ට්‍රම්ප්ගේ මිලිටරි අයවැය මුලුමනින්ම වැලඳගත් අතර ඒ ලෙසම අධික උනන්දුවෙන් යුතුව මෙම වසරේ පෙන්ටගනයට පක්ෂව කටයුතු කරයි. ඇත්ත වශයෙන්ම, සිරියාවේ සහ නැගෙනහිර යුරෝපයේ සිටින්නාවූ රුසියාව සම්බන්ධයෙන්, උතුරු කොරියාවට එරෙහිව සහ චීනයට එරෙහිව, විශේෂයෙන්ම වෙලඳාමේදී, වඩා ආක්‍රමනශීලී ආස්ථානයක් ඉල්ලා සිටිමින්, ඩිමොක්‍රටිකයන් විදේශ පිලිවෙත සම්බන්ධයෙන් බොහෝවිට ට්‍රම්ප් හට දකුනෙන් ප්‍රහාර එල්ල කොට තිබේ.

දේශ සීමා ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් විටත්, සංක්‍රමනිකයන් හට නඩු දැමීම සඳහා, තවත් තාක්ෂනය යෙදවීමට සහ රේගු සහ දේශ සීමා අරක්ෂනයට සහ ආගමන සහ රේගු අධිකාරියට තවත් මැරයන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා තව දුරටත් විශාල වශයෙන් වියදම් කිරීම් වැඩි කිරීමට, ඒවා ට්‍රම්ප්ගේ බිත්තිය සඳහා මුදල් ලෙස නම් නොකෙරෙන තාක් කල්, ඩිමොක්‍රටිකයන් සම්පූර්නයෙන් සහය දෙයි.

ට්‍රම්ප්ගේ යෝජිත අයවැය ප්‍රකාශයට පත් කිරීම විසින් සම්පූර්නයෙන්ම පුරෝකතනය කල හැකි, නරුම ව්‍යාජ ගැටුමක් වොෂින්ටනය තුල ආරම්භ කරයි. යෝජිත මෙඩිකේඞ්, මෙඩිකෙයා සහ අනෙකුත් සමාජ වැඩපිලිවෙලවල් වලට සිදු කරන කප්පාදු ඩිමොක්‍රටිකයන් විසින් හෙලා දකිනු ඇති අතර ඒවා වෙනුවෙන් මරනය තෙක් සටන් කිරීමට ප්‍රතිඥා දෙනු ඇත. ඔවුන් අවසානයේදී, ට්‍රම්ප් සමග ධවල මන්දිරය විසින් යෝජනා කරන තරම්ම නොවන සමාජ වැඩපිලිවලවල් වලට සිදු කෙරෙන කප්පාදු ඇතුලත් වැඩපිලිවෙලකට එලඹෙනු ඇත්තේ පෘතුවිය මත ඇති වඩාත්ම ප්‍රතිගාමී සහ භයානක බලවේගය වන එජ මිලිටරි බුද්ධි අංශ සංවිධාන වලට පූර්න ලෙස මුදල් යෙදවීමට හිලව් ලෙසය.

පැට්‍රික් මාර්ටින්

Share this article: