තරුන ජනයාගේ දේශගුනික වර්ජනය සහ ගෝලීය උනුසුම් වීමට එරෙහි සටන

The Youth Climate Strike and the fight against global warming

2019 මාර්තු 14

දේශගුනික වෙනස්කම් පිලිබඳ ආන්ඩුවල අකාර්යක්ෂමතාවට විරෝධතාව දැක්වීමට මෙම සිකුරාදා ලෝක පරිමානව පැවැත්වෙන තරුනයින්ගේ දේශගුනික වර්ජනයට සිය දහස් ගනන් ශිෂ්‍යයෝ සහ තරුන ජනතාව සහභාගි වීමට අපේක්ෂිත ය. උද්ඝෝෂනයට පුලුල් ප්‍රතිචාරයක් දල්වා ඇතැයි යන්න පාරිසරික අර්බූදයේ බරපතල ස්වභාවය සහ ලොව පුරා තරුනයින්ගේ රැඩිකල්කරනය යන දෙකෙහිම සංඥාවකි.

සෑම සිකුරාදාවකම ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරියේ 15 වියැති ග්‍රේටා තුන්බර්ග් විසින් පිකට් කිරීම ආරම්භ කලායින් පසුව පසුගිය අගෝස්තුවේ ආරම්භ කල උද්ඝෝෂන මාලාවේ කූටප්‍රාප්තිය මෙම වර්ජනය වෙයි. එතැන් පටන්, ශිෂ්‍යයෝ සහ තරුනයෝ, සමහරෙක් වයස 12 තරම් බාලවයස්වල අය, ලොව බොහෝ පෙදෙස්වල සතිපතා වර්ජන ද විරෝධතාවන් ද සංවිධානය කර තිබින. මෙතෙක් කල් විශාලතම වනු ඇති සිකුරාදා උද්ඝෝෂනය මහාද්වීප හයේ අවම තරමින් රටවල් 92 ක නගර 1,200 ඉක්මවමින් පැවතෙනු ඇත. මේවාට ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, චීනය, මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ඉරානය, ඉතාලිය, පිලිපීනය, පෘතුගාලය, රුසියාව, සෝමාලියාව, ස්වීඩනය සහ එක්සත් ජනපදය ද ඇතුලත් වෙයි.

ගෝලීය උෂ්නත්වය වැඩිවන වේගයකින් සිදු වන බව ද දේශගුනික වෙනස්කම් ද තාප තරංග ද ඉඩෝරයන් ද සහ අනෙකුත් ආන්තික කාලගුනික සිද්ධීන් ද 2040 තරම් කලින් වඩාත් ගුනාත්මකව විනාශකාරී වනු ඇති බව දැක්වෙන වාර්තා මාලාවක් මධ්‍යයේ විරෝධතාව ව්‍යප්ත වී ඇත. ගෝලීය උනුසුම්වීම නැවැත්වීමට ආන්ඩු මගින් ගන්නා ලද පියවරයන් ඒ තරමටම හිස් පුරාජේරු බව දේශගුනික වෙනස්කම් පිලිබඳ අන්තර් ආන්ඩු මන්ඩලය (Intergovernmental Panel on Climate Change) අනතුරු අඟවා ඇත. එහි තක්සේරුවට අනුව අනවරතව දේශගුනික වෙනස්කම් මගින් සිදු වී ඇති විභවීය හානිය ලොව පරිමානව ඩොලර් ට්‍රිලියන 54 ත් 69 ත් අතර වෙයි.

දේශගුනික වෙනස්කම් සම්බන්ධිත ව්‍යසනවල ප්‍රතිඵලයක් ලෙස සදාකාලීනව තම නිවෙස්වලින් පලා යාමට ගොදුරුවූවන් වන ඊනියා “දේශගුනික සරනාගතයින්” නිර්මානය වීම සමහරවිට ගෝලීය උෂ්නත්වයේ වඩාත්ම ඛේදනීය පලවිපාක වෙයි. එක්සත් ජාතීන්ගේ තක්සේරුවලට අනුව 2008 පටන් ලොව පරිමානව මිලියන 210 ජනතාව අවතැන්වී ඇති අතර 2050 වනවිට බිලියනයක් දක්වා අවතැන් වීමට නියමිතය.

ශිෂ්‍යයින්ගේ වර්ජන පිලිබිඹු කරන්නේ පෙරනොවූ විරූ සමාජ අසමානතාවය ද සිදුවෙමින් පවතින පාරිසරික හානිපූරනය කිරීම ද උග්‍රවන රාජ්‍යය මර්දනය ද සහ ව්‍යාප්තවන අධිරාජ්‍යවාදී යුද්ධ ද සහිත ලෝකයේ වැඩිවියට පත්වී ඇති පරම්පරාවක දේශපාලනීකරනය වීම සහ වාමාංශික ගමන්පථයයි.

සමාජවාදය කෙරෙහි තරුන ජනතාවගේ වාමාවර්තී ගමන ද වැඩිවන සහය සහ උනන්දුව ද මත විමසුම් දෘඪතරව පෙන්වා දෙයි. අව්‍යාජ සමාජවාදය සඳහා ඉදිරිදර්ශනයේ කේන්ද්‍රය වන්නේ දේශගුනික වෙනස්කම්වල සිට දුගීභාවය සහ විරැකියාව දක්වා ද අධිකාරවාදය සහ යුද්ධය දක්වා ද මානව සංහතිය මුහුන දෙන එකුදු තනි සමාජ ගැටලුවක් පවා විසඳනු හැක්කේ ධනවාදය පෙරලීමත් පෞද්ගලික ලාභය මත නොව සමාජ අවශ්‍යතාවය මත තහවුරු කිරීමත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක දේශපාලනිකව බලමුලු ගැන්වීම තුලිනුත්ය යන්නයි.

එවැනි විප්ලවවාදී ව්‍යාපාරයක් සඳහා වෛෂයික පදනම වන්නේ 2018 දී ආරම්භ වෙමින් ද මෙම වසරේ වැඩිදියුනු වෙමින් ද ජාත්‍යන්තරව පන්ති අරගලයේ මතුවීමේ ආරම්භය යි.

පසුගිය සති කිහිපය තුල පැවැති මහජන විරෝධතාවන් සහ වැඩ වර්ජන හේතුවෙන් ඇල්ජීරියාව ඇනහිටියේ ය. ව්‍යාපාර ගැති කප්පාදු වැඩපිලිවෙල සහ සරනාගතයින් පීඩනයට පත් කිරීමට එරෙහිව බෙල්ජියම, ප්‍රන්සය, ජර්මනිය, පෘතුගාලය, සහ සුඩානය තුල විරෝධතාව පුපුරා ගියේ ය. මාස 15 ක් පුරා ඉරානයේ විවිධ ප්‍රදේශවල කම්කරුවෝ නිරන්තරව වැඩ වර්ජනය කර ඇත. මෙක්සිකෝවේ දස දහස් ගනන් මෝටර් රථ කම්කරුවෝ ජනවාරියේ පටන් වැඩ වර්ජනයන්හි නිරත වී ඇති අතර එක්සත් ජනපදය තුල දස දහස් ගනන් ගුරුවරු සමාගම් ගැති සමිති සමග ගැටෙමින් මෙම වසරේ වැඩ වර්ජනයන්හි නිරත වූහ. විශේෂයෙන් ගුරුවරුන්ට සහය දක්වමින් ද රජයේ අධ්‍යාපනය ආරක්ෂා කිරීමට ද ශිෂ්‍යයින් මෙම අරගලවලට එකතු වූහ.

තරුන ජනතාව හැරිය යුත්තේ සංගත දේශපාලකයින්ට සහ ආන්ඩුවේ ආයතනවලට නොව කම්කරු පන්තිය දිශාවට ය. තරුන ජනතාව දේශපාලනය අධ්‍යයනය කරමින් “වාමාංශික” නැතහොත් “හරිත” යනුවෙන් කියාගන්නා නමුත් මහජන විරෝධය පාලක පන්තියත් එහි යුදවාදී සහ කප්පාදු ප්‍රතිපත්ති පිටුපසත් ගාල් කිරීමේ සංවිධානවල භූමිකාව අවබෝධ කරගත යුතු යි.

එක්සත් ජනපදය තුල ඩිමොක්‍රටිකයකුද වන සහ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයේ සාමාජිකාවක ද වන නිව්යෝර්ක්හි කොන්ග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකෑසියෝ කොර්ටෙස් දේශගුනික වෙනස්කම් පිලිබඳ ආමන්ත්‍රනය කිරීම පිනිස “හරිත නව ගනුදෙනුව” (Green New Deal) සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත. යෝජනාව දේශපාලන ප්‍රබන්ධ මත පදනම් වී ඇත. එනම්, ජාතික පදනමක් මත ගෝලීය උෂ්නත්වය නැවැත්විය හැකි බවත් ඩිමොක්‍රටික් පක්ෂය ලවා ප්‍රධාන සමාජ ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කරවා ගැනීමට හැකි බවත් සහ පවතින ආර්ථික සහ දේශපාලන ක්‍රමයේ රාමුව තුල ප්‍රගතිශීලී වෙනස්කම් සාක්ෂාත් කල හැකි බවත් යන්න මත ය.

2020 දී නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරනයේදී ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස තම වෛරය අවමන්ගත කිරීම සඳහා තරුන ජනතාවගේත් කම්කරුවන්ගේත් වෛරයට නැවත වරක් ආයාචනය කිරීමට වර්මොන්ට් ප්‍රාන්ත සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස් මාන බලමින් සිටියි. “හරිත නව ගනුදෙනු” යෝජනාව වැනි තම උද්ඝෝෂනය, එය ඉදිරිපත් කරන සීමිත ප්‍රතිසංස්කරන සහ එහි ක්‍රියාත්මක කිරීම සඳහා කුමන හෝ යථාවාදී මූලෝපායක් නැතිකම අතර මූලික පරස්පර විරෝධයකින් ලක්ෂිත වෙයි. සෑන්ඩර්ස් හා ඔකෑසියෝ-කොර්ටේස් යන දෙදෙනාම ප්‍රවර්ධනය කිරීමට කැපවී ඇති ඩිමොක්‍රටික් පක්ෂය, රිපබ්ලිකන් පක්ෂයට වඩා අඩු නැතිව දක්ෂිනාංශික ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමට වගකිව යුතු අතර කම්කරුවන් හා තරුන ජනයා අරගලයට ධාවනය කර ඇත්තේ එමගිනි.

පාලක පන්තියේ පක්ෂ ඔජ වැඩවීමට එවැනි ප්‍රයත්නයන් සෑම රටකම පවතී. බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂය වේවා ප්‍රන්සයේ සමාජවාදී පක්ෂය වේවා ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීත්, හරිත සහ වාමාංශික පක්ෂත් වේවා, මෙම සියල්ලෝම යුද්ධයේත් ප්‍රතිවිප්ලවයේත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමූඛ භූමිකාවක් සිදු කර ඇත.

දේශගුනික වෙනස්කම් සඳහා කියාපාන තම “විසඳුම්” ගත්කල මේවා අතිශයින් හිස් පොරොන්දු සහ බෙලහීන පියවරයන් වෙති. සෑම ජාත්‍යන්තර ගිවිසුමක්ම සහ දේශගුනික සමුලුවකම වාර්තා පෙන්නුම් කරන්නේ මේවා කිසිවක් දේශගුනික වෙනස්කම් විසින් මතු කරනු ලැබ ඇති අර්බූදය විසඳීමට අපොහොසත් වී ඇති බවයි. මේවා මත අවසානයේදී අධිකාරය දරන්නේ, ප්‍රථමව ම ගෝලීය උෂ්නත්වය සඳහා වගකිවයුතු මහා සංගතමයි. කාබන් විමෝචන වෙලඳාම (carbon emissions trading) වැනි ක්‍රියාවේ යොදවන මොනයම්ම හෝ පියවර මෙම සමාගම්වලට සාමාන්‍ය ලෙස ව්‍යාපාර කරගෙන යාම සඳහා මෙන්ම සමපේක්ෂන ලාභයේ නව උල්පතක් බවට පරිසර දූෂනය ලක් කිරීම පවා තුනී ලෙස ආවරනය කරන ලද යාන්ත්‍රනයකි.

දේශගුනික වෙනස්කම් විසඳීම සඳහා අවශ්‍ය කරන හදිසි පියවර සඳහා ලොව පරිමානව ආර්ථික ජීවිතය මහා පරිමානයෙන් යලි සංවිධානය කිරීමක් අවශ්‍ය වෙයි. බලශක්ති නිශ්පාදනයේ රාමුව පොසිල ඉන්ධන භාවිතයේ සිට පුනර්ජනනීය බලශක්ති මත යැපීම දක්වා පරිවර්තනය කල යුතුය. මෙය අනෙක් අතට ගත් කල යටිතල පහසුකම් ද වත්මන් තාක්ෂනය වැඩිදියුනු කිරීම ද සහ නව අදහස් ගවේශනය සඳහා ද අති දැවැන්ත අරමුදල් වැය කරමින් ජාත්‍යන්තර පරිමාන ප්‍රයත්නයක් අවශ්‍ය කෙරේ.

මෙවැනි සියලුම පියවර ධනවාදයේ මූලික දේශපාලන රාමුව වන ජාතික රාජ්‍ය පද්ධතිය සමග ගැටෙයි. මෙම රාමුවම ලෝක ආර්ථිකයේ වර්ධනයට දරාගත නොහැකි බාධාවක් බවට පත්වී ඇත. මෙම පියවර කම්කරු පන්තිය සූරාකන ධනේශ්වර අත්තිවාරම සමගත්, එනම් නිශ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය සඳහා නිශ්පාදනය සමගත් ගැටෙයි. ආර්ථික ජීවිතයේ සෑම අංගයකම තම පුද්ගලික ධනවත්වීම පෙරටු කර ගත් බිලියනපතියන් අතලොස්සක් අධිකාරය දරන තාක් දුරට දේශගුනික වෙනස්කම් ඇතුලු එකුදු සමාජ ගැටලුවක්වත් විසඳිය නොහැක.

මෙය දේශගුනික වෙනස්කම් සඳහා විසඳුම නෛසර්ගිකව පන්ති ප්‍රශ්නයක් සහ විප්ලවවාදී ප්‍රශ්නයක් බවට පත් කරයි. ගෝලීය උෂ්නත්වයේ බලපෑමේ ආනිශංස දැරිය යුත්තේ කම්කරු පන්තිය වේ. ජාත්‍යන්තර පන්තියක් ලෙස වෛෂයිකව ද වැඩි වැඩියෙන් අනන්‍යය වන්නේ ද කම්කරු පන්තිය වෙයි. ධනවාදය පෙරලීමටත් සහ පුද්ගලික දේපල අයිතිය අහෝසි කිරීමේ සමාජ අවශ්‍යතාවය ඇත්තේ ද කම්කරු පන්තියටය. මෙය මාවත පාදා දෙනු ඇත්තේ ආරක්ෂිත සහ සෞඛ්‍යසම්පන්න පරිසරයක් ඇතුලු මානව අවශ්‍යතාවන් සාක්ෂාත් කිරීම මත පදනම්වූ ආර්ථික ක්‍රමයක් තහවුරු කිරීමටය.

කම්කරුවන්ගේත් තරුනයින්ගේත් වැඩෙන විරෝධය දැනුවත් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් බවට වර්ධනය කල යුතුය. මෙම උද්ඝෝෂනවලට සහභාගි වන තරුන ජනතාවටත් ජාත්‍යන්තරව කම්කරුවන්ට සහ තරුනයින්ටත් අප කැඳවුම් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂයටත් සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධනායටත් එකතු වෙමින් නායකත්වය ගන්නා ලෙසටයි.

බ්‍රයන් ඩයින්

Share this article: