ඉන්දියානු මැතිවරනය සහ කප්පාදුවට, යුද්ධයට හා වර්ගවාදී ප්‍රතිගාමීත්වයට එරෙහි විප්ලවවාදී ක්‍රියාමාර්ගය

India’s election and the revolutionary program to oppose austerity, war and communal reaction

කීත් ජෝන්ස් විසිනි, 2019 මැයි 8

මැයි 23දා ඡන්ද ගනන් කිරීම සමගින් අවසන් වන ඉන්දියාවේ අවදි ගනනාවකින් යුත් ජාතික මැතිවරන උද්ඝෝෂනය, නින්දිත දර්ශනයක් වී ඇත. රටෙහි බිලියන 1.37ක් වන ජනයාගේ සෞඛ්‍ය සේවය සඳහා ඉන්දීය රජය වාර්ෂික ව වියදම් කරන්නේ ඩොලර් බිලියන 7ක මුදලක් යයි තක්සේරු කර ඇත. දුෂ්ට වර්ගවාදී ආයාචනා, යුදවාදී තර්ජන හා ව්‍යාජ ජනතාවාදී පොරොන්දු වලින් සැදුම් ලත් උද්ඝෝෂනයේදී, එය මහ ලොකුවට හුවා දක්වන ලදී.

මුල පටන් ම උද්ඝෝෂනයේ තානය සකසන ලද්දේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ හින්දු-අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) විසිනි. ඉන්දියාවේ පාලනයට යටත් කාෂ්මීරයේ පුල්වාමාහි දී පෙබරවාරි 14දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය, පකිස්තානය තුලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට නියෝග කරමින් යුද අර්බුදයක් ජනනය කිරීම සඳහා බීජේපී ආන්ඩුව විසින් ඩැහැගන්නා ලදී. එය එසේ කලේ, මෝදිගේ “ශක්තිමත්” දේශපාලන පුද්ගලාරෝපනය උද්දීපනය කිරීමේ, මහා පරිමාන විරැකියාව හා ඉන්දියාවේ දිග්ගැස්සුනු ගොවිජන අර්බුදය කෙරෙහි මහජන කෝපය සමහන් කිරීමේ හා බීජේපීයේ හින්දුත්වා-ලයිට් ක්‍රියාකාරී පදනම බලමුලුගැන්වීමේ විනිවිද පෙනෙන ඉලක්කය සහිත ව ය.

ඉන්දියාවට අභිමත පරිදි පකිස්තානයට දඬුවම් කල හැකි යයි මෝදි උදම් අනද්දී, පරම සතුරා වන ඉන්දියාවේ තර්ජනය හුවා දක්වමින් ආර්ථික වරප්‍රසාද හා දේශපාලන බලය පිලිබඳ ප්‍රකාශ සාධාරනීකරනය කරන පකිස්තාන මිලිටරියට, ප්‍රතිචාර දැක්වීමට බලකර තිබේ යයි හැඟී ගියේ ය. පෙබරවාරියේ අවසන් දින කිහිපයේ, දකුනු ආසියාවේ ප්‍රතිමල්ල න්‍යෂ්ටික බලයන්, 1971 ඉන්දු-පකිස්තාන යුද්ධයෙන් මෙපිට දී අන්කවරදාටත් වඩා මහා පරිමාන යුද්ධයක් අද්දරට පැමිනියේ ය.

යුද අර්බුදය දිගහැරෙද්දී, කොංග්‍රස් පක්ෂයේ සිට ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) හා ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) දක්වා වන ඉන්දියාවේ විරුද්ධ පක්ෂ, මිලිටරිය උත්කර්ෂයට නැංවීමේ දී වඩාත් ම කැපීපෙනිය හැක්කේ කාට ද යන්න අරබයා මෝදි සමග තරඟ වැදුනි. මෝදි විසින් ඔහුගේ “ක්ෂනික ප්‍රහාර” වෙහෙස නො තකා දිරිමත් කිරීමටත්, පකිස්තානය සැනහීම හා මිලිටරියට වලකැපීම පිලිබඳ ව ඔහුගේ මැතිවරන ප්‍රතිමල්ලවයින්ගේ විවේචන හෙලාදැකීමටත් ප්‍රතිචාර ලෙස, ගුවන් ප්‍රහාර “දේශපාලනීකරනය කිරීම” පිලිබඳ ව විපක්ෂය බීජේපී ආන්ඩුව විවේචනය කලේ ය.

එහෙත් මහා පරිමාන යුද්ධයක් අද්දරට ඉන්දියාව ඉව බව නැති ව ගෙන ඒම ගැන කිසිවෙක් වචනයකින් හෝ මෝදි විවේචනය කලේ නැත. මෙයට හේතුව, සමස්ත විපක්ෂය ම -අනෙකුන්ට නො අඩුව මෙය ස්ටැලින්වාදීන් පිලිබඳ ව ද සත්‍ය වේ- පකිස්තානය සමග වන ප්‍රතිගාමී මූලෝපායික එදිරිවාදිකම ඇතුලු ඉන්දීය පාලක ප්‍රභූවේ කොල්ලකාරී මහා බල අභිලාෂයන්ට සහයෝගය දීම යි. ලෝකයේ හතරවැනියට විශාලතම මිලිටරි අයවැය දරමින්, ප්‍රධාන මිලිටරි බලයක් ලෙස ඉන්දියාවේ ඉස්මතු වීමට සහයෝගය දී ඇති ඔවුහු, අනුප්‍රාප්තික කොංග්‍රස් හා බීජේපී-ප්‍රමුඛ ආන්ඩු යටතේ චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ පෙරමුනු-රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීමට හවුල් වී ඇත.

වසර පහකට පෙර බීජේපීය මැතිවරනය ජයගත්තේ, ගැඹුරින් මුල් බැසගත් සමාජීය දුක්ගැනවිලිවලට වාචාල ලෙස ආමන්ත්‍රනය කරමින් සහ රැකියා හා සංවර්ධනය පිලිබඳ පෙරොන්දු දෙමින්ය. 2002 ගුජරාට මුස්ලිම්-විරෝධී සංහාරය ඇවිලවීම හා එයට පහසුකම් සැලසීම සඳහා ඉටුකල ක්‍රියා කලාපය නිසා පලමුව ජාතික ප්‍රමුඛත්වයට ආ මෝදි සිය අගමැති අපේක්ෂකයා ලෙස නම් කරගත්තේය.

මෙවර මැතිවරනයේ දී, මෝදි හා බීජේපීය හින්දු වර්ගවාදය දෙගුන කර ඇත. බීජේපී සභාපති අමිත් ෂා, බංග්ලාදේශයේ සිට පැමිනෙන මුස්ලිම් සංක්‍රමනිකයන් “වේයන්” ලෙස ගර්හාවට ලක්කරමින් හා ඔවුන් බෙංගාල බොක්කට විසිකරන බවට සපථ කරද්දී මෝදි, චූදිත හින්දු අධිපතිවාදී ත්‍රස්තවාදිනියක් බීජේපීයේ අපේක්ෂක “තරුවක්” යයි හුරේ දැමීය. යම් ආකාරයක මෙවන් ප්‍රකෝපකරනයක් රහිත ව එක් දිනක් වත් ගෙවී නො නොගියේය.

අපකීර්තිමත් නව-ලිබරල්වාදී ප්‍රතිසංස්කරන ක්‍රියාවට නැඟීමටත්, ලෝක වේදිකාව මත තමන්ගේ අවශ්‍යතා ආක්‍රමනශීලී ලෙස පෙරට ගැනීමටත්, අවශ්‍ය “ශක්තිමත්” ආන්ඩුව සම්පාදනය කිරීමේ හොඳ ම තුරුම්පුව ලෙස, සාමාන්‍යයෙන් බීජේපීය දැකගන්නා ඉන්දියාවේ මහා ව්‍යාපාරික මධ්‍යස්ථාන වලින් සහ මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනයෙන් ලැබෙන සහයෝගය හේතුවෙන්, බීජේපීය ශක්තිමත් කෙරී ඇත. විරුද්ධ පක්ෂයේ කොන්ද නැති කම හා දුස්සහාය ද එයට දායක වී ඇත. කොංග්‍රස් පක්ෂය හා එහි රාජකීය නායක රාහුල් ගාන්ධි, මැතිවරන උද්ඝෝෂනයේ දී වර්ගවාදී රැඟුම් හා පිලිවෙත් මාලාවක් ම නිවේදනය කල අතර, සංගත මාධ්‍ය පවා එය හඳුන්වන ලද්දේ “හින්දුත්වා ලයිට්” උද්ඝෝෂනයක් ලෙස යි.

මිලිටරිවාදය හා නිර්ලජ්ජිත වර්ගවාදී ප්‍රතිගාමීත්වය වෙතට බීජේපීයෙහි හැරීම සියල්ලටත් වඩා පනගන්වනු ලබන්නේ, වැඩෙන සමාජ විරෝධය කෙරෙහි එයට පවතින භීතියෙනි. තමන්ගේ දෙපයට යටින් පොලව සෙලවෙමින් තිබෙන බව මෝදි හා හින්දු දක්ෂිනාංශය හඟිති. ගම්බද හා නාගරික පීඩිතයන් ද ඇද ගනිමින් වඩ වඩා කැරලිකාරී වන කම්කරු පන්තියක් විසින් නායකත්වය දෙමින් ගොඩනැගෙන වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් පසුගිය වසර දෙකහමාර තුල පැවතී ඇත.

2017 පටන් ඉන්දියාව පුරා හමා ගොස් ඇති වැඩ වර්ජන හා ගොවි විරෝධතාවන්ට ඉන්ධන සපයනු ලබන්නේ බීජේපීය කෙරෙහි විරුද්ධත්වයට වැඩි යමකිනි. ඉන්දියානු ධනේශ්වරයේ පශ්චාත්-ස්වාධීන රාජ්‍ය-ප්‍රමුඛ කරගත් ධනේශ්වර වර්ධනය මුහුදුබත් වී, ඉන්දියාව ගෝලීය ප්‍රාග්ධනය සඳහා ලාබ-ශ්‍රම නිෂ්පාදන තිප්පොලක් බවට පරිවර්තනය කිරීමේ පදනම මත අධිරාජ්‍යවාදය සමග නව හවුල්කාරීත්වයක් වාත්තු කරගත් 1991 පටන්, සමස්ත-ඉන්දීය හා ප්‍රාන්ත මට්ටමේ ද සියලු ආන්ඩු විසින් අනුගමනය කර ඇති වෙලඳපොල හා ආයෝජන ගැති න්‍යාය පත්‍රයට, ඔවුහු අභියෝග කරමින් සිටිති.

දුස්සාධ්‍ය සමාජ පර්යායක්

මෝදි ආන්ඩුව කෙරෙහි ඇති විරුද්ධත්වය මැතිවරනය තුල දී කවර පරිමානයකින් ප්‍රකාශ වනු ඇද්ද යන්න තවමත් පැහැදිලි නැත.

ආයෝජන ගැති පිලිවෙත්හි කප්පිත්තන් ලෙස ක්‍රියා කිරීම, ආන්තික දරිද්‍රතාව පැටවීම හා සමාජ අසමානතාවේ කුරිරු වර්ධනය වෙනුවෙන් පෙනී සිටීම නිසා බීජේපීයේ සියලු විරුද්ධවාදියෝ ගැඹුරින් ම අපකීර්තියට පත්ව සිටිති.

මෑතක් වනතුරු ම ධනේශ්වරයේ මනාප ආන්ඩු පක්ෂය වූ කොංග්‍රසය, තව දුරටත් උතුරු ඉන්දියාවේ විශාල භූමි ප්‍රදේශයක් තුල මැතිවරනයේ දී තරඟකාරී නැත. මැතිවරනයේ දී උත්තේජනයක් ජනනය කිරීමේ හා “නව රුධිරය” එන්නත් කිරීමේ මංමුලා සහගත උත්සාහයක් දරමින්, තම උද්ඝෝෂනයේ නව තරු ලකුන වන්නේ, රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා වර්දා බව කොංග්‍රසය නිවේදනය කර ඇති අතර, ඔහුගේ මව, පියා, අත්තම්මා හා මීමුත්තා යන සියලු දෙනා කොංග්‍රස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කර ඇත (මින් අවසානයට සඳහන් කල තිදෙනා ම ඉන්දියාවේ අගමැති ලෙස කටයුතු කර තිබේ).

මහ ව්‍යාපාරික ජාතික පක්ෂ දෙකට එරෙහි මහජන කෝපයේ වාසිය ගසාකෑමේ අපේක්ෂාව ඇතිව, ප්‍රාදේශීය හා කුල වාදී පක්ෂ රොත්තක්, කොංග්‍රසය නායකත්වය දෙන එක්සත් ප්‍රගතිශීලී සන්ධානයෙන් (යූපීඒ) හා බීජේපීයෙහි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් (එන්ඩීඒ) වෙන් ව තරඟ කරති. මේ සියලු පක්ෂ අතීතයේ දී දක්ෂිනාංශික කොංග්‍රස් හා බීජේපී ආන්ඩුවලට හවුල් වී ඇත. විවිධාකාර ධනේශ්වර හා සුලුධනේශ්වර කන්ඩායම්වලට මුදල් හා බලය සඳහා තල්ලුව ලබාගැනීමටත්, සියල්ලට ඉහලින් කම්කරු පන්තිය අවමංගත කර බෙදීමටත්, ඔවුහු කුහක ලෙස වාර්ගික-ස්වෝත්තමවාදී හා කුලවාදී ආයාචනා යොදා ගනිති.

“ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ” හා “සමූහාන්ඩුව රැකීමේ” නාමයෙන්, ස්ටැලින්වාදීන් හා ඔවුන්ගේ වාම පෙරමුන, බොහෝ විට කොංග්‍රසය නායකත්වය දෙන විකල්ප දක්ෂිනාංශික ආන්ඩුවක් මගින් බීජේපීය විස්ථාපනය කිරීමට ධනේශ්වරයේ කන්ඩායමක්, බොහෝකොටම කොංග්‍රසයේ නායකත්වයෙන් යුත්, ව්‍යායාමයට ලජ්ජා විරහිත ලෙස සහයෝගය දෙමින් සිටී. 1989 හා 2008 අතර “බීජේපී නො වන” ආන්ඩු කිහිපයකට අන්ඩ දමා මුක්කුව දීමේ දී ඔවුන් ඉටුකල ප්‍රමුඛ ක්‍රියා කලාපය පිලිබඳ ව පුරසාරම් දොඩන අතර, දෙන ලද ප්‍රාන්තයක දී බීජේපී-එන්ඩීඒ පරාජය කල හැකි කුමන පක්ෂයකට හෝ මැතිවරන සන්ධානයකට සහයෝගය දෙන ලෙස වැඩ කරන ජනයා උනන්දු කරමින්, ඔවුහු “බීජේපී හැර ඕනෑම අයෙක්” යන උද්ඝෝෂනයක් දියත් කරති.

මේ සියලු ආන්ඩු ද විශේෂයෙන් ම නරසිම්හ රාඕගේ (1991-96) හා මන්මෝහන් සිංගේ (2004-14) ආන්ඩු ද මෝදි ආන්ඩුව සඳහා මාවත පාදා දුන්නේ ය. රාඕගේ ආන්ඩුව ආයෝජන ගැති “මහා පිපිරීමේ” පලමු රැල්ල ක්‍රියාත්මක කල අතර, සිංගේ ආන්ඩුව පුද්ගලීකරනය, බාධක ඉවත් කිරීම හා වෙලඳපොලකරනය සමගින් ඉදිරියට ගියේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග “ගෝලීය මූලෝපායික හවුල්කාරීත්වයක්” වාත්තු කරගනිමින් ය.

මැතිවරනයේ ප්‍රතිඵලය සහ ඉන්දියාවේ ඊලඟ ආන්ඩුවේ නිශ්චිත සංයුතිය කුමක් වුව ද -එයට බීජේපීය, කොංග්‍රසය හෝ කුඩා පක්ෂවල “මධ්‍යම පෙරමුනක්” නායකත්වය දුන්න ද- එය කප්පාදුවේ හා ප්‍රතිගාමීත්වයේ ආන්ඩුවක් වනු ඇත. මෑත දී ටයිම්ස් ඔෆ් ඉන්දියාහි පලවූ කතුවැකියක් තුල ධනේශ්වරයේ න්‍යාය පත්‍රය ලුහුඬින් කැටිකොට දැක්වුනි. “ඡන්දයෙන් පසු: ඉන්දියාවේ මූලෝපායික බර සඳහා තීරනාත්මක වන්නේ ආර්ථික ප්‍රතිසංස්කරන හා මිත්‍රත්වය වගා කිරීම යි” යන උද්ධෘතයෙන් යුත් එය, “දැඩි ප්‍රතිසංස්කරන” සහ එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්රේසලියාව හා ඉන්දියාව ඇතුලත් නැටෝ පන්නයේ චීන-විරෝධී සන්ධානයක් වන “චතුර්පාර්ශවය ක්‍රියාත්මක කිරීම” ඇතුලු ඉන්දු-එක්සත් ජනපද සන්ධානය ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

දශක ගනනාවක ආයෝජන ගැති නව-ලිබරල් ප්‍රතිසංස්කරනවල විනාශකාරී බලපෑමට හා ඉන්දියාවේ ඊලඟ ආන්ඩුවට එරෙහි ව වැඩකරන ජනයාගේ ආරම්භක කැරලිකාරීත්වය සමඟ එය මුහුනට මුහුන ලා ගැටීම අනිවාර්ය ය.

ඒ සඳහා සූදානම් වීමට, වඩාත් ම පන්ති විඥානයෙන් යුත් කම්කරුවන් හා තරුනයන්, ගම්බද දුගීන් හා සියලු පීඩිතයින් රැලි කරගනිමින්, කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා කරන අරගලය තුල කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස බලමුලුගැන්වීමට සටන් කල යුතු ය.

දශක-හතකට වඩා දීර්ඝ “ස්වාධීන” ඉන්දියාවේ ඉතිහාසය, ධනේශ්වරයට එරෙහි චෝදනා පත්‍රයක් ලෙසත්, 1917 රුසියානු විප්ලවයට ප්‍රානය සැපයූ හා සදාකාලික ව ලියොන් ට්‍රොට්ස්කිගේ නම සමඟ බැඳී ඇති නො නවතින විප්ලවයේ ක්‍රියාමාර්ගයෙහි ඍනාත්මක සනාථයක් ලෙසත් පෙනී සිටී. අධිරාජ්‍යවාදය විසින් ඓතිහාසික ව පරිපීඩිත රටවල ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ මූලික කර්තව්‍යයන් විසඳිය හැක්කේ, කම්කරු පන්තිය නායකත්වය දෙන සමාජවාදී විප්ලවයක් හරහා ලෝක සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස පමනි.

අද්‍යතන ධනේශ්වර ඉන්දියාව, කුලවාදය, ඉඩම්හිමියන්, බැඳුනු ශ්‍රමය හා අනෙකුත් වැඩවසම් ශේෂයන්, ගෝලීය ව සංවිධිත ධනපති සූරාකෑමේ වඩාත් ම දියුනු බලවේග සමග සම්මිශ්‍රිත දුස්සාධ්‍ය සමාජයකි. සමාජයේ ඉහල ම තලයේ අපරාධකාරීත්වය රජයයි. ඉන්දියාවේ අලුතින් බිහිව ඇති බිලියනපතියන් 130 දෙනා හා ධනපති ප්‍රභූවේ ඉතිරි අය අශිෂ්ට ධනයක් කෑදර ලෙස ගිල දමන්නේ, සකල සමාජ විරෝධය මර්දනය කිරීමට, පැරනි බි්‍රතාන්‍ය විජිතවාදී ස්වාමිවරුන් විසින් අනුගමනය කල බෙදා වෙන් කොට පාලනය කිරීමේ කුලවාදී හා වර්ගවාදී දේශපාලනය සහ රාජ්‍ය ප්‍රචන්ඩත්වය යොදා ගන්නා අතර ය.

ඉන්දියාවේ වත්මන් සමාජ අසමානතාව බි්‍රතාන්‍ය රාජ්‍ය සමයට සමාන වේ. ඉහල ම සියයට 1 ඉන්දියාවේ ධනයෙන් සියයට 71ක් මත ඒකාධිකාරය දරන්නේ, මිලියන සිය ගනනක් දෙනා දිනකට ඩොලර් 2කට අඩු මට්ටමක සිටිද්දී හා ඉන්දියාව තුල වැටුප් චීනයේ වැටුප්වලින් හතරෙන් පංගුවකැයි උදම් අනමින්, මෝදි, ලෝක රංග පථය මත ආයෝජන ඉහල දමා ගැනීමට උත්සාහ කරමින් පුරසාරම් දොඩද්දීය.

ලෝක ධනවාදයෙහි බිඳවැටීමේ, වෙලඳ යුද්ධයේ හා ඉහල යන භූ-දේශපාලන ආතතීන්ගේ කොන්දේසි යටතේ ඉන්දියාවේ පාලක ප්‍රභූව, නින්දිත හා ප්‍රකෝපකාරී භූමිකාවක් ඉටුකරමින් සිටී. වඩ වඩා තදින් වොෂින්ටනය සමග රාජ්‍යතාන්ත්‍රික ව හා මිලිටරිමය ලෙස පෙලගැසෙමින් එය, චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද ධාවනය දිරිමත් කරමින් සිටී. ඒ අතර ම, වොෂින්ටනය ඉන්දියාවට ප්‍රදානය කරන ඕනෑම මූලෝපායික වාසියක් තමන්ගේ ම ආක්‍රමනයේ, කූටෝපායේ හා යුද්ධයේ උද්ඝෝෂනයක් ගොඩනැගීමට ද ප්‍රාදේශීය අධිපතියා ලෙස තෙමේ නැඟී සිටීමට ද නව දිල්ලිය උත්සාහ දරයි.

ප්‍රතිගාමී ඉන්දු-පකිස්තාන හා චීන-ඉන්දු ගැටුම් එක්සත් ජනපද-චීන මූලෝපායික ගැටුම සමග වෙලීම, ආසියාවේ ද ලෝකයේ ද වැඩකරන ජනයා හට යෝධ තර්ජනයක් මතු කරයි. පකිස්තානය සමග දෙවරක් හා 2017 දී හිමාලයේ සානුවක පාලනය අරබයා චීන භටයන් සමග සති දහයක් තිස්සේ පැවති මිලිටරි ආරවුල වසයෙන්, 2016 සැප්තැම්බරයේ සිට පමනක් තෙවරක්ම ඉන්දියාවේ පැටලීම මඟින් මෙය ඉස්මතු කර ඇත.

ස්ටැලින්වාදය හා හින්දු දක්ෂිනාංශයේ නැගීම

කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගයෙන් දේශපාලනික ව සන්නද්ධ කරගැනීමේ අරගලයට, ස්ටැලින්වාදය සමග ගනුදෙනු බේරාගැනීමක් ඉල්ලා සිටියි.

සීපීඑම්, සීපීඅයි හා ඔවුන්ට අනුබද්ධ වෘත්තීය සමිති, දශක ගනනාවක් තිස්සේ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ ඒකාග්‍ර කොටසක් ලෙස ක්‍රියාත්මක වී තිබේ. ඉන්දියාවේ සමාජ හා දේශපාලන ජීවිතයෙහි හදවතේ පවතින දැවෙන පරස්පර විරෝධයට ඔවුන් මූලික වගකීම දරයි. ධනේශ්වර ප්‍රසාරනයේ පසුගිය දශක තුන, තරමින් හා සමාජ බලය අතින් කම්කරු පන්තියේ යෝධ වර්ධනයක් බිහි කර ඇත. එහෙත්, දේශපාලනික ව මුලුමනින් ම වියෝ කෙරී ඇති වැඩකරන ජනයා විසින් නිපදවන ධනයෙන්, වඩ වඩා වැඩි පංගුවක් තමන් සතුකර ගැනීමට ධනේශ්වරය සමත් වී තිබේ.

මෙසේ සිදු වී ඇත්තේ පාලක පන්තියේ ප්‍රහාරය අභියෝගයට ලක් නො වීම නිසා නො වේ. ස්ටැලින්වාදීහු පන්ති අරගලය ක්‍රමානුකූල ව මර්දනය කොට ධනේශ්වරයේ නව-ලිබරල් න්‍යාය පත්‍රය ඔවුන් මත පටවා ඇත. මෙයට, බීජේපීය බලයට ඒම වැලැක්වීමේ කඩතුරාව යටතේ දක්ෂිනාංශික ජාතික ආන්ඩු ගනනාවකට සහයෝගය දීම හා ඔවුන් බලයේ සිට ඇති බටහිර බෙංගාලයේ, කේරලයේ හා ත්‍රී පුර යන ප්‍රාන්තවල ඔවුන් ම “ආයෝජන ලැදි” යයි කියන පිලිවෙත් ක්‍රියාවට දැමීම ඇතුලත් වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙෂ, ධනේශ්වරය තමන්ගේ සමාජීය ව ප්‍රතිගාමී න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට සමත් ව ඇත. කම්කරු පන්තිය සමාජ අර්බුදයට තමන්ගේ ම සමාජවාදී විසඳුම ඉදිරියට දැමීමෙන් වලක්වමින් හා දක්ෂිනාංශික පියවරයන්ට සහයෝගය දෙමින් හා ඒවා ක්‍රියාත්මක කරමින් ස්ටැලින්වාදීන්, කම්කරු පන්තිය දේශපාලනික ව පක්ෂඝාත කරද්දී, මහජන ඉච්ඡාභංගය හා ගැඹුරු වන ආර්ථික අනාරක්ෂිතතාව කෙරෙහි භීතිය ගසාකෑමට හින්දු දක්ෂිනාංශය සමත් වී තිබේ.

සීපීඑම් හා සීපීඅයිහි ප්‍රකාශිත ප්‍රමුඛ ඉලක්කය බීජේපීයට ප්‍රතිබලයක් ලෙස ක්‍රියාකිරීම යන පිලිවෙතින් දශක තුනකට පසුව, හින්දු අධිපතිවාදී උමතුව අන්කවරදාටත්වඩා දැන් ශක්තිමත් ය.

ඉන්දියාවේ ගැඹුරු වන පන්ති අරගලයට හා කම්කරු පන්තියේ විරෝධය ලොව පුරා පුනර්ජීවනය වීමට ප්‍රතිචාර ලෙස, අද දින ස්ටැලින්වාදියෝ, කම්කරු පන්තිය ධනේශ්වරයට, එහි පක්ෂවලට හා රාජ්‍යයට බැඳ තැබීමේ උත්සාහයන් දෙගුන කරමින් සිටිති.

කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය කෙරෙහි ස්ටැලින්වාදී ආකල්පය, ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන ආයතනයේ දරිද්‍ර මට්ටමේ වැටුප් හා අවිනිශ්චිත රැකියාවලට එරෙහි විරෝධයට නායකත්වය දීම නිසා, ගොතන ලද චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක් කල මරුති-සුසුකි කම්කරුවන් 13 දෙනාගේ ආරක්ෂාව සඳහා, කම්කරු පන්තිය බලමුලුගැන්වීමේ අරගලයට ඔවුන් දක්වන විෂකුරු විරුද්ධත්වය මගින් මූර්තිමත් කෙරේ. සීපීඑම්, සීපීඅයි හා ඔවුන්ගේ අනුබද්ධ වෘත්තීය සමිති වන ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) හා සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීයූසී) සම්බන්ධ ව ගත් කල, මරුති සුසුකි කම්කරුවන් පිලිබඳ ව සඳහන් කල නො හැක්කේ, ඔවුන්ගේ නිදහස සඳහා වන සටන බොරු නඩුව ඇරඹූ කොංග්‍රස් පක්ෂය හා හාම්පුතුන් සමග ස්ටැලින්වාදීන්ගේ වංචාකාරී සබඳතාවන් සමග හරහට හිටින නිසා ය. තව ද, එය, ඉන්දියානු රාජ්‍යයට හා වර්ගවාදී ප්‍රතිගාමීත්වයට එරෙහි වීමේ දී වැඩකරන ජනයා විශ්වාසය තැබිය යුතු “ප්‍රජාතන්ත්‍රවාදී” පවුරක් ලෙස ඔවුන් කරන කියාපෑම්වල ව්‍යාජ බව හෙලිකරයි.

විප්ලවවාදී නායකත්වය යටතේ කම්කරු පන්තිය දේශපාලනික ව ස්වාධීන ලෙස බලමුලුගැන්වීම හා ඔවුන්ගේ ජාත්‍යන්තර එකමුතුව සඳහා අරගලය සියතට ගන්නා ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉන්දියානු කම්කරුවන්, තරුනයන් හා සමාජවාද-හිතැති වෘත්තිකයන්ට ආයාචනා කරයි. මෙහි මූලික අංගයක් වන්නේ, වෙන් වී යමින් සිටි බ්‍රිතාන්‍ය විජිතවාදී ස්වාමීවරුන් හා ජාතික ධනේශ්වරයේ ප්‍රතිමල්ල කන්ඩායම් විසින් 1947-48 සමයේ අඳින ලද ප්‍රතිගාමී, වර්ගවාදී රාජ්‍ය දේශසීමාවන් කපාගෙන, යුද්ධයට හා අධිරාජ්‍යවාදයට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් ගොඩනැගීමටත්, දකුනු ආසියාවේ සමාජවාදී එක්සත් සමූහාන්ඩුවක් සඳහා සටන සියතට ගැනීමටත්, දකුනු ආසියාවේ මහජනයා රැලිකිරීම යි.

මෙම මූලෝපාය -නො නවතින විප්ලවය- අන්තර්ගතව ඇත්තේ, 1917 රුසියානු විප්ලවයේ ස්ටැලින්වාදී පාවාදීමට එරෙහි අරගලය ඔස්සේ 1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ගොඩනැගූ හා 1953 පටන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන වැඩකටයුතුවලට අනුප්‍රානය සපයයි. එම මූලෝපායේ යථාර්ථවත් වීමට හජාජාක ඉන්දියානු ශාඛාව ගොඩනැගීම හදිසි අවශ්‍යතාවක් බවට පත් කරයි.

Share this article: