සමූහ හිස ගසා දැමීම් මධ්‍යයේ, සෞදි ලාභ සඳහා වෝල් වීදියේ පොරවැදීම්

Amid mass beheadings, Wall Street scrambles for Saudi profits

2019 අප්‍රේල් 27

පසුගිය අඟහරුවාදා සෞදි අරාබියේ එක් දිනක් තුල මිනිසුන් 37 දෙනෙකුගේ බියකරු ප්‍රසිද්ධ හිස ගසා දැමීම් සම්බන්ධයෙන් බටහිර ආන්ඩු හෝ සංගත මාධ්‍ය විසින් තුනී විරෝධතා අවුලුවනු ලැබ තිබේ.

රුසියාව, චීනය, ඉරානය, සිරියාව හා වෙනිසියුලාවේ ආන්ඩු විසින් මෙම සාපරාධී ඝාතන පැහැදිලිවම නොතකා හැර ඇති අතර සත්‍යය හා ගොතන ලද යන දෙකම සහිතව පුවත්පත් මෙන්ම ගුවන්විදුලි ජාලයන් දුෂ්කෘත්‍යයන්ට එරෙහි ඔවුන්ගේ සදාචාර කෝපාග්නිය මුලු ගන්වා ඇත. කඩුවලින් හිස් සිඳිනු ලැබූ අය අතරට ඇතුලත් වන බාල වයස්කරුවන් ලෙස අත්අඩංගුවට ගත්, රටේ රාජාන්ඩු ආඥාදායකත්වයට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වීමට නිර්භය වීම “ත්‍රස්තවාදී” යැයි චෝදනා කොට වධහිංසා කොට පාපොච්චාරනයන්ට අත්සන් කරවා ගත් තරුනයන් තිදෙනා සම්බන්ධයෙන් පවා ඔවුන් සිය ගල්භීත නිහඬතාවය පවත්වා ගෙන යනු ලබයි.

හිස සිඳිනු ලැබූ අය අතරින් එක් අයෙක් වූ අබ්දුල්කාරම් අල් හවායි, රටේ ෂියා සුලුතර ජනගහනයෙන් බහුතරයකගේ නිවහන වන සෞදි අරාබියේ තෙල් සම්පතින් පොහොසත් නැගෙනහිර පලාතේ විරෝධතාවයකට සහභාගි වීම නිසා සෞදි ආරක්ෂක බලකායන් විසින් අත් අඩංගුවට ගන්නා විට යන්තම් 16 වන වියේ පසු වුවේය. 2011 ආරම්භයේ දී, තෙල්වලින් පොහොසත් පලාත තුල නිල රාජ්‍ය අනුග්‍රහය ලත් ආගමික මූලධර්මය වන අතිශයින් සාම්ප්‍රදායික සුන්නි නිකායක් වූ වාහබ්වාදය සමඟ බැඳී සිටින රාජාන්ඩුවක අත් යටතේ ෂියාවරුන්ට එරෙහි පීඩාවන් සහ ව්‍යවස්ථිත වෙනස්කම්වලට එරෙහිව විරෝධතා දැක ගත හැකි විය.

පැහැදිලිවම පෙනෙන හැටියට අබ්දුල්කාරම්ගේ සැබෑ “අපරාධය” ව ඇත්තේ විරෝධතාවකට සහභාගී වීම දිරිමත් කිරීම සඳහා ඔහු සමාජ මාධ්‍ය යොදාගත් බවය. ඔහුව තනිව සිර කර තබා, තලා, විදුලි රැහැන් මගින් වධ හිංසාවට ලක් කොට ඇති අතර ව්‍යාජ පාපොච්චාරනයකට අත්සන් තබන තුරු ඔහුගේ මැනික් කටුවලින් දම්වැල් දමා එල්ලා තිබුනි.

එමෙන්ම ම්ලේච්ඡ මරන දන්ඩන ක්‍රියාවලියේදී මරා දමන ලද මුජිතාබා අල්-ස්වේකට්, 17 වන වියේ පසුවෙද්දී ඔහුව ගුවන් තොටුපලක දී අත්අඩංගුවට ගනු ලැබුවේ එක්සත් ජනපදය බලා ගුවන්ගතවීමට ආසන්නව සිටිය දී වන අතර ඔහු මිචිගන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු බවට පත්වීමට නියමිතව සිටියේ ය. ඔහුගේ අපරාධය වූයේ ද සෞදි රාජකීය ආඥාදායකත්වයට එරෙහි විරෝධතා දැක්වීමට නිර්භය වීම ය.

බොරු නඩු විභාගයේදී ඔහු නියෝජනය කල ඔහුගේ පියා, කිසිවිටක නො පැවතුනු “ත්‍රස්ත ආශ්‍රමයක” “මිථ්‍යාව” නිර්මානය කිරීම පිලිබඳව රජයට චෝදනා කලේය. “ඔහුගේ ශක්තිය පිරිහෙලන මානසික හා කායික හිංසනයට ඔහු ගොදුරු විය” යි ස්වේකට් ගේ පියා අධිකරනයට කියා සිටියේය. “ප්‍රශ්න අසන්නා ස්වෙකට් වෙත පාපොච්චාරනයට අන කොට සිටි අතර වධහිංසා නැවැත්වීම සඳහා එය අත්සන් කිරීමට ඔහුට බල කෙරුනි. ඔහු එයට අත්සන් කලේය.”

අනෙක් සියලුම නඩු වලදී මෙන් ම, අධිකරනය විසින් වධහිංසා පැමිනවීම සහ බලහත්කාරයෙන් පාපෝච්චාරන ගැනීම පිලිබඳ සාක්ෂි නොසලකා හැර, සෞදි රාජධානිය විසින් දැනටමත් පනවන ලද ශීර්ෂඡේදනය තුලින් මරනීය දඬුවම නියම කලේය.

එක්සත් ජනපද ආන්ඩුව මෙම ම්ලේච්ඡ ක්‍රියා ගැන කිසිවක් ප්‍රකාශ කර නැති තරම් ය. රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් කලින් පිලියෙල කල අච්චුවේ ම ප්‍රකාශයක් නිකුත් කරමින් “මෙම වාර්තා අපි දැක ඇත්තෙමු. සෞදි අරාබි ආන්ඩුව සහ සියලූම ආන්ඩුවලින්, නඩු විභාගවල විශ්වසනීයත්වය, අත්තනෝමතික හා අසාධාරන රඳවා ගැනීම්වලින් විනිර්මුක්ත, විනිවිදභාවය සහිත, නීතියේ ආධිපත්‍යය සහ ආගම සහ විශ්වාසයේ නිදහස සහතික කරන ලෙස අයැද සිටිමු” යි අනුමත කර සිටියේ ය.

රාජධානියේ තත්වාකාර පාලකයා, ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මන්ට විරුද්ධව සිතන කිසිවෙක් ඇතොත් බියගැන්වීම සඳහා සෞදි ප්‍රසිද්ධ හිස් ගසා දැමීමෙන් දින දෙකකට පසුව, විපතට පත්වූ අයගෙන් කුරුසයේ ගසන ලද එක් අයෙක් සහ උල් ගසා සිඳින ලද හිස් ප්‍රදර්ශනය කරනු ලබන අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව චෙච්නියාවේ “බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” සඳහා රුසියාව ද; එක්සත් ජනපද අරමුදල් ලබන දක්ෂිනාංශික විපාර්ශ්වයට එරෙහිව “බිය ගැන්වීම් හා සිරගත කිරීම්” සඳහා වෙනිසියුලාව ද; සහ “කියුබානු ජනතාවගේ මානව අයිතිවාසිකම් මැඩපැවැත්වීමට” කටයුතු කිරීම සඳහා හවානාව ද හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කිරීමට සමත් විය.

සෞදි අරාබියේ සමූහ මරන දන්ඩන කෙරෙහි වොෂින්ටනයේ ඉවසිලිවන්ත උදාසීන බව “මානව හිමිකම්” සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සියලු මුසාවන් මෙන්ම මූලෝපායික සතුරන් වශයෙන් සලකන හෝ බිඳ හෙලීමට බලාපොරොත්තු වන හෝ ආන්ඩු විසින් සිදුකලේ යැයි කියන අපරාධ කෙරෙහි තමන්ගේ ව්‍යාජ සාහසිකත්වය තුල පවතින නරුම භාවය සහ කුහකත්වය එලිදරව් කරයි. එක්සත් ජනපදය විසින් දිගින් දිගටම මැදපෙරදිග කලාපයේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ සහ ප්‍රතිගාමීත්වයේ බලකනුවක් ලෙස සෞදි අරාබිය කෙරෙහි විශ්වාසය තබා ඇත. ඔබාමා පාලන තන්ත්‍රය 2016 ජනවාරියේදී පුද්ගලයින් හතලිස් හත් දෙනෙක් සමූහ මරන දන්ඩනයට ලක් කිරීම කෙරෙහි මේ හා සමාන ප්‍රතික්‍රියාවක් දැක්වූයේය.

සෞදි තන්ත්‍රය විසින් සිදුකරන අපරාධ කෙරෙහි එක්සත් ජනපද ආන්ඩුවේ සහයෝගය මෙන්ම වෝල් වීදියේ සහ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය විසින් ලේ වැකි රාජාන්ඩු ආඥාදායකත්වය වැලඳ ගැනීම එක හා සමාන නිර්ලජ්ජිත භාවයක් උසුලයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වෝල් වීදියේ සහ ජාත්‍යන්තර මූල්‍ය මන්ඩලවල ප්‍රධානීන් ගෙන් සැලකිය යුතු කොටසක් “කාන්තාරයේ ඩාවෝස් නුවර” යනුවෙන් හැඳින්වෙන වාර්ෂික සෞදි ආයෝජන සමුලුව වර්ජනය කලෝය. ඒ වෙනුවට ඔවුන්ගේ ආයතන වල පහල මට්ටමේ නිලධාරීහු එයට සහභාගී වූහ. මෙම සමුලුව පැවැත්වුනේ ඉස්තාන්බුල් නගරය සෞදි අරාබියානු තානාපති කාර්යාලයේ දී සුප්‍රසිද්ධ සෞදි මාධ්‍යවේදියෙකු වන ජමාල් කශෝගි සාහසික ලෙස මරා දමා ශරීරය කොටස් වලට කපා දැමීමේ සිද්ධියෙන් ආසන්න සති කිහිපය තුලයි.

සෞදි බුද්ධි අංශ ප්‍රධානියාගේ ආධාරකරුවෙකු ලෙස සේවය කල සහ රියාද් සමග විරසක වීමට පෙර සෞදිය හා බටහිර මාධ්‍ය අතර අර්ධ නිල සංවාදකයකු වූ තන්ත්‍රයේ අභ්‍යන්තර රහස් නිලධාරියෙක්, කශෝගිගේ කුරිරු ඉරනම සෞදි මිලිටරි හා බුද්ධි ඝාතක කන්ඩායමක අත්වලින් තීන්දු කෙරුනේ සෞදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු විසින් දෙනු ලැබූ නියෝගයකට අනුව බව සීඅයිඒ හා අනෙකුත් ඔත්තුසේවා ආයතන විසින් සෘජුවම සොයා ගන්නා ලදී.

එක්සත් ජනපදය තුල ස්වයං පිටුවහලට යාමෙන් පසු වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙකු වශයෙන් සේවය කිරීමට පවා අවස්ථාව ලද ප්‍රමුඛ මාධ්‍යවේදියාගේ ඝාතනය එක්සත් ජනපද මාධ්‍යවල සහ දේශපාලකයින්ගේ කෙටි කාලීන අවධානයක් සහ විරෝධයක් මතු කල ද හය මසක් ගතවූ තැන අපරාධය විශාල වශයෙන් අමතක කර දමා ඇත. මෙම කෲර ඝාතනයේ මොලකරු තමන්ගේ කිට්ටුම හිතවතා වන බින් සල්මන් හැර අන් කිසිවෙකු නොවන බව මහත් ඕනෑකමින් නොසලකා හරිමින් එක්සත් ජනපද නිලධාරීහු “වගකිවයුතුභාවය” හි අවශ්‍යතාවය පිලිබඳ අපැහැදිලි ප්‍රකාශ සිදු කරති.

පැවතිය හැකි කිසියම් හෝ නිෂේධනයන් බැහැර කරමින් ශ්‍රීමත් අබ්දුල් අසීස් ජාත්‍යන්තර සම්මන්ත්‍රන මධ්‍යස්ථානයේ රැස්වුනු නවතම සෞදි මූල්‍ය අංශය සමුලුව වෙත දෙපයින්ම පැන ගැනීම සඳහා වෝල් වීදියට මාස හයක් ඕනෑවටත් වඩා වැඩි විය. එහි සමාරම්භය සිදුවූයේ සමූහ මරන දන්ඩන සිදු කිරීමෙන් ක්ෂනික ඉක්බිත්තෙහි වුවද සමුලු මධ්‍යස්ථානය පැවැතියේ අලුගෝසුවන් කඩු වලින් හිස් ගසා දමන රියාද් නුවර දීරා චතුරශ්‍රයට සැතපුම් ගනනාවක් දුරින්ය. එහෙයින්, වෝල් වීදියේ ප්‍රධාන විධායක නිලධාරීන් හට තම ප්‍රාඩා වර්ගයේ සපත්තු ලෙයින් තෙත් වීම ගැන දුක් වන්නට අවැසි නොවුනි.

සමුලුව අතරතුර පැවති මනෝගතිය බින් සල්මන් යන්තම් අවුරුද්දකට කලින් එක්සත් ජනපදයේ සංචාරය කල අවස්ථාවේදී ලද විගඩම්කාරී පිලිගැනීමේ ප්‍රතිවාදනයක් විය. එහිදී ඔහු ජෙෆ් බෙසෝස්, බිල් ගේට්ස් මාක් සකර්බර්ග්, සහ ඔප්රා වින්ෆ්‍රී වැනි ප්‍රකෝටිපතියන් විසින් පරිකල්පකයෙකු සහ “ප්‍රතිසංස්කාරකයකු” ලෙස වැලඳ ගනු ලැබුනි.

එච්එස්බීසී ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලින්ට්

”මෙහිදී අපට ඉටු කල හැකි කාර්යභාරය පිලිබඳ අපි උනන්දුවෙන් පසුවෙමු” යැයි එච්එස්බීසී ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලින්ට් මෙම සතියේ රියාද් සමුලුව අමතමින් සිටියේය. ඔහුට අනුව, “මෙම ආර්ථිකය අප විසින් දැඩි ලෙස විශ්වාසය තබන එකකි. මා සිතන අයුරින් අනාගතය දීප්තිමත්ය.”

බෙලි කපන සෞදි තන්ත්‍රයට හිටපු එච්එස්බීසී බැංකුකරුවන් ගනනාවක් එකතු වූ බවට ඔහු පාරම් බෑවේය. “අපගේ පැරනි සාමාජිකයන් බොහෝ දෙනෙකු ද මෙම ප්‍රේක්ෂකාගාර තුල සිටිනු දැකීමත් ඔවුන් තම රට වෙනුවෙන් සේවය කරනු දැකීමත් අප ලද ගෞරවයක්” බව ඔහු ප්‍රකාශ කලේය.

සමුලුවට සහභාගිවූ අනෙකුන් අතර බ්ලැක් රොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක්, ජේපී මෝර්ගන් හි ප්‍රධාන විධායක නිලධාරී ඩැනියල් පින්ටෝ, ලෝක බැංකුවේ සංවර්ධන මූල්‍ය උප සභාපති අකිහිකෝ නිෂියෝ මෙන්ම තවත් බැංකු සහ සුරැකුම් අරමුදල් ගනනාවක නියෝජිතයෝ වූහ.

බ්ලැක් රොක් හි ෆින්ක් වඩාත්ම හැඟීම් දනවන කන්ඩායමට අයත් විය. මෙම සතියේ සමූහ මරන දන්ඩන සහ කෂෝගි ඝාතනය පමනක් නොව යේමන ජාතිකයන් දස දහස් ගනනින් මරා දමා මිලියන ගනනක් හාමතේ ගිල්වූ එක්සත් ජනපදය පිටුබලය ලත් ජනසංහාරක-සමාන යුද්ධය ද ඇතුලත් සෞදි තන්ත්‍රයේ කුරිරු අපරාධ පිලිබඳව පැවැති කිසියම් හෝ මනස්තාපයන් ඔහු විසින් යට ගසනු ලැබුනි.

“පුවත්පත්වල පවතින ගැටලු සම්බන්ධ කාරනය මට කියන්නේ මා ස්ථානයෙන් පලා යා යුතුය යන්න නොවේ. බොහෝ අවස්ථාවන්හිදී, එය මට කියනවා මා ධාවනය කල යුතු හා ආයෝජනය කල යුතු ය යන්න, මක් නිසාද යත් අප වඩාත් බිය වන දේ අප කතා නොකරන දේවල් වේ” යි ප්‍රකාශ කල ඔහු, “අප කතා නොකරන දේවල්” ගැන තව එක වචනයක්වත් තෙපලුවේ නැත.

සියලු මූල්‍ය ධනේශ්වර පරපෝෂිතයින්ගේ චුම්භකත්වය සෞදි අරාබියේ රාජ්‍ය පාලිත තෙල් සමාගම වන අරාම්කෝ වෙත ඇදී යයි, එහි ආදායම සමාන වන්නේ ලෝකයේ විශාලතම බල ශක්ති සංගත පහට වන අතර ඇපල් සහ ගූගල් සමාගම්වල ඒකාබද්ද ශුද්ධ ලාභ වලට ඉහලින් සිටියි.

ජේපී මෝගන්, එච්එස්බීසී, සිටිගෲප් හා ගෝල්ඞ්මන් සැක්ස් ඇතුලු රියාද් නියෝජනය කරන බැංකු හා මූල්‍ය ආයතනවලින් බොහොමයක් අරාම්කෝ හි ඩොලර් බිලියන 12 ක් වටිනා පාවෙන බැඳුම්කරයට මේ මාසයේ සහභාගී විය.

සෞදි බලශක්ති ඇමති කාලිඞ් අල්-ෆාලිහ් රියාද්හි පැවැත්වූ සම්මන්ත්‍රනය අමතමින් අරම්කෝ හී බැඳුම්කර නිකුතුව “ආරම්භය පමනක්” යයි ද, ඊලඟ වසරේ මුල් භාගය වන විට තෙල් යෝධයා ආරම්භක මහජන කොටස් නිකුතුවකට යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය.

“තවත් දේ ඉදිරියට” ඔහු තවදුරටත් පැවසීය. “මම කුමක් කවදා ද කියා ඔබට නොකියමි, එය බැඳුම්කර පමනක් නොවේ. ඔබ සිතනවාට වඩා ඉක්මනින් අරාම්කෝ කොටස් වෙලඳපොල වෙත පිවිසෙනු ඇත. ”

බ්ලැක් රොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක්

සෞදි රාජාන්ඩුව විසින් කල “ප්‍රතිසංස්කරන” ”විශ්මයජනක” බව විස්තර කල බ්ලැක්රොක් ෆින්ක්, මැදපෙරදිග හරහා “ඉතා විශාල අවස්ථාවන්” දැක ඇති බව කියමින් කලාපය “වඩ වඩාත් ආරක්ෂිත වෙමින් පවතී” යි අවධාරනය කර සිටියේ ය.

සමස්ත සමාජයක් දෙදරවූ දස ලක්ෂ ගනනක් ඝාතනය කල ශත වර්ෂ කාලක එජ අධිරාජ්‍යවාදී යුද්ධ වලින් පසුව මැද පෙරදිග විස්තර කිරීම සඳහා “වඩා ආරක්ෂිත” යැයි පැවසීම මායාවකි.

සමූහ හිස සිඳීම් වලට බඳුන් කල “ත්‍රස්තවාදීන්” - ෆින්ක් සහ ඔහුගේ සෙසු මූල්‍ය කතිපයාධිකාරීන් සම්බන්ධයෙන් ගත්විට සැකයක් නොමැතිව උද්ඝෝෂකයන්, කරදරකාරයන් සහ විසංමතිකයින් සඳහා සමාන පදයක් මිස, ප්‍රශ්නයක් නොවන්නා සේම ආකර්ෂනයකට වැඩි යමක් නොවේ. පෙර නොවූ විරූ සමාජ අසමානතාව හා කම්කරු පන්තියේ සටන්කාමීත්වය වැඩෙන කොන්දේසි යටතේ තම දැවැන්ත ධනය ආරක්ෂා කර ගැනීම සඳහා තම රට තුල හා ඉන් පිටත එවැනිම පියවරයන් ඔවුන්ට අවශ්‍ය කෙරී පවතී.

බිල් වෑන් ඕකන් විසිනි

Share this article: