ජූලියන් අසාන්ජ්ගේ දන්ඩනය: නෛතික උල්ලංඝනයක්

The sentencing of Julian Assange: A legal travesty

2019 මැයි 2

හොර නඩු විභාගයක් යනුවෙන් පමනක් හැඳින්විය හැක්කක් තුල බදාදා එක්සත් රාජධානියේ විනිසුරුවරියකු විසින් විකිලීක්ස් ප්‍රකාශක සහ මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ් වසරකට ආසන්න කාලයක සිර දඬුවමකට නියම කෙරිනි.

එක්සත් ජනපද (එජ) යුද අපරාධ එලිදරව් කිරීම හේතුවෙන් ධවල මන්දිරය ඔහු උදර්පනය කරගැනීමට බලාපොරොත්තු වන අතර විරෝධතාකරුවන්ගේ “ලැජ්ජයි” යන හඬ නැඟීම් මධ්‍යයේ දුන් නඩු තීන්දුවෙහි එල්ලය වූයේ, අසාන්ජ් සිරගත කිරීමත් ආගන්තුකයින් මුන ගැසීම නොහැකි කිරීමත් නැතහොත් පුද්ගලික සාකච්ඡා නතර කිරීමත්ය.

බ්‍රිතාන්‍ය පන්ති යුක්තියේ සම්ප්‍රදායන්ට අනුව විනිසුරුවරිය අගතිගාමීවූද පමන ඉක්මවූද තීන්දුවක් නියම කලා පමනක් නොව ඇය අසාන්ජ් අවමානයටද ලක් කලාය. ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ සැබෑලෙසම වසර හතක් පුරා රඳවා ගනු ලැබ සිටි මාධ්‍යවේදියා හට ඇය පැවසුවේ “නීතියට ගර්හා කිරීමට ඔබ ඔබගේ වරප්‍රසාදිත තත්වය භාවිතා කිරීමත් මෙම රටෙහි නීතිය ලඝු කොට දැක්වීමට ජාත්‍යන්තරව ප්‍රචාර ගෙනයාමත්” වෙනුවෙන් වැරදිකරු වන බවයි.

නඩු තීන්දුව පැමිනියේ අසාන්ජ්ගේ උදර්පනය පිලිබඳ නඩු විභාගය ආරම්භ කිරීමට යන්තම් දිනකට පෙරාතුවයි. වධ බන්ධන හා මරන දන්ඩනය ක්‍රියාවෙහි යොදවන සහ ජාත්‍යන්තර නීතියට පිටින් ක්‍රියාත්මක වන එක්සත් ජනපදය විසින් අසාන්ජ් උදර්පනය කර ගනු ලැබීමට උත්සාහ කරමින් සිටියි යන කාරනාව විදහාපාන්නේ සරනාගත තත්වය ඉල්ලා සිටීමට අසාන්ජ් පියවර ගැනීම සම්පූර්නයෙන්ම යුක්ති යුක්ත බවයි.

අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලේඛනගත කෙරුනු ලියවිල්ලේ තර්ක බිඳීමට විනිසුරුවරිය බැරෑරුම් ප්‍රයත්නයක් නොදැරුවාය. මෙම ලියවිල්ලේ වූ පිටු නවයකින් යුක්ත චෝදනා ලිහිල් කිරීමේ සටහනෙහි දැක්වූයේ බ්‍රිතාන්‍ය පාලනාධිකාරයට තමන් යටත් වීම මගින් නීතිවිරෝධී හිංසාවන්ට තමන්ට මුහුන පෑමට සිදු වීමේ ඉඩ කඩ පැවතීම නිසා ඉක්වදෝර ආන්ඩුවෙන් සරනාගතභාවය ඉල්ලා සිටීමට තමා යොමු වුනු බවයි.

“ස්වීඩනය විසින් එජයට ඔහුව පාවා දෙනු ලැබීමත් එහිදී එජ හමුදා සහ රාජතාන්ත්‍රික කටයුතු පිලිබඳ සංවේදී ලිපි ලේඛන විකිලීක්ස් විසින් ප්‍රසිද්ධියට පත් කිරීමට ඔහුගේ හවුල්වීම සම්බන්ධව, (චෙල්සී මෑනිං ට සිදු වූ වධ හිංසා පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිගමනය කලා වැනි), හිංසාවන්ට පාත්‍ර කිරීමත් අඛන්ඩ හුදෙකලා හිර අඩස්සියේ රඳවා තැබීමත් ඇතුලු ක්‍රියාවන්ට ඔහු ලක්වීම පිලිබඳ භිය” නිසා අසාන්ජ් දේශපාලන සරනාගතභාවය සෙවූ අතර එය ඔහුට ලැබිනි.

“ස්වීඩනයෙන් එජ යට උදර්පනනය කලහොත් එහිදී ඔහු හිංසාවට පාත්‍ර කිරීම, අමානුෂික වධබන්දනවලටත් කායික හිංසාවලටත් ගොදුරුවීමේ අවදානම පිලිබඳ ප්‍රබල සාක්ෂි මත පදනම් වූ තක්සේරුව මත පදනම්ව” ඉක්වදෝරය හිංසාවට පාත්‍ර වූ මාධ්‍යවේදියාට සරනාගතභාවය ප්‍රදානය කලේය.

“රැඳවියන්ට නරක විදියට සැලකීම සහ ඔවුන්ව බලහත්කාරයෙන් බාර කිරීම පිලිබඳව ස්වීඩනයට අදාල කාලපරිච්චේදය තුලදී එජය සමග අයථා සහයෝගිතාවයක් පිලිබඳ දීර්ඝ සහ අවාසනාවන්ත ඉතිහාසයක් පැවතියේය” යන කාරනාව ඉක්වදෝර තීරනයේ දී සැලකිල්ලට භාජනය කෙරිනි.

බලහත්කාරයෙන් බාරදීම් සහ වධ හිංසා ගෙනයමින් සිටින එජ බලධාරීන්ට ස්වීඩනයේ “බලය සමස්ථව යටත් කිරීම” පැහැදිලි කරමින් වධ හිංසාවලට එරෙහි එක්සත් ජාතීන්ගේ කොමිටියේ තීන්දු යුගලක් මෙම ලියවිල්ලට යොමු කර තිබිනි. “ස්වීඩන භූමිය තුල (වස්ත්‍ර ඉවත් කිරීම්, ඇස් බැඳීම්, හිස් වැසීම්, විලංගු දැමීම්, ගුද මාර්ගයට බෙහෙත් කරල් යවා බලහත්කාරයෙන් සිහි මදකිරීම්, ආතතියට ගොදුරුවන ලෙස නිශ්චිත ආකාරයකට අත්හි මාංචු දැමීම) රැඳවියන්ට තුඡ්ච ලෙස සැලකීමටත්, ඔවුන්ව වධ හිංසා පැමිනවීම සඳහා තුන්වන රාජ්‍යයකට යැවීමටත් ස්වීඩනය එජ හමුදාවන්ට උදාසීන ලෙස ඉඩ හැර ඇති” බව අසාන්ජ්ගේ නීතිඥයින්ගේ වචනවලින් මෙම නඩු තීන්දුව තුල දැක්වේ.

අසාන්ජ් උදර්පනය කරන්නේ පරිගනකය හැක් කිරීමේ සුලු චෝදනාවකට මුහුන දීමට බවත්, ඔහුගේ ජීවිතය අනතුරට මුහුන නොදෙන බවත් පිලිබඳ නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් හි ව්‍යාජ තර්ක තිබියදීම අධිකරන දෙපාර්තමේන්තුව පැහැදිලි කර තිබුනේ තමන් ඔහුව පරීක්ෂා කරමින් තිබෙන්නේ “රහස් තොරතුරු ලබා ගැනීමත් ව්‍යාප්ත කිරීමත්” නිසා බවයි. මෙම වෝදනාව රාජ්‍ය රහස් එලිදරව් කිරීමේ පනත යටතේ මරන දන්ඩනයෙන් පවා දඬුවම් ලැබිය හැකි චෝදනාවකට තුඩු දිය හැක.

ඇත්තෙන්ම අසාන්ජ්ට එරෙහිව නීතිමය ක්‍රියාදාමය වනාහි උදර්පනය කිරීම නොව බලහත්කාරයෙන් බාරදීම වෙයි. යුරෝපයේ හෝ මැද පෙරදිග මාර්ගවලදී අත් අඩංගුවට ගෙන හිස් මත බෑග් රඳවා මාංචු දමනු ලැබ ඇමරිකානු වධක “කලු අඩවි” නැතහොත් ගුවන්තනාමො බොක්කට පියාසර කරවන ලද “ත්‍රස්තවාදී සැකකරුවන්” ට සැලකූ ආකාරය මතකයට නංවනු ලබන වදදීම් වන්නේ ය.

මාර්තු 8 දා ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් එලියට ඇද දමමින් එක්සත් රාජධානියේ ගුවන්තනාමෝ යනුවෙන් හැඳින්වෙන බෙල්මාෂ් සිරගෙදර අසාන්ජ් රඳවනු ලැබීමේ පටන් සති තුනක් ගත වී ඇත. මෙම සිරගෙදර තුල ඔහු හුදකලා කරනු ලබමින් ද තම නීතිඥයින් සහ පවුලේ සාමාජිකයින්ට ඔහු මුන ගැසීම ප්‍රතික්ෂේප කරමින්ද, අසාන්ජ්ගේ පියා විසින් හඳුන්වනු ලැබූ ලෙසට “ස්පර්ෂයෙන් තොර වදවලට” ඔහුව ගොදුරු කරනු ලබමින් පවතී.

ඉරාකයේත් ඇෆ්ගනිස්ථානයේත් යුද අපරාධ එලිදරව් කිරීමට උපකාරී වූ දිරිසම්පන්නවූ දූෂන හෙලිදරවු කල චෙල්සී මෑනිං විසින් අසාන්ජ්ට එරෙහිව සාක්කි ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කල හෙයින් ඇය සිර මැදිරියට දැමීමේ පටන් ආසන්න ලෙස සති අටක් පමන ගතවී ඇත. තම සිරගත වූ කාලයෙන් වැඩි හරියක් හුදකලා හිර අඩස්සියේ සිටි මෑනිං හට, ඇගේ නීතිඥයාට අනුව, උචිත සෞඛ්‍ය පහසුකම් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

රුසියාව සහ චීනය සමග තම ගැටුම් තීව්‍ර කරමින් වෙනිසියුලාව තුල තන්ත්‍ර මාරු කිරීමේ තම වෑයම එක්සත් ජනපදය උග්‍ර කරමින් සිටින විටදී යි අසාන්ජ් සහ මෑනිං හිංසාවට පාත්‍ර කිරීම මතුවෙමින් එන්නේ. එජ යුද අපරාධ එලිදරව් කරමින් ලේඛනගත කල විකිලීක්ස් නිර්මාතෘ සිරගත කිරීම මගින් එක්සත් ජනපදය මාන බලන්නේ මහජන අප්‍රසාදයට ලක්ව ඇති තම සාපරාධී යුද්ධවලට එරෙහි විරෝධය නිශ්ශබ්ද කිරීමට ය.

අසාන්ජ් හිංසාවට පාත්‍ර කිරීම සිදුවන්නේ පන්ති ගැටුම් සහ සමාජ විරෝධතාවන් වැඩෙන තත්වයන් යටතේ දී ය. යුද්ධයේ සහ සමාජ ප්‍රතිවිප්ලවයේ තම ප්‍රතිපත්ති මහජන ප්‍රතිරෝධයට ලක්වන අතර එම තත්වය වැඩි දියුනු වනු ඇතැයි පාලක පන්තිය මනාව අවබෝධ කරගෙන ඇත. අසාන්ජ් ව නිදසුනක් ලෙස ගනිමින් එක්සත් ජනපදය මාන බලන්නේ මූල්‍ය වංශාධිපතියන්ගේ අනසකට එරෙහි වන සියලුම ප්‍රවෘත්ති මාධ්‍ය නිශ්ශබ්ද කිරීමටයි.

අසාන්ජ් හිංසාවට පාත්‍ර කිරීම කෙරෙහි දේශපාලන සංවිධානවලත් ප්‍රවනතාවලත් ආකල්පය ඔවුන්ගේ ගති ස්වභාවය අර්ථ විග්‍රහ කරයි. මෙම ව්‍යාජ නීතිමය ජුගුප්සාවට ක්‍රියාශීලීව හෝ රහසේ සහය දුන්නවුන් කෙදිනකවත් පවිත්‍ර කල නොහැකි කලු පල්ලම් වලින් යුක්ත වෙති.

අසාන්ජ්ගේ උදර්පනය ඉල්ලා සිටින ට්‍රම්ප් පාලනාධිකාරය මෙයට ඇතුලත් වෙයි. තම රුසියානු විරෝධී උද්ඝෝෂනයේ කොටසක් ලෙස අසාන්ජ්ට එරෙහිව උද්ඝෝෂනය තුල ඩිමොක්‍රටික් පක්ෂය; ඔහුට නිග්‍රහ කරමින් ද, බේගල් පතුරවමින් ද අවලාද නැගූ මාධ්‍ය; සහ ඔහුව හිංසාවට පාත්‍ර කිරීම සඳහා කඩතුරාවක් ලෙස ගොතන ලද (කාන්තා) දූෂන චෝදනාවලට විශ්වාසය පල කල මධ්‍යම පන්තික ව්‍යාජ වාම සංවිධාන මීට අයත්ය. ඇමරිකානු අධිරාජ්‍යවාදයට සහය දක්වන බැවින් සියල්ලෝම අසාන්ජ්ට එරෙහි වෙති.

අසාන්ජ් සහ මෑනිංගේ ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට ආ යුතු බලවේගය වනාහි ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ප්‍රධාන මාධ්‍ය නාලිකාවන් හි නිරත ධනවත් බලධරයින්ගේ කාර්ය මන්ඩලය ද ඩිමොක්‍රටික් පක්ෂය ද එහි ව්‍යාජ වාම උපාංගද මෙන් නොව කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ දී අත්‍යාවශ්‍ය අභිප්‍රායක් ඇත.

මැයි 4 දා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එහි පස්වන සජීවී (ඔන්ලයින්) මැයි දිනය පවත්වයි. ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා පොදු මූලෝපායක් සාකච්ඡා කිරීමට මෙම රැලිය ලොව පුරා වෙසෙන කම්කරුවන් එකමුතු කරයි.

ලොව පරිමානව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට නායකත්වය සැපයීමේ හී තුඩ වන ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම මෙම, ව්‍යායාමයේ දී ප්‍රධාන තේමාවක් වනු ඇත. අසාන්ජ් හිංසාවට පාත්‍ර කිරීමට එරෙහිව පෙනී සිටීමට අවශ්‍ය සියලු දෙනාටම අප බලකර ඉල්ලා සිටින්නේ මේ සඳහා ලියා පදිංචි වෙමින් සහභාගි වන ලෙසයි.

අන්ද්‍රේ ඬේමන්

Share this article: