බර්නී සෑන්ඩර්ගේ ජාතිකවාදී “සමාජවාදය”

The nationalist “socialism” of Bernie Sanders

2019 මැයි 6

2020 මැතිවරන උද්ඝෝෂනයේ ආරම්භයේ දී ම, වර්මොන්ට් ප්‍රාන්ත සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස් දක්ෂිනාංශය දෙසට සැලකියයුතු මාරුවීමක් සිදු කර ඇත. ඔහු ප්‍රදර්ශනාත්මක ලෙස ආර්ථික ජාතිකවාදය වැලඳගෙන ඇති අතර ඩිමොක්‍රටික් ජනාධිපතිවරන නාම යෝජනා සඳහා තම උද්ඝෝෂනයේ එය ප්‍රධාන මුදුන් ගලක් කිරීමට උත්සාහ ගත්තේ ය. මෙය ගැඹුරින්ම ප්‍රතිගාමී වන අතර ප්‍රදර්ශනය කරන්නේ, තෙමේ ම “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු” යැයි කියා ගන්නා බර්නී සෑන්ඩර්ස් හා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත් කමට ස්ථීර ලෙස කැප වුනු අවංක සමාජවාදය අතර නො පෑහිය හැකි අගාධය යි.

විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල් මාක්ස් බොහෝ කලකට පෙර ප්‍රකාශ කලේ කම්කරු පන්තියට රටක් නොමැති බව යි. නමුත් බර්නී සෑන්ඩර්ස් අරගන්නේ ඊට විරුද්ධ ආස්ථානයකි. ඔහු ඇමරිකානු අධිරාජ්‍යාවාදයේ ජාතික උත්සුකතාවන් ආරක්ෂා කරයි. ඔහුගේ රට වන්නේ වෝල් වීදිය, පෙන්ටගනය, සීඅයිඒ හා සංගත ඇමරිකාවේ රට යි.

පසු ගිය සතියේ සෑන්ඩර්ස්, තම ඩිමොක්‍රටික් ජනාධිපතිවරන නාම යෝජනා සඳහා ප්‍රමුඛ තරඟකරුවෙකු වන, හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන්නට පහර දුන්නේ, ලෝක වෙලඳපොල තුල චීන සමාගම් ඇමරිකානු සමාගම් පරාජය කිරීමේ අපේක්ෂාවන් ගැන එක්සත් ජනපදය අනවශ්‍ය ලෙස උත්සුක විය යුතු නැති යි යන ඔහුගේ යෝජනාව හෙලා දකිමිනි. “ඔවුන් නරක උදවිය නො වේ” යැයි බිඩෙන් පැවසී ය. නමුත් “සැක කල යුත්තේ කුමක් ද, ඔවුන් අපට තරඟයක් නොවේ.”

බිඩෙන් සරන යමින් සිටින්නේ ඇමරිකානු ධනවාදී දේශපාලනයේ ප්‍රමුද්‍රාව වන ප්‍රතිගාමී ස්වෝත්තමවාදයේ යන්තමින් වෙනස් අනුවාදයකි. “වද නොවනු. අපිට ලේසියෙන් ඔවුන් පරාජය කරන්න පුලුවන්” යන්න ඔහුගේ කයිවාරුව විය.

සෑන්ඩර්ස් විරුද්ධ වූයේ ට්වීටර් පනිවිඩයක මෙසේ පවසමිනි, “මා විරුද්ධව ඡන්දය දුන් චීන වෙලඳ ගිවිසුමේ (2000) සිට ඇමරිකාව නිෂ්පාදන රැකියා මිලියන 3ට වඩා අහිමි කර ගෙන ඇත. චීනය අපගේ ප්‍රධාන ආර්ථික තරඟකරුවෙකු නො වේ යැයි මවා පෑම වැරදියි. අපි ධවල මන්දිරයට ආවාම අපගේ වෙලඳ ප්‍රතිපත්ති ස්ථාවර කරමින් අපි ජය ගන්නවා.”

සෑන්ඩර්ස් මේ ආකාරයෙන් නිෂ්පාදන රැකියා මත චීන කම්කරුවන් සමග ගැටුමක දී ඇමරිකානු කම්කරුවන්ගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටියි. ඊනියා “සමාජවාදියා” වර්තමාන වෙලඳ සාකච්ඡාවල දී ඕනෑවට වඩා මෘදු වනවා යැයි කියමින් අප්‍රේල් 13 රැලියේ දී ජනාධිපති ට්‍රම්ප් විවේචනයට ලක් කිරීමට තරම් දුර ගියේ ය. “ඔබගේ ජීවිතයේ දී මෙවර විතරක්, ඔබගේ උද්ඝෝෂන පොරොන්දු තබා ගනු මැනවි...අලුතින් ම පටන් ගනිමු.”

අප්‍රේල් 29වැනිදා, සෑන්ඩර්ස් තම වෙලඳ වේදිකාව නිවේදනය කලේ, සියලු එක්සත් ජනපද වෙලඳ ගිවිසුම් පිලිබඳ යලි සාකච්ඡා ඉල්ලා සිටිමින් හා චීනය මුදල් වංචාකාරයකු ලෙස හංවඩු ගැසිය යුතු යයි බල කරමිනි. ට්‍රම්ප් ඇතුලු අනුප්‍රාප්තික එක්සත් ජනපද ආන්ඩු මේ පිලිබඳ තර්ජනය කර ඇති නමුත්, හැම විටම ක්‍රියාත්මක කිරීමෙන් වලකා ගත්තේ, මහා පරිමාවකින් චීනය විශාල ම එක්සත් ජනපද බැඳුම් කර දරන්නා වන බැවිනි.

තම වෙලඳ සැලැස්ම නිකුත් කිරීමෙන් පසු සෑන්ඩර්ස් මෙසේ පැවසී ය: “අපට ඕනෑ ඇමරිකානු කම්කරුවන් වෙනුවෙන් සැබවින් ම සටන් කරන, ඔවුන්ගේ පොරොන්දු ඉටු කරන, හා රැකියා පිටරට යැවීමට කම්හල් වසා දමන යෝධ සංගතවලට එරෙහිව නැගී සිටින ජනාධිපතිවරයෙකි.” මෙම වචන ට්‍රම්ප් ම ද කියා තිබෙන්නට ඉඩ ඇත.

සෑන්ඩර්ස් හැමවිටම ආර්ථික ජාතිවාදයෙකු වී ඇත්තේ, ඔවුන්ගෙන් “රැකියා සොරා කන” මැක්සිකානු කම්කරුවන් ඔවුන්ගේ හතුරන් යැයි ඇමරිකානු කම්කරුවන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන, වෘත්තීය සමිති නිලධරයේ ආස්ථානයෙන්, නැෆ්ටා හා අනෙකුත් වෙලඳ ගිවිසුම්වලට විරුද්ධ වෙමිනි.

මේ ආකාරයෙන්, ධනේශ්වර දේශපාලඥයින් හා වෘත්තීය සමිති විධායකයින් වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය බෙදීමට උත්සාහ ගන්නේ, එක්සත් ජනපද කම්කරුවන් කැනඩාව හා මෙක්සිකෝව මෙන් ම චීනය, ජපානය හා යුරෝපයේ කම්කරුවන්ට එරෙහිව හප්පමින් හා මෙය හාම්පුතුන් විදේශයන් කරා යාම වැලක් වීමේ එකම ආකාරය බව කීම සමග, වැටුප් මෙන් ම ප්‍රතිලාභ කප්පාදු හා පෙර නො වූ විරූ බැරෑරුම් සේවා කොන්දේසි පිලිගැනීමට කම්කරුවන්ට අයුතු ලෙස බල කිරීමත් සමග, පතුල දක්වා අවසානයක් නැති තරඟයක් පොලඹවමිනි.

මෙයට ඇති එකම විකල්පය වන්නේ බහුජාතික සංගත, අනේකාකාර ධනේශ්වර ආන්ඩුවලට හා සමස්තයක් වශයෙන් ගෝලීය ධනවාදයට එරෙහි පොදු අරගලයක් තුල ජාත්‍යන්තර පදනමක් මත කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන යි. මෙම අරගලයේ දී, ලෝකයේ විශාලත ම චීන කම්කරු පන්තිය, ඇමරිකානු කම්කරු පන්තිය සූරා කන එකම අන්තර්ජාතික සංගත යෝධයන්ගෙන් සමහරකට එරෙහි අරගලයේ නියලී සිටින ඇමරිකානු කම්කරුවන්ගේ ශ්‍රේෂ්ට මිතුරා වන්නේ ය.

2020 උද්ඝෝෂනයේ දී, සෑන්ඩර්ස් ආර්ථික ජාතිකවාදය සරනයාම චීන විරෝධී උන ප්‍රචාරය කිරීමට උදව් කරමින් හා වෙනිසියුලාවේ ට්‍රම්ප්ගේ තන්ත්‍ර මෙහෙයුම පිටුපස (සුලු නොඑකඟතානයන් සමඟ) පෙල ගැසෙමින්, අධිරාජ්‍යවාදී හා නව යටත්විජිත විදේශ ප්‍රතිපත්තිය සඳහා තමා විශ්වාස කල හැකි උපකරනයක් බව තම පැත්තෙන් ම පාලක පන්තියට ඔප්පු කිරීමේ ක්‍රමානුකූල උත්සාහයේ කොටසකි.

නිව් යෝකර් සඟරාවේ මෑත පැතිකඩක් බොහෝ කොටසක් ඉරාකය, ඇෆ්ගනිස්තානය හා සිරියාවේ අසාර්ථකත්වය විසින් දමනය කරන ලද්දා වූ ද, එමෙන් ම ඒ නිසා විදේශීය මිලිටරි රැඳවීම් ගැන වඩාත් පරෙස්සම් සහගත වූ ද පුද්ගලයන්ගේ ලෝක බුද්ධි මන්ඩලයකින් විදේශ ප්‍රතිපත්ති උපදේශකයින් කන්ඩායමක් සෑන්ඩර්ස් විසින් බඳවා ගැනීම ලේඛනගත කලේ ය. මොවුන් අතරට ඔබාමා පාලනාධිකාරියේ ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහා මැද පෙරදිග සමායෝජක රොබට් මැලේයි; ජාත්‍යන්තර සාමය සඳහා කානගී පරිත්‍යාගයේ සුසන් ඩිමැගිඕ; හා ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යයනය පිලිබඳ පෝල් එච්. නීට්ෂේ පාසලේ පීඨාධිපති වලී නසර් (ඉරානයේ ෂාට කිට්ටුවෙන් සම්බන්ධ පවුලක උරුමක්කාරයෙකි) ද වෙති.

නිව් යෝකර් පැතිකඩ සූර ලෙස මෙසේ නිරීක්ෂනය කරයි: “සමහර විට දුසිම් භාගයක්, ඇතම්විට ඊට වඩා අඩු විය හැකි, පුද්ගලයන් සැබවින් ම එක්සත් ජනපදයේ ඊ ලඟ ජනාධිපති යැයි තෙමේ ම සිතිය හැකි අතර දැනට බලයේ සිටින අය හැරුනු විට සෑන්ඩර්ස්ට බලගතු අවස්ථාවක් තිබේ. මේ අවස්ථාවේ, බලයේ පීඩනය ඔහු මත වැඩ කරමින් තිබෙන බව පෙනේ; කිපෙනසුලු -දේශනාකාර ප්‍රතිරූපය පසුබැසීමේය, එමෙන් ම ඔහු හඬනගමින් සිටින්නේ පරිස්සමේ ස්වරයන් ය.”

හුදෙක් පසු ගිය මාස නවයේ දී පමනක්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, යුද උකුසු ජෝන් මැකේන් ගැන සෑන්ඩර්ස්ගේ ප්‍රශංසාව; ඇමසන් කම්කරුවන්ට සොච්චම් පැයට ඩොලර් 15ක් ගෙවීමට (අනෙකුත් සහන අහිමි වීම නිසා බොහෝ අවස්ථාවල දී වැටුප් කප්පාදුවක් ලෙස) ලෝකයේ පොහොසත් ම මිනිසා වන ජෙෆ් බෙසෝස් ගත් තීරනය සැමරීම; වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපද ප්‍රකෝපකරනය සඳහා ඔහුගේ සහයෝගය; ඩෙමොක්‍රටික් පක්ෂයේ හොඳම ගොඩනගන්නා වීම පිලිබඳ ඔහුගේ කයිවාරු; “විවෘත දේශසීමාවලට” තම විරුද්ධත්වය ප්‍රකාශ කරමින් හා දරිද්‍රාපන්න සරනාගතයින්ගේ ගලා ඒම ඇමරිකානු කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට තර්ජනය කරනු ඇති බවට අනතුරු අඟවමින් ට්‍රම්ප් පසෙකින් ඔහුගේ රැව්දීම; හා එක්සත් ජනපදයට උදර්පනය කිරීමට මුහුන දෙන හා ඔත්තුබැලීම මෙන් ම කුමන්ත්‍රනය පිලිබඳ මරනීය චෝදනාවලට මුහන දෙන විකී ලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් පැහර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සාපරාධි ප්‍රසිද්ධ නිශ්ශබ්දතාව සටහන් කර ඇත.

සෑන්ඩර්ස්ගේ ජාතිකවාදය හා ඇමරිකානු පාලක පන්තියේ විදේශ ප්‍රතිපත්තිය සඳහා ඔහුගේ සහයෝගය හෙලිදරව් කරන්නේ ඔහුගේ “සමාජවාදයේ” ව්‍යාජ ස්වභාවය යි. විදේශයන් හි එහි ප්‍රතිපත්තිවලට සහය දෙමින් සිටින අතර රට තුල “බිලියනපති පන්තියට” විරුද්ධ වීම අපහසුය. චීනයට එරෙහි ආක්‍රමනකාරී ප්‍රතිපත්තියක් සඳහා වන සෑන්ඩර්ස්ගේ ඉල්ලීම්වල තර්කානුකූල දිගුව වන යුද්ධය, අනිවාර්යයෙන් ම අත්වැල් බැඳගනු ලබන්නේ දේශීය මර්දනය හා සමාජ ප්‍රතිවිප්ලවය සමගිනි.

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ ජැකොබින් සඟරාව, සමාජවාදී විකල්පය හා සෑන්ඞ්ර්ස්ගේ අපේක්ෂකත්වයට ප්‍රශංසා කරන සෑන්ඩර්ස්ගේ සෙසු ව්‍යාජ වාම අතවැස්සන් ඔහුගේ අපේක්ෂකත්වයට ආචාර කරන්නේ ඇමරිකාව තුල “වම” පුනර්ජීවනය සඳහා පදනම ලෙස යි. එනම් එයට “වාම” තීන්ත ආලේපයක් දීම මගින් ඩිමොක්‍රටික් පක්ෂය පුනර්ජීවනය කිරීම යි. වසර හතරකට පෙර එහි පූර්වනිමිත්ත මෙන්, 2020 සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනය එල්ල කෙරෙන්නේ දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂවල සීමා තුල කම්කරු පන්තියේ ව්‍යාපාරය හිර කිරීම හා සමාජවාදී හා යුද විරෝධී ක්‍රියාමාර්ගයක් මත සටන් කරමින් සිටින කම්කරු පන්තියේ අවංක හා ස්වාධීන ව්‍යාපාරයක් අවහිර කිරීමට බව සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන් හා ශිෂ්‍යයින්ට අනතුරු අඟවයි.

පැට්‍රික් මාටින්

කර්තෘ පහත ලිපියද අනුමත කරයි

2019 මැයි දිනය: පන්ති අරගලයේ පුනර්ජීවනය හා සමාජවාදය සඳහා සටන

Share this article: