දේශපාලන බංකොලොත්කරුවන්ගේ ඒකරාශීයක්: ඓතිහාසික භෞතිකවාදය සහ ජැකබින් “අපේ කාලයේ සමාජවාදය” සමුලුව පවත්වයි

An assembly of political bankrupts: Historical Materialism and Jacobin host “Socialism in Our Time” conference

2019 අප්‍රේල් 16

අප්‍රියෙල් 13-14 දෙදින තුල එක්සත් රාජධානියේ ඓතිහාසික භෞතිකවාදය සඟරාව සහ එක්සත් ජනපදයේ ජැකබින් සඟරාව, ඔවුන්ගේ “අපේ කාලයේ සමාජවාදය” සමුලුව නිව්යෝක් නගරයේදී පැවැත්වීය. මෙම සමුලුව එක්සත් ජනපදයේ ව්‍යාජ-වාම සංවිධානයන්ගෙන් බොහෝමයක් එක ස්ථානයකට ගෙන ආ අතර, ජැකබින් සඟරාව සම්බන්ධවී කටයුතු කරන ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (DSA) විසින් අධිපති දේශපාලන පිලිවෙත සැපයිනි.

ඇත්තවශයෙන්ම, සමුලුවට අපේ කාලයේ හෝ වෙනත් කිසිම කාලයක සමාජවාදය සමග කුමන හෝ සම්බන්ධයක් නොතිබුනි. සමුලුවට වඩාත්ම ගැලපෙන මාතෘකාව විය යුතුව තිබුනේ “අපේ කාලයේ ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලනය යන්නයි. ” මුලු මහත් සමුලුවම සහ එහි මන්ඩල සහ වැඩමුලු 74 ම, සෑම අර්ථභාරී දේශපාලන ප්‍රශ්නයක්ම නොසලකා හරින ලද හෝ වෘත්තීය සමිති සඳහා සහාය සහ සියල්ලටම වඩා ජැකබින් සහ ඩීඑස්ඒ උද්‍යෝගීව ප්‍රවර්ධනය කරමින් සිටින බර්නි සැන්ඩර්ස්ගේ ඩිමොක්‍රටික් පක්ෂ උද්ඝෝෂනයට සහය දැක්වීම යුක්ති යුක්ත කිරීම ඉලක්ක කරගත් නිද්‍රාජනක පාඨයන්ගෙන් ආවරනය කරන ලද, දේශපාලන මගහැරීම සහ දෙපිටකාට්ටුකම අභ්‍යාස කිරීමකි.

අන්ත දක්ෂිනාංශික සහ ෆැසිස්ට්වාදී ව්‍යාපාර ජාත්‍යන්තරව නැගී ඒම, පන්ති අරගලයේ වර්ධනයේ අර්ථභාරය හෝ ලෝක යුද්ධයක අනතුර සම්බන්ධ කිසිදු සාකච්ඡාවක් සිදු නොකෙරුනි. ට්‍රම්ප් පරිපාලනය හෝ එහි දක්ෂිනාංශික පිලිවෙත් වලට පහසුකම් සැලසීමේ ඩිමොක්‍රටික් පක්ෂයේ භූමිකාව සම්බන්ධයෙන් කිසිවෙකුත් කුමන හෝ බැරෑරුම් තක්සේරුවක් ඉදිරිපත් කලේ නැත.

මෙය පැවැත්වුනේ ජුලියන් අසන්ජ් ලන්ඩනයේදී අත්අඩංගුවට ගෙන යන්තම් දින දෙකකට පසුව වුවද ඒ ගැනද කිසිදු සඳහනක් කෙරුනේ නැත. වීකි ලීක්ස් ආරම්භක ජුලියන් අල්ලාගැනීම සහ ඔහුව එක්සත් ජනපදයට භාරදීමට (rendition) ඇති තර්ජනය, සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සමග කුමන හෝ සම්බන්ධයක් ඇතැයි කිසිවෙකු සැලකුවේ නැත.

සමුලුවේ මතුපිටින් පෙනෙන්නට ඇති තේමාවක් වන ඉතිහාසය ගැන කීමට ඇත්තේ, පාවාදීමේ සහ ද්‍රෝහීත්වයේ තම වාර්තාව හෙලිදරව් කිරීම පමනක් සිදුවන හෙයින් ඓතිහාසික වාර්තාව සම්බන්ධයෙන් කුමන හෝ සඳහනක් කිරීමෙන් වැලකී සිටීමට සහභාගිවූවන් පරිස්සම් සහගත වූ බවයි.

ජනවාරි මාසයේදී සමාජවාදී සමානතා පක්ෂය “ෆැසිස්ට්වාදයට එරෙහි සටන සහ ඉතිහාසයේ පාඩම්” යන මැයෙන් මන්ඩප යෝජනාවක් සමුලුවට ඉදිරිපත් කරන ලදී. මේ සඳහා දේශකයා වීමට නියමිතව සිටියේ ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් සහ ඔවුන් ආපසු පැමිනියේ ඇයි? ඓතිහාසික මුසාකරනය , දේශපාලන කුමන්ත්‍රනය සහ ෆැසිස්ට්වාදය ජර්මනියට යලි පැමිනීම යන කෘතියේ කතෘ වන ක්‍රිස්ටෝප් වෑන්ඩි්‍රයර්ය.

සමුලුවේ සංවිධායකයන් විසින් සසප යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී. සැබෑ සමාජවාදී දේශපාලනය පිලිබඳ කුමන හෝ ප්‍රකාශනයක් බැහැර කිරීමට නියමිත විය. ෆැසිස්ට්වාදී ඔල්ටර්නේටිව් ෆෝ ජර්මනි (ඒඑෆ්ඩී) හී නැගීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් සිදු නොකල “ජර්මනියේ සැඟවුනු අර්බුදය” යන මැයෙන් ජර්මනියේ දේශපාලන තත්වය පිලිබඳ අවධානය යොමු කලේ එක් සාකච්ඡා මන්ඩපයක් පමනි. ඒ වෙනුවට දිරිසුන් සාකච්ඡාවක් මගින් එහිදී ඉස්මත්තට ගැනුනේ ජර්මන් ආර්ථිකයේ පරිවර්තනයන් මගින්, කියා සිටිනා ලෙස, කම්කරු පන්තියේ කොටස් එකිනෙකාට එරෙහිව පිහිටුවා ඇත්තේ කෙසේද යන්න සහ වාමාංශික දේශපාලනයේ පදනමට වල කපා ඇත්තේ කෙසේද යන්නයි.

“සමාජවාදී ව්‍යාපාරයට අපගේම පක්ෂයක් අවශ්‍ය වන්නේ ඇයි” යන මැයෙන්වූ සමුලුවේ ප්‍රධාන සාකච්ඡා මන්ඩපය, පවත්නා දේශපාලන ඉදිරි දර්ශනය සංක්ෂිප්ත කලේය. එය ඉදිරිපත් කලේ පසුගිය මාසයේ විසුරුවා දමන තෙක් ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ නායකයෙකු වූ ටොඞ් ක්‍රටින්; ජැකොබීන් කතෘ සහ ඩිඑස්ඒ සාමාජික බාස්කර් සුන්කර සහ ජැකබින් හී ලේඛක සහ ඩීඑස්ඒ සාමාජික මෙගන් ඬේ ව්සින්ය.

සහභාගීවී සිටින සියල්ලන්ගේ බැරෑරුම් නොවන ස්වභාවය සුන්කර් විසින් එකට කැටි කලේ ය. ඔහුගේ ආරම්භක කතාවේ තැන් තුනක “මා ලඟ පිලිතුරු නැතැයි” ඔහු ප්‍රකාශ කලේය. මෙම ප්‍රකාශයම ක්‍රටින් විසින් පසුව පුනරුච්චාරනය කරන ලදී.

දේශපාලනිකව අදාලත්වයක් නොමැතිවීම පිලිබඳ මෙම ප්‍රකාශය, සුන්කර් කතාකල බොහොමයක් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් කල සත්‍ය බව සැකයකින්තොරය. කෙසේ වෙතත් ඩිමොක්‍රටික් පක්ෂය සම්බන්ධ ප්‍රශ්නය පිලිබඳ ඔහුගේ පිලිතුර පැහැදිලිය. “පැරනි පක්ෂයේ” එනම් ඩිමොක්‍රටික් පක්ෂයේ“කටුව තුල කම්කරු පන්තියේ පලමු පක්ෂය” සංවිධානය කිරීමට ඩීඑස්ඒ උත්සාහ ගනිමින් සිටින බව ඔහු ප්‍රකාශ කලේය. “ඉදිරියේදී මැතිවරන සඳහා අප ස්වාධීනව ඉදිරිපත් වීමට අරගලයක් ඇති විය හැකි” යැයි යනුවෙන්ද ඔහු පැවසූ නමුත් මෙය ඉතාම ඈත අනාගතයේ සිදුවන දෙයක් ලෙස ඔහු දකින බව පැහැදිලිය.

සුන්කර් ඇතැම් විට, ඩීඑස් ඒ එහි ආරම්භයේ සිට සහය දක්වා ඇති හම ගිය ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලනය, සූත්‍රගත කිරීමට නව ආකාරයක් සොයා ගැනීම පිලිබඳව තමා ගැනම සතුටට පත් වන්නට ඇත. ඇත්ත වශයෙන් ම ඩීඑස්ඒ “සංවිධානය කරමින්” සිටින්නේ ඩිමොක්‍රටික් පක්ෂය තුල අන් කිසිවක් නොව තානාන්තර සඳහා තම අභිලාශයන්ය. 2020 දී ජයග්‍රහනය කල හොත්, ඇමරිකාව තුල දරිද්‍රතාවයේ අවසානයෙ ආරම්භය ලෙස ජැකොබීන් මගින් ඉදිරිපත් කරන 77 හැවරිදි බර්නි සෑන්ඩර්ස්ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනය වෙනුවෙන්, එය දැන් සියල්ල පරදුවට තබමින් සිටී.

සැන්ඩර්ස් යනු ඩිමොක්‍රටික් පක්ෂයට ඔවුන් දක්වන සහය යුක්ති යුක්ත කිරීමට භාවිතා කරන වාහනයක් පමනි. ඔහුගේ නම යෝජනා වුනි නම් ඩීඑස් ඔහු විසින් නියත ලෙස සිදු කරන සියලුම පාවාදීම් ආරක්ෂා කරනු ඇත.

මෙම දක්ෂිනාංශික මහා ව්‍යාපාරික පක්ෂයට සිය ක්‍රියාකාරකම් යටපත් කිරීමේ මූලධර්මාත්මක නොවන ස්වභාවයට අමතරව ඩීඑස්ඒ හී මුලු මහත් දේශපාලන මූලෝපායම වර්තමාන ජනාධිපතිවරයාට වඩා වසර පහකින් වැඩිමහල් එක් පුද්ගලයෙකු වටා භ්‍රමනය වෙයි. සැන්ඩර්ස් හට දිගටම කටයුතු කිරීමට නොහැකි වුවහොත් කුමක් සිදුවේද? පිලිතුර වන්නේ ඔහුට නාම යෝජනා නොලැබී ගිය හොත් කුමක් සිදුවේ ද යන්නට ලැබෙන පිලිතුරමය: ඩිමොක්‍රටික් පක්ෂය තෝරා ගන්නා කුමන හෝ දක්ෂිනාංශික අපේක්ෂකයෙකුට ඩීඑස්ඒ සහය දක්වනු ඇත.

ක්‍රටින් යනු සමුලුවට සහභාගීවූ අයිඑස්ඕ සුන්බුන් වලින් ගොඩබිමට ඇදගත් දේශපාලන අනාතයන් කිහිප දෙනාගෙන් එක අයෙකි. දශක හතරකටත් වඩා පැවතී, සති කිහිපයක් තුල වසා දැමුනු ඔහුගේ පැරනි පක්ෂයේ විසුරුවා දැමීම සම්බන්ධයෙන් ක්‍රටින් හට කීමට කිසිවක් නොවූ තරම්ය. අයිඑස්ඕ, “කාලයේ සීමිත කම් වලට එරෙහිව සටන් කල වාමාංශයේවූ අර්ථභාරී සංවිධානයක්” ව පැවති අතරම “අපව නිර්මානය වූයේ පරාජයන්ගේ යුගයක් සඳහාය” යනුවෙන් ඔහු පැවසීය. නව යුගයක් සමග අභිමුඛ වීමේදී “අපගේම අඩුපාඩු අපව නතර කලේ, සුමට ආකාරයෙනි.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය විශ්ලේෂනය කර ඇති ආකාරයට, දූෂනය කිරීමේ චෝදනාවන් පිලිබඳ සෝලියකින් ආරම්භවූ අයිඑස්ඕ අර්බුදය පිටුපස ඇත්තේ, එය විසින් වගා දිගා කරගත් සහ අනන්‍යතා දේශපාලනයේ පදනම මත බඳවා ගත් මධ්‍යම පාන්තික බලවේගයන් වල තියුනු දකුනට හැරී ගැනීමයි. මෙම සංවිධානය, එහි ලාභ නොලබන ඡත්‍ර සංවිධානය (umbrella organization ) වන ආර්ථික පර්යේෂන සහ සමාජ වෙනස සඳහා මධ්‍යස්තානයට (CERSC) ඩොලර් මිලියන ගනනින් මුදල් ලබාදුන් ඩිමොක්‍රටික් පක්ෂය හා පෙල ගැසුනු පදනම් සමග, පුලුල් මූල්‍යම සබඳතා ගොඩ නගා ගෙන තිබුනි.

“සංවිධානය කඩා වැටීමෙන්” පසු හිටපු සාමාජිකයන් මේ වන විට “හුස්මක් ගනිමින් ” සිටින්නේ ඔවුන් “නව වමක් ගොඩනැගීමට සහභාගී වන්නේ කෙසේද යන්න” සම්බන්ධයෙන් කටයුතු වල නිරතව සිටි නිසායැයි ක්‍රටින් පැවසීය. කෙසේ වෙතත් ක්‍රටින් ගේ සහ අනෙකුත් හිටපු අයිඑස්ඕ සාමාජිකයන්ගේ හුස්ම එතරම් ගැඹුරු නොවේ. ඔවුන් දැනටමත් තමන් සඳහා නව ස්ථානයක් ඩිමොක්‍රටික් පක්ෂය තුල සෙවීම ආරම්භ කොට ඇත.

ඔහුගේ ආරම්භක ප්‍රකාශයන් තුල ක්‍රටින් නියාලු ලෙස යෝජනා කලේ “අපට අපගේ පක්ෂයක් අවශ්‍ය” බවයි. ඒ සඳහා යොදා ගත හැකි ආදර්ශයන් ලෙස ස්පාඤ්ඤයේ පොඩමෝස්, දකුනු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය මෙක්සිකෝවේ ඒඑම්එල්ඕ සහ විශේෂයෙන්ම ග්‍රීසියේ සිරීසා සඳහන් කරමින්ය. මේ සියල්ලම ධනපති පාලනය පවත්වා ගෙන යාමට අර්ථභාරී භූමිකාවක් රඟ දක්වන ධනපති පක්ෂයන්ය. සිරිසා එනම් “රැඩිකල් වමේ සන්ධානය” වසර හතරක් පුරා බලයේ සිටින්නේ යුරෝපීය බැංකු විසින් ඉල්ලා සිටින කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කරමින් සහ යුරෝපීය සංගමයේ සරනාගත විරෝධී පිලිවෙත සඳහා ඉදිරි ආරක්ෂක වලල්ලක් ලෙස සේවය කරමින්ය.

“අපේම පක්ෂයක්” අවශ්‍යතාවය පිලිබඳ ක්‍රටින්ගේ ප්‍රකාශය, සාකච්චා මන්ඩපයේ ඩීඑස්ඒ සාමාජිකයන් “ටොඞ්ට වඩා වැඩි සංඛ්‍යාවක් සිටී“ යැයි පැවසීමට සුන්කර්ව පොලඹවන ලද්දේ වුවද, “අපි සියල්ලෝම එකට එක්වූ එක පවුලකි” යනුවෙන් ඔහු විසින්ම එය පසුව නිවැරදි කලේය. මෙයට ක්‍රටින් ඉතා කැමැත්තෙන් එකඟවුයේ, බර්නි සැන්ඩර්ස්ගේ උද්ඝෝෂනයේ “යම් දුර්වලතාවන් ඇතැයි” ඔහු සිතන අතරම එය ”සැබෑ මැතිවරන ප්‍රවේශයක්” සපයන්න බව ද, “ඒ මත ගොඩනැගිය හැකි ආරම්භක ලක්ෂයක්”යැයිද ප්‍රකාශ කරමිනි.

ඩීඑස්ඒ ඩිමොක්‍රටික් පක්ෂයේ පාර්ශ්වයක් වන අතර, අයිඑස්ඕ, ඩිමොක්‍රටිකයන්ට පිටත සිට උදව් කරමින් මීට පෙර සහකාර ඒජන්සියක් ලෙස සේවය කර ඇත. එහි විසුරුවීම, පන්ති අරගලය වර්ධනය වන කොන්දේසි යටතේ ධනපති දේශපාලනයෙන් කුමන හෝ ස්වාධීනත්වයක් මවා පෑමට තවදුරටත් නොහැකි බව අයිඑස්ඕ තේරුම් ගත් බවට වන ප්‍රකාශනයකි.

ඩිමොක්‍රටික් පක්ෂය ආරක්ෂා කිරීමට වන මෙම අධිෂ්ඨානය ඉහලට එසවෙන්නේ ඩිමොක්‍රටිකයන් තවදුරටත් දකුනට ගමන් කරද්දීය. පසුගිය වසර දෙකහමාර පුරාවට, ඩිමොක්‍රටිකයන් ඔවුන්ගේ ට්‍රම්ප්ට එරෙහි විරෝධතාවය, අන්තර්ජාල වාරනය, වීකි ලීක්ස් සහ ජුලියන් අසන්ජ් හට එල්ල කරන ප්‍රහාර, සහ මැද පෙරදිග සහ රුසියාවට එරෙහි වඩා ප්‍රචන්ඩ යුද්ධ සඳහා වන ඉල්ලීම් යුක්ති යුක්ත කිරීමට භාවිතා කෙරුනු, රුසියානු විරෝධී උද්ඝෝෂනය වටා කේන්ද්‍රගත කොට තිබුනි.

ඩිමොක්‍රටිකයන් පෙනී සිටින එජ බුද්ධි අංශ එජන්සි වල අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට සහයදීමේදී අයිඑස්ඕ විශේෂයෙන්ම ප්‍රමුඛ භූමිකාවක් රඟ දැක්වීය. සිරියාව තුල එජ යුද ධාවනයට විරුද්ධ වන අය හෙලා දැකීමට කැපවුනු, හිටපු අයිඑස්ඕ නායක ඈශ්ලි ස්මිත් පෙනී සිටි මන්ඩප ගනනාවක් හරහාම මෙය සමුලුව තුල ඉදිරිපත් විය. මෙම මන්ඩලයන් ගෙන් එකක්වූ “ප්‍රතිපත්ති ගරුක අධිරාජ්‍ය විරෝධය නැවත ගොඩනැංවීම” හීදී අයිඑස්ඕහී සමාජවාදී කම්කරුවා වෙබ්අඩවියට නිතිපතා ලිපි රචනාකොට ඇති ශිරීන් අක්‍රම්-බොශාර්, එජ අධිරාජ්‍යවාදය මත “අධිඅවධානයක් ” පිහිටුවන ලද අයට පහර එල්ල කල අතර සිරියාවේ සීඅයිඒ පිටුබලය ලත් විරෝධතාකරුවන්ට ඇති තරම් අවි ආයුධ නොසැපයීම සම්බන්ධයෙන් එජ ආන්ඩුව විවේචනය කලේය.

සමස්තයක් ලෙස සමුලුවේ දෘෂ්ටිය සම්බන්ධයෙන් පැහැදිලි අනාවරනයක් සැපයුවේ ඩීඑස්ඒ හී මේගන් ඬේය. යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයන්ගේ භූමිකාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඇය පැවසුවේ “අපට පිටුපසින් පිහියෙන් ඇනිය හැකි ආයතන තවමත් අපට නැත. මගේ ස්ථාවරය වන්නේ මෙම ආයතන ගොඩනැගීමට අපට සිදුවන බවයි.”

අපගේ කාලයේ සමාජවාදය සමුලුවේ සිටි ඩීඑස්ඒ, අයිඑස්ඕවෙන් ඉවත්වූ කොටස් සහ අනෙකුත් ව්‍යාජ වාම පක්ෂවල භූමිකාව පිලිබඳ ප්‍රමානවත් සාරාංශයක් මෙම ප්‍රකාශයට සැපයිය හැක. ඒ, පිටුපසට පිහියෙන් ඇනීමට ලක්වන්නේ ඔවුන් නොව කම්කරු පන්තියය යන අතුරු විධානයද සමගය. මෙම සංවිධාන නියෝජනය කරන ඉහල මධ්‍යම පන්තික ස්ථර සම්බන්ධයෙන් සලකන විට ඔවුන් මෙහෙයුම සඳහා සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටී. කෙසේ වෙතත් කම්කරු පන්තියට මෙම කාරනය පිලිබඳව තමන්ගේම මැදිහත් වීමක් තිබෙනු ඇත.

ජෝශප් ක්‍රිෂෝර්

Share this article: