ඕස්ට්‍රේලියානු ලේබර් පක්ෂයේ මැතිවරන පරාජය හා අන්ත දක්ෂිනාංශයට එරෙහි සටන!

The Australian Labor Party’s election debacle and the fight against the far-right

2019 මැයි 20

සෙනසුරාදා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරනයේ ප්‍රතිඵලය වූයේ ලේබර් පක්ෂ විරුද්ධපාර්ශ්වයට විනාසකාරී පරාජයක් අත්වීම හා අගමැති ස්කොට් මොරිසන්ගේ අන්ත දක්ෂිනාංශික ලිබරල්-ජාතික සභාග ආන්ඩුව යලි බලයට පත්වීම යි.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මන්ඩලය වන, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සුලු බහුතරයක් සමග මොරිසන්ට ආන්ඩුවක් පිහිටුවීමේ හැකියාව ඇත. සෙනෙට් සභාව පාලනය කිරීමට ඉඩ ඇත්තේ ස්වාධීන හා දක්ෂිනාංශික ජනතාවාදීන් විසිනි.

සියලු මාධ්‍ය පන්ඩිතයෝ පුලුල් ලෙබර් පක්ෂ ජයග්‍රහනයක් පිලිබඳ අනාවැකි පල කලහ. ඡන්ද ගනන් කිරීම ඇරඹීමට පෙර, කම්කරු පක්ෂ නායක බිල් ෂෝර්ටන් අනුමාන අගමැති ලෙස පුලුල් ලෙස හුවා දැක්වුනි. ඉරිදා රාත්‍රිය අවසන් වන විට, ඔහු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් ව තිබුනේ, “පරාජය නො විය හැකි මැතිවරනයක්” තුල කම්කරු පක්ෂයේ පරාජය අධීක්ෂනය කරනු ලදුව ය.

මාධ්‍ය 2016 එක්සත් ජනපද මැතිවරනය සමග සමානකම් සටහන් කර තිබුනි, එහි දී අපේක්ෂිත ජනාධිපති ලෙස සාර්වත්‍රික ලෙස විස්තර කෙරුනු හිලරි ක්ලින්ටන්, ෆැසිස්ට්වාදී රිපබ්ලිකානු අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පරාජය කෙරුනි.

මොරිසන් ට්‍රම්ප් නො වන්නා සේ ම ෂෝර්ටන් ක්ලින්ටන් නො වන නමුත්, වෙනස් කල යුතු දෑ වෙනස් කිරීමේ දී, යටින් පවතින එකම සමාජ හා දේශපාලන ගතිකයෝ ක්‍රියාත්මක වූහ.

“සාධාරනත්වයට” මග පාදනු ඇති ප්‍රතිපත්ති ඇති බවට කම්කරු පක්ෂය කල ප්‍රකාශ පිලිබඳව දැවන්ත ප්‍රතික්ෂේප කිරීමකි. මැතිවරනය පුරා, ෂෝර්ටන් සංගතවාදී වෘත්තීය සමිති තුල තම සහචරයන් සමග, පොහොසතුන් සඳහා බදු විරාම ප්‍රතික්ෂේප කල අතර, කම්කරු පක්ෂය කම්කරු පන්තියේ උත්සුකයන් අනුව පාලනය ගෙන යනු ඇති බව ප්‍රකාශ කලේ ය.

දශක ගනනාවක් මූල්‍ය ප්‍රභූවේ නියෝග පැනවීමෙන් පසු, කම්කරු පක්ෂයට කම්කරුවන් හා තරුනයන්ට විශ්වාස කල හැකි කිසිදු ආයාචනයක් කල නො හැකි විය.

2007 සිට 2013 දක්වා බලයේ සිටි, කෙවින් රඞ් හා ජූලියා ගිලාර්ඞ්ගේ කම්කරු පක්ෂ ආන්ඩු ඕස්ටේ්‍රලියානු ඉතිහාසයේ ඉතාමත් දක්ෂිනාංශික ඒවා අතර විය.

දශකයක සභාග පාලනයකට පසු, කම්කරු පක්ෂය ආන්ඩුවක් පිහිට වූයේ තමන් කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරනු ඇත යි පවසමිනි. ඊට පසු එය සැබවින් ම සියලු කම්කරු අරගල තහනම් කල අතර, චීනයට එරෙහි එක්සත් ජනපද සැලසුම් සමග ඕස්ට්‍රේලියාව පෙල ගැස්සී ය, ඈත ෆැසිෆික් දූපත්වල අශික්ෂිත රඳවා ගැනීමේ කඳවරු ස්ථාපනය කල අතර, රජයේ අධ්‍යාපනය, සෞඛ්‍ය රැකවරන හා සමාජ ශුභසාධන සඳහා අරමුදල් සැපයීම කප්පාදු කලේ ය.

රැකියා, වැටුප් වැඩිවීම් හා යහපත් සේවාවන් සඳහා වන තම බරපතල සමාජ අවශ්‍යතාවන් විසඳීමට කිසිදෙයක් නො කිරීමක් ලෙස එහි බොරු මැතිවරන පොරොන්දු කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කිරීම සමග, කම්කරු පන්තික ඡන්ද කොට්ඨාසවල, කම්කරු පක්ෂයෙන් පිටතට සැලකිය යුතු පැද්දීමක් ඇති විය. කම්කරු පක්ෂයට එරෙහි පැද්දීම්, දශක ගනනාවක රැකියා විනාස කිරීමේ පීඩනය දරා ඇති හා උග්‍රවන සමාජ අර්බුදයේ ගිලුනු, කලාපීය හා කම්කරු පන්තික ඡන්ද කොට්ඨාශ වලය.

බොහෝ දෙනා නිවැරදි ලෙස සැලකුවේ කම්කරු පක්ෂය මහා ව්‍යාපාරිකයන්ගේ පක්ෂය ලෙස යි. එය සභාගයේ පැවතියාට වඩා දෙගුනයකට වඩා විශාල අයවැය අතිරික්තයකට කැපවුනේ, රජයේ වියදම්වල තදබල කප්පාදු සංඥා කරමිනි. එය සංගත ප්‍රභූවේ උත්සුකයන් වෙනුවෙන් පාලනය ගෙන යා හැකි ඒකාග්‍රපක්ෂයක් ලෙස තෙමේ ම හඳුන්වා ගත් අතර දල දේශීය නිෂ්පාදයෙන් සියයට 2ක මිලිටරි වියදම් පවත්වා ගෙන යාමට සමත් බව සපථ කලේ ය.

ලෝකය පුරා මෙන් ම, ඕස්ට්‍රේලියාව තුල, කම්කරුවන් හා තරුනයන් මිලියන ගනනාවක් වමට ගමන් කරමින් වඩ වඩා ධනවාදයට විරුද්ධ වෙමින් සිටිති. කෙසේ නමුත්, බහුජන සමාජවාදී ව්‍යාපාරයක් නැති තැන, මහා ව්‍යාපර සඳහා ප්‍රධාන බදු කප්පාදු හදුන්වා දෙන, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සමග සන්ධානය ගැඹුරු කරන හා ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ තීව්‍රවන මන්දගාමිත්වය සඳහා කම්කරු පන්තිය වන්දි ගෙවන්නන් කිරීමට උත්සාහ කරන මොරිසන් ආන්ඩුවකට කම්කරුවෝ අතහැර දැමෙති.

මොරිසන් අන්ත දක්ෂිනාංශික ඉවැන්ජලික ක්‍රිස්තියානියෙකු වන අතර, ඔහු ආගමන විගමන ඇමතිවරයා ලෙස සංක්‍රමන විරෝධී භීතිය අවිස්සී ය, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගසා බසා දැමූ අතර රඳවා ගැනීමේ කඳවුරු වල සරනාගතයන්ට ම්ලේච්ඡ ලෙස සැලකීම් වෙනුවෙන් වගකිව යුතු ය. ලිබරලුන් හා කම්කරු පක්ෂ යන දෙකම එය තුල අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී පක්ෂ දිරිමත් කෙරී ඇත්තා වූ ප්‍රතිගාමී වාතාවරනයක් නිර්මානය කිරීමට උදව් කර ඇති නමුත්, මැතිවරනය තුල ඔවුන්ගේ ඡන්ද වැඩිවීම අවම විය.

අන්ත දක්ෂිනාංශයේ නැගීමට විරුද්ධ විය හැක්කේ ඕස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ, එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් හා යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැනි ධනේශ්වර පක්ෂවලට සහයෝගය දීමෙන් බවට ව්‍යාජ වාම කන්ඩායම් හා වෘත්තීය සමිති විසින් තොරොම්බල් කරන ප්‍රකාශනවල බංකොලොත්කම පිලිබඳ තවත් එක් හෙලිදරව්වකි මෙම මැතිවරන ප්‍රතිඵල.

ලෝකය පුරා, රාජ්‍ය උපකරන විසින් ක්‍රියාකාරීව ප්‍රචාරනය කරනු ලබන, අන්ත දක්ෂිනාංශික පක්ෂ ඊනියා “මධ්‍යස්ථ-වමේ” පක්ෂ හා ආන්ඩු විසින් පටවනු ලබන පුලුල් කප්පාදු පියවර මගින් ඇති කෙරෙන සමාජ අර්බුදය ගසා කමින් සිටිති. මෙහි ප්‍රතිඵලයක් වසයෙන්, ෆැසිස්ට් පක්ෂ පාර්ලිමේන්තුවේ වැඩිවෙන ආසන සංඛ්‍යාවක් ජය ගනිමින් හා සමහර රටවල ආන්ඩු පිහිටුවමින් සිටී.

බ්‍රිතාන්‍ය තුල, තදින් බෙදුනු තෙරේසා මේගේ කොන්සවටිව් ආන්ඩුවට, ජෙරමි කෝබින්ගේ දාසභාවය හා බියගුලුකම නො වන්නේ නම් පැවතිය නො හැක. ප්‍රන්සය තුල එමානුවෙල් මැක්‍රෝන්ගේ “මධ්‍යස්ථ ආන්ඩුව” බැංකු වෙනුවෙන් පුලුල් කප්පාදු පටවමින් සිටින්නේ, පොදු ජනයාගේ වීරයෙකු ලෙස පෙනී සිටීමට ෆැසිස්ට්වාදී ජාතික පෙරමුනට හැකියාව ලබා දෙමිනි.

එක්සත් ජනපදය තුල, ට්‍රම්ප්ගේ ආන්ඩුව දිරිමත් කෙරී ඇත්තේ සංක්‍රමනිකයන් මත එහි ප්‍රහාර හා එහි තීව්‍රවන මිලිටරි තර්ජනවලට විරුද්ධත්වය දැක්වීමට ඩිමොක්‍රටිකයන් ප්‍රතික්ෂේප කිරීමෙනි. ඒ වෙනුවට, ඩිමොක්‍රටිකයෝ ඉහල මධ්‍යම පන්තියේ උත්සුකයන් ඉදිරියට ගෙන යාම හා වර්ගය, පුමතිරිබව හා ලිංගික නැඹුරුව මත කම්කරුවන් බෙදීම ඉලක්ක කෙරුනු මැකාතියානු හා රුසියානු විරෝධී උද්ඝෝෂනයක් සංයෝග කරමින් සිටිති.

ඕස්ට්‍රේලියානු මැතිවරන ප්‍රතිඵල අන්ත දක්ෂිනාංශික කන්ඩායම් එලඹෙන යුරෝපීය මැතිවරන තුල තව දුරටත් ඉදිරියට යා හැකි බවට අශුභ අනතුරක් වේ. “ජාතික එක්සත්කම” සඳහා අයාචනා හා රුසියානු විරෝධී භීතිකාව විසින් සලකුනු කෙරෙන, 2020 ජනාධිපතිවරනය සඳහා වන ඩිමොක්‍රටික් පක්ෂ උද්ඝෝෂනය, ට්‍රම්ප් ශක්තිමත් කරනු ඇති බවට සංඥාවකි.

අන්ත දක්ෂිනාංශයේ අනතුරට එරෙහිව සටන් කිරීමේ එකම මාවත වන්නේ, සමාජ අසමානතාව හා යුද්ධයේ මූලය වන, ධනේශ්වර පද්ධතිය අහෝසි කර දැමීම අරමුනු කර ගැනුනු, කම්කරු පන්තියේ ස්වාධීන, දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යි. එවැනි ව්‍යාපාරයක් සඳහා වෛෂයික පදනම පවතින්නේ නිල දේශපාලන වාතාවරනයට පොදු මහජනයාගේ අතිමහත් විරුද්ධත්වය, හා ජාත්‍යන්තර වසයෙන් පුපුරුනසුලු පන්ති අරගලයන්ගේ යලි පිබිදීම තුල යි.

ඕස්ට්‍රේලියානු මැතිවරනය තුල, සමාජවාදී සමානතා පක්ෂය ධනවාදයට අවංක විකල්පයක් සොයමින් සිටින කම්කරුවන්, ශිෂ්‍යයින් හා තරුනයන් අතර වැදගත් සහයෝගයක් දිනා ගත්තේ ය. ඡන්ද ගනන් කිරීම අසම්පූර්න තත්වයක, නියෝජිත මන්ත්‍රී මන්ඩල ආසන හතරක් සඳහා පක්ෂය තරඟ කල තැන්වල, එක් එක් අපේක්ෂකයා ඡන්ද 500ට වඩා ලැබී ය. නිව් සවුත් වේල්ස් සෙනෙට් සභා ඡන්දයේ දී කම්කරුවෝ හා තරුනයෝ 1,000ට වඩා සසපට ඡන්දය දුන්හ. වික්ටෝරියා ප්‍රාන්තයේ සංඛ්‍යාව 5,000ට වඩා වැඩි ය.

කම්කරුවන්, තරුනයන් හා අවංක විකල්පයක් සොයමින් සිටින ඕනෑම අයෙකුගෙන් අප ඉල්ලා සිටින්නේ, සසප ක්‍රියාමාර්ගය හදාරමින්, හා එය කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වය ලෙස ගොඩනගමින් ඊ ලඟ පියවර ගන්නා ලෙස යි.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

Share this article: