ජෙනරල් මෝටර්ස් නඩුව: ශ්‍රම පිරිවැය අඩු කිරීමට යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය ෆියට්ක්‍රයිස්ලර් නිෂ්පාදකයින් සමග සාපරාධී කුමන්ත්‍රනයක

GM lawsuit: UAW engaged in criminal conspiracy with FCA to cut labor costs

2019 නොවැම්බර් 22

ෆියට්-ක්‍රයිස්ලර් (එෆ්සීඒ) සමාගම හා යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය, “කම්කරු සන්හිඳියාව මිල දී ගැනීම”, “ශ්‍රම පිරිවැය කප්පාදු කිරීම” හා ඒ මගින් “එහි තරඟකරුවන්ට වඩා වැටුප් වාසියක් ලබා ගැනීමට”, “සාමූහික කේවල් කිරීමේ ක්‍රියාවලිය දූෂනය කිරීම සඳහා ජ්‍යෙෂ්ට නිලධාරීන්ට අල්ලස් දීමට ක්‍රමානුකූල ලෙස හා දශකයකට ආසන්න කාලයක් තිස්සේ කුමන්ත්‍රනයක නිරත වූ” බව පවසමින් බදාදා ජෙනරල් මෝටර්ස් සමාගම ෆෙඩරල් උසාවියක පිටු 95 ක නඩුවක් පැවරුවේ ය.

ජීඑම් නඩුව ගොනු කෙරුනේ මෝටර් රථ කම්කරුවන් වෙනුවෙන් නො වේ. යූඒඩබ්ලිව් විසින් එෆ්සීඒ වෙත සහන වශයෙන් බිලියන ගනනක් වැඩිපුර ලබා දී ඇති බව පවසමින් ජීඑම් සමාගම තමන් සඳහා ම ඩොලර් බිලියන ගනනක් ඉල්ලා සිටී. එක්සත් ජනපදයේ වැඩවර්ජනය කරමින් සිටි මෝටර් රථ කම්කරුවන් 50,000 ක් කුසගින්නේ තැබීමට ඉතා මෑත දී යූඒඩබ්ලිව් සමග කුමන්ත්‍රනය කර ඇති ජීඑම් සමාගම යූඒඩබ්ලිව් සහයෝගීතාවට සිය කෘතඥතාව ප්‍රකාශ කරයි. පැමිනිල්ලේ පලමු ඡේදයේ මෙසේ සඳහන් වේ: “යූඒඩබ්ලිව් සහ එහි නිලධාරීහූ මෙම නඩුවේ විත්තිකරුවෝ නො වෙති.” ජීඑම් එසේ කියන අතර යූඒඩබ්ලිව් හා සමාගම අතර “වඩා ශක්තිමත් අනාගතයක්” ගොඩනැගීමේ තම අරමුන අවධාරනය කරයි.

එහෙත් පැමිනිල්ලට අධිකරන ගොනු කිරීම් සහ කම්කරුවන් දැනගත යුතු ජීඑම් - යූඒඩබ්ලිව් අභ්‍යන්තර සාකච්ඡා වලින් තීරනාත්මක මෙන් ම කලින් නො දන්නා තොරතුරු ඇතුලත් වේ. මෙම තොරතුරු හෙලිකරන්නේ යූඒඩබ්ලිව් යනු සංගතවල නෛතික හස්තයක් බව යි. පැමිනිල්ල මෙසේ සඳහන් කරයි:

■“2009 ජූලි සිට අවම වශයෙන් 2017 දක්වා, එෆ්සීඒ සමූහය, ජාවාරම් කිරීමේ රටාවක් හරහා, යූඒඩබ්ලිව් පිලිබඳ උත්සුකයක් හා / හෝ පාලනය කෙරෙහි උනන්දුවක්, මෙන් ම සාමූහික කේවල් කිරීමේ ගිවිසුම් සම්බන්ධයෙන් තීරන හා ක්‍රියාකාරකම් අත්පත් කර ගෙන පවත්වා ගෙන ගියේ ය ...” අදාල නීතිය: ජාවාරම්කරුවන්ගේ බලපෑමට ලක්වූ හා දූෂිත සංවිධාන පනත

■“විත්තිකරුවන් මෙම පාලනය භාවිතා කලේ යූඒඩබ්ලිව් හි ඇතැම් සාමූහික කේවල් කිරීම් හා වෙනත් ගිවිසුම් පිලිබඳ සාකච්ඡා කිරීමට බලපෑම් කිරීමටත්, පසුව මෙහි වඩාත් පූර්න ලෙස චෝදනා කර ඇති පරිදි මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී යූඒඩබ්ලිව් හි එදිනෙදා ක්‍රියාමාර්ග පාලනය කිරීමටත් ය.”

■බංකොලොත් වූ එක්සත් ජනපද මෝටර් රථ නිෂ්පාදකයා ෆියට් විසින් 2009 පවරා ගැනීමට පෙර පවා යූඒඩබ්ලිව් “[එවකට ෆියට් හි ප්‍රධාන විධායක නිලධාරි සර්ජියෝ] මාර්කිඔනේගේ ෆියට් ව්‍යාපාර සැලැස්මේ ප්‍රධාන සගයන් බවට පත්විය. “යූඒඩබ්ලිව් යනු එක්සත් ජනපද මෝටර් රථ වෙලඳපොලේ යූඒඩබ්ලිව්හි වැදගත්කම සැලකිල්ලට ගෙන දේශීය පා සටහනක් ස්ථාපිත කිරීමේ ෆියට් පාලම විය.”

■පසුගිය දශකය තුල යූඒඩබ්ලිව් සහ එෆ්සීඒ මෝටර් රථ කම්කරුවන්ට හොරෙන් “පාර්ශ්වීය ලිපි” ගිවිසුම් කිහිපයක් ඇති කර ගත්හ: “දෙවන ස්ථරයේ සීමා කිරීමට එෆ්සීඒ යටත් නො වන බවට කුමන්ත්‍රනය ඔස්සේ මිල දී ගත් මෙම පෞද්ගලික අවබෝධයෙන්, එෆ්සීඒ රිසිසේ දෙවන ස්ථරයේ කම්කරුවන් බඳවා ගත්තේ, ආවරනය නැවත ස්ථාපනය කිරීමෙන් තමන්ට දඬුවම් නො ලැබෙන බවට ඇදහිය නො හැකි තරම් වටිනා පූර්ව දැනුමක් ඇතිව ය. 2015 වන විට, දෙවන ස්ථරයේ කම්කරුවන් එෆ්සීඒ හි යූඒඩබ්ලිව් සාමාජිකත්වයෙන් ආසන්න වශයෙන් සියයට 42කින් සැදුම් ලත් අතර, එය ජීඑම් හි දෙවන ස්ථරයේ කම්කරුවන්ගේ අනුපාතය මෙන් දෙගුනයකි.”

■තවත් යූඒඩබ්ලිව් - එෆ්සීඒ “පාර්ශ්ව ලිපි” ගිවිසුමකට “එෆ්සීඒ හි සෞඛ්‍ය සේවා පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ” සැලැස්මක් ඇතුලත් විය.

■“මෙම අල්ලස් හරහා, දුක්ගැනවිලි ක්‍රියාවලිය සම්බන්ධයෙන් එෆ්සීඒ ඵලදායී ලෙස යූඒඩබ්ලිව් පාලනය පවත්වා ගෙන ගියේ ය... එෆ්සීඒ විසින් නීතිවිරෝධී ලෙස මිල දී ගත් ප්‍රතිලාභ, වරදාන හා වාසිවලට එෆ්සීඒ හි ලෝක මට්ටමේ නිෂ්පාදන වැඩසටහන සඳහා යූඒඩබ්ලිව් නායකයින්ගෙන් අද්විතීය මට්ටමක සහයෝගය ලැබීම, කැලඹිලි රහිත අභ්‍යන්තර සේවක දුක්ගැනවිලි ක්‍රියාවලියක්, දෙවන ස්ථරයේ හා තාවකාලික සේවකයින් සඳහා යම් යම් ගිවිසුම් සීමාවන් හැසිරවීම, වෙනත් ‘පාර්ශ්වී ලිපි’ ගිවිසුම් හා එෆ්සීඒ හා ‘දිගුකාලීන ව්‍යාපාර සැලැස්මට’ සහාය දැක්වීමේ සුවිශේෂී ගිවිසුමක් පවා ඇතුලත් විය.”

■එෆ්සීඒට තම කොටස් හිමිකාරීත්වයේ පාලනය බාර ගැනීමට අවශ්‍ය වූ විට, සමාගමේ ඇනවුම් මත එහි බහුතර කොටස් විකිනීමට යූඒඩබ්ලිව් එකඟ විය. “යූඒඩබ්ලිව් භාරයේ සියලු‍ම කොටස් මිලදී ගැනීමේ ෆියට් ඉලක්කයට සහය දැක්වීම සඳහා යූඒඩබ්ලිව් විධායක මන්ඩල රැස්වීමක දී ෆියට් පැහදිලිව ම ඤහිටපු යූඒඩබ්ලිව් උප සභාපති ජෙනරාල්% හොලිෆීල්ඞ් ව ‘ලේඛනගත කෙරෙව්වේ ය’. රැස්වීමේ දී හොලිෆීල්ඞ් ‘අපගේ දල සටහනට අනුකූලව සංවාදයක් නිර්මානය කරනු ඇතැයි’ ඉකෝබෙලි ඊමේල් පනිවිඩයක් නිකුත් කලේය. තොරතුරු හා විශ්වාසයන් අනුව, රැස්වීමේ දී, සිය ක්‍රයිස්ලර් අයිතිය ෆියට් වෙත සම්පූර්නයෙන් විකිනීම සඳහා යූඒඩබ්ලිව් සහාය ලබා දීම සම්බන්ධ විය. යූඒඩබ්ලිව් සහ එහි ඉහල නිලධාරීන් කෙරෙහි ෆියට් පාලනය කරන තරම පෙන්වීමට මෙම ලේඛනගත කරවීම උපකාරී වේ.”

■එෆ්සීඒ 2015 දී ජීඑම් සමග ඒකාබද්ධ වීමක් ක්‍රියාත්මත කිරීමට උත්සාහ කල අවස්ථාවේ, හිටපු යූඒඩබ්ලිව් සභාපති ඩෙනිස් විලියම්ස්, එෆ්සීඒ යෝජනාව ජීඑම් වෙත ගෙන ඒම සඳහා “එෆ්සීඒ සමූහයේ පනිවිඩකරු” විය. “යූඒඩබ්ලිව් සභාපති විලියම්ස් සහ උප සභාපතිනී සින්ඩි එස්ට්‍රාඩා” 2015 ජුනි 18 වන දින ජීඑම් ප්‍රධාන විධායක නිලධාරී හා නායකත්වය සමඟ පැවති රැස්වීමකට සහභාගී වූ බවත්, ජීඑම් වාර්තා කරයි. එහි දී, යූඒඩබ්ලිව් “මාර්චියොන්ගේ ඒකාබද්ධ කිරීමේ යෝජනාව නැවත සකස් කර ජයග්‍රහනය කල” අතර “මාර්චියොන්ගේ නියෝගය පරිදි වැඩ කරමින් සිටියේ අල්ලස් යෝජනා ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස ය.”

■2015 කොන්ත්‍රාත් සාකච්ඡා අතරතුර දී, යූඒඩබ්ලිව් නායකත්වය ජීඑම් සමාගම කුමන්ත්‍රනයකට සම්බන්ධ කර ගැනුනි. “ජීඑම් සාකච්ඡාවලට සහභගීවූ යූඒඩබ්ලිව් හි ප්‍රධාන නියෝජිතයන්ට, යූඒඩබ්ලිව් සාමාජිකයින්ට, ‘එය විකිනිය’ (එනම්, මේසය මත තිබූ ගිවිසුම) හැකි වී” යැයි ජීඑම් පැවසුවේ ය.

■2015 දී යූඒඩබ්ලිව් විසින් එෆ්සීඒ සිය ඉලක්කගත සමාගම ලෙස තෝරා ගත්තේ මෙම කුමන්ත්‍රනයේ කොටසක් ලෙස ය: “2015 සැප්තැම්බර් 13 වන දින යූඒඩබ්ලිව් අනපේක්ෂිත ලෙස නිවේදනය කලේ තමන් එෆ්සීඒ ‘ඉලක්කය’ ලෙස තෝරාගෙන ඇති බවයි. මෙම ආස්ථානය වසර ගනනාවක් පුරා එෆ්සීඒ සමූහය හා යූඒඩබ්ලිව් නායකයින් අතර අල්ලස් ලබා ගැනීමේ ක්‍රමය හරහා සුරක්ෂිත වූවකි.

■පසුගිය දශක දෙක තුල මෙම අපරාධකාරී සංවිධානය විසින් අත්සන් කරන ලද ගිවිසුම් වලට එලඹුනේ නරක චේතනාවෙනි. ඒවා අවජාතක මෙන් ම නීතිමය වශයෙන් ක්‍රියාත්මක කල නොහැකි ඒවාය. සමාගම් තුනෙහි ම යූඒඩබ්ලිව් දූෂනයෙන් වංචාවට ලක් වූ කම්කරුවන්ට අහිමි වූ වැටුප් හා හිඟ මුදල් ලෙස ඩොලර් බිලියන බිලියන ගනන් හිමි විය යුතු ය.

මෙයින් අදහස් කරන්නේ ඔවුන් දැනට මහා ව්‍යාපාර තුන විසින් සේවයේ යොදවා තිබේද නැතහොත් දොට්ට දමා තිබේද යන්න නො තකා ඔවුන් එක් එක් සේවකයාට දැනට ගෙවිය යුතු ඩොලර් දස දහස් ගනනක මුදල්, කොටස් මිල දී ගැනීමක යෙදවීමට හෝ විශ්‍රාම ගැනීමට බල කිරීම යි.

යූඒඩබ්ලිව් “ජාවාරම්” වල යෙදී සිටින්නේ එක් සංගතයක් සමඟ පමනක් වන අතර අනෙක් සමාගම් සමඟ නො වේ යැයි ජීඑම් තරයේ ප්‍රකාශ කිරීම නීත්‍යානුකූලව පදනම් විරහිත ය, මන්ද ෆෙඩරල් අර්ථ දැක්වීම අනුව “ජාවාරම්” කිරීම “සමස්ත සංවිධානය” සහ එහි සියලු‍ ක්‍රියා වලට බාධා කරන බැවිනි. තවද, දූෂන වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අය අතර යූඒඩබ්ලිව්-ජීඑම් විධායකයෝ කිහිප දෙනෙක් ද වෙති.

එෆ්සීඒ නඩුව ගොනු කිරීමට ප්‍රතිචාර දක්වමින් “මෙම ක්‍රියාවෙන් අප මන්දගාමී නො වනු ඇත” යනුවෙන් අනතුරු ඇඟවීය. එෆ්සීඒ කම්කරුවන් 47,000 ක් ආවරනය කරමින් යූඒඩබ්ලිව් සමග නව ගිවිසුමක් අත්සන් කරන විට එහි පිරිවැය-තරඟකාරිත්වය අත්හැරීමට කිසිදු අදහසක් නොමැති බව සමාගම දන්වා තිබේ.

ජීඑම් හි පැමිනිල්ලට යූඒඩබ්ලිව් ප්‍රතිචාර දක්වූයේ, අල්ලස්වලින් “එම කොන්ත්‍රාත්තු වල කොන්දේසිවලට කිසිදු බලපෑමක් සිදු නො වූ බව අපට විශ්වාස” යැයි ලියමිනි. අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් යූඒඩබ්ලිව් නිලධාරීන් කිහිප දෙනෙකු ෆෙඩරල් උසාවියේදී වරද පිලිගෙන තිබේ.

වසර ගනනාවක සංගත අල්ලස් හරහා “පුෂ්ටිමත්, නිශ්ශබ්ද හා තෘප්තිමත් ව” වැඩී ඇති වෘත්තීය සමිති විධායකයින් විසින් නිකුත් කරන ලද මෙම නිර්දය බොරු ප්‍රකාශය ඔප්පු කරන්නේ කුමන්ත්‍රනය අඛන්ඩව සිදුවෙමින් තිබෙන බව, හා මෙම අපරාධ සංවිධානයේ ඉහලින්ම සිටින කිසිදු පුද්ගලයකු යලි පෙල ගැස්වීමකින් වෙනස් නො වන බව යි.

ඩිමොක්‍රටික් පක්ෂය, ජකොබින් සඟරාව වැනි “සමාජවාදී” ප්‍රකාශන (2019 දී යූඒඩබ්ලිව් දූෂන වංචාව ගැන එක ලිපියක්වත් ලියා නැත) හා තෙමේ ම කියා ගන්නා “ප්‍රතිසංස්කරනවාදීන්” කියා සිටින්නේ යූඒඩබ්ලිව් “පිරිසිදු” කල හැකි හෝ ඇතුලතින් ම වෙනස් කල හැකි බව යි. මෙය මාෆියාව පුන්‍ය සමාජයක් බවට පරිවර්තනය කිරීමට ගන්නා උත්සාහයන් තරම් සාර්ථක වීමේ සම්භාවිතාවක් ඇත.

යූඒඩබ්ලිව් ප්‍රතිසංස්කරනය කල හැකි “කම්කරු සංවිධානයක්” නො වේ, එය කම්කරු කොන්ත්‍රාත්කරුවෙකු වන අතර එය ජීඑම් පැමිනිල්ලේ දැක්වෙන පරිදි සංස්ථා හස්තයක් ලෙස ක්‍රියා කරයි. එය නීතිමය වශයෙන් සංස්ථා වලින් වෙන් කොට හඳුනාගත නො හැකි ය. ඔවුන් ක්‍රියාත්මක වන්නේ තනි නීතිමය ආයතනයක් ලෙස බව ජීඑම් තරයේ කියා සිටී.

ජීඑම් වැඩවර්ජනය පාවාදීම සහ ෆෝඞ් හි වරදාන කරපින්නා ගැනනු කොන්ත්‍රාත්තුවක් සම්මත කර ගැනීමෙන් සටන අවසන් යැයි අදහස් වන්නේ නැත. ඊට ප්රතිවිරුද්ධව, යූඒඩබ්ලිව් සිය නව ගිවිසුම්වල නියමයන් පැනවීමට උත්සාහ කිරීමත් සමග එෆ්සීඒ කම්කරුවන් අතර වර්ධනය වන විරෝධය ගැන ද එමෙන් ම ජීඑම් සහ ෆෝඞ් කම්කරුවන් ඉක්මනින් ගැටුමකට එලඹෙනු ඇතැයි ද කර්මාන්ත ප්‍රකාශන අනතුරු අඟවා ඇත. මෙම විරුද්ධත්වය අවජාතක කොන්ත්‍රාත්තු හා කර්මාන්තශාලා වල වෘත්තීය සමිති - සමාගම් ආඥාදායකත්වයට එරෙහිව බලමුලු‍ ගැන්විය යුතු ය.

මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා නව සංවිධාන අවශ්‍ය වේ. ලෝසඅවෙ ඔටෝවෝකර් නිව්ස්ලෙටර් පත්‍රය යූඒඩබ්ලිව් සංවිධානයෙන් ස්වාධීනව හා ඊට විරුද්ධ ව කර්මාන්තශාලාවල ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ඉල්ලා සිටී. ජීඑම් නඩුවේ හෙලිදරව් වූ කරුනු සාකච්ඡා කිරීම සඳහා මෝටර් රථ කම්කරුවන් රැස්වීම් කැඳවිය යුතු අතර මහා ව්‍යාපාරික මෝටර් රථ නිෂ්පාදකයින් තිදෙනාට එරෙහිව සටන් කිරීම සඳහා ස්වාධීන ජාත්‍යන්තර උපාය මාර්ගයක් සකස් කල යුතු ය.

එරික් ලන්ඩන්

Share this article: