සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඒක ධ්‍රැවීය මොහොත

The Dissolution of the USSR and the Unipolar Moment of US Imperialism

බිල් වෑන් ඕකන් විසිනි, 2019 සැප්තැම්බර් 13

මෙම දේශනය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ ලේඛක බිල් වැන් ඕකන් විසින් 2019 ජූලි 25 වන දින එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසලේදී පවත්වන ලදී.

මොස්කව් ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංඟමය හිතාමතාම දියකර හැර සහ 1991 ජනවාරියේ ආරම්භ වූ පලමු පර්සියානු ගල්ෆ් යුද්ධය දියත් කර දැන් දශක තුනකට ආසන්නය. 2003 ඉරාක ආක්‍රමනයට යවන ලද සංඛ්‍යාවට වඩා දෙගුනයකටත් වැඩි එක්සත් ජනපද හමුදා මිලියන භාගයකට අධික සංඛ්‍යාවක් යෙදවූ මෙම යුද්ධය, පැහැදිලිවම එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදී ගමන් මගේ සන්ධිස්ථානයක් විය.

එසේම එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සන්ධිස්ථානයක් සනිටුහන් කලේය. වෛෂයික වර්ධනයන්, විශේෂයෙන් ස්ටැලින්වාදය කැඩී බිඳී යාම, පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව හජාජාක දිග්ගැස්සුනු අරගලය, 1985 භේදයේ කුලු‍ගැන්වීම හා 1953 දී ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමෙන් පසු ප්‍රථම වතාවට සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීන් විසින් එහි පාලනය තහවුරු කර ගැනීම සමඟ අන්තර්ඡේදනය විය. මෙය හතරවන ජාත්‍යන්තරය හා කම්කරු පන්තිය අතර සම්බන්ධතාවයේ මූලික වෙනසක් සලකුනු කලේය.

එම වෙනස ග්‍රහනය කර ගනිමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියට නායකත්වය දීමේ දැවැන්ත දේශපාලන වගකීම දැරීමට හජාජාක උත්සාහ කල අතර, 1991 නොවැම්බරයේ බර්ලිනයේ පැවති අසාමාන්‍ය ලෙස වැදගත් “යුද්ධයට හා යටත් විජිතවාදයට එරෙහි කම්කරුවන්ගේ ලෝක සමුලුව” කැඳවීමේදී එය ස්ථිරසාර ප්‍රකාශනයක් අත්කර ගති. අපි ඒ කරා නැවත එන්නෙමු.

1991 ගල්ෆ් යුද්ධයෙන් කුලු‍ගැන්වුන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඒකපාර්ශ්විකත්වය සහ මිලිටරිවාදය දෙසටවූ තියුනු හැරීම, ඇමරිකානු ධනවාදයේ දිග්ගැස්සුනු අර්බුදය හා ගෝලීය ආර්ථිකය තුල එහි ආධිපත්‍යයේ සාපේක්ෂ පරිහානිය සමඟ බැඳී තිබුනි. සෝවියට් සංඟමයේ අභාවයත් සමඟ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය නිගමනය කලේ, 1970 දශකයේ සිට වර්ධනය වෙමින් පැවති, යුරෝපා හා ජපාන ප්‍රතිවාදීන් හමුවේ ඇමරිකානු සංගත මුහුන දුන් අභියෝගය, සාපේක්ෂව පාලනයකින් තොරව, එක්සත් ජනපද මිලිටරි බලය යෙදවීමෙන් විසඳා ගත හැකි බවය.

[ගල්ෆ් යුද්ධයේ දී ඇමරිකානු-බ්‍රිතාන්‍ය දියත් කල -පරි.] ඩෙසර්ට් ස්ටෝර්ම් (කාන්තාරයේ කුනාටුව) යුද මෙහෙයුමේ දී කුවේටයෙන් පසු බසින ඉරාක හමුදාවන් පලා ගිය අංක 80 අධිවේගී මාර්ගයේ නොහොත් “මරනයේ අධිවේගී මාර්ගයේ” විනාශයට පත් කරන ලද රථ වාහන පේලියක්. [අනුග්‍රහය: එක්සත් ජනපද ගුවන් හමුදාව]

පර්සියානු ගල්ෆ් කලාපය සම්බන්ධයෙන් ගත් කල, ලෝකයේ වඩාත්ම වැදගත් තෙල් නිපදවන කලාපය තුල අනභියෝගී ඇමරිකානු ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සඳහා එක්සත් ජනපද මිලිටරිය යොදා ගැනීම මඟින්, ඔවුන්ගේ බලශක්ති සැපයුම් කපා හැරීමේ තර්ජනය ද සමඟ, තෙල් ආනයනය මත යැපෙන යුරෝපීය හා ආසියානු අධිරාජ්‍යවාදී ප්‍රතිවාදීන් සමඟ කේවෙල් කිරීමට වොෂිංටනයට හැකි වනු ඇතැයි සලකන ලදී. ගල්ෆ් යුද්ධයට ආසන්නව ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ප්‍රකාශ කල පරිදි, ඉරාකයට එරෙහි ප්‍රහාරයක් එක්සත් ජනපදයට “වඩාත් අවිරෝධී වෙලඳ සබඳතාවලට තුඩු දෙන, ඒත්තු ගැන්වීමේ හැකියාව” ලබා දෙනු ඇත.

මෙය අප පුදුමයට පත් කල වර්ධනයක් නොවේ. 1988 ඉදිරිදර්ශන යෝජනාව තුල අනතුරු ඇඟවූයේ:

ආර්ථික ආධිපත්‍යය අහිමි වුවද එක්සත් ජනපදය, මිලිටරිමය වශයෙන්, බලවත්ම අධිරාජ්‍යවාදී රට ලෙස පවතින අතර ගෝලීය පොලිස් භටයාගේ කාර්යය තමන් වෙතම තබා ගනු ඇත. එහෙත් ඊනියා ඇමරිකානු සියවස ආරම්භවූ 1945 දී පැවති කොන්දේසි දැඩි ලෙස පරිවර්තනය වී තිබේ. කලක් ප්‍රධාන ධනේශ්වර ජාතීන් අතර “නීතිය” යන වචනය බවට පත් කල ආර්ථික අධිකාරය නැතිව යාම, එක්සත් ජනපදයට තම මිලිටරි ශක්තියේ තිරිසන් බලය මත වෙන කවරදාටත් වඩා වැඩි විශ්වාසයක් තැබීමට බල කරයි. [1]

ට්‍රොට්ස්කිගේ යුද්ධය සහ හතරවන ජාත්‍යන්තරෙයෙන් උපුටා දක්වමින් 1934 ට්‍රොට්ස්කි විසින් පල කරන ලද අනාවැකියක් සනාථ වීමට ආසන්න බව යෝජනාව ප්‍රකාශ කලේය. “ලෝකය බෙදී තිබේද? එය නැවත බෙදිය යුතුය. ජර්මනියට එය ‘යුරෝපය සංවිධානය කිරීම’ පිලිබඳ ප්‍රශ්නයකි. එක්සත් ජනපදය ලෝකයම සංවිධානය කල යුතුය. ඉතිහාසය මානව වර්ගයා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකන්ද පිපිරීම සමඟ මුහුනට මුහුන පිහිටුවයි.” මෙය යන්තම් වසර දෙකක් තුල සනාථ විය.

මීට වසර 30 කට පමන පෙර මෙම සිදුවීම් සහ වර්තමාන ගෝලීය දේශපාලන තත්වය අතර පැහැදිලි අඛන්ඩතාවයක් පවතී. පර්සියානු ගල්ෆ් කලාපයේ එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කිරීමේ අරගලය ඉරානයට එරෙහිව නව හා ඊටත් වඩා භයානක යුද්ධයක් අවුලු‍වාලීමට තර්ජනය කරයි. එය ඉරාකයේ ජනගහනය මෙන් තුන් ගුනයක් සහ භූමි ප්‍රමානය මෙන් හතර ගුනයක් විශාලය. මිලිටරි ගැටුමක් පුපුරා යාම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි.

පසුගිය දශක තුන තුල එක්සත් ජනපදය ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පරිපාලනයන් දෙකම යටතේ, අඛන්ඩ හා දිනෙන් දින ව්‍යාප්ත වන යුද්ධවල යෙදී සිටිනු දක්නට ලැබිනි. මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ භූමිභාගයන් අත්පත් කර ගැනීමට සහ යටත් කර ගැනීම කරා වන තල්ලු‍ව, ඇමරිකානු පාලක පන්තියේ සම්මුතිගත ප්‍රතිපත්තියකි. ඒවායේ ප්‍රතිපල වශයෙන් ඉරාකයේ මිලියනයකට අධික පිරිසක් මියගොස් ඇති අතර ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව සහ යේමනය පුරා තවත් ලක්ෂගනනක් මිය ගොස් ඇත.

මෙම විවිධ ගැටුම් වඩ වඩාත් තුන්වන ලෝක සංග්‍රාමයක් බවට පත්වීමේ තර්ජනය මතු කරයි. රුසියාව හා චීනය සමඟ න්‍යෂ්ටික ගැටුමක් සඳහා වන සූදානම, මිලිටරියේ අංක 1 ප්‍රමුඛතාවය ලෙස මෑතකදී ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති විසින් ඇඟ ලොමුඩැහැගන්වන ලෙස විස්තර කරන ලදී. මේ අතර පෙන්ටගනය, ආචාර්ය ස්ට්‍රැන්ගෙලෝව්ටත් වඩා එහා ගිය උමතු “ඒකාබද්ධ ධර්මතාවක්” නිවේදනය කලේය. එහි මෙසේ සඳහන් වේ: “න්‍යෂ්ටික අවි මගින් තීරනාත්මක ප්‍රතිපල සහ මූලෝපායික ස්ථාවරත්වය යලි පිහිටුවීමට කොන්දේසි නිර්මානය කල හැකිය. විශේෂයෙන් න්‍යෂ්ටික අවි භාවිතයෙන් සටනක විෂය පථය මූලික වශයෙන් වෙනස් කරන අතර අන දෙන නිලධාරීන්ට ජයග්‍රහනය කල හැකි තත්වයන් වර්ධනය කරයි. ”

දශක තුනක යුද්ධයෙන් සිදුවී ඇත්තේ අන්ත පරාජයන් මාලාවක් පමනක් බවටත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, මිලිටරි හා විදේශ ප්‍රතිපත්ති කවයන් හඳුන්වන, රුසියාවෙන් හා චීනයෙන් එල්ල වන “මූලෝපායික තරඟයක” ට මුහුන දී සිටින බවටත් පාලක කවයන් තුල කනස්සල්ල පලවේ. ඒ අතරම, ලෝක යුද්ධ දෙකක දී එක්සත් ජනපදය සමඟ සටන් වැදුන හා දැන් එහි හිටපු නේටෝ හවුල්කරුවන්, විශේෂයෙන් ජර්මනිය සහ වොෂින්ටනය අතර තියුනු ගැටුම් මතුවෙමින් තිබේ.

ගෝලීය ආර්ථිකයේ අන්තර් පරායත්ත ස්වභාවය සහ ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරෝධය, නොවැලැක්විය හැකි ලෙසම නව ලෝක යුද්ධයකට තුඩුදේ.

මෙම තත්වයන් යටතේ, මීට වසර 30 කට පමන පෙර ප්‍රකාශයට පත් කරන ලද “ඒක ධ්‍රැවීය මොහොතේ” අවසානය ගැන වැලපෙමින්, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයින් ඒ දෙස ආපසු හැරී බලන්නේ යම් කනස්සල්ලකිනි.

කෝටිපති සීඑන්එන් බුද්ධිමතෙක් ලෙස ව්‍යාජව පෙනී සිටින වාචාලයෙකු වන චාල්ටන් ෆරීඩ් සකාරියා විසින් “ඇමරිකානු බලයේ ස්වයං විනාශය” යන මාතෘකාව යටතේ විදේශ කටයුතු (Foreign Affairs) හි ප්‍රකාශයට පත් කරන ලද අදහස් ද ඒ අතර වේ. ඔහු මෙසේ ලියයි:

පලමුවන ලෝක සංග්‍රාමය අවසන් වූ දා සිට එක්සත් ජනපදයට ලෝකය පරිවර්තනය කිරීමට අවශ්‍ය වී තිබුනි. 1990 ගනන්වලදී එය වෙන කවරදාටත් වඩා කල හැකි දෙයක් ලෙස පෙනුනි. ලොව පුරා රටවල් ඇමරිකානු මාවත දෙසට හැරෙමින් සිටියහ. ගල්ෆ් යුද්ධය, ලෝක පර්යාය සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවක් පෙනෙන්නට තිබුනි. එහිදී ජාත්‍යන්තර නීතිය මගින් නීත්‍යානුකූල කර ඇති සම්මතයක් යොදාගෙන ඇත.[2]

ඇමරිකානු ක්‍රමය, ලෝක පිලිවෙල, සම්මතයන් සහ ජාත්‍යන්තර නීතිය: මෙම කොටස් සමූහ ඝාතනයන් ලැදියාවෙන් සිහිපත් කරන්නේ එලෙස ය.

1991 දී විදේශ කටයුතු හි එම මාතෘකාවෙන්ම ලිපියක් ලියූ, “ඒක ධ්‍රැවීය මොහොත” යන සංකල්පය ජනප්‍රිය කල අන්ත දක්ෂිනාංශික තීරු රචක චාල්ස් ක්‍රවුතම්මර් යන පුද්ගලයා ට සකාරියා විශේෂ උපහාරයක් පිරිනමයි. ඔහු ඔප නොදැමූ ඉදිරිදර්ශනයක් ප්‍රවර්ධනය කලේය. ලොව පුරා ඇමරිකානු ධනවාදයේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ඒකපාර්ශ්විකව එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනය යොදා ගැනීමයි ඒ.

එවැනි කාලවලදී ආරක්ෂාව පිලිබඳ අපගේ හොඳම බලාපොරොත්තුව... ඇමරිකානු ශක්තියෙන් සහ ඒක ධ්‍රැවීය ලෝකයක් මෙහෙයවීමට එහි ඇති කැමැත්ත, ලජ්ජාසහගත ලෙස ලෝක පර්යායේ නීති රීති පැනවීම සහ ඒවා බලාත්මක කිරීමට සූදානම් වීම,” ඔහු ලිවීය.

එක්සත් ජනපදයේ මීලඟ ප්‍රධාන යුද්ධය සඳහා කඩතුරාව ඔහු ඉදිරිපත් කලේය. “ජනඝාතක අවි ලෙලවන හා උපයෝගී කරගන්නා රටවලට මුහුනදීමට, වැලැක්වීමට හා අවශ්‍ය නම් නිරායුධ කිරීමට වෙනත් විකල්පයක් නැත. එක්සත් ජනපදය හැර එය ඉටුකිරීම සඳහා වෙනත් කිසිවෙක් නැත.”

සිය ඒක ධ්‍රැවීය මොහොත පවත්වා ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට නොහැකි බව ඔප්පු වුවහොත්, එය “විදේශීය නොව දේශීය හේතු මත” සිදුවනු ඇතැයි ඔහු තවදුරටත් අවධාරනය කලේය. ... “‍එකතැන පල්වෙන පලදායිතාව, වැඩ කිරීමේ පුරුදු පහත වැටීම, සුභසාධන රාජ්‍ය හිමිකම් සඳහා වන ඉල්ලීම් ඉහල යාම සහ පාරිසරික සුඛෝපභෝගය සඳහා වන අලු‍ත් ලොල්කම.” “ආරක්ෂක වියදම් අඩුවෙද්දී දේශීය වගකීම් දෙගුනයකින් වැඩි වී තිබේ” යැයි ඔහු චෝදනා කලේය. සියල්ලටත් වඩා ඔහු චෝදනා කරන්නේ, “කිසිදු වියදමක් නොදරා උසස් ජීවන තත්වයන් භුක්ති විඳීම සඳහා වන ඇමරිකාවේ නොඉවසිය හැකි ආශාවටය.”[3]

මේ, 1981 පැට්කෝ වැඩ වර්ජනය බිඳීමෙන් ආරම්භවී කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එල්ල කල නිර්දය ප්‍රහාරවලින් දශකයකට පසුවය. පනිවුඩය පැහැදිලිය: විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධය සමග එක්සත් ජනපදය තුලම සමාජ ප්‍රතිවිප්ලවය සහ පන්ති යුද්ධය උග්‍ර කල යුතුය යන්නය.

සාපේක්ෂව අනාරක්ෂිත පීඩිත රටකට එරෙහිව එක්සත් ජනපදයේ මිලිටරි බලය මුදා හැරීම, ගල්ෆ් යුද්ධය ආසන්නයේ බුෂ් විසින්ම ප්‍රකාශ කල පරිදි, “නව ලෝක පර්යායක” ආරම්භයයි.

මෙම “නව ලෝක පර්යායේ” අන්තර්ගතය කිසි විටෙක පැහැදිලි කර නැත. පැහැදිලිව පෙනෙන එකම දෙය නම්, පැරනි ලෝක පර්යාය බිඳ වැටී ඇති අතර එය ප්‍රතිස්ථාපනය කල යුත්තේ, පලමු අවස්ථාවේ දී එක්සත් ජනපද මිලිටරි ප්‍රචන්ඩත්වය පුපුරුවා හැරීමෙන් බවයි.

වරප්‍රසාදිත ධනේශ්වර බුද්ධිමතුන් විසින් “ඉතිහාසයේ අවසානය” සහ “ධනවාදයේ විජයග්‍රහනය” ලෙස සමරනු ලැබූ, නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංඟමයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන්ගේ ව්‍යසනකාරී බිඳවැටීම සලකුනු කලේ, පැරනි පශ්චාත් දෙවන ලෝක යුද්ධ පර්යායේ ප්‍රධාන මුක්කුව ගැලවී යාම ය. එපමනක් නොව, අත්තනෝමතික ස්ටැලින්වාදී ආර්ථිකයන් මාරාන්තික ලෙස අඩපන කල ධනවාදී නිෂ්පාදන හා තාක්‍ෂනික වර්ධනයේ ගෝලීයකරන බලවේගයන්ම, සමස්ත ලෝක ධනවාදී පර්යාය ප්‍රගාඪ අර්බුදයකට ඇද දැමීය.

ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවේ

අපේ ව්‍යාපාරය මෙය පැහැදිලිව තේරුම් ගත්තා. ස්ටැලින්වාදයේ බිඳවැටීම හා පර්සියානු ගල්ෆ් කලාපයේ යුද අර්බුදය කෙරෙහි එහි ආකල්පය, ස්ටැලින්වාදයේ බිඳවැටීමෙන් මුලුමනින්ම අධෛර්යයට පත්ව සිටි සුලු‍ ධනේශ්වර වමේ ආකල්පයට මුලුමනින්ම ප්‍රතිවිරුද්ධ විය. කම්කරු පන්තියට එල්ල වූ අන්තරායන් නිසාම නොව මෙය සිදුවුනේ, ඔවුන්ම නැඹුරුව සිටි සහ පන්ති අරගලය මැඩපැවැත්වීමේ මාධ්‍යයක් ලෙස සේවය කල නිලධාරිවාදී උපකරන අතුරුදහන් වූ බැවිනි. නව “සියවසේ මධ්‍යම රාත්‍රිය” ප්‍රකාශයට පත් කරමින් ඔවුහු සමාජවාදය හෝ අධිරාජ්‍යවාදයට එරෙහි ඕනෑම මවාපෑමක් අත්හැර දැමූහ.

1990 අගෝස්තු 30 වන දින පක්ෂයේ විශේෂ සම්මේලනයකට වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඬේවිඞ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවෙන්, එලඹෙන ගල්ෆ් යුද්ධය පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ ආකල්පය දක්වා ඇත.

ඉරාකයට එරෙහිව එක්සත් ජනපදය විසින් එල්ල කිරීමට තර්ජනය කරන යුද්ධය දුප්පත් හා ඓතිහාසිකව පීඩිත රටකට එරෙහි අධිරාජ්‍යවාදී කොල්ලකරුවෙකුගේ යුද්ධයකි... මැද පෙරදිග තීරනාත්මක තෙල් සංචිත පාලනය කිරීම සහ එම පදනම මත ලෝක අධිරාජ්‍යවාදයේ කටයුතුවලදී සිය අත ශක්තිමත් කර ගැනීම අරමුනු කරගත් කොල්ලකාරී යුද්ධයකි.

මෙය සිදුවුනේ, ඉරාක හමුදා කුවේටය ආක්‍රමනය කර මාසයකටත් අඩු කාලයකදී සහ එක්සත් ජනපදය සෞදි අරාබියට හමුදා සහ පර්සියානු ගල්ෆ් කලාපයට යුද නැව් යොදවා තිබූ කොන්දේසි යටතේ ය. ඒ අතරම එය, කොල්ලයට පැටලීමට කැමති අනෙකුත් ප්‍රධාන හා සුලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න සහාය ඇතිව සහ වඩාත් තීරනාත්මකවූ ගොර්බචෙව්ගේ මෙහෙයවීම යටතේ මොස්කව් ස්ටැලින්වාදී නිලධරයේ සහයෝගයෙන්, යුද්ධයට පිටුබලය සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනාවලට තල්ලු‍ වෙමින් සිටියේය.

ගල්ෆ් කලාපයේ යුද අර්බුදය ලෝකයේ නව අධිරාජ්‍යවාදී කැබලි කිරීමක ආරම්භය සනිටුහන් කල බව වාර්තාව තවදුරටත් සඳහන් කරයි. එහි මෙසේ සඳහන් විය:

පශ්චාත් යුද අවධියේ අවසානය යන්නෙන් අදහස් වන්නේ පශ්චාත් යටත් විජිත යුගයේ ද අවසානයයි. අධිරාජ්‍යවාදී ධනේශ්වරය, ‘සමාජවාදයේ අසාර්ථකත්වය’ ප්‍රකාශ කරනවාක් සේම, තවමත් වචන වලින් නොවේ නම් නිදහසේ ‘අසාර්ථකත්වය’ ද ප්‍රකාශයට පත් කරයි.

පර්සියානු ගල්ෆ් කලාපය තුල යුද්ධය සඳහා වන දැවැන්ත සූදානම ඉරාකය විසින් “කුඩා” කුවේටය ආක්‍රමනය කිරීමට දැක්වූ අනිවාර්ය ප්‍රතිචාරයක් බවට බුෂ් පාලනාධිකාරයේ ප්‍රකාශය වාර්තාව මඟින් නිෂ්ප්‍රභා කලේය. ඒ වෙනුවට ආක්‍රමනය, “හුදෙක් පසුගිය ඇමරිකානු ආන්ඩු තුන විසින්ම දශකයකට වැඩි කාලයක් තිස්සේ කල් බලමින් සිටි මූලෝපායික සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා කඩතුරාවක් සපයයි.”

ඇත්ත වශයෙන්ම, ඩිමොක්‍රටික් ජනාධිපති ජිමී කාටර් 1980 ජනවාරි මාසයේදී ඊනියා “කාටර් ධර්මතාව” ප්‍රකාශයට පත් කර තිබුනි. එය මෙසේ සඳහන් කරයි:

පර්සියානු ගල්ෆ් කලාපයේ පාලනය ලබා ගැනීමට බාහිර බලවේගයක් දරන උත්සාහය, එක්සත් ජනපදයේ අනිවාර්ය අවශ්‍යතාවන්ට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකනු ලබන අතර, එවැනි ප්‍රහාරයක් මිලිටරි බලය ඇතුලුව අවශ්‍ය ඕනෑම මාධ්‍යයකින් පරාජය කරනු ඇත.

එක්සත් ජනපද ආන්ඩුව හිතාමතාම පර්සියානු ගල්ෆ් කලාපයේ මිලිටරි මැදිහත්වීම සඳහා කඩතුරාව නිෂ්පාදනය කලේය. සදාම් හුසේන්ගේ ඉරාක තන්ත්‍රයට වොෂින්ටනය සැලකිය යුතු ආධාර ලබා දුන්, ඉරාන-ඉරාක යුද්ධය අවසන් වීමෙන් පසුව, ඉරාකය සහ කුවේටය අතර ආතතීන් වර්ධනය වෙමින් පැවතුනි. යුද්ධයෙන් බැට කෑ ඉරාක ආර්ථිකය තවදුරටත් අඩපන කරන ආකාරයෙන් කුවේටය, සිය තෙල් මිල පහත හෙලූ අතර නය ආපසු ගෙවන ලෙසට කරන බලපෑම් හමුවේ බැග්ඩෑඩය කියා සිටියේ, දෙරට අතර මායිමේ පිහිටි ඉරාකයේ රුමයිලා තෙල් නිධි තුලට කුවේටය ඇලයට අත පොවා ඇති බවයි.

බුෂ් තම “‍වැල්ලේ ඇඳි රේඛාව”‍ ප්‍රකාශයට පත් කිරීමට හා යුද්ධයට පැනීමට සති කිහිපයකට පෙර ඉරාකයේ එක්සත් ජනපද තානාපති අප්‍රේල් ග්ලාස්පී 1990 ජුලි 25 වන දින රැස්වීමකදී, වොෂින්ටනයට “කුවේටය සමඟ ඇති ඔබේ දේශසීමා මතභේද වැනි අරාබි-අරාබි ගැටුම් පිලිබඳව පැත්තක් ගැනීමේ කිසිදු අදහසක් නොතිබූ” බව පවසමින්, එක්සත් ජනපද මිත්‍රත්වය සහ අනුකම්පාව පිලිබඳව සදාම් හුසේන්ට සහතික විය.

උගුල අටවනු ලැබින. ඉරාකයේ නැගී එන ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ පැවති මංමුලවෙන් සදාම් හුසේන් ඒ තුලට වේගයෙන් ඇදී ගියේය.

විමුක්තියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සිදුකරන සෑම එක්සත් ජනපද අධිරාජ්‍යවාදී යුද්ධයකදී මෙන්ම ගල්ෆ් යුද්ධය ද පදනම් වුනේ, රැවටීම් සහ මුසාවන් මත ය.

මෑතකදී මිත්‍රයෙකු ලෙස කටයුතු කල සදාම් හුසේන් ඇඩොල්ෆ් හිට්ලර් හා සමාන කිරීමට වොෂින්ටනය උත්සාහ දරා ඇත. මෙම භූතකරනය ඉන් පසුව සිදුකල එක්සත් ජනපදයේ සෑම යුද්ධයකම සම්මත අංගයක් බවට පත්ව තිබේ.. ගල්ෆ් යුද්ධය සඳහා පෙරහුරුවක් ලෙස යන්තම් දෙවසරකට පෙර සත්තකින්ම එය යොදාගනු ලැබින. පැනමාව ආක්‍රමනය කිරීම සඳහා සූදානම් වීමේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, දිගු කලක් සීඅයිඒ හුරතලෙක් වූ මැනුවෙල් නොරීගා මත්ද්‍රව්‍ය වෙලඳාමට සම්බන්ධ වීම සසඳා ඇත්තේ, හිට්ලර්ගේ පෝලන්තය ආක්‍රමනය සමගය.

ගල්ෆ් යුද්ධයට සහයෝගය දැක්වීම සඳහා එක්සත් ජනපද මහජන මතය හරවා ගැනීමට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරන ලදී. ඉරාක හමුදා ඉන්කියුබේටර් සොරකම් කිරීම සඳහා රෝහලක් ආක්‍රමනය කර ලදරුවන් බිම හෙලා මරනයට පත් කරනු දුටු බවට 15 හැවිරිදි දැරියක් කඳුලු‍ පෙරමින් කොන්ග්‍රසයට දුන් සාක්ෂිය ද මෙම අපකීර්තිමත් ව්‍යාපාරයේ එක් අවස්ථාවකි. කතාව සම්පුර්නයෙන්ම ගොතන ලද්දක් බව පසුව අනාවරනය විය. මෙම දැරිය ඉරාක ආක්‍රමනයට පෙර හෝ පසුව කුවේටයේ නොසිටියාය. වොෂිංටන්හි කුවේට් තානාපතිගේ දියනිය වූ අතර ඇය රාජකීය පවුලේ සාමාජිකාවක් විය. එක්සත් ජනපදයේ ප්‍රධාන උපදේශන සමාගමක් විසින් ලියන ලද පිටපතක් කියවීමට ඇය යොදාගෙන තිබුනි.

අවසාන වශයෙන් බුෂ් මිලිටරි මැදිහත්වීම යුක්ති සහගත කලේ, ඉරාකය සවුදි අරාබි දේශ සීමාවේ 120,000 ක හමුදා භට පිරිසක් රැස්කර තිබීම ආසන්න තර්ජනයක් යැයි කියමිනි. පසුව කුවේට්-සවුදි දේශ සීමාවේ කාන්තාර වැලි හැර වෙනත් කිසිවක් නොමැති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරනය විය.

1990 දී වර්කර්ස් ලීගයේ විශේෂ සම්මේලනයට ඉදිරිපත් කල වාර්තාවේ තීරනාත්මක කොටසක් වූයේ, සදාම් හුසේන් කුවේටය ආක්‍රමනය කිරීම පිලිබඳ අපගේ ආකල්පය පැහැදිලි කිරීමයි. ජාත්‍යන්තර කමිටුවේ ආරම්භක ප්‍රතිචාරයේදී, බ්‍රිතාන්‍ය ශාඛාව විසින් එය “ආක්‍රමනකාරී ක්‍රියාවක්” ලෙස හෙලා දැකීමේ ලිපියක් එහි පුවත්පතේ මූලික ලිපියක සඳහන් කර තිබුනි. අනෙක් අතට, “අරාබි විප්ලවයේ ඉටු නොවූ ජාතික හා ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන්” ඉදිරියට ගෙන යාමේ “කුඩා පියවරක්” ලෙස සලකා කුවේටය ඈඳා ගැනීමට අපි සහාය දැක්විය යුතු යයි ඕස්ට්‍රේලියානු ශාඛාවෙන් යෝජනාවක් ඉදිරිපත් විය.

ඉරාක ආක්‍රමනය හෙලා දැකීමට අපට කිසිදු හේතුවක් නොමැති බව වාර්තාවෙන් පැහැදිලි කලේය. ආක්‍රමනය ආසන්නයේ ඉරාකයට එරෙහිව කුවේට් සහ සවුදි අරාබිය විසින් සිදු කරන ලද ආර්ථික යුද්ධය සැලකිල්ලට ගත් විට, අපගේ කනස්සල්ල වූයේ පලමු වෙඩිල්ල තැබුවේ කවුරුන් ද යන්න නොවීය. තව ද එවැනි ආස්ථානයක් ගැනීම යනු, අරාබි අර්ධද්වීපයේ ආධිපත්‍යය වඩාත් හොඳින් තහවුරු කර ගැනීමේ මාධ්‍යයක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් දකුනු ඉරාකයේ බස්රා ප්‍රාන්තයෙන් කපා වෙන්කරන ලද ෂීක් වැයික්කියක් වන කුවේටයේ භෞමික අඛන්ඩතාවයට සහාය දැක්වීමයි. මැද පෙරදිග තුල අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අඳින ලද සියලු‍ දේශසීමාවන් පිලිබඳ තත්වය ද එයමය.

ඒ අතරම, කුවේටය ඈඳා ගැනීමට අප සහාය දැක්විය යුතුය යන ඕස්ට්‍රේලියානු ශාඛාවේ සාමාජිකයෙකුගේ යෝජනාවට ප්‍රතිචාර වශයෙන්, එය තහවුරු කලේ:

හුසේන්ගේ ආක්‍රමනයට කිසියම් ප්‍රගතිශීලී භූමිකාවක් ආරෝපනය කිරීම, හජාජාක වැරදි දිශාවකට යොමු කරනු ඇති අතර කවිප විසින් ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය පාවාදීමට එරෙහි අපගේ සාමූහික අරගලයේදී 1985 සිට ලබා ඇති න්‍යායික හා දේශපාලන ජයග්‍රහනයන්ට වලකපනු ඇත.

ඇත්ත වශයෙන්ම මෙයින් අදහස් කෙරුනේ, කම්කරු විප්ලවවාදී පක්ෂය නොනවතින විප්ලවයේ න්‍යාය අතහැර දැමීමට එරෙහිව, විශේෂයෙන් විවිධ අරාබි පාලන තන්ත්‍රයන් සමඟ ඇති අවස්ථාවාදී සබඳතා සම්බන්ධයෙන්, කම්කරු පන්තියේ ස්වාධීන අරගලය එක් හෝ තවත් ධනේශ්වර ජාතිකවාදී නායකයෙකුගේ අධිරාජ්‍ය විරෝධී යයි පවසන ලද ස්ථාවරයට ක්‍රමානුකූලව යටත් කිරීම සම්බන්ධයෙන් ගෙන ගිය අරගලයයි.

ආක්‍රමනය සිදු කරනු ලැබූ තන්ත්‍රයේ ආසක්තයන් හා එහි පන්ති ස්වභාවය පිලිබඳ පැහැදිලි විමසුමකින් තොරව, ඉරාකය විසින් කුවේටය ආක්‍රමනය කිරීමට කිසියම් ප්‍රගතිශීලී භූමිකාවක් ආරෝපනය කල නොහැකි බව වාර්තාව අවධාරනය කලේය. ඉරාකයේ සදාම් හුසේන් සම්බන්ධයෙන් ගත් කල, ආක්‍රමනය සිදුකරනු ලැබුවේ ධනේශ්වර තන්ත්‍රයක් විසිනි. එය ක්‍රියාත්මක වූයේ “අරාබි විප්ලවයේ ජාතික හා ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් ඉටු කිරීම” සඳහා නොව, ඉරාක ධනේශ්වරය සහ අධිරාජ්‍යවාදය අතර වඩාත් හිතකර සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා ය.

මේ අනුව, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත, සදාම් හුසේන්ගේ පාලන තන්ත්‍රයට හා ප්‍රතිපත්ති වලට එරෙහි වුවත් හජාජාක, අධිරාජ්‍යවාදයට එරෙහිව, පීඩිත හා පැරනි යටත් විජිත රටක් වූ ඉරාකය ආරක්ෂා කලේය. අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය දියත් කල හැක්කේ, එක්සත් ජනපදයේ සහ අනෙකුත් දියුනු ධනේශ්වර රටවල මෙන්ම මැද පෙරදිග ද කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී බලමුලු‍ ගැන්වීමකින් පමනක් බව එය අවධාරනය කලේය.

වාර්තාව සඳහන් කල පරිදි:

අරාබි ජනතාවගේ ආර්ථික හා සංස්කෘතික වර්ධනයට අවශ්‍ය වන්නේ, හුදෙක් “අධිරාජ්‍යවාදී වැයික්කි” තුරන් කිරීම පමනක් නොව, මැද පෙරදිග සමස්ත ධනපති ජාතික රාජ්‍ය පද්ධතියම අහෝසි කිරීමයි. අප උත්සාහ කරන්නේ දේශසීමා නැවත සකස් කිරීමට නොව ඒවා අහෝසි කිරීමටයි. එය සාක්ෂාත් කරගත හැක්කේ සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත විප්ලවවාදී නිර්ධන පන්තියට පමනි.

එක්සත් ජනපදය 1991 ජනවාරි 16 වන දින ගල්ෆ් යුද්ධය දියත් කලේය. කාන්තාර කුනාටුවේ මෙහෙයුම (ධචැර්එසදබ ෘැිැරඑ ීඑදරප) ලෙස නම් කරන ලද මෙය, මිලිටරි ඉතිහාසයේ වඩාත්ම දරුනු ගුවන් බෝම්බ ප්‍රහාර වලින් එකකි. යන්තම් දින 42 ක් තුල ඉරාකයට ටොන් අසූ අටදහසක බෝම්බ හෙලනු ලැබීය. මෙය දල වශයෙන්, සමස්ත දෙවන ලෝක සංග්‍රාමය තුලම ජර්මනියට හෙලන ලද බෝම්බ ටොන් ප්‍රමානයෙන් හතරෙන් එකකට සමාන වේ. ඉරාකයේ විපතට පත්වූවන්ගේ සංඛ්‍යාව 135,000 ක් ලෙස ගනන් බලා තිබේ. බලහත්කාරයෙන් හමුදාවට බඳවාගත් අයගෙන් වැඩි කොටසක් අතුගා දැමුනි. සොල්දාදුවන් අහසේ බෝම්බ ප්‍රහාරයෙන් හෝ යුද අගල්වල පනපිටින් වැලලී ගිය ඉරාකයේ , යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීම හේතුවෙන් තවත් ලක්ෂ සංඛ්‍යාත ඉරාක ජාතිකයෝ මිය ගියහ.

ඊනියා මරනයේ අධිවේගී මාර්ගයට එක්සත් ජනපදය එක දිගට එල්ල කල බෝම්බ ප්‍රහාර වලින්, අනාරක්ෂිත, සැතපුම් ගනනක් දිග වාහන පෝලිම් විනාශ විය. කුවේටයෙන් ඉවත්වන ලෙසට කල එක්සත් ජාතීන්ගේ යෝජනාවට අනුකූලව කටයුතු කරමින් හුසේන් ආන්ඩුවේ නියෝග පරිදි, ඉවත්ව යමින් සිටි ඉරාක හමුදාව හා සිවිල් වැසියෝ ඊට ගොදුරු වූහ.

මෙම යුද අපරාධයට ප්‍රතිචාර වශයෙන් අප ප්‍රකාශ කල පරිදි:

ඉරාකයට එරෙහි එක්සත් ජනපද යුද්ධය, විසිවන සියවසේ සිදු වූ දරුනුතම අපරාධ අතර වේ. අනාගත පරපුර ලැජ්ජාවෙන් ඒ දෙස ආපසු හැරී බලනු ඇත. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකාවේ පාලක පන්තිය, නාසීන් මෙන් සමූහ ඝාතන වලට ද සමත් බව එය පෙන්නුම් කර තිබේ. [4]

වෝල් ස්ට්‍රීට් ජර්නලය ගල්ෆ් යුද්ධයට ප්‍රතිචාර වශයෙන් පලකල කතුවැකියකින්:

ඇමරිකාවේ පාලක ප්‍රභූව සම්බන්ධයෙන් ගත් කල, එකිනෙකාගේ බෙල්ලට ඇති දුර නොතකා, එක්සත් ජනපදයේ ලෝක භූමිකාව පිලිබඳ වැඩ කරන සම්මුතියක් ප්‍රතිස්ථාපනය කිරීමේ මාවත දැන් පැහැදිලි විය යුතුය. ප්‍රතිපත්ති සම්පාදනය කරන ලෝකයේ වඩාත්ම බෙදීම් ඇති ගැටලු සමහරක් දැන් විසඳා ඇත. බලය යනු නීතියේ නීත්‍යානුකූල මෙවලමකි; එය වැඩ කරයි. සමස්ත ප්‍රභූ පැලැන්තියටම පනිවුඩය වන්නේ, ඇමරිකාවට නායකත්වය දිය හැකිය, කෙඳිරිය නවත්වන්න, වඩා නිර්භීතව සිතන්න. දැන් සිට පටන් ගන්න. [5]

එක්සත් ජනපදයේ මූල්‍ය ප්‍රාග්ධන හොරනෑවේ මෙම කතුවැකිය, ඇමරිකානු ධනේශ්වරය තුල පවතින විජයග්‍රහනය පිලිබඳ ව්‍යාධියේ නිවැරදි පිලිබිඹුවක් යයි අපි තේරුම් ගතිමු.

ජාත්‍යන්තර කමිටුවේ 11 වන සම්මේලනය 1991 මාර්තු 5 වන දින පවත්වන ලද්දේ ගල්ෆ් යුද්ධය අවසන් වී සතියකටත් අඩු කාලයකට පසුවය. එහි ආරම්භක වාර්තාවේ මෙසේ සඳහන් විය.

එක්සත් ජනපදයේ දිග්ගැස්සුනු ආර්ථික පරිහානියෙන් පැන නගින ගැටලු‍ මඟහරවා ගැනීම සඳහා බලය යොදාගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය උත්සාහ කරන බව ඇමරිකානු ධනේශ්වරය දැනුම් දෙයි. එහි කාර්මික පදනමේ පරිහානිය, විදේශ වෙලඳපොලවල් අහිමි වීම, දැවැන්ත වෙලඳ සහ අයවැය හිඟයන්, බැංකු පද්ධතියේ බිඳවැටීම, සමාජ ව්‍යාධීන්හි දරුනු වර්ධනය වැනි ඇමරිකානු ධනවාදයේ සියලු‍ ගැටලු‍ සඳහා ධනේශ්වරය විශ්වාස කරන්නේ පිලිතුර තමන් සොයාගෙන ඇති බවයි : බලය!

මීට වසර 113 කට පෙර ලියන ලද ඩූරිං විරෝධයෙහි අතිශය අදාල ඡේදය වාර්තාව උපුටා දක්වයි, එහි දී, ඉතිහාසයේ තීරනාත්මක අංගය බලය බවට ඩූරිං කරන ප්‍රකාශයට එංගල්ස් මාක්ස්වාදී ප්‍රතිචාරය දැක්වූහ.

... ස්වකීය නිෂ්පාදන බලවේග පාලනයෙන් ඔබ්බට වර්ධනය වී ඇති අතර, ස්වභාවධර්මයේ නීතියකින් අවශ්‍ය වූවාක් මෙන්, සමස්ත ධනේශ්වර සමාජයම විනාශය හෝ විප්ලවය කරා තල්ලු‍ කරයි. බිඳවැටෙමින් පවතින “ආර්ථික තත්වය” අවසාන කඩාවැටීමෙන් බේරා ගැනීම සඳහා ධනේශ්වරය දැන් බලය පාවිච්චි කරන්නේ නම් එයින් පෙනී යන්නේ, ඔවුන් වැඩ කරන්නේ හර් ඩූරිංගේ මුලාව යටතේම බවයි: “දේශපාලන තත්වයන් ආර්ථික තත්වයේ තීරනාත්මක හේතුවයි” යන මිත්‍යාව; මෙයින් පෙනී යන්නේ, හර් ඩූරිං මෙන්ම ඔවුන් ද, “ප්‍රාථමික,” (හෙවත්) ”‍සෘජු දේශපාලන බලය”‍ භාවිතා කිරීමෙන්, ඔවුන්ට “දෙවන පර්යාය,”‍ (එනම්) ආර්ථික තත්වය සහ එහි නොවැලැක්විය හැකි සංවර්ධනය නැවත සකස් කල හැකි බව; හා එම නිසා වාෂ්ප එන්ජිම සහ එය විසින් මෙහෙයවනු ලබන නවීන යන්ත්‍රෝපකරනවල ආර්ථික ප්‍රතිවිපාක, වත්මන් ලෝක වෙලඳාම, බැංකු හා නය වර්ධනය, කෲප් තුවක්කු සහ මවුසර් රයිෆල් මගින් ඔවුන්ට සුන්නත් දූලි කල හැකි බවයි. [6]

කෲප් තුවක්කු සහ මවුසර් තුවක්කු සඳහා ස්මාට් බෝම්බ හා කෲස් මිසයිලද වාෂ්ප එන්ජිම සඳහා පරිගනකකරනය ආදේශ කල හැකිය යන, ගල්ෆ් යුද්ධය හමුවේ, එක්සත් ජනපද පාලක පන්තිය දෙඩවූ විජයග්‍රාහී වාචාලකම්, ප්‍රකාශනයෙන් සුන්කර දමයි.

ඉරාකයට එරෙහි දැවැන්ත යුද්ධයක් සඳහා වොෂින්ටනයේ විවෘත සූදානමට ප්‍රතිචාර වශයෙන් වර්කර්ස් ලීගය, යුද්ධය පිලිබඳව ජනමත විචාරනයක් සඳහා වූ ඉල්ලීම ඉදිරිපත් කලේය. මෙම ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පක්ෂය, වැදගත් උපායික පියවරක් ගත්තේය. එහි පරමාර්ථය වූයේ, යුද්ධය කෙරෙහි වන පුලුල් විරුද්ධත්වයට දේශපාලන සංස්ථාපිතය තුල කිසිදු ප්‍රකාශනයක් නොලැබෙන තත්වයන් යටතේ, විප්ලවවාදී පරාජකවාදයේ ඉදිරිදර්ශනය කම්කරු පන්තිය තුල මුල්බැස්සවීම ය. එක්සත් ජනපද කොන්ග්‍රසයේ මන්ඬල දෙකම යුද්ධයට පක්ෂව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කලහ. ඒඑෆ්එල්-සීඅයිඕ සංවිධාන එක්සත් ජනපද ආන්ඩුවට සහාය දුන් අතර ඉදිරියේදී සිදුවන මිනිස් ඝාතන ගැන වචනයක්වත් පැවසීම ප්‍රතික්ෂේප කලේය.

මෙම ඉල්ලීම ඉදිරියට ගෙනයාමේ තීරනය, එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වැදගත් ඓතිහාසික පූර්වාදර්ශයක් විය: ඊනියා ලු‍ඞ්ලෝ සංශෝධනය පිලිබඳව 1937-38 වසරවල සමාජවාදී කම්කරු පක්ෂය තුල විවාදය. මේ අනුව, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික ලු‍වී ලු‍ඞ්ලෝ විසින් එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ඉදිරිපත් කල පනතකින්, එක්සත් ජනපද ආන්ඩුවක් විසින් සිදුකරනු ලබන ඕනෑම යුද්ධ ප්‍රකාශයක් පිලිබඳව ජනමත විචාරනයකදී ඇමරිකානු ජනතාවගේ ඡන්දය විමසිය යුතුය. ජනමත විචාරනය සඳහා වූ ඉල්ලීම වැඩි වැඩියෙන් මහජන සහයෝගය දිනාගත්තේය. රූස්වෙල්ට් පරිපාලනයට වහල්කමේ යෙදුනු ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ඊට දැඩි ලෙස විරුද්ධ වූවත්, එකල පැවති මත විමසුම්වලින් පෙන්නුම් කලේ එක්සත් ජනපද ජනගහනයෙන් දල වශයෙන් සියයට 70 ක් ඊට සහාය දක්වන බවයි.

කම්කරු පන්තිය තුල ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමවාදී මිත්‍යාවන් දිරිගැන්වෙනු ඇතැයි යන පදනම මත එස්ඩබ්ලිව්පී මුලින් යෝජනාවට කිසියම් සහායක් ලබා දීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කලේය. ට්‍රොට්ස්කි මෙම ආකල්පය විවේචනය කරමින් තර්ක කලේ, ජනමත විචාරනයකට පක්ෂව පක්ෂය විසින් දියත් කරන ලද උද්ඝෝෂනයක්, එලඹෙන අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු‍ ගැන්වීම සඳහා ලීවරයක් සපයනු ඇතැයි යන පදනම මතය.

1938 මාර්තු මාසයේදී එස්ඩබ්ලිව්පී නායකත්වය සමඟ කල සාකච්ඡාවකදී ට්‍රොට්ස්කි, ජනමත විචාරන ඉල්ලීම ගැන තම ප්‍රවේශය පැහැදිලි කලේය. එස්ඩබ්ලිව්පී තර්කයට පිළිතුරු දෙමින් ට්‍රොට්ස්කි, ජනමත විචාරනයකින් යුද්ධය නැවැත්විය නොහැකි බවත්, ඇත්ත වශයෙන්ම සමාජවාදී විප්ලවයට පමනක් යුද්ධය අවසන් කල හැකි බව සත්‍යයක් බවත් පිලිගත්තේ ය. එහෙත් ඔහු අවධාරනය කලේ, ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ මිත්‍යාවන්ට එරෙහිව පක්ෂය දිගින් දිගටම සටන් කල යුතු නමුත් එවැනි ඉල්ලීම්, වැඩකරන ජන සමූහයා දේශපාලනිකව අවදි කිරීමට හා ඔවුන් අරගලයට ඇද ගැනීමට උපකාරී වනතාක් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ප්‍රතික්ෂේප නොකල යුතු බවයි. ජනමත විචාරන ඉල්ලු‍මට පලවන සහයෝගය තුල ප්‍රගතිශීලී අන්තර්ගතයක් ඇත. එයින් පිලිබිඹු වූයේ අධිරාජ්‍යවාදී යුද්ධයට පුලුල් ජනතාව දක්වන සතුරුකම මෙන්ම ආන්ඩුව සහ කොන්ග්‍රසයේ එහි නියෝජිතයන් කෙරෙහි ඔවුන් දක්වන ක්‍රියාකාරී අවිශ්වාසයයි.

එස්ඩබ්ලිව්පී සිය ස්ථාවරය වෙනස් කර, යුද්ධය පිලිබඳ ජනමත විචාරනයකට සහය දැක්වීම සඳහා කම්කරු පන්තිය තුල ආක්‍රමනශීලීව මැදිහත් වන ලෙස පක්ෂයෙන් ඉල්ලා සිටි අතර, එහි ධනේශ්වර ප්‍රතිසංස්කරනවාදී අනුග්‍රාහකයන් විසින් ප්‍රවර්ධනය කරන ලද සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍යාවන්ට එරෙහිව සටන් වැදුනි. ඒ අතරම, ජනමත විචාරන ඉල්ලීමෙන් ඔබ්බට අරගලය කම්කරු පන්තියේ සංවිධානාත්මක මහජන අරගලයන් දක්වා ව්‍යාප්ත කිරීමටත්, යුද්ධයට එරෙහිව තමන්ගේම විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යාමටත් එය සටන් කලේය.

ජනමත විචාරන ඉල්ලු‍ම සංක්‍රමන ක්‍රියාමාර්ගයට ඇතුලත් කර ඇති අතර එය පුරෝකථනය කලේ:

ජනමත විචාරනය සඳහා වන ව්‍යාපාරය වඩාත් පුලුල් වන තරමට ධනේශ්වර සාමවාදීන් එයින් ඉවත් වනු ඇත. කොමින්ටර්න් පාවා දෙන්නන් වඩාත් පූර්න සම්මුතියකට යනු ඇත; වඩාත් උග්‍ර වනු ඇත්තේ අධිරාජ්‍යවාදීන් කෙරෙහි අවිශ්වාසයයි. [7]

වර්කර්ස් ලීගයේ මෙම ජනමත විචාරන වැඩසටහනට ලොස් ඇන්ජලීස් ශාඛාවේ සහෝදරවරුන් දෙදෙනෙකුගේ දැඩි විරෝධය එල්ල විය. නිකායවාදී දෘෂ්ටිමය පදනම මත ඔවුහු, ඉල්ලු‍ම “මනෝරාජික” සහ “නිෂ්පල” එකක් ලෙස බැහැර කල අතර, මූලික වශයෙන් කම්කරු පන්තියේ විඥානය වර්ධනය කිරීම සහ ස්වාධීන සමාජ බලවේගයක් ලෙස යුද්ධයට එරෙහි අරගලය තුල එහි මැදිහත්වීම සඳහා කොන්දේසි නිර්මානය කිරීමේ කුමන හෝ ඉල්ලීමක හෝ භාවිතාවක අවශ්‍යතාවය බැහැර කලහ.

ඒ වෙනුවට ඔවුන් තරයේ කියා සිටියේ, “ධනවාදය අනිවාර්යයෙන්ම ආර්ථික කඩාවැටීමට, යුද්ධයට හා ම්ලේච්ඡත්වයට තුඩු දෙන බව කම්කරු පන්තියට ඉගැන්විය යුතු” බව හා කම්කරු පන්තිය බලය ගත යුතු බවත් ය. කෙසේ වෙතත්, පන්ති අරගලය තුල විප්ලවවාදී පක්ෂයේ ප්‍රායෝගික මැදිහත්වීමෙන් පරිබාහිරව කම්කරු සමූහයා එවැනි නිගමනයකට එලඹෙන්නේ කෙසේද යන්න පිලිබඳව ඔවුන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කලේ නැත.

එක්සත් ජනපද ආක්‍රමනය සඳහා බුෂ් විසින් ප්‍රකාශයට පත් කරන ලද අවසන් කාලයට පෙර යුද්ධය නැවැත්විය නොහැකි බවට හා කෙසේ වෙතත්, ජනමත විචාරනයක් පැවැත්වීම සඳහා එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොමැති බවට, ඉල්ලීමට විරුද්ධ වූවෝ තවදුරටත් තර්ක කලහ.

වර්කර්ස් ලීග් දේශපාලන කමිටුව මෙම තර්කයට දුන් මූලික පිලිතුරකදී සඳහන් කලේ, “සුලු‍ ධනේශ්වර රැඩිකල්වාදය, ප්‍රජාතන්ත්‍රවාදී පිලිස්තිනුවාදය සමඟ වාචාල ඝෝසාව පහසුවෙන් ඒකාබද්ධ කරයි” යනුවෙනි. බුෂ්ගේ අවසාන දිනය සහ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳව ඔවුන්ගේ තර්කයට ප්‍රතිචාර වශයෙන් එය මෙසේ ද පැවසීය. “ජනවාරියේ සහ පසුව කුමක් සිදුවේද, ‘ව්‍යවස්ථාමය‘ වන හෝ නොවන පන්ති බලවේගයන්ගේ සම්බන්ධතාවය මත එය රඳා පවතින්නේ සුලු වශයෙන් නොවේ. ට්‍රොට්ස්කි පවසනු ඇත්තේ, ‘අරගලය තීරනය කරනු ඇත‘ යනුවෙනි. ” [8]

ස්ටැලින්වාදයට, කම්කරු නිලධරයට හා ධනපති ජාතිකවාදයට කම්කරු පන්තිය යටත් කරන දේශපාලනයට අපගේ අශමනීය සතුරුකම හා පැබ්ලෝවාදීන් සහ අනෙකුත් අවස්ථාවාදීන්ට එරෙහිව අපගේ පක්ෂය මූලධර්ම ආරක්ෂා කිරීම “කට්ටිවාදය” යන විශේෂන පදයෙන් ඔවුන් හැඳින්වූ බව අපගේ ව්‍යාපාරයේ සාමාජිකත්වය අතර වඩාත් ප්‍රචලිතය.

කෙසේ වෙතත් කට්ටිවාදයට එරෙහි අරගලය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල ඉටු කලේ සුලුපටු කාර්යභාරයක් නොවේ. මහජනතාව කරා මාර්ගයක් සෙවීමේ උත්සාහයන්ට තරයේම විරුද්ධ වූ ප්‍රවනතාවන්ට මුහුන දීමටත්, කම්කරු පන්තිය තුල ස්ටැලින්වාදීන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයන් විසින් පනවන ලද හුදකලාව ජය ගැනීමටත් ව්‍යාපාරයට බල කෙරුනි. එක්සත් ජනපදය තුල සමාජවාදී පක්ෂයට ඇතුලුවීමට 1934 දී ගත් ප්‍රන්ස හැරීම සමඟ මෙය විශේෂත්වයක් ගත්තේය. ස්ටැලින්වාදය අපකීර්තියට පත් වෙමින් තිබෙන තත්වය හමුවේ, ට්‍රොට්ස්කි විසින් යෝජනා කරන ලද, සමාජවාදී පක්ෂවලට මැදිහත් වීම පිලිබඳ මෙම උපක්‍රමය තුලින් බලාපොරොත්තු වුනේ, කම්කරු පන්ති රැඩිකලීකරනයේ ප්‍රතිපලයක් ලෙස ඒවායේ වර්ධනය වෙමින් පැවති අනුහසේ වාසිය ගැනීමය. මෙම පක්ෂ නායකත්වයන්හි දක්ෂිනාංශික ස්වභාවය හෙලිදරව් කිරීමෙන් සහ ට්‍රොට්ස්කිවාදී පක්ෂ මහජන අරගලවලට සම්බන්ධ කර ගැනීමෙන්, හොඳම කොටස්, විශේෂයෙන් තරුනයින්, දිනා ගැනීම සඳහා එය සැලසුම් කෙරුනි. ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන් සම්බන්ධයෙන් ගත් කල, සමාජවාදී පක්ෂයේ තරුන තරුනියන් සහ කම්කරුවන්ගේ හොඳම කොටස් දිනා ගැනීමට ඔවුන්ට හැකි වූ අතර, සමාජවාදී කම්කරු පක්ෂය පිහිටුවීම සඳහා කොන්දේසි නිර්මානය කලේය.

ජනමත විචාරන ව්‍යාපාරයට පලවූ කට්ටිවාදී විරෝධය පක්ෂය තුල කිසිදු සහයෝගයක් ලබා ගැනීමට අපොහොසත් වුවද, එහි දේශපාලන වැදගත්කම අපි අවතක්සේරු නොකලෙමු. ඬේවිඞ් නෝර්ත් 1990 දෙසැම්බර් 31 වන දින වර්කර්ස් ලීගයේ ජාතික සමුලු‍ව හමුවේ මෙසේ පැවසීය:

මට ඒ ගැන කිසිම බියක් සැකක් ඇත්තේ නෑ. ලොස් ඇන්ජලීස් හි සහෝදරවරුන්ගේ දේශපාලන විවේචනවලට පක්ෂය සුලු හෝ සහයෝගයක් හෝ විශ්වාසයක් ලබා දෙන්නේ නම්, එයින් අදහස් වන්නේ පක්ෂය ඉතා ඉක්මනින් විනාශය කරා යෑමයි. ඔවුන්ගේ විවේචනවලට ජාත්‍යන්තර කමිටුව තුල ප්‍රතිචාරයක් ලබාගත හැකි නම් එය ජාත්‍යන්තර ව්‍යාපාරයේ විනාශයට තුඩු දෙනු ඇත. [9]

ජනමත විචාරන ඉල්ලීම, හීලි පසුපස ගිය අය සහ ස්ලෝටර් සහ බන්ඩා සමඟ ගිය අය යන බි්‍රතාන්‍ය කවිප කන්ඩායම් දෙකේම සුන්බුන්වල හෙලා දැකීමට ලක් විය. ඔවුන්ගේ තර්කය වූයේ, ජනමත විචාරන ඉල්ලීම ඉදිරියට ගෙන යාමේදී අප, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අනුගත වෙමින් “විප්ලවවාදී පරාජකවාදයේ” ඉදිරිදර්ශනය අතහැර දමන බවයි.

මෙය 1983 දී දුටු, ට්‍රොට්ස්කිවාදයට එරෙහි සන්ධානයම පුනර්කරනය කිරීමකි. එවකදී කවිප වඩ වඩාත් පැබ්ලෝවාදය වෙත හැරීම පිලිබඳව වර්කර්ස් ලීගය විසින් කරන ලද විවේචන මැඩපැවැත්වීමේ උත්සාහයේ දී ස්ලෝටර්, එක්සත් ජනපදයේ ග්‍රැනේඩා ආක්‍රමනය සම්බන්ධයෙන් එහි බුලටින් පුවත්පත, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි පරාජය සඳහා පැහැදිලිවම පෙනී සිටීමට අපොහොසත් වූ නිසා බව පෙනෙන්නට තිබුන ලිපියක් පලකිරීම පිලිබඳව නරුම විවේචනයක් කලේය. කියන ලද මෙම අසාර්ථකත්වය ඔහු “‍කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය කෙරෙහි දැඩි අවධානයක්”‍ දැක්වීම පිලිබඳව වර්කර්ස් ලීගයට එල්ල කල විවේචනයට සම්බන්ධ කලේය.

අප, ඇමරිකානු අධිරාජ්‍යවාදය පරාජය කරන ලෙස සදාම් හුසේන්ගෙන් ඉල්ලා දේශපාලනිකව පසෙකටවී බලා සිටින්නවුන් පිරිසක්ය යන අදහස අපි ප්‍රතික්ෂේප කලෙමු. කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය මත පිහිටා මෙම යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු‍ ගැන්වීම සඳහා අපි සටන් කලෙමු. කියුබානු ඉදිකිරීම් කම්කරුවන් කුඩා පිරිසක් හැරෙන්නට කිසිදු ප්‍රතිරෝධයකින් තොරව එක්සත් ජනපද හමුදා ඒ වන විටත් දිවයින යටත් කර ගැනීමෙන් පසුව, මිලිටරි පරාජයක් සඳහා වූ කැඳවීම විකාරයකි. වැදගත්ම දෙය නම්, කම්කරු පන්තියේ ස්වාධීනත්වයෙන් විප්ලවවාදී පරාජකවාදය වෙන් කිරීම ගැඹුරින්ම ප්‍රතිගාමී වීමයි.

යුද්ධයේදී අධිරාජ්‍යවාදයේ පරාජය ගැන අපි කතා කරන්නේ, පන්ති අරගලයේ මෙවලම හරහා සිදුකරන පරාජය ගැන ය. ...

11 වන සම්මේලනයට ඉදිරිපත් කල වාර්තාව තුල ඬේවිඞ් නෝර්ත්, අධිරාජ්‍යවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු‍ ගැන්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමේ අර්ථයෙන්, විප්ලවවාදී පරාජකවාදයේ දේශපාලන වැදගත්කම සහ ගල්ෆ් යුද්ධයට පක්ෂයේ ප්‍රවේශය තුල උගත් පාඩම් පැහැදිලි කලේය.

ට්‍රොට්ස්කි පවසන පරිදි, “රට තුල පාලක පන්තිය පරාජය කිරීම අඩු නපුරක්” යන සූත්‍රයේ අර්ථය පහත දැක්වේ: එය කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු‍ ගැන්වීම තුලින් සිදු කරන්නේ නම් එය අඩු නපුරකි.

දෙවන ලෝක සංග්‍රාමයේ උදාහරනය ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, වියුක්ත ලෙස එක්සත් ජනපද හමුදා පරාජය කිරීම සඳහා හිට්ලර්ට කැඳවුම් කිරීම අඩු නපුරක් යයි පැවසීම, නාසීන්ගේ ජයග්‍රහනය වඩා හොඳ ප්‍රතිපලය වනු ඇති එය, මාක්ස්වාදයට සරදම් කරන, මුලුමනින්ම ප්‍රතිගාමී අදහසකි. ඇමරිකානු කම්කරු පන්තියේ සාර්ථක විප්ලවයක් මගින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පරාජය කරනතාක් දුරට, එය වඩා හොඳ ප්‍රතිපලයක් නියෝජනය කරනු ඇති අතර, ලෝක විප්ලවයේ වර්ධනයට සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් ෆැසිස්ට්වාදය සමඟ ගනුදෙනුව බේරාගැනීමට පදනම සපයයි.

එපමනක් නොව ගල්ෆ් යුද්ධයේ සන්දර්භය තුල, අවසාන ඉරාකය දක්වා එක්සත් ජනපද හමුදාවට එරෙහිව සටන් කිරීමේ දෘෂ්ටි ආස්ථානයෙන් විප්ලවවාදී පරාජකවාදය සඳහා වූ කැඳවීම අර්ථ විරහිත සහ ප්‍රතිගාමී විය. මිලිටරි බල තුලනය කෙසේවී ද යත්, මැද පෙරදිග ජනතාව සහ එක්සත් ජනපදයේ හා ඉන් ඔබ්බෙහි කම්කරු පන්තිය විප්ලවීය ලෙස බලමුලු‍ ගැන්වීමට පිටින්, එක්සත් ජනපදයේ මිලිටරි ජයග්‍රහනය මුලු‍මනින්ම පාහේ සහතික වී තිබුනි. වඩාත් මූලික වශයෙන් එය, කම්කරු පන්තියේ අරගලය මත පදනම් වූ යුද්ධයට එරෙහි සටන කෙරෙහි පූර්න පිලිකුලක් හා සතුරුකමක් විය. නිර්ධන පන්ති නොවන බලවේග විසින් මෙහෙයවනු ලබන එක් හෝ තවත් ආකාරයක “සන්නද්ධ අරගලයක්” ජාත්‍යන්තරව හා විශේෂයෙන් දියුනු ධනවාදී රටවල කම්කරු පන්තිය විප්ලවීය ලෙස බලමුලු‍ ගැන්වීම සඳහා ආදේශකයක්ය යන පැබ්ලෝවාදී ඉදිරිදර්ශනය සමඟ එය මුලුමනින්ම බැඳී තිබුනි

ගල්ෆ් යුද්ධයට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ “ඒක ධ්‍රැවීය මොහොතට,” සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීම සඳහා වූ ගමනට, හජාජාකවේ වඩාත්ම තීරනාත්මක ප්‍රතිචාරය, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ යටත් විජිතවාදයට එරෙහිව බර්ලින් සමුලුව කැඳවීමයි.

1991 බර්ලින්හි දී හජාජාක යුද්ධයට සහ යටත්විජිතකරනයට එරෙහි ව පැවැත් වූ සමුලුව

මෙය, ජාත්‍යන්තර කමිටුව විසින් සිය ඉතිහාසය තුල සිදු කරන ලද වඩාත්ම අභිලාෂවත් හා සාර්ථක මුලපිරීමකි. සමුලුව කැඳවමින් නිකුත්කල එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය භාෂා 18 කින් නිකුත් කෙරුනි.

1991 මැයි 1 වන දින නිකුත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය අසාමාන්‍ය ලේඛනයක් වන අතර එය, ස්ථිරසාර ලෙස විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය ගොඩනැගීමේ අරගලයේ දීර්ඝ ඉතිහාසයේ සන්දර්භය තුල ගෙනගිය යුද්ධයට එරෙහි අරගලය තුල පර්සියානු ගල්ෆ් යුද්ධය තබයි.

ආරම්භයේදීම එහි සඳහන් වන්නේ, “සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ස්ටැලින්වාදීන් සහ අවස්ථාවාදයේ අනෙකුත් නියෝජිතයන් විසින් පාවා දෙන ලද සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන් අලු‍ත් කිරීම” සමුලුවේ අරමුන බවයි.

එහි ආරම්භක ලක්ෂ්‍යය නම්, ධනවාදී රාජ්‍යයේ උපකරන වලට නොඅඩු සේවයක් ඉටු කරමින්, යුද්ධයට එරෙහි විරෝධය ක්‍රමානුකූලව යටපත් කල, කම්කරු පන්තියේ සියලු‍ සාම්ප්‍රදායික පක්ෂවල හා වෘත්තීය සමිති සංවිධානවල සම්පූර්න බංකොලොත්භාවය හෙලි කිරීමට ගල්ෆ් යුද්ධය ඉවහල් වූ බවයි. මෙයින් අදහස් කලේ යුද්ධයට එරෙහි අරගලයක් සිදුවීමට නම් එය අපේ ජාත්‍යන්තර පක්ෂය විසින් මෙහෙයවිය යුතු බවයි.

යුද්ධයට සහාය දැක්වීමේදී ස්ටැලින්වාදය විසින් ඉටු කල අත්‍යවශ්‍ය කාර්යභාරය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් අවධාරනය කරයි. “සෝවියට් නිලධරය ලෝක දේශපාලනයේ යම් ආකාරයක ‘අධිරාජ්‍ය විරෝධී’ බලවේගයක් නියෝජනය කරයි යන පැරනි මිථ්‍යාවේ රොඩුබොඩු ද අවසානයේදී මෙ මඟින් බිඳ දමනු ලැබින.”‍

අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ නව පිපිරීමත් සමඟ කම්කරු පන්තිය 20 වන සියවස ආරම්භයේදී අධිරාජ්‍යවාදයේ නැගීමත් සමඟ ඇති වූ ඓතිහාසික හා දේශපාලන කාර්යයන් සියල්ලටම මුහුන දී තිබේ.

පලමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්ට තුඩු දුන්, සමාජ නිෂ්පාදනයේ සහ පෞද්ගලික හිමිකාරීත්වයේ, නිෂ්පාදනයේ ලෝක ස්වභාවය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර එම ප්‍රතිවිරෝධතාම ඊටත් වඩා ව්‍යසනකාරී ගෝලීය ගැටුමක තර්ජනය මතු කරයි. යුද්ධයන්ට ද පීඩිත හා අනාරක්‍ෂිත රටවල යටත් විජිත වහල්භාවයට ද තුඩු දුන් වෙලඳපොලවල්, සම්පත් සහ ලාභ ශ්‍රමය සඳහා වූ අධිරාජ්‍යවාදී බලවතුන් අතර අරගලය, පෙර ලෝක යුද්ධයන්ට ද මඟ පෑදූ, ගැටුමකට මග පෑදීය.

අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය සහ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයේ වර්ධනය අතර ඇති නොවැලැක්විය හැකි සම්බන්ධතාවය ලේඛනය මගින් තහවුරු කරයි. 1889 දී දෙවන ජාත්‍යන්තරය ආරම්භ කිරීම සහ 1912 දී බාසල් ප්‍රතිපත්ති ප්‍රකාශනයට මං පෑදු මෙම සම්බන්ධතතතාව ඉන් ගෙනහැර දැක්වින. එම ප්‍රකාශනයෙන්, අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේදී ජාතික සීමාවන් ඉක්මවා එක්සත් වන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි අතර යුද්ධයක් විප්ලවවාදී අරගලයන්ට තුඩු දෙන බවට අනතුරු ඇඟවීය. කෙසේ වෙතත්, දෙවන ජාත්‍යන්තරය තුල අවස්ථාවාදයේ අඛන්ඩ වර්ධනය, 1914 දී යුද්ධය ඇරඹෙන විට එහි ප්‍රධාන කොටස් ඔවුන්ගේ ආන්ඩුවල යුද වියදම් වලට ඡන්දය දෙමින් සිය “පීතෘ භූමි” කරා ඇදී ගියේය.

ධනේශ්වර අර්බුදය ද 1917 ඔක්තෝබරයේ සාර්ථක රුසියානු විප්ලවයේ සෙවනැල්ල ද යටතේ දශක තුනක් පුරා පැවති ධනේශ්වර අසමතුලිතතාවයේ කාලපරිච්ඡේදය යුද්ධයට මඟපාදමින්, ධනේශ්වර පර්යායෙහි පැවැත්මම ප්‍රශ්නයට බඳුන් කරනු ලැබ ඇත.

කෙසේ වෙතත්, රුසියාවේ බොල්ෂෙවිකයන්ට සම නොවූ විප්ලවවාදී පක්ෂ, විශේෂයෙන් යුරෝපයේ, විප්ලවවාදී අරගල මාලාවක්ම පරාජය කිරීමට ධනේශ්වරයට ඉඩ ලබා දුන්නේය. එහෙත් 1914 දී සුනුවිසුනු වූ සමතුලිතතාව වෙනුවට නව සමතුලිතතාවයක් ඇති කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

ස්ටැලින්ගේ නායකත්වයෙන් යුත් සෝවියට් සංගමය තුල නිලධරයේ නැගීම සහ “තනි රටේ සමාජවාදය” යන ස්ටැලින්වාදී න්‍යායට යටත් වූ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ බිහිසුනු පරිහානිය ද අධිරාජ්‍යවාදය සමඟ මොස්කෝවේ උපාමාරු ද විනාශකාරී පරාජයන් මාලාවකට තුඩු දුන්නේය. සියල්ලටත් වඩා ජර්මනියේ. වෙඩිමුරයක් පවා නොතබාම 1933 දී නාසීන් බලයට පත්වීම, ස්ටැලින්වාදයේ ප්‍රති-විප්ලවවාදී ස්වභාවය හෙලි කරමින් හතරවන ජාත්‍යන්තරය ගොඩ නැඟීමට ට්‍රොට්ස්කි මෙහෙයවීය.

පලමුවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඇතිකරගත නොහැකිවූ සමතුලිතය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඇතිකර ගැනීමට ධනේශ්වරයට ඉඩ සැලසුනේ හුදෙක් අධිකාරවත් බලවතෙක් ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නැගීම මත නොවන බවත්, ස්ටැලින්වාදය ඉටුකල භූමිකාව නිසා බවත් ලේඛනය තහවුරු කරයි. යුද්ධයෙන් ඉක්බිතිව, විශේෂයෙන් ඉතාලියේ, ප්‍රන්සයේ සහ ග්‍රීසියේ කම්කරු පන්ති විප්ලවවාදී අරගලයන්ට එය විරුද්ධ විය. නැගෙනහිර යුරෝපයේදී ස්ටැලින්වාදය ඊනියා බෆර් රාජ්‍යයන් පිහිටුවීම, කම්කරු පන්තිය සහ සමාජවාදය සඳහා වූ ඕනෑම සැබෑ අරගලයක් මැඩපැවැත්වීමට පමනක් නොව, 20 වන සියවසේ ආරම්භයේ සිටම යුරෝපීය අස්ථාවරත්වයේ මූලාශ්‍රයක් වූ බිඳෙන සුලු කලාපයක් සමනය කිරීමට ද උපකාරී විය.

කෙසේ වෙතත් ලේඛනය පැහැදිලි කරන පරිදි, දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ පිහිටුවන ලද සමතුලිතතාවය, එහිම ප්‍රතිවිරෝධතාවන්ගෙන් ගහන විය. ලෝක වෙලඳාමේ පුනර්ජීවනය සහ යුරෝපයේ හා ජපානයේ ධනවාදය නැවත ගොඩනැංවීම, එක්සත් ජනපද ආධිපත්‍යය ක්‍රමයෙන් ඛාදනය වීමට තුඩු දුන් අතර, 1985 වන විට ඇමරිකාව නය ගැති රටක් බවට පරිවර්තනය කරමින් එක්සත් ජනපද හිඟයන් වැඩි වීමට හේතු විය.

එක්සත් ජනපදයේ අර්බුදය දෙසට යොමු වෙමින් ප්‍රතිපත්ති ප්‍රකාශනය, මුලු‍මනින්ම සමකාලීන ලෙස පෙනෙන චිත්‍රයක් සටහන් කරයි:

දශක දෙකකට වැඩි කාලයක් තුල එකදු සැලකිය යුතු සමාජ ව්‍යවස්ථාවක්වත් කොන්ග්‍රසය තුලින් සම්මත වී නැත ඤදැන් අපට දශක පහක් කිව හැකිය%. දැවැන්ත අයවැය කප්පාදුවලින් පැරනි සමාජ වැඩ සටහන් වල ඉතිරිව තිබුන දේ විනාශ කෙරී ඇත. අපරාධ සංඛ්‍යාලේඛන හුදෙක් සමාජ සම්බන්ධතාවල මාරාන්තික තත්වයේ වඩාත්ම පැහැදිලි රෝග ලක්ෂන වේ. සීග්‍රයෙන් වර්ධනය වන විරැකියාව මධ්‍යයේ සහ රැකියාවල නියුතු වූවන්ගේ වැටුප් පහත වැටීම නිසා අධ්‍යාපන, නිවාස හා වෛද්‍ය සේවා ව්‍යසනකාරී තත්ත්වයට වඩා වෙනස් නැති තැනට වැටී තිබේ.

ජනගහනයෙන් තුනෙන් එකක් ක්‍රියාත්මකව නූගත් ය. සමාජ අර්බුදයේ බලපෑමෙන් විනාශ වූ ජීවිත පිලිබඳ වඩාත් ශෝචනීය ‘ත්‍රාසජනක කථා‘ සමහරක් දිනපතා පදනමෙන් වාර්තා කිරීම ජනමාධ්‍යවලට පවා වලක්වා ගත නොහැක: නිවාස නොමැති පුද්ගලයින් කාඞ්බෝඞ් පෙට්ටිවල කැටිවී සිටීම, පිලිකා රෝගීන්ට වෛද්‍ය රක්ෂනයක් නොමැති නිසා ප්‍රතිකාර නොලැබීම, රැකියා විරහිත කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් සියදිවි නසා ගැනීම. [10]

නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර බිඳවැටීම, සෝවියට් සංඟමය එවකට පැහැදිලිවම ධනේශ්වර පුනස්ථාපනය පිලිබඳව ලබා ඇති වර්ධනය සම්බන්ධයෙන් - එය බර්ලින් සමුලුවෙන් සති කිහිපයක් ගතවන කල සම්පූර්න වනු ඇත - ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් තහවුරු කර ඇත්තේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර සමතුලිතතාවයට වල කපන ලද ඒ මූලික මූලික ප්‍රතිවිරෝධයන්ම බවයි. මෙම පාලන තන්ත්‍රයන් වඩාත් අවදානමට ලක්විය හැකි බව ඔප්පු විය. ඒ හරියටම ඔවුන්ගේ ජාතික ආර්ථික සංවර්ධනය පිලිබඳ වැඩසටහන් නිසාය. ඔවුන්ගේ අර්බුදය හා අභාවය, “තනි රටක සමාජවාදයේ” ප්‍රතිගාමී හා මාක්ස් විරෝධී වැඩපිලිවෙලට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙනගිය අරගලය පිලිබඳ ප්‍රබල සනාථනයක් නියෝජනය කලේය.

අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ පුනර්ජීවනය හමුවේ පීඩිත හා පැරනි යටත් විජිත රටවල කම්කරු පන්තිය මුහුන දෙන කොන්දේසි ද ලේඛනයෙන් හෙලිකර තිබුනි. එය නිල දේශපාලන ස්වාධීනත්වය පිලිබඳ ප්‍රබන්ධය හෙලිදරව් කල අතර එය ජනතාවට කල් පවතින සමාජ වාසි අත්කර නොදුන් අතර අධිරාජ්‍යවාදයේ ආර්ථික ආධිපත්‍යය ආරක්ෂා කලේය.

අධිරාජ්‍යවාදයෙන් වැඩි සහන ලබා ගැනීම සඳහා මොස්කව් සහ වොෂින්ටන් අතර පැවති සීතල යුද ගැටුම උපයෝගී කර ගැනීමට සමහර පශ්චාත් යටත් විජිත පාලන තන්ත්‍රයන්ට හැකි වූ අතර, ගොර්බචෙව් යටතේ සෝවියට් නිලධරය විසින්, ඊනියා තුන්වන ලෝකයේ සිය සේවාදායකයින් අතහැර දමන ලදී. එය අධිරාජ්‍යවාදී ආක්‍රමනකාරිත්වය මත තිබුන යම් හෝ සීමාවන් ඉවත් කලේය.

ඊට ප්‍රතිචාර වශයෙන් සියලු‍ ධනේශ්වර ජාතිකවාදීහු අධිරාජ්‍යවාදය සමඟ සහජීවනය සොයමින් තියුනු ලෙස දකුනට ගමන් කලහ. සදාම් හුසේන්ගේ සහෝදර බාත්වාදීන්, සිරියාවේ හෆීස් අල් අසාද් ඇතුලු විවිධ පාලන තන්ත්‍රයන් ඉරාකය සමඟ යුද්ධයට ගිය හවුලට එක් විය.

විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා තීරනාත්මක ඉදිරි පියවරක් ගැනීම සඳහා බර්ලින් සමුලුව කැඳවා ඇති බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවධාරනය කෙරිනි.

එය පහත තීරනාත්මක කාරනය ඉදිරිපත් කලේය:

හතරවන ජාත්‍යන්තරයේ විශාල ඓතිහාසික විභවය වෛෂයිකව මුල්බැස ඇත්තේ, එහි ක්‍රියාමාර්ගය ලෝක ආර්ථික වර්ධනයේ අභ්‍යන්තර තර්කනයට අනුරූපව, ජාත්‍යන්තර නිර්ධන පන්තියේ ලෝක ඓතිහාසික කාර්යභාරය ප්‍රකාශ කිරීමේ කාරනය තුලය. කෙසේ වෙතත්, වෛෂයික ආර්ථික ක්‍රියාවලීන් ස්වයංසිද්ධව වර්ධනය වීම හෝ පැරනි නායකත්වයන් සමඟ ජනතාව තුල ඇති සහජ පිලිකුල හේතුවෙන්, එහි ක්‍රියාමාර්ගයේ ජයග්‍රහනය ස්වයංක්‍රීයව සාක්ෂාත් නොවනු ඇත. විප්ලවවාදී ක්‍රියාමාර්ගය සඳහා සටන් කල යුතුය. [11]

ඓතිහාසික දෘෂ්ටි කෝනයකින් නෝර්ත් සහෝදරයාගේ ආරම්භක වාර්තාව, ස්ටැලින්වාදයට හා පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි කටුක සටනක දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැඟීමේ දිගු අරගලය සමඟ සම්බන්ධ වී වෛෂයික තත්වයේ වෙනස්වීම් බර්ලිනයේ පැවති සමුලුවට හේතු වූයේ කෙසේදැයි පැහැදිලි කලේය. සසප 2019 ගිම්හාන පාසලේ පලමු දේශනයේදී සාකච්ඡා කරන ලද එම අදියරයන් හෝ කාල පරිච්ඡේදයන් එහි සමාලෝචනය කෙරුනි.

සමුලුවේ වැදගත්කම සාරාංශ කල වාර්තාවේ මෙසේ සඳහන් විය.

අද අප හමුවන්නේ පුලුල් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක එක් කොටසක් ලෙස නොවේ. අද මෙම කාමරයේ සිටින අය හතරවන ජාත්‍යන්තරයේ සහ ලෝක ට්‍රොට්ස්කිවාදයේ අධිකාරවත් නියෝජිතයෝ වෙති. පැබ්ලෝවාදීන් සමඟ තීරනාත්මකව ගනුදෙනු බේරා ගැනීමට ජාත්‍යන්තර කමිටුවට දැන් හැකි ය. මීට වසර 38 කට පෙර කැනන් කිරීමට උත්සාහ කල දේ සහ සෝෂලිස්ට් ලේබර් ලීගය වසර ගනනාවකට පෙර කල යුතු යැයි කිව් දේ, එනම් අප විසින්, හතරවන ජාත්‍යන්තරයෙන් පැබ්ලෝවාදී අවස්ථාවාදය ඉවත් කර ඇත. [12]

1938 දී හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සමුලුව කැඳවා තිබූ කොන්දේසිවලට, බර්ලිනයේදී සම්මන්ත්‍රනය පැවැත්වුන කොන්දේසි ප්‍රතිවිරුද්ධ විය. පෙර මාස 12 තුල එම ආරම්භක සම්මේලනය කැඳවීමේ ප්‍රමුඛ පුද්ගලයින් වන ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩොව් ඔහුගේ දේශපාලන ලේකම් අර්වින් වුල්ෆ් සහ හතරවන ජාත්‍යන්තර ලේකම් රුඩොල්ෆ් ක්ලෙමන්ට් යන සියල්ලන්ම ස්ටැලින්වාදී රහස් පොලිසිය වන ජීපීයූ විසින් ඝාතනය කර තිබුනි. පැහැරගෙන ගොස් ඝාතනය කරන විට ක්ලෙමන්ට් ලඟ තිබුන ආරම්භක ලියවිල්ල සොරකම් කර තිබූ බැවින් කොන්ග්‍රසයට ආරම්භක වාර්තාවක් නොතිබුනි.

මෙම ඝාතන සෝවියට් සංගමයේ දේශපාලන ජන සංහාරක ව්‍යාපාරයට නොවැලැක්විය හැකි ලෙස සම්බන්ධ වූ අතර 1917 ඔක්තෝබර් විප්ලවයේ තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල සියලු‍ විප්ලවවාදී කම්කරුවන්ට, සමාජවාදී බුද්ධිමතුන්ට සහ බොල්ෂෙවික් නායකයින්ට එරෙහිව ඒවා යොමු විය.

හතරවන ජාත්‍යන්තරය ආරම්භ වී වසරක් ඇතුලත මානව වර්ගයා තවත් ලෝක යුද්ධයකට මුහුන දුන් අතර, දෙවසරක් තුල එහි ප්‍රධාන නායක ලියොන් ට්‍රොට්ස්කි ජීපීයූ ඝාතකයෙකු අතින් මිය ගියේය. හතරවන ජාත්‍යන්තරයේ සාමාජිකයින් ස්ටැලින්වාදීන්ගේ හා ෆැසිස්ට්වාදීන්ගේ මෙන්ම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී අධිරාජ්‍යවාදීන්ගේ ද ඒකාබද්ධ හා මාරාන්තික මර්දනයට ගොදුරුවූ අතර ඇමරිකානු ශාඛාවේ නායකයින් දේශද්‍රෝහී චෝදනා මත සිරගත කරන ලදී.

හතරවන ජාත්‍යන්තරය දෙවන ලෝක යුද්ධයෙන් විනාශ නොවුන අතර, වාර්තාවේ දැක්වෙන පරිදි:

... ෆැසිස්ට්වාදීන්, ස්ටැලින්වාදීන් සහ “ප්‍රජාතන්ත්‍රවාදී” අධිරාජ්‍යවාදීන්ගේ පොලීසිය සපුරා ගැනීමට අසමත් වූ දේ - හතරවන ජාත්‍යන්තරයේ විනාශය - ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ක්‍රෙම්ලිනය අතර දේශපාලන විසඳුමේ පදනම මත ලෝක ධනවාදය යථා තත්ත්වයට පත්වීමට ප්‍රතිචාරයක් ලෙස මතුවූ අවස්ථාවාදී ප්‍රවනතාවක් මගින් බොහෝ දුරට ඉටු විය. ටිටෝ යටතේ යුගෝස්ලාවියාවේ සිදු වූ වර්ධනයන් සහ නැගෙනහිර යුරෝපයේ දේපල සම්බන්ධතා ජනසතු කිරීම තුලින් මයිකල් පැබ්ලෝ සහ එවකට සිටි ඔහුගේ සමීපතම සගයා වූ අර්නස්ට් මැන්ඩෙල් නිගමනය කලේ, ට්‍රොට්ස්කි අගය කිරීමට අපොහොසත් වූ විප්ලවීය විභවයක් ස්ටැලින්වාදය විසින් රඳවාගෙන ඇති බවයි. [13]

ට්‍රොට්ස්කි අවධාරනය කල පරිදි, කම්කරු ව්‍යාපාරයේ ප්‍රධාන අධිරාජ්‍යවාදී ඒජන්සිය වනවා වෙනුවට ස්ටැලින්වාදී නිලධරයන් හා ඒවාට සම්බන්ධ පක්ෂ සමාජවාදයේ ජයග්‍රහනය සඳහා අවශ්‍ය ආවේගය සැපයිය යුතු විය.

පැබ්ලෝවාදයේ නැගීමේ කාල පරිච්ඡේදය තුල සම්මතධාරී ට්‍රොට්ස්කිවාදය මුහුන දුන් අහිතකර තත්වයන් පැහැදිලි කරමින් නෝර්ත් සහෝදරයා මෙසේ අවධාරනය කලේය:

අවසාන විශ්ලේෂනයේ දී පැබ්ලෝවාදීන්ගේ බලපෑම පදනම් වූයේ, ස්ටැලින්වාදී සංවිධානවල හා සුලු‍ ධනේශ්වර බලවේගවල ශේෂව තිබුන බලය මතය. පශ්චාත් යුද සමයේ සුවිශේෂී ලක්ෂන නිසා, විශේෂයෙන් පසුගාමී රටවල, අධිරාජ්‍ය විරෝධී ව්‍යාජ රැඩිකල් මවාපෑමේ පදනමෙන් ජනතාව මත බලපෑම පවත්වා ගැනීමට ඒවාට හැකි විය. කම්කරු පන්තිය තුල ස්වාධීන විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම අවහිර කිරීම සඳහා පැබ්ලෝවාදීන් මෙම බලවේග පුම්බනු ලැබූ අතර ඒවා සමඟ සහයෝගයෙන් කටයුතු කලහ. [14]

ඒ අතරම, 1985 භේදය යටින් පැවති ඉතා ප්‍රබල වෛෂයික බලවේගයන්, “අර්ධ නෛතික ප්‍රවනතාවක්” ලෙස පැවති සම්මතධාරී ට්‍රොට්ස්කිවාදයට හතරවන ජාත්‍යන්තරය මත අධිකාරය නැවත තහවුරු කරගෙන ඉදිරියට යාමට හැකියාව ලබාදුන් බව වාර්තාව පෙන්වා දෙයි.

වර්කර්ස් ලීගය ප්‍රථමයෙන්, කවිප සමඟ මතභේද මතුකලාවූ 1982 - 1985 අවධිය ගැන සඳහන් කරමින් එය “විශ්මය ජනක ලෙස කෙටි කාලයක්” ලෙස විස්තර කරමින් වාර්තාව මෙසේ සඳහන් කරයි.

මීට පෙර අවස්ථාවාදයේ ආධිපත්‍යයට ගැඹුරු වෛෂයික මූලයන් තිබුනාක් සේම, ජාත්‍යන්තර කමිටුව තුල සබඳතා වෙනස් වීම, ලෝක තත්වය තුල සිදු වූ වෙනස්කම් පිලිබිඹු කිරීමකි. ජාත්‍යන්තර කමිටුව තුල 1982-85 අරගලය දල වශයෙන් සමපාත වූයේ, පෝලන්තයේ සිදුවීම් වලින් පසුව සෝවියට් නිලධරය තුල පැවති අර්බුදය හා 1985 මාර්තු මාසයේදී ගොර්බචෙව් බලයට පත්වීමට තුඩු දුන් කාල පරිච්ඡේදය සමඟ ය. [15]

අප සාකච්ඡා කර ඇති පරිදි, හජාජාක හි වෙනස් වූ සබඳතා හුදෙක් විශාල වෛෂයික වෙනස්කම්වල නිෂ්ක්‍රීය පිලිබිඹුවක් නොවේ. ඒවා වනාහි සූදානම් කරන ලද සටන් කර තිබුන ඒවා විය. වර්කර්ස් ලීගය සහ ශ්‍රී ලංකාවේ විකොස එක් අතකින් ද අනෙක් අතට කවිපය ද අතර වඩ වඩාත් වර්ධනය වූ විරසකය පෙන්නුම් කලේ, දශකයකට වැඩි කාලයක් තුල වර්ධනය වූ ප්‍රතිවිරුද්ධ දේශපාලන, න්‍යායික හා ඇත්ත වශයෙන්ම පන්ති දිශානතියකි. මූලික බෙදීම් රේඛාව විප්ලවවාදී ජාත්‍යන්තරවාදය සහ ජාතික අවස්ථාවාදය අතර වැටී තිබුනි.

බර්ලින් සමුලුවේ වාර්තාව අවසන් කරමින් ඬේවිඞ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේය.

වෙන කවරදාටත් වඩා විශාල කම්කරු පන්ති අරගලයන්ගෙන් සංලක්ෂිත වන කාල පරිච්ඡේදයකට අපි පිවිසෙමින් සිටිමු. අපගේ කර්තව්‍යය වන්නේ, මෙම වැඩෙන කම්කරු පන්ති ව්‍යාපාරය තුලට මාක්ස්වාදී විඥානය ගෙන ඒම සහ කම්කරු පන්තියේ වැඩි දියුනු කොටස් සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ශාඛා තුල සංවිධානය කිරීමයි ...

කම්කරු පන්තියේ ස්වයංසිද්ධ සටන්කාමීත්වය මාක්ස්වාදී විඥානය බවට පරිවර්තනය කල යුතුය. මෙය කිරීමට අපට දේශපාලන ශක්තිය ඇත. හරියටම අපගේ ව්‍යාපාරය තුල ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගය පාවා දුන් අය සමග අපි තීරනාත්මකව ගනුදෙනු බේරාගෙන ඇති බැවිනි. මෙම අරගලය හේතුවෙන් කම්කරු පන්තියට නායකත්වය දීමට අපට ඇති අයිතිය අපි පෙන්නුම් කර ඇත්තෙමු. [16]

මෙම සමුලුව, වසර හතරකට පසුව ජාත්‍යන්තර කමිටුවේ ලීගයන් පක්ෂ බවට පරිවර්තනය කිරීම සඳහා ගනු ලැබූ තීරනයට අඩිතාලම දැමූ අතර එය තවත් දේශනයක මාතෘකාව වනු ඇත. ස්ටැලින්වාදය සහ එහි ක්ෂමාලාපකයින් ආපසු හැරවිය නොහැකි ලෙස අපකීර්තියට පත් වීමේ අත්‍යවශ්‍ය ‌ඓතිහාසික ඇඟවුම්, අපගේ ජාත්‍යන්තර පක්ෂය සඳහා, වාර්තාව විසින් හඳුනාගෙන ඇත:

මෙම බර්ලින් සමුලුව හතරවන ජාත්‍යන්තරය වර්ධනයේ නව අවධියක් සනිටුහන් කරයි. අද වන විට ජාත්‍යන්තර කමිටුව ලෝකයේ තිබෙන එකම ලෝක ට්‍රොට්ස්කිවාදී සංවිධානය වේ. ජාත්‍යන්තර කමිටුව හුදෙක් හතරවන ජාත්‍යන්තරය තුල නිශ්චිත ප්‍රවනතාවක් නොවේ. එය හතරවන ජාත්‍යන්තරයම වේ. මෙම සමුලුව පටන්ගැනීමේ සිට ජාත්‍යන්තර කමිටුව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ කටයුතුවල නායකත්ව වගකීම් භාර ගනු ඇත. [17]

සෝවියට් සමූහාන්ඩුව දියකර හැරීම හා පර්සියානු ගල්ෆ් යුද්ධය සමඟ, බර්ලින් සමුලුව මධ්‍යයේ දිග හැරෙමින් තිබූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට තීරනාත්මක වැදගත්කමක් ගෙන දුන් අනෙක් ප්‍රධාන ලෝක වර්ධනය වූයේ යුගෝස්ලාවියාව බිඳී යාමයි.

සමුලු‍ ප්‍රකාශනයේ පහත සඳහන් දේ ඇතුලත් විය.

බෝල්කන්හි සමකාලීන සිදුවීම් පිලිබඳ ප්‍රවෘත්ති වාර්තා කියවනු ලැබුවේ ඒවා 1930 දී හෝ 1910 දී පවා ලියන ලද දේ ලෙසට ය. ජාත්‍යන්තර පුවත්පත් සර්බියානු, ක්‍රොඒෂියානු, ස්ලොවේනියානු සහ බොස්නියානු මුස්ලිම්වරුන් අතර ගැටුම් ද මැසිඩෝනියානුවන්ගේ ජාතික අනන්‍යතාවය අර්ථ දැක්වීම පිලිබඳ සටන් පිලිබඳ වාර්තා වලින් ද පිරී තිබුනි; [18]

ප්‍රකාශනය, මෙම ගැටුම් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් මෙහෙයවනු ලබන බවටත් ගසාකනු ලබන බවටත් අනතුරු ඇඟවූ අතර ධනවාදය උත්සාහ කලේ සමාජ අසමානතාවය පිලිබඳ මහජන කෝපය ජාතික හා ජනවාර්ගික ගැටුමේ අන්ධ පථයට හරවා යැවීමට ය.

වාර්ගික ප්‍රචන්ඩත්වය සඳහා උද්ඝෝෂනය කිරීමට ප්‍රතිගාමී සුලු‍ ධනේශ්වර වාචාලයින්ට ඇති හැකියාව ගැන එය මෙසේ සඳහන් කලේය. “‍එය ආරෝපනය කල යුත්තේ ජාතිකවාදයේ බුද්ධිමය හා සදාචාරාත්මක බලයට නොව, කම්කරු පන්තියේ සාම්ප්‍රදායික සංවිධාන විසින් ධනේශ්වර ක්‍රමයේ අර්බුදයෙන් මිදීමට කිසිදු මාර්ගයක් ඉදිරිපත් නොකිරීමෙන් ඉතිරි වන දේශපාලන රික්තයට ය.”

1996 ජනවාරි, දුබ්රේව් අසල දී, ඇමරිකානු හමුදාවේ ප්‍රහාරක ඉංජිනේරු රථයක් බොස්නියානු සර්බ් බන්කරයක් විනාශ කරමින්

1991 මැයි 1 වන දින සමුලුව කැඳවීම සහ නොවැම්බර් 16 වන දින රැස්වීම පැවැත්වූ කාලය අතර සිදුවීම් ඉතා වේගයෙන් ඉදිරියට ගියේය. ක්‍රොඒෂියාව සහ ස්ලෝවේනියාව යන රටවල් දෙකම එම වසරේ ජුනි 25 වන දින නිදහස ප්‍රකාශයට පත් කලේය. මැසිඩෝනියාව වැඩි කල් නොගොස් ඒ මාවත ගත් අතර බොස්නියා-හර්සගොවිනා ජනරජය ජනවාර්ගික යුද්ධයෙන් කැබලිවී යාමට පටන් ගත්තේය. විශේෂයෙන් වෙරලබඩ නගරයක් වන ඩුබ්‍රොව්නික් අවට සන්නද්ධ ගැටුම් ඇති විය.

දරුනු ජනවාර්ගික-ස්වෝත්තමවාදය සහ ජාතික බෙදුම්වාදය ප්‍රවර්ධනය කරනු ලැබුවේ, යුගෝස්ලාවියාවේ පාලක කොමියුනිස්ට් සංගමයේ හිටපු නිලධරයේ මෙහෙයවීම යටතේය . ධනවාදී පුනස්ථාපනයේ කොටසක් ලෙස ජාමූඅ විසින් පනවා ඇති කප්පාදු පියවරයන්ට එරෙහිව මහජන වැඩ වර්ජන රැල්ලක් දියත් කල යුගෝස්ලාවියානු කම්කරු පන්තිය බෙදීමට හා මර්දනය කිරීමට ඔවුහු උත්සාහ කලහ. අනෙක් අතට ඔවුන්, කොම්ප්‍රදෝරු ධනේශ්වරයේ නව පාලක පන්තියක් ලෙස, අධිරාජ්‍යවාදය සමග තමන්ගේ ස්වාධීන සබඳතා ගොඩනඟා ගැනීම සඳහා වාර්ගික රාජ්‍යයන් කපා වෙන්කර ගැනීමේ වෑයමක යෙදුනේය.

පාලන තන්ත්‍රයේ ස්වභාවය කුමක් වුවත් ක්‍රොඒෂියාවේ ස්වයං නිර්නය සඳහා කොන්දේසි විරහිතව සහාය දෙන ලෙස ඉල්ලා සිටි පැබ්ලෝවාදී නායක අර්නස්ට් මැන්ඩෙල්ගේ ආකල්පය, නෝර්ත් සහෝදරයා සමුලුවට ඉදිරිපත් කල වාර්තාවේ පෙන්වා දුන්නේය. එපමනක් නොව, සර්බියානු ස්වෝත්තමවාදය හෙලා දුටු මැන්ඩෙල් සෘජු අධිරාජ්‍යවාදී මැදිහත්වීමක් සඳහා කැඳවීමක් නිකුත් කරමින් ක්‍රොඒෂියානු ස්වෝත්තමවාදය නොදුටුවාක් මෙන් සිටියේය.

මෙම ස්ථාවරය ජර්මන් අධිරාජ්‍යවාදයට හොඳින්ම ගැලපුනි. එය ක්‍රොඒෂියානු හා ස්ලොවේනියානු ස්වාධීනත්වයට පිටුබලය දෙමින්, යුරෝපයේ සිය බලය යලිත් තහවුරු කිරීම අවධාරනය කල පස්චාත් යලි ඒකාබද්ධවීමේ කොටසක් ලෙස ය. එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා කොමිසම ඒකපාර්ශවිකව නොසලකා හරිමින් ජර්මානු අධිරාජ්‍යවාදය 1914 සහ 1941 සිය අපරාධ ක්‍රියාවලිය කරා ආපසු යමින් සිටියේය.

බර්ලින් සමුලුව “නැගෙනහිර යුරෝපයේ හා සෝවියට් සංගමයේ කම්කරු පන්තිය ආරක්ෂා කිරීම පිලිබඳ” යෝජනාවක් සම්මත කර ගත් අතර එහි පහත සඳහන් කරුනු ඇතුලත් විය.

සෑම තැනකම ප්‍රතිවාදී ධනවාදී කල්ලි ජාතිකවාදය හා ස්වෝත්තමවාදය අවුලු‍වනු ලබයි. ඒ කම්කරුවන් එකිනෙකාට එරෙහිව උසිගැන්වීම සහ පැරනි හා නව පීඩකයින්ට එරෙහිව නැගිටීමක් ඇතිවීම වැලැක්වීම සඳහා ය. යුගෝස්ලාවියාවේ ලේ වැගිරීම මෙම ප්‍රතිපත්තිවල ප්‍රතිලයකි. ස්වයං නිර්නය සඳහා ජාතීන්ට ඇති අයිතිය සමඟ මෙම යුද්ධයට කිසිදු සම්බන්ධයක් නැත. සර්බියානු සහ ක්‍රොඒෂියානු ජාතිකවාදීන් හුදෙක් කම්කරු පන්තිය සූරාකෑමෙන් විශාල කොටසක් තමන් වෙනුවෙන් ලබා ගැනීමට සටන් කරති. [19]

ජාතික ප්‍රශ්නය සහ “ස්වයං නිර්නය” යන සටන් පාඨය සමඟ යුගෝස්ලාවියාවේ ඉතිහාසය, එහි නැගීම හා වැටීම සමස්ත පාසලකටම විෂයයක් විය හැකිය. පැහැදිලිවම මෙම දේශනයේදී එය ඉටු කල නොහැකිය.

බොස්නියාවේ ටුස්ලාහි ඇමරිකානු භට කන්ඩායම් අමතන ජනාධිපති බිල් ක්ලින්ටන්

ඇත්ත වශයෙන්ම, ජාතික ප්‍රශ්නය පිලිබඳ ජාත්‍යන්තර කමිටුවෙහි ඉදිරිදර්ශනය වර්ධනය වී ඇත්තේ, කවිපය විසින් විවිධ ධනේශ්වර ජාතිකවාදී නායකයින් “අධිරාජ්‍ය විරෝධීන්” ලෙස ප්‍රවර්ධනය කිරීමට එරෙහිව 1982 සහ 1985 අතර කාලයේ ගෙනගිය අරගලය තුලින්ය. ඔවුන්ට දේශපාලන සහයෝගය දිය යුතු බව පැවසීමට එරෙහිව ද පැබ්ලෝවාදී දෘෂ්ටිය යලි ස්ථාපිත කිරීමටත් ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන් සමඟ ප්‍රතිපත්ති විරහිත සන්ධාන ගොඩනඟා ගැනීමට ද එරෙහිව වර්කර්ස් ලීගය, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය ආරක්ෂා කර ඇති අතර, පීඩිත රටවල විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් සාක්ෂාත් කර ගැනීමේ එකම මඟ, ජාත්‍යන්තර පදනමක් මත කම්කරු පන්තිය ස්වාධීනව විප්ලවවාදී බලමුලු‍ ගැන්වීමයි.

මෙම විශ්ලේෂනය 1988 ජාත්‍යන්තර කමිටු ඉදිරිදර්ශන යෝජනාව මගින් ගැඹුරු කරන ලද අතර එමඟින් අධිරාජ්‍යවාදයට එරෙහිව අඛන්ඩ අරගලයක් කිරීමට ජාතික ධනේශ්වරයේ කිසිදු නියෝජිතයෙකුට ඓන්ද්‍රියව නොහැකි බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ඉදිරිදර්ශන පිලිබඳ තීරනාත්මක සාකච්ඡාවලදී එය තවත් සංයුක්ත කරන ලදී. පැවැත්වෙන තවත් දේශනයක මාතෘකාව වන, දෙමල ජාතිකවාදී එල්ටීටීඊය කෙරෙහි පක්ෂයේ ආකල්පය මෙහිදී සාකච්ඡාවට ගැනුනි.

සෝවියට් සංඟමය විසුරුවා හැරීම සහ යුගෝස්ලාවියාව බිඳී යාම පමනක් නොව, වඩාත් මූලික වශයෙන්, ධනවාදී ගෝලීයකරනයේ වර්ධනය, නව වර්ගයක ජාතිකවාදී ව්‍යාපාරයක නැඟීමට තුඩු දුන්නේය. එය යොමු වුනේ පවත්නා රාජ්‍යයන් බිඳ දැමීමට ය. යටත් විජිතවාදයට එරෙහි ජාතික අරගලයක් ගෙනගිය රටවල් තුල ද එවන් ප්‍රවනතා මතු විය. ඒ අධිරාජ්‍යවාදය හා අන්තර්ජාතික ප්‍රාග්ධනය සමඟ වඩාත්ම වාසිදායක සබඳතා ඇති කර ගැනීමේදී, ප්‍රතිවාදී ධනේශ්වර කන්ඩායම්වල අවශ්‍යතා තවදුරටත් වර්ධනය කිරීම සඳහාය.

යුගෝස්ලාවියාව සම්බන්ධයෙන් මෙම තත්වය ශෝචනීය ලෙස වුව ද ඉතාම අදාලය. පවත්නා සමූහාන්ඩුව බිඳ දැමීමේ පලමු ආවේගය පැමිනුනේ රටේ ධනවත්ම කලාපයන් වන ස්ලොවේනියාව සහ ක්‍රොඒෂියාවෙනි. ඒවායේදී දේශීය පාලක පැලැන්තිය ගනන් බැලු‍වේ, දුප්පත් සමූහාන්ඩු වලින් වෙන්වී, යුරෝපීය ආන්ඩු, බැංකු සහ සංගත සමඟ ස්වාධීන සබඳතා ගොඩනඟා ගැනීම වඩා වාසිදායක විය හැකි බවටයි.

ඉතාලියේ දක්ෂිනාංශික උතුරු ලීගය සහ ස්පාඤ්ඤයේ කැටලාන් ජාතිකවාදය සම්බන්ධයෙන් ගත්කල, යුරෝපය ද ඇතුලු කලාපය තුල ජාතික බෙදුම්වාදී ව්‍යාපාර මාලාවක් පෙලඹවා ඇත්තේ ද එවන් ගනන් බැලීම් මතය.

අධිරාජ්‍යවාදයට එරෙහි පොදු අරගලයකදී අසන්තෘප්ත ජනතාවන්- ජාතික ධනේශ්වරයේ නායකත්වය යටතේ කිසිවිටෙකත් සාක්ෂාත් කල නොහැකි බව තහවුරුවී ඇති - එක්සත් කිරීම මගින් නව රාජ්‍යයන් බිහි කිරීමේ ප්‍රගතිශීලී කර්තව්‍යය ඉදිරිපත් කල ඉන්දියාව හා චීනය වැනි පෙර පැවති ජාතික ව්‍යාපාරයන් සමඟ ගත් කල මේ නව ජාතිකවාදය තියුනු පරස්පරතාවයකින් යුක්ත විය. මෙම නායකත්වය යටතේ එම කර්තව්‍යය යථාර්ථවාදී නොවන බව පැහැදිලිවම ඔප්පු විය. ඊට පටහැනි ලෙස, විසිවන සියවසේ අගභාගයේදී මතුවූ ජාතිකවාදී ව්‍යාපාර, ජනවාර්ගික, ආගමික හා භාෂාමය රේඛා ඔස්සේ පවත්නා රාජ්‍යයන් බිඳ දැමීමට දැරූ උත්සාහය තුලින් අධිරාජ්‍යවාදයට අධාර කලේය.

පැබ්ලෝවාදී බලවේග මෙම නව ජාතිකවාදී ව්‍යාපාර ආරක්ෂා කර ප්‍රවර්ධනය කලේය. “ස්වයං නිර්න අයිතිය” යන සටන් පාඨය කරපින්නා ගනිමින් ද ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ උපුටා දැක්වීම් ඒවායේ ඓතිහාසික හා දේශපාලන සන්දර්භයෙන් වෙන්කොටගෙන හා ඒවායේ සමස්ත විප්ලවවාදී ජාත්‍යන්තර ඉදිරිදර්ශනයට මුලු‍මනින්ම පටහැනි අරමුනු සඳහා යොදාගනු ලැබිනි.

ආර්මේනියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් නිකුත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයට ප්‍රතිචාර දක්වමින් ලෙනින් මෙසේ ප්‍රකාශ කලේය.

සෑම ජාතිකත්වයකම ස්වයං නිර්න අයිතිය පිලිගැනීමේ ඉල්ලීම හුදෙක් ඇඟවුම් කරන්නේ, නිර්ධන පන්තියේ පක්ෂය වන අප සැමවිටම හා කොන්දේසි විරහිතව ප්‍රචන්ඩත්වයෙන් හෝ අයුක්තියෙන් තොරව බලපෑම් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට විරුද්ධ විය යුතු බවයි. සෑම විටම අප මෙම රිනාත්මක යුතුකම ඉටු කරන අතර (ප්‍රචන්ඩත්වයට එරෙහිව සටන් කිරීම හා විරෝධය දැක්වීම), අපි අපේ පැත්තෙන් සැලකිලිමත් වන්නේ, මිනිසුන්ගේ හෝ ජාතීන්ගේ ස්වයං නිර්නයකට වඩා එක් එක් ජාතිකත්වය තුල නිර්ධන පන්තියේ ස්වයං නිර්නය ගැන ය. ජාතික ස්වාධිපත්‍යය සඳහා වන ඉල්ලීමෙහි අර්ථය, එය නිර්ධන පන්තියේ වැඩ සටහනේ ස්ථිර හා එකට බැඳුන කොටසක් නොවන බවයි. ඒ සඳහා වන සහාය අවශ්‍ය විය හැක්කේ හුදකලා හා සුවිශේෂී අවස්ථාවන්හිදී පමනි... [20]

ලෙනින් “අපගේ මෙම රිනාත්මක යුතුකම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ශතවර්ෂයකට පමන පෙර පවා ඔහු කියා සිටියේ සමාජවාදීන්, ජාතික වෙන්වීම කෙරෙහි ධනාත්මකව පෙනී නොසිටින බවයි. ඒ වෙනුවට ඔවුන්, ජාතික සුලුතරයන් මර්දනය කිරීමට හෝ පවත්නා ධනේශ්වර ජාතික රාජ්‍ය ව්‍යූහයන් තුල බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට දරන ඕනෑම උත්සාහයක විරුද්ධවාදීන් වන බවය. ජාතික බෙදුම්වාදයට අනුබල දෙනවා වෙනුවට බොල්ෂෙවිකයන් ස්වයං නිර්න අයිතිය ආරක්ෂා කලේ, ප්‍රමාද වූ ධනවාදී සංවර්ධනයක් සහිත පාලන තන්ත්‍රයන්ගේ ලක්ෂනය වන ජනවාර්ගික හා භාෂාමය බාධක, බිඳ දැමීමේ මාධ්‍යයක් ලෙස හා කම්කරු පන්තිය තුල ජාතිකවාදී බලපෑම්වලට එරෙහිව සටන් කිරීම සඳහාය. “ජාතීන්ගේ සිපිරිගෙය” ලෙස හැඳින්වෙන රුසියාවේදී මෙය, මහා රුසියානු ස්වෝත්තමවාදයට එරෙහිව සටන් කිරීමේ ස්වරූපය ගත්තේය. ඒ සමස්ත සාර්වාදී අධිරාජ්‍යය පුරා එක්සත් පන්ති අරගලයක් වර්ධනය කිරීම සඳහා හොඳම කොන්දේසි නිර්මානය කිරීම සඳහාය.

ස්වයං නිර්නය සඳහා ජාතීන්ගේ අයිතිය යන කෘතියේ ලෙනින් ස්වයං නිර්න “ප්‍රශ්නය පිලිබඳ ‌ඓතිහාසික විශ්ලේෂනයක්” වෙනුවෙන් පෙනී සිටියේය. එය කිසියම් වියුක්ත හා විශ්වීය සටන් පාඨයක් නොවන බව ඔහු අවධාරනය කලේය. එසේම ඔහු දී ඇති රටවල වර්ධනයේ ‌ඓතිහාසික අවධිය පිලිබඳ දෘෂ්ටි ආස්ථානයකින් එය විමසා බැලිය යුතු බවත් තරයේ කියා සිටියේය.

1914 දී ලිවූ ලෙනින් ලෝකය කොටස් තුනකට බෙදා දැක්වීය. පලමුව, යුරෝපයේ දියුනු ධනේශ්වර රටවල, 1871 වන විට ප්‍රගතිශීලී ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල භූමිකාව අවසන් වී තිබුනි. දෙවැනිව, නැගෙනහිර යුරෝපයේ, බෝල්කන් ප්‍රදේශවල හා රුසියාව තුලම, ධනේශ්වර ජාතික ව්‍යාපාර පැන නැගුනේ 20 වන සියවසේ ආරම්භයත් සමඟය. තෙවනුව, මානව වර්ගයාගේ බහුතරයකට වග කියන චීනය, ඉන්දියාව සහ තුර්කිය ඇතුලු යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල්, ධනේශ්වර ජාතික ව්‍යාපාර “ආරම්භ නොවුන තරම්ය.”

එපමනක් නොව, භූමි ප්‍රදේශ දේශපාලන වශයෙන් එක්සත් කිරීම සහ දේශීය වෙලඳපොලවල් අත්පත් කර ගැනීම සමඟ බැඳී තිබුන ධනේශ්වර වර්ධනය තුල ජාතික ව්‍යාපාරවල වෛෂයික අභිලාෂයන් කෙරෙහි ද ලෙනින් අවධානය යොමුකර තිබුනි.

ව්ලැදිමීර් ලෙනින්

ජාතික ස්වයං නිර්නය පිලිබඳ සටන් පාඨය නැවත විමසා බැලීමේදී හජාජාක, ලෙනින්ගේ එම ඓතිහාසික-භෞතිකවාදී ප්‍රවේශය අනුගමනය කලේය. පැරනි සූත්‍ර වාචිකව පුනරුච්ඡාරනය නොකර, සංයුක්ත ‌ඓතිහාසික විශ්ලේෂනයක් සිදු කලේය.

ජාතික ස්වයං නිර්නය අදාල වන බව ලෙනින් පැවසූ රටවල් දෙවර්ගයට - නැගෙනහිර යුරෝපය, රුසියාව සහ බෝල්කන් සහ යටත් විජිත ලෝකය - 1917 සිට රුසියානු විප්ලවය සහ ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග විජිතකරනය හා 1949 චීන විප්ලවය ඇතුලුව, 1914 සිට දැවැන්ත විප්ලවීය කැලඹීම්වලට මුහුන දී තිබේ.

නව ජනවාර්ගික-ජාතිකවාදී බෙදුම්වාදී ව්‍යාපාර “ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාර” -ලෙනින් සඳහන් කල- නොවේ. නැගෙනහිර යුරෝපයේ, බෝල්කන්හි හා රුසියාවේ ඒවා නැඟී ආවේ, ධනේශ්වර පුනස්ථාපන ක්‍රියාවලියේ කොටසක් ලෙස බිහි වූ නිලධරයන් ධනපතියන් බවට පත්වෙමින් ප්‍රචන්ඩත්වය හා ජනවාර්ගික පවිත්‍රකරනය තුලින් තම භූමි ප්‍රදේශ කපා වෙන්කර ගැනීමට දරන ලද උත්සාහය තුලින් ය . පැරනි යටත් විජිත රටවල ඔවුන් නියෝජනය කරන්නේ, අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගැනීමට ධනේශ්වර ජාතිකවාදී ආන්ඩු විසින් අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ දරන ලද අසාර්ථක වෑයමක අතුරු පලයයි.

මෙම තත්වයන් යටතේ, “ස්වයංනිර්න අයිතිය” යන්නෙන් ලෙනින් ඉදිරිපත් කල සංකල්පවලට වඩා බෙහෙවින් වෙනස් දෙයක් අදහස් විය. ලෙනින් සහ බොල්ෂෙවික්වරුන් විසින් මෙම අයිතියට ලබා දී ඇති “නිෂේධනාත්මක” හැඟීම, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මඟපෙන්වීම අනුව යමින්, ජනවාර්ගික හා ආගමික සුවිශේෂතා මත පදනම් වූ ජාතික බෙදුම්වාදයේ සෑම ප්‍රකාශනයක්ම ප්‍රවර්ධනය කරන පැබ්ලෝවාදීන් සහ ව්‍යාජ වම්මුන් විසින් ප්‍රගතිශීලී වර්ධනයක් ලෙස හුවාදැක්වීමෙන් මුලුමනින්ම අවුල් කර ඇත.

මෙම නව ජාතිකවාදී ව්‍යාපාර පැහැදිලිවම ලෙනින් විසින් විස්තර කරන ලද ක්‍රියාවලියට සම්බන්ධ නොවේ: ජාතික භූමි ප්‍රදේශයක් එක්සත් කිරීමට සහ ස්වදේශීය වෙලඳපොල අල්ලා ගැනීමට ජාතික රාජ්‍යයන් පිහිටුවීම. ඒ වෙනුවට ඒවා කැපවී ඇත්තේ පවත්නා රාජ්‍යයන් කැබලි කිරීම සඳහා ය. ස්වදේශීය වෙලඳපොලක් නිර්මානය කරනවා වෙනුවට ඔවුන්ගේ අරමුන, දේශීය ධනේශ්වර කල්ලිවල ප්‍රයෝජනය සඳහා අධිරාජ්‍යවාදය සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමයි.

ගෝලීය ආර්ථික ඒකාග්‍රකරනයේ මෙම යුගයේදී නව ජාතික රාජ්‍යයන් පිහිටුවීම මගින් මානව වර්ගයාගේ විමුක්තිය අත්කරගත හැකිය යන සංකල්පය ජාත්‍යන්තර කමිටුව ප්‍රතික්ෂේප කලේය. ජනවාර්ගිකත්වය, භාෂාව සහ ආගම අනුව පවත්නා ජනගහනය කපා දැමීමේ වැඩසටහන ම්ලේච්ඡත්වයට මාර්ගය පාදයි. මෙම වර්ධනයන්ට විරුද්ධව ජාත්‍යන්තර කමිටුව, ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල මත පදනම්ව, ජාතික සීමාවන් ඉක්මවා යන අරගලයේ දී කම්කරු පන්තිය එක්සත් කිරීම කරා පෙරට ගියේය.

අවසාන වශයෙන්: සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ ගල්ෆ් යුද්ධය දියත් කිරීමත් සමඟ 1990 සහ 1991 ඊනියා “ඒක ධ්‍රැවීය මොහොත”, මොස්කව් ස්ටැලින්වාදී නිලධරයේ සහයෝගීතාවය මත සහ ඇමරිකානු ධනවාදයේ අධිකාරය සමඟින් පිහිටුවන ලද පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමතයේ බිඳ වැටීම සනිටුහන් කලේය. එය නිර්බාධිත යුද්ධයේ, අන්තර් අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් වැඩී යාමේ සහ පන්ති අරගලයේ හා සමාජවාදී විප්ලවයේ ගෝලීය නැගීමක අනිවාර්ය නව කාල පරිච්ඡේදයක ආරම්භය සලකුනු කරයි.

මහා සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීම සහ 1985 භේදය හමුවේ භාරගත් කම්කරු පන්තිය දේශපාලනිකව පැහැදිලි කිරීමේ අරගලය, මෙම ව්‍යාපාරය සහ මෙම ව්‍යාපාරය පමනක්ම හතරවන ජාත්‍යන්තර හා ට්‍රොට්ස්කිවාදය නියෝජනය කරන බව අවිවාදිත ය. කම්කරු පන්තිය මුහුන දෙන දැවැන්ත කර්තව්‍යයන්ට උරදිය හැකි අව්‍යාජ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා සූදානම් වන්නේ මෙම ව්‍යාපාරය පමනක් බව එය තහවුරු කලේය.

දැවැන්ත වෙනස්කම් සිදු වූ මෙම කාල පරිච්ඡේදය තුල වර්ධනය කරන ලද ලියකියවිලි, අප ඉදිරියට පමුනුවා ඇති කාර්යයන් සඳහා තීරනාත්මක න්‍යායාත්මක හා දේශපාලන පදනම් සපයයි. අප ජාත්‍යන්තර පරිමානයෙන් පන්ති අරගලයේ පුනර්ජීවනයකට මුහුන දෙමින් සිටිමු. එම තත්වය, ලියොන් ට්‍රොට්ස්කි අපේක්ෂා කල පරිදි ලෝක සමාජවාදී විප්ලවයේ මහජන පක්ෂය ලෙස සෑම රටකම හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා කොන්දේසි නිර්මානය කරයි.

පාද සටහන්:

[1] ලෝක ධනවාදී අර්බුදය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන යෝජනාව, (කම්කරු මාවත ප්‍රකාශන, 1988-අගෝස්තු), පි. 26 අනු ඡේද අංක-157.

[2] ෆරීඞ් සකාරියා, “ඇමරිකානු බලයේ ස්වයං විනාශය” Foreign Affairs (විදේශ කටයුතු), වෙලුම. 98, අංක 4, (2019 ජූලි / අගෝස්තු)

[3] චාල්ස් ක්‍රවුතම්මර්, “ඒක ධ්‍රැවීය මොහොත,” Foreign Affairs (විදේශ කටයුතු), වෙලුම. 70, අංක 1, (1990/1991), පි. 23-33

[4] බුලටින්, 1991 මාර්තු 1, “බුෂ් සමූහ ඝාතන පිලිබඳ වරදකරුවෙකි”

[5] Desert Slaughter,( ඩෙසර්ට් ස්ලෝටර්), ඉරාකයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය, (ඩෙට්‍රොයිට්: ලේබර් ප්‍රකාශන, 1991), පි. 232.

[6] කාල් මාක්ස් ෆ්‍රෙඞ්රික් එංගල්ස්, Collected Works එකතු කල කෘති, වෙලුම. 25, පි. 153.

[7] ධනවාදයේ මරලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, සංක්‍රමන ක්‍රියාමාර්ගය, පිට. 20.

[8] Workers League Internal Bulletin, වර්කර්ස් ලීග් අභ්‍යන්තර බුලටින්, වෙලුම. 4, අංක 15, පි. 31.

[9] Workers League Internal Bulletin, වර්කර්ස් ලීග් අභ්‍යන්තර බුලටින්, වෙලුම. 5, අංක 1, පි. 2.

[10] අධිරාජ්‍යවාදී යුද්ධයට සහ යටත් විජිතවාදයට විරුද්ධ වනු, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශනය, (ඩෙට්‍රොයිට්: කම්කරු ප්‍රකාශන, 1991), පි. 12.

[11] එම., පි. 24.

[12]The Fourth International (හතරවන ජාත්‍යන්තරය), වෙලුම. 19, අංක 1, ශීත-කාලය, 1992, පි. 11.

[13] එම පි. 7.

[14] එම පි. 9.

[15] එම පි. 10

[16] එම පි. 14

[17] එම පි. 13.

[18] අධිරාජ්‍යවාදී යුද්ධයට සහ යටත් විජිතවාදයට විරුද්ධ වනු, පි. 16.

[19] The Fourth International ( හතරවන ජාත්‍යන්තරය), වෙලුම. 19, අංක 1, පි. 38.

[20] ආර්මේනියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, ඉස්ක්‍රා, අංක 33, පෙබරවාරි 1, 1903, ලෙනින්, Collected Works එකතු කරන ලද කෘති, වෙලුම. 6, පි. 326-329.

Share this article: