ශ්‍රී ලංකාවේ සසප ජනාධිපතිවරන උද්ඝෝෂනයේ ප්‍රසිද්ධ රැස්වීම් නිවේදනය කරයි

2019 ඔක්තෝබර් 10

නොවැම්බර් 16දා පැවැත්වෙන ජනාධිපතිවරනය සඳහා සිය උද්ඝෝෂනයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය රටපුරා ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වති. පලමු ප්‍රසිද්ධ රැස්වීම ඔක්තෝබර් 15 අඟහරුවාදා කොලඹ දී පැවැත්වේ.

පක්ෂයේ දේශපාලන කමිටුවේ දීර්ඝ-කාලීන සාමාජිකයෙක් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කොලඹ කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙක් වන පානි විජේසිරිවර්ධන සසප ජනාධිපති අපේක්ෂකයා ය. කම්කරුවන්, තරුනයන් හා පීඩිතයන් අතර ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමේ දිගු ඉතිහාසයක් ඔහුට තිබේ.

ගෝලීය ආර්ථික බිඳවැටීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් අවුලු‍වන භූ-දේශපාලනික ආතතීන් සහ ජාත්‍යන්තර කම්කරු පන්තියෙහි පුනර්ජීවනයේ කොටසක් ලෙස වැඩෙන කම්කරු පන්තික වර්ජන හා අරගල විසින් උද්ගත කෙරුනු ගැඹුරු දේශපාලන අර්බුදයකට ශ්‍රී ලංකාවේ පාලක පන්තිය මුහුන දෙයි.

දේශපාලන සංස්ථාපිතයේ සියලු‍ පක්ෂ මහජනයා අතර දැඩි ලෙස අපකීර්තියට පත්ව ඇත. සසපට අමතර ව තවත් අපේක්ෂකයෝ 34 දෙනෙක් ජනාධිපතිවරනයට තරඟ කරති. මෙම දීර්ඝ ලැයිස්තුව ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවෙහි අර්බුදය පිලිබඳ තවත් දර්ශකයකි.

ආර්ථිකය ගැඹුරු කිඳී යාමකට හා වැඩෙන විදේශ නයට මුහුන දෙන තත්වයක මහජන වර්ජන හා විරෝධතා පැනනැගීම නිසා භ්‍රාන්ත වී සිටින පාලක පන්තියේ සෑම පක්ෂයක් ම, ලොව පුරා පාලක පන්තිවල පක්ෂ මෙන් ම ආඥාදායක පාලන ක්‍රමයක් කරා මාරුවීමට සූදානම් වෙමින් සිටී. පාලක එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු‍ මෙම සියලු‍ පක්ෂ, “ශක්තිමත් ආන්ඩුවක්” හා “ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම” සඳහා කැඳවුම් කරමින් සිටිති. මෙය මර්දනීය තන්ත්‍රයක් ඇටවීමේ භාෂාවයි.

නව සම සමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ, තමන් “සමාජවාදී” අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව කියති. මෙම කියාපෑම් ව්‍යාජ ය. අත්‍යන්තයෙන් ම ජාතිකවාදී මෙම පක්ෂවලට, ධනේශ්වර පක්ෂවලට ඍජු ව හෝ වක්‍ර ව සහයෝගය දීමේ දිගු ඉතිහාසයක් තිබේ. ධනපති ලාබ පද්ධතිය තුල, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් මත එල්ලවන ප්‍රහාරවලට ජාතිකවාදී විසඳුමක් නැත.

අනෙක් සියලු‍ පක්ෂවලට ප්‍රතිවිරුද්ධ ව, සසප හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සිය සහෝදර පක්ෂ ද සමගින්, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත එල්ලවන ප්‍රහාරයට එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු‍ගැන්වීමක් හා ජාත්‍යන්තර එකමුතුව සඳහා සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කරයි. මෙම අරගලයේ තීරනාත්මක කොටසක් වන්නේ, එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රධාන බලවතුන් විසින් සිදුකරන ලද යුද අපරාධ හෙලිදරවු කිරීම නිසා චෝදනාවන්ට සහ හිංසනයට භාජනය කරනු ලැබසිටින විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් හා රහස් තොරතුරු හෙලිදරවු කරන්නියක වූ චෙල්සී මැනිං ආරක්ෂා කරගැනීම සඳහා ගෙන යන ගෝලීය උද්ඝෝෂනය යි.

මෙම සන්දර්භය තුල, දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සසප සටන් වදී.

සසප මැතිවරන රැස්වීම්, කම්කරුවන්ට හා දුගීන්ට තීරනාත්මක වන මෙම දේශපාලන ප්‍රශ්න හා අනෙකුත් ප්‍රශ්න සාකච්ඡාවට ගනු ඇත. කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අපේ රැස්වීම්වලට සහභාගි වී මෙම වැදගත් සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස යි.

සසප ජනාධිපති අපේක්ෂකගේ ගුවන් විදුලි සහ රූපවාහිනි කතා

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව -- ස්වදේශීය සේවය

නොවැම්බර් 3 ඉරිදා උදේ 11 සිට 11.15 දක්වා

ජාතික රූපවාහිනිය අයි නාලිකාව

ඔක්තෝබර් 29 අඟහරුවාදා රාත්‍රී 8.15 සිට 8.30 දක්වා

නොවැම්බර් 10 ඉරිදා රාත්‍රී 8.30 සිට 8.45 දක්වා

රැස්වීම් පැවැත්වෙන දින හා ස්ථාන

ඔක්තෝබර් 15 ප.ව. 4 -මහජන පුස්තකාල ශ්‍රවනාගාරය, කොලඹ

ඔක්තෝබර් 18 සවස 4 - යාපනය වීරසිංහම් ශාලාව

ඔක්තෝබර් 19 සවස 4 - කාරෛනගර් ඌරී ඇන්ඩර්සන් ශාලාව

ඔක්තෝබර් 24 ප.ව. 4 - ඩෙවොන් ශාලාව, (කච්චේරිය ඉදිරිපිට) මහනුවර

ඔක්තෝබර් 30 ප.ව. 4 - ගාල්ල ක්‍රීඩාමන්ඩප ශාලාව

නොවැම්බර් 3 ප.ව. 2 - හැටන් නගර ශාලාව

නොවැම්බර් 6 ප.ව. 4 - සුදසුන ශාලාව, හලාවත

නොවැම්බර් 7 ප.ව. 4 - ගම්පහ නගර සභාවේ පුස්තකාල ශ්‍රවනාගාරය

නොවැම්බර් 8 සවස 3.30 - කුරුනෑගල තරුන බෞද්ධ සංගම් ශාලාව (වයිඑම්බීඒ)

නොවැම්බර් 11 සවස 4 - කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

නොවැම්බර් 12 සවස 2 - අවිස්සාවේල්ල නගර සභා පුස්තකාල ශ්‍රවනාගාරය

Share this article: