බැල්ටිමෝ නගරයට එරෙහි ට්‍රම්ප්ගේ වාර්ගික බැන වැදීම පසුපස දේශපාලනික මූලෝපාය

The political strategy behind Trump’s racist diatribe against Baltimore

2019 ජූලි 29

ඩෙමොක්‍රටික් කොංග්‍රස් මන්ඩල සභික එලිජා කමින්ග්ස් ට හා බැල්ටිමොර් නගරයට එරෙහි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වාර්ගික වාචාලකම් සලකුනු කරන්නේ විවෘත ෆැසිස්ට් ව්‍ය්‍යාපාරයක ප්‍රකෝපකරනය මත තම නැවත පත්වීමේ උද්ඝෝෂනය පදනම් කිරිමට ඔහු ගන්නා උත්සාහයේ සිතා මතා කල උත්සන්න කිරීමකි.

සෙනසුරාදා, ට්‍රම්ප් බැල්ටිමොර් නගරයෙන් අඩක් වට කරන, කමින්ස්ගේ දිස්ත්‍රික්කය “මීයන් හා කෘන්තකයින් ගහන කැඳහැලියක්,” “පිලිකුල් සහගත හා කැත තැනක්” මෙන් ම “දූෂිත අවුලක්” යැයි ට්වීටර් කලේ ය. “කිසිම මනුෂ්‍යයෙකුට එහි ජීවත් වන්න ඕනෑ වෙන්නේ නැතැ” යි ඔහු අවසන් කලේ ය.

ඉරිදා, ට්‍රම්ප් එක්සත් රාජධානියේ සන් පුවත්පතේ ෆැසිස්ට්තාලයේ තීරු ලිපි රචිකා කැතී හොප්කින්ස්ගේ බැල්ටිමොර් “ජරා අගුපිලක්” ලෙස සඳහන් කරන ප්‍රකාශනයක් ට්වීටර් කලේ ය. එය එම අපහාසය සමගින් අප්‍රිකානු රටවල් අවමන් කරන ඔහුගේ මීට පෙර ප්‍රකාශනවලට සැඳහුමකි. “සංක්‍රමනිකයන් කැරපොත්තන් වගේ” වන අතර “ඔවුන්ට න්‍යෂ්ටික බෝම්බයකින් බේරීමට හැකියාව ඇත” යි කියන 2015 ප්‍රකාශන ඇතුලු‍ව, සංක්‍රමනිකයන්ට එරෙහි බියකරු ප්‍රහාර සම්බන්ධයෙන් හොප්කින්ස් ප්‍රසිද්ධ ය.

ට්‍රම්ප්ගේ කැත බනැ වැදීම් පැමිනෙන්නේ සති දෙකකට පෙර ඩෙමොක්‍රටික් කොංග්‍රස් මන්ඩල සභිකාවන් හතරදෙනෙකුට එරෙහි ඔහුගේ ප්‍රහාරයට පසුවය. එම අවස්ථාවේ දී “ඔවුන් පැමිනි අපරාධ පිරි ස්ථානවලට ඔවුන් ආපසු යා යුතු” යැයි ඔහු සඳහන් කලේ ය. සියලු දෙනා එක්සත් ජනපද පුරවැසියන් වන, එම කොංග්‍රස් මන්ඩල සභිකාවෝ “අපේ රටට වෛර කරන” අතර “ත්‍රස්තවාදයටය” සහාය දෙතැ යි ඔහු ප්‍රකාශ කලේ ය. 2018 අප්‍රේල් මාසයේ දී, ට්‍රම්ප් “හාස්‍යජනක, අපරාධ පිරුනු හා බෝ කිරීමේ සංකල්පයක්” ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැලිෆෝර්නියාවේ “අභයස්ථාන නගර” හෙලා දුටුවේ ය.

ට්‍රම්ප් නිකම්ම කතා කරමින් සිටිනවා නො වේ. ඔහුගේ මෑත ම ප්‍රකාශ සිද්ධ වන්නේ රට පුරා දැවන්ත අත්අඩංගුවට ගැනීම්වලට තර්ජනය කරමින් හා එක්සත් ජනපද - මෙක්සිකෝ දේශසීමාවේ ගාල් කඳවුරුවල දහස් ගනන් සිර කරමින්, පාලනාධිකාරය සංක්‍රමනිකයන්ට එරෙහි තම ප්‍රහාර උත්සන්න කරමින් සිටිය දී ය.

වචනවලට අර්ථයක් හා ප්‍රතිවිපාක ඇත. බලයේ සිටින ජනාධිපතිවරයෙකු විසින් එවැනි අශෝභන වර්ගවාදී වචනවලින් ඇමරිකානු නගරයක් හා පුරවැසියන් හෙලා දැකීමට එක්සත් ජනපද ඉතිහාසය තුල පූර්වාදර්ශයක් නොමැත. තමන් ගින්දර සමග සෙල්ලම් කරමින් සිටින බව ට්‍රම්ප් දනී. වාර්ගික අදහස් දැක්වීම් අන්ත දක්ෂිනාංශයේ තම ආධාරකරුවන් දිරිමත් කර, එක්රැස් කර ගන්නවා පමනක් නො වන බව ඔහු දනී. තම අශෝබන ප්‍රකෝපකරනයන් ප්‍රචන්ඩත්වය සඳහා අතිමහත් විභවයන් සහිතව, දැනටමත් අස්ථාවර දේශපාලන වාතාවරනය තීව්‍ර කරන අතර, “නීතිය හා සාමය” ඔසවා තැබීමට ඒකාධිපති බලතල කැඳවීමට ඔහුට හැකි කරනු ඇති කොන්දේසි නිර්මානය කරනු ඇති බවට ද ට්‍රම්ප් කල්පනා කරයි.

ජනාධිපති සති අන්තයේ දී සමාජවාදී හා “රැඩිකල් වාම” දේශපාලනය සම්බන්ධ තම හෙලා දැකීම් ද තීව්‍ර කලේ ය. “බේස් බෝල් පිතිවලින් මිනිසුන්ගේ හිස්වලට (අහිංසක අයට පමනක්) පහර දෙමින් හාත්පස යන බියගුලු‍ රැඩිකල් වමේ අවිචාරී පුද්ගලයන් (එම්එස්-13 හා අනෙක් අය සමග) ෆැසිස්ට්වාද විරෝධී (ඇන්ටිපෆා), ප්‍රධාන ත්‍රස්තවාදී සංවිධානයක් යැයි නම් කිරීමට සැලකිල්ලට ගනිමින් සිටිමි. එය පොලිසියට ඔවුන්ගේ රාජකාරිය පහසු කරවනු ඇත. ” යි ඔහු ඉරිදා උදෑසන ට්වීටර් කලේ ය. මෙයින් අදහස් කරන්නේ වාමාංශික අදහස් අපරාධකරනය කිරීම සඳහා රජය සෘජු පියවර ගනිමින් සිටින බව යි.

ප්‍රකෝප කිරීමේ පරිමාව අනුව, ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය සාමාන්‍යයෙන් බියගුලු‍කම හා මගහැරීම යන දෙකෙහි ම අධෛර්යමත් එකතුවකි. පසුගිය සතියේ හිටපු විශේෂ නීති උපදේශක රොබට් මුලර් විසින් කරන ලද කොන්ග්‍රස් මන්ඩලය ඉදිරියේ සාක්ෂි දීම ඩිමොක්‍රටිකයින්ට පරාජයක් වූවත්, එය ඇමරිකානු දේශපාලනය තුල “රුසියානු ඇඟිලි ගැසීම් හා “විදේශ මැදිහත්වීම” පිලිබඳ ඔවුන්ගේ උමතු සහ නව මැකාර්තියානු හෙලා දැකීම් තීව්‍ර කිරීමෙන් ඔවුන් වලක්වා නැත.

රුසියානු කුමන්ත්‍රනයක් පිලිබඳ ඩිමොක්‍රටිකයන්ගේ කතාවේ තර්ක පදනම නම් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට සැබෑ තර්ජනය පැමිනෙන්නේ ධවල මන්දිරයට වඩා ක්‍රෙම්ලිනයෙන් බව යි. එපමනක් නොව, ට්‍රම්ප්ට එරෙහි ඩිමොක්‍රටිකයන්ගේ මවාපෑම හෙලි කරන්නේ ඔහුට අවශ්‍ය විටෙක ඔවුන්ගේ සහයෝගය අපේක්ෂා කල හැකි වෙතැ යි යන කාරනයෙනි.

දේශපාලන සංස්ථාපිතයේ සියලු‍ කොටස්වල එකඟතාවයේ තරම පසු ගිය සතියේ ප්‍රකාශ කෙරුනේ ට්‍රම්ප් පරිපාලනය විසින් අනුබල දෙන ලද, මිලිටරි වියදම් සඳහා වාර්තාගත ඩොලර් බිලියන 738ක් අඩංගු, අයැවැය බිල්පතක් නියෝජිත මන්ත්‍රී මන්ඩල නියෝජතයින් විසින් අනුමත කරන ලද අතිප්‍රබල ඡේදයක් තුල ය. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ සාමාජිකාවක මෙන් ම ට්‍රම්ප් විසින් ඉලක්ක කර ගැනුන කොන්ග්‍රස් සභිකාවන් සිව්දෙනාගෙන් එක් අයෙකු වන ඇලෙක්සැන්ඩි්‍රයා ඔකාසියෝ-කෝර්ටෙස් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලා ය.

ඒ අතරම, එක්සත් ජනපද දේශපාලනයේ “ විදේශ මැදිහත්වීම්” පිලිබඳ උද්ඝෝෂනය (මෙතෙක් කිසිදු බැරෑරුම් සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති) අන්තර්ජාල වාරනය හා නිදහස් කථනයට එරෙහි ප්‍රහාර ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගෙන ඇත. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ රහස් හෙලි කිරීම සම්බන්ධයෙන් විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහි උද්ඝෝෂනයට පෙරමුන ගෙන ඇති ඩිමොක්‍රටිකයෝ අසාන්ජ්ට එරෙහිව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිරගත වී සිටින අකටයුතු හෙලිකරන්නිය වන චෙල්සි මැනිංගේ ඉරනම පිලිබඳ ව සම්පූර්න නිශ්ශබ්දතාවයක් පවත්වා ගෙන යති.

ඩිමොක්‍රටිකයන්ගේ මූලික අවධානය යොමු වන්නේ කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන ව්‍යාපාරයක වර්ධනය අවහිර කිරීමට යි. ඔහුගේ සමාරම්භක අවස්ථාවේදී ම පුපුරා ගිය මූලික විරෝධතා තුල ප්‍රකාශ කෙරුනු, ට්‍රම්ප් පාලනාධිකාරයට එරෙහි මහජන විරෝධය, ඩිමොක්‍රටික් පක්ෂයේ දක්ෂිනාංශික, මිලිටරිවාදී න්‍යාය පත්‍රය පිටුපස හරවා යවා ඇත.

මෙම ප්‍රයත්නයේ කොටසක් ලෙස, ඩිමොක්‍රටිකයෝ, ඩිමොක්‍රටික් පක්ෂය තුල හා එය වටා ක්‍රියාත්මක වන ඉහල මධ්‍යම පන්තියේ සංවිධාන සමඟ එක්ව, පන්තිය නො ව, වර්ගය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික අනන්‍යතාවේ රේඛා ඔස්සේ බෙදීම් පුලු‍ල් කරවන අයුරින් සියලු‍ දේශපාලන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට කටයුතු කරති. වාර්ගික හා අනන්‍යතා දේශපලනයේ තමන්ගේ ම සන්නාමයක් (මෙයට අනුව ට්‍රම්ප් ප්‍රතිගාමී, සුදු කම්කරුවන්ගේ ප්‍රකාශකයෙකි) පිලිබඳ නපුරු ප්‍රචාරයක් මගින්, ඩිමොක්‍රටිකයින් ට්‍රම්ප්ට ඔහුගේ ෆැසිස්ට් බැන වැදීම් සඳහා දේශපාලන රාමුව සපයා දී තිබේ.

රාජ්‍ය සංවිධාන තුල ගැටුමේ රාමුව තුල “වමේ” කවුරුන් ද “දකුනේ” කවුරුන් ද යන්න කීම දේශපාලනික වශයෙන් අර්ථ විරහිත ය. සෑම කන්ඩායමකට ම අවශ්‍ය වන්නේ යුද්ධය, වාරනය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහර දීම හා පන්ති අරගලය මර්දනය කිරීම යි.

ට්‍රම්ප් පරිපාලනය ඉවත් කල යුතු නමුත් ප්‍රශ්නය වන්නේ කෙසේ ද එමෙන් ම කුමන විධික්‍රමයන්ගෙන් ද යන්න යි. ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රතිපත්තිය ට්‍රම්ප් ධුරයේ තබා ගැනීම අරමුනු කර ගෙන ඇති බව මේ වන විට පැහැදිලි විය යුතු ය. ඔවුන් යම් ආකාරයක මාලිගා කුමන්ත්‍රනයකින් ට්‍රම්ප් ඉවත් කල ද, එය පාලක පන්තියේ මූලික ප්‍රතිපත්තිය නො වෙනස් ව තබනු ඇත. ආසන්න ම ප්‍රතිවිපාකය වනු ඇත්තේ රුසියාවට එරෙහි යුද තර්ජන උත්සන්න කිරීම යි

කම්කරු පන්තියේ හදිසි කාර්යය වන්නේ ධනේශ්වර පක්ෂ දෙකේ දේශපාලන යකඩ සැට්ටයෙන් මිදී ස්වාධීන ව මැදිහත් වීම යි.

ට්‍රම්ප් පරිපාලනයට එරෙහි අරගලය පහල සිට මහජන ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතු ය. ට්‍රම්ප් පාලනාධිකාරියේ සංක්‍රමනිකයින්ට එරෙහි ෆැසිස්ට්තාලයේ ප්‍රහාරයට හා වර්ගවාදී ආයාචනාවලට එරෙහි වීම ජාත්‍යන්තර වශයෙන් කම්කරු පන්තියේ වැඩෙන අරගලයන් සඳහා පොලඹවන මහා සමාජ ප්‍රශ්න: එනම් අසමානතාව, රැකියා හා වැටුප් වලට පහර දීම, වාරනය හා යුද්ධයට එරෙහි සටන සමඟ සම්බන්ධ කල යුතු ය.

එවැනි ඉදිරිදර්ශනයක් යථාර්ථවාදී නො වන බවට කරන ඕනෑ ම ප්‍රකාශයක් පුඑර්තෝ රිකෝ හි වර්ධනයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එහි දී මහජන විරෝධතා ආන්ඩුකාර රිකාඩෝ රොසෙලෝගේ ඉල්ලා අස්වීමට බල කලේ ය. එය ප්‍රන්සයේ කහ බැනියම් ව්‍යාපාරය, හොංකොං හි දැනට පවතින උද්ඝෝෂන සහ ඇල්ජීරියාවේ මහජන විරෝධතා ඇතුලු සමාජ නොසන්සුන්තාවයේ වර්ධනය වන රැල්ලක කොටසකි. සංස්ථාපිත පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව පෝටෝ රිකෝ හි පුපුරා යාම රොසෙලෝ බලහත්කාරයෙන් ඉවත් කිරීමට සමත් වී ඇති නමුත්, ඔහු පිටුපස ඇති සමාජ හා දේශපාලන බලවේගයන් (වෝල් වීදියේ හා වොෂිංටනයේ) තවමත් පවතී.

කෙසේ වෙතත්, පුඑර්තෝ රිකෝ හි සිදුවීම්වලින් පෙනී යන්නේ, මහජන ව්‍යාපාරයක් ඇති විය හැකි බව පමනක් නොව, එය වර්ධනයේ වඩාත් ශඛ්‍ය මාවත වනු ඇති බව යි.

ආන්ඩු ඉවත් කිරීම සිදු වනු ඇත්තේ දේශපාලන සංස්ථාපිතයේ උපාමාරු හරහා නො ව කම්කරු පන්තියේ මැදිහත් වීමෙන් ය. මේ සඳහා අරගලයේ නව සංවිධාන අවශ්‍ය වේ. සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ ධනේශ්වර පාලක ප්‍රභූවට එරෙහි පොදු ප්‍රහාරයකදී සෑම වෙන් වූ අරගලයක් ම සම්බන්ධ කිරීම සඳහා සියලු‍ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව පොදු සේවා ස්ථාන සහ අසල්වැසි කමිටු ජාලයක් සංවර්ධනය කරන ලෙස යි. මෙය පැහැදිලි ධනේශ්වර විරෝධී, අධිරාජ්‍යවාද විරෝධී හා සමාජවාදී ක්‍රියාමාර්ගයකට සම්බන්ධ කල යුතුය.

ජෝශප් කිෂෝර්

Share this article: