වීඩියෝව: 2019 ජනාධිපතිවරනයේදී ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂකයාට සහාය දෙන ලෙස සසප ලේකම් විජේ ඩයස්ගෙන් ඉල්ලීමක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ඔක්තෝබර් 29

එලැඹෙන ජනාධිපතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල තීරනාත්මක බව අවධාරනය කරන සසප ලේකම් විජේ ඩයස්, එම වැඩපිලිවෙල මත ජනාධිපතිවරනයේදී සසපයෙන් තරග වදින පානි විජේසිරිවර්ධනට සහය දෙන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, අවශේෂ පීඩිතයන්ගෙන් ඉල්ලා සිටියි.

ඩයස් මෙහිදී, ධනපති ක්‍රමය මුහුනදී දී ඇති ගෝලීය අර්බුදය පිලිබඳව අදහස් දක්වන අතර ලංකාව තුල කම්කරුවන් පීඩිතයින් මුහුන දෙන ප්‍රශ්න එයින් පැන නගින්නක් බව පෙන්වා දෙයි. ඒ අනුව, මෙම මැතිවරනයෙන් කවර ආන්ඩුවක් බලයට පත් වුවද කම්කරු පීඩිත මහජනතාවගේ ප්‍රශ්න කිසිවක් නොවිසඳෙන බව ඔහු දැඩිව අවධාරනය කරයි. මේ තත්වය යටතේ ව්‍යාජ-වාම පක්ෂයන්හි දේශපාලන වැඩපිලිවෙලවල වංචනිකභාවය උච්ච ස්ථානයකට පැමින ඇති ආකාරය ඩයස් මෙහිදී විමසුමට ලක් කරයි.

අනෙකුත් ධනපති හා ව්‍යාජ-වාම පක්ෂ විවිධාකාර ප්‍රෝඩාකාරී පොරොන්දු දෙමින් ධනපති ක්‍රමයේ අර්බුදය වසන් කරද්දී, ඊට විරුද්ධව මහජනතාවගේ ප්‍රශ්නවලට පවතින එකම විසඳුම වන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කරන්නේ සසප පමනි. එම වැඩපිලිවෙල ගැඹුරින් හදාරන ලෙසත් එයට සහාය දෙන ලෙසත් ඩයස් තවදුරටත් ඉල්ලා සිටියි. ජාත්‍යන්තර දේශපාලන වර්ධනයන් දිනපතා මාක්ස්වාදී විශ්ලේෂනයට බඳුන් කරමින් ඉහත වැඩපිලිවෙල සදහා සටන් වදින ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි දෛනික පාඨකයෙකු වන ලෙසත්, සසපට බැඳෙන ලෙසත්, ඔහු සිතන මතන කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අවසන් වසයෙන් ඉල්ලා සිටියි.

Share this article: