තොග පිටින් රටෙන් නෙරපා හැරීම සඳහා පූර්වාදර්ශය ලෙස ඉන්දියාව ඇසෑම් වැසියන් මිලියන 1.9ක් “විදේශිකයන්” ලෙස හංවඩු ගසයි

India labels 1.9 million Assam residents “foreigners” as prelude to their mass expulsion

වසන්ත රූපසිංහ විසිනි, 2019 සැප්තැම්බර් 5

ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන ඇසෑමයේ මිලියන 2කට ආසන්න වැසියන්, ඉන්දීය රාජ්‍යයේ ප්‍රතිගාමී ජාතික පුරවැසි ලේඛනයෙන් (එන්ආර්සී) ඉවත් කරනු ලැබ ඇත. කියනු ලබන මෙම “විදේශිකයන්” තොග පිටින් රටෙන් නෙරපා හැරීමට පෙර රැඳවුම් කඳවුරුවලට ගාල්කිරීමේ තර්ජනයට මුහුන දෙයි.

තව ද ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව එහි ක්‍රියාමාර්ගය සාර්ථක කරගැනීමට සමත් වුව හොත්, බලධාරීන් සෑහීමට පත්වන පරිදි ඇසෑමයේ මිලියන 33කට අධික පුරවැසියන් ඔවුන්ගේ පුරවැසිභාවය සඳහා අයිතිය පෙන්නුම් කරන ලේඛන සම්පාදනය කිරීම හෝ පිටුවහල් කිරීමට ඉලක්ක විය හැකි ව තිබේ. මෙය ඉන්දියාවේ බිලියන 1.3ක් වන සමස්ත ජනගහනය දක්වා ම විස්තාරනය කෙරෙනු ඇත.

එන්ආර්සී ලේඛනයෙන් ඉවත් කරනු ලබන මිලියන 1.9ක් හෙවත් ඇසෑමයේ ජනගහනයෙන් සියයට 6ක් පමන දෙනා, බෙංගාලි බස කතාකරන අතර, ඔවුන්ගෙන් සියයට 90ට වැඩි ප්‍රමානයක් ආන්තික ව දුගී මුස්ලිම්වරුන් ය.

ඇසෑමයේ බෙංගාලි බස කතාකරන සුලුතරයෙන් සැලකිය යුතු කොටසක් රටක් නැතියවුන් ලෙස ප්‍රකාශ කිරීමට දරන උත්සාහයට එරෙහි මහජන විරෝධතා කෙරෙහි බිය වන බීජේපී මධ්‍යම ආන්ඩුව, අගෝස්තු 31දා “අවසන්” වන එන්ආර්සී ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට පෙර, මධ්‍යම සන්නද්ධ පොලිස් බලකායේ (සීඒපීඑෆ්) කන්ඩායම් 145කට වැඩි ගනනක් ප්‍රාන්තය පුරා දිගේලි කලේ ය.

2018 ජූලි මාසයේ ප්‍රකාශයට පත්කල ආරම්භක එන්ආර්සී ලැයිස්තුවක්, මිලියන 4.1ක ජනකායක් ඉන් ඉවත් කලේ ය. බීජේපී ප්‍රාන්ත ඒකකය හා ඇසෑම් ආන්ඩුව තුල එහි ප්‍රධාන සහකරුවා වන වාර්ගික-ස්වෝත්තමවාදී ඇසොම් ගානා පරිෂාද් (ඒජීපී -ඇසෑම් ජනතා සංගමය), බෙංගාලි බස කතාකරන වැඩි පිරිසක් පිටුවහල් කිරීමට ඉලක්ක නො කිරීම ගැන අගෝස්තු 31 “අවසන්” එන්ආර්සී ලැයිස්තුව විවේචනය කර ඇත. “පිටුවහල් කරන සංඛ්‍යාව පිලිබඳ ව ඒජීපී කිසිසේත් තෘප්තිමත් නැහැ...(එය) ඉතා කුඩා අතර අපට එය පිලිගත නො හැකි යි” යි පක්ෂ ප්‍රධානී හා ඇසෑම් කැබිනට් ඇමති අතුල් බෝරා ප්‍රකාශ කලේ ය.

එන්ආර්සීහි ප්‍රකාශිත ඉලක්කය වන්නේ, 1971 මාර්තු 24දාට පෙර තමන් හෝ තම මුතුන් මිත්තන් ඉන්දියාවේ ජීවත් වී යයි සනාථ කිරීමට අසමත් වන්නන් තොග පිටින් පිටුවහල් කිරීම යි. ඒ අනුව, “විදේශිකයන්” ලෙස සැලකෙනු ලැබෙන අතිමහත් බහුතරය එක්කෝ ඉන්දියාවේ උපත ලබා තම මුලු ජීවිතයම ඉන්දියාවේ ගත කර ඇත, නැතහොත් ඉන්දියාවේ දශක ගනනාවක් ජීවත් වී ඇත. එහෙත්, ඇසෑමයේ පරම්පරා ගනනක් ජීවත් වී, ඒ නිසා ප්‍රාන්තයේ ප්‍රතිගාමී පුරවැසි නිර්නායකය සම්පූර්න කර තිබෙන පවුල් වුවත් බලධාරීන්ගේ වාර්ගික ද්වේෂය හා නො හැකියාව නිසා එන්ආර්සී ලැයිස්තුවෙන් ඉවත් කර තිබීම පිලිබඳ ගනන් නැති අවස්ථා මානව හිමිකම් කන්ඩායම් විසින් ලේඛනගත කර තිබේ.

එන්ආර්සී ක්‍රියාවලිය ඉන්දියාව තුල හා ජාත්‍යන්තර ව විරෝධයට හා කෝපයට ලක්ව ඇත. ඉන්දියාව වනාහි “ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රජාතන්ත්‍රය" ලෙස වර්නනා කිරීමෙන් කිසිදා වෙහෙසට පත් නො වන බටහිර මාධ්‍ය පවා විවේචනාත්මක වාර්තා පලකරයි.

සැප්තැම්බර් 1දා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රවීෂ් කුමාර්, එන්ආර්සී ප්‍රකාශයට පත්කිරීම සාරභූත වසයෙන් නො වැදගත් සිද්ධියක් ලෙස පින්තාරු කිරීමට වෑයම් කලේ ය. එන්ආර්සී ලැයිස්තුවෙන් ඉවත් කරන ලද තැනැත්තන් “රටක් නැති” අය ලෙස හෝ “විදේශිකයන්” ලෙස නම් කර ඇති බව ඔහු ප්‍රතික්ෂේප කලේ ය. “එන්ආර්සී ලැයිස්තුවෙන් ඉවත් කිරීම ඇසෑමයේ පුරවැසියෙකුගේ අයිතීන් පිලිබඳ ව කිසිවක් ගම්‍ය නො කරයි. අවසන් ලැයිස්තුව තුල නම් නැති අය ... නීති ප්‍රකාර සියලු පිලියම් අවසන් වන තෙක් රඳවා නො ගනු ඇත” යි කුමාර් කීවේ ය.

මේ සියල්ල -රාජ්‍යය විසින් නිර්මිත වාර්ගික-විලෝපන ව්‍යාපාරයකට නීත්‍යානුකූල, සීමිත හා මානවවාදී යයි පවා සලුපිලි ඇන්දවීමට දරන විනිවිද පෙනෙන උත්සාහයක් වන - පච ය.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ දකුනත් සගයා සහ ස්වදේශ ඇමති වන බීජේපී සභාපති අමිත් ෂා, “නීති-විරෝධී” සංක්‍රමනිකයන් “කෘමීන්” ලෙස යලි යලිත් විස්තර කරමින් ඔවුන් බෙංගාල බොක්කට වීසි කරන බවට සපථ කර ඇත.

ඇසෑමය තුල දැනටමත් රැඳවුම් කඳවුරු හයක් තිබෙන අතර, ඉන් බොහොමයක් දිස්ත්‍රික් බන්ධනාගාර තුල පිහිටා තිබේ; තවත් රැඳවුම් කඳවුරු දුසිමක් පමන ගොඩනගනු ලැබේ.

තමන් ඉවත් කල නො යුතු යයි පසමිතුරු ආන්ඩුවේ නිලධාරීන්ට ඒත්තු ගැන්වීම සඳහා ලිපිලේඛන ඉදිරිපත් කිරීමට දුගී හා බොහෝ විට අකුරු නොදත් ජනයා පොරවැදී සිටින තතු තුල, එන්ආර්සී ක්‍රියාවලිය දැනට මත් විශාල කනස්සල්ලක්, අතෘප්තියක් හා දුෂ්කරතාවක් ජනනය කර ඇත. පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර ඇත්තේ “හුදෙක්” මිලියන 1.9කට පමනක් වීම ගැන තමන් අතෘප්තිමත් යයි ප්‍රාන්ත ආන්ඩුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති කොන්දේසි යටතේ දැන්, තමන් ප්‍රතිගාමී එන්ආර්සී නිර්නායක සපුරාලන බව බලධාරීන්ට ඒත්තු ගැන්වීම පිනිස අලුතින් පිහිටුවා ඇති දහසකට අධික “විදේශික අධිකරනවලින්” එකක් ඉදිරියේ එන්ආර්සී ලැයිස්තුවෙන් ඉවත් කල අය පෙනී සිටිය යුතු ය. ඔවුන් එයිනුත් අසමත් වුවහොත්, සෛද්ධාන්තික ව ඔවුන්ට උසාවියට අභියාචනා කල හැකි වුවත්, මෙම ක්‍රියාවලියේ සෑම පියවරකට ම බොහෝ දෙනාට දැරිය නො හැකි තරමේ මුදලක් වැය වේ.

මෝදි ආන්ඩුව විසින් “එලදෙනුන් ආරක්ෂා කිරීම” දිරිමත් කිරීම මෙන් ම සංක්‍රමනිකයන්ට එරෙහි හතුරුකම ඇවිලවීම, අයෝධ්‍යාවේ සමතලා කරන ලද බාබ්‍රි මස්ජිද් මුස්ලිම් දේවස්ථාන භූමියේ රාම් දෙවියාට කැපකල හින්දු කෝවිලක් ඉදිකිරීම හා අනෙකුත් හින්දු වර්ගවාදී විධික්‍රමවල ඉලක්කය වන්නේ, මහා පරිමාන විරැකියාව, ආන්තික දරිද්‍රතාව හා ගොවිජන අතෘප්තිය කෙරෙහි වැඩෙන කෝපය ප්‍රතිගාමී දිශාවන් ඔස්සේ අපසරනය කිරීම යි.

ඇසෑමයේ බීජේපීයෙහි බෙංගාල-විරෝධී උද්ඝෝෂනයට ප්‍රකාශිත මුස්ලිම්-විරෝධී වර්ගවාදී තෙරපුමක් තිබෙන බව ද ඊට එකතු කල යුතු ය. ඉන්දියාව හින්දු ජාතියක් ලෙස අර්ථ දක්වන හින්දුත්වා-ලයිට් දෘෂ්ටිවාදයට හා හින්දු රාජ්‍යයක් බවට එය පරිවර්තනය කිරීමේ සැලසුම් සමග ගැලපෙන පරිදි, බංග්ලාදේශයට සංක්‍රමනය වූ හින්දු ජාතිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කරන නීතියක් බීජේපීය විසින් ඉදිරිපත් කර තිබෙන අතර බංග්ලාදේශ මුස්ලිම් වැසියන්ට එය අහිමි කරන්නේ, හින්දූන් චෝදනාවන්ට ලක්වීමෙන් වැලකීමට පලාගිය අය බව කියාපෑම මත ය. එහෙත් බුරුමයේ වාර්ගික-පවිත්‍රකරනයෙන් පලා එන රොහින්ජියාවරු සම්බන්ධයෙන් ගත් කල, කිසිවෙකුට පුරවැසිභාවය තබා දේශපාලන රැකවරන පවා නො දෙන්නේ යයි බීජේපී ආන්ඩුව දරදඬු ලෙස කියාපායි.

ඇසෑමය තුල ඉන්දියානු රජයේ නින්දිත කටයුතු, ලොව පුරා සිය සහචරයින් වඩ වඩාත් ආඥාදායක පාලන ක්‍රම යොදාගනිමින් හා වර්ගවාදය ද ෆැසිස්ට් ප්‍රතිගාමිත්වය ද වෙත හැරෙනවාක් මෙන්, ඉන්දියාවේ පාලක පන්තිය ද ජම්මු හා කාෂ්මීරය තුල කටයුතු කල ආකාරය දෝංකාරය නංවයි.

මාසයකට පෙර, ඉන්දියානු ව්‍යවස්ථාව යටතේ ජම්මු කාෂ්මීරයට පවරා තිබූ සුවිශේෂී, අර්ධ-ස්වාධීන තත්ත්වය විධායක නියෝගයක් මගින් නීති-විරෝධී ලෙස අවලංගු කල බීජේපී ආන්ඩුව ව්‍යවස්ථා කුමන්ත්‍රනයක යෙදී ඇත. ඉන්පසු ඉන්දියාවේ එකම මුස්ලිම් බහුතර ප්‍රාන්තය දෙකට බෙදූ බීජේපී ආන්ඩුව, ප්‍රදේශ දෙක මධ්‍යම ආන්ඩුවෙන් පාලනය කරන භූමි ප්‍රදේශ දෙකක් බවට ලඝුකලේ ඒවා ස්ථීර මධ්‍යම ආන්ඩුව භාරයේ තබමිනි. ඒ සමග අද දින දක්වා ම පවතින වටලෑමක් සමඟ එය අත්වැල් බැඳගත්තේ ය. පසුගිය මාසය පුරා ජම්මු කාෂ්මීරයේ මිලියන 13ක් ජනයාට ජංගම දුරකථන හා අන්තර්ජාලය අහිමි කරනු ලැබ තිබේ. ඉන්දියානු හමුදා භටයන් හා පැරාමිලිටරි කන්ඩායම් දසදහස් ගනනක් ඇඳිරි නීතිය පනවා මහජනයාගේ ගමන් බිමන් සීමා කර තිබේ; දහස් ගනනක් දෙනා චෝදනා රහිත ව අත්අඩංගුවට ගෙන ඇත.

මෑත අවුරුදුවල දී මෝදි, අමිත් ෂා හා බීජේපීය නායකත්වය දෙන ඇසෑම් ආන්ඩුව, එන්ආර්සීය වෙනුවෙන් පෙනී සිට ඇතත්, මිලියන 1.9ක් ජනයා රටක් නැති තත්ත්වයට පත්කිරීම, 2014 දී මෝදි හා ඔහුගේ බීජේපීය නව දිල්ලියේ බලයට පත්වීමට පෙරාතු කාලයට අයත් වන දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලය යි.

සත්තකින්ම ඉන්දීය රාජ්‍යය හා සමස්ත ඉන්දීය දේශපාලන සංස්ථාපිතය මෙයට වගකිව යුතු ය.

ඇසෑමය තුල එන්ආර්සීය “යාවත්කාලීන කිරීමට” ශ්‍රේෂ්ඨාධිකරනය විසින් නියෝග කරන ලද්දේ 2014 දී ය. ශ්‍රේෂ්ඨාධිකරනයේ සුපරීක්ෂාව යටතේ සහ වසර 34කට පෙර 1985 දී රජීව් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂ ආන්ඩුව හා වාර්ගික-බහිෂ්කාරකවාදී සමස්ත ඇසෑම් ශිෂ්‍ය සංගමය (ඒඒඑස්යූ) නායකත්වය දුන් ඇසෑම් ව්‍යාපාරය අතර ඇති කරගත් එකඟාතවකට ගැලපෙන පරිදි 2015 දී එය දියත් කල තැන් පටන්, එය මෙහෙයවනු ලැබ ඇත. ඇසෑම් ව්‍යාපාරය -බීජේපීයේ වත්මන් ආන්ඩු සගයා වන ඒජීබීය ඉස්මතු වුනේ මෙයිනි- “බංග්ලාදේශ සංක්‍රමනිකයන්ට” විරුද්ධ ව ප්‍රචන්ඩ හා වසර ගනනක් දීර්ඝ උද්ඝෝෂනයක් ගොඩනංවා තිබුනි.

අවසානයේ දී, ඇසෑමයේ බෙංගාලි බස කතාකරන සුලුතරය ඉලක්ක කරගන්නා උද්ඝෝෂනය, 1947-48 සමයේ දකුනු ආසියාව, මුස්ලිම් ප්‍රමුඛ පකිස්තානයක් හා හින්දු ප්‍රමුඛ ඉන්දියාවක් බවට වාර්ගික ව බෙදීමේ තවත් විෂකුරු ප්‍රතිඵලයකි.රුදුරු ප්‍රචන්ඩත්වය හා මහා ජන මාරුකිරීම් සමග අත්වැල් බැඳගත් මෙම බෙදීම, ආර්ථික ව හා සංස්කෘතික ව එක්සත් ව සිටි කලාප හා ජනකායන් හරහා රාජ්‍ය දේශසීමා ඉදිකලේ ය. ආර්ථික වර්ධනය ව්‍යර්ථ කර ඇති එය, අද දින උප-මහාද්වීපයේ ජනයාට න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය එල්ල කරන ප්‍රතිගාමී ඉන්දු-පකිස්තාන මිලිටරි-මූලෝපායික සතුරුකම් නිර්මානය කර ඇති අතර, කලාපය මත අඛන්ඩ අධිරාජ්‍යවාදී පීඩනයට පහසුකම් සලසා ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ ඇසෑමය තුල බෙංගාලි බස කතාකරන ජනතාවක් වාසය කර ඇත. එහෙත් බෙදීමේ පටන් එම ජනගහනය වර්ධනය වී ඇත්තේ, ඉස්ලාමාබාදයේ පීඩක පාලනයට එරෙහි බංග්ලාදේශ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා 1971 දී පකිස්තාන මිලිටරිය එල්ල කල ප්‍රහාරයෙන් ගැලවීමට හා නැගෙනහිර පකිස්තානයේ ආන්තික දරිද්‍රතාවෙන් පලායාමට සංක්‍රමනිකයන් උත්සාහ දැරූ නිසා ය. බංග්ලාදේශ ජනයාගේ “විමුක්ති දායකයා” ලෙස තමන් වාත්තු කරගනිමින් ඉන්දියාව 1971 දෙසැම්බරයේ ඊට මැදිහත් විය. යථාර්ථය නම්, දකුනු ආසියාවේ ප්‍රතිගාමි වාර්ගික පදනම් සහිත රාජ්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමටත් පකිස්තාන සතුරාට ලේවැකි ප්‍රහාරයක් එල්ල කිරීමටත් ඉන්දියාව, බංග්ලාදේශය ආක්‍රමනය කලේ ය යන්නයි.

ඉන්දීය ධනේශ්වරය සාම්ප්‍රදායික ලෙස නො සලකා හැරි හා කොල්ල කෑ කලාපයක් වන ඊසානදිග කලාපයේ 1970 හා 1980 ගනන්වල වර්ධනය වූ බහිෂ්කාරකවාදී ව්‍යාපාර කිහිපයකින් එකක් වූයේ ඇසෑම් ව්‍යාපාරය යි.

ඇසෑමයේ “සම්පත් කොල්ලකෑම”, ඇසෑම් වැසියන්ගේ “රැකියා උදුරාගැනීම” ජනවර්ග කන්ඩායම් ගනනාවක් වාසය කල ප්‍රාන්තයක ඇසෑමීය සංස්කෘතික ආධිපත්‍යයට තර්ජනය කිරීම ගැන, බංග්ලාදේශයේ “නීති-විරෝධී සංක්‍රමනිකයන්ට” ඒඒඑස්යූ චෝදනා කලේ ය. හය-අවුරුදු ඇසෑම් උද්ඝෝෂනය, බොහෝ දෙනා දුගී බෙංගාලි බස කතාකරන මුස්ලිම්වරුන් 1,800ක් පමන මරනයට පත් කල ප්‍රචන්ඩ වර්ගවාදී ප්‍රහාර වලින් සලකුනු විය.

ඇසෑම් ගිවිසුමේ මූලික අංශයක් වන්නේ, නැගෙනහිර පකිස්තානය/බංග්ලාදේශය තුල පකිස්තාන භටයන් විසින් පලමු ප්‍රධාන සංහාරය සිදුකල දිනය වන 1971 මාර්තු 24දාට පෙර, තමන් හෝ තම පවුල් ඉන්දියාවේ ජීවත් වූ බවට තහවුරු කරන ලේඛන සම්පාදනය කිරීමට අසමත් වන සියල්ලන්ට පුරවැසිභාවය දීම ප්‍රතික්ෂේප කරමින් දැන් ක්‍රියාවට දමන විධානය යි.

ස්ටැලින්වාදී ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය 1985 ස්වෝත්තමවාදී ඇසෑම් ගිවිසුමට අනුමැතිය දුන්නේ ය. අද දින කොංග්‍රස් පක්ෂය මෙන් ම එය ද බංග්ලාදේශ සංක්‍රමනිකයන් දඩයම් කිරීමට සහයෝගය දෙයි. “සියලු ඉන්දීය පුරවැසියන්” එන්ආර්සීයට නිසි පරිදි ඇතුලත් වීම තහවුරු කල යුතු බවට, එනම් ඉන්දියාවේ පදිංචිය වසර 48කට වඩා පෙර සමයක් දක්වා අනාවරනය කල හැකි බවට, පියවරයන් ගතයුතු බව පවසති.

Share this article: