එෆ්බීඅයි සංවිධානය විසින් යූඒඩබ්ලිව් සභාපතිවරයා වැටලීම වෘත්තීය සමිතිය සාපරාධී සංගයක් බව හෙලිදරව් කෙරෙයි

FBI raid of UAW president exposes union as criminal syndicate

2019 අගෝස්තු29

නීතිවිරෝධී අල්ලස් ලබා ගැනීම සහ දූෂන පිලිබඳ ෆෙඩරල් විමර්ශනය යූඒඩබ්ලිව් හි මුදුනට ලඟා වීමත් සමග බදාදා උදෑසන එෆ්බීඅයි ඒජන්තවරු වත්මන් එක්සත් මෝටර් රථ සේවක සංගමයේ (යූඒඩබ්ලිව්) සභාපති ගැරී ජෝන්ස් වෙසෙන ඩෙට්‍රොයිට් නගරාසන්න නිවස ඇතුලුව ප්‍රාන්ත හතරක වැටලීම් සිදු කලහ.

ජෙනරල් මෝටර්ස්, ෆෝඞ් සහ ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවන් 155,000 ක් සඳහා සැප්තැම්බර් 14 වන දින කොන්ත්‍රාත්තු අවසන්වීම කරා වේගයෙන් ලඟා වෙමින් තිබේ. සාමාන්‍ය කම්කරුවන් අතර, මෝටර් රථ සමාගම් සහ දූෂිත යූඒඩබ්ලිව් යන දෙකටම දැඩි සතුරුකමක් ඇත.

සෙවුම් වරෙන්තු අතැතිව, එෆ්බීඅයි සහ අයිආර්එස් නියෝජිතයන් මිචිගන් හි කැන්ටන් හි යූඒඩබ්ලිව් සභාපතිගේ ගරාජය පීරා ලිපිගොනු අල්ලා ගනු ලදුව “මුදල් ගොඩවල්” ගනන් කල බව අසල්වැසියෙක් පැවසීය. නියෝජිතයෝ මිසූරි හි හැසල්වුඞ් හි කලාප අංක 5 පිහිටි යූඒඩබ්ලිව් කාර්යාලය සෝදිසි කලහ. ජෝන්ස් පසුගිය වසරේ යූඒඩබ්ලිව් ප්‍රධානියා ලෙස පත් කරන තෙක් එහි අධ්‍යක්ෂකවරයා විය.

යූඒඩබ්ලිව් සභාපති ගැරී ජෝන්ස්, වමේ, සහ ජෙනරල් මෝටර්ස් ප්‍රධාන විධායක මේරි බාරා සමග අතටඅත දී ඩිට්‍රොයිට්හි ගිවිසුම් ගැන සාකච්ඡාවන්ට පිවිසුනි. 2019, ජූලි 16,(AP Photo/Paul Sancya)

මෙතෙක් හෙලි වී ඇති දෙය වනාහි සමිති සෑමවිටම වෙලාගෙන තිබුනු සාමාන්‍යය සහ පොදු විවිධ දූෂන පිලිබඳ කාරනයක් නොවේ. යූඒඩබ්ලිව් යනු මැරයන් විසින් මෙහෙයවනු ලබන අපරාධ සංඝයකි.

වෘත්තීය සමිති විධායකයෙන් ගේ ඵල ප්‍රයෝජනය සඳහා වසර ගනනාවක් තිස්සේ කම්කරුවන්ගෙන් බිලියන ගනන් වංචා කල මෙහෙයුමක් ලෙස යූඒඩබ්ලිව් ව එලිදරව් වී ඇත.

කිසියම් සැකයක් තිබූයේ නම්, මෝටර් රථ සමාගම්වලට එරෙහිව අරගලයක් සිදු කිරීම සඳහා නව සංවිධාන, කම්කරුවන්ගේ කම්හල් කමිටු පිහිටුවීම අවශ්‍ය බව කම්කරුවෝ දැන් දනිති.

කම්කරුවන්ගෙන් කොල්ලකන ලද මුදලින් කොටසක් තමන්ගේ සාක්කුවලට වැටෙනු ඇති බවට පූර්න දැනුමක් ඇතිව වෘත්තීය සමිති සාමාජිකයින් දුගීභාවයට පත් කිරීම සඳහා වෘත්තීය සමිති විධායකයින් හාම්පුතුන් සමඟ කුමන්ත්‍රන කලහ. යූඒඩබ්ලිව් විසින් මෝටර් රථ කම්කරුවන් “නියෝජනය” කරන බව තවමත් කියා සිටින ඕනෑම අයෙකු හිතාමතාම කම්කරුවන් රැවටීමට උත්සාහ කරයි.

ඊයේ සිදුකල වැටලීම් වලදී හිටපු සභාපති ඩෙනිස් විලියම්ස් ද ඉලක්ක කෙරුනි. වරදකරුවන් වූ වෘත්තීය සමිති නිලධාරීන් චෝදනා කර තිබුනේ ඔහු ඩොලර් මිලියන ගනනක සමාගම් මුදල් නීති විරෝධී ලෙස පරිහරනය කිරීම අනුමත කල බවයි. යූඒඩබ්ලිව් නිලධාරීන්ගේ සංචාර, සුඛෝපභෝගී මිලදී ගැනීම් සහ නිවාඩු නිකේතන සඳහා වැයකිරීමට මෙම මුදල් වෘත්තීය සමිති සමාගම් පුහුනු මධ්‍යස්ථාන හරහා ලබා ගන්නා ලදී.

යූඒඩබ්ලිව් නිලධාරීන් ගොල්ෆ් සහ සුඛෝපභෝගී විලා නිවාස සඳහා මිලියන ගනනක් වියදම් කල, පාම් ස්ප්‍රින්ග්ස් සිට සැතපුම් 70 ක් බටහිර දෙසින් කැලිෆෝනියාවේ කොරෝනා හි විලියම්ස්ගේ ඩොලර් 610,000 ක නිවසින්, එෆ්බීඅයි විසින් ද්‍රව්‍ය අල්ලා ගන්නා ලදී. උතුරු මිචිගන් හි අක්කර 1,000 ක නිවාඩු නිකේතනයක් වන, ඩොලර් මිලියන 780 ක සාමාජික මුදල් සහිත යූඒඩබ්ලිව් වැඩ වර්ජන අරමුදලෙන් ලත් පොලී මුදල් වලින් නඩත්තු කෙරෙන යූඒඩබ්ලිව් බ්ලැක් ලේක් සම්මන්ත්‍රන මධ්‍යස්ථානය ද සෝදිසි කෙරුනි. යූඒඩබ්ලිව් එම ස්ථානයේ විලියම්ස් වෙනුවෙන් නව කුඩා නිවාඩු ගෘහයක් ඉදිකරයි.

විලියම්ස්ගේ හිටපු ප්‍රධාන සහායක ඇමී ලොස්චින්ගේ විස්කොන්සින් නිවසද සෝදිසි කරන ලදී. විලියම්ස්ගේ, ලාභ සඳහා නොවන විලියම්ස් පුන්‍යාධාර අරමුදලේ ලේකම් හා භාන්ඩාගාරික වන ලොස්චින්, විලියම්ස් සහ හිටපු යූඒඩබ්ලිව් උප සභාපති නොර්වුඞ් ජුවෙල් සමඟ, 2015 යූඒඩබ්ලිව්-ක්‍රයිස්ලර් ජාතික ගනුදෙනු-සාකච්ඡා කමිටුවේ අසුන් දැරීය. ෆියට් ක්‍රයිස්ලර් සමාගමෙන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් ජුවෙල්ට දැනටමත් සිර දඬුවම් නියම වී ඇත.

ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවන්ට වැටුප් හා ප්‍රතිලාභ ඩොලර් දහස් ගනනක් අහිමි කල 2015 ගිවිසුමට අත්සන් තැබූ ඉහල යූඒඩබ්ලිව් “සාකච්ඡාකරුවන්” අට දෙනාගෙන් අවම වශයෙන් හය දෙනෙකු දූෂන සෝලීන්වලට වරදකරුවන් කෙරිනි නැතහොත් සම්බන්ධ කෙරිනි.

දූෂන චෝදනා දැනටමත් යූඒඩබ්ලිව්-ජීඑම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පැතිරී ඇත. යූඒඩබ්ලිව් හි හිටපු උප සභාපතිවරුන් වූ ජෝ ඇෂ්ටන් සහ සින්ඩි එස්ට්‍රාඩාගේ ඉහලම සහායකයකු වන 2011 සහ 2015 දී කේවල් කිරීමේ කමිටුවේ සිටි මයිකල් ග්‍රීම්ස්, වෙලෙන්දන්ගෙන් ඩොලර් මිලියන 2 කට ආසන්න මුදලක අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ තිබේ.

වෘත්තීය සමිති සන්නාමය සහිත ජැකට්, ඔරලෝසු සහ වෙනත් භාන්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යූඒඩබ්ලිව්-ජීඑම් මානව සම්පත් මධ්‍යස්ථානයෙන් වෙලෙන්දන්ට මුදල් ගෙවන ලදී.

නීති විරෝධී ක්‍රියාවන්වලටද සම්බන්ධ කෙරුනු ග්‍රීම්ස්ගෙ ලොක්කන් විසින් අත්සන් කරන ලද කම්කරු ගිවිසුම් මගින් වැටුප් කැටි කරන ලද අතර, රැකියා දහස් ගනනක් අහිමි කරමින් ජීඑම් සමාගමේ ඓතිහාසික, ඔහායො හි ලෝඞ්ස්ටවුන් එකලස් කම්හල ඇතුලු කර්මාන්තශාලා වැසීමට ද මග පෑදීනි.

ඉහල යූඒඩබ්ලිව් “සාකච්ඡාකරුවන්” අට දෙනාගෙන් අවම වශයෙන් හය දෙනෙකු ෆියට්-ක්‍රයිස්ලර් දූෂන සෝලීන්වලට වරදකරුවන් කෙරිනි නැතහොත් සම්බන්ධ කෙරිනි.

රැකියා 60,000 ක් අතුගා දැමීමත්, අද දින ඩොලර් වටිනාකමින් එක් එක් කම්කරුවකු සඳහා සෑම වසරකටම ඩොලර් 35,000 ක් ලෙස ඩොලර් බිලියන භාගයකට ආසන්න වැටුප් කප්පාදුවක් අධීක්ෂනය කිරීම ත් සඳහා අධ්‍යක්ෂ මන්ඩලයට යූඒඩබ්ලිව් සමිතිය ගෙන ආ 1979-80 පලමු ක්‍රයිස්ලර් ඇපදීමෙන් දැන් වසර 40 ක් ගතවී ඇත.

යූඒඩබ්ලිව් අවධාරනය කලේ, රැකියා “රැකගත හැක්කේ“ එක්සත් ජනපදය පදනම් කරගත් මෝටර් රථ නිෂ්පාදකයින්ගේ තරඟකාරිත්වය සහ ලාභදායීතාවය ඉහල නැංවීමෙන් පමනක් බවයි.

එසේ වුවත්, පසුගිය දශක හතර තුල, ජීඑම්, ෆෝඞ් සහ ක්‍රයිස්ලර්හි පැය ගානට අනුව ගෙවීම් ලබන යූඒඩබ්ලිව් සාමාජිකයින්ගේ සංඛ්‍යාව 750,000 සිට 158,000 දක්වා පහත වැටී ඇත. වැටුප් හා ප්‍රතිලාභ කප්පාදු කොහෙත්ම තාවකාලික වූවා නොව ඒවා අතර වුනේම නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වරක් එක්සත් ජනපදයේ වැඩිම වැටුප් ලබන කාර්මික කම්කරුවන් වූ මෝටර් රථ කම්කරුවන් දැන් ඔවුන් නිපදවන මෝටර් රථ ඔවුන්ට මිලදී ගත නොහැකි, බොහෝ දුරට අඩු වැටුප් සහිත අනියම් ශ්‍රම බලකායක් දක්වා පහත හෙලනු ලැබ ඇත.

මෙම කාලය තුල යූඒඩබ්ලිව් සාමාජිකත්වය මිලියන 1.5 සිට 400,000 ටද අඩු මට්ටමක් දක්වා පහත වැටුනි. මෝටර් රථ නිෂ්පාදකයින් දැවැන්ත මුදල් සම්භාරයක් පොම්ප කිරීම සහ මෝටර් රථ කම්කරුවන්ගේ ප්‍රතිරෝධය මැඩපැවැත්වීමට ත් සහ ශ්‍රම පිරිවැය විශාල ලෙස අඩු කිරීමට ත් උපකාරී වූ මෙවලමක් ලෙස යූඒඩබ්ලිව්ව දැක ගත් අනුප්‍රාප්තික රජයන්ගේ අනුදැනුම යන දෙකරුන සංවිධානයට දිවි රැකගැනීමට හැකිවීමේ එකම හේතුව විය.

1982 සිට අද දක්වා, මෝටර් රථ නිෂ්පාදකයෝ ඒකාබද්ධ පුහුනු මධ්‍යස්ථාන ඇතුලු විවිධ සංගතවාදී යෝජනා ක්‍රම හරහා ඩොලර් බිලියන 5 කට වැඩි “ඒකාබද්ධ අරමුදල් ප්‍රතිපූරනයන්” යූඒඩබ්ලිව් වෙත පොම්ප කලහ. සමාගම් කොටස් සහ නීතිමය සහ නීති විරෝධී අල්ලස් ලෙස තවත් බිලියන ගනනක් යූඒඩබ්ලිව් වෙත මාරු කරනු ලැබ ඇත.

අධිකරන දෙපාර්තමේන්තුවේ දූෂන විමර්ශනයේ කාල නියමය වැදගත් ය. 2015 දී මෝටර් රථ කම්කරුවෝ යූඒඩබ්ලිව්වට එරෙහිව කැරලි ගැසුවේ ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවන් දශක තුනකට පසු ප්‍රථම වතාවට යූඒඩබ්ලිව් පිටුබලය ලත් ජාතික ගිවිසුමක් පරාජය කරමිනි. ඩබ්ලිව්.එස්.ඩබ්ලිව්.එස්. ඔටෝවර්කර් ප්‍රවෘත්ති පත්‍රය විරුද්ධත්වයේ කේන්ද්‍රය වූ අතර එය යූඒඩබ්ලිව් සහ සංගත මාධ්‍ය විසින් හෙලා දකින ලදී.

ට්‍රම්ප් පරිපාලනය සහ පාලක පන්තිය මෝටර් රථ කම්කරුවන්ගේ ඉමහත් කෝපය සහ සටන් කිරීමට ඇති අධිෂ්ඨානය ගැන දනිති. යූඒඩබ්ලිව්වට තවත් කැරැල්ලක් පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි ඔවුහු බිය වෙති.

අන්තරාය පවතින්නේ, 1980 දශකයේ අග භාගයේදී බුෂ් පරිපාලනය යටතේ ටීම්ස්ටර්ස් (ට්‍රක් රියදුරන්) හට කලාක් මෙන්, ෆෙඩරල් භාරකාරත්වය යටතට යූඒඩබ්ලිව් පත් කිරීම හරහා හෝ වැඩ වර්ජන තහනම් කිරීම ද ඇතුලු බලහත්කාරී බේරුම්කරනයක් වැන්නක් මගින් හෝ ආන්ඩුව සෘජුවම මැදිහත් වී සම්පූර්නයෙන් සමාගමේ කොන්දේසි මත විසඳුමක් සඳහා තත්ත්වය නිර්මානය කරනු ඇත යන්නය.

බදාදා රාත්‍රියේ ඩෙට්‍රොයිට් නිවුස් පුවත්පත වාර්තා කලේ මෙම වැටලීම් “ජාවාරම් විරෝධී ආඥාපනත් යටතේ ෆෙඩරල් ආන්ඩුව වෘත්තීය සමිතිය අධීක්ෂනය කිරීමේ හැකියාව (භව්‍යතාව) පුලුල් කරන” බවයි. මෙය සිදුවුවහොත්, මෝටර් රථ කම්කරුවන්ගේ අරගලය ට්‍රම්ප් පරිපාලනය සහ රාජ්‍යය සමඟ රිජු ගැටුමකට තුඩු දෙනු ඇත.

ට්‍රම්ප්ගේ අධිකරන දෙපාර්තමේන්තුවට හෝ සංගත පාලිත- ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් -ආන්ඩුවේ වෙනත් අංශයකට හො තමන් වෙනුවෙන් තම අරගලය පැවරීමට මෝටර් රථ කම්කරුවන්ට නොහැකිය.

මෝටර් රථ කම්කරුවෝ යූඒඩබ්ලිව් සහ මහා ව්‍යාපාරික පක්ෂ දෙකෙන් මුලුමනින්ම ස්වාධීන තමන්ගේම අරගල සංවිධාන වන කම්කරුවන්ගේ කම්හල් කමිටු පිහිටුවීමට පටන් ගත යුතුය. මුලුකර්මාන්තය අලලා ගත් වැඩ වර්ජනයක් සිදු කිරීමටත් එය සමස්ත මෝටර් රථ හා වාහන අමතර කොටස් නිපදවන කර්මාන්තය පුරා කම්කරුවන් වෙත ව්‍යාප්ත කිරීමටත් දැන් කම්කරුවෝ සූදානම් විය යුතු අතර කැනඩාව, මෙක්සිකෝව සහ ලොව පුරා සිටින කම්කරුවන් වෙත දේශසීමා හරහා ක්‍රියාත්මක ඒකාබද්ධ කාර්මික ක්‍රියා සඳහා ආයාචනා කල යුතුය.

යූඒඩබ්ලිව් “කේවල් කිරීමේ කමිටුව” සම්පූර්නයෙන්ම අනෛතික වන අතර එය වෙනුවට කම්කරුවන්ගේ කමිටුවක් පත් කල යුතුය. කම්හල් කමිටු සංවිධානය කල යුතු අතර ඒවා, සියයට 40 ක වැටුප් වැඩිවීමක් ද, බහු ස්ථර වැටුප් හා ප්‍රතිලාභ ක්‍රමය අහෝසි කිරීම ද, සියලු තාවකාලික හා කොන්ත්‍රාත් කම්කරුවන් පූර්න කාලීන වැටුප් හා ප්‍රතිලාභ සහිත පූර්න කාලීන තනතුරුවලට පරිවර්තනය කිරීම ද සහ සේවයෙන් ඉවත් කරන ලද සියලුම කම්කරුවන් නැවත සේවයේ පිහිටුවීම ද ඇතුලු තමන්ගේම ඉල්ලීම් ඉදිරිපත් කල යුතුය.

යූඒඩබ්ලිව් ප්‍රතිසංස්කරනය කල නොහැක. එය කලමනාකරනයේ අල්ලස් ලබාගත් මෙවලමක් බවට පරිවර්තනය වීමේ මුල් ඇත්තේ තමන් කම්කරු පන්තිය “නියෝජනය” කරන බව පවසන සියලු පැරනි සංවිධානවල ජාතිකවාදී සහ ධනවාදී ගැති ලක්ෂනය තුල ය.

එෆ්බීඅයි වැටලීම් සිදු වූ දිනයේම, දකුනු එක්සත් ජනපද ප්‍රාන්ත නවයක ඒටීඇන්ඞ්ටී (AT&T) කම්කරුවන් 22,000 කගේ බලවත් වැඩ වර්ජනය ඇමරිකානු සන්නිවේදන සමිතිය (සීඩබ්ලිව්ඒ) විසින් කඩාකප්පල් කරනු ලැබ, කලමනාකරනයේ කොන්දේසි මත වැඩට යාමට බල කෙරුනි. ලොව පුරා ජාතිකවාදී වෘත්තීය සමිති කම්හල් වැසීම්, මහා පරිමාන දොට්ට දැමීම් සහ වැටුප් හා ප්‍රතිලාභ කප්පාදුව පිලිගනිමින් සිටිති.

කම්කරුවන්ගේ කම්හල් කමිටු ගොඩනැගීම සහ ඇමරිකානු මෝටර් රථ කම්කරුවන්ගේ සටන්කාමී සම්ප්‍රදායන් පුනර්ජීවනය කිරීම මුලුමනින්ම වෙනස් මූලෝපායක් මත මෙහෙයවිය යුත්තේ එබැවිනි: එනම්, ගෝලීය මෝටර්රථ සමාගම්වලට එරෙහි සටන් කිරීමට සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරු පන්තිය ජාත්‍යන්තරව ඒකාබද්ධ කිරීම යි.

WSWS ඔටෝවර්කර් නිව්ස්ලෙටර් ප්‍රවෘත්ති පත්‍රය අගෝස්තු 29 බ්‍රහස්පතින්දා රාත්‍රී 7: 30ට EDT ට හදිසි ඔන්ලයින් සම්මන්ත්‍රනයක් අමතයි. මෙහි අරමුන වන්නේ දූෂිත යූඒඩබ්ලිව් අතින් කොන්ත්‍රාත් ගිවිසුම් පිලිබඳ සාකච්ඡා ඉවත් කර ගැන්ම හා කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ජාත්‍යන්තර සටනක් දියත් කිරීම සඳහා මෝටර්රථ කම්කරුවන් සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සාකච්ඡා කිරීම යි. ලියාපදිංචි වී ඊට සහභාගී වන ලෙස අපි සියලුම මෝටර් රථ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

ජෙරී වයිට්

Share this article: