ඉන්දියාව: ඡන්දදායකයින් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන තතු හමුවේ, භාරතීය ජනතා පක්ෂය දිල්ලි මැතිවරනයෙන් පරාජයට පත්වෙයි

India: BJP loses Delhi election as voters reject communalism

රොහාන්ත ද සිල්වා විසිනි, 2020 පෙබරවාරි 15

මුස්ලිම් විරෝධී පුරවැසි සංශෝධන පනතට (සීඒඒ) එරෙහිව ජනතා විරෝධතා පුපුරා යාමෙන් සසලව සිටින ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (බීජේපී) එරට අගනුවර වන නව දිල්ලියේ මැතිවරනය දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සඳහා යොදා ගැනීමට උත්සාහ කලේය.

කෙසේ වෙතත්, ගිනි අවුලු‍වන සුලු වර්ගවාදී ව්‍යාපාරයකින්, ඡන්ද කොට්ඨාශය ධ්‍රැවීකරනය කිරීමට ගත් උත්සාහයන් මූලිකවම අසාර්ථක විය.

පසුගිය 11දා ඡන්ද ගනන් කරන විට, පක්ෂය පිහිටුවා මාස 13 ක් වැනි කෙටි කාලයක් තුල, එනම්, 2013 දෙසැම්බරයේ දිල්ලියේ බලය අත්පත් කරගත් ආම් ආද්මි පක්ෂය (ඒඒපී - පොදු මිනිසාගේ පක්ෂය) මෙවර ද ස්ථිරව බලය අත් කර ගත්තේය.

භාරතීය ජනතා පක්ෂයේ රුදුරු වර්ගවාදී න්‍යාය පත්‍රයට සහ ආයෝජක ගැති සමාජ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි මහජන කෝපයේ වාසිය ලබා ගැනීමට සුදුසු නැති ඒඒපීය, දිල්ලි සභාවේ ආසන 70 න් 62 ක් දිනා ගත්තේය. භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහනය වැලැක්වීමට අධිෂ්ඨාන කරගෙන සිටි මුස්ලිම් ඡන්දදායකයින් අතර සහයෝගය ඉහල යාම නිසා, ඒඒපීය සියයට 53.57 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්ත ද එය, පෙර පැවති 2015 මැතිවරනයට වඩා සියයට 0.73 කින් අඩු අගයකි.

භාරතීය ජනතා පක්ෂය 2015 දිල්ලි පාර්ලිමේන්තු මැතිවරනයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් නමුත් පසුගිය මැයි මාසයේ පැවති ජාතික මැතිවරන ප්‍රතිශතයට වඩා එය තියුනු ලෙස පහත වැටී ඇත. සියයට 56.5ක චන්ද ප්‍රතිශතයක් සහ දිල්ලියේ පාර්ලිමේන්තු ආසන හතම දිනාගත් එම මැතිවරන ප්‍රතිපලයට වඩා මෙවර ලබාගත් සියයට 38.9 චන්ද ප්‍රතිශතය බෙහෙවින් පහත් මට්ටමකි.

මෑතක් වන තුරුම කොන්ග්‍රස් ආන්ඩුවකට කැමැත්ත දැක් වූ ඉන්දීය ධනේශ්වරයේ ඓතිහාසික පක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 9.7 සිට සියයට 5.44 දක්වා අඩකින් අඩුවී තිබේ.

හා සංස්කෘතික වශයෙන් විවිධ වූ, මිලියන 18.5 ක ජනතාවක් සිටින යුනියන් ප්‍රදේශයක් වන දිල්ලිය, සීඒඒට එරෙහි ජාතික විරෝධතා වල කේන්ද්‍රය බවට පත්ව තිබේ. ජමියා මිලියා ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ සිසුන් සහ ෂහීන් බාග් කම්කරු පන්තික නිවහන් ප්‍රදේශයේ ගෘහනීන්, දිල්ලියේ සීඒඒ විරෝධී උද්ඝෝෂන ආරම්භ කල අතර, ඔවුන් සමඟ, විවිධාකාර ආගමික පසුබිම් සහිත සිසුන්, කම්කරුවන් සහ වෘත්තිකයන් ද එක් වී ඇත.

ඉන්දියාවේ ජාතික අගනුවර වන සහ එහි විශාලතම නාගරික සමූහකරනයේ කේන්ද්‍රස්ථානය වන දිල්ලිය, ඉන්දියාවේ දේශපාලනය තුල කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරයි. භාරතීය ජනතා පක්‍ෂය, දේශපාලන මූලිකත්වය අත්කර ගැනීමේ අපේක්ෂාවෙන්, ඊනියා “ජාතික ප‍්‍රශ්න” - ඉන්දියාව අත්පත් කර සිටින ජම්මු කාශ්මීරය මධ්‍යම ආන්ඩුවේ ස්ථිර භාරකාරත්වය යටතේ තැබීම සහ අයෝධ්‍යාවේ කඩා බිඳ දැමූ බබ්රි මස්ජිඞ් (මුස්ලිම් පල්ලිය) භූමියේ හින්දු කෝවිලක් ඉදිකිරීමට ඉදිරියට යාම ද ඇතුලත් - මුල්කරගෙන උද්ඝෝෂනය ඉදිරියට ගෙන යාමට නැඹුරුවූ හෙයින්, මේ වසරේ ප‍්‍රාන්ත මැතිවරනය තවත් වැඩි දේශපාලන වැදගත්කමක් ලබා ගත්තේය.

අගමැති නරේන්ද්‍ර මෝදි මැතිවරන රැලි දෙකක කතා කලේය. භාරතීය ජනතා පක්ෂය දිල්ලියේ මහඇමතිවරයා නම් නොකල තතු යටතේ, භාරතීය ජනතා පක්ෂ ව්‍යාපාරයේ ප්‍රමුඛයා වූයේ මෝදිගේ ප්‍රධාන හෙංචයියා සහ මධ්‍යම ආන්ඩුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ය. ෂා, භාරතීය ජනතා පක්ෂ රැස්වීම් 52 ක් ඇමතීය.

භාරතීය ජනතා පක්ෂයේ හින්දු වර්ගවාදී පිලිවෙත්වල විරුද්ධවාදීන් “ජාති ද්‍රෝහීන්” ලෙස හෙලා දැකීමටත්, ඉන්දියාවේ පරම සතුරා වන පාකිස්තානය සමඟ සන්ධානගත වූවන් ලෙස දැක්වීමටත්, ෂා ඒවා භාවිතා කලේය. “ෂහීන් බාග් වැනි කුඩා පකිස්ථානයන්” බිහිකර ඇතැයි ඔහු කොන්ග්‍රසයට සහ ඒඒපීයට චෝදනා කලේය. සීඒඒ සම්මත කර ගත් දෙසැම්බර මැද භාගයේ සිට මුස්ලිම් කාන්තාවන්, දිවා රෑ අඛන්ඩව වාඩි වී උද්ඝෝෂනයේ යෙදී සිටි ප්‍රදේශය හැඳින්වීමට, ඔහු ඒ සඳහන භාවිතා කරන ලදි.

උත්තර් ප්‍රදේශයේ භාරතීය ජනතා පක්ෂ මහ ඇමති සහ කුප්‍රකට හින්දු වර්ගවාදියෙකු වන යෝගී ආදිත්‍යනාත් ද ප්‍රධාන මැතිවරන ප්‍රචාරකයකු වූ අතර, රැස්වීම් දුසිමකට සහභාගී විය. 20කට වඩා මිය ගිය, පසුගිය දෙසැම්බරයේ දී සිය ප්‍රාන්තයේ සීඒඒ විරෝධතාවයන් රුදුරු ලෙස මර්දනය කල ආදිත්‍යනාදන්, ෂහීන් බාග් විරෝධතාකරුවන් “ත්‍රස්තවාදීන්” බවත් “බුරියානි වලින් නොව උන්ඩ” වලින් පෝෂනය කල යුතු බවත් කියා සිටියේය.

භාරතීය ජනතා පක්ෂ උද්ඝෝෂනයේ ෆැසිස්ට් තානම පෙන්වාදීමට උදාහරන දෙකක් ප්‍රමානවත් වේ. භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පර්වේෂ් වර්මා, ෂහීන් බාග්හි සීඒඒ විරෝධතාකරුවන්, දිල්ලි වැසියන්ගේ නිවෙස්වලට ඇතුලු වී “ඔබේ සහෝදරියන් හා මව්වරුන් පැහැරගෙන ගොස් දූෂනය කර මරා දමනු ඇත. ඒ නිසා, මොහොත අදයි“ යනුවෙන් “අනතුරු ඇඟවූයේ” ය.

උත්තර් ප්‍රදේශ්, ඇසෑම් සහ කර්නාටක ප්‍රාන්තවල සීඒඒ විරෝධතාකරුවන්ට “බල්ලන්ට මෙන්” මෙන් වෙඩි තැබූ බව කියා සිටි බටහිර බෙංගාල බීජේපී මන්ත්‍රී දිලිප් ඝෝෂ්ගේ කයිවාරු වලට පසුව, මෝදිගේ කනිෂ්ඨ මුදල් ඇමති අනුරග් ඨාකූර්, භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන පෙලේ ආධාරකරුවන් සමඟ “වෙඩි තියන්න” යන්න කියා සිටි හින්දු දක්ෂිනාංශයේ යුද ඝෝෂාව වීඩියෝ ගතකර තිබුනි.

මෙම සාපරාධී උසිගැන්වීම් හමුවේ කටයුතු කිරීමට උත්සාහ කරමින් හින්දු අධිපතිවාදීන් තිදෙනෙක්, ඨාකූර්ගේ ප්‍රකෝපකාරීත්වයෙන් දින කිහිපයකට පසුව ෂහීන් බාග් වෙත හෝ ඒ අසල වෙඩි තැබූහ.

පෙබරවාරි 8 මැතිවරනය ආසන්නයේ දී, ප්‍රතිගාමීත්වය සහ වර්ගවාදය ඇවිස්සීමේ, සහ භීතිය වැපිරවීමට උත්සාහ කරමින්, ෂාගේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සෘජුවම පාලනය කරන දිල්ලි පොලිසිය, සීඒඒ විරෝධතාකරුවන්ට විරුද්ධව නැවත නැවතත් ප්‍රචන්ඩ ප්‍රහාර දියත් කලේය. භාරතීය ජනතා පක්ෂයේ සගයා සහ දෘෂ්ටිවාදාත්මක උපදේශකයා වන ආර්එස්එස් හි ශිෂ්‍ය ව්‍යාපාරය වන ඒබීවීපී (අඛිල් භාරතීය විද්‍යාර්ථී පරාෂාද්) හි මැරයන් ජනවාරි 5 වන දින ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සිසුන්ට ම්ලේච්ඡ ලෙස පහර දුන් විට, ඊට මැදිහත්වීමට එම පෙර සැලසුම් කල ප්‍රහාරය අවසන් වන තෙක් දිල්ලි පොලීසිය බලා සිටියේ ය.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය පසුගිය මැයි මාසයේ පැවති මහ මැතිවරනය ජයග්‍රහනය කිරීමෙන් පසු පැවැත්වූ ප්‍රාන්ත මැතිවරන ගනනාවක පසුබෑමේ නවතම අවස්ථාවය, දිල්ලි මැතිවරන පරාජය. මෝදි ආන්ඩුවේ නව-ලිබරල් පිලිවෙත් වලට එරෙහිව, ජනවාරි 8 දා මිලියන ගනනක කම්කරුවන් සහභාගි වූ මහා වැඩ වර්ජනය ද ඇතුලුව ඉන්දියාවේ කම්කරුවන් සහ වැඩ කරන ජනයා අතර වැඩිවෙමින් පවතින සමාජ කෝපයේ විකෘති පිලිබිඹුවකි මෙම ප්‍රාන්ත මැතිවරන ප්‍රතිඵල.

ඔක්තෝබර් මාසයේ මහාරාෂ්ඨයේ සහ දෙසැම්බර් මාසයේ ජාර්කන්ඩ් හි පැවති මැතිවරන වලින් පසු, භාරතීය ජනතා පක්ෂය ආන්ඩු බලයෙන් පහ කෙරුනි. දිල්ලියට මායිම්ව ඇති හර්යානාහි දී, පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති ප්‍රාන්ත මැතිවරනයෙන් භාරතීය ජනතා පක්ෂයට බහුතරය අහිමි වූ නමුත් කුඩා පක්ෂවල සහාය ඇතිව බලයේ එල්ලී සිටීමට හැකි විය.

ජාර්කන්ඩ් මැතිවරනය ජයග්‍රහනය කල කොන්ග්‍රස් පක්ෂය, භාරතීය ජනතා පක්ෂයේ හිටපු සගයා වන ෆැසිස්ට්වාදී ශිවසේනා නායකත්වයෙන් යුත් ආන්ඩුවක සේවය කිරීමට එකඟ වී ඇති නිසා දැන් මහාරාෂ්ට්‍රයේ බලය බෙදාගෙන ඇති නමුත්, භාරතීය ජනතා පක්ෂයට එරෙහිව වැඩිවන කෝපයේ වාසිය ජාතික වශයෙන් ලබා ගැනීමට අසමත් ව තිබේ.

1998 දෙසැම්බර් සිට 2013 දෙසැම්බර් දක්වා අඛන්ඩව වසර 15 ක් ෂීලා ඩික්ෂිත් යටතේ ආන්ඩු කරන ලද කොන්‍ග්‍රසය දිල්ලියේදී ලත් මැතිවරන ප්‍රතිඵලය, විනාශයට අඩු දෙයක් නොවේ. භාරතීය ජනතා පක්‍ෂය වලක්වාලීමට ඡන්දදායකයින්ගේ අධිෂ්ඨානය නිසා යැයි කියමින් කොන්ග්‍රසය දිල්ලියේ ඇති වූ පරාජය පැහැදිලි කිරීමට උත්සාහ කරයි. එහෙත් යථාර්ථය නම්, ඉන්දියාව ගෝලීය ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම කේන්ද්‍රස්ථානයක් සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපායික හවුල්කරුවෙකු බවට පත්කිරීමේ ධනේශ්වරයේ තල්ලු‍වට දශක ගනනාවක් තිස්සේ නායකත්වය දුන් කොන්ග්‍රසය ගැඹුරින්ම අපකීර්තියට පත් ව ඇත.

තමන් බලයේ සිටි වසර 10 තුල, සමාජ අසමානතාවයේ අති මහත් වර්ධනයට ඉඩ සැලසූ කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රගතිශීලි සන්ධානයේ ආන්ඩුවට එරෙහිව නැඟී ආ කෝපය ගසාකමින් 2013 දී හදිසියේම දේශපාලන ප්‍රමුඛස්ථානයට පැමිනීමට ඒඒපීය සමත් විය.

භාරතීය ජනතා පක්ෂයට සහ එහි දරුනු හින්දු වර්ගවාදී දේශපාලනයට එරෙහිව පහරක් එල්ල කිරීම සඳහා, හින්දු සහ මුස්ලිම් දෙවර්ගයටම අයත් දිල්ලි ජනගහනයෙන් බහුතරයකගේ අධිෂ්ඨනයෙන් ඒඒපීය, 2020 මැතිවරනයෙන් නිසැකවම ප්‍රතිලාභ ලැබීය.

එහෙත්, ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයේ සෙසු කොටස් මෙන් ඒඒපීය ද ජාතිවාදයේ ගිලී සිටී.

මැතිවරන ව්‍යාපාරය අතරතුර කැපී පෙනෙන ලෙස ඒඒපී නායක හා දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්, භාරතීය ජනතා පක්ෂයේ හින්දු වර්ගවාදී ප්‍රතිපත්තිවලට එරෙහිව කතා කිරීමට අපොහොසත් විය. ඔහු භාරතීය ජනතා පක්ෂයට එරෙහි මහජන විරෝධයේ මධ්‍යස්ථාන වූ ෂහීන් බාග්, ජේඑන්යූ සහ ජමියා මිලියා ඉස්මාලියා විශ්ව විද්‍යාල වල සංචාරය කිරීමට හෝ මුස්ලිම් අසල්වැසි ප්‍රදේශවල ප්‍රසිද්ධියේ උද්ඝෝෂනය කිරීමට ගියේ නැත. කෙසේ වෙතත්, කෙජ්රිවාල්ට බජ්රන්ග් බාලි හින්දු කෝවිලකට යාමට හා හනුමාන් චලීසා නම් හින්දු ආගමික ගීතය ප්‍රසිද්ධියේ කියවීමට ඔහුට කාලය තිබුණි.

න්‍යෂ්ටික අවි දරන රටවල් යුද්ධයේ අද්දරට ගෙන ආ, 2019 පෙබරවාරි මාසයේ දී පාකිස්තානය තුලට භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ මෙහෙයවීම යටතේ එල්ල කල “හදිසි ප්‍රහාර” සඳහා ඒඒපීය සහාය දුන් අතර, භාරතීය ජනතා පක්ෂ නායකත්වයේ උසිගැන්වීම මත 16 වන සියවසේ මුස්ලිම් පල්ලියක් විනාශ කල හින්දු වර්ගවාදීන්ට අයෝධ්‍යා හි කෝවිලක් ඉදිකිරීමට පිටු බලය ලබා දුනි.

දෙසැම්බර් 18 වෙනිදා නිව්ස් 18 නාලිකාව ඇමතූ කෙජ්රිවාල් භාරතීය ජනතා පක්ෂය ගෙනා සීඒඒට පහර දුන්නේ, එය මුස්ලිම්වරුන්ට වෙනස් කොට සැලකීම නිසා නොව, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පකිස්ථානයෙන් මුස්ලිම් නොවන පිරිස් ඉන්දියාවට විශාල වශයෙන් සංක්‍රමනය වීමට හිතාමතාම එයින් දොර විවර කරන්නේය යන පදනමෙනි. භාරතීය ජනතා පක්ෂයේ දරුනු සංක්‍රමන-විරෝධී ව්‍යාපාරය ප්‍රතිරාවය කරමින් කෙජ්රිවාල් වාචාල ලෙස ප්‍රකාශ කලේ, “ඔවුන්ට රැකියා ලබා දෙන්නේ කවුද, ඔවුන් නවතා තබන්නේ කොතැනද? දිල්ලියෙ, මුම්බායි, ඇසෑම්, ත්‍රිපුර යන ප්‍රදේශවල ඔවුන්ට නිවාස ලබා දෙනවාද?”

භාරතීය ජනතා පක්ෂයට හා කොන්ග්‍රසයට නොඅඩු ලෙස ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ට හා කෝටිපතියන්ට සේවය කරන ධනේශ්වර පක්ෂයක් බව වසං කිරීමට උත්සාහ කරමින් ජනතාවාදී වාග් පාඨ භාවිතා කරයි. එහි වසර හතක පාලන කාලය තුල දිල්ලියේ සමාජ තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ.

දිල්ලිය, ලෝකයේ වඩාත්ම වායු දූෂිත නගරවලින් එකක් වන අතර පසුගිය වසරේ වායු දූෂනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සීමාව 40 ගුනයකින් ඉක්මවා ගියේය.

භාරතීය ජනතා පක්ෂයේ මධ්‍යම ආන්ඩුව සමඟ එක්ව දිල්ලිය ලාභ ශ්‍රම වෙලඳ පොලක් ලෙස භාවිතා කිරීමට ඒඒපීය, හාම්පුතුන්ට කොන්දේසි සපයයි. ලමා ශ්‍රමයට එරෙහි ගෝලීය ගමන 2017 දී සඳහන් කලේ, දිල්ලියේ හා අවට නීතිවිරෝධී ලාභ ශ්‍රම කර්මාන්තශාලා තුල ලමුන් 100,000 ක් පමන දිනකට පැය 14 කට වඩා වැඩ කරන බවයි. ඇඟලු‍ම්, සෙල්ලම් බඩු සහ වෙනත් පාරිභෝගික භාන්ඩ නිෂ්පාදනය කරන නීති විරෝධී කර්මාන්ත ශාලා දුසිමකට අධික සංඛ්‍යාවක් ඇති තට්ටු හතරක ගොඩනැගිල්ලක දෙසැම්බරයේ දී ඇති වූ ගින්නකින් කම්කරුවන් 40 කට වැඩි පිරිසක් මිය ගියහ.

Share this article: