සැන්ඩර්ස් ජයග්‍රහනය කරා පෙරමුනට ඒමත් සමඟ අයෝවා ඩිමොක්‍රටික් පක්ෂය, නියෝජිත ප්‍රතිපල නිකුත් කිරීම අවහිර කරයි

With Sanders headed to victory, Iowa Democratic Party blocks release of caucus results

පැට්‍රික් මාටින් විසිනි, 2020 පෙබරවාරි 4

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නියෝජිතයින් නම් කිරීම සඳහා, ප්‍රාන්තය පුරා සඳුදා රාත්‍රියේ පැවති නියෝජිත ප්‍රතිපල නිකුත් කිරීම අයෝවා ඩිමොක්‍රටික් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. නිලධාරීන් දැන් පවසන්නේ, “අඟහරුවාදා දිනය තුල” ප්‍රතිපල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

සෑන්ඩර්ස්ගේ අපේක්ෂකත්ව උද්ඝෝෂනයට එරෙහිව, පෙර නොවූ විරූ පරිදි ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහල නායකත්වය මැදිහත්ව ඇති බව මෙම ක්‍රියාවෙන් සලකුනු කරයි. එය පැහැදිලිවම යොමු වී ඇත්තේ, අයෝවා හි පැවති සිව්වන හෝ පස්වන තරඟ වලදී පලමු ස්ථානය ලබා සිටි වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරයටය.

එහි “නීත්‍යානුකූලභාවය” ප්‍රශ්න කරන ඡන්දයේ “තත්ත්ව පාලනය” යැයි කියනු ලබන කරුනු උපුටා දක්වමින් මාධ්‍ය සහ සැන්ඩර්ස් නොවන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයින් ඉතා ඉක්මනින්, පොදු මාවතකට පිවිස සිටී. මීට පෙර සැන්ඩර්ස් ඉදිරියෙන් සිටින බව පැහැදිලිව පෙන්වන ඡන්ද ප්‍රතිපල පල කල නිව්යෝක් ටයිම්ස්, මධ්‍යම රාත්‍රිය වන විට එවැනි සංඛ්‍යා එහි මුල් පිටුවෙන් ඉවත් කර ඇත.

අයෝවා ඩිමොක්‍රටික් පක්ෂයේ නිල ප්‍රකාශයක් කියා සිටියේ, ප්‍රාන්තය පුරා පවත්වන ලද නියෝජිත තේරීම් 1,700 කට වඩා වැඩි ගනනකින් “ප්‍රතිපල තුනක් වාර්තා කිරීමේදී නොගැලපීම්” ඇති බවයි. මෙම ගැටලුව, අනවසරයෙන් ඇතුලුවීමක් (හැක්) හෝ වෙනත් බාහිර මැදිහත්වීමක ප්‍රතිපලයක් නොවන බව ප්‍රකාශ කිරීම හැර පක්ෂ ප්‍රකාශය, විෂමතාවන්හි ස්වභාවය හෝ ඒවාට පිලියම් යෙදිය යුතු ආකාරය පැහැදිලි කර නැත.

හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන්ගේ මැතිවරන ව්‍යාපාරයට සම්බන්ධ නීතිඥයෝ, සඳුදා රාත්‍රියේ අයෝවා ඩිමොක්‍රටික් පක්ෂයට ලිපියක් යවමින්, ප්‍රතිපල නිකුත් කිරීමට පෙර ඡන්ද පත්‍රිකාවේ “තත්ත්ව පාලනය” සඳහා යොදාගත් ක්‍රමවේදය පිලිබඳව ගනනය කරන ලෙස ඉල්ලා සිටියහ. 2000 වසරේ ෆ්ලොරිඩා ඡන්දය සිහිපත් කරන අයුරු මෙහිදී, අධිකරන පොරකෑම් මධ්‍යයේ දින ගනනක් නොව සති ගනනක් ඡන්ද ප්‍රතිපල රහසිගතව තබා ගත හැකිය.

සඳුදා රාත්‍රියේ ප්‍රධාන මාධ්‍ය විසින් ආවරනය කරන ලද පූර්ව නිගමනවලට අනුව බිඩෙන් පරාජයට පත්වූ අතර, බොහෝ විට දෙවන වටයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රමානවත් සහයෝගයක් පවා ඔහුට ලැබී නැත.

අයෝවා හි ප්‍රතිපල ප්‍රමාද කිරීම, පැහැදිලිවම ඉහලින් ආ උපදේශයක් මත සිදුවූවකි. නියෝජිත තේරීම් වලට පෙර සති කිහිපය තුල ඩිමොක්‍රටික් ජාතික කමිටුව, මෘදුකාංග හා සයිබර් ආරක්ෂන විශේෂඥයින් ඇතුලු ඉහල පෙලේ ක්‍රියාකාරීන් දුසිම් ගනනක් අයෝවා වෙත යවන ලදි. ඡන්දය නීත්‍යානුකූල නොවිය හැකි බවට සංඥා නිකුත් කිරීමේ උත්සාහයක්, සඳුදාට පෙර පවා පැවති බව මෙයින් පෙන්නුම් කෙරේ.

ඇත්ත වශයෙන්ම, අපේක්ෂකයින් දුසිමකට වඩා අඩු සංඛ්‍යාවක් සඳහා නිශ්චිත සංඛ්‍යාත කට්ටලවල ප්‍රතිපල වාර්තා කිරීමට භාවිතා කරන මෘදුකාංග යෙදුම, ඉතා සංකීර්න නොවනු ඇති අතර පරීක්ෂන සහ ආරක්ෂක පියවර සඳහා ද ප්‍රමානවත් කාලයක් තිබුනි.

අයෝවා නියෝජිත තේරීම් ඡන්දය දක්වා වූ සති කිහිපය තුල සැන්ඩර්ස්ගේ සහයෝගය අඩපන කිරීම සඳහා ව්‍යාපාරික මාධ්‍ය සහ ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය සම්බන්ධීකරනය කල ව්‍යාපාරයක් ගෙන ගියේය. මෙම උද්ඝෝෂනය අසාර්ථක හෝ ප්‍රතිපලදායක නොවන බවට පුලුල් ලෙස ප්‍රචාරය කරනු ලැබූව ද එය, කියාගන්නා ලද “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියාට” සහයෝගය වැඩි කිරීමට හේතු වී ඇත.

සෙනසුරාදා නියෝජිත තේරීම් ප්‍රතිපල වාර්තා කිරීමට අපොහොසත් වීම නව ප්‍රශ්න මතු කරයි. අවම වශයෙන් එක් දුරකථන සමීක්ෂන සේවකයෙකු සිය අපේක්ෂක මනාපය ඇතුලත් කර නොමැති බවට බුටිගෙග් ව්‍යාපාරය කල පැමිනිල්ලක් හේතුවෙන්, ඩෙස් මොයින්ස් ලේඛනය විසින් අවසන් අයෝවා මත විමසුම නිකුත් කිරීම අවලංගු කිරීමට ගත් තීරනය පිලිබඳව. නියෝජිත තේරීම් වලට දෙදිනකට ප්‍රථම, ප්‍රමුඛ අපේක්ෂකයා ලෙස සැන්ඩර්ස්ගේ පැමිනීම, ඡන්ද විමසීමේදී තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරිනි.

සියලුම ප්‍රධාන ඩිමොක්‍රටික් අපේක්ෂකයෝ, සඳුදා රාත්‍රියේ සිය ආධාරකරුවන්ට ස්තූති කරමින් සහ පෙබරවාරි 11 වන දින නිව් හැම්ප්ෂයර් ප්‍රාථමිකයේ සිය උද්ඝෝෂන දිගටම කරගෙන යාමට ප්‍රතිඥා දුන්හ. කෙසේ වෙතත්, බුටිගෙග් තමා ඡන්දයේ “ජයග්‍රාහකයා” යයි ප්‍රකාශ කල එකම තැනැත්තා වීම වැදගත්ය. ප්‍රාන්තයෙන් වාර්තා වූ කිසිදු සංඛ්‍යාලේඛනයකින් ඔහුට එවැනි කිසිදු පදනමක් ඇති බවට වාර්තා නොවින. එවැන්නක් නොතිබුන බැවින්.

කේබල් රූපවාහිනියේ වාර්තා වූ ආරම්භක දත්ත විමසීම්වලින් පෙනී යන්නේ, සැන්ඩර්ස් අවම වශයෙන් සියයට 23 ක් ගෙන ඉදිරියෙන් සිටින බවත්, බුටිගෙග්, වොරන් සහ බිඩෙන් ඊට පසුපසින් සිටින බවත්ය. බූටිගෙග් සියයට 16 ක් ගෙන සිව්වන ස්ථානයේ සිටින බවත්ය. සැන්ඩර්ස් සහ හිලරි ක්ලින්ටන් 2020 දී සියයට 24 දක්වා ලබාගනිමින් සමාන තත්වයක පසුවනු ඇතැයි සැලකුනේ, නියෝජිත තේරීම් වලට සහභාගී වන්නන් පිලිබඳ ජන විකාශ තොරතුරු ද එවැනිම අවසානයක් යෝජනා කල බැවිනි.

බිඩෙන් ව්‍යාපාරය පදනම් කරගත්, වයස අවුරුදු 65 ට වැඩි ඡන්ද දායකයින්ගේ අනුපාතය 2016 දී සියයට 34 සිට 2020 දී සියයට 28 දක්වා පහත වැටෙන බව එයින් පෙන්නුම් කෙරින.

අයෝවා නියෝජිත තේරීම් ඡන්දයේ බිඳවැටීම හා ක්‍රියාත්මක කර තිබෙන ලද මෙහෙයුම, ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රාථමික මැතිවරන දූෂන ක්‍රියාවන්හි නිරත වන බවට වන පුරෝකථනයකි.

Share this article: