පුටින් ජාතිය අමතා කථාකිරීමෙන් පසුව රුසියානු ආන්ඩුව ඉල්ලා අස්වෙයි

Russian government resigns after Putin’s state of the nation address

ක්ලාරා වයිස් විසිනි, 2020 ජනවාරි 16

වැඩිවන සමාජ ගැටුම් සහ එක්සත් ජනපදය හා ඉරානය අතර යුද ආතතීන් උත්සන්න වීමත් සමඟ අපකීර්තියට පත් රුසියානු ආන්ඩුව ඉල්ලා අස්විය. මේ තත්වයට, මුලු‍ දකුනු කොකේසස් කලාපය හා රුසියාවම ඇදී යාමේ තර්ජනය මතු කරයි.

වාර්ෂිකව පුටින් ජාතිය අමතන දේශනය ෆෙඩරල් සභාව තුල පැවැත්වීමෙන් පැය කිහිපයකට පසුව බදාදා, අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙඞ්විඩෙව් තම ආන්ඩුව වහාම ඉල්ලා අස්වන බව ප්‍රකාශ කලේ ය. පුටින්, මෙඞ්විඩෙව්ගේ අනුප්‍රාප්තිකයා ලෙස වැඩි ප්‍රසිද්ධියක් නැති චරිතයක් වන මිහායිල් මිෂුස්ටින් නම් කර ඇති අතර ඉදිරි සතිය තුල අනුප්‍රාප්තිකයන් තෝරා ගන්නා තෙක් ක්‍රියාකාරීව සිටින ලෙස වත්මන් කැබිනට් මන්ඩලයෙන් ඉල්ලා තිබේ. ඩූමා (පාර්ලිමේන්තුව) විසින් මිෂුස්ටින්ගේ නාමයෝජනාව බ්‍රහස්පතින්දා තහවුරු කිරීමට නියමිතය.

සමස්ත රුසියානු ආන්ඩුවම අනපේක්ෂිත ලෙස ඉල්ලා අස්වීම සිදුවන්නේ සමාජ ආතතීන් සහ එක්සත් ජනපදය හා ඉරානය අතර යුද්ධ ආතතීන් උත්සන්න වීමත් සමඟ ය. එය සමස්ත දකුනු කොකේසස් කලාපයේ සහ රුසියාව තුලම ඇතිවීමට තර්ජනය කරයි. විශේෂයෙන් ම මෑත වසරවල දී නැඟී එමින් තිබෙන ගෝලීය පන්ති අරගලය හමුවේ, කම්කරු පන්තියට දැවැන්ත ප්‍රහාරයන් එල්ල කරමින් විශාල ධනයක් රැස්කරගෙන ඇති කතිපයාධිකාරය කම්පනය වී ඇත. ආන්ඩුව ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට පෙර පුටින්ගේ දේශනය වසා පැවතුනේ, ක්‍රෙම්ලිනය හා කතිපයාධිකාරය සෘජු වගකීම දරන සමාජ අර්බුදයට විසඳුම් සෙවීමට දැරූ මංමුලා සහගත උත්සාහයකිනි.

වැඩිවන සමාජ ගැටුම් සහ එක්සත් ජනපදය හා ඉරානය අතර යුද ආතතීන් උත්සන්න වීමත් සමඟ මුලු‍ රුසියානු ආන්ඩුවම අනපේක්ෂිත ලෙස ඉල්ලා අස්විය. මේ තත්වයට, මුලු‍ දකුනු කොකේසස් කලාපය හා රුසියාවම ඇදී යාමේ තර්ජනය මතු කරයි.

රුසියානු ජනගහනයේ දිගුකාලීන පරිහානිය නතර කිරීමට පහසුකම් සැලසීම සඳහා, විශේෂයෙන් දුප්පත් පවුල් සඳහා වැඩි රාජ්‍ය සහයෝගයක් ලබා දීම අරමුනු කරගත් ක්‍රියාමාර්ග මාලාවක් පොරොන්දු වෙමින් පුටින්, ආන්ඩුවේ ප්‍රමුඛතාවය ආදායම ඉහල නැංවීම බව කියා සිටියේය. මේ අනුව, ලමුන් 3 ත් 7 ත් සිටින පවුල්වල එක් ලමයෙකුට රුබල් 5,500 ක (ඩොලර් 89.50) මාසික ගෙවීමක් යෝජනා කලේය. 2020 සැප්තැම්බර් 1 වන දින සිට පාසැලේ පලමු ශ්‍රේනියේ සිට හතරවන ශ්‍රේනිය දක්වා ලමයින්ට නොමිලේ ආහාර ලබා දෙන බව ද ඔහු කියා සිටියේය.

ඔහුගේ 2012 මැයි නියෝග මත පදනම්ව වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ රජයේ සේවකයින් සඳහා වැටුප් ගෙවිය යුතු බව ඔහු තවදුරටත් ප්‍රකාශ කලේය. මෑත වසරවල ගුරුවරුන්, වෛද්‍යවරුන් සහ පරිපූරක වෛද්‍යවරුන්ගේ විරෝධතා ගනනාවක් දක්නට ලැබුනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මසකට ලැබෙන්නේ නිල දරිද්‍රතා මට්ටම වන ඩොලර් 150 ට ද වඩා අඩු මට්ටමක වැටුපකි. පසුගිය වසරේදී දහස් ගනනකට බලපා ඇති හා මිලියන ගනනක් කෝපයට පත් කර ඇති, පිලිකා වැනි ජීවිතයට තර්ජනයක් වන රෝග සහ භින්නෝන්මාදය වැනි රෝග සඳහා, උග්‍ර ඖෂධ හිඟයන් පිලිබඳව ද පුටින් අවධානය යොමු කලේය. ඖෂධ කිහිපයක් සඳහා ගෙවීම් රජය විසින් භාර ගන්නා බවට පොරොන්දු වූ ඔහු රුසියාවේ ලියාපදිංචි නොකල තීරනාත්මකව වැදගත් වන ඖෂධ පිටින් ගෙන්වීම සංවිධානය කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය.

පුටින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් ගනනාවක් යෝජනා කලේය. පාර්ලිමේන්තුව සතු බලතල විධිමත් ලෙස සුලු වශයෙන් වැඩිකිරීම, ජනාධිපතිවරයා විසින් කරනු ලබන අග්‍රාමාත්‍යවරයාගේ නාමයෝජනා අනුමත කිරීමට ඉඩ දීම සහ පුටින් දැනට නායකත්වය දරන රාජ්‍ය මන්ත්‍රන සභාවට වැඩි කාර්යභාරයක් පැවරීම මෙයට ඇතුලත් ය. යෝජිත වෙනස්කම් සැලසුම් කර ඇත්තේ, දශක දෙකක කාලයක් රුසියානු දේශපාලනයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල පුටින්ට 2024 දී සිය අවසන් ධුර කාලය නිමා වීමෙන් පසුව ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවන පරිදි ය.

ප්‍රධාන මිලිටරි හා දේශපාලන බලය ජනාධිපතිට පැවරෙන රුසියාව, “ජනාධිපති ජනරජයක්” ලෙස පැවතිය යුතු බව පුටින් අවධාරනය කලේය. ජනාධිපති අපේක්ෂකයින් අවම වශයෙන්, රුසියාවේ ස්ථිර පදිංචිය අවුරුදු 10 සිට අවුරුදු 25 දක්වා වෙනස් කිරීමට ඔහු යෝජනා කලේය. මෙම පියවර මඟින් පැහැදිලිවම, බොහෝ දෙනෙක් බටහිර රටවල දීර්ඝ කාලයක් ජීවත් වූ හෝ තවමත් එහි පදිංචිව සිටින, ලිබරල් විපක්ෂයේ සාමාජිකයින්ගේ නෛතික පදනම අඩපන කිරීමට අදහස් කෙරේ. ජනාධිපති අපේක්ෂකයින් සඳහා පමනක් නොව, ෆෙඩරල් හෝ කලාපීය මට්ටමින් රජයේ නිලතල දැරීම, ඕනෑම ආකාරයක විදේශීය පුරවැසියෙකුට තහනම් කිරීමට ද පුටින් යෝජනා කලේය. මේ වන විට සිව්වන වරටත් ජනාධිපති ධුරයේ කටයුතු කරන පුටින්, ජනාධිපතිවරයෙකුට සේවය කල හැකි වාර ගනන දෙකකට සීමා කිරීමට යෝජනා කලේය.

මෙම යෝජිත ව්‍යවස්ථාමය වෙනස්කම් පිලිබඳව ජනමත විචාරනයක් ප්‍රකාශයට පත් කල ඔහු, 2020 ගිම්හානයට පෙර පනතක් මඟින් එය නීතිගත කිරීමට ද යෝජනා කල බව මාධ්‍ය වාර්තා කලේය.

රුසියානු කතිපයාධිකාරය තුල වර්ධනය වන තියුනු දේශපාලන අර්බුදයට යටින් ඇත්තේ, වැඩෙන පන්ති ආතතීන් සහ මැද පෙරදිග වැඩී යන යුද අර්බුදයයි.

ඊට නොඅඩුව ආන්ඩුව යලි සංශෝධනය කිරීමේ අරමුන, දුරදිග යන කප්පාදු පියවරයන් පිලිබඳ මහජන කෝපය සමහන් කිරීම ය. එහෙත් මූලික ප්‍රවනතාව එලෙසම පවත්වා ගනිමින්.

2018-2019 දී මෙඞ්විඩෙව් ආන්ඩුව, පුටින්ගේ පූර්න සහාය ඇතිව, ජනගහනයෙන් සියයට 90 ගේ විරෝධය මධ්‍යයේ, විශ්‍රාම යන වයස ඉහල නංවන ප්‍රතිසංස්කරනයක් ගෙනාවේය. 1990 දශකයේ සිට කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එල්ල කල වඩාත්ම දරුනු ප්‍රහාරය නම්, පිරිමින් සඳහා විශ්‍රාම යන වයස 60 සිට 65 දක්වාත්, කාන්තාවන් සඳහා 55 සිට 60 දක්වාත් 2019 සිට බලපැවැත්වෙන පරිදි වැඩිකිරීමය. (ිැැ: ඍමිස්බ ෘමප් ර්පි එයරදමටය චැබිසදබ රුදෙරප ්පසා ප්ි දචචදිසඑසදබ).

විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරන ආන්ඩුවේ මංකොල්ලකෑමේ ක්‍රියාවක් ලෙස පුලු‍ල්ව වටහාගෙන ඇති අතර එය ආන්ඩුවේ සහ පුටින්ගේ ජනප්‍රියතාවයේ කැපී පෙනෙන අඩුවීමක් ඇති කල තීරනාත්මක සාධකයකි. ඡන්ද නියෝජිත ආයතනයට අනුව, රුසියානුවන් පුටින් කෙරෙහි තබා ඇති විශ්වාසය 2014 දී සියයට 70 සිට 2019 නොවැම්බරය වන විට සියයට 30.9 දක්වා පහත වැටුනි. ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු සහ විදේශ ඇමති සර්ජි ලැව්රොව් ඇතුලු අනෙකුත් ප්‍රමුඛ දේශපාලඥයින් කෙරෙහි ඇති විශ්වාසය පිලිවෙලින් ජනගහනයෙන් සියයට 13.1 සහ 11.2 ක් පමනි.

විශ්‍රාම වැටුප් වලට එල්ල කෙරෙන ප්‍රහාරය සැබෑ ආදායම් පහත වැටීම, වර්ධනය වන දරිද්‍රතාවය සහ තවත් කප්පාදු පියවරයන් සමඟ අත්වැල් බැඳගෙන තිබේ. රුසියානුවන්ගෙන් අතිමහත් බහුතරයකගේ සැබෑ ආදායම වසර පහක් අඛන්ඩව පහත වැටී ඇති අතර ඒවා 2013 දී පැවතියාට වඩා සියයට 6.4 ට වඩා අඩු මට්ටමක පවතින බව නෙසාවිසිමයා ගැසෙටා හි වාර්තාවක දැක්වේ. බොහෝ ආහාර ද්‍රව්‍යවල මිල සාමාන්‍යයෙන් සියයට 50-80 කින් ඉහල ගොස් තිබේ. 2015-2019 රුසියානුවන් අට දෙනෙකුගෙන් එක් අයෙක් නිල වශයෙන් මසකට ඩොලර් 150 කට වඩා අඩු ආදායමක් ලබයි. සත්‍ය සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකිය. වෙඩොමොස්ටි පුවත්පතට අනුව, වයස අවුරුදු 18 ත් 30 ත් අතර අයගෙන් සියයට 27 ක්, වයස අවුරුදු 31 ත් 40 ත් අතර අයගෙන් සියයට 34 ක් සහ වයස අවුරුදු 60 ට වැඩි අයගෙන් සියයට 38 ක් තමන් “අතිශයින් දුප්පත්” බව වටහාගෙන සිටිති.

රුසියානු ආන්ඩුව පසුගිය වසර කිහිපය තුල දුරදිග යන කප්පාදුවක නිරත වී ඇති අතර, 2014 මුල් භාගයේ යුක්‍රේනයේ අර්බුදයෙන් පසුව එක්සත් ජනපදය හා යුරෝපා සංගමයේ ආර්ථික සම්බාධක හේතුවෙන් නාටකාකාර ලෙස උග්‍රවී ඇති රටේ ආර්ථික අර්බුදයේ බර දරා ගැනීමට කම්කරු පන්තියට හා පහල මධ්‍යම පන්තියට බල කෙරී ඇත. 2012 සිට සෞඛ්‍ය සේවා සඳහා වන වියදම් සියයට 16 කින් සහ අධ්‍යාපනයේ වියදම් සියයට 14 කින් අඩු කර ඇත. ඇස්තමේන්තුගත රුසියානු පාසල්වලින් සියයට 80 ක් දැන් අනාරක්ෂිත හෝ දුර්වල ලෙස නඩත්තු කරන ලද ගොඩනැගිලිවල පිහිටා ඇත. මෑත වසරවලදී රෝහල් සිය ගනනක් වසා දමා ඇති අතර, ජනගහනයේ විශාල කොටස්, විශේෂයෙන් ගම්බද ප්‍රදේශවල, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ක්ෂනිකව පැමිනෙන්නේ නැත.

මේ අතර විශේෂිතව, ආන්ඩුව හා පුටින් සමඟ සමීප සබඳතා ඇති රුසියාවේ ප්‍රමුඛ කතිපයාධිකාරීන්, ඔවුන්ගේ ධනය විශාල වශයෙන් වැඩිකරගෙන ඇත. බ්ලූම්බර්ග්ට අනුව, රුසියාවේ ධනවත්ම මිනිසෙක් වන ව්ලැඩිමීර් පොටැනින් පමනක් වසරක් තුල ඔහුගේ පෞද්ගලික ධනය ඩොලර් බිලියන 8.5 කින් වැඩි කර ගත්තේය. රුසියාවේ විශාලතම ස්වාධීන තෙල් නිෂ්පාදකයා වන ලූකොයිල්හි ප්‍රධානියා වන වැගිට් ඇලෙක්පෙරොව්, ඩොලර් බිලියන 6.2 ක් එකතු කරගත් අතර දැන් සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 22.3 කි. සමස්තයක් ලෙස ගත් කල, රුසියාවේ ධනවත්ම සාමූහිකය එහි පුද්ගලික ධනය ඩොලර් බිලියන 51 දක්වා සියයට 21 කින් වැඩි කර ගත්තේය.

2019 අවසාන කාර්තුවේදී නිෂ්පාදන අංශයේ ශුන්‍ය වර්ධනය සහ තෙල් නිෂ්පාදනයේ පහත වැටීමත් සමඟ ආර්ථිකය අවපාතයකට ඇද වැටෙන බව රුසියානු ආර්ථික විද්‍යාඥයින් දුටුව ද, රුසියාව පසුගිය වසරේ ලෝකයේ හොඳම ක්‍රියාකාරී කොටස් වෙලඳපොල විය. මොස්කව් කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගම් 2018 දී ලාභාංශ ගෙවීම රූබල් ට්‍රිලියන 1.8 සිට 2019 දී ට්‍රිලිලියන 2.7 දක්වා වැඩි කර ගත්තේය.

2010 සිට ෆෙඩරල් බදු ඒජන්සියේ අධීක්‍ෂනය කරන, ආයෝජන කලමනාකරන සමාගමක් වන යූජීඑෆ් කැපිටල් හි ප්‍රධානියා ලෙස ඔහු දැරූ පෙර තනතුර හරහා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝජිතයන් සමඟ සම්බන්ධතා ඇති, මිහායිල් මිෂුස්ටින් අගමැති ලෙස පුටින් විසින් නම් කරනු ලැබීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, නව ආන්ඩුව විසින් ද කම්කරු පන්තියට එරෙහි සමාජ ප්‍රහාර දිගටම එල්ල කරනු ඇත යන්නයි.

වර්ධනය වන පන්ති ආතතීන්ට සහ ආර්ථික අර්බුදය තවදුරටත් ගැඹුරු වීමේ තත්වයන්ට අමතරව, කතිපයාධිකාරය වටලනු ලැබ ඇත්තේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යුද්ධයට තල්ලු‍වීම තීව්‍ර වීම මගින්ය. වසර ආරම්භයේදී ඉරාන ජෙනරාල් කසෙම් සුලෙයිමානි ඝාතනය කිරීම ගැන, ඔහු සමඟ සමීප සබඳතා පැවැත්වූ ක්‍රෙම්ලිනය දැක්වූයේ නිශ්ශබ්ද ප්‍රතිචාරයකි. කෙලින්ම රුසියාව ද පටලවා ගන්නා, ඉරානය සමඟ එක්සත් ජනපදයේ විවෘත යුද්ධයක්, දකුනු කොකේසස්හි දේශසීමා දක්වා විහිද යාමේ තර්ජනය පිලිබඳ කොන්දේසි යටතේ, රටේ විදේශ ප්‍රතිපත්ති දිශානතිය පිලිබඳ උනුසුම් වාද විවාදවලට තුඩුදී ඇත.

Share this article: