ශ්‍රී ලංකාව: කහටගහ පතලේ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතාකරති

Sri Lanka: Kahatagaha mine workers speak with the WSWS

අපේ වාර්තාකරුවන් විසිනි, 2020 ජනවාරි 27

ඉහල වැටුප් හා වැඩි දියුනු සේවා කොන්දේසි ඉල්ලමින් පසුගිය සතියේ තුන්දින වර්ජනයක හා උපවාස විරෝධතාවක නියැලු‍න, කොලඹින් කිලෝමීටර 133ක් ඊසාන දිගට වන්නට පිහිටි, රජයට අයත් කහටගහ මිනිරන් පතලේ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කල හ.

වර්ජනයේ යෙදෙන කහටගහ මිනිරන් පතලේ කම්කරුවන්

කර්මාන්ත අමාත්‍යාංශයෙන් කලින් ලබාගත් අවසරයක් අවශ්‍ය යයි කියමින් වාර්තාකාර කන්ඩායම පතල් ප්‍රදේශයට ඇතුලු වීම ආරක්ෂක නිලධාරීන් විසින් වැලැක්වූ අතර, ප්‍රධාන ගේට්ටුවෙන් පිටත දී තම වැඩ මුරය අවසන් කල කම්කරුවන් කිහිප දෙනෙක් ලෝසවෙඅ සමග කතා කල හ. තමන් ව දඩයම් කරනු ලැබිය හැකි යයි උත්සුක වූ කම්කරුවෝ, ඔවුන්ගේ අදහස් නිර්නාමික ව පලකරන ලෙස ඉල්ලා සිටිය හ.

හුදකලාව පිහිටි පතලට නිසි ප්‍රවාහන පහසුකම් නැති අතර, පසුපස අසුන්වල ගමන් ගන්නා මගීන් ලෙස ද ඇතුලු‍ ව සියලු‍ ම කම්කරුවන් පාහේ පතලට ලඟාවන්නේ යතුරුපැදි වලිනි. ප්‍රධාන ගේට්ටුවෙන් ඔවුන් ඇතුල් වූ පසු, ප්‍රධාන පතල් අංගනය වෙත කිලෝමීටරයකට අධික දුරක් ගමන් කල යුතු ය.

පසුගිය අඟහරුවාදා (ජනවාරි 21) ඇරඹුනු, පතලේ 130ක් වන ශ්‍රම බලකාය නියැලු‍නු වර්ජනය, සමස්ත නිෂ්පාදනය ඇනහිටුවී ය. වර්ජකයෝ වැටුප් වැඩිකිරීම්, රැකියා ස්ථීර කිරීම් හා යහපත් සේවා කොන්දේසි ඉල්ලා සිටිය හ. මෙම වර්ජන ක්‍රියාවට පොලවට මීටර 600ක් යට කම්කරු කන්ඩායම් මාරුවෙන් මාරුවට සහභාගි වූ උපවාසයක් ද ඇතුලත් විය.

පිලිවෙලින් එක්සත් ජාතික පක්ෂයට (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) අනුබද්ධිත ජාතික සේවක සංගමය හා නිදහස් සේවක සංගමය යන පතලේ ක්‍රියාකාරී වන වෘත්තීය සමිති ශාඛා දෙකට විරුද්ධ ව වර්ජනය සංවිධානය කරනු ලැබී ය. වෘත්තීය සමිති දෙක හා ඒවායේ පතල් ශාඛා සභාපතිවරු වර්ජනයට හතුරු වූ අතර එයට එක්වීම ප්‍රතික්ෂේප කල හ. ශ්‍රීලනිප වෘත්තීය සමිතිය දැනට ජනාධිපති රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) නායකත්වය දෙන ආන්ඩුවට පිටුබලය දෙයි.

කර්මාන්ත අමාත්‍යාංශය, වර්ජකයන්ගේ නියෝජිතයන් සමග කුරුනෑගල ප්‍රාදේශීය කම්කරු කොමසාරිස් කාර්යාලයේ දී සාකච්ඡා කිරීම සඳහා වහා ම ජ්‍යෙෂ්ට නිලධාරීන් පිටත් කර යැවී ය.

මිනිරන් පතල් කම්කරුවන් කහටගහ පතල වාඩිලාගෙන

කුරුනෑගල කම්කරු කොමසාරිස් කාර්යාලයේ සාකච්ඡා පැවැත්වෙන අතරතුර කර්මාන්ත හා වානිජ ඇමති විමල් වීරවංශ පුද්ගලික ව දුරකථනයෙන් ඇමතූ බව එක් පතල් කම්කරුවෙක් ලෝසවෙඅ වෙත කීවේ ය. “අපේ සමිති ක්‍රියාකාරකම් ආන්ඩුවට කිසිදු අපහසුතාවක් ඇති නො කල යුතු බව ඇමතිවරයා කිවුවා” යි කම්කරුවා විස්තර කලේ ය.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් යන්තම් මාස දෙකකට පසුව පුපුරා ගිය වර්ජනයේ දේශපාලන බලපෑම පිලිබඳ ව චකිතයට පත් වීරවංශ, දෛනික වැටුප රුපියල් 50ක සොච්චමකින් වැඩිකිරීමට පොරොන්දු විය. වැටුප් වැඩිකිරීම හුදෙක් තාවකාලික බවත් කම්කරුවන්ගේ ඉල්ලීම් පෙබරවාරි 28දා වන විට ලබාදෙන බවත් ඔහු කියා සිටියේ ය.

රාජපක්ෂ නොවැම්බරයේ බලයට පැමිනියේ වැඩෙන වර්ජන හා විරෝධතා මධ්‍යයේ ජීවන කොන්දේසි වර්ධනය කරන බවට ව්‍යාජව පොරොන්දු වෙමිනි. ඔහුගේ සුලු‍තර ශ්‍රීලපොපෙ ආන්ඩුව මේ වසරේ මුල් භාගයේ මහ මැතිවරනයකට මුහුන දෙයි.

කහටගහ මිනිරන් පතල් කම්කරුවා ජනාධිපතිවරනයේ දී රාජපක්ෂට සහයෝගය දුන් බව ලෝසවෙඅ වාර්තාකරුවන්ට කී අතර ම මෙසේ ඇසුවේ ය: “කම්කරුවන්ගේ ඉල්ලීම් ඉටුකරන්නේ නැත්නම් ආන්ඩුවෙන් ඇති වැඬේ මොකක් ද?

“මම ශ්‍රීලනිප වෘත්තීය සමිතියේ සාමාජිකයෙක් වුනත් සමිතිය වර්ජනයට සහයෝගය දුන්නේ නැහැ. ඒ සමිතියෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? අපි වර්ජනය කලේ ස්වාධීන ව. අතීතයේ දී කිසිදු ආන්ඩුවක් අපේ ඉල්ලීම් ඉටුකර නැහැ” යි ඔහු වැඩිදුරටත් කීවේ ය.

ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු රජයට අයත් සංගතයන් ප්‍රතිව්‍යුහගත කර ඇත්තේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) පිලිවෙත් සමග ගැලපෙන පරිදි සහනාධාර කපා ඇත්තේ කෙසේදැයි ලෝසවෙඅ වාර්තාකරුවෝ විස්තර කල හ. රාජපක්ෂ ආන්ඩුව එම කප්පාදු පිලිවෙත්වලට ම කැපවී ඇති බව ඔවුහු පෙන්වා දුන් හ.

ඊට ප්‍රතිචාර වසයෙන් පතල් කම්කරුවා මෙසේ කීවේ ය: “ඔබ විස්තර කල ආකාරයෙන් අපි මේ දේවල් හරියට ම දැන සිටියේ නැති වුනත් මේ තත්ත්වය අත්දැක්ක. අපි කලින් නිරත වුනු අරගලවලින් කිසිම දෙයක් දිනාගත්තේ නැහැ. අපට දැන් දීල තියෙන පොරොන්දු ගැන අපට ලොකු විශ්වාසයක් නැහැ, අපි යලිත් ක්‍රියාමාර්ග ගන්නවා.”

වෘත්තීය සමිතිවල දේශපාලන භූමිකාව හා ඒවා විසින් ධනපති ක්‍රමය ආරක්ෂා කිරීම; ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ අත්දැකීම්; සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ හා සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාව ආදිය දක්වා සාකච්ඡාව ඉදිරියට ඇදුනි.

ලෝසවෙඅ වාර්තාකරුවෝ ගොලු‍වාහේන ගම්මානයේ ජීවත් වන තවත් මිනිරන් කම්කරුවෙකු මුන ගැසුනි. දොරට තට්ටු කල විට ඔහුගේ මව පැමිනි අතර, කලින් පැවති අර්බුදවල දී කහටගහ මිනිරන් පතල් කම්කරුවන් දඩයම් කර තිබීම නිසා මුල දී ඇයගේ පුත්‍රයාට කතාකිරීමට මැලි විය. වාර්තාකරුවන් තමන් පැමිනියේ ලෝසවෙඅ වෙතින් බව විස්තර කල විට කම්කරුවා පැමින උද්‍යෝගිමත් ව ඔහුගේ අත්දැකීම් විස්තර කලේ ය.

“අපේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන්න මම බය නැහැ. අපේ සියලු‍ අයිතිවාසිකම් දිනාගෙන තිබෙන්නේ අරගලවලින්” යි කී ඔහු තමන් කලින් නිරත වූ වර්ජනවල ඡායාරූප කිහිපයක් පෙන්වී ය.

වර්ජිත කම්කරුවන්ගේ උපවාසය හා වාඩිලාගත් විරෝධතාව

කලින් පුද්ගලික හිමිකාරිත්වයක් යටතේ පැවති පතල, 1972 දී ශ්‍රීලනිපය නායකත්වය දුන් සභාග ආන්ඩුවක් විසින් ජනසතු කරන ලදී. 1991 දී එය පුද්ගලික සමාගමකට විකුනා දමන ලද අතර, එම සමාගම බොහෝ කම්කරුවන් දොට්ට දමා දුෂ්කර සේවා කොන්දේසි පටවන ලදී. පතල ලාබ නො ලබන බව කියමින් සමාගම එය 2002 දී වසා දැමී ය.

දශකයකට පමන පෙර, එනම් 2006 දී ආන්ඩුවේ පාලනය යටතේ පතල යලි විවෘත කිරීමෙන් පසු, කහටගහ මිනිරන් පතලේ රැකියාව කම්කරුවා විසින් ලබාගත්තේ ය. ශ්‍රීලනිපය නායකත්වය දෙන ආන්ඩුවක් සමයේ කම්කරුවන් රැකියාවට බඳවාගත් නිසා ඔහුට හා අනෙකුත් කම්කරුවන්ට ශ්‍රීලනිපය විසින් පාලනය කරන වෘත්තීය සමිතියට බැඳීමට බලකෙරුනි. එතැන් පටන් ඔහු අරගල කිහිපයක නිරත වී ඇත.

“අපි යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා නම්, සමහර වෙලාවට ඔවුනගේ සේවය ලබා නොදෙන බව කියමින් වෘත්තීය සමිති අපට තර්ජනය කරනවා. ඒ ඒ මොහොතේ පැවති ආන්ඩුවල අවශ්‍යතාවන්ට අනුව මේ වෘත්තීය සමිති බිහිකර තිබෙනවා.”

2016 දී පතලේ පැවති වර්ජනයක් සමයේ, සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) වෘත්තීය සමිති නිලධාරියෙකු වන වසන්ත සමරසිංහ පතලට පැමින ඔහුගේ පක්ෂයේ වෘත්තීය සමිති ශාඛාවක් ස්ථාපිත කිරීමට උත්සාහ දැරී ය. කොලඹ ආන්ඩුවේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටින අතර ම, ජවිපෙ හා එයට අනුබද්ධිත වෘත්තීය සමිති ශාඛා ද ඒවායේ එජාප හා ශ්‍රීලනිප ප්‍රතිරූපකයන් මෙන් ම, හාම්පුතුන්ට හා ආන්ඩුවට විරුද්ධ ව කම්කරුවන්ගේ කිසිදු ස්වාධීන දේශපාලනික බලමුලු‍ගැන්වීමකට විරුද්ධ වෙති.

පෙබරවාරි 28දා කම්කරුවන්ගේ ඉල්ලීම් ආන්ඩුව විසින් ඉටුකිරීම පිලිබඳ ව තමන් සැක කරන බව කී කම්කරුවා කර්මාන්ත අමාත්‍යාංශයේ රුපියල් 50 දෛනික වැටුප් වැඩිකිරීම හෙලාදැක්කේ ය. “අපේ මාසික වැටුප මුලු‍මනින් ම නො සෑහෙද්දී රුපියල් 50ක වැඩිකිරීමකින් ඇති ප්‍රයෝජනය කුමක් දැ” යි ඔහු ප්‍රකාශ කලේ ය. පතලේ නුපුහුනු කම්කරුවෙකුට දිනකට හුදෙක් රුපියල් 688ක් පමන ගෙවන අතර, පුහුනු හා ස්ථීර කම්කරුවන්ට දිනකට රුපියල් 982ක් හා අමතර දීමනා කිහිපයක් ලබා දේ.

වැටුප් කොතරම් පහල ද යත් තම බිල්පත් ගෙවීම හා ජීවිතය ගැටගසා ගැනීම සඳහා පතල් සේවකයන්ට වඩු වැඩ, ත්‍රීරෝද රථ පැදවීම හෝ කෘෂිකාර්මික වැඩකටයුතු ආදායෙහි නිරතවීම අවශ්‍ය බව ඔහු කීවේ ය.

එක් කොන්ත්‍රාත් කම්කරුවෙකු කීවේ තමන්ට මසකට රුපියල් 23,000ක් හෝ 24,000ක් පමනක් ගෙවන බව යි. ප්‍රදේශයේ පොදු ප්‍රවාහන පහසුකම් හිඟ නිසා ඔහුට මෝටර් බයිසිකලයක් මිලට ගැනීමට සිදු වූ බව ඔහු විස්තර කලේ ය. ප්‍රදේශයේ වාසය කරන්නන්ට, මාතලේ හෝ කුරුනෑගල ආසන්න නගරයකට යාමට බස් රථයක් එනතුරු පැයක් පමන බලා සිටීමට සිදු වේ. ඔහුගේ නය වාරික ගෙවීමෙන් පසු මාසික වියදම් ආවරනය කිරීම සඳහා ඉතිරි වන්නේ රුපියල් 7,000ක් පමනක් වන අතර, ඔහු පවුලේ ප්‍රධාන උපයන්නා හා ලොරි රථ රියැදුරු සහායකයෙකු වන ඔහුගේ පියා මත යැපේ.

කහටගහ මිනිරන් පතල් කම්කරුවන් පසුගිය සතියේ නිරත වූ වැඩ වර්ජනය, ආන්ඩුවට එරෙහි ව පුපුරා යනු ඇත්තා වූ අනාගත කම්කරු-පන්තික අරගල මෙන් ම කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් ඉහල දමන බවට රාජපක්ෂ දුන් ව්‍යාජ පොරොන්දු පිලිබඳ මිථ්‍යාවන් වේගයෙන් අතුරුදන් වෙමින් පවතින බවට ද වන ආරම්භක ඉඟියකි. ජාමූඅ හා ප්‍රධාන සංගතවල නියෝග අනුයමින්, ශ්‍රී ලංකාවේ ධනවාදයේ ගැඹුරු වන ආර්ථික අර්බුදය කම්කරු පන්තියේ කරමත පැටවීම සඳහා නව තන්ත්‍රය අනුකම්පා විරහිත ලෙස ක්‍රියා කරනු ඇත.

Share this article: