ඊජිප්තු විප්ලවය තීරනාත්මක අවස්ථාවක

The Egyptian revolution at a crossroads

4 August 2011

ඇමරිකානු එක්සත් ජනපදයේ සහාය ලත් ඊජිප්තු මිලිටරි ජුන්ටාව හා එහි නිල "විරුද්ධ පාර්ශ්වයේ” උදව්කරුවන් විසින් ගනු ලබන මර්දනකාරී පියවරයන් ඊජිප්තු කම්කරුවන්ට හා තරුනයන්ට දරදඬු අනතුරු ඇඟවීමකි. පසුගිය පෙබරවාරියේ දී කම්කරු පන්තිය විසින් හොස්නි මුබාරක් පලවා හැරීම විසින් මුදාහැරුනු ව්‍යාපාරය තලා දැමීමට උත්සාහයක් ගැනීම සඳහා ප‍්‍රතිවිප්ලවවාදී බලවේගයෝ ඒකරාශි වෙති.

අගෝස්තු පලවෙනිදා, විප්ලවයේ මුල් දවස්වල පාලකයන් විසින් මරා දැමුනු සටන්කාමීන්ගේ පවුල් සිය ගනනක් පලවා හරිමින් ජුන්ටාව තරීර් චතුරශ‍්‍රයේ සාමකාමී වාඩිලාගැනීමකට එරෙහිව යුද ටැංකි යෙදී ය. යන්තම් දින තුනකට පෙර මුස්ලිම් සහෝදරත්වය, සලාපිස්ට් හා අල්-ගමා අල්-ඉස්ලාමියා ඇතුලු ප‍්‍රතිගාමී ඉස්ලාමීය කන්ඩායම් ජුන්ටා නායක පීල්ඩ් මාර්ෂල් මොහ්මඩ් හුසේන් ටන්ටාවිට සහාය පිනිස "ස්ථාවරත්වයට පක්ෂ” විරෝධතාවක් සංවිධානය කර තිබුනි.

මෙම පියවරයන්ට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ හා එහි දේශීය පන්දමුන්ගේ සහයෝගය ලැබේ. ඔබාමා පරිපාලනය මුස්ලිම් සහෝදරත්වය සමග "විවෘත සංවාදයක්” ස්ථාපිත කලේ ඉතා ම මෑත දී ය. ඒ අතර ම මැද පෙරදිග ප‍්‍රතිගාමිත්වයේ කඳවුර වන සෞදි අරාබියාව, ඊජිප්තුවට මුදල් වක්කරයි.

ටන්ටාවි හා ඔහුගේ සහකරුවන්ට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කරන පක්ෂයක් නොමැති නිසා ගැඹුරු අප‍්‍රියකර පියවර ගැනීමට ජුන්ටාවට හැකි වී තිබේ. ජුන්ටාවේ වඩාත් විවෘත ආධාරකරුවන් වන්නේ එහි ප්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ කටයුතු වන මාර්තු 23 වර්ජන හා උද්ඝෝෂන තහනම වැනි දේට සුවිශේෂව සහය දුන් දක්ෂිනාංශික මුස්ලිම් කන්ඩායම්වේ. කෙසේ වෙතත් සංස්තාපිතයට අයත් ලිබරල්, ඉස්ලාමික හා ව්‍යාජ වමේ පක්ෂ ජුන්ටාවට සහය දෙති.

ඊජිප්තු කම්කරු පන්තිය දැන් සිටිනුයේ තීරනාත්මක අවස්ථාවක ය. ඉදිරියට ඇති එක ම මග විප්ලවවාදී අරගලය නැවත ආරම්භ කිරීම ය. පාලකයින් සමග වඩාත් සම්පූර්න ගනුදෙනු බේරා ගැනීමක් අවශ්‍ය බව හා නිකම්ම රාජ්‍ය නායකයා ඉවත් කිරීමට වඩා ගැඹුරු වෙනසක් අවශ්‍ය බව කම්කරුවෝ සංජානනය කරති. කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය ප‍්‍රශ්නය නම්, මෙම අරගලය පදනම් විය යුත්තේ කුමන ඉදරිදර්ශනයක් මතද යන්න යි.

එක්සත් ජනපදයේ සහාය ලත් ජනාධිපති සිනේ එල් අබිඩින් බෙන් අලිට ඉල්ලා අස්වීමට බල කෙරුනු ටියුනීසියානු කම්කරුවන්ගේ අරගලයෙන් පුබුදුවන ලදුව ඊජිප්තු කම්කරුවෝ ජනවාරි 25 වැනි දා දේශපාලන අරගලයට පිවිසුනහ. විරෝධතාකරුවන් 1,000කට වඩා බිලිගත්, එක්සත් ජනපද ආන්ඩුව විසින් අනුමත කල මුබාරක්ගේ මර්දනය නොතකා වැඩ වර්ජන වර්ධනය වීමත් ඊජිප්තුව ඇනහිටින තත්වයකට ගෙන ඒමත් සමග ම ටන්ටාවි විසින් නායකත්වය දුන් මිලිටරි කවුන්සලයකින් මුබාරක් ඉවත් කිරීමට ඊජිප්තු හමුදාව සමග ගනුදෙනුවකට ඒමට වොෂින්ටනයට බල කෙරුනි.

කම්කරු පන්තිය මැඩලීමට හා එය ආන්ඩුවට යටපත් කිරීමට අධිරාජ්‍යවාදීහු හා ඊජිප්තු දේශපාලන සංස්ථාපිතය දැඟලූහ. මෙහි දී ඔවුහු, ජුන්ටාව නීත්‍යානුකූල ආන්ඩුවක් ලෙස ඉහල දමමින් හා "ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසක්” ඉෂ්ට කිරීමේ එහි සැලසුම් පිලිබඳ මිත්‍යා වපුරමින් කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීමට වෙහෙසුනු ඊජිප්තුවේ මධ්‍යම පන්තික ව්‍යාජ වාමාංශික පක්ෂ මත රැලි ගැසුනහ.

විප්ලවවාදී සමාජවාදීන්ගේ (ආර්එස්) ප‍්‍රධාන සාමාජිකයෙකු වන හොසාම් අල්-හමලවි පෙබරවාරි 14 බි‍්‍රතාන්‍ය ගාර්ඩියන් පත‍්‍රය පලකල අදහස් දැක්වීමක දී ජුන්ටාව "අවසානයේ දී ‘මහජනයාගේ’ ආන්ඩුවක් කරා මාරුවීමක් සකස් කරනු ඇත” යි ප‍්‍රකාශ කලේ ය. ආරම්භක පක්ෂ වන කම්කරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ඩබ්ලිව්ඩීපී) හා සමාජ සාමාග‍්‍රි පක්ෂය (එස්ඒපී) වැනි ඊජිප්තුවේ අනෙකුත් ව්‍යාජ වාමාංශික පක්ෂ නව දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධවීමට මෙම අදහසට හවුල් වූහ. ජුන්ටාව විසින් සංවිධානය කෙරුනු මැතිවරනයට නීත්‍යානුකූල තත්වය දෙමින් ඔවුහු ජුන්ටාව විසින් සැකසූ දේශපාලන රාමුවට එකඟ වූහ.

සති කීපයකට පසු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පස්ෂපාතී විරෝධතාකරුවන් ආරක්ෂා කිරීමේ කවරය යටතේ එක්සත් ජනපදය හා නේටෝව කර්නල් මුවම්මර් ගඩාපිගේ පාලනයට එරෙහිව යුද ප‍්‍රකාශ කලේ ය. කුඩා ආරක්ෂා රහිත රටට එරෙහි අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයට "වාම” හෝ "සමාජවාදී” යයි පවා පෙනී සිටින කන්ඩායම් ඇතුලු ඊජිප්තුවේ මුලු දේශපාලන සංස්ථාපිතය ම සහාය දෙන ලදී.

කෙසේ නමුත්, මාස කීපයකට විතරක් පසුව මර්දනය, වියදම් අඩු කිරීමේ පියවර හා ජුන්ටාවේ අධිරාජ්‍ය ගැති ප‍්‍රතිපත්ති ගැන කලකිරීමෙන් ඊජිප්තුවේ කම්කරු හා තරුන සමූහය විරෝධය දක්වා "දෙවැනි විප්ලවයක්” ඉල්ලූහ. මෙම සටන්පාඨය තීරනාත්මක අන්තර් දෘෂ්ටියක් පිලිබිඹු කරයි. එනම්, ජුන්ටාව "ප‍්‍රජාන්ත‍්‍රවාදී සංක‍්‍රමනයකට” ගමන් කරනවා ඇතැ යි යන ප‍්‍රකාශය මිත්‍යාවක් යන්න යි. මිලිටරි පාලනය පෙරලා දැමිය යුතුව තිබුනි. ජූලි 8වැනි දා, නැවත පනගැන්වුනු සටන්කාමී වැඩවර්ජන රැල්ල මධ්‍යයේ කයිරෝ, ඇලෙක්සැන්ඩි‍්‍රයා, සූවස් ඇතුලු ඊජිප්තුව පුරා නගරවල දශ ලක්ෂ ගනනක් මිලිටරි ජුන්ටාවේ බිඳ වැටීම පතා වීදිවලට බටහ.

ව්‍යාජ වාම බලවේග ඇතුලත් ව සියලු ධනේශ්වර පක්ෂ "දෙවැනි විප්ලවයක්” සඳහා වන කම්කරු පන්තියේ ඉල්ලීමට බිය වූ අතර එයට සතුරු ය. ඔවුහු එය පාලනය කිරීමට හා ගෙල මිරිකීමට තරීර් චතුරශ‍්‍රයේ වාඩිලා ගැනීමට එක් වූ හ.

ඉතාමත් තීරනාත්මක ක‍්‍රියාකලාපයක් ඉටු කරන ලද්දේ ඊනියා සමාජවාදී පෙරමුන යි. එනම් විප්ලවවාදී සමාජවාදීන් කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, සමාජ සමාග‍්‍රි පක්ෂය හා ඊජිප්තු සමාජවාදී පක්ෂය යි. මෙම කන්ඩායම් ජූලි 27වැනි දා, ලිබරල් හා ඉස්ලාමීය කන්ඩායම් සමග "එක්සත් මහජන පෙරමුනක්” පිහිටු වූ හ. වාර්තානුකුලව මෙය ඊජිප්ත්තු රජයේ අනාගත ස්වභාවය පිලිබඳ වෙනස්කම් මත වන සියලු ම දේශපාලන සාකච්ඡා තහනම් කිරීම මත පදනම් විය.

ඒ ආකාරයෙන් ඉස්ලාම්වාදීන්ට තරීර් චතුරශ‍්‍රයේ අවධානය ලබා දීමකට උදව් දී තිබිය දී ව්‍යාජ වාම බලවේග, ඉස්ලාම්වාදීන් ඔවුන්ගේ ගම්බද අනුගාමිකයන් දහස් ගනනක් කයිරෝවට ප‍්‍රවාහනය කොට ප‍්‍රතිගාමී සටන්පාඨ මැතිරූ විට පුදුමයට පත් වූ බව හා එයට විරුද්ධ වූ බව කියැවේ. ඊට පසු ඔවුහු, මියගියවුන්ගේ පවුල් හමුදා යුද ටැංකිවලට මුහුන දීමට අතහැර තරීර් චතුරශයෙන් ඉවත් වීමට තීරනය කලහ.

ව්‍යාජ වාම කන්ඩායම් විසින් සිදු කල ප‍්‍රතිවිප්පවවාදී ක‍්‍රියාකලාපය කම්කරු පන්තියට අනතුරු හැඟවීමක් ලෙස ගත යුතු ය. මෙම කන්ඩායම්වලට විප්ලවවාදී දේශපාලනය හා සමාජවාදය සමග සම්බන්ධයක් නොමැත. ඔවුහු ස්වාධීන කම්කරු පන්තික ව්‍යාපාරයක් වැලැක්වීම සඳහා නරුම ලෙස වාම වාක්‍ය ඛන්ඩ හා මාක්ස්වාදී වචන පාවිච්චි කරති.

ජූලි 9වැනි දා, විප්ලවවාදී සමාජවාදීහු "දෙවැනි විප්ලවයක් නොව නමුත් පාලනය වැටෙන තෙක් නොනවතින විප්ලවයක්” මැයෙන් ප‍්‍රකාශයක් නිතුත් කලහ. "ඊජිප්තුවේ තරීර් චතුරස්‍රයේ හා වීදිවල දැන් සිදුවෙමින් පවතින්නේ දෙවැනි විප්ලවයක් නොව, නමුත් ජනවාරි 25වැනි දා විප්ලවයේ පැතිරීමකි”යි එය ප‍්‍රකාශ කලේ ය. වාඩිලාගැනීම් හා වැඩවර්ජන මගින් "ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයක්” ගෙනයාමට ජුන්ටාවට බල කල හැකි ය. යන්න මෙහි පැහදිලි අර්ථය විය.

මෙම ප‍්‍රකාශය විප්ලවවාදී සමාජවාදීන්ගේ ප‍්‍රතිගාමී හා දෙපිටකාට්ටු පිලිවෙත සාරාංශ කලේ ය. "දෙවැනි විප්ලවයකට” එනම් ජුන්ටාව පෙරලීමට විප්ලවවාදී අරගලයක් සඳහා කම්කරු පන්තියේ ඉල්ලීමට නොනවතින විප්ලවය ප‍්‍රතිවිරුද්ධව පිහිටුවමින් ඔවුහු ඉතා කෲර ආකාරයකට "නොනවතින විප්ලවයේ” ඉදිරිදර්ශනයෙහි දේශපාලන අන්තර්ගතය විකෘති කරති. මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල නොනවතින විප්ලවය යන යෙදුම හැම විට ම කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයත් ධනේශ්වරය පෙරලා දැමීමට හා සමාජවාදී වැඩසටහනක පදනම මත බලය ගැනීමත් සමග බැඳී ඇත.

පලමුව මාක්ස් හා එංගල්ස් විසින් ඉදිරිපත් කෙරුනු, දෙවනුව යුරෝපීය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මාක්ස්වාදීන් විසින් වර්ධනය කෙරුනු, ලියොන් ට්‍රොට්ස්කි විසින් එහි ඉතා පැහදිලි හා ඉතාමත් දුර දක්නා සූත‍්‍රගත කිරීමකින් ඉදිරිපත් කෙරුනු නොනවතින විප්ලව න්‍යාය රුසියාවේ කම්කරු පන්තිය බලයට ගෙන ආ 1917 ඔක්තෝබර් විප්ලවය විසින් සාක්ෂාත් කෙරුනි. ධනේශ්වරයට තව දුරටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයට නායකත්වය දිය නොහැකි බව නොනවතින විප්ලවය පිලිගනියි. ඒ වෙනුවට, ගොවි ජනතාවගේ හා ගම්බද දුගීන්ගේ සහාය දිනාගැනීම ඇතිව බලය ගනිමින්, කම්කරු ආන්ඩුවක් ස්ථාපිත කරමින්, සමාජවාදී විප්ලවය කලාපය හා ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට සටන් කරමින් විප්ලවයේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉදිරියට ගෙනයා හැක්කේ කම්කරු පන්තියට පමනි.

නොනවතින විප්ලවය පන්ති සහයෝගිතාවේ දේශපාලන මාවත සමග සම්මුති ගැසීමේ උත්සාහය නොතකා, එනම් එහි සැබෑ අර්ථයේ ඍජු විරුද්ධ පැත්ත: මෙම න්‍යාය උතුරු අප‍්‍රිකාවේ හා මැද පෙරදිග මෙම වර්ෂයේ දී දිග හැරුනු සිදුවීම් වලින් තරයේ ම යුක්තියුක්ත කෙරුනි. පලමුව, කම්කරු පන්තිය ප‍්‍රධාන විප්ලවවාදී බලවේගය ලෙස මතු වී ඇත. දෙවනුව, එහි සුලු ධනේශ්වර වාම අනුගාමිකයන් සමග එකට සිටිමින් ඊජිප්තුවේ හා ටියුනීසියාවේ ලිබරල් ධනේශ්වරය, කැරලිකාරී කම්කරු පන්තියට එරෙහිව ඔවුන් සමග පෙල ගැසෙමින් පැරනි පාලනයේ මිලිටරි ප‍්‍රධාන මුක්කුවට සහාය දීමට ඉක්මන් වී ඇත.

ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය හා වැඩසටහන මත පදනම් වූ එක ම සංවිධානය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනකි, ධනේශ්වර ආන්ඩුව වෙනුවට කම්කරු ආන්ඩුවක් පිහිටුවීම සඳහා ඊජිප්තු මිලිටරි ජුන්ටාව පෙරලා දැමීමට ඊජිප්තු කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ඉල්ලා සිටින හා සමාජවාදී විප්ලවයක් සඳහා අමතන එක ම දේශපාලන බලවේගය වනුයේ. ඊට විපරීතව ව්‍යාජ වාම කන්ඩායම් කම්කරු පන්තියට හතුරු හා ජුන්ටාව රැකීමට මංමුලා සහගත ධනවත් මධ්‍යම පන්තික තට්ටුවල අවශ්‍යතාවන් පුනරුච්චාරනය කරති.

ඊජිප්තු කම්කරුවන් හා තරුනයන් මේ වන විටත් තමන්ගේ ශක්තිය පෙන්වා ඇති අතර ලෝකය පුරා දශලක්ෂ ගනන් කම්කරුවන් ආවේශ කර ඇත - විස්කොන්සින් පටි තද කිරීමේ පියවරයන්ට විරුද්ධ වන වැඩ වර්ජකයන්ගේ සිට ඊස්රායලයේ දුප්පත්කම හා සමාජ අසමානත්වයට එරෙහිව බලමුලු ගැන්වෙන කම්කරුවන් හා තරුනයන් දක්වා. ඊජිප්තු විප්ලවය පෙරට ගෙන යාම සඳහා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ඊජිප්තුවේ ද එමෙන් ම ටියුනීසියාව, ඊස්රායලය සහ උතුරු අප‍්‍රිකාව හා මැද පෙරදිග පුරා ද ගොඩනැගීම අවශ්‍ය ය. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ එවැනි පක්ෂයකට පමනි ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රහාරය පරාජය කල හැක්කේ, අධිරාජ්‍යවාදයේ බන්ධනය බිඳ දැමිය හැක්කේ සහ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජවාදය සඳහා සටන දිගට ම ගෙන යා හැක්කේ.

ජොහැනස් ස්ටරන් සහ ඇලෙක්ස් ලැන්ටියර්