ග‍්‍රීක කප්පාදු පැකේජය: යුරෝපය තුල සමාජ ප‍්‍රතිවිප්ලවය

Greek austerity package: Social counterrevolution in Europe

30 June 2011

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැසොක් පක්ෂයේ ඡන්දය සහිතව ග‍්‍රීක පාර්ලිමේන්තුව කප්පාදු පියවරයන් සම්බන්ද නව පැකේජයක් බදාදා අනුමත කලේය.

කප්පාදු පියවරයන් පලල් සමාජ ස්තරවල ජීවන කොන්දේසි දශක ගනනාවක් යනතුරු යථා තත්වයට පත්කරනු ඇතැයි කිසිදු බැරෑරුම් අර්ථශාස්ත‍්‍රඥයෙක් සැක නොකරනු ඇත. පසුගිය වසරේ අනුමත කල පලමුවන කප්පාදු පැකේජය, දැනටමත් රාජ්‍ය අංශයේ වැටුප්, විශ‍්‍රාම වැටුප් සහ අනෙකුත් ප‍්‍රතිලාභ දැවැන්තව කප්පාදු කිරීමක් අන්තර්ගත කරගෙන තිබේ. ඒ සමග ම, එය පරිභෝජන බදු වැඩි කලේය. එමගින් ගැඹුරු අවපාතයක් අවුලුවා ලූ අතර විරැකියාවේ තියුනු වැඩිවීමක් සිදුවිය.

දැන් තවත් අතිරේක යුරෝ බිලියන 28 ක් 2015 වන විට ඉතිරි කලයුතුය. එය, මිලියන 11 ක ජනගහනයක් සහිත මෙම රටේ දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 12 ක් නියෝජනය කරයි. ජර්මනියේදී, එකී කප්පාදු කිරීම් යුරෝ බිලියන 300 කට සමාන වන අතර එක්සත් ජනපදයේදී ඩොලර් ටි‍්‍රලියන 1.7 කි.

නව ක‍්‍රියාමාර්ගය යටතේ මධ්‍යම ආදායම් ලාභීන් සඳහා විශාල ලෙස බදු වැඩිකිරීම සමග රාජ්‍ය සේවයේ රැකියා 150,000 ක් කැපීම, සමාජ වියදම් හා සෞඛ්‍ය ආරක්ෂන වියදම් කප්පාදු කරනු ඇත. මත්පැන් හල් සහ ආපන ශාලා වැට් බද්ද සියයට 13 සිට 23 දක්වා ඉහල දැමෙයි. බෙහෙවින් කුඩා ව්‍යාපාර මත යැපෙන ග‍්‍රීසිය තුල දී මෙහි තේරුම වන්නේ දසදහස් ගනනක් බංකොලොත්වීම සහ අවපාතය ගැඹුරුවීමයි.

ෆිනැන්ෂල් ටයිම්ස් හි ප‍්‍රමුඛ තීරු ලිපිකරුවෙක් සහ මේ දක්වා කප්පාදු පිලිවෙත් සම්බන්ධ උපදේශකයෙකු වන වොල්ෆ්ගන් මූන්චෝ පවා එවන් කප්පාදු පිලිවෙත් මූල්‍යමය වසයෙන් නොඉවසිලිවන්ත සහ දේශපාලනිකව වගකීම් විරහිත, යයි නිගමනය කර ඇත. "ක‍්‍රියාමාර්ගය, එය පවතින ආකාරයට දේශපාලනිකව, සදාචාරාත්මකව සහ ආර්ථිකමය වසයෙන් සාධාරනීකරනය කල නොහැකිය” ඔහු ලියයි.

එසේ වුවත් යුරෝපා සංගමය ක‍්‍රියාමාර්ගය අනුමත කරවීම සඳහා ග‍්‍රීක පාර්ලිමේන්තුව මත දැවැන්ත පීඩනයක් යොදා ඇත. කප්පාදු පැකේජය ප‍්‍රතික්ෂේප කරනු ලැබුවොත් ග‍්‍රීක රාජ්‍යය බංකොලොත් වන බවට ආර්ථික කටයුතු පිලිබඳ කොමසාරිස් ඔලී රෙහ්න් තර්ජනය කලේය. "ක්ෂනික නයගෙවීම් පැහැර හැරීමක් වලක්වා ගැනීමට ග‍්‍රීක පාර්ලිමේන්තුවට ඇති එක ම මාවත සංශෝධිත ආර්ථික ක‍්‍රියාමාර්ගය නිර්දේශ කිරීම” යයි ඔහු ප‍්‍රකාශයක දී පැවසීය. "මූල්‍ය ආධාරයේ ඉතිරි කොටස මුදාහැරීමට නම් ඔවුන් එය අනුමත කල යුතුයි. වෙනත් තෝරාගැනීම් ගැන සමපෙක්ෂනය කරන අයට මෙය පැහැදිලිව කියන්න මට ඉඩදෙන්න. ”නය ගෙවීම් පැහැර හැරීමක් වලක්වා ගැනීම සඳහා බි සැලැස්මක් නැත.”

ඔහුගේ පක්ෂයේ විරුද්ධ මතධාරී සාමාජිකයන් දුර්මුඛ කිරීම සදහා, අගමැති ජෝජ් පැපන්ද්‍රියෝ දින ගනනාවක් දේශපාලන උපාමාරුවල සහ පුද්ගලික බියගැන්වීම්වල යෙදී ගත්තේය. ග‍්‍රීක මහජනතාවගේ විශාල බහුතරයක් කප්පාදු පැකේජය ප‍්‍රතික්ෂේප කරති. දින දෙකක වර්ජනය රට හිරිවැට්ටු අතර දස දහස් සංඛ්‍යාත ජනයා පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධය පෑ හ. එහෙත්, පැසොක් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු නියෝජිතයෝ, එකෙකු හැර, විපක්ෂයේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ එක නියෝජිතයෙකු සමග එක්ව පනතට පක්ෂව ඡන්දය දුන් හ.

සමස්ථ ක‍්‍රියා සන්තතියම පැහැදිලිව ආඥාධායක ගති ලක්ෂන සහිතය. ගතානුගතික ප‍්‍රවෘති පත‍්‍රයක් වන කතිමෙරිනි (Kathimerini) පවා මෙසේ සදහන් කලේය. ”අපි තවදුරටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සමග ගනුදෙනු නොකරමු.... සමස්ත රටක් ම දේශපාලන අධිරාජ්‍යයක් වෙනුවට යෝධ බලයක් සහ කෑදර අභිලාශයන් සහිත ආයෝජන සමාගම් සහ තක්සේරු සමාගම් කිහිපයකට කප්පම් ගෙවන ආර්ථික ප‍්‍රදේශයක් බවට පරිවර්තනය වී ඇත.

මූල්‍ය සහ කොටස් වෙලඳ පොලවල් ඡන්දය කෙරෙහි සාධනීය ප‍්‍රතිචාරයක් දැක්වුහ. ඔවුන්ට කම්කරු පන්තියට විරුද්ධව සෙසු යුරෝපීය රටවල මෙන් ම නිර්දය ලෙස දැන් ඉදිරියට යාහැකි බවට ග‍්‍රීක පාර්ලිමේන්තු ගිවිසුම සංඥාවක් යයි ඔවුහු අර්ථකථනය කල හ. කප්පාදු පිලිවෙත් දැනටමත්, පෘතුගාලය, අයර්ලන්තය, ස්පාඤ්ඤය සහ මහා බි‍්‍රතාන්‍යය තුල ක‍්‍රියාවට දමා ඇත. ඊ ලඟට ඉතාලිය, ප‍්‍රන්සය, සහ අවසාන වසයෙන් ජර්මනිය වැනි වඩාත් ධනවත් රටවල් න්‍යායපත‍්‍රයට ඇතුලත්ව තිබේ.

1930 ගනන් වලින් පසුව විශාලතම ජාත්‍යන්යතර මූල්‍ය අර්බුදය මුදාහල එක්සත් ජනපද ලෙහ්මන් බ‍්‍රදර්ස් බැංකුව බිද වැටී වසර දෙකහමාරකට පසුව, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය බැංකු ගලවා ගැනීම සඳහා වියදම්කල ටි‍්‍රලියන ගනනින් කම්කරුපන්තියේ වියදමෙන් මුදල් යලි පියවාගැනීමක ක‍්‍රියාශීලීව යෙදී සිටිති. එය, දෙවන ලෝක යුද්ධයෙන් පසුව කම්කරු පන්තිය දිනාගත් සියලූ ම සමාජ ජයග‍්‍රහන ආපසු හැරවීම ඉලක්ක කරගත් සමාජ ප‍්‍රතිවිප්ලවයක් ක‍්‍රියාවට දමමින් සිටී.

එක්සත් ජනපදය තුල, සියයට 50 කින් වැටුප් කප්පාදු කිරීම හා කැලිෆෝර්නියා සහ විස්කොන්සින් වැනි නය ගැති ප‍්‍රාන්ත රාජ්‍යවල රාජ්‍ය වියදම් තියුනු ලෙස කප්පාදු කිරීමේ සැලසුම් දිගුකලක සිට න්‍යායපත‍්‍රය තුල තිබේ. එහි දිගුකාලීන සුබසාදන රාජ්‍යය සම්ප‍්‍රදාය නිසා යුරෝපය එවන් සීමාන්තික කප්පාදු කිරීම්වලට යොමු නොවනු ඇතැයි යමෙකු සිතතොත් එය බරපතල වැරදි වැටහීමකි. දශක දෙකකට පෙර හඳුන්වාදුන් සහ අනාගත සමුර්ධියේ සහතිකය ලෙස හුවාදක්වනු ලැබූ යුරෝව කම්කරු පන්තියේ ජීවන තත්වයන් කාබාසිනියා කරන යාන්ත‍්‍රනයක් බව දැන් ඔප්පු කරනු ලබමින් පවතී. ”යුරෝව ගලවා ගැනීම” යන භාෂිතය පටිතද කර ගැනීම සහ සමාජ බිඳවැටීම ට සමානවාචි පදයක් බවට පත්ව ඇත.

ග‍්‍රීසියේ සංසිද්ධීන් යුරෝපීය කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. දේශපාලන පාඩම් උකහා ගැනීම අවශ්‍යය. වෘත්තීය සමිති සහ ඊනියා ”වාම” පක්ෂවල සහයෝගය නැතිව පැපන්ද්‍රියෝට සහ ඔහුගේ ජාත්‍යන්තර අනුබල දෙන්නන්ට කිසිසේත් පවතින්නට පිලිවන් කමක් නැත.

ග‍්‍රීක කම්කරුවන් සමග කිසිදු සහයෝගයක් නැති බව සහතික කිරීමට මෙම සංවිධාන යුරෝපීය මට්ටමකින් වැඩකර ඇත. සමාජ ප‍්‍රජාතන්ත්‍රවාදී පක්ෂ යුරෝපීය සංගමයේ ඉල්ලීම්වලට සහයෝගය දෙන අතර "කම්මැලි ග‍්‍රීකයන්ට” එරෙහි උද්ඝෝෂනයට අනුබල දුන් හ. සහයෝගිතාවයේ එකම වචනයක්වත් නිකුත් නොකල, යුරෝපීය වෘත්තීය සමිතිවල ප‍්‍රධාන කාර්යාලවලට ද එය එලෙසම අදාලය.

ග‍්‍රීසිය තුලමත්, වෘත්තීය සමිති පැසොක් පක්ෂය සමග සමීපව බැදී සිටිති. කප්පාදු වැඩපිලිවෙලට එරෙහි මහජන විරුද්ධත්වය සමනය කිරීමට කටයුතු කල ඔව්හූ, එය ඔවුන්ගේ පාලනය යටතේ තබා ගත් හ. පැහැදිලිව ම විරුද්ධත්වය වාෂ්ප කිරීම අරමුනු කරගත් විරෝධතා වර්ජන 15 ඔව්හූ සංවිධානය කල හ. පුලුල් වැඩවර්ජනයක් දින කිහිපයක් පැවතුන හොත්, ආන්ඩුව ඇනහිටින බව ඔවුන් දන්නා නිසා, සියලුම මහා වර්ජන එක් දිනකට සීමා විය.

විප්ලවාදී ඉදිරිදර්ශනයක් පිලිබඳ සාකච්චාවක් ඇතිවීම වැලැක්වීම සදහා, රට තුල පවතින සය්රිසා, අන්ටාර්සියා වැනි සියලුම බොරු වාම සංවිධාන වෘත්තීය සමිති ආරක්ෂා කල අතර සින්ටග්මා චතුරශ‍්‍රයේ "කෝපාවිෂ්ට” ව්‍යාපාරයේ "අදේශපාලනික” යයි කියනු ලබන ස්වභාවය පිටුපස සැඟ වී ගත් හ. නය මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කිරීමක් සදහා කැඳවුම් කිරීම, කම්කරු ආන්ඩුවක් සදහා කරන කැඳවුම වගේම මෙම සංවිධානවලට තහනම් වචනයකි. ඒ වෙනුවට, විකල්ප ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම සදහා පැපන්ද්‍රියෝ සහ යුරෝපීය සංගමය මත පීඩනය යෙදිය හැකියැයි, ඔවුහූ මිථ්‍යායාවන් වපුරති.

ග‍්‍රීසියේ ආරම්භ කල සමාජ ප‍්‍රතිවිප්ලවය, නතර කල හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ප‍්‍රහාරයකට පමනි. සීමා පනවා පරිස්සමින් සැලසුම් කල දිනක හෝ දෙකක මහා වර්ජන මගින් හෝ ආන්ඩුව මත පීඩනය යෙදීමේ උත්සාහයන් ගෙන් හෝ එය නතර කල නොහැකිය.

ධනවාදයේ රාමුව තුල වර්තමාන අර්බුදයට විසඳුමක් නැත. ග‍්‍රීක ධනේශ්වරය අත්‍යන්තයෙන් ම මූල්‍ය ප‍්‍රාග්ධනයට බැඳී සිටිති. නව ප‍්‍රජතාන්ත‍්‍රවාදී පක්ෂය මගින් කප්පාදු වැඩපිලිවල ප‍්‍රතික්ෂේප කිරීම අතිශයින් ම නරුම මවා පෑමකි. පක්ෂය බලයට පත් වුනොත් පැසොක් පක්ෂයට අනන්‍යය ආකාරයකින් ක‍්‍රියා කරනු ඇත. බලයේ සිටිය දී ඒ හා සමාන කප්පාදු පිලිවෙත්වලට සහයෝගය දුන්, ඉතාලියේ රිෆවුන්ඩ් කොමියුනිසම්, ජර්මනියේ වාම පක්ෂය සහ ප‍්‍රන්සයේ කොමියුනිස්ට් පක්ෂය වැනි "වාම” ධනේශ්වර පක්ෂවලට ද එය එලෙස ම අදාලවේ.

කම්කරු පන්තියට බලය සඳහා අරගලය මුනගස්වනු ලැබ ඇත. එය නය ගෙවීමට විරුද්ධ වියයුතුය. ප‍්‍රධාන බැංකු සහ සංගත වන්දි ගෙවීමකින් තොරව පවරා ගැනීම හා ඒවා සමාජ පාලනය යටතේ තැබීමට පිලින දුන් කම්කරු ආන්ඩුවක් පිහිටුවීමට සටන් කල යුතුය. සමාජ ප‍්‍රතිවිප්ලවය නතර කර, පවතින සම්පත් සියල්ලන්ගේම ප‍්‍රතිලාභය සදහා උපයෝගී කිරීම හා සමාජවාදී සමාජයක් ගොඩනැගිය හැක්කේ මෙම පදනම මත පමනි.

එවන් ඉදිරිදර්ශනයක් මුදුන්පත් කර ගත හැක්කේ ජාත්‍යන්තර සන්දර්භයක් තුල පමනි. ග‍්‍රීක කම්කරු පන්තිය සියලු ජාතිකවාදී ප‍්‍රවනතා ප‍්‍රතික්ෂේප කර සමාන ප‍්‍රහාරවලට මුහුනදෙන සමස්ත යුරෝපීය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ශක්තිමත් සම්බන්ධතා තහවුරු කරගත යුතුය. යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් පිහිටුවීම එහි එල්ලය විය යුතුය.

එවන් ඉදිරිදර්ශනයක් සඳහා සටන් වදින්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි. ලෝසවේඅ විය කතෘ මන්ඩලය සමග සම්බන්ධතා ගොඩනග ගනිමින් ජාත්‍යන්තර කොමිටියේ ශාඛා ගොඩනැගීමට උරදෙන ලෙස ග‍්‍රීසියේ කම්කරුවන්ගෙන් සහ තරුන ජනයාගෙන් අපි ඉල්ලා සිටිමු.

පීටර් ස්වාෂ්