දුරකතනවලට අනවසරයෙන් සවන්දීමේ මර්ඩොක් අපචාරය සහ පන්ති ”යුක්තිය”

The Murdoch hacking scandal and class “justice”

14 July 2011

බි‍්‍රතාන්‍යයේ රුපර්ට් මර්ඩොක්ගේ "නිව්ස් ඉන්ටර්නැෂනල්" සමුහ ව්‍යාපාරය විසින් කරන ලද දුරකතනවලට අනවසරයෙන් ඇහුන්කන් දීම සහ අනෙකුත් නීතිවිරෝධී ක‍්‍රියාකලාපයන් පිලිබඳ සෝලිය අනාවරනය වීමෙන් සති දෙකක් ගතවත්ම තවතවත් හෙලිදරව් කිරීම් කෙරෙමින් පවතින අතර ඒවා එකිනෙකක් පරයා තම හානිදායකබාවය තහවුරුකරමින් සිටී.

වසර ගනනාවකට ඉහතදී සිට ‘නීතිය හා යහ පාලනය’ පිලිබඳ බෙරවාදනය නොනවත්වා වැයූ නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් පුවත්පත විසින් දේශපාලනඥයන්, ආන්ඩුවේ මැති ඇමතිවරුන්, පොලීසිය, රාජකීය පවුලේ සමාජිකයන්, සිනමා නලු නිලියන් හා මාධ්‍යවේදීන් ඇතුලු දහස් ගනන් ජනයාගේ දුරකථනවලට අනවසරයෙන් ඇහුම්කන් දුන් බව එලිදරව් වී තිබේ.

නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් සහ අනෙකුත් මර්ඩොක් පුවත්පත් විසින් ප‍්‍රධාන පෙලේ ආන්ඩුවේ නිලධාරීන්ගේ පුද්ගලික තොරතුරු වාර්තා නීතිවිරෝධී ලෙස ලබාගත් බවට චෝදනා ලැබ සිටී. "තමා ආන්ඩුවේ අමාත්‍යවරයෙකුගේ ධුරයෙන් පහකරවීම සඳහා” තමාගේ මූල්‍ය හා නෛතික ලිපිගොනු ලබා ගැනීම සඳහා "ප‍්‍රසිද්ධ අපරාධකරුවන්” යොදාගත් බවට මර්ඩොක්ගේ සන්ඩෙ ටයිම්ස් පුවත්පතට හිටපු අග‍්‍රාමාත්‍ය ගෝර්ඩන් බ‍්‍රවුන් චෝදනා එල්ල කලේ ය.

මෙම චෝදනාවලට පිටුපසින් මර්ඩොක් මාධ්‍ය ජාලයේ ක‍්‍රියාකාරීත්වය මගින් සිදුකල අල්ලස් දීම්, කප්පම් ගැනීම් සහ බියවැද්දීම් පිලිබඳ චෝදනා රාශියක් එල්ල වෙමින් තිබේ.

කෙසේ නමුත් ආන්ඩුවේ හා විරුද්ධ පක්ෂවල ප‍්‍රකාශිත සදාචාරාත්මක ප‍්‍රකෝපය දැනවීම හැර චෝදනා සම්බන්ධව අපරාධ පරීක්ෂනයක් පැවැත්වීම සඳහා සුදානම් කරවීමට කිසිවක් කර නැත. නිව්ස් ඉන්ටර්නැෂනල් කාර්යාල ගොඩනැගිලි අපරාධ ස්ථානයක් ලෙස ප‍්‍රකාශයට පත්කල යුතුව තිබුනේ මීට බොහෝ පෙර සිට ය. ඒ වෙනුවට ආන්ඩුව වැරදිකාරත්වය පිලිබඳ සාක්ෂි ආරක්ෂා කිරීම සඳහා අති මූලික පියවරයන් ගැනීම පවා ප‍්‍රතික්ෂේප කරමින් කරුනු වසං කිරීම සඳහා සහයෝගය දෙමින් සිටී.

එල්ල වී තිබෙන කරුනු අනුව දැනටමත් මෙම සෝලියට අදාල ඊමේල් දහස් ගනනක් හෝ සමහර විට මිලියන ගනනක් නිව්ස් ඉන්ටර්නැෂනල් විධායකය විසින් මකා දමා ඇත. නමුත් අපරාධකාරී විභවයක් ඇති සාක්ෂි විනාශකිරීම නතර කිරීම සඳහා කිසිවක් කර නැත. කිසිදු පරිගනකයක් රාජ්‍ය සන්තක කර නැත; කිසිදු දෘඪ දත්ත රඳවනයක් අත්අඩංගුවට ගෙන නැත; කිසිම අධ්‍යක්ෂ මන්ඩල රැස්වීමක වාර්තාවක් අධීක්ෂනයට කැඳවා නැත.

අද සිට වසර ගනනාවක් නොවේ නම් මාස ගනනාවක් පසුපසට වාරික ලබා ගැනීමට පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට කරනු ලැබ ඇති පොරොන්දුව ප‍්‍රාථමික වශයෙන් යොදා ගෙන ඇත්තේ නීතිවිරෝධී කටයුතු පිලිබඳ සාක්ෂි විනාශ කිරීම සඳහා සහ නිර්දෝශීභාවයේ සුදුහුනු ගෑම සඳහා සංවිධානය වීමට කාලය ලබා දීම සඳහා මර්ඩොක් මාධ්‍ය ජාලයට අවස්ථාව ලබා දීමටයි.

චෝදනාවල කේන්ද්‍රස්ථානයේ ම සිටින හිටපු නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් කතෘ රෙබකා බෲක්ස්, නිව්ස් ඉන්ටර්නැෂනල් ප‍්‍රධාන විධායක සහ රුපට් මර්ඩොක්ගේ පුත‍්‍රයා වන ජේම්ස් නිව්ස් ඉන්ටර්නැෂනල් සභාපති හා මුල් ප‍්‍රධානියා වන රූපට් මර්ඩොක් යනාදී පුද්ගලයන් කිසිවෙකු පොලීසිය විසින් ප‍්‍රශ්න කිරීම සඳහා වත් කැඳවා නැත.

2003 හා 2007 වර්ෂවල නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් හි කතෘ හා ජනවාරි දක්වා අගමැති ඩේවිඩ් කැමරන්ගේ සන්නිවේදන අධ්‍යක්ෂ ද වූ ඇන්ඩි කොව්ලිසන් ඇතුලු පුද්ගලයන් තිදෙනෙක් පමනක් පොලිසිය විසින් ප‍්‍රශ්න කරනු ලැබ තිබේ. එහෙත් කිසිවෙකුට චෝදනා ගොනු කර නැත.

කොන්සර්වේටිව් පක්ෂය හා ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂ සහිත ආන්ඩු පක්ෂ සහ විරුද්ධ ලේබර් පක්ෂය මර්ඩොක්ගේ අපරාධකාරී ක‍්‍රියාකාරීත්වයත් එලිදරව් වීමට දැක්වු සමස්ථ ප‍්‍රතිචාරය "කුනු හාරන්නා ලෙස” කුප‍්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය මෝගල්වරයා අරක්ෂා කිරීම වෙත කේන්ද්‍රගතව තිබේ. ධනපති රාජ්‍යයේ සෑම ආයතනයක් ම ප‍්‍රධාන පක්ෂ, ආන්ඩුව, පාර්ලිමේන්තුව, අධිකරනය, පොලිසිය, මේ සියල්ලට ම මර්ඩොක්ගේ අපරාධවලට සම්බන්ධකම් තිබේ. මේ හැම ආයතනයක් ම එක් හෝ තවත් ප‍්‍රමානයකට කෝටිපති බැරන්වරයාගේ පඩි පතට ඇතුලත් ව ඇති අතර ඔහුගේ මාෆියා ආකාරයේ ක‍්‍රමවේදයන් වසං කිරීම සඳහා හවුල් වී ඇත.

2006 වසරේ දුරකථන වලට අනවසරයෙන් සවන් දීම පිලිබඳව පරික්ෂන අධීක්ෂනය කලේ මෙට්ට්‍රොපොලිටන් පොලිසියේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ ප‍්‍රධානියාව සිටි ඇන්ඩි හේමන් ය. පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව පමනක් නඩු පැවරීමෙන් පසුව ඔහු පරීක්ෂනය නවතා දැම්මේ ය. දැන් ඔහු මර්ඩොක්ගේ ටයිම්ස් සඟරාවට තීරු ලිපියක් ලියයි.

ඔහු නම් අන් කිසිවෙකු නොව "ත‍්‍රස්තවාදය වැලැක්වීම” යන පදනම මත පුද්ගලයන් දින 90 දක්වා නඩු පැවරීමකින් තොරව රඳවා තබා ගැනීමට හැකිවන පරිදි පොලිසියට බලය ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කල පුද්ගලයායි. තවදුරටත් ජීන් චාල්ස් ඩි මෙනෙසෙස් නම් නිර්දෝශි තරුන බ‍්‍රසීලියානු ජාතික කම්කරුවා 2005 ජුලි මාසයේ දී පොලිසිය විසින් මරා දමනු ලැබීය. 2006 ජුනි මාසයේ දී "ත‍්‍රස්තවාදය වැලැක්වීම” සඳහා වූ මෙහෙයුමක දී තවත් නිර්දෝශි මිනිසෙකුට වෙඩි තබනු ලැබුවේද හේමන්ස්ගේ අධීක්ෂනය යටතේ ය.

දුරකථනවලට අනවසරෙන් සවන් දීමේ අපරාධයට භාජනය වූවන් "විශාල සංඛ්‍යාවක්” සිටි බවට සාක්ෂි තමා සන්තකයේ පවතින තතු යටතේ වුවද 2009 වසරේ දී නැවත දුරකථනවලට අනවසරෙන් සවන් දීම පිලිබඳ පරීක්ෂන පැවැත්වීම ආරම්භ නොකිරීමට තීරනය කලේ මෙට්ට්‍රොපොලිටන් පොලිසියේ සහකාර කොමසාරිස් ධුරය දරන ජෝන් යාටෙස් ය. දැනට අනාවරනය වී ඇති පරිදි යාටෙස් තමන් පරීක්ෂන පැවැත්වීමට යුතුව සිටින පුද්ගලන්ගේ හිත දිනා ගනිමින් සහ ඔවුන් සමග භෝජන සංග‍්‍රහ භුක්තිවිඳිමින් සිට ඇත. 2008 අගෝස්තු සිට 2009 නොවැම්බර් දක්වා කාලය තුල නිව්ස් ඉන්ටර්නැෂනල් නියෝජිතයන් සමග දිවා භෝජන සංග‍්‍රහ පහක් ඔහු භුක්ති විඳ ඇත.

ආන්ඩුවේ නඩු පැවරීම් අංශයේ ප‍්‍රධාන අධ්‍යක්ෂ ධුරය දැරූ කේන් මැක්ඩොනල්ඩ්, යාටෙස් මෙන්ම දුරකථනවලට අනවසරයෙන් ඇහුම්කම් දීම පිලිබඳ සාක්ෂි විමර්ෂනය කල අතර පරික්ෂනයන් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි යනුවෙන් නිගමනය කලේ ය. මැක්ඩොනල්ඩ් එනම් දැන් මැක්ඩොනල්ඩ් සාමි ටයිම්ස් සඟරාවට ලිපි ලියන්නෙක් පමනක් නොව තව ද මාධ්‍යවේදියාට එරෙහිව නැගෙන චෝදනා පිලිබඳව තමන්ට උපදෙස් සඳහා නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් විසින් පත් කරනු ද ලැබිනි.

කැමරන් පසුගිය සිකුරාදා ප‍්‍රකාශ කලේ "සත්‍ය නම් මාධ්‍ය, දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ නායකයන් ද ඇතුලුව සත්‍ය වශයෙන් ම සියලු දෙනාම මෙයට සම්බන්ධව සිටින බවයි” යනුවෙනි.

අතිශය ව්‍යසනකාරී ස්වයං අපරාධකාරී බව පිලිගැනීමක් නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුල ආන්ඩුව ක්ෂනිකවම ඉල්ලා අස්වීමේ තැනට යොමු කරනු ලැබෙනු ඇත. දේශපාලන සංස්ථාපිතයේ ප‍්‍රමුඛ පෙලේ කිසිවෙකු හෝ කිසිදු මාධ්‍යක් හෝ එවැනි ඉල්ලා අස්වීමක් පිලිබඳව යෝජනාවක් වත් කර නැත. ලේබර් පක්ෂයේ නායක ඉඩ් මිලිබෑන්ඩ් මෙන් අපරාධ සෝලිය මගින් දේශපාලන ප‍්‍රාග්ධනයක් උපයා ගැනීමට උත්සහා කල ද ඔහුගේ ඉදිරිපත් වීම පක්ෂයේ සිට ආන්ඩුවට සහය පල කිරීමකි. ආන්ඩුවට විරුද්ධව ඔහුගේ පක්ෂය ද කැමරන්ගේ පක්ෂය මෙන්ම සම්මුතියකට එලඹ ඇත.

හෙලදරව් වී පවතින්නේ හුදෙක් එක් පුද්ගලයෙකුගේ හෝ එක් ආයතනයක සාදාචාරාත්මක හා දේශපාලනික දුෂ්චරිතය නොව සමස්ථ සමාජය හා දේශපාලන පද්ධතියක කුනු වීමයි. ලේබර් පාක්ෂිකයෝ හෝ ටෝරිවාදීන් කියා සිටින කිසිවක් පසුගිය වසර 30 පුරාම බි‍්‍රතාන්‍ය දේශපාලන කිරීටය හා ඇත්ත වශයෙන්ම ලොව පුරාම සෑම රටකම දේශපාලනය පිටුපසින් සිටින බලය නම් මර්ඩොක් බව සැඟවිය නො හැකි ය. මෙයට එක්සත් ජනපදය ද ඇතුලත් වෙයි. මක්නිසාදයත් මර්ඩොක්ගේ ‘ෆොක්ස් ජාලය’, නිව් යෝක් පෝස්ට් සහ වෝල් ස්ටී‍්‍රට් ජර්නල් යන මාධ්‍යයන් එක්සත් ජනපදයේ මහා ව්‍යාපාරිකයන්ගේ පක්ෂ දෙකේ ප‍්‍රතිගාමී න්‍යායපත‍්‍රය සඳහා අවකාශය සැලසු බැවිනි.

බි‍්‍රතාන්‍යය තුල ලේබර් සහ කොන්සවේටිව් පක්ෂ දෙකම මර්ඩොක්ගේ අනුග‍්‍රහය ලබාගැනීම සඳහා පරයා පොරවැදී ඇති අතර මර්ඩොක්ගේ ව්‍යාපාරයේ නෛසර්ගිකව බැඳී ඇති හා මර්ඩොක් තුලින් පුද්ගලාවරෝපිත වූ සමස්ත ගෝලීය පරපුටු පන්තියේ ම, කම්කරු පන්තියට එරෙහි වු, දුෂ්ඨ, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා මිලිටරිවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දැමීමට තරග වැදුනාහ.

මර්ඩොක්ට අත නො තැබීමේ පිලිවෙත පෝසතුන් හා බලවතුන් රජය මගින් ආරක්ෂා කිරීමත් ඔවුන් නීතියේ රැහැනින් තත්‍ය ලෙස ම නිදහස් වීමත් අන්තර් ගත ධනවාදී ක‍්‍රමයේ "සාධාරනත්වයේ” පන්ති පදනම විදහා දක්වයි. ආන්ඩු විසින් අනුගමනය කරනු ලබන ප‍්‍රතිපත්ති මත කිසිදු බලපෑමක් ඇති නො කරන මැතිවරන ආදිය ඇතුලත් ධනේශ්වර "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” තුල හිස් බව වර්ධනය වන හුදු චාරිත‍්‍ර විදිවලට පිටුපසින් නූතන යුගයේ මූල්‍ය වංශාධිපතියෝ ආඥාදායක පාලනයක් පවත්වා ගෙන යති.

මෙම දෙබිඩි පිලිවෙත වඩවඩාත් ලජ්ජා සහගතව මෝරා එමින් තිබේ. වඩා ගෞරවාන්විත ආනාගතයක් පිලිබඳ අපේක්ෂාවෙන් සහ අධ්‍යාපනය විනාශ කිරීමට එරෙහිව උද්ඝෝෂනය කරන බි‍්‍රතාන්‍යයේ තරුන ජනතාව මැරයන් ලෙස ලේබල් කරන අතර පොලීසියේ පහර දීම්වලට ලක් කර සිර මැදිරිවලට ගාල් කරනු ලබයි.

අගමැති ඩේවිඩ් කැමරන්, ලේබර් පක්ෂ නායක මිලි බෑන්ඩ් හා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායක ක්ලෙග් බි‍්‍රතාන්‍ය ස්කයි මාධ්‍ය ජාලය මුලුමනින්ම සිය පාලනයට නතු කර ගැනීමට දරන උත්සාහය නතර කරන ලෙස මර්ඩොක්ට ආයාචනා කිරීමට ධෛර්ය ඇති කර ගැනීමට තරම් හැකියාව පවතින අතර තුර ලන්ඩනයේ උසාවියක දී තමන්ව ගොතන ලද ලිංගික අපචාර චෝදනා යටතේ ස්වීඩනයට පිටුවහල් කිරීමට හා ඔහුව ඇමරිකානු බලධාරීන් වෙත බාර දීමට ඇති නැඹුරුවට එරෙහිව ජුලියානා අසාන්ජ්ට ලන්ඩන් උසාවිය තුල තර්ක කිරීමට බලකෙරී ඇත. ඔහු කල "අපරාධය” නියම මාධ්‍යවේදියකු විසින් සිදු කරන ආකාරයේ ප‍්‍රතිපත්ති ගරුක කර්තව්‍යයක් ඉටු කිරීමයි. එනම් මර්ඩොක්ගේ මාධ්‍ය ජාලයේ වෙලඳ ලාංඡනයව පවතින බොරු හා අසභ්‍ය වගා කිරීමට ප‍්‍රතිපක්ෂව එක්සත් ජනපදයේ හා එහි මිත‍්‍ර සංධානයන්හි යුද අපරාධ හෙලිදරව් කිරීමයි.

ප‍්‍රධාන පක්ෂ දෙක හා මර්ඩොක් අතර ඇති සම්බන්ධතාවය පොදු ආර්ථික හා දේශපාලනික න්‍යාය පත‍්‍රයක් මත පදනම් වෙයි. "එය 1980 මුල් වකවානුව තුල දී ‘සිටි ඔෆ් ලන්ඩන්’ සහ සමාගම් සංස්ථාපිතයට පූර්න නිදහස් පාලනය ලබා දීම සඳහා පාලක පන්තිය කම්කරු පන්තිය දිනා ගත් සමාජ අයිතීන් විනාශ කිරීම සඳහා ක‍්‍රියාත්මක වීමත් සමග බැඳුනකි.

මර්ඩොක් කම්කරු පන්තික විරෝධී ප‍්‍රහාර මාලාව දිගේලි කිරීම සඳහා තැචර්ට සහයෝගය දුන් අතර අනතුරුව එය වඩාත් ගැඹුරු කිරීම සඳහා ටෝනි බ්ලෙයාර්ට හා ලේබර් පක්ෂයට සහයෝගය දී ශතවර්ෂයක් තුල කම්කරු පන්තිය දිනාගත් ජයග‍්‍රහන විනාශ කිරීමේ කර්තව්‍ය සම්පූර්න කිරීම සඳහා ටෝරි හා කැමරන් වෙත නැවත යොමු වී ගත්තේය.

දේශපාලන සංස්ථාපිතයේ මූලික අරමුනු ලෙස පවතින්නේ මර්ඩොක් අධිරාජ්‍ය අරක්ෂා කිරීමත් එහි අපරාධ සම්බන්ධව හෝ එයට ආධාර හා අනුබල දුන් පුද්ගලයන්ගේ වැඩ කටයුතු පිලිබඳ සැබෑ ප‍්‍රසිද්ධ පරීක්ෂනයක් සිදු කිරීම වැලැක්වීමත් ය.

සංගත අපරාධවල දී මෙම වර්ගයේ ආන්ඩු දුස්සාධිතයන් විශ්වීය ප‍්‍රපංචයකි. එක්සත් ජනපදය තුලදී, කම්කරුවන් 11 දෙනෙකු මරනයට පත් කල හා නොමිනිය හැකි පාරිසරික හා ආර්ථික විනාශයක් සිදු කල මෙක්සිකෝ බොක්කේ තෙල් කාන්දු වීමට බි‍්‍රතාන්‍ය පෙට්ට්‍රෝලියම් සමාගම වරදකරු බවට පත්වූයේ පසුගිය වසරේ දී ය. ඔබාමා පරිපාලනයේ ප‍්‍රතිචාරය වූයේ සිද්ධියේ සත්‍යය වෙත පිවිසීමත් එයට වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමත් වෙනුවට බි‍්‍රතාන්‍ය පෙට්ට්‍රෝලියම් සමාගම හා එහි ප‍්‍රධාන ආයෝජකයන් ආරක්ෂා කිරීම ය. වසරක් ඉක්මවා ඇතත් තවමත් කිසිවෙකුටත් එරෙහිව ඊට අදාලව නඩු පවරා නැත.

ජුලි හයිලන්ඩ්