ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කිරීම

The killing of Osama bin Laden

2 May 2011

එක්සත් ජනපදයේ විශේෂ බලකාය පකිස්ථානයේ අබොටබාඩ්හි නිවාස සංකීර්නයක් ආක‍්‍රමනය කර අල් කයිඩාහි දිගු කාලීන නායකයා වූ ඔසාමා බින් ලාඩ්න් මරාදමනු ලැබූ බව ජනාධිපති බරක් ඔබාමා මැයි 01 දින නිවේදනය කලේය.

ඔබාමා සිය ප‍්‍රකාශය නිකුත් කලේ එක්සත් ජනපදයේ නැගෙනහිර වේලාවෙන් ප.ව. 11.30ට ය. ඒ ජාතික ආරක්ෂාවට සම්බන්ධ වැදගත් ප‍්‍රකාශයක් විනාඩි කිහිපයක් තුල ඔහු විසින් සිදුකරනු ඇති බවට ප‍්‍රධාන මාධ්‍ය ජාලයන් නිවේදනය කර පැයකටත් වැඩි කාලයක් ගතවූ පසුව ය.

ඔබාමාගේ ප‍්‍රකාශය තීරනාත්මක ප‍්‍රශ්න වලට පිලිතුරු සපයා නැති අතර අලුත් ප‍්‍රශ්න ගොන්නක් ඉස්මතු කර තිබේ.

පලමුවෙන් ඔබාමා මෙසේ කියා සිටියේය: "ඔහුගේ මෙහෙයුම් ජාලය අවහිරකර බිඳදමා පරාජය කිරීමේ අපගේ පුලුල් ව්‍යායාමය පවතිද්දීම බින් ලාඩ්න් මරා හෝ පනපිටින් අල්ලා ගැනීම අල් කයිඩාවට එරෙහි අපගේ යුද්ධයේ ප‍්‍රමුඛ ස්ථානයක තැබෙන බව වැඩ භාරගැනීමෙන් මඳකට පසුව මම සීඅයිඒ අධ්‍යක්ෂ ලියොන් පැනීටා දැනුවත් කලෙමි”.

වෙනත් වචන වලින් කිවහොත් කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ම ඔබාමා ඇඟවුම් කලේ 2001 හා ඔහුගේ පදවි ප‍්‍රාප්තිය සිදුවූ 2009 ජනවාරි දක්වා බිල් ලාඩ්න් අල්ලා ගැනීම හෝ මරා දැමීම "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ප‍්‍රමුඛ කාරනයක්ව නොපැවති බවයි.

දෙවැනුව බින් ලාඩ්න් මරා දැමුනු ස්ථානය බෙහෙවින්ම වැදගත්ය. එක්සත් ජනපද බුද්ධි අංශ "බින් ලාඩ්න් පකිස්ථානයේ දුර බැහැර ස්ථානයක නිවාස සංකීර්නයක් තුල සැඟව සිටිනු” සොයාගත් බව ඔබාමා ප‍්‍රකාශ කලේය. ඉන් පසුව ඔබාමා එම ස්ථානය ඇබොටබාඩ් ලෙස වඩාත් නිශ්චිතව හඳුනා ගත්තේය. මෙම නගරය පිහිටා ඇත්තේ පකිස්ථාන මිලිටරියේ මධ්‍යස්ථානය වන රාවල්පින්ඩි සිට සැතපුම් 40ක් පමන දුරින් හා රටේ අගනුවර වන ඉස්ලාමාබාදයේ සිට තවත් සැතපුම් කිහිපයකට එහායින් බව ඔහු සඳහන් කලේ නැත. මෙය පලායන පුද්ගලයෙක් පොලිස් ස්ථානයකට නුදුරින් සැඟව සිටීමට සමාන ය.

ඔබාමා "නිවාස සංකීර්නයේ” ස්වභාවය පැහැදිලි කලේ ද නැත. එහෙත් මාධ්‍ය දැන් වාර්තා කරන්නේ "ලෝකයේ වඩාත්ම අවශ්‍ය කරන පුද්ගලයා” වාසය කර ඇත්තේ සුව පහසු මන්දිරයක බවයි. තව ද අබොටබාඩ් නගරය පිහිටා ඇත්තේ පකිස්ථානය හා චීනය යාකරන මූලෝපායිකව තීරනාත්මක එන් 35 කාරාකෝරම් මහාමාර්ගය අසබඩය.

තවත් ගුප්ත ප‍්‍රකාශයක් තුල ඔබාමා "පකිස්ථානය සමග අපගේ ත‍්‍රස්ත විරෝධී සහයෝගිතාව බින් ලාඩ්න් හා ඔහු සැඟව සිටි ස්ථානය කරා ලඟාවීමට අපට සහාය වී” යයි පැවසීය.

එලඹගත යුතු පැහැදිලි නිගමනය වන්නේ බොහෝ දෙනෙකු සැක කල පරිදි බින් ලාඩ්න්ට අඩුම තරමින් මෑතක් වන තුරුවත් පකිස්ථාන ආන්ඩුවේ මිලිටරියේ හා බුද්ධි අංශවල බලගතු කොටස්වල දැඩි රැකවරනය ලැබී තිබුනු බවයි.

"මෙම ප‍්‍රතිපලය අත්කර ගැනීම සඳහා වෙහෙස නොබලා ක‍්‍රියාකර ඇති බොහෝ බුද්ධි අංශ හා ත‍්‍රස්ත විරෝධී වෘත්තිකයින් වෙත රටේ ප‍්‍රනාමය පලවිය යුතු” යයි ඔබාමා කියා සිටිය ද බින් ලාඩ්න් මරාදැමීමේ ප‍්‍රධාන සාධකය පැහැදිලිව ම පකිස්ථානය තුල ඔහුගේ දිගු කාලීන ආරක්ෂකයින්ගේ ආස්ථානයෙහි ඇතිව තිබෙන වෙනසකි. ඒ පසුව හෙලිදරව් විය යුතු හේතු මුල් කරගෙන පකිස්ථාන තන්ත‍්‍රය බින් ලාඩ්න් තල්ලුකර දැමීමට තීරනය කල බවයි.

එක්සත් ජනපදය "අල් කයිඩාවට එරෙහි යුද්ධයට ගියේ අපගේ පුරවැසියන් මිතුරන් හා සහකරුවන් ආරක්ෂා කිරීමට ය.” (නැත එය එසේ නොවේ) යන ඔබාමාගේ ප‍්‍රකාශය බින් ලාඩ්න්ගේ ආගිය තොරතුරුවලට සම්බන්ධ අසාමාන්‍ය සාධක මගින් සමච්චලයට ලක් වෙයි.

කියනු ලබන ත‍්‍රස්තවාදී මහ මොලකාරයා "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ’’ තිරනාත්මක සහකරුවෙක් වන පකිස්ථානයේ රාජ්‍ය රැකවරනය ලබන අතරතුරේ එක්සත් ජනපදය පසුගිය වසර දහය පුරා ඇෆ්ගනිස්ථානය තුල දැවැන්ත මිලිටරි බලයක් යොදවා තිබේ ඔබාමා බලයට පත්වූ තැන් පටන් මෙම බලය තෙගුන කර තිබේ.

ඔබාමාගේ ප‍්‍රකාශ කිසිවකින් බින් ලාඩ්න් මරාදැමීම අතොරක් නැතිව මිලිටරි මැදිහත්වීම් උත්සන්න කිරීමේ අවසානයක් කෙසේ වෙතත් ඇමරිකානු විදේශ පිලිවෙතේ සැලකිය යුතු වෙනසකට පවා තුඩුදෙනු ඇතැයි කිසිසේත් ම අදහස් කෙරෙන්නේ නැත.

එක්සත් ජනපදය දැනට යෙදීගෙන සිටින ඇෆ්ගනිස්ථාන ඉරාක හා ලිබියානු යුද්ධ අල් කයිඩාවට එරෙහි සටන සමග හෝ බින් ලාඩ්න් අල්ලා ගැනීම සමග කිසිදු සම්බන්ධයක් ඇත්තේ නැත. එක්සත් ජනපදය විසින් 2003 දී ආක‍්‍රමනය කරන ලද ඉරාකයේ සදාම් හුසේන් තන්ත‍්‍රය හා දැන් එක්සත් ජනපදය හා නේටෝ හමුදාවන්ගේ බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව ඇති ලිබියාවේ මුවම්මර් ගඩාෆි තන්ත‍්‍රය යන දෙකම අල් කයිඩාවට විරුද්ධ වූවෝය. ඇෆ්ගනිස්ථානයේ අල් කයිඩා බලවේග දේශපාලනිකව හා මිලිටරිමය වශයෙන් සැලකිය යුතු තරම් නොවේ.

ඔබාමාගේ කථාව මෙන්ම මාධ්‍ය ප‍්‍රකාශ ද දැඩි ලෙස අපකීර්තියට පත්ව ඇති යුද්ධ සඳහා මහජන සහයෝගය රැලිකිරීමේ පැහැදිලි උත්සාහයකි

"සැප්තැම්බර් 11 මුල්කරගෙන ඇතිව තිබූ එක්සත්කම පිලිබඳ මනෝභාවයන් ගැන යලි මෙනෙහි කරන්න” යයි ඔබාමා ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය."කාලයත් සමග එය තුනීවී ඇති බව මම දනිමි.” බින් ලාඩ්න් ඝාතනය නිසා ඇෆ්ගනිස්ථානයේ සටන්වැද සිටින සෙබලුන්ගේ චිත්ත ධෛර්ය යලි ගොඩනැගෙනු ඇතැයි මාධ්‍ය ප‍්‍රකාශකයින් අතොරක් නැතිව විශ්වාසය පලකරන අතර දහස් ගනනකගේ ජීවිත විනාශය එමගින් යුක්තිසහගත කරයි.

බිහිසුනු අපරාධවලට එනම් 2001 සැප්තැම්බර් 11දින නිව් යෝර්ක් නගරයේ ලෝක වෙලඳ මධ්‍යස්ථානයෙහි ගොඩනැඟිලි විනාශ කිරීමෙන් වැඩි සංඛ්‍යාවකගේ ජීවිත බිලිගත් මිනිසුන් 3,000ක් පමන මරාදැමීම මෙන්ම ලෝකය පුරා සිදුකල තවත් ලේවැකි ප‍්‍රහාරයන්ට ද බින් ලාඩ්න් සම්බන්ධ බව අමතක කල නොහැකිය. එහෙත් 9/11 ප‍්‍රහාරයන්ගෙන් පසුව ඇමරිකානු මිලිටරිවාදයේ පුපුරා හැලීමෙහි හේතුව ඔහු නොවේ. එය හුදු නිමිත්ත පමනි.

එක් නිගමනයක් පැහැදිලිව සඳහන්කල හැකි ය. "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” බිල්ලෙකු ලෙස සේවය කල බින් ලාඩ්න් මරාදැමීම එහි අවසානය නොවනවාක් මෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වැදගත් අවශ්‍යතාවන් වන මූලෝපායික තත්වයන් ද තෙල් සම්පත් ද ආරක්ෂා කර ගැනීම සඳහා මිලිටරි බලය යෙදවීමේ ඇෆ්ගනිස්ථාන ඉරාක හා ලිබියානු අධිරාජ්‍යවාදී යුද්ධ ද එමගින් අවසන් වනු නැත.

පැටි‍්‍රක් මාටින් හා ඇලෙක්ස් ලැන්ටියර්