නැටෝව ලිබියාව මත අපරාධකාරී යුද්ධයේ අවසානය නිල වසයෙන් නිවේදනය කරයි

NATO declares formal end to criminal war on Libya

1 November 2011

නැටෝව ලිබියානු යුද්ධයේ දී තම ඉලක්කය වූ පාලන තන්ත‍්‍ර මාරුව හා එහි අධිරාජ්‍යවාදී සාමාජික රටවල් අපේක්ෂා කල දෙය වන බටහිර තෙල් සමාගම් විසින් එරටේ යෝධ බලශක්ති සම්පත් නිර්බාධිතව සූරාකෑමට රට විවෘත කිරීම ඉෂ්ට කරගෙන සඳුදා මධ්‍යම රාතී‍්‍රයේ මාස හතක් පුරා ගෙනගිය කෲර යුද්ධය නිල වසයෙන් අවසන් කලේ ය.

ලිබියාවේ නැටෝ පිටුබලය ලත් ජාතික සංක‍්‍රාන්ති කවුන්සිලයේ (එන්ටීසී) ප‍්‍රධානී මුස්තාෆා අබ්දුල් ජලීල් සමගින් සඳුදා ටි‍්‍රපොලිහි දී ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වූ නැටෝ මහලේකම් ඇන්ඩර්ස් ෆෝ රැස්මුසෙන් එම යුද්ධය "නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් හා නීතියේ පාලනය මත පදනම් වන නව ලිබියාවක්” නිර්මානය කලා වූ "නැටෝවේ ඉතිහාසයේ සාර්ථක පරිච්ඡේදයක්” ලෙස විස්තර කලේ ය.

"නිදහස් ලිබියාව” නටබුන් මත වැතිර සිටී. එහි යටිතල පහසුකම්වලින් බොහොමයක් විනාශ කෙරී ඇති අතර යන්තම් සතියකට පෙර අවසන් වූ ම්ලේච්ඡ නැටෝ ප‍්‍රහාරයේ ඉලක්කය වූ සර්ත් වැනි සමස්ත නගර අවතාර සහිත නගර බවට පරිවර්තනය කරනු ලැබ තිබේ.

ගඩාෆි තන්ත‍්‍රයේ මර්දනයෙන් සිවිල් වැසියන් ආරක්ෂා කරගැනීම සඳහා පියාසර තහනම් කලාපයක් නිවේදනය කිරීම හා අනෙකුත් පියවර අවශ්‍ය ය යන ව්‍යාජ කඩතුරාවට මුවා වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය හරහා තල්ලු කර ගත් 1973 වන යෝජනාව මත පදනම්ව මේ වසරේ මාර්තුවේ දී යුද්ධය දියත් කරනු ලැබී ය.

ඒ සමයේ මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන, ලිබරල් ශාස්ත‍්‍රාලිකයන් හා ව්‍යාජ-වාමාංශික කන්ඩායම්වල සමස්ත තට්ටුවක් විසින් ප‍්‍රතිරාවය කරන ලද දෙය වන ගඩාෆිට එරෙහි විරුද්ධත්වයේ කේන්ද්‍රස්ථානය වූ නැගෙනහිරට වන්නට පිහිටි බෙන්ගාසි නගරයේ දහස් ගනනක් සංහාරයට ලක් කිරීම වැලැක්වීමට එවැනි බලාත්මක කිරීම අවශ්‍ය කරනු ලැබී යයි එක්සත් ජනපදය හා බටහිර යුරෝපීය බලයෝ කියා සිටිය හ.

ආසන්න සංහාරයක් පිලිබඳ කියාපෑම් තහවුරු කරන සාක්ෂි නො වී ය. ක්ෂනික "මානුෂීය” මෙහෙයුමක අවශ්‍යතාව ප‍්‍රකාශ කලවුන්ගේ නරක ම පුරෝකථනයන් පවා ඉක්මවා ගිය ලේ හැලීමක් ලිබියාව තුල මුදාහැරීමට හේතු වූ ආක‍්‍රමනය මනුෂ්‍ය ජීවිත රැකීමේ නාමයෙන් දියත් කරන ලදී.

තමන් ම නැටෝවේ සේවය කිරීමට සූදානම් යයි පැවසූ මිචිගන් සරසවියේ මහාචාර්ය ජුවාන් කෝල් වැනි ශ‍්‍රාස්තාලීය තක්කඩීන්ගේ පටන් අධිරාජ්‍යවාදී ආක‍්‍රමනය "විප්ලවවාදී කි‍්‍රයාදාමයක්” ලෙස පින්තාරු කිරීමට උත්සාහ කල ප‍්‍රන්සයේ නව ධනේශ්වර-විරෝධී පක්ෂය වැනි ව්‍යාජ-වාම කන්ඩායම් දක්වා වන සියල්ලන්ගේ ම දෑත්වල දැන් ලේ තැවරී ඇත. හිටපු වම්මුන්ගේ හා ඊනියා ලිබරලුන්ගේ කුදුමහත් තට්ටුවක් තමන්ගේ ම පාලක ප‍්‍රභූන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මහා පරිමාන මිනීමැරීම් සාධාරනීකරනය කිරීමට හා සැමරීමට මනාප අධිරාජ්‍යවාදයේ වැදගත් සංරචක කොට්ඨාශයක් බවට පත්ව ඇති බව ලිබියානු යුද්ධය පැහැදිලි කොට තිබේ.

නැටෝ පිටුබලය ලත් එන්ටීසීය මගින් දෙන ලද ඇස්තමේන්තුවලට අනුව පසුගිය මාස අට තුල ලිබියානුවන් 30,000 සිට 50,000 දක්වා ප‍්‍රමානයක් ජීවිත අහිමි කරගෙන ඇත. තවත් 50,000කට තුවාල සිදු වී ඇතැයි කියනු ලැබේ. මෙම මැරුනු හා තුවාල ලැබූවන්ගෙන් බොහොමයක් දෙනා යුද්ධයේ දී ගොඩනැගිලි විනාශ කරමින් ඒවායේ නිවැසියන් සුන්බුන් තුල වලලා දැමූ හදිසි ප‍්‍රහාර 26,000ක් පමන එල්ල කල නැටෝවේ අනුකම්පා විරහිත බෝම්බ ප‍්‍රහාරවල ගොදුරු වෙති.

අනෙකුත් අය මැරුනේ ප‍්‍රන්සයේ, බි‍්‍රතාන්‍යයේ, එක්සත් ජනපදයේ හා කටාරයේ විශේෂ හමුදා හා රහස් තොරතුරු ඛන්ඩ මගින් සන්නද්ධ කොට පුහුනුව දී නායකත්වය දෙන ලද නැටෝ පිටුබලය ලත් "කැරලිකරුවන්” හා ගඩාෆි තන්ත‍්‍රයට හිතවාදී හමුදා අතර ඇති වූ කෲර ගැටුම්වල දී ය. ගෝත‍්‍රවලින් පලිගැනීමේ මරාදැමීම්වල දී තවත් අය සංහාරයට ලක්කෙරුනි. සර්ත්හි පමනක් පසුගිය සතිය පුරා විශාල මිනීවලවල හෝ කුනු වීමට විවෘතව අතහැර ගිය සිරුරු සියගනනක් හමු වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ දෑත් පිටුපසට කොට බැඳ තිබූ අතර හිසේ පතුරම් සිදුරු තිබුනි. සර්ත්හි දී ලිබියාව තුල සංහාරයක් පිලිබඳව බටහිර බලයන්ගේ පුරෝකථනයන් මුලුමනින් සනාථ වූ නමුත් එය කි‍්‍රයාවට දමන ලද්දේ නැටෝව හා එහි දේශීය ඒජන්තයන් ය.

"මානව හිමිකම් හා නීතියේ පාලනය” මත පදනම් වූ "නිදහස් ලිබියාවක” සද්ගුනය පිලිබඳව රැස්මුසෙන් වර්නනා කරද්දී හියුමන් රයිට්ස් වොච් ආයතනය, කලු හම සහිත ලිබියානුවන් හා අපි‍්‍රකාවේ අනෙකුත් ප‍්‍රදේශවලින් පැමිනි සංක‍්‍රමනික කම්කරුවන්ට එරෙහිව කි‍්‍රයාවට දමන ලද සංවිධිත වාර්ගික ප‍්‍රහාර පිලිබඳව බියජනක ලෙස විස්තර කෙරෙන වාර්තාවක් නිකුත් කලේ ය.

වාර්තාව කේන්ද්‍රගත වන්නේ ගඩාෆිට පක්ෂපාත යයි සැකකිරීම නිසා නැටෝ පිටුබලය ලත් හමුදා විසින් බොහෝ නිවැසියන් මරාදැමූ, රඳවා සිටින හා වධබන්ධනවලට ලක්කල සහ වාර්ගිකත්වය නිසා ප‍්‍රදේශයෙන් පලවා හරින ලද, මිස්රාටා නගරයෙන් දකුනට වන්නට පිහිටි බහුතරය කලු ජාතිකයන් වන 30,000ක් පමන වාසය කරන ටවර්ඝා නගරය වටා ය. ටවර්ඝා ජනයාගෙන් හිස් කරනු ලැබ, ගොඩනැගිලි විනාශ කොට ගිනි තබා ඒවායේ දේපල කොල්ලකනු ලැබ ඇති අතර එහි පදිංචිව සිටියවුන් පසුපස යමින් තවමත් ඔවුන්ව දඩයම් කරනු ලබයි.

කස පහර, පොලු පහර, විදුලි කම්පන හා හිරිහැර පැමිනවීමේ අනෙකුත් විධි මගින් වධයට ලක්කොට මරා දමන ලද ටවර්ඝා වැසියන් කිහිප දෙනෙකුගේ කෲර ඉරනම ගැන වාර්තාව විස්තර කරයි.

නොමැරී බේරුනු එක් මිනිසෙක් තම වේදනාකාරී අත්දැකීම මෙසේ විස්තර කලේ ය: "මා පස්දෙනෙකු දූෂනය කල බව පාපෝච්චාරනය කරන්නැයි ඒගොල්ලො මට කිවුවා. මගේ කකුල් හා අත් අතරින් පොල්ලක් යවා මාව එල්ලුවා. මට පහර දුන්නා. අශ්වයන්ට තලන කසයක් පාවිච්චි කරමින් පාපෝච්චාරනය කරන ලෙස මට කිවුවා... එය පැය පහක් පුරා සිදුවුනා. මගේ පතුල්, කකුල් හා අත්වලට කසෙන් තැලුවා. සිවිල් ඇඳුමින් සැරසුනු මිනිසුන් බොහෝ ප‍්‍රමානයක් එතන හිටියා. ඔවුන් මාරුවෙන් මාරුවට පැමිනියා. විමර්ශකයා නියෝග දෙමින් සිටියා. මට තැලීම නිසා විනාඩි පහකට විතර සිහිනැති වුනා. මම නැවත නැගිටිනකොට ඔවුන් මගේ සිරුර මත හිටගෙන මට කෙල ගසමින් හා බනිමින් ‘අපි උඹව ආපහු අපි‍්‍රකාවට යවනවා’ යයි කිවුවා."

ඔහුගේ සිරුර පුරා තිබුනු කැලැල් ඔහුගේ ප‍්‍රකාශය සනාථ කරන බව හියුමන් රයිට්ස් වොච් කීවේ ය.

තමන්ට "වහල්ලු” හා "වඳුරන්” යයි කියමින් සන්නද්ධ පුද්ගලයන් තමන් රැකවරන සඳහා ගිය තැන්වල දී දඩයම් කිරීම ගැන ටවර්ඝා නගරයෙන් පලා ආ අනෙකුත් අය විස්තර කලහ.

මේ ආකාරයෙන් කී දෙනෙක් මරා දැමුවා ද කියා හෝ නැටෝ පිටුබලය ලබන "කැරලිකාරී” වධකයන් විසින් පවත්වාගෙන යනු ලබන තාවකාලික සිරකඳවුරුවල හරියට ම කී දහසක් තවමත් රඳවාගෙන සිටී ද යන්න කිසිවෙක් දන්නේ නැත.

එක් දෙයක්, එනම් "මෙහෙවර සාර්ථක වූවා” යයි නිවේදනය කිරීමට නැටෝව ධාවනය කරන ලද තනි සිද්ධිය වන ලිබියානු නායක මුවම්මර් ගඩාෆිව පිලිකුල් දනවන ආකාරයෙන් නීති-විරෝධී ලෙස ඝාතනය කිරීම අත්වැරැද්දක් නො වන බව නිශ්චිත ය. ජංගම දුරකථන වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කරන පරිදි පිහියකින් ගඩාෆිව ගුද මෛථූනයට ලක් කිරීම ඇතුලුව උමතු ලෙස පහරදීම හා වධයන්ට ලක්කිරීමත් ඉන්පසු ඔහුව කෲර ලෙස මරනයට පත්කිරීමත් දහස් ගනන් ලිබියානුවන්ට එරෙහිව නැටෝ පිටුබලය ලබන හමුදා විසින් කි‍්‍රයාවට දමනු ලබන කෲර විධික‍්‍රම පිලිබඳ නිරූපනයකි.

එවැනි පදනමක් මත බලය ගන්නා තන්ත‍්‍රයක් "නිදහස” හා "මානව හිමිකම්” පිලිබඳ රැස්මුසෙන්ගේ යාතිකා ව්‍යාජයක් බවට පත්කරන අනවරත ප‍්‍රචන්ඩත්වයේ හා මර්දනයේ තන්ත‍්‍රයක් පමනක් විය හැකි ය. ගඩාෆිගේ හිටපු ඇමතිවරුන් හා බටහිර රහස් තොරතුරු ඒජන්සිවල දීර්ඝ-කාලීන සහචරයන්ගෙන් සැදුම්ලත් එවැනි තන්ත‍්‍රයකට එහි එක්සත් ජනපද හා නැටෝ හාම්පුතුන්ගෙන් පැවරෙන කාර්යය වන්නේ එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යය, බිග් ඔයිල් සමාගම සමග ඒකාබද්ධව රට පාලනය කල අයිදිරිස් රජුගේ කාලය දක්වා ඔරලෝසුව වසර 42ක් ආපස්සට කරකැවීම යි.

නැටෝව තම ආක‍්‍රමනය අවසන් යයි ප‍්‍රකාශ කොට තිබුනත් බටහිර බලයන් විසින් ලිබියාව දූෂනය කරනු ලැබීම ඇරඹී ඇතිවා පමනි. මෙම බලයෝ "ලිබියාවට නො කඩවා සහයෝගය දීමට නව සංධානයක්” ස්ථාපිත කිරීමේ කටයුතු දැනට මත් අරඹා ඇති බව කටාරයේ ජ්‍යෙෂ්ට මිලිටරි අනදෙන්නෙක් පසුගිය සතියේ වාර්තා කලේ ය.

ලිබියානු ආක‍්‍රමනයේ දී නැටෝව ඉටුකල තීරනාත්මක භූමිකාව වන්නේ එක්සත් ජනපදය, ප‍්‍රන්සය, බි‍්‍රතාන්‍යය හා ඉතාලිය යන ප‍්‍රතිමල්ලව අධිරාජ්‍යවාදී බලයන් චීනය හා රුසියාව යන තමන් උතුරු අපි‍්‍රකාවෙන් එලවා දැමීමට ඉලක්ක කරන බලයන් දෙකේ ක්ෂනික වියදමෙන් එරටේ තෙල් සම්පතෙන් තමන්ට හැකි වැඩි ම පංගුව ඩැහැගැනීමේ කි‍්‍රයාවේ දී ගැටෙන අධිරාජ්‍යවාදී අවශ්‍යතාවල බේරුම් කාරයාගේ කාර්ය කොටස යි. ලිබියාවේ සම්පත් සඳහා යන පොරය විසින් ජනනය කරන ලද ආතතීන් සමහන් කිරීමට කටාර ජනරාල්වරයා නිවේදනය කල නව සංධානය සමත් වේ ද යන්න තවමත් දැකගැනීමට ඉතිරිව පවතී.

ලිබියාවේ තන්ත‍්‍ර මාරුව සඳහා නැටෝවේ මැදිහත් වීම ලෝක ධනවාදයේ ප‍්‍රගාඪ අර්බුදය විසින් ධාවනය කරනු ලබන හා නො වැලැක්විය හැකි ලෙස නව හා වඩා ව්‍යසනකාරී ලෝක වහ්නිජාලාවන්ට අවධානය කැඳවන අධිරාජ්‍යවාදී මංකොල්ලයේ නව කාලසීමාවක් විවර කර ඇති බව නිශ්චිත ය. අධිරාජ්‍යවාදී යුද්ධය විසින් ඉදිරියට දමනු ලබන යෝධ හා වැඩෙන තර්ජනයට එරෙහි අරගලය දියත් කරනු ලැබිය හැක්කේ එය සමාජයේ සමාජවාදී පරිවර්තනය කිරීමේ අරගලය සඳහා කම්කරු පන්තිය ජාත්‍යන්තර පරිමානව දේශපාලනිකව ස්වාධීන ලෙස බලමුලුගැන්වීම මත පදනම් වන තාක් දුරට පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: