යුරෝ මුදලේ අර්බුදය

The crisis of the euro

25 November 2011

වසර ආරම්භයේ පටන්, යුරෝව බේරාගැනීමට ගන්නා නව පියවර තීරනය කිරීම පිනිස ප්‍රධාන සමුලු නොපැවැත්වූ මාසයක් නැති තර ම්ය. එහෙත් වසර අවසානයට ලඟා වෙමින් තිබිය දී යුරෝවේ අර්බුදය කවර කලකටත් වඩා ගැඹුරුවී තිබේ.

මෑත මාසවල සිරස්තලයන් අරක්ගෙන තිබූ, යුරෝපීය මූල්‍ය ස්ථාවරකරන පහසුකම්, එය පිම්බීම හා ඉහල නැංවීම, යුරෝපීය මහ බැංකුව විසින් ආන්ඩුවල බැඳුම්කර මිලට ගැනීම, ග්‍රීසිය, පාතුගාලය, ස්පාඤ්ඤය,ඉතාලිය හා ප්‍රන්සය වැනි රටවල දරුනු කප්පාදු වැඩසටහන්, පෘතුගාලය, ග්‍රීසිය, ඉතාලිය හා ස්පාඤ්ඤයේ අන්ඩුවල වෙනස්කම් ඇති කිරීම යන සියලු පියවර, මූල්‍ය වෙලඳපොලවල ප්‍රහාරය නතර කිරීමට සමත් වූයේ නැත. ඒ වෙනුවට දැන් වෙලඳපොලවල් සන්ත්‍රාසයට පත්ව ඇත.

යුරෝ කලාපයේ නය අර්බුදය, පරියන්තයේ රටවල සිට දැන් එහි හදවතට ම කඩා වැදී තිබේ. ග්‍රීසිය, අයර්ලන්තය, හා පෘතුගාලය, ස්පාඤ්ඤය, ඉතාලිය මෙන්ම ප්‍රන්ස‍ෙය් ද ආන්ඩු බැඳුම්කරයන් සඳහා ඒ සා පරිමානයේ ඉහල පොලියක් ගෙවීමෙන් පසුව, එම රටවලට නය උගුලෙන් ගැලවීගත නොහැකි ය. 23දා යුරෝ බිලියන 6ක් වූ ජර්මන් බැඳුම්කර අලෙවිය සඳහා ද ගැනුම්කරුවන් ආකර්ෂනය කරගත නොහැකි විය. විශ්ලේෂකයින් මෙය විස්තර කලේ, “සමස්ත යුරෝ කලාපයම කෙරෙහි පලවූ විශ්වාස භංග යෝජනාවක්” ලෙස ය.

බොහෝ විශේෂඥයෝ, යුරෝව දැන් පවතින රූපයෙන් පන රැකගෙන සිටිනු ඇතැයි තවදුරටත් විශ්වාස නොකරති. ප්‍රමුඛ ශාස්ත්‍රාලිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා ව්‍යාපාරික ප්‍රධානීන් 20ක් සම්බන්ධ කරගෙන රොයිටර් විසින් පැවැත්වූ මත විමසුමක දී, මූල්‍ය සංගමය රැකෙනු ඇති බවට විශ්වාසය පල කලේ හය දෙනෙක් පමනි. තවත් 10ක් සුලු සාමාජික සංඛ්‍යාවකින් යුත් නව “අරටුවක්” සහිත යුරෝ කලාපය විය හැකි විකල්පය ලෙස දකිති.

මෙම අවස්ථාවේදී යුරෝ කලාපයෙහි බිඳ වැටීම, ව්‍යසනකාරී ආර්ථික හා ‍සමාජ ප්‍රතිවිපාක ගෙන එනු ඇති බවට විශේෂඥයෝ එකඟ වෙති. එමගින්, පසුගිය සියවසේ මුල් භාගයෙහි සිදුවූ දෙයට සමාන සමාජ කැලඹීම් හා ජාතික ගැටුම් තුලට මහාද්වීපයම කඩා වැටෙනු ඇත.

මෙම සන්දර්භය තුල, යුරෝපයේ ජාතික ආතතීන් උත්සන්න වෙමින් තිබේ. බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපද‍ෙය් සහාය ඇතිව ප්‍රන්සය හා ඉතාලිය, යුරෝපීය බැඳුම්කර එනම් යුරෝ බැඳුම්කර සඳහා ද මූල්‍ය වෙලඳපොලවල නොසංසි‍ඳෙන පිපාසය සන්හිඳුවීම පිනිස නයගැති රටවලට සීමාවකින් තොරව අරමුදල් සැපයීම සඳහා ද ඉල්ලීම් ඉදිරිපත් කරති. මෙය එක හෙලා ප්‍රතික්ෂේප කරන ජර්මනිය, සෑම රටක්ම, එහි අර්ථය ග්‍රීසිය පිලිබඳ කාරනයේදී මෙන් අවපාතය හා විනාශය වුවත්, තම අයවැය, දැඩි කප්පාදු පියවර තුලින් ප්‍රතිව්‍යුහගත කල යුතු බව අවධාරනය කරයි.

යුරෝපීය කොමිසමේ සභාපති ජොසේ මැනුවෙල් බරෝසෝ, 23දා බ්‍රසල්ස්හිදී, යුරෝ බැඳුම්කර පිලිබඳ තමන්ගේම සැලසුම් ප්‍රකාශයට පත් කල කල්හි, බර්ලිනයේ ප්‍රතිචාරය උමතු සහගත විය. “බරෝසෝගේ ප්‍රකෝපකරනය” පිලිබඳව මාධ්‍ය කෝපයට පත්වූ අතර පර්ලිමේන්තුව ඉදිරියේ චාන්සලර් ඇන්ජිලා මර්කෙල් ඔහුගේ මැදිහත්වීම හෙලා දුටු බව පවසමින් සුදෙයුට්ෂෙ සේතුංග් පුවත්පත මෙසේ සඳහන් කලේය. “යුරෝපීය සංඟමයේ ඉතිහාසයේ මීට පෙර කවර කලෙකවත් කොමිෂන් සභාපතිවරයෙක්, ජර්මනියේ චාන්සලර්ට ප්‍රසිද්ධියේ මේ ආකාරයට කම්මුල් පහරක් දී නැත.”

බැවේරියානු සීඑස්යූ පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇලෙක්සැන්ඩර් ඩොබ්රින්ට්, බිල්ඩ් ටැබ්ලොයිඩ් පුවත්පත තුලින් බරෝසෝට පහර දී තිබුනේ, “අපගේ මුදල් පොට්ටනියට අත පෙවීමට ගිජුවූ ඩොල්සි විටා රාජ්‍යයන්හි කෑදරයෙක් ලෙස ය” යනුවෙනි. එසේම ආර්ථික ඇමති ෆිලිප් රොඑස්ලර් ද අවධාරනය කලේ, ජර්මනිය යුරෝ කලාපයේ අනෙකුත් රාජ්‍යයන්හි මූල්‍ය වගකීම් පවරා නොගනු ඇත, “යුරෝ බැඳුම්කරයන්ට අප කියන්නේ නැත කියා ය. මාරුකිරීමේ සංගමයක් වැරදි ය. මන් ද, ඉන් අදහස් කරන්නේ වියදම ජර්මානු බදු ගෙවන්නන් දැරිය යුතුය යන නිසාය. යුරෝ බැඳුම්කර වැරදිය. මන් ද, එයින් අදහස් කරන්නේ ජර්මනිය ගෙවිය යුතු පොලී අනුපාතය වැඩිවන්නේය යන බැවිනි.” යනුවෙනි.

24දා ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි හා නව ඉතාලි අගමැති මාරියෝ මොන්ටි හමුවූ මර්කෙල්, යුරෝ බැඳුම්කරයන්ට සිය “නැත” යන්න අවධාරනය කලා ය. ඒ වෙනුවට ඇය නිවේදනය කලේ, ජර්මනිය හා ප්‍රන්සය දින කිහිපයක් ඇතුලත යුස සම්මුතීන්ට සංශෝධන ඉදිරිපත් කරනු ඇති බවයි. එහි අරමුන, වඩාත් කටුක කප්පාදු පියවර පැනවීමට බ්‍රසල්ස් වෙත මාධ්‍යයන් ලබාදෙන බවයි. ස්ථාවරත්වයේ හා වර්ධනයේ ගිවිසුම උල්ලඝනය කරන අය “වගකීමට බැ‍ඳෙනු ඇති” බව ඇය අවධාරනය කලා ය.

මූලික විරෝධතා පෑමෙන් පසුව මූල්‍ය ස්ථාවරකරන පහසුකම් හා අනෙකුත් පියවරයන්ට එකඟවුනාක් සේ මර්කෙල්, අවසානයේදී යුරෝ බැඳුම්කරයන්ට ද එකඟ වනු ඇති බවට ඇඟවුම් පවතියි. එහෙත් ඇය වැඩි මිලකට කේවෙල් කරනු ඇත. එනම් ඊට හිලව්වට ජර්මානු ආන්ඩුව, පුද්ගලික සාමාජික රාජ්‍යයන්හි අයවැය මත සැබෑ ආඥාදායකත්වයක් පැටවීමට බ්‍රසල්ස් වෙත බලය පැවරෙන, ස්ථාවරකරන සම්මුතිය දැඩි කිරීම සඳහා බල කරනු ඇත. මෙය යුරෝපීය සංඟමයට, මහජන මතය හා දේශීය ක්‍රියා පටිපාටි ගැන කරදර නොවී මහජනයා මත බර පැටවීම සඳහා ඉඩ සලසා දෙනු ඇත.

අර්බුදයේ බර කම්කරු පන්තිය මත පාත්කරන අතර වාරයේ, බැංකු සතු වත්කම් හා සුපිරි ධනවතුන්ගේ අරමුදල් ජනතාවගේ වියදමෙන් ඉතිරිකර දීම යුරෝ බැඳුම්කරයන්හි අරමුනයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, හරිතයින් හා ජර්මානු වාම පක්ෂය මහත් උද්යෝගයෙන් යුරෝ බැඳුම්කර ගැන කථා කරන්නේ එබැවින්ය.

මූල්‍ය ස්ථාවරකරනයේ අරමුදල හා අනෙකුත් පියවරයන් සේම යුරෝ බැඳුම්කර ද අර්බුදය විසඳීමට දෙනු ඇත්තේ මඳ සහායකි.

ඉතාලිය, ප්‍රන්සය හා ස්පාඤ්ඤය මුහුන දෙන ගැටලු වලින් එම රටවල් මුදාගැනීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය ජර්මනියට ඇතැයි යන අදහස මුලාවකි. ජර්මනිය නිර්යාත මත රැඳී සිටීම නිසා ලෝක ආර්ථිකයේ උච්ඡාවචනයන්ට ලෙහෙසියෙන්ම ගොදුරුවන බව හා එරට ඉහලින්ම නය ගැතිව සිටින්නේය යන කාරනය යමෙක් නොසලකා හැරියත්, එරට ආර්ථිකය මේ සඳහා නොසෑහෙන්නේය. ඩොලර් ට්‍රිලියන 3.3ක් වන ජර්මනියේ දල දේශීය නිෂ්පාදිතය, සමස්ත යුරෝපීය සංගමයේ දදේනියෙන් පහෙන් එකක් හා ප්‍රන්සය, ඉතාලිය හා ස්පාඤ්ඤයේ දදෙනි එකතුවෙන් යන්තම් දෙකෙන් එකක් පමනි.

තව ද අර්බුදයේ ප්‍රාථමික හේතුව යුරෝපීය රටවල නයගැති භාවය නොවේ. සැබවින්ම යුරෝපීය සංගම‍ෙය් සාමාන්‍ය නය, එක්සත් ජනපදයට, ජපානයට හෝ බ්‍රිතාන්‍යයට වඩා සැලකිය යුතු ප්‍රමානයකින් අඩුය. මෙය වනාහි ධනේශ්වර පද්ධතියේ ජාත්‍යන්තර අර්බුදයක් වන අතර එහි මධ්‍ය ලක්ෂ්‍යය ඇත්තේ එක්සත් ජනපදය තුලය. අභ්‍යන්තරිකව පැලී හා ඉරිතලා තිබීම නිසා මූල්‍ය වෙලඳපොලවල් යුරෝපය ඉලක්ක කර තිබෙනවා පමනි.

යුරෝපා සංඟමය “එක්සත්” යුරෝපයක් නො වේ. එය අතිශය බලගතු මූල්‍ය හා කාර්මික සංගතයන්ට තෙමේ ම යටත්ව සිටිනවා පමනි. අර්බුදය උත්සන්න වන සෑම කල්හිම යලි හිස ඔසවන ජාතික ප්‍රතිවිරෝධයන් එය ජයගෙන අත්තේ ද නැත. ධනපති දේපල නිරායාසයෙන්ම ජාතික රාජ්‍යයට ගැටගැසී තිබෙන නිසා මහාද්වීපය එහි ජනතාවන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිද්දෙන් එක්සත් කිරීමට ධනපති පන්තිය ඓන්ද්‍රීයවම අපොහොසත්ය.

අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් සැපයිය හැක්කේ, පවත්නා දේපල සම්බන්ධතා පරිවර්තනය කිරීමේ පදනමෙහි පමනි. බැංකු, විශාල සංගත හා ප්‍රධාන පුද්ගලික යස ඉසුරු අත්පත්කරගෙන, ප්‍රජාතන්ත්‍ර පාලනයකට යටත් කල යුතු අතර සමස්ත සමාජයේම යහ සෙත පිනිස කැප කල යුතුය. සමාජ ආසක්තයන් ලාභය සොයා දිවීම මත ප්‍රමුඛත්වය ගත යුතුය.

එවන් සමාජවාදී ඉදිරිදර්ශනයක් සාක්ෂාත් කල හැක්කේ, කම්කරු පන්තියේ සමීප ජාත්‍යන්තර සහ සම්බන්ධයකින් පමනක් බිහිවන ආර්ථිකවත් සමාජීයවත් එකට ගෙතුනු යුරෝපීය මහාද්වීපයක ය. අරමුන විය යුත්තේ, එක්සත් යුරෝපීය සමාජවාදී සංගමයක් ගොඩනැඟීම ය. එසේ නොවුනහොත් සිදුවන්නේ, 1930 ගනන්වල මෙන් මහාද්වීපය බෝල්කනීකරනය වීම හා යුද්ධයත්, ආඥාදායකත්වයත් තුලට ලුහුටා යාම ය.

පීටර් ෂ්වාස්