ලාභ පද්ධතිය තරුනයන් හා වැඩිහිටියන් මත දුර්දශාව මුදාහරී

Profit system unleashes misery on young and old

20 October 2011

මෙම සති‍යේ දී නිකුත් ‍කෙරුනු නව වාර්තා ‚ වැඩිහිටි කම්කරුවන්ට විශ්‍රාම යාමට ‍නොහැකි තත්වයක් උද්ගත කරමින් හා තරුනයන් ඉහල යන ශිෂ්‍ය නය ගෙවීමේ ගිවිසුම් ගත වහල්භාවයකට ඇද දමමින් ගැඹුරුවන ආර්ථික අර්බුදය සමග ඇමරිකානු වැඩකරන ජනතාව මුහුන දෙන කඳුගැසෙන සමාජ විනාශය පිලිබඳ අලුත් සාක්ෂි සපය යි.

එක්සත් ජනපද පොදු ගිනුම් කාර්යාලය අඟහරුවාදා නිකුත් කල “වයස්ගත වැඩිහිටියන් හා 2007 -2009 අවපාතය” නම් වාර්තාව ආරම්භ කෙරෙන්නේ‚ වර්තමාන ආර්ථික අර්බුදය “1930න් පසු මෙම රටෙහි ඇතිවූ ඉතාමත් උග්‍ර” එක බව පවසමිනි.

“අවපාතය සියළුම වයස් කාන්ඩවලට බලපා ඇති අතර ‚වයස්ගත වැඩිහිටියන් විශේෂයෙන් ම විශ්‍රාම යාමට ආසන්න හෝ විශ්‍රාම ගියවුන් එහි බලපෑමෙන් ගැලවීමට ඔවුන්ට එක සමාන අවස්ථාවන් නොතිබිය හැකි බැවින් විශාල කරදරවලට මුහුන දීමට ඉඩ ඇත” යි එය තවදුරටත් පවසයි.

පහත වැටෙන කොටස් වෙලඳපොල‚නිවාස කොටස්වල අගය පහත යෑම හා සේවය‍ අත්හිට වූ කම්කරුවන් නව රැකියා සොයන විට මුහුන දෙන අතිවිශාල කඩඉම් විසින් විශ්‍රාමික ඉතුරුම් තියුනු ලෙස වාෂ්ප වී යන බව එය පෙන්නුම් කර ඇත .

අධ්‍යයනයේ සොයාගැනීම්:

*අවුරුදු 55 සිට 64 දක්වා කම්කරුවන් රැකියා නොමැතිව ගත කරන සාමාන්‍ය කාලය සති 11 සිට 31 දක්වා තුන් ගුනයකින් වැඩිවීම සමග අවුරුදු 55 හෝ ඊට වැඩි කම්කරුවන් සඳහා වන විරැකියා අනුපාතය 2007 සිට දෙගුන වී ඇත. රැකියා නැති වයස අවුරුදු 55 හො ඊට වැඩි කම්කරුවන්ගෙන් ආසන්න වශයෙන් සියයට 18ක් සති 99ක් හෝ ඊට වැඩි කාලයක් රැකියා නොමැතිව සිටී.

*අවුරුදු 55 සිට 64 දක්වා කම්කරුවන්ගේ කුටුම්භ ආදායම සියයට 6කින් වැටී ඇත. මේ අතර ‚අවුරුදු 65 හෝ ඊට වැඩි කම්කරුවන්ගෙන් තුනෙන් එකක් පැයකට ඩොලර් 11ට අඩුවෙන් ගෙවන අඩු වැටුප් රැකියාවල නිරත වෙති.

*අවුරුදු 55 – 64 දක්වා වන අයගේ දරිද්‍රතා අනුපාතය 2007දී සියයට 8.7 සිට 2010දී සියයට 10.1 දක්වා වැඩි වී ඇත. සාක්කුවෙන් ගිලිහෙන වෛද්‍ය වියදම් ගනන් ගතහොත් ‚ අවුරුදු 65 හෝ ඊට වැඩි වයස්ගත වූවන් සඳහා සියයට 17 ඉක්මවමින් අනුපාතය ඉතා ඉහල මට්ටමක පවතී. අවුරුදු 55 හා 65 අතර අයගෙන් හතරෙන් එකකට වඩා වැඩි කොටසක් ජීවත්වන්නේ රටෙහි දරිද්‍රතා මට්ටමින් සියයට 200කින් පහල අඩු ආදායම් මතය.

*අතිරේක පෝෂන සහාය වැඩසටහන (ආහාර මුද්දර) මත යැපෙන අවුරුදු 60 හෝ ඊට වැඩි සාමාජිකයෙකු සහිත කුටුම්භ සංඛ්‍යාව 2006 හා 2009 අතර සියයට 25කින් වැඩිවෙමින් මිලියන 2.5ක් වී ඇත.

අර්බුදයේ එක ප්‍රතිඵලයක් නම් වයස්ගත කම්කරුවන්ගෙන් වැඩිවෙන සංඛ්‍යාවක් ඉක්මනින් හෝ බොහෝ විට කවදාවත් විශ්‍රාමයාමේ අවස්ථාවක්නොදැකීමයි.

සන් ලයිෆ් ෆයිනෑන්ෂල් ආයතනය විසින් කරන ලද අධ්‍යයනයක් වැඩකරන ජනගහනයෙන් යන්තම් සියයට 23ක් විශ්‍රාමයේ දී මූලික ජීවන වියදම් පිරිමසා ගත හැකිය යන්න පිලිබඳව ඔවුන්ට ඉතා විශ්වාස යැයි පවසන බව හඳුනා ගත්තේ ය. මෙය 2008 එසේ ප්‍රකාශිත සියයට 46න් භාගයකි.

බහුතරය‚ එනම් සියයට 54ක් ‚තමන් අවුරුදු 65ට පසු වැඩකරනු ඇත යි පැවසූ අතර සියයට 20ක් තමන් මියයන දවස දක්වා ම තමන්ට වැඩකිරීමට බල කෙරෙනු ඇත යි විශ්වාස කලහ. කම්කරුවන්ගෙන් සියයට 61ක් තමන් විශ්‍රාමයාම ප්‍රමාද කරමින් සිටින බව හා අඩු වශයෙන් තව අවුරුදු තුනක්වත් වැඩ කරන බවත් ප්‍රකාශ කලහ.

සන් ලයිෆ් සභාපති වෙස් තොම්සන් සමීක්ෂනයේ ප්‍රතිඵල “පෙරලීමේ ලක්ෂයක් ” ලෙස විස්තර කලේ ය. විශ්‍රාම යාමේ විශ්වාසය මනින සමස්ථ දර්ශකය 2008 දී සියයට 46 සිට මෙම වර්ෂයේ දී සියයට 36 දක්වා පහත වැටී ඇත.

වයස් පරාසයේ අනෙක් අන්තයෙහි‚ පසුගිය වසරේ ගත් ශිෂය නය ප්‍රථම වතාවට ඩොලර් බිලියන 100 ඉක්ම වූ බව නිව් යොර්ක්හි පෙඩරල් සංචිත බැංකුව වාර්තා කලේ ය.. ඒ අනුව 2011දී නොගෙ වූ මුලු නය ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවීමට නියමිත ය. ෆෙඩරල් වාර්තාවකට අනුව‚ දැන් ක්‍රෙඩිට් කාඩ්පත් නයට වඩා අයවීමට ඇති ශිෂ්‍ය නය ප්‍රමානය වැඩිය.

මේ අතර ‚ උද්ධමනය අනුව ගනන් ගනිද්දී පවා ශිෂ්‍යයන් ඔවුන් දශක දෙකකට පෙර ගත් නය මෙන් දෙගුනයක් නය ගන්නා බව විදුහල් මන්ඩලය වාර්තා කලේ ය.

වැඩිහිටි කම්කරුවන්ට විශ්‍රාමයාම කල් දැමීමට හෝ මුලුමනින් ම විශ්‍රාම නොගැනීමට බල කෙරෙන අතර තරුන කම්කරුවන් ඔවුන්ගේ ඉපයීම් හිස් ‍‍කෙරෙන නයවලට ගැට ගැසී ඇති බව හා තමන්ගේ ම නිවසක් ගැනීමට හෝ පවුලක් ඇරඹීමට හෝ ප්‍රමානවත් යමක් නොමැති තත්වයකට පත්වී ඇති බව වටහා ගනී. වැඩිහිටියෝ හා තරුනයෝ අඩු වැටුපකට රැකියා ස්වල්පයක් සපයන‚තමන්ට එරෙහිව සිටුවා ඇති ශ්‍රම වෙලඳපොලක ඔවුන් ම එකිනෙකාට එරෙහිව තරඟයක යොදවා ඇති බව අව‍බෝධ කර ගනිති.

මෙම කඩා හැලෙන අර්බුදය තිබියදීත්‚ පලල් මහජනතාවගේ තත්වය යහපත් කිරීමට මොන ම හෝ අවංක පියවරක් ගැනීමට ඇමරිකානු පාලක ප්‍රභූව හෝ එහි පක්ෂ දෙක තුල සහායක් නොමැත.. ඒ වෙනුවට‚ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති බරක් ඔබාමා‚ කවදාවත් සම්මත නොවන බව ඔහු හොඳටම දන්නා “රැකියා කෙටුම්පත”ප්‍රවර්ධනය කරමින් නරුම බස් සංචාරයක් වේදිකා ගත කර ඇත. එය එසේ වුව ද‚එයට උපරිම වශයෙන් හැකි වනුයේ විරකියා අනුපාතය 2008 මූල්‍ය දියවීමට පෙර තිබුන තත්වයට ගෙන ඒමට යම්තම් අවශ්‍ය දහයෙන් එක නිපදවීමට පමනි.

ද්විපක්ෂ සහයෝගය තුටුවන එකම ප්‍රතිපත්තිය නම්‚ වෝල් වීදිය විසින් ඇති ‍කෙරුනු අර්බුදයට සමාජ රක්ෂනය ‚ වෛද්‍ය රැකවරන‚වෛද්‍ය ආධාර‚මහජන අධ්‍යාපනය හා අනෙකුත් අත්‍යාවශ්‍ය සමාජ වැඩසටහන් විනාශයට කිරීම හරහා වැඩකරන ජනතාවට ගෙවීමට බල කරමින් ඩොලර් ට්‍රිලියන ගනනක හිඟ පියවීමේ බර පැටවීම යි.

සෑම පරම්පරාවක් ම මුහුන දෙන වඩවඩා ම්ලේච්ඡ සමාජ කොන්දේසි මගින් සමාජ වෛරය හා අසහනය නංවමින් තිබේ. එක්සත් ජනපදය හා ලෝකය පුරා පැතිර ඇති වෝල් වීදියට එරෙහි විරෝධයන් තුල ඒවායේ පලමු ප්‍රකාශනය සොයාගෙන ඇත.

මරනය දක්වා ම වැඩ කිරීමට වැඩිහිටියන්ට බල කරන්නා වූ ද තරුනයන්ට අනාගතය අහිමි කරන්නා වූ ද සමාජයක් පිලිගන්නවා වෙනුවට ඇමරිකානු කම්කරු පන්තිය නොවැලැක්විය ලෙස විප්ලවවාදී ස්වභාවයක මහජන අරගලවලට ඇද ගැනෙනු ඇත.

ධනවාදය එක්සත් ජනපදය තුල ද ලෝක පරිමානව ද අසාර්ථක වී ඇත.මානව වර්ගයා මත මුදා හැරෙමින් පවතින අර්බුදයෙන් මිදීමේ ප්‍රගතිශීලී මාවතක් සැපයිය හැක්කේ කම්කරු පන්තියට පමනි.

වැඩකරන ජනතාවට රැකියා‚යහපත් අධ්‍යාපනය‚ආරක්ෂිත විශ්‍රාම ක්‍රමයක් හා අනෙකුත් මූලික සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ තමාගේ ම වැඩසටහනක් ඉදිරියට ගෙන යා හැක්කේ කම්කරුවන්ගේ නොව බැංකු හා සංගතවල අවශ්‍යතාවන් ආරක්ෂා කරන නිල වෘත්තීය සමිති හා ඩිමොක්‍රටික් පක්ෂයේ ග්‍රහනයෙන් නිදහස් වීමෙන් පමනි.

මෙම අවශ්‍යතාවන් මත අධිෂ්ඨාන සහගත හා නිර්භීත ප්‍රහාරයකින් පමනයි කම්කරු පන්තියට වර්තමාන අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කල හැක්කේ.. ඒ සඳහා පාලක මූල්‍ය ප්‍රභූවේ ඩොලර් බහු බිලියන ධන සම්පත්වල අයිතිය අහෝසි කිරීම සහ ප්‍රධාන බැංකු හා සංගත අල්ලා ගැනීම අවශ්‍ය වන අතර ඒ මගින් ඒවා ඉහල සියයට 1 ලාභ අවශ්‍යතාවන් වෙනුවට බහුතරයේ සමාජ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට මෙහෙය විය හැක. කෙටියෙන් කියතොත්‚ ආර්ථික ජීවිතය සමාජවාදී පදනම මත ප්‍රතිසංවිධානය කල යුතු ය.

මෙම අරගලය ඉදිරියට ගෙනයාමේ දී තීරනාත්මක කාරනය නම් කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී නායකත්වයක්‚ එනම් සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම යි.

බිල් වෑන් ඕකන් විසිනි

Share this article: