”බෆට් නියාමයේ” බොහෝ වංචා

The many frauds of the “Buffett rule”

26 September 2011

දේශපාලන වංචාවට දශ ලක්ෂ සංඛ්‍යාත රැකියා සැපයිය හැකි නම් ධනවතුන්ට බදු ගැසීමේ උපදේශකයෙක් ලෙස ජනාධිපති ඔබාමාගේ ජනතාවාදී රැඟුම ආර්ථික අර්බුදයට විසඳුම වනු ඇත

ඔහුගේ ඇමරිකානු රැකියා පනත එලිදැක්වීමේ තැන් පටන් හා ඒ සමග ආ ධනවතුන්ට බදු පැනවීම මත පදනම් වන බව සඳහන් හිඟ අඩුකිරීමේ සැලැස්ම ආර්ථික සාධාරනත්වය සඳහා පෙනී සිටින බව කියා සිටි ඔහුගේ ප‍්‍රකාශ හුවා දැක්වීම පිනිස ඔබාමා උද්ඝෝෂන ස්වරූපයේ වේදිකා රංඟන මාලාවක්ම දියත් කිරීම පිනිස යොදාගෙන තිබේ. ඇමරිකාවේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වන ඔමාහාහි ප‍්‍රකෝටිපතියාගේ නමින් හඳුන්වන ඊනියා බෆට් නියාමය මෙම ප‍්‍රකාශයේ හරි මැද තිබුනි.

මේ මාසයේ පුවත්පත් තීරුවක බෆට් කියා තිබුනේ තමා ගෙවන්නේ සිය ලේකම්වරයාටත් වඩා අඩු බදු අනුපාතයක් බවය. සුපිරි ධනපතියන් සඳහා එක්සත් ජනපදයේ පවතින බදු ක‍්‍රමය "ඇට්ටකුනාවූ” ක‍්‍රමයක් ලෙස ඔහු හෙලා දුටුවේය. ඔහු දිගු කලක් තිස්සේ ඔබාමාගේ ලොකුම දායකයාව සිටින අතර අනෙකුත් ඩිමොක‍්‍රටික් පක්ෂ දේශපාලඥයින්ට ද ආධාර කරයි.

මූල්‍ය සමපේක්ෂක ජෝර්ජ් සොරෝස් වැනි අනෙකුත් ප‍්‍රකෝටිපතියන් අතලොස්ස අතරින් ඔහු එක්සත් ජනපදයේ වැඩෙන සමාජ අසමානතාවය හා බදු ක‍්‍රමයේ විනිවිද පෙනෙන පක්ෂග‍්‍රාහිත්වය මෙන්ම ධනවතුන්ට වාසි සලසන අයවැය ප‍්‍රතිපත්තිය දේශපාලන අස්ථාවරත්වය හා ජනතා නොසංසුන්තාවය වැඩි දියුනු කරනු ඇති බවට කනස්සල්ල පලකොට තිබුනි.

"බෆට් නියාමය” සඳහා ඔබාමාගේ උද්ඝෝෂනය නිව් යෝර්ක් ටයිම්ස්හි කතුවැකි පිටුව ද එහි තීරු රචක පෝල් කෘග්මාන් හා නේෂන් සඟරාව ද ඇතුලු පාලනයේ ලිබරල් හා "වාම” ආධාරකරුවන්ගේ පාර්ශවයෙන් ආවේගකාරී උද්වේගයක් ජනනය කර තිබේ. බදු ප‍්‍රතිපත්තිය "සාර්ථක ආර්ථික විද්‍යාව” හා සමාජ යුක්තිය දෙසට තැබූ පියවරක් ලෙස ටයිම්ස් කතුවැකියෙන් හුවා දක්වා තිබුනි. වමට මාරුවීමක් බව කියා සිටින මෙම පිලිවෙත දිගටම ගෙනයාම පිනිස ඔබාමා දිරිමත් කරන පෙලපාලි සඳහා නේෂන් සඟරාව කැඳවුම් කරයි.

බලාපොරොත්තු විය හැකි ආකාරයට ඒ හා සමානම කෝපාවිෂ්ඨ ගෝරනාඩුවක් අන්ත දක්ෂිනාංශයෙන් පලවී ඇත. නව තත්වාරක්ෂක තීරු රචක ක‍්‍රවුතර්මර් නියම හෑල්ලක් ලියමින් ප‍්‍රකාශ කලේ "සැබෑ ඔබාමා වනාහි මට්ටම් කරුවෙකි, කැපවූ සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රිකයෙකි, රාජ්‍යය යලි බෙදාහැරීම පිලිබඳ උග‍්‍ර භක්තිකයෙකි, සියල්ලටත් වඩා ‘සාධාරනත්වයේ’ කථිකාසනයකි, ආන්ඩුව විසින් පනවන හා ආන්ඩුව විසින් බලගන්වන සමානත්වය වටහා ගත් අයෙකි.”

"වමේ” මෙන්ම දකුනේ ද කෙරෙන අධිකතර සාකච්ඡාව වනාහි ෆ‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ගේ පුනරාගමනය ලෙස වෝල් වීදියට පක්ෂපාතී දක්ෂිනාංශික පාලනයක් යලි ගොනුකිරීමට උත්සාහ දරන ඔබාමාගේ ව්‍යාපාරය හුවා දක්වන අභූත දේශපාලන රංඟනයක කොටසක් පමනි. මෙය වනාහී 2012 ජානාධිපතිවරනයේදී යලි වතාවක් "ප‍්‍රගතිශීලී” ඩිමොක‍්‍රටික් පක්ෂයක් පිලිබඳ මිරිඟුව හමුවේ ඇමරිකානු ජනතාව රැවටීමට දරන ඔවුන්ගේ උත්සාහයෙහි කොටසකි.

සින්සිනාටිහි 22දා පැවති රැලියක දී ඔබාමා රිපබ්ලිකානුවන් විසින් තම බදු ප‍්‍රතිපත්තිය "පන්ති යුද්ධයක්” ලෙසට කරන චෝදනාව ගෙනහැර දක්වමින් ප‍්‍රකාශ කලේ: "මම මධ්‍යම පන්තියේ යුද දෙටුවෙක්මි. මම මධ්‍යම පන්තිය වෙනුවෙන් සටන්කිරීමට කැමැත්තෙමි. මම වැඩකරන ඇමරිකානුවන් වෙනුවෙන් සටන් කිරීමට කැමැත්තෙමි” යනුවෙනි

තම පේ‍්‍රක්ෂකයින් වෙත "ඔබගේ නිදන කාමර සෙරෙප්පු ගලවා දමන්න. ඔබගේ මාර්ගස්ථ පාවහන් පැලඳ ගන්න” යනුවෙන් පවසමින් ඔබාමා 24දා පැවති කොන්ග‍්‍රස් කලු මැතිවරන සමුලුවේ වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්සව රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී ඉහත ආස්ථානය යලි ඉදිරිපත් කලේය. ඔහුගේ පාලනය දුප්පතුන් හා පීඩිතයින්ගේ වියදමින් ධනවතුන්ට වාසි සලසන බවට විවේචන ඉදිරිපත් කරන අයට චෝදනා කිරීමේදී හාවඩ් විශ්ව විද්‍යාලයෙන් බිහිවූ නීතිඥවරයා තම කථාවේ අවසන් කොටසේ වචන වලින් "ම්” ශබ්දය හැර දැමීය. "ඒවා පසෙක ලන්න, පැමිනිලි කිරී, නතර කරන්න කංකෙඳිරිගෑ, නතර කරන්න ඇඬී, නවත් වන්න, අප ඉදිරියටම යමින් සිටින්නෙමු, අපට කිරීමට වැඩ තිබේ”

සත්තකින්ම මෙම "වැඩ” වනාහි රටතුලදී ව්‍යාපාරික ඇමරිකාවේ වැදගත් අවශ්‍යතා හා එතෙරදී ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමයි. එනම් වැඩකරන ජනතාවගේ වියදමින් දැවැන්ත සමාගම් වලට හා බැංකුවලට මුදල් දීමත් ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ හා ලිබියාවේ යුද්ධ පවත්වාගෙන යාමත්ය.

බෆට් නියාමය වනාහි ඔබාමාගේ දෙපිටකාට්ටු කමේ ප‍්‍රකාශනයකි. එය නියාමයක් නොවේ. සුපිරි ධනවතුන් බදු පැහැර හැරීම හා බදු කපා හැරීම සීමා කරන කිසිදු යථා පියවරක් ධවල මන්දිරය විසින් යෝජනා කර ඇත්තේ නැතුවා පමනක් නොව එසේ කරනු ද නැත. "නියාමය” වනාහි ඉදිරි දෙමස තුල අවම වශයෙන් ඩොලර් ටි‍්‍රලියන 1.5න් හිඟ අඩුකිරීමේ උපායන් සැකසීමේ කාර්යය බාරව සිටින ද්වි පාර්ශවික කොන්ග‍්‍රස් කමිටුවට කරන යෝජනාවකට වැඩි දෙයක් නොවේ.

යෝජනාවක් ලෙස පවා නොපැහැදිලි බෆට් නියාමය ක‍්‍රියාවට නැඟීමේ අවස්ථාවක් ඇත්තේ නැත. එය ඔබාමා හොඳින්ම දැන සිටියි. හිඟ කැපීමේ "සුපිරි කමිටුවෙහි” රිපබ්ලිකානු සාමාජිකයින් හය දෙනාම ධනවතුන්ගේ කිසිදු බදු වැඩිකිරීමට දැඩි සේ විරුද්ධ වන අයයි. ඩිමොක‍්‍රටිකයෙක් වන සෙනේට් සභික මැක්ස් බව්කස් තවත් සාමාජිකයෙකි. ඔහු 2001දී බුෂ් පාලනය විසින් ක‍්‍රියාවට නැඟූ ධනවතුන්ගේ බදු කපාහැරීම් පිලිබඳ සම සැලසුම් කරුවාය. තවත් ඩිමොක‍්‍රටික් සාමාජිකයෙක් වන සෙනේට් සභික ජෝන් කෙරී එහි සිටින ධනවත්ම පුද්ගලයා ය.

ආදායම් කාන්ඩය විසින් ගෙවනු ලබන බදු අනුපාත

chart

යම් හෙයකින් එය ක‍්‍රියාවට නැඟුව ද බෆට් නියාමය එක්සත් ජනපද බදු ක‍්‍රමයේ "සාධාරනත්වය” පිහිටුවීම නම් නොවනු ඇත. ධනවතුන්ගෙන් දුප්පතුන් වෙත ඉතා සීමිත ලෙස ධනය යලි බෙදාහැරීම දිරිගැන්වීම පිනිස යොදාගත් ඇමරිකානු ලිබරල්වාදයේ උච්චතම අවස්ථාවේ සම්ප‍්‍රදායික ප‍්‍රතිපත්තිය කරා යලි පැමිනීමක් එයින් අදහස් නොකරයි. එය හුදෙක් කැඳවුම් කරන්නේ බෆට් වැනි ප‍්‍රකෝටිපතියන් භුක්ති විඳින නිශ්චිත බදු කපාහැරීම් සීමා කරමින් අනෙක් දිශාවට එනම් දුප්පතුන්ගෙන් ධනවතුන් වෙත ධනය යලි බෙදාහැරීමට එක්සත් ජනපදයේ බදු ක‍්‍රමය අද දිනයේ යොදාගන්නා බොහෝ මාධ්‍යයන් අතුරින් එකක් නතර කර දැමීම පමනි.

ප‍්‍රකෝටිපතියන් හා ලේකම් වරුන් සඳහා සමාන බදු අනුපාතයක් නියම කිරීම සාධාරනත්වය නියෝජනය කරන්නේ කෙසේ ද? අවම වශයෙන් සාධාරනත්වය හා සමානත්වය සැලකිල්ලට ගැනීම මත පදනම් වන බදු ප‍්‍රතිපත්තියක් පසුගිය දශක තුනක කාලය තුල ධනයේ හා ආදායමේ ධ‍්‍රැවාන්තගතවීම සඳහා පිලියම් සෙවිය යුතුය. එම කාලය තුල පොහොසත්ම ඇමරිකානුවන් සියයට එක හා දුප්පත්ම සියයට හතලිහ අතර ආදායම් පරතරය තෙගුනයකටත් වඩා වැඩිවී ඇත. පසුගිය දශකය තුල ජාතික ආදායමේ වැඩිවූ සෑම ඩොලරයක්ම ගොස් ඇත්තේ ධනවතුන්ගේ සාක්කුවට ය. ධන විෂමතාවය වඩාත් විශාලය. ඇමරිකානු ජනගහනයෙන් ඉහලම සියයට 10 ජාතික ධනයෙන් තුනෙන් දෙකක්ම පාලනය කරයි.

"පන්ති යුද්ධයක්” පිලිබඳව රිපබ්ලිකානුවන් උඩුබුරලන අතර සමාජය තුල පන්තීන් අතර සැබෑ සම්බන්ධතාවය පෙන්නුම් කරන්නේ ජාතික ආදායමේ ව්‍යාපාරික ලාභයේ පංඟුව නොකඩවා වැඩිවීමත් ඊට සමානුපාතිකව වැටුප්වල පංඟුව පිරිහී යාමත්ය. රොබර් රදලයින්ගේ අවධියෙහි පටන් ඕනෑම කාලයකදී ශ‍්‍රමය විසින් නිර්මානය කරන වැඩිම අගය දැන් පවත්නේවී නමුත් ඉන් කම්කරු පන්තියට හිමිවන්නේ පෙර නොවූ විරූ තරම් කුඩා කොටසක් පමනි.

ෆෙඩරල් බදු ප‍්‍රතිපත්තිය මෙම පුලුල් වන සමාජ පරතරය තවත් වැඩි කර ඇත. කිසිසේත්ම "සමාජවාදයේ” අට්ටාලයන් නොවූවත් ටෲමන්, අයිසන්හවර් හා කෙනඩි පාලනයන් යටතේ 1950 හා 1960 ගනන් වල ධනවත්ම ඇමරිකානුවන්ගේ බදු අනුපාත සියයට 91 සිට රේගන් පාලන කාලයේදී සියයට 50 දක්වා ද දැන් සියයට 35 දක්වා ද පහත වැටී ඇත. පරම්පරා දෙකක් යන තෙක්ම මූල්‍ය ප‍්‍රාග්ධනය අපකීර්තියට ලක් කල 1929 වෝල් වීදියේ කඩාවැටීමට පෙරාතුව 1920 ගනන් මුල පටන් දක්නට ලැබුනු පහලම මට්ටම් කරා දැන් ඉහලම ආදායම් ලාභීන්ගේ බදු අනුපාත ලඟාවී තිබේ.

ඩිමොක‍්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් අතර ෆෙඩරල් බදු ප‍්‍රතිපත්තිය මත ඇතිවී තිබෙන විවාදය පවත්වාගෙන යන්නේ ව්‍යාජ පොරොන්දු මතය. සමාජ හා ආර්ථික අසමානත්වය මෙතරම් පුලුල් ලෙස පැතිර පවතින සමාජයක් තුල එවන් රාජ්‍ය ක‍්‍රියාකාරකම් සඳහා ඉඩකඩ පවතින්නේවී නමුදු දැන් අත්තේ "සාධාරනත්වය” යලි පිහිටුවීම පිලිබඳ කාරනයක් නොවේ. සමාජවාදී සමානතා පක්ෂය යෝජනා කරන්නේ අවසාන විග‍්‍රහයේදී ධනවතුන් වෙතින් සියලු සමාජ ධනයේ උල්පත වන ශ‍්‍රමය හිමි වැඩකරන ජනතාව වෙත ධනය හා ආදායම පෙරලිකාරී ලෙස යලි බෙදාහැරීමකි.

අප යෝජනා කරන්නේ සුපිරි ධනපතියන් වෙත පුදනු ලබන ඉමහත් දීමනාවන්ගෙන් අල්පයක් බදු සංග‍්‍රහයෙන් ඉවත් කරන කෙනිත්තීමක් නොව. ධනපතියන් අස්වාමික කර ආර්ථික ජීවිතයේ සමාජවාදී ප‍්‍රති සංවිධානයක් දිසාවට තබන පියවරක් ලෙස බදු අනුපාත ප‍්‍රතිසංස්කරනයකි. පලමු පියවරේදී මෙහි අර්ථය වන්නේ ඩොලර් පන්ලක්ෂයට වැඩි සියලු ආදායම් ලාභීන්ගෙන් අවම වශයෙන් සියයට 90ක බදු අනුපාතයක් ද වෙනම ධන බද්දක් ද අලුතින් කම්කරුවන් බඳවා ගැනීම ප‍්‍රතික්ෂේප කරන යෝධ සමාගම් සතුකරගෙන සිටින ඩෙලර් ටි‍්‍රලියන දෙකක මුදල් අත්පත්කර ගැනීම සමග යන අව්‍යාජ ප‍්‍රගතිශීලී බදු ක‍්‍රමයක් ප‍්‍රතිස්ථාපනය කිරීමයි. එවන් පියවර මගින් රැකියා නොමැත්තවුන්ට රැකියා ද ගරා වැටෙන ඇමරිකානු සමාජයේ යටිතල ව්‍යුහය යලි ගොඩනැඟීම ද පිනිස මුදල් සැපයෙනු ඇත.

මේ සඳහා සියල්ලටත් වඩා අවශ්‍ය කෙරෙන්නේ වැඩකරන ජනතාව ධනපති ද්වි පක්ෂ ක‍්‍රමයෙන් බිඳී වෙන්වීමත් සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වන කම්කරු පන්තියේ ස්වාධීන ජනතා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීමත් ය.

පැටි‍්‍රක් මාටින්