දෝහා සමුලුව දේශගුනික විපර්යාස මත ඇතිව තිබෙන ජාතික බෙදීම් ඉස්මතු කරයි

Doha conference highlights national divisions over climate change

By Bryan Dyne, 3 December 2012

දෝහාහි නොවැම්බර් 26 දා සිට දෙසැම්බර් 7 දා දක්වා පැවැත්වුනු 2012 එක්සත් ජාතීන්‍ගේ දේශගුනික විපර්යාස සමුලුව සමහන් කල නොහැකි ජාතික බෙදීම් හා දේශගුනික විපර්යාස ගැටලු විසඳීමේ කිසිදු බැරෑරුම් යෝජනාවක් නොමැතිකම මගින් සංලක්ෂනය විය.

දෝහා සම්මේලනය දේශගුනික විපර්යාස පිලිබඳ එක්සත් ජාතීන්ගේ රාමුවේ නවතම එක යි. එම සමුලුව පැවැත්වුනේ මේ වසරේ රියෝහි පැවති අසාර්ථක වූ සාකච්ඡා, එක්සත් ජනපදය නොඑකඟතාව පලකරමින් පිටව ගිය 2009 වසරේ‍ කෝපන්හේගන් සමුලුව හා 2012 වසර වනවිට සම්මුතියට අත්සන් තැබූ ජාතීන් විසින් 1990 වසරේ මට්ටම‍ට සාපේක්ෂව වායු විමෝචන මට්ටම අවම සියයට 5.2කින් කපාහල යුතු යයි සම්මත කල 1997 කියෝතෝ සම්මුතියෙන් පසුව ය.

සමුලුව පැවැත්වුනු ස්ථානයමත් සාකච්ඡාවල කේන්ද්‍රීය කාරනාව පිලිබඳ ඉඟියක් දෙයි. සමුලුවේ සත්කාරකත්වය දැරූ කටාරය මැද පෙරදිග කලාපය තුල එක්සත් ජනපදයේ දීර්ඝකාලීන සහකරුවෙකු වන අතර ලෝකයේ වැඩි ම ඒක පුද්ගල හරිතාගාරය විමෝචකයා ද වේ. "අප ඒක පුද්ගල විමෝචනයන් ගැන වදවිය යුතු නැත. අප කේන්ද්‍රගත විය යුත්තේ එක් එක් රටේ විමෝචන ප්‍රමානය මත යි” යනුවෙන් සමුලුවේ ආරම්භක කතාවේ දී ප්‍රකාශ කරමින් කටාරය වගකීමේ අවධාන‍යෙන් මුදා ගැනීමට හිටපු ඛනිජ තෙල් ඇමති අබ්දුල්ලා බින් හමාඩ් අල්-අතයියා උත්සාහ දැරී ය.

දෝහාහි ප්‍රතිඵල රහිත සාකච්ඡා, දේශගුනික විපර්යාස අර්බුදයේ උග්‍ර භාවයත්, ‍ගෝලීය දේශගුනය ආන්තික ලක්ෂ්‍යයකට ලඟාවෙමින් පවතින බව පෙන්නුම් කරන බොහෝ දර්ශකයනුත් සමග විසංවාදී වේ.

සමුලුව පැවැත්වෙන අතරතුර දී ලෝක බැංකුව නිකුත් කල "තාපය හෙලනු" නම් වාර්තාවක් සාමාන්‍ය ගෝලීය උෂ්නත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 4ක නැග්මක විභවීය බලපෑම සංක්ෂිප්ත කොට දැක්වූ අතර එම ඉහල නැගීම ලබන ශතවර්ෂය ඇතුලත සිදුවිය හැකි බව ද අවධානයට ලක් කලේ ය. රටවල් තමන් එකඟ වී ඇති විමෝචන අඩු කිරීමේ මට්ටම් කරා ලඟා වුව ද එවැනි උෂ්නත්ව ඉහල නැගීමක් 2100 වසර වනවිට සිදුවිය හැකි යයි එම වාර්තාව පුරෝකථනය කලේ ය. එකඟ වී ඇති විමෝචන හෙලීමේ මට්ටම් කරා ලඟා නොවුන හොත් උෂ්නත්ව නැගීම 2060 වසර වනවිට සිදුවනු ඇත.

එවැනි ගෝලීය උෂ්නත්ව නැගීමක විපාක අතරට සාගර අම්ලකරනය හා කොරල් පර අහිමිවීම, මුහුදු මට්ටම් ඉහල යාම හා වෙරල තීර අහිමි වීම සහ වගා ඵලදාවන් පුලුල් පරිමානව විනාශ වීම අඩංගු වේ. එය ආන්තික දේශගුනික තත්ත්වයන්‍ට අමතර වසයෙනි. වත්මන් සාකච්ඡා නිල වශයෙන්, දේශගුනික විපර්යාස පහත හෙලීමට නියමිත, 2020 වසර වනවිට බලාත්මක වන ඊනියා ඩර්බන් වේදිකාව නමැති ඉලක්කය කරා ලඟවීමට සහභාගි වන, හරිතාගාර වායු විමෝචනයන් අඩු කිරීමට නියමිත රටවල් 200ක් මූලික වසයෙන් දරන උත්සාහයකි. එහෙත් ගිම්හානයේ දී පැවති රියෝ+20 වැනි පූර්ව සමුලුවලදී මෙන් මෙහි දී ද විවිධ රටවල පොරොන්දු හා සහතික බොහෝ දුරට අවිනිශ්චිතව හෝ සරලව ම ඉෂ්ට නොවී පවතිනු ඇත.

සමුලුවේ ප්‍රධාන නො එකඟතාව පැවතුනේ එක්සත් ජනපදය හා චීනය අතර ය. විශේෂයෙන් ම චීනය සිය විමෝචන මට්ටම් මත දැඩි සීමා පිලිගත යුතු යයි එක්සත් ජනපදය නිර්දේශ පනවන්නේ, එරටේ (එක්සත් ජනපදයේ) විමෝචන සීමා ඉලක්ක කෙරෙහි දැඩි ලෙස විරෝධය පල කරන අතරතුර ය.

අනෙකුත් ආතතීන් ද ඉස්මතු වී තිබේ. කාබන් ඩ‍යොක්සයිඩ් ඇතුලු හරිතාගාර වායු විමෝචන ඉහල යාම් පාලනය කිරීමට ගන්නේ අල්ප පියවරයන් යයි ඉන්දියාව හා බ්‍රසීලය නොවැම්බර් 30දා, විශේෂයෙන් ම එක්සත් ජනපදය ඇතුලු "සංවර්ධිත” ලෝකයට චෝදනා කලහ. "සංවර්ධිත රටවල් අඩු අපේක්ෂාවන් තුල හිරවීම හේතුවෙන් අපි ඉන්නේ බලාපොරොත්තු කඩවෙලා” යයි ඉන්දීය නියෝජිත කන්ඩායමේ ප්‍රධානී මිරා මෙරිෂි කීවේ ය.

"බොහෝ සංවර්ධිත රටවල් ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව වන බලශක්තිය ගැන අවධානය යොමු කරන්නේ නැතැ” යි ප්‍රකාශ කල ආන්ද්‍රෙ කොරයා දෝ ලාගෝ නායකත්වය දෙන බ්‍රසීල නියෝජිතයෝ ඉන්දීය මතය ප්‍රතිරාවය කලහ.

"එක්සත් ජනපදය කරමින් සිටින්නේ කුමක් ද යන්න ගැන විමසිලිමත් නො වන අයට අපගේ උත්සාහයේ පරිමානය හා වපසරිය පිලිබඳව දැනුම් නො දෙන නමුත් එම උත්සාහය සුවිසාල” යයි සමුලුව ආරම්භයේ දීම ප්‍රකාශ කරමින් එක්සත් ජනපද නියෝජිත කන්ඩායම එරට වෙත එල්ල විය හැකි විවේචන පූර්ව භංග කිරීමට උත්සාහ දැරීමෙන් පසුව මෙම ප්‍රකාශන නිකුත් කෙරිනි. සුවිසල් උත්සාහයක් පිලිබඳ එක්සත් ජනපදයේ කතාව බොරුවකි. වසර හතරකට පෙරාතුව බලයට පත් තැන් පටන් කාබන් විමෝචන ගැටලුව විසඳීම දෙසට කිසිවක් කර නැති ඔබාමා පරිපාලනය බුෂ් සාකච්ඡාවල රාමුවට පිටින් සමුලු‍ව සඳහා නව කෙටුම්පතක් ලියන ඇමති මට්ටමේ රැස්වීමක් පැවැත්වීමට කටාරය සැලසුම් කරයි. එම ක්‍රියාව සමස්තයක් ලෙස සාකච්ඡා කඩාවැටීඅන්තරාය අන්තර්ගත කරගනී.

දියුනු රටවල් අතර වැඩිදුර බෙදීම් පවතී. දෝහා සාකච්ඡා ඉදිරිපත් කෙරුනේ කියෝතෝ සම්මුතිය‍ට යලි පන දී එය 2012ටත් එහාට දීර්ඝ කිරීමේ අවස්ථාවක් ලෙසිනි. එහෙත් 2013 ජනවාරි 1දා ඇරඹීමට නියමිත දෙවන කැපවීමේ කාලසීමාවකට තමන් අත්සන් නොතබන්නේ යයි සඳහන් කරමින් රුසියාව, කැනඩාව, නවසීලන්තය හා ජපානය ඒ වනවිටත් නිවේදන නිකුත් කොට තිබුනි.

මෙම තතු යටතේ දීර්ග කරන ලද කියෝතෝ සම්මුතියක රැඳී සිටිනු ඇත්තේ යුරෝපා සංගමය හා ඕස්ට්‍රේලියා‍ව පමනි. එක්සත් ජනපදය කිසි දිනක කියෝතෝ සම්මුතියේ පාර්ශවකරුවෙක් නො වීය.

සාකච්ඡා දෙසට තබන ලද නරුමත්වයේ මූලයක් හඳුන්වා දෙන ලද්දේ එක්සත් ජාතීන්ගේ දේශගුන විපර්යාස ලේකම් කාර්යාල ප්‍රධානී ක්‍රිස්ටිනා ෆිගරෙස් විසිනි. දෝහා සාකච්ඡා ද පොදුවේ දේශගුනික විපර්යාස පිලිබඳ සාකච්ඡා ද ඵල රහිත යයි පිලිගත් ඇය දේශගුනික විපර්යාස පිලිබඳ කටයුතු වලට මහජන සහයෝගය නො ලැබීම ගැන වැලපෙමින් "වගකීම භාරගන්නා" ලෙස තනි තනි පුද්ගලයන්ට‍ ආයාචනා කලා ය. "මෙය හුදෙක් අභ්‍යන්තර ආන්ඩු පිලිබඳ ප්‍රශ්නයක් නොවේ" යයි ඇය වැඩිදුරටත් පැවසුවා ය.

දේශගුනික විපර්යාස ගැටලුව විසඳීමට මහජන සහයෝගයේ අඩුවක් නොව ඇත්තේ, කිසිවක් කිරීමට ප්‍රධාන රාජ්‍යයන්ට පවතින හැකියාව පිලිබඳ හොඳින් දැනුවත් අවිශ්වාසයකි. සාකච්ඡාවල නිරත විවිධාකාර ආන්ඩු මෙහෙයවෙන්නේ තරඟයේ යෙදී සිටින ධනේශ්වර පන්තියේ ලාභ අපේක්ෂාවන්ගෙනි. මෙම රාමුව තුල කිසිදු බැරෑරුම් සම්බන්ධීකරනයක් හා විද්‍යාත්මක ප්‍රවිෂ්ටයක් ගැනීම කල නො හැකි දෙයක් බවට පත්ව ඇත.

සාරය වසයෙන් ගත්කල ෆිගරෙස් දැක්වූ අදහස් වනාහි ලෝක ධනේශ්වර පද්ධතිය හා ප්‍රතිමල්ලව ජාතික රාජ්‍ය පද්ධතිය දේශගුනික අර්බුදය විසඳීමට අසමත්ය යන්න පිලිගැනීමකි. ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය හා චීනය අතර තරඟය ඇතුලු ජාතික රාජ්‍යයන් අතර තරඟය ආසන්න දේශගුනික විපර්යාස අර්බුදයට විසඳුම් සෙවීම නොකල හැක්කක් බවට පත්කරන්නේ එය එම රාජ්‍යයන්හි ජාතික අවශ්‍යතාවලට බාධකයක් වන නිසා ය. ගෝලීය විසඳුම් අවශ්‍ය කරන එවැනි ප්‍රශ්න පිලිබඳ විසඳුම් සඳහා කම්කරු පන්තිය, ප්‍රථමකොටත් ප්‍රමුඛකොටත් සමාජ ජීවිතය මත ජාතික රාජ්‍ය පද්ධතිය පවත්වාගෙන යන ග්‍රහනය බිඳ දැමීම අවශ්‍ය කරයි.

2012 දෝහාවලදී පැවැති දෙශගුනික විපර්යාස සමුලුව ජාතික බෙදීම්වලින් සංලක්ෂිතව පැවැතුන අතර දේශගුනික විපර්යාසවලට පිලියම් යෙදීමට කිසිදු බැරෑරුම් යෝජනාවක් ඉදිරිපත් වූයේ නැත.

දෝහාහි නොවැම්බර් 26 දා සිට දෙසැම්බර් 7 දා දක්වා පැවැත්වුනු 2012 එක්සත් ජාතීන්‍ගේ දේශගුනික විපර්යාස සමුලුව සමහන් කල නොහැකි ජාතික බෙදීම් හා දේශගුනික විපර්යාස ගැටලු විසඳීමේ කිසිදු බැරෑරුම් යෝජනාවක් නොමැතිකම මගින් සංලක්ෂනය විය.

දෝහා සම්මේලනය දේශගුනික විපර්යාස පිලිබඳ එක්සත් ජාතීන්ගේ රාමුවේ නවතම එක යි. එම සමුලුව පැවැත්වුනේ මේ වසරේ රියෝහි පැවති අසාර්ථක වූ සාකච්ඡා, එක්සත් ජනපදය නොඑකඟතාව පලකරමින් පිටව ගිය 2009 වසරේ‍ කෝපන්හේගන් සමුලුව හා 2012 වසර වනවිට සම්මුතියට අත්සන් තැබූ ජාතීන් විසින් 1990 වසරේ මට්ටම‍ට සාපේක්ෂව වායු විමෝචන මට්ටම අවම වසයෙන් සියයට 5.2කින් කපාහල යුතු යයි සම්මත කල 1997 කියෝතෝ සම්මුතියෙන් පසුව ය.

සමුලුව පැවැත්වුනු ස්ථානයමත් සාකච්ඡාවල කේන්ද්‍රීය කාරනාව පිලිබඳ ඉඟියක් දෙයි. සමුලුවේ සත්කාරකත්වය දැරූ කටාරය මැද පෙරදිග කලාපය තුල එක්සත් ජනපදයේ දීර්ඝකාලීන සහකරුවෙකු වන අතර ලෝකයේ වැඩි ම ඒක පුද්ගල හරිතාගාරය විමෝචකයා ද වේ. "අප ඒක පුද්ගල විමෝචනයන් ගැන වදවිය යුතු නැත. අප කේන්ද්‍රගත විය යුත්තේ එක් එක් රටේ විමෝචන ප්‍රමානය මත යි” යනුවෙන් සමුලුවේ ආරම්භක කතාවේ දී ප්‍රකාශ කරමින් කටාරය වගකීමේ අවධාන‍යෙන් මුදා ගැනීමට හිටපු ඛනිජ තෙල් ඇමති අබ්දුල්ලා බින් හමාඩ් අල්-අතයියා උත්සාහ දැරී ය.

දෝහාහි ප්‍රතිඵල රහිත සාකච්ඡා, දේශගුනික විපර්යාස අර්බුදයේ උග්‍ර භාවයත්, ‍ගෝලීය දේශගුනය ආන්තික ලක්ෂ්‍යයකට ලඟාවෙමින් පවතින බව පෙන්නුම් කරන බොහෝ දර්ශකයනුත් සමග විසංවාදී වේ.

සමුලුව පැවැත්වෙන අතරතුර දී ලෝක බැංකුව නිකුත් කල "තාපය හෙලනු" නම් වාර්තාවක් සාමාන්‍ය ගෝලීය උෂ්නත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 4ක නැග්මක විභවීය බලපෑම සංක්ෂිප්ත කොට දැක්වූ අතර එම ඉහල නැගීම ලබන ශතවර්ෂය ඇතුලත සිදුවිය හැකි බව ද අවධානයට ලක් කලේ ය. රටවල් තමන් එකඟ වී ඇති විමෝචන අඩු කිරීමේ මට්ටම් කරා ලඟා වුව ද එවැනි උෂ්නත්ව ඉහල නැගීමක් 2100 වසර වනවිට සිදුවිය හැකි යයි එම වාර්තාව පුරෝකථනය කලේ ය. එකඟ වී ඇති විමෝචන හෙලීමේ මට්ටම් කරා ලඟා නොවුන හොත් උෂ්නත්ව නැගීම 2060 වසර වනවිට සිදුවනු ඇත.

එවැනි ගෝලීය උෂ්නත්ව නැගීමක විපාක අතරට සාගර අම්ලකරනය හා කොරල් පර අහිමිවීම, මුහුදු මට්ටම් ඉහල යාම හා වෙරල තීර අහිමි වීම සහ වගා ඵලදාවන් පුලුල් පරිමානව විනාශ වීම අඩංගු වේ. එය ආන්තික දේශගුනික තත්ත්වයන්‍ට අමතර වසයෙනි. වත්මන් සාකච්ඡා නිල වශයෙන්, දේශගුනික විපර්යාස පහත හෙලීමට නියමිත, 2020 වසර වනවිට බලාත්මක වන ඊනියා ඩර්බන් වේදිකාව නමැති ඉලක්කය කරා ලඟවීමට සහභාගි වන, හරිතාගාර වායු විමෝචනයන් අඩු කිරීමට නියමිත රටවල් 200ක් මූලික වසයෙන් දරන උත්සාහයකි. එහෙත් ගිම්හානයේ දී පැවති රියෝ+20 වැනි පූර්ව සමුලුවලදී මෙන් මෙහි දී ද විවිධ රටවල පොරොන්දු හා සහතික බොහෝ දුරට අවිනිශ්චිතව හෝ සරලව ම ඉෂ්ට නොවී පවතිනු ඇත.

සමුලුවේ ප්‍රධාන නො එකඟතාව පැවතුනේ එක්සත් ජනපදය හා චීනය අතර ය. විශේෂයෙන් ම චීනය සිය විමෝචන මට්ටම් මත දැඩි සීමා පිලිගත යුතු යයි එක්සත් ජනපදය නිර්දේශ පනවන්නේ, එරටේ (එක්සත් ජනපදයේ) විමෝචන සීමා ඉලක්ක කෙරෙහි දැඩි ලෙස විරෝධය පල කරන අතරතුර ය.

අනෙකුත් ආතතීන් ද ඉස්මතු වී තිබේ. කාබන් ඩ‍යොක්සයිඩ් ඇතුලු හරිතාගාර වායු විමෝචන ඉහල යාම් පාලනය කිරීමට ගන්නේ අල්ප පියවරයන් යයි ඉන්දියාව හා බ්‍රසීලය නොවැම්බර් 30දා, විශේෂයෙන් ම එක්සත් ජනපදය ඇතුලු "සංවර්ධිත” ලෝකයට චෝදනා කලහ. "සංවර්ධිත රටවල් අඩු අපේක්ෂාවන් තුල හිරවීම හේතුවෙන් අපි ඉන්නේ බලාපොරොත්තු කඩවෙලා” යයි ඉන්දීය නියෝජිත කන්ඩායමේ ප්‍රධානී මිරා මෙරිෂි කීවේ ය.

"බොහෝ සංවර්ධිත රටවල් ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව වන බලශක්තිය ගැන අවධානය යොමු කරන්නේ නැතැ” යි ප්‍රකාශ කල ආන්ද්‍රෙ කොරයා දෝ ලාගෝ නායකත්වය දෙන බ්‍රසීල නියෝජිතයෝ ඉන්දීය මතය ප්‍රතිරාවය කලහ.

"එක්සත් ජනපදය කරමින් සිටින්නේ කුමක් ද යන්න ගැන විමසිලිමත් නො වන අයට අපගේ උත්සාහයේ පරිමානය හා වපසරිය පිලිබඳව දැනුම් නො දෙන නමුත් එම උත්සාහය සුවිසාල” යයි සමුලුව ආරම්භයේ දීම ප්‍රකාශ කරමින් එක්සත් ජනපද නියෝජිත කන්ඩායම එරට වෙත එල්ල විය හැකි විවේචන පූර්ව භංග කිරීමට උත්සාහ දැරීමෙන් පසුව මෙම ප්‍රකාශන නිකුත් කෙරිනි. සුවිසල් උත්සාහයක් පිලිබඳ එක්සත් ජනපදයේ කතාව බොරුවකි. වසර හතරකට පෙරාතුව බලයට පත් තැන් පටන් කාබන් විමෝචන ගැටලුව විසඳීම දෙසට කිසිවක් කර නැති ඔබාමා පරිපාලනය බුෂ් අනුගමනය කල ක්‍රියාපටිපාටිය ම අනුගමනය කර තිබේ.

සාකච්ඡාවල රාමුවට පිටින් සමුලු‍ව සඳහා නව කෙටුම්පතක් ලියන ඇමති මට්ටමේ රැස්වීමක් පැවැත්වීමට කටාරය සැලසුම් කරයි. එම ක්‍රියාව සමස්තයක් ලෙස සාකච්ඡා කඩාවැටීමේ අන්තරාය අන්තර්ගත කරගනී.

දියුනු රටවල් අතර වැඩිදුර බෙදීම් පවතී. දෝහා සාකච්ඡා ඉදිරිපත් කෙරුනේ කියෝතෝ සම්මුතිය‍ට යලි පන දී එය 2012ටත් එහාට දීර්ඝ කිරීමේ අවස්ථාවක් ලෙසිනි. එහෙත් 2013 ජනවාරි 1දා ඇරඹීමට නියමිත දෙවන කැපවීමේ කාලසීමාවකට තමන් අත්සන් නොතබන්නේ යයි සඳහන් කරමින් රුසියාව, කැනඩාව, නවසීලන්තය හා ජපානය ඒ වනවිටත් නිවේදන නිකුත් කොට තිබුනි.

මෙම තතු යටතේ දීර්ග කරන ලද කියෝතෝ සම්මුතියක රැඳී සිටිනු ඇත්තේ යුරෝපා සංගමය හා ඕස්ට්‍රේලියා‍ව පමනි. එක්සත් ජනපදය කිසි දිනක කියෝතෝ සම්මුතියේ පාර්ශවකරුවෙක් නො වීය.

සාකච්ඡා දෙසට තබන ලද නරුමත්වයේ මූලයක් හඳුන්වා දෙන ලද්දේ එක්සත් ජාතීන්ගේ දේශගුන විපර්යාස ලේකම් කාර්යාල ප්‍රධානී ක්‍රිස්ටිනා ෆිගරෙස් විසිනි. දෝහා සාකච්ඡා ද පොදුවේ දේශගුනික විපර්යාස පිලිබඳ සාකච්ඡා ද ඵල රහිත යයි පිලිගත් ඇය දේශගුනික විපර්යාස පිලිබඳ කටයුතු වලට මහජන සහයෝගය නො ලැබීම ගැන වැලපෙමින් "වගකීම භාරගන්නා" ලෙස තනි තනි පුද්ගලයන්ට‍ ආයාචනා කලා ය. "මෙය හුදෙක් අභ්‍යන්තර ආන්ඩු පිලිබඳ ප්‍රශ්නයක් නොවේ" යයි ඇය වැඩිදුරටත් පැවසුවා ය.

දේශගුනික විපර්යාස ගැටලුව විසඳීමට මහජන සහයෝගයේ අඩුවක් නොව ඇත්තේ, කිසිවක් කිරීමට ප්‍රධාන රාජ්‍යයන්ට පවතින හැකියාව පිලිබඳ හොඳින් දැනුවත් අවිශ්වාසයකි. සාකච්ඡාවල නිරත විවිධාකාර ආන්ඩු මෙහෙයවෙන්නේ තරඟයේ යෙදී සිටින ධනේශ්වර පන්තියේ ලාභ අපේක්ෂාවන්ගෙනි. මෙම රාමුව තුල කිසිදු බැරෑරුම් සම්බන්ධීකරනයක් හා විද්‍යාත්මක ප්‍රවිෂ්ටයක් ගැනීම කල නො හැකි දෙයක් බවට පත්ව ඇත.

සාරය වසයෙන් ගත්කල ෆිගරෙස් දැක්වූ අදහස් වනාහි ලෝක ධනේශ්වර පද්ධතිය හා ප්‍රතිමල්ලව ජාතික රාජ්‍ය පද්ධතිය දේශගුනික අර්බුදය විසඳීමට අසමත්ය යන්න පිලිගැනීමකි. ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය හා චීනය අතර තරඟය ඇතුලු ජාතික රාජ්‍යයන් අතර තරඟය ආසන්න දේශගුනික විපර්යාස අර්බුදයට විසඳුම් සෙවීම නොකල හැක්කක් බවට පත්කරන්නේ එය එම රාජ්‍යයන්හි ජාතික අවශ්‍යතාවලට බාධකයක් වන නිසා ය. ගෝලීය විසඳුම් අවශ්‍ය කරන එවැනි ප්‍රශ්න පිලිබඳ විසඳුම් සඳහා කම්කරු පන්තිය, ප්‍රථමකොටත් ප්‍රමුඛකොටත් සමාජ ජීවිතය මත ජාතික රාජ්‍ය පද්ධතිය පවත්වාගෙන යන ග්‍රහනය බිඳ දැමීම අවශ්‍ය කරයි.

Share this article: